Dr Prasadi

Dr Prasadi Your beauty is our wish

මගෙ ප්‍රියතම පුද්ගලයා වෙත ලියමි ! ❤️මං ආසයි ඔයා ඔයාගෙම ජීවිතේ දිනනවා දකින්නමන් ආසයි ඔයා ජීවිතේට එන හැම බාධකයකටම මුහුණ දී...
04/05/2025

මගෙ ප්‍රියතම පුද්ගලයා වෙත ලියමි ! ❤️

මං ආසයි ඔයා ඔයාගෙම ජීවිතේ දිනනවා දකින්න
මන් ආසයි ඔයා ජීවිතේට එන
හැම බාධකයකටම මුහුණ දීලා
ඒව එකින් එක ජය ගන්නව දකින්න

මතක තියාගන්න,
ඔයා ඉදිරියට යන හැම පියවරක් ගානෙම
මම, මට පුලුවන් විදිහට
ඔයා එක්ක ඉන්නවා

ඉතින් ,
මං ආසයි ඔයා දිනනවා දකින්න..❤️🫂

🙏💕 මම හැමදාම යාච්ඤ කරන්නේ මගේ දුව මට වඩා හොඳ වෙන්න කියලා...🔹එයා තීරණ ගන්නකොට අන් අයගේ බලපෑම් වලට හසු නොවී, කෙලින් තීරණ ග...
26/04/2025

🙏💕 මම හැමදාම යාච්ඤ කරන්නේ මගේ දුව මට වඩා හොඳ වෙන්න කියලා...

🔹එයා තීරණ ගන්නකොට අන් අයගේ බලපෑම් වලට හසු නොවී, කෙලින් තීරණ ගන්න එයාට පුළුවන් වෙන්න ඕනෙ..
🔹අනිත් අයට කරුණාවන්ත කෙනෙක් වෙන්න ඕනෙ, හැබැයි බොරු මවාපෑම් කරන අයට රැවටෙන්නේ නැති වෙන්න ඕනේ..
🔹පුළුවන් හැම වෙලේම අනිත් අය සතුටින් තියන කෙනෙක් වෙන්න ඕනෙ, ඒත් සමාජයේ අවශ්‍යතා අනුව රැල්ලට නොයා ඉන්න ඕනේ...
🔹එයාගෙ වටිනාකම එයා දැනගෙන ඉන්න ඕනේ..

🙏💕මගේ දුව මට වඩා ශක්තිමත් වෙන්න ඕනේ..

🔹කඩා වැටීම් වලට මූණ දෙන්න උනොත් එයා මට වඩා ඉක්මනින් ආපහු නැගිටින්න ඕනේ..
🔹උදවු අවශ්‍ය වේලාවකදී නිරන්තරයෙන්ම එයා මිතුරන් වෙනුවෙන් ඉන්න ඕනේ..
🔹එයාගෙ හීන හැබෑ කරගන්න තරම් අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ..
🔹එයාගෙ හීන වලට යන මාර්ගයේ එයාට මූණ දෙන්න වෙන බාධක සාර්ථකව ජය ගන්න පුළුවන් වෙන්න ඕනෙ..

🙏💕ඒ වගේම මම යාච්ඤ කරනවා එයාගෙ ජීවිතේ එයා ගන්න තිරණ වලට අනුගත වෙන්න, ඒවාට සංවේදී වෙන්න මට හැකියාව ලැබෙන්න ඕනෙ..

🤗🌸එයා කවදා හරි ලොකු වුණාම එයා මට සමාන වුණත් නැතත් එයා සෑම අතින්ම සාර්ථක වෙන්න ඕනේ..
💖එයා කරන හැම දෙයකින්ම එයාට සතුට ලැබෙන්න ඕනෙ..

Credit to the rightful owner👇
✍️ living_full_aftered
📸 junejewell

©️✍️ පරිවර්තනය හා සංස්කරණය - Nutri Kid ඩෙනීෂියා

මිනිසුන් ඔබට ඊර්ෂ්‍යා කරාවි, එයට ඉඩ දෙන්න! දවසින් දවස මහන්සියෙන් අපි දේවල් achieve කරද්දි, නොහැකියාවෙන් පෙළෙන මිනිස්සුන්...
16/04/2025

මිනිසුන් ඔබට ඊර්ෂ්‍යා කරාවි, එයට ඉඩ දෙන්න!

දවසින් දවස මහන්සියෙන් අපි දේවල් achieve කරද්දි, නොහැකියාවෙන් පෙළෙන මිනිස්සුන්ට ඒ දේවල් දරාගන්න හරි අමාරුයි.

සමහරු ළඟ ඉඳගෙන ඔයාට සුබපතනවා, හැබැයි හිත ඇතුළෙන් සාප කරන ගමන්.

ඔයාගේ හැම පියවරක්ම අගය කරනවා, හැබැයි විවේචනය කරන්න පුංචි දෙයක් එනකල් බලාගෙන ඉන්න ගමන්.

මූණට හිනා වුණත් ගොඩක් අයට තව කෙනෙක් දිනනවා බලන්න හිත ඇතුළෙන් හරි අමාරුයි.

