Giridara Osu - ගිරිදර ඔසු

Giridara Osu - ගිරිදර ඔසු Our pharmaceutical factory is a place dedicated to the well-being of human beings, to their survival, and to the maintenance of good health.

සාරස්වතී අමෘතය නම් ඖෂධය අමෘතයක් වන්නේ ඇයි..?මේ විශ්වය නම් බෝ සේ පුදුමාකාර වූ ක්‍රියාකාරකම් ඇති ස්වභාවධර්මයා විසින් මෙහෙය...
28/03/2022

සාරස්වතී අමෘතය නම් ඖෂධය අමෘතයක් වන්නේ ඇයි..?

මේ විශ්වය නම් බෝ සේ පුදුමාකාර වූ ක්‍රියාකාරකම් ඇති ස්වභාවධර්මයා විසින් මෙහෙය වන්නා වූ නිර්වචන කරන්නට නොහැකි අප්‍රමාණ වූ හාස්කම් පිරි තැනකි. යම් යම් අවස්ථාවලදී විශ්වය විසින් සොබාදහම අභිබවා යාමට උත්සාහ කළ බොහෝ දෙනාට විශ්වීය දඬුවම් ලබා දුන් බව ඉතිහාසය පරීක්ෂාවෙන් පිරික්සන විට පැහැදිලිව පෙනෙයි. සොබාදහමට අභියෝග කරමින් විශ්වයේ නියමයන්ට විරුද්ධව ක්‍රියා කරන්නට උත්සාහ කළ සැමට වන්දි ගෙවන්නට වූයේ විශ්ව නියමයන් වෙනස් කරන්නට නොහැකි බැවිනි. අතීතයේ මෙම හෙල දීපයේ ජීවත් වූ මෙම විශ්වය අවබෝධකරගත් සෘෂිවරුන් විසින් ඔවුන් ලද දැනුම යොදවා බොහෝ නිර්මාණ සිදු කළේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් බව මේ වන විට ලෝකය මුහුණ දී තිබෙන නොයෙක් ආකාරයේ ව්‍යසන දකිනා විට පැහැදිලි වේ. හෙළ වෙදකම ද එසේ සෘෂි භාෂිතයෙන් අපට උරුම වූ එවැනි මහත් ප්‍රයෝජන ඇති දැනුම් සම්භාරයකි.මෑත කාලීනව දේශීය විදේශීය බහුතර ශ්‍රී ලාංකිකයන් තුළ දේශීය ඖෂධ භාවිතය පිළිබඳව බොහෝ සේ උනන්දු ඇතිව තිබේ. එසේ වීමට හේතුව නම් සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බාහිරව ඇතුළු වූ විෂ තත්ත්වයන් නිසා ඒවා ලබා ගත් අයට මතු වූ විවිධ ආකාරයේ පීඩාවන් හා ආසාත්මිකතා හා දේශීය ඖෂධය භාවිතය තුළ කිසිඳු අතුරු ආබාධයක් ඇති නොවීමත් යන්න බව මාගේ පෞද්ගලික අදහසයි.එම තත්වයන් අද වන විට සමාජ මාධ්‍ය භාවිතා කරනා සියලු දෙනා දැනුවත් වී ඇති බැවින් වැඩිපුර කථා කිරීම අනවශ්‍ය යැයි සිතමි.එබැවින් එසේ විවිධාකාරයෙන් ශරීරය තුළට ඇතුළු වූ විෂ තත්වයන් හා නොයෙක් අතුරු ආබාධ දුරු කර ගැනීමට හැකි මෙම මහඟු ඖෂධය ගැන ඔබ සැමට හඳුන්වා දෙමි. මෙය කිසිඳු මුදල් ඉපයීමේ අරමුණකින් තොරව ඉහත කී පීඩාවන්ට ලක් වී දුක්විඳින සෑම සියලු දෙනාට පිහිටක් ලබා දීමේ අරමුණින් ලියනා ලිපියකි.මේ සම්බන්ධව වඩා වැඩි විස්තරාත්මක පැහැදිලි කිරීම් සහිත මාගේ ගුරුදේවෝත්තම වෛද්‍යාචාර්ය, වෛද්‍යනිධි, ආචාර්ය පූජ්‍ය. අල්ගමවත්තේ සුමනවංශ හිමි විසින් නිකුත් කරන ලද වීඩියෝ දෙකක ලින්ක් හා ඡායාරූප පහත යොමු කරමි.පින් ඇති අය මෙයින් බොහෝ ඵල ලබනු ඇත.

තෙරුවන් සරණයි ......🙏🙏🙏

https://youtu.be/6j1yj8RSc3c

https://youtu.be/sXGPA2C1yIY

19/03/2022
We are available on WhatsApp.
19/03/2022

We are available on WhatsApp.

19/03/2022

Address

Giridara Purana Viharaya (කපුගොඩ පන්සල), Hanwella Urapola Road
Giridara
10662

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94718241354

Alerts

Be the first to know and let us send you an email when Giridara Osu - ගිරිදර ඔසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Giridara Osu - ගිරිදර ඔසු:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram