Dr. Thalwatta - තල්වත්ත වෙද මැදුර, ගම්පොල

  • Home
  • Dr. Thalwatta - තල්වත්ත වෙද මැදුර, ගම්පොල

Dr. Thalwatta - තල්වත්ත වෙද මැදුර, ගම්පොල Dr. C. N. Thalwatta
Ayurvedic Physician
B.A.M.S.(Hons), Kelaniya
Reg. No. 13551 A. M.

තල්වත්ත වෙද මැදුර ආයතනය වසර 13 කට අධික කාලයක සිට
වෛද්‍ය සී. එන්. තල්වත්ත විසින් ප්‍රතිකාර කරනු ලබන විශ්වාසවන්තනීය ආයතනයකි.

වෛද්‍ය තල්වත්ත මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී (B. S.) සය අවුරුදු උපාධිය හදාරා ඇති අතර නැදුන්ගමුව හර්ෂ ධර්මවිජය රාළහාමි යටතේ පාරම්පරික සර්වාංග දේශීය ප්‍රතිකාර පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා මනා පළපුරුද්දක් සහ විශේෂ ප්‍රතිකාර

ක්‍රම භාවිතා කරන වෛද්‍යවරයෙකි.

වෛද්‍ය තල්වත්ත මහතා විසින් වර්තමානයට ගැලපෙන පරිදි, කාර්යබහුල ජීවන රටාවකදී වුවද ප්‍රතිකාර කළ හැකි චිකිත්සා පද්ධතීන් භාවිතයෙන් ප්‍රතිකාර සිදු කරන අතර රසායනික ද්‍රව්‍ය වලින් තොර, අතුරු ආබාධ රහිත දේශීය ඖෂධ භාවිතා කරන අතර ‌දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි වෙනත් විවිධ සංකූලතා සහිත රෝගීන්ට බටහිර ඖෂධ භාවිතා කරන අතරතුර වුවත් ප්‍රතිකාර කළ හැකි පරිදි සැකසූ ප්‍රතිකාර පද්ධතීන් ඉතා වගකීමෙන් යුතුව භාවිතයට ගනී.

ඔිනෑම කායික රෝගයක් සඳහා වගකීමෙන් යුතුව හා විශ්වාසවන්ත ලෙස ‌ආයුර්වේද හා දේශීය ප්‍රතිකාර ලබා ගැනීමට පහත සඳහන් වේලාවන් වලදී තල්වත්ත වෙද මැදුර විවෘතව පවතියි.

වෛද්‍ය තල්වත්ත හමුවීමට
සතියේ දිනවල සවස 5.30 සිට රාත්‍රී 8.00 දක්වා
සෙනසුරාදා සවස 3.00 සිට රාත්‍රී 8.00 දක්වා
ඉරිදා උදෑසන 9.00 සිට - කලින් වේලාවක් වෙන්කර ගත් රෝගීන් සඳහා පමණයි

ඉරිදා වේලාවක් වෙන් කර ගැනීමට 074-189 6557

*** පොහොය දින වසා ඇත.

24/06/2025

තමන් විසිම රෝග හදා‌ගෙන එයට ප්‍රතිකාර හොයනවට වඩා, රෝග අවම වන පරිදි ජීවන රටාවක් පවත්වා ගැනීමයි වැදගත්.. එයට අපේ සහයෝගය උපරිමයෙන්..

22/06/2025

රෝගයක් සුව කිරීම ඖෂධ වලින් පමණක් සිදු කල නොහැකියි. නිවැරදි ජීවන රටාවක් ඇති කළ යුතුයි. අපි එයට උපරිමයෙන් කැප වෙනවා.

කොන්දෙ වේදනාවට තෙල් ගෑමෙන් පත්තු බැඳීමෙන් තවත් සුව වුනේ නැද්ද?      🔹 තුනටිය ආශ්‍රිතව වේදනාව       🔹 හිඳගෙන සිට නැගිටීමේ...
20/06/2025

කොන්දෙ වේදනාවට තෙල් ගෑමෙන් පත්තු බැඳීමෙන් තවත් සුව වුනේ නැද්ද?
🔹 තුනටිය ආශ්‍රිතව වේදනාව
🔹 හිඳගෙන සිට නැගිටීමේ දී තුනටියේ හිරවෙන්නාක් බඳු වේදනාව
🔹 තුනටියේ සිට පිටුපසින් පාදය දිගේ පහලට ඇදී යන වේදනාව

කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු වල තෙරපීම් නිසා ඇති වන මෙම රෝගයට විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථාන මගින් තෙල් ගා තවා ගැනීම, පත්තු බැඳීම, වාෂ්ප ඇල්ලීම (නාඩි ස්වේද ප්‍රතිකාරය) වැනි ප්‍රතිකාර ඉතා ජනප්‍රිය වී ඇත.
මේ වන විට මෙවන් ප්‍රතිකාර සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ද සුදුසුකම් නොලත් පාරම්පරික හෝ වෙනත් වෛද්‍යවරුන් යැයි කියා ගන්නා පුද්ගලයින් මගින් ද ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සේවය කරන්නවුන් මගින් ද ලබා ගත හැක.

😔 කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයින් ලවා තෙල් ගා තවා ගැනීම, පත්තු බැඳීම හා වාෂ්ප ප්‍රතිකාර ලබා ගැනීමට අද බොහෝ දෙනෙක් ඉතා ලැදි කමක් දැක්වීම නොරහසකි.

එමෙන්ම පාරම්පරික කැඩුම් බිඳුම් ප්‍රතිකාර කරන ස්ථාන කරා මෙම රෝග තත්වයට ප්‍රතිකාර සඳහා බොහෝ රෝගීන් යොමු වන අතර එහිදී අස්ථි බිඳුනු විට යොදන අස්ථි සවිවන පත්තු තුනටියට බැඳීම මගින් කොඳු ඇට අස්ථි වැරදි ආකාරයට සවි වීමත්, ඇතැම් විට තෙල් ගා ඇදීම, තැලීම ආදිය සිදු කිරීම මගින් කොඳ ඇට පද්ධතියට හානි වූ අවස්ථා ද බොහෝ ඇත. ඇතැම් විට එමගින් රෝගයේ මූලික අවස්ථාවන් සඳහා යම් සහනයක් දැනුනත් පසුව රෝගය සුව කළ නොහැකි තත්වයට පත්වීම අද අපට හමුවන බොහෝ රෝගීන්ට සිදු වී ඇති කණගාටුදායකම සිදුවීමකි.

⭐මෙවැනි රෝගයක් සඳහා ප්‍රතිකාර කළ හැකි සුදුසුකම් සහිත ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන් කවු ද?

වර්තමානයේ ලෝකයේ ආයුර්වේද වෛද්‍යවරයෙක්ට ලබා ගත හැකි එකම මූලික උපාධිය BAMS (ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය) වේ. මෙම උපාධිය සහිත පරිනත ආයුර්වේද වෛදයවරයෙක් මගින් මෙම රෝගය සඳහා වඩාත් සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත හැක.

මෙම පරිනත උපාදිධාරී ආයුර්වේද වෛද්‍යවරයා ඇඟට බීමට දෙන ඖෂධ වලින් එනම් ගුලි, චූර්ණ, කල්ක, ක්වාථ, කශාය ආදිය මගින් වඩාත් සාර්ථකව හා රෝගය නැවත ඇති නොවන පරිදි එක් එක් රෝගියාට විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රමයන් සිදු කිරීම විශේෂත්වය යි. ඇතැම් විට රෝග තත්වය අනුව සලකා බලා අවශ්‍ය නම් පමණක් තෛල ප්‍රතිකාර හා පත්තු යෙදීම ආදිය සිදු කරන අතර රෝගයට ගැලපෙන පරිදි විවිධ තෛල හා විවිධ පත්තු වර්ග ඉතා සංයමයෙන් යුතුව යොදා ගනී.

