අදිකාරි ඔසුසැල - Adhikari Oshusala

අදිකාරි ඔසුසැල - Adhikari Oshusala Ayurvedic medicine/drugs sellers, producers and provide ayurvedic medicine guidance A A J S Adhikari

30/09/2023

අති පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ( Galigamuwe Gnanadeepa ) ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන විශේෂ අසිරිමත් සද්ධර්ම දේශනාව
ඔක්තෝබර් 1වැනිදා 🙏🙏
සියඔලාණ්ඩුව කොටියාගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ දී
සැමට මෙත් සිතින් ආරාධනා 🙏🙏
මාධ්‍ය අනුග්‍රහය Neth FM

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿උපුටා ගැනීම දිවයින අන්තර්ජාල පුවත්පත A A J S අඅදිකාරි ඔසුසැල - Adhikari Oshusalaසිද්ධාර්යුර්වේද වෛද්...
28/09/2023

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
උපුටා ගැනීම දිවයින අන්තර්ජාල පුවත්පත
A A J S අඅදිකාරි ඔසුසැල - Adhikari Oshusalaසිද්ධාර්යුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පුරෝගාමියා වික්‍රමාරච්චි ගුරු පියාණෝ

1889 සැප්තැම්බර් මස සියනෑ කෝරළයේ නැදුන්ගමුවේ වෙදැදුරු වෙළුන් පෙරේරා වික්‍රමාරච්චි පියාණන්ට දාව දෝන සාරනෝනා ධර්මවතී මෑණියන්ගේ කුසින් සය දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා ලෙස උපත ලබන අප ගුරුදේවෝත්තම ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ගේබි්‍රයල් පෙරේරා වික්‍රමාරච්චි ශ්‍රීමතාණන්ගේ මානව හිතවාදී ගුණය මෙසේ වචනයට පෙරළීමට නොහැකි තරමටම අතිමහත්ය. බොහෝදෙනා එතුමන් ඇමතුවේ පණ්ඩිත රාළහාමි යන නමින් හෝ පණ්ඩිතරත්න රාළහාමි යන නමිනි.

සිද්ධායුර්වේද ගුරු කුලයේ නිර්මාතෘවරයාණන් වන එතුමා තුළ පැවැති විශාරදත්වය, උගත්කම, නැණවත්කම, පාණ්ඩිත්වයෙන් ද, ප්‍රඥාවෙන්ද ක්‍රියා කෞෂල්‍යයෙන් ද, අවංකභාවයෙන් ද වෛද්‍ය කර්මයේ දැක්වූ නිපුණභාවය ද අතිමහත්ය. සහස්‍ර සංඛ්‍යාත ගෝල පිරිසක් සිද්ධායුර්වේද විද්‍යාලය තුළින් බිහිකළ ඒ මහා පඬිවරයාණෝ ආත්ම ශික්ෂණයෙන් හා දැනුමෙන් සපිරි ගෝල පිරිසක් රටට දායාද කරමින් රටේ මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීමට මහඟු දායකත්වයක් දැක්විය.

දැන් වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය නමින් පවතින එවකට එතුමා අතින් බිහිවුණු සිද්ධායුර්වේද විද්‍යාලය 1929 ජූලි මස 19 වන දින ආරම්භ කළ දා එතුමාගේ උදාන වාක්‍යය වී ඇත්තේ මා විසින් දල්වන ලද මෙම ප්‍රදීපයේ ආලෝකයෙන් මෙම කුඩා ශාලාව තුළ අඳුර පහවී ආලෝකවත් වන්නාක් මෙන්ම මෙම විද්‍යාලය මගින් පතුරුවා හරිනු ලබන ශාස්ත්‍රාලෝකයෙන් මුළු දිවයිනම ඒකාලෝක වේවායි මම ප්‍රාර්ථනා කරමි යනුවෙනි. එතුමාගේ එම උත්තම අදහස සඵල කරමින් අද වනවිට දිවයිනේ සෑම නගරයකම “ගම්පහ” යන නාමයට නව අර්ථකථනයක් දෙමින් “ ගම්පහ සිද්ධායුර්වේද ඖෂධාලය” යන නමින් ඇති බෙහෙත් ශාලා පිහිටුවා එතුමාගේ ගෝල පිරිස රටේ ජනතාව රෝග බියෙන් බේරා ගැනීමේ මහඟු කාර්යයේ නියැළෙමින් සිටී.

ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය සම්ප්‍රදායේ නිර්මාතෘ වන ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ජී. පී. වික්‍රමාරච්චි ශ්‍රීමතාණන් තමන් යටතේ අධ්‍යාපනය හදාරා ආයුර්වේද වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් බිහිකර රෝගීන් සුවපත් කිරීම සඳහා අමිල සේවයක් සිදු කරන ලද අතර, එම වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය කරන සියලු ඖෂධ නිපදවීම සඳහා 1931 ඔක්තෝබර් මස 15 වන දින ශිෂ්‍යයන්ගේ ඖෂධ සංස්කරණ විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික පුහුණුව සඳහා ආරම්භ කරන ලද යක්කල පිහිටි ගම්පහ රසායනෞෂධ සමාගම බිහිකරන ලදී. දැනට ලංකාවේ අංක එකේ දේශීය ඖෂධ නිෂ්පාදනාගාරය වශයෙන් සැලකෙන එම ආයතනය ගුණාත්මක අතින් උසස් නිෂ්පාදන නිපදවන බව දේශීය වෛද්‍යවරුන් අතර ප්‍රචලිතය.

මෙරට කිසිවකුට නොදෙවෙනි මිල කළ නොහැකි සේවාවක් රට ජාතිය වෙනුවෙන් ඉටුකරන ලද ජී. පී. වික්‍රමාරච්චි මහෝදයාණන්ට එතුමාගේ සියලු සත්ක්‍රියාවන් තුළින් රෝගීන් සුවපත් කිරීමේ පුණ්‍යකර්මය නිසා ජනිත වන සියලු පින් එතුමාගේ සසර ගමන නිමා කිරීමට හේතුවාසනා වේවායි එතුමාගේ සත්ක්‍රියාව නිසා බොහෝ ඵල ප්‍රයෝජන ලබන සියලු දෙනාගේ ප්‍රාර්ථනාව වන්නේය.

ආයුර්වේද විශාරද පණ්ඩිත
වෛද්‍ය චමරි වෛද්‍යරත්න
✍✍✍✍✍✍✍

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

16/05/2023
සත්ත්වයන්ට හිංසා කරන්නා ඒ හේතුව නිසා අරිය (උතුම්) නොවේ; ජීවියෙකුට හානියක් නොකරන තැනැත්තා අරිය නම් වේ.නා තෙන අරියො හොතියෙ...
10/05/2023

සත්ත්වයන්ට හිංසා කරන්නා ඒ හේතුව නිසා අරිය (උතුම්) නොවේ; ජීවියෙකුට හානියක් නොකරන තැනැත්තා අරිය නම් වේ.

නා තෙන අරියො හොති
යෙන පනානි හිමසති
අහිංසා සබ්බපප්පනම්
"අරියෝ" ති පවුච්චති.

තුම්බෑ ජටිලයන් දමනය කොට බුදුන් ප‍්‍රථමවරට ලක්දිවට වැඩි දුරුතු පොහොයදුරුතු පුර පසළොස්වක පොහොය දිනය තුළ ශාසන ඉතිහාසයේ සදාඅ...
04/05/2023

තුම්බෑ ජටිලයන් දමනය කොට බුදුන් ප‍්‍රථමවරට ලක්දිවට වැඩි දුරුතු පොහොය

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය තුළ ශාසන ඉතිහාසයේ සදාඅනුස්මරණීය සිදුවීම් කිහිපයක්ම වාර්තා වෙයි. උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන් බෑ ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට ලක්දිවට වැඩමවීම, ලක්දිව යක්ෂ ගෝත‍්‍රිකයන් දමනය කිරීම, බුදුරදුන්ගේ කේශ ධාතු නිධන්කොට මහියංගන දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ඇරියුම පරිදි බුුදුරජාණන් වහන්සේ දහසක් මහරහතන් වහන්සේලාද සමග රජගහ නුවරට වැඩමවීම, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත‍්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගන චෛත්‍යය අසලදී රජබවට පත්කිරීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම්ය.

බුදුරදුන් සිරිලකට වැඩමවීමේ ඓතිහාසික පුවත මහා වංශයෙහි මෙසේ ආරම්භ වෙයි.