නන්නාඳුනන මිනිස්සුම නෙමෙයි, ගොඩක් වෙලාවට අපි ළඟම ඉන්න මිනිස්සුත් එහෙම වෙන්න පුලුවන්.

මේ හැමදේම අතරේ ඔයා තව තවත්, ඔයා ගැන හිතද්දි, ඔයාව සතුටින් තියන්න උත්සහ කරද්දි, ඔයාගෙ හීන වලට වැඩියෙන් මහන්සි වෙද්දි ඒ අය නොසෑහෙන්න පීඩනයට පත් වෙනවා.

සමහර වෙලාවට ඒ අය පීඩනයෙන් ඉන්නෙ ඇයි කියන එක ඒ අයවත් හරියට දන්නෙ නෑ. ඒත් ඒ අය එහෙමයි.

ඒ අයට වෛර කරන්න ඉඩ දෙන්න.
විවේචනය කරන්න ඉඩ දෙන්න.
ඔයා වෙනුවෙන් කුමන්ත්‍රණය කරන්න ඉඩ දෙන්න.
ඒ අය දැවෙන්නේ වෙන කෙනෙක් අවුලන ගින්නකින් නෙමෙයි, තමන්ම දවා ගත්ත ගින්නකින්.

එහෙම මිනිස්සු එක්ක වෙනදට වඩා වැඩියෙන්, හොඳින් ඉන්න.
කිසිම තරහක් නැතුව හිනා වෙලා කතා කරන්න, කාරුණික වෙන්න.
ඒක තමයි ඒ අය වෙනුවෙන් දෙන්න පුලුවන් ලොකුම දඬුවම.

මොකද,
ඊර්ෂ්‍යාකාර මිනිස්සු වැඩිපුරම පීඩනයට පත් වෙන්නේ,
ඔයාගෙ දියුණුව දකින එකටත් වඩා,
ඊර්ෂ්‍යා කරන බව දැන දැනත් ඔයාගෙ හිතේ ඒ අය ගැන කිසිම තරහක් නැති බව දකින විටයි. ☺🌻❤️💫

ආදරේ නම්  දෙන්න ම ඕන තෑග්ග...❤️මං හිතන්නේ අපේ ළඟින්ම ඉන්න කෙනෙකුට දෙන්න තියෙන හොඳම තෑග්ග තමයි  ඒ කෙනාගෙ 'මානසික නිදහස' ....
16/04/2025

ආදරේ නම් දෙන්න ම ඕන තෑග්ග...❤️

මං හිතන්නේ අපේ ළඟින්ම ඉන්න කෙනෙකුට දෙන්න තියෙන හොඳම තෑග්ග තමයි ඒ කෙනාගෙ 'මානසික නිදහස' .

මානසික නිදහස තරම් මනුස්සයෙකුට වටින දෙයක් නෑ..

සැමියගෙන් බිරිඳට ,බිරිඳගෙන් සැමියට,
දෙම්පියන්ගෙන් දරුවන් ට,
දරුවන්ගෙන් දෙමව්පියන් ට,
යාලුවගෙන් යාලුවට
දෙන්නම ඕන තෑග්ග ' මානසික නිදහස'

මිනිස්සු හුඟ දෙනෙකුට තමන් නිසා වගේම අනුන් නිසාත් මානසික නිදහස නැතිවෙනවා, අහිමි වෙනවා....

ප්‍රශ්න දාහක් මැද්දෙ දොඩන,එක ආදරණීය වචනයක ට පුලුවන් කෙනෙකුට 'මානසික නිදහස' දෙන්න..

ඒත්, ඒ මානසික නිදහස කෙනෙකුට දෙන්න නම්, මුලින්ම අපි ඒ කෙනාගෙ මානසික නිදහසට කැමති වෙන්න ඕනේ..
එයා සතුටින් ඉන්නව ට කැමති වෙන්න ඕනේ..
එහෙම නොවුනොත් අපිට
'මානසික නිදහස' තෑගි කරන්න බෑ..

හැම ප්‍රශ්නෙම අදාල පාර්ශවයට කියන්න ම ඕන කියලා නීතියක් නෑ..
ඒ නිසා සමහර ප්‍රශ්න ආදරණීයයන්ට නොකියා ඉන්න පුලුවන්..එහෙම කරලා ඒ දෙන්නේ 'මානසික නිදහස' එයාට..

හැමදේම ආදාළ පාර්ශවය ම කරන්න ඕන කියලා නීතියක් නෑ.. ඒ නිසා සමහර වැඩවලින් ආදරණීයයන් ව නිදහස් කරන්න පුලුවන්... එහෙම කරලා ඒ දෙන්නේ 'මානසික නිදහස' එයාට...