👉 තවද අත්දැකීම් සහිත ආයුර්වේද වෛද්‍යවරයා හට පත්තු බැඳීමට එහා ගිය දැනුම් සම්භාරයක් සහ සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් ඇති බව කිව යුතුය.

එමෙන්ම මෙම රෝගයට ආයුර්වේද වෛද්‍ය සභාවේ පාරම්පරික “සර්වාංග” වෙදකම යටතේ (කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදිය නොවේ) ලියාපදිංචිය සහිත පාරම්පරික වෛද්‍යවරුන් මගින් ද ප්‍රතිකාර ලබා ගත හැක.

✅ එබැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් කරා යොමු වීමෙන් රෝගය ඉතා සාර්ථකව හා ඉතා ඉක්මනින් සුව කර ගත හැකි අතර වැරදි ප්‍රතිකාර සිදු කිරීමෙන් රෝගය සුව නොවන තත්වයට පත් කර ගැනීමෙන් වළක්වා ගන්න.

ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව බුද්ධිමත්ව හා වගකීමෙන් කටයුතු කරන්න පුරුදු වන්න. හැකි තරම් දැනුවත් වෙන්න, අනෙක් අයත් දැනුවත් කරන්න.

වෛද්‍ය සී. එන්. තල්වත්ත
B. A. M. S. (University of Kelaniya)
SLAMC Reg. No.- 13551

☎️ 074-189 6557

🔗 https://www.facebook.com/thalwatta

🌿 තල්වත්ත වෙද මැදුර (Thalwatta Ayurveda), දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර පද්ධතීන් භාවිතයෙන් වසර දහතුනකට අධික කාලයක සිට රෝගී...
25/05/2025

🌿 තල්වත්ත වෙද මැදුර (Thalwatta Ayurveda), දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර පද්ධතීන් භාවිතයෙන් වසර දහතුනකට අධික කාලයක සිට රෝගීන් විශාල සංඛ්‍යාවක් වෙත සේවය සැලසූ ප්‍රදේශයේ පිහිටි විශ්වාසවන්තම ආයතනයකි.

🔹 ආයුර්වේද වෛද්‍ය ක්‍රම හා නවීන වෛද්‍ය පරීක්ෂණ ක්‍රම භාවිතයෙන් වඩාත් නිවැරදිව රෝග හඳුනා ගන්නා අතර, ඒ අනුව වඩාත් නිවැරදිව ප්‍රතිකාර සිදු කිරීමත් විවිධ ප්‍රතිකාර මගින් සුව නොවූ රෝගීන් සඳහා ද සාර්ථකව ප්‍රතිකාර කිරීමත් අපගේ සුවිශේෂීතාවය යි.

🔹 වාෂ්ප ප්‍රතිකාර, පත්තු බැඳීම වැනි බාහිර ප්‍රතිකාර වලින් පමණක් සුව නොවූ රෝගීන් සඳහා ද අප විශේෂ දේශීය ගුලි, චූර්ණ, කල්ක, ක්වාථ හා තැවිලි, පත්තු වර්ග භාවිතයෙන් සාර්ථකව ප්‍රතිකාර කිරීම අපගේ විශේෂත්වය යි.

🔹 එමෙන්ම අප ප්‍රතිකාර සඳහා කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන පරිදි පහසුවෙන් භාවිතයට ගත හැකි පරිදි සැකසූ ඖෂධ යොදා ගන්නා අතර ශරීරයට අහිතකර මද්‍යසාර හා රසායනික ද්‍රව්‍ය වලින් තොර, සීනි අඩංගු නොවන ප්‍රමිතියෙන් ඉතා උසස් තත්වයේ ඖෂධ භාවිතයට ගනු ලබයි.

📌 දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ආදී රෝග සඳහා බටහිර ප්‍රතිකාර ගන්නා අතරතුර වුවත් අපගේ ප්‍රතිකාර සිදු කළ හැක.