බෝධිතො නවමෙ මාසෙ
ථුස්සපුණ්ණමියං ජිනෝ
ලංකාදීපං විසොධෙතුං
ලංකාදීප මුපාගමි

බුද්ධත්වයෙන් නව වැනි මාසයේදී දුරුතු මස පසළොස්වක පොහොය ලංකාද්වීපය පරම පවිත‍්‍ර කරනු පිණිස බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ සේක.

මහා වංශයෙහි ඉන්පසුව විස්තර වන්නේ යක්ෂ දමනය පිළිබඳවයි. ඒ අනුව බුදුරජාණන්ගේ සෘද්ධි ප‍්‍රාතිහාර්යය හමුවේ දමනය වූ යක්ෂ පිරිස ගිරි දිවයිනට නික්ම ගියේ රුදුරු ගති පැවතුම් ඉවත ලූ සමගි සම්පන්න පිරිසක් ලෙසයි.

එකල්හි මහියංගණයට රැුස්වූ දෙවියන්ට හා මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළහ. ඔවුන් ධර්මාවබෝධය කළේ සෝවාන් ඵලාදියෙහි පිහිටවමිනි. තවත් අප‍්‍රමාණ පිරිසක් තිසරණ සහිත පන්සිල්හි පිහිටියහ. මෙහිදී සමන්තකූට පර්වතවාසී වූ මහා සුමන නම් දෙව්රජ තෙම සෝවාන් ඵලයට පැමිණ පූජාර්හ වූ බුදුරජාණන් වහන්සේගෙන් පුද පූජා පැවැත්වීම සඳහා පූජනීය වස්තුවක් ඉල්ලීය. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප‍්‍රදානය කළහ. ඉන්පසු මහා සුමන දිව්‍යරාජයා එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින් පිළිගෙන බුදුරදුන් වැඩසිටි තැන්හි සත්රියන් උසවූ හාත්පසින් විසිඑක් රියන් වූ ඉන්ද්‍රනීලමය වූ ස්ථූපයක් තනවා එය නිධන් කළේය.

මෙසේ ලෝකයේ ප‍්‍රථම දාගැබ වූ මහියංගණ දාගැබ බුදුරදුන් ජීවමානව සිටියදීම නිර්මාණය කොට පූජෝපහාර දැක්වීමේ ගෞරවය සුමන සමන් දිව්‍ය රාජයාට හිමි වෙයි. මෙකී මහියංගන සෑය හෙවත් මියුගුණසෑය ලොව ප‍්‍රථම බෞද්ධ සංකේතය වන අතර ප‍්‍රථම ථූප මූර්තියද වෙයි. මේ වනවිට ලෝකයාගේ වන්දනාමානයට යෝග්‍ය වන අයුරින් මියුගුණ සෑයෙහි සියලූ ප‍්‍රතිසංස්කරණයන් නිමකොට තිබේ. අද අප දකින මියුගුණ සෑය බුදුරදුන්ගේ ප‍්‍රථම ලංකා

ගමනය සිහිපත් කරවන ප‍්‍රබලතම සාධකයකි.

x ඌරුගමුවේ අස්සජි හිමි
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️වෙසක් පුර පසළොස්වක🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 0...
04/05/2023

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

වෙසක් පුර පසළොස්වක
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.
බුදුසරණ අන්තර්ජාල පුවත්පත උපුටා ගැනීමක්
ඒ ඒ ජේ ඒස් අදිකාරි
aajsadhikari@gmail.com
✒️✒️✒️✒️✒️✒️✒️✒️✒️✒️

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

බුදු සසුනට පමණක් උරුම පාත්තරයඋපුටා ගැනීම දිවයින අන්තර්ජාල පුවත්පතA A J S Adhikari  aajsadhikari@gmail.com 📩📩📩📩📩📩📩📩පාත්‍ර...
01/05/2023

බුදු සසුනට පමණක් උරුම පාත්තරය
උපුටා ගැනීම දිවයින අන්තර්ජාල පුවත්පත
A A J S Adhikari
aajsadhikari@gmail.com
📩📩📩📩📩📩📩📩

පාත්‍රයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. බුද්ධ කාලයටත් පෙර පාත්‍රය ගැන සඳහන් වන නිසා පාත්‍රය යන වචනය හුදු ශාසනික ව්‍යවහාරයක්ම නොවේ. දඹදිව වැසියා පාත්‍රය යන වචනය භාවිතා කොට ඇත්තේ ආහාර අනුභවය සඳහා පාවිච්චි කරන ලද භාජනයකටය. අද භික්ෂූන් වහන්සේලා දානය වළඳන භාජනයට පාත්‍රය යැයි කියනු ලැබේ. අද ගිහි ජනතාව ආහාර ගන්නා භාජනයට පාත්‍රය යන නම ව්‍යවහාර නොකරයි. එහෙත් අතීතයේදී පැවිදි නොපැවිදි භේදයක් නොමැතිව ආහාර අනුභවය සඳහා යොදා ගන්නා භාජනය පාත්‍රය යන නාමයෙන් හැඳින්විය.