වෛද්‍ය සී. එන්. තල්වත්ත
B.A.M.S. (ගෞරව), කැළණිය විශ්වවිද්‍යාලය
SLAMC Reg. No.- 13551

--------------------------
🔹 වේලාවක් වෙන් කර ගැනීමට 074 – 189 6557
(ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයා පැමිණෙන වේලාව තහවුරු කර පැමිණෙන්න)
--------------------------

📍 Thalwatta Ayurveda (තල්වත්ත වෙද මැදුර) - සිංහපිටිය, ගම්පොල. (සිංහපිටිය රේල් ගේට්ටුව ඉදිරිපිට)
🕔 සඳුදා සිට බ්‍රහස්පතින්දා - සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
🕒 සෙනසුරාදා සවස 3.00 සිට රාත්‍රී 8.00 දක්වා
_____________________
📍 මෙත්සේයා චැනලින් සෙන්ටර්, කුරුඳුවත්ත, ගම්පොල.
🕔 සිකුරාදා සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා

🔹 පොහොය දින සහ ඉරිදා දින වසා ඇත.

Google Map Location
https://goo.gl/maps/rhYpdrxoFaZdHMaU8

වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුවට පිවිසෙන්න
https://www.facebook.com/thalwatta

🌿 තුනටිය ආශ්‍රිත වේදනා වලට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...                ඔබටත් මෙවන් රෝග ලක්ෂණ තිබේ ද?      ✅ තුනටිය ආශ්‍ර...
25/05/2025

🌿 තුනටිය ආශ්‍රිත වේදනා වලට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...
ඔබටත් මෙවන් රෝග ලක්ෂණ තිබේ ද?
✅ තුනටිය ආශ්‍රිතව වේදනාව
✅ තුනටියේ සිට පිටුපසින් පාදය දිගේ පහලට ඇදී යන වේදනාව
✅ හිඳගෙන සිට නැගිටීමේ දී තුනටියේ හිරවෙන්නාක් බඳු වේදනාව
✅ කලවා/බත්කෙණ්ඩ ආශ්‍රිත මාංශ පේශීවල වේදනාව/තදගතිය
✅ පාදයේ පහල කොටස්වල, ඇඟිලිවල හිරිය/ වේදනාව/ පිච්චෙන වේදනාව
✅ ඉකිලිවලින් ඉහලට අදින්නාක් බඳු වේදනාව
✅ දණහිස පිටුපසින් හිරවෙන්නාක් බඳු වේදනාව

මෙවන් රෝග ලක්ෂණ වලට ප්‍රධානවම බලපාන්නේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු වල (විශේෂයෙන් L4/5 හා L5/S1) තෙරපීම්ය. මෙවැනි කොඳු ඇට පෙළෙහි ස්නායු වල තෙරපීම් සඳහා මූලිකවම,
🔹 කොඳු ඇට පෙල ආශ්‍රිත කාටිලේජමය ඩිස්ක් පිටතට නෙරා ඒම (Disk bulging)
🔹 කොඳු ඇට පෙල ආශ්‍රිත අස්ථි / කාටිලේජ දිරා යාම හා අනවශ්‍ය ලෙස අස්ථිවලට පිටතින් කැල්සියම් තැන්පත් වීම ආදී විවිධ කරුණු රාශියක් බලපායි.

මෙවැනි අවස්ථාවන් වලදී බොහෝ විට බටහිර වෛද්‍ය ක්‍රමය මගින් වේදනානාශක ඖෂධ භාවිතා කිරීමත් එමගින් සුව නොවූ විට ශල්‍යකර්ම (50%-50%) කල යුතු බවටත් නිර්දේශ කරනු ලබයි.

වාෂ්ප ප්‍රතිකාර, පත්තු බැඳීම වැනි බාහිර ප්‍රතිකාර වලින් පමණක් සුව නොවූ රෝගීන් සඳහා ද අප විශේෂ දේශීය ගුලි, චූර්ණ, කල්ක, ක්වාථ හා තැවිලි, පත්තු වර්ග භාවිතයෙන් සාර්ථකව ප්‍රතිකාර කිරීම අපගේ විශේෂත්වය යි.

එමෙන්ම අප ප්‍රතිකාර සඳහා කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන පරිදි පහසුවෙන් භාවිතයට ගත හැකි පරිදි සැකසූ ඖෂධ යොදා ගන්නා අතර ශරීරයට අහිතකර මද්‍යසාර හා රසායනික ද්‍රව්‍ය වලින් තොර, සීනි අඩංගු නොවන ප්‍රමිතියෙන් ඉතා උසස් තත්වයේ ඖෂධ භාවිතයට ගනු ලබයි.

📌 දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ආදී රෝග සඳහා බටහිර ප්‍රතිකාර ගන්නා අතරතුර වුවත් අපගේ ප්‍රතිකාර සිදු කළ හැක.

වෛද්‍ය සී. එන්. තල්වත්ත
B.A.M.S. (ගෞරව), කැළණිය විශ්වවිද්‍යාලය
SLAMC Reg. No.- 13551

--------------------------
🔹 වේලාවක් වෙන් කර ගැනීමට 074 – 189 6557
(ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයා පැමිණෙන වේලාව තහවුරු කර පැමිණෙන්න)
--------------------------

📍 Thalwatta Ayurveda (තල්වත්ත වෙද මැදුර) - සිංහපිටිය, ගම්පොල. (සිංහපිටිය රේල් ගේට්ටුව ඉදිරිපිට)
🕔 සඳුදා සිට බ්‍රහස්පතින්දා - සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
🕒 සෙනසුරාදා සවස 3.00 සිට රාත්‍රී 8.00 දක්වා
_____________________
📍 මෙත්සේයා චැනලින් සෙන්ටර්, කුරුඳුවත්ත, ගම්පොල.
🕔 සිකුරාදා සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා

🔹 පොහොය දින සහ ඉරිදා දින වසා ඇත.

Google Map Location
https://goo.gl/maps/rhYpdrxoFaZdHMaU8

වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුවට පිවිසෙන්න
https://www.facebook.com/thalwatta

🌿 Successful Ayurvedic Treatments for Sciatica-Related Pain! 🌿Do you suffer from symptoms like these?✅ Pain around the l...
24/05/2025

🌿 Successful Ayurvedic Treatments for Sciatica-Related Pain! 🌿
Do you suffer from symptoms like these?

✅ Pain around the lower back and hip region
✅ Pain radiating from the hip down the back of the leg
✅ Stiff, gripping pain in the hip when standing up from sitting
✅ Muscle pain or tightness around the buttocks or thigh
✅ Numbness, pain, or tingling in the lower leg and toes
✅ Sharp, pressing pain behind the knee

These symptoms are mainly caused by compression on spinal nerves (especially L4/5 and L5/S1), especially due to:
🔹 Bulging of spinal discs
🔹 Degeneration of bones/cartilage or calcium deposits around spinal joints.

In many such cases, Western medicine recommends long-term painkillers or even surgery (with 50%-50% success).

But at Thalwatta Ayurveda, we specialize in treating these conditions effectively using unique Ayurvedic internal and external treatments:
🌿 Herbal pills, powders, decoctions, pastes
🌿 Specialized pattu (poultices) and oil therapies
🌿 Safe, high-quality herbal medicines—free from alcohol, harmful chemicals, and sugar.

**Our medicines are easy to use and suitable for busy lifestyles.

📌 Even if you are already undergoing Western treatments for diabetes, cholesterol, or high blood pressure, our Ayurvedic treatments can still be safely used alongside.