සිඟමන සඳහා ද පාත්‍රය පාවිච්චි කළ බව පෙනේ. ‘හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුණා වගේ ” යන කියමන තුළින් එය තහවුරු වේ. යාචකයා, පූජකයා යැයි සිඟමන් යදින පිරිස් කොටස් දෙකකි. මෙම දෙපිරිසටම සිඟමන සඳහා අවශ්‍ය වූයේ පාත්තරයයි.

පැවිදි බව ලැබීම සඳහා මූලිකව අවශ්‍ය භාණ්ඩ අතර පාත්‍රය සහ සිවුරු ප්‍රධාන වේ. ඒවා නොමැතිව පැවිද්ද ලබාගත නොහැකිය. සිදුහත් බෝසතාණන් වහන්සේට පැවිදි වීමේදී ඝටීකාර බ්‍රහ්මයා පාත්තර සිවුරු පූජා කළ බව සඳහන් වේ. පැවිදි වූ බෝසතාණන් වහන්සේ අනුපිය අඹවනයට පිවිස සතියක් පමණ එහි වැඩසිට පැවිද්දෙන් අටවන දින රජගහ නුවර පිඬුසිඟා වැඩිය බව සඳහන් වේ. මේ අනුව පැවිද්දේ ප්‍රධානතම අංගය වනුයේ පිඬුසිඟා යැපෙන ආහාරයෙන් හෙවත් පිණ්ඩපාත දානයෙන් පෝෂණය වීමයි.

“පිණ්ඩියා ලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා” යැයි දක්වා ඇති පරිදි පැවිද්ද පිණ්ඩපාත භෝජනය නිසා පවතින දෙයකි. පිඬුසිඟා යෑම භික්ෂු ආජීවය පාරිශුද්ධියට පත් කරන්නකි. බදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ගෙපිළිවෙළින් පිඬුසිඟා වැළඳූහ. අදත් එම චාරිත්‍රය අනුගමනය කරන ඇතැම් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙන්ම යැපෙති.

පිඬුසිඟා යෑම භික්ෂු ආකල්පයක් වුව ද බුදු සමයේ එය අනිවාර්ය අංගයක්ම නොවේ. “දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත භෝජනය වැළඳිය යුතුය.” යන දෙව්දත් තෙරුන්ගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ කැමැති කෙනකුට එසේ කළාට වැරදක් නැතැයි දේශනා කළහ.

දානය සඳහා විශේෂ ආරාධනාවක් නොමැති සෑම දිනයකම පිඬුසිඟා වැඩම කිරීම බුදුරජාණන් වහන්සේගේ සිරිත විය. කිඹුල්වත්පුර නුවරට වැඩම කළ අවස්ථාවේ කිසිවකු බුදුරජාණන් වහන්සේට පසුදින දානයට ආරාධනා නොකළේය. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස ද පිරිවරා පසුදින පෙරවරුවෙහි පිඬුසිඟා වැඩියහ. එය දුටු යශෝධරා දේවිය සිය මාමණ්ඩිය වූ සුද්ධෝධන රජු වෙත ගොස් ඔබ පුතණුවන් මහමඟ පිඬුසිඟා වඩිති යි කීවාය. මේ පුවත ඇසූ විගසම කලබල වූ රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි, මෙසේ පිඬුසිඟා අපිට ලැජ්ජා කරන්නේ ඇයිදැයි” ඇසීය. එවිට “මහරජ, මේ අපේ වංශයේ සිරිත”යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. පසුදින සුද්ධෝදන රජුගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ සිය භික්ෂු සංඝරත්නය සමඟ දානය සඳහා රජමාලිගාවට වැඩම කළහ.