Dr. C. N. Thalwatta
B.A.M.S. (Hons), University of Kelaniya
SLAMC Reg. No. 13551

☎️ To make an appointment: 074 – 189 6557
(Please confirm the doctor's availability before visiting for treatment)

📍 Thalwatta Ayurveda (Thalwatta Weda Madura) – Singhapitiya, Gampola (In front of the Singhapitiya Railway Gate)
🕔 Monday to Thursday: 5:00 PM – 8:00 PM
🕒 Saturday: 3:00 PM – 8:00 PM

📍 METHSEYA Channeling Center, Kurunduwatta, Gampola
🕔 Friday: 5:00 PM – 8:00 PM

We are CLOSED on Poya days and Sundays.

Google Map Location
https://goo.gl/maps/rhYpdrxoFaZdHMaU8

Visit our page for more details
https://www.facebook.com/thalwatta

27/12/2024

සෑම සිකුරාදා දිනකදීම කුරුඳුවත්ත මෙත්සේයා හිදී සවස 5ට හමුවිය හැක.

මෙත්සේයා වෛද්‍ය සායනයකුරුඳුවත්ත, ගම්පොලවිමසීම් - 077 451 7382                070 225 9558
17/12/2024

මෙත්සේයා වෛද්‍ය සායනය
කුරුඳුවත්ත, ගම්පොල

විමසීම් - 077 451 7382
070 225 9558

20/11/2024
ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවා ද?* ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.* හිස කෙස් තුනී වීම, හිස කෙස් ගැලවී යාම.* අසාමාන්‍ය රෝම වර්...
14/11/2024

ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවා ද?
* ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.
* හිස කෙස් තුනී වීම, හිස කෙස් ගැලවී යාම.
* අසාමාන්‍ය රෝම වර්ධනය - පාද, පපුව, මුහුණ ආශ්‍රිතව
* කුරුලෑ ඇති වීම.
* තරබාරු බව ඇති වීම.
* බෙල්ල, කිහිලි ආදී ස්ථාන වල සම කළු පැහැ වීම.
* දරුපල නොමැති බව.

ඩිම්බ කෝෂ වල වතුර බිබිලි තත්වයය (PCOS - Polycystic O***y Syndrome) නිසා මෙවන් රෝග ලක්ෂණ අද සමාජයේ බොහෝ කාන්තාවන් අතර පවතින සුලභ රෝග තත්ත්වයකි.

කාන්තාවන්ගේ හෝමෝන මට්ටම්වල ඇති වන වෙනසක් නිසා මෙවැනි තත්වයක් ඇති වන අතර කාන්තාවන් තුල පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් හෝමනයේ වැඩි වීම නිසා පුරුෂයින්ගේ මෙන් මුහුණේ, පපු ප්‍රදේශයේ පාද වල රෝම වර්ධනයක් දක්නට ලැබෙයි.

තව ද නිසියාකාරව ඩිම්බ මේරීම සිදු නොවීමත්, ඩිම්බ මෝචනය සිදු නොවීමත් හේතුවෙන් දරුපල නොමැති වීම PCOS තත්වයේ තවත් එක් ප්‍රධානතම රෝග ලක්ෂණයක් වේ.

ඉහත රෝග ලක්ෂණ තිබුණ ද නිවැරදි රෝග නිර්ණය සඳහා නාඩි පරික්ෂාවට අමතරව රුධිරයේ හෝමෝන පරීක්ෂණ හා Ultrasound Scan පරීක්ෂණ ආදිය යොදා ගන්නා අතර ඒ සඳහා ඔබ අප වෙත යොමු වීම ඉතා වැදගත් වේ.

එමෙන් ම මෙම PCOS රෝගය හා අනෙකුත් කාන්තා ආර්ථව දෝෂ වන අධික ඔසප් වහනය, අල්ප ඔසප් වහනය, අධික වේදනා සහිත ආර්ථවය, අක්‍රමවත් ආර්ථවය ආදියත් විවිධ හේතු මත ඇතිවන මදසරුභාවය (දරුපල නොමැති කම) සඳහාත් ක්‍රමාණුකූල ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් මගින් සුවකල හැකි වේ.

ප්‍රතිකාර ගැනීමට වේලාවක් වෙන් කර ගැනීමට
074 – 189 6557

තල්වත්ත වෙද මැදුර - 49, බුවනෙකබා පාර, සිංහපිටිය, ගම්පොල.
(සිංහපිටිය රේල් ගේට්ටුව ඉදිරිපිට)

තල්වත්ත වෙද මැදුර, දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර පද්ධතීන් භාවිතයෙන් වසර දහතුනකට අධික කාලයක සිට රෝගීන් විශාල සංඛ්‍යාවක් වෙත...
11/11/2024

තල්වත්ත වෙද මැදුර, දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර පද්ධතීන් භාවිතයෙන් වසර දහතුනකට අධික කාලයක සිට රෝගීන් විශාල සංඛ්‍යාවක් වෙත සේවය සැලසූ ප්‍රදේශයේ පිහිටි විශ්වාසවන්තම ආයතනයකි.

පරිනත හා මනා දැනුමකින් යුත් දේශීය හා ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ තල්වත්ත මහතා, පාරම්පරික වෛද්‍ය ක්‍රම හා නවීන වෛද්‍ය පරීක්ෂණ ක්‍රම භාවිතයෙන් වඩාත් නිවැරදිව රෝග හඳුනා ගන්නා අතර, ඒ අනුව වඩාත් නිවැරදිව ප්‍රතිකාර සිදු කිරීමත් විවිධ ප්‍රතිකාර මගින් සුව නොවූ රෝගීන් සඳහා ද සාර්ථකව ප්‍රතිකාර කිරීමත් අපගේ සුවිශේෂීතාවය යි.

මේ සඳහා අප විසින් ඔබගේ කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන පරිදි පහසුවෙන් භාවිතයට ගත හැකි පරිදි සැකසූ ඖෂධ යොදා ගන්නා අතර ශරීරයට අහිතකර මද්‍යසාර හා රසායනික ද්‍රව්‍ය වලින් තොර, සීනි අඩංගු නොවන ප්‍රමිතියෙන් ඉතා උසස් තත්වයේ ඖෂධ භාවිතයට ගැනේ.

ප්‍රතිකාර කිරීම -
වෛද්‍ය සී. එන්. තල්වත්ත
SLAMC Reg. No.- 13551

සතියේ දිනවල - සවස 5.30 සිට රාත්‍රී 8.00 දක්වා
සෙනසුරාදා - සෙනසුරාදා සවස 3.00 සිට රාත්‍රී 8.00 දක්වා
*** පොහොය දින සහ ඉරිදා දින වසා ඇත
----------------------------------------------------------------
***ප්‍රතිකාර කරන වේලාවන් ඇතැම් විට වෙනස් විය හැකි බැවින් ඔබ පැමිණීමට පෙර වෛද්‍යවරයා පැමිණෙන වේලාව තහවුරු කර පැමිණෙන්න.
----------------------------------------------------------------
විමසීම් - 074 – 189 6557
වෛද්‍ය තල්වත්ත මහතා - 076 – 896 0313

තල්වත්ත වෙද මැදුර - 49, බුවනෙකබා පාර, සිංහපිටිය, ගම්පොල.
(සිංහපිටිය හන්දියේ සිංහපිටිය රේල් ගේට්ටුව ඉදිරිපිට)

Google Map Location
https://goo.gl/maps/rhYpdrxoFaZdHMaU8

වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුවට පිවිසෙන්න
https://www.facebook.com/thalwatta

Address

No. 49, Buwanekaba Road, Singhapitiya

20500

Opening Hours

Monday 17:30 - 20:00
Tuesday 17:30 - 20:00
Wednesday 17:30 - 20:00
Thursday 17:30 - 20:00
Friday 17:30 - 20:00
Saturday 15:00 - 20:00

Telephone

+94741896557

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Thalwatta - තල්වත්ත වෙද මැදුර, ගම්පොල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Thalwatta - තල්වත්ත වෙද මැදුර, ගම්පොල:

  • Want your practice to be the top-listed Clinic?

Share