ගෙපිළිවෙළින් යෑම පිඬුසිඟා යෑමේ විශේෂ අංගයකි. ලොකු, කුඩා, දුප්පත්, පෝසත් භේදයක් නොමැතිව ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යෑම තුළින් භික්ෂු ජීවිතයේ සමානාත්මතා ගුණය මැනවින් තහවුරු කරයි. සෑම ගෙයක් ගෙයක් පාසාම බත් හැලිවල භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බත් ටිකක් ඇති බව මණිකාර කුලුපග තිස්ස තෙරුන්ගේ කථා පුවතෙහි දැක්වේ.

බුදුරජාණන් වහන්සේ සියලු දේ අතහැර පැවදි වන කුල පුත්‍රයාගේ ජීවනෝපාය සඳහා පිණ්ඩපාතය අනුදැන වදාළහ. පාත්‍රය පිඬුසිඟා යෑමට අවශ්‍ය දෙයකි. ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යෑම මගින් ගුණදම් රැසක් භික්ෂුව තුළ වර්ධනය වේ. ඒවා අතර

ලද දෙයින් සතුටුවීම
පහසුවෙන් පෝෂණය කළ හැකි වීම
ස්වල්ප කටයුතු ඇත්තකු වීම
සැහැල්ලු පැවැතුම් ඇතිවීම
සන්සුන් ඉඳුරන් ඇතිවීම
කුලයන් කෙරෙහි නොඇලීම
ආදී ගුණාංගයෝ භික්ෂු ජීවිතය අර්ථවත් කරමින් ඔපවත් ද වෙති.

පිණ්ඩපාත භෝජනයට හා පිඬුසිඟා යෑමට සෑම භික්ෂුවකටම පාත්‍රයක් තිබිය යුතුය.

පාත්‍රයක් නොමැති අයකු උපසම්පදා නොකළ යුතු බවට ශික්‍ෂා පදයක් ද පනවා තිබේ. භික්ෂුවකට පාත්‍රයක් තිබිය යුතුය. පිණ්ඩපාත භෝජන වැළඳිය යුතු යැයි සඳහන් වූවාට වෙනත් ආරාධනා හා සලාක ආදියෙන් ලැබෙන භෝජනයක්, පාත්‍රය හැර විනයානුකූල වෙනත් භාජනත් භික්ෂූන්ට අකැප නැති බව ද මතක තබා ගත යුතු කරුණකි.

භික්ෂූන් වහන්සේ අන්‍යයන් නිසා යැපෙන අයෙකි. යැපීම සඳහා පිඬුසිඟා ජනතාව කරා යා යුතුය. බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයෙහි ගමන් බිමන් යෑමේදී පාත්‍ර සිවුරු ගෙනයති. ඇතැම්හු භික්ෂූන් වහන්සේලා අන්‍යයන් නිසා යැපීම අනුමත නොකරති. භික්ෂූන් වහන්සේලා ද සෙසු අය මෙන් රැකියාවක් කොට දිවි පවත්වා ගත යුතු යැයි කියන්නෝ බුද්ධ කාලයෙහි ද සිටියහ.

“දිනක් බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන කසීභාරද්වාජ බ්‍රහ්මණයාගේ කර්මාන්ත ස්ථානය යම් තැනක ද එතැනට එළඹියහ. ඒ වෙලාවේ කසීභාරද්වාජ බ්‍රාහ්මණයා බත් අනුභව කරමින් සිටියේය. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩිසේක. පිණ්ඩපාතය පිණිස වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේට මෙසේ කීවේය. “ශ්‍රමණය මම සාන්නෙමි, වපුරන්නෙමි. එසේ කොට අනුභව කරමි. ශ්‍රමණය ඔබ ද එසේ කොට අනුභව කරව”යි කීය. රැකියාවක් නොකර අනුන්ගෙන් යැපෙන පිරිස් රටේ ආර්ථික දියුණුවට බාධාවක් සේ සැලකූ බව ඉහත කථා පුවතින් පැහැදිලි වේ. රොන් පිණිස මල් උයනට යන බඹරා මල් නොතළා මල් පැණි ගන්නාක් මෙන් සිල්වත් පැවිද්දා දායක ගෙවල් කරා පිල් බෙදීමක් නැතිව පිඬුසිඟා යයි. නිහඬ ගහි පැවිදි සම්බන්ධතාවක් පා සිවුරු ගෙන ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යන භික්ෂුව වෙතින් දක්නට ලැබේ.

මේ අයුරින් උසස් ප්‍රතිපදා රැසක් පාත්තරය මුල් කරගෙන දක්වා ඇති බැවින් ඒ පිළිබඳ විනය ප්‍රඥප්තීන් විමසා බැලීම වැදගත්ය. ආහාර අනුභවයට ගන්නා සෑම භාජනයක්ම භික්ෂූන්ගේ පරිභෝජනයට සුදුසු විනයානුකූල පාත්‍ර නොවේ. එම භාජන වෙනත් දේ සඳහා පරිහරණය කිරීමට භික්ෂූන් වහන්සේට තහනමක් නැත. එහෙත් පාත්‍රයක් වශයෙන් අධිෂ්ඨානකොට පරිභෝග කළ යුත්තේ ඉතා කුඩා ද නොවූ පමණට වඩා මහත ද නොවූ, නියමිත ජාතියෙන් තනන ලද, සෝදා පිරිසිදු කළ හැකි, කළු පැහැය ගත් පාත්‍රයකි. ඇතුළත මට්ටම් නැති පාත්තරය භික්ෂූන්ට තහනම්ය.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නොදැරිය යුතු පාත්‍රා රැසක් දේශනා කොට ඇත. ඒවා අතර, රත්තරනින් සෑදූ පාත්‍රය, රිදී පාත්‍රය, මැණික් පාත්‍රය, පළිඟු පාත්‍රය, ලෝකඩ පාත්‍රය, වීදුරු පාත්‍රය, සුදු ඊයම් පාත්‍රය, කළු ඊයම් පාත්‍රය, තඹ පාත්‍රය, දැවයෙන් කළ පාත්‍රය, මිනිස් හිස් කබල පාත්‍රය, නුසුදුසු ඒවාය. එසේම ලබු කබල, වළං කබල, පාත්‍ර වශයෙන් නොගත යුතුය. භික්ෂූන්ට පරිභෝජනය කිරීමට සුදුසු පාත්‍රය ලෙස යකඩ පාත්‍රය සහ මැටි පාත්‍රය අනුදැන වදාළහ. යකඩ පාත්‍රය හා මැටි පාත්‍රය යන දෙකෙන් ද මැටි පාත්‍රය වඩාත් සුදුසුය. පාත්‍රය පරිභෝග කිරීම සම්බන්ධයෙන් ද ශික්ෂා රාශියක් චුල්ල වග්ග පාලියෙහි දක්වා තිබේ. එම ශික්ෂාපද උල්ලංඝනය කෙරේ නම් එම භික්ෂුවට දුකුලා ඇවැත් යැයි වදාරා තිබේ.

පාත්‍රා කොපමණ තිබුණත් අධිෂ්ඨාන කරගත හැක්කේ නියමිත ජාතියෙන් නියමිත ප්‍රමාණයට කළ එක් පාත්‍රයක් පමණි. පාත්‍රා කිහිපයක් අධිෂ්ඨාන කළ නොහැකිය. නියමිත පාත්‍රය හැර අතිරේක පාත්‍රයක් දස දිනක් පමණ දැරිය හැකිය. එය ඉක්මවන්නා හට පාත්‍රය නිසඟි වේ. පචිති ඇවැත් ද වේ. එමෙන්ම පස් තැනක් පිළියම් නොකළ පාත්‍රයක් ඇතිව අළුත් පාත්‍රයක් ඉල්ලා ගනීනම් ඒ පාත්‍රය නිසඟි වේ. පචිති ඇවැත් ද වේ

ඉබ්බාට ඉබි කටුව බරක් නොවේ. එය උගේ ආරක්ෂාව පිණිස පවතී. භික්ෂුවට ද පාත්‍රය හා තුන් සිවුරු බරක් නොවේ. ඒවා භික්ෂුවකගේ ආරක්ෂාව පිණිස පවතී. අල්පේච්ඡ සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන භික්ෂුවට පාත්‍රය මාහැඟි ආභරණයකි.

දඩල්ල, වාලුකාරාම වෙහෙර වැසි
ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

Address

No 08 Negombo Road, Divulapitiya
Gampaha
11250

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94713520039

Website

Alerts

Be the first to know and let us send you an email when අදිකාරි ඔසුසැල - Adhikari Oshusala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to අදිකාරි ඔසුසැල - Adhikari Oshusala:

Share

Category