හැම වෙලාවෙම අදාළ පාර්ශවය විතරක් ජීවිතේ බර කොටස ගන්න ඕනේ කියලා නීතියක් නෑ.. ඒ බරෙන් කොටසක් තමන්ටත් ගන්න පුලුවන් නම්, ඒ දෙන්නෙ අනිත් කෙනාගෙ ' මානසික නිදහස'

ආදරෙන් පිළිඟන්වන රස තේ කෝප්පයක, දයාබර මෘදු ස්පර්ශයක,
ලයාන්විත සෙනෙහෙබර සිනාවක,
ආශිර්වාදාත්මක හිස අතගෑමක,
ආදරණීය ආමන්ත්‍රණයක
මහ හුඟක් ඒ ' මානසික නිදහස ' ගැබ් වෙලා තියෙන්න පුලුවන්...

ඉතින්,
හිමිවේවා හැමෝටම ඒ නිමල තෑග්ග...❤️
හමුවේවා හැමෝටම
'මානසික නිදහස' නම් වූ දුර්ලභ තෑග්ග දෙන සොඳුරු මිනිසුන් ජීවිතේටම ❤️

" මං ඔයාට ආදරෙයි " කියන වචන ටික ඇතුලෙ තියෙන්නෙ අපි හිතන සරල තේරුම නෙවෙයි ! ❤️ ඒකෙ තේරුම ආදරේ කිය කිය ලඟ ඉඳන් තොදොල් වෙන ...
07/04/2025

" මං ඔයාට ආදරෙයි " කියන වචන ටික ඇතුලෙ තියෙන්නෙ අපි හිතන සරල තේරුම නෙවෙයි ! ❤️ ඒකෙ තේරුම ආදරේ කිය කිය ලඟ ඉඳන් තොදොල් වෙන එකවත්, අත්වැල් පටලන් ඇවිදින එකවත් නෙවෙයි.

" මං ඔයාට ආදරෙයි " කියන වචන ටික ඇතුලෙ හරි ගැඹුරු තේරුමක් තියෙනවා. උඹ පිරිමියෙක්නම් ඒ වචන ඇතුලෙ බලාපොරොත්තු වෙන්නෙ පාටියකට ගිහින් බීලා වැඩිවුනත් තමන්ව ආම්බාන් කරගෙන ලඟ ඉන්න පුලුවන් ගෑණු හදවතක්.

" මං ඔයාට ආදරෙයි " කියන්නෙ මූණෙ කුරුලෑවක් ආවත් ඒක මිරිකන්න දඟලන, හෙම්බිරිස්සාවක් හැදිලා අමාරුවෙන් ඉන්න වෙලාවටත් හාදු දෙන්න දඟලන දඟකාර ආදරයක්.

" මං ඔයාට ආදරෙයි " කියන්නෙ හැඟීම් උපරිම ඇවිලෙන වෙලාවකත් විකාර කරලා මූණට හිනාවක් ගේන්න පුලුවන් බැඳීමක්.

" මං ඔයාට ආදරෙයි " කියන්නෙ හිත රිද්දගෙන කඩාවැටිලා ඉන්න වෙලාවකත් වාරුවට උරහිසක් වෙලා හිත සනසන විදියෙ හැඟීමක්.

" මං ඔයාට ආදරෙයි " කියන්නෙ උදේ ඇහැරුන වෙලේ ඉඳන් රෑ නින්දට යන වෙලාව වෙනකල් හිත ඇතුලෙ ඉදගෙන මතක්කරන මතකයක්.

" මං ඔයාට ආදරෙයි " කියන්නෙ මං ඉන්නෙ උඹ වෙනුවෙන් විතරමයි කියලා නොකියා කියන පොරොන්දුවක්.

කොටින්ම ඒ වචන ටික ඇතුලෙ තියෙන්නෙ ආදරේ කියලා අපි විඳින්න කැමති හොඳ, නරක, රළු, ලස්සන, අවලස්සන හැමදේකම එකතුවක්. ඉතින් මං කලිනුත් කිව්වා වගේ " මං ඔයාට ආදරෙයි " කියන්නෙම සරල වචනවලින් එහාට ගිය ගැඹුරු තේරුමක් ! ❤️

__________________________________
📷 By Baby Aanya

ජීවිතය කියන්නෙ මොකද්ද කියලා ඇහුවොත් මගේ උත්තරය ;  ඒක එක්තරා යුද්ධයක් ! 🤍🍂නිතර වෙනස් වෙන මිනිස්සු එක්ක හිමි වීම් , අහිමි ...
06/04/2025

ජීවිතය කියන්නෙ මොකද්ද කියලා ඇහුවොත් මගේ උත්තරය ;

ඒක එක්තරා යුද්ධයක් ! 🤍🍂

නිතර වෙනස් වෙන මිනිස්සු එක්ක හිමි වීම් , අහිමි වීම් මැද හුස්ම ගන්න කරන එක්තරා අරගලයක්...

හිත කෑලි කෑලි වලට කැඩිලා යද්දි කදුලු පිහ පිහ සතුට හොයන්න දගලන පුදුමාකාර සටනක්...

ඔව් ජීවත් වෙන්න ඕනම නම් යුද්ධ කරන්නම වෙනවා...

කදුලු කොච්චර වැටුනත් දෑතින්ම ඇස් පිහන් හිනා වෙන්නනම වෙනවා !

හිමි වුන හැමදේම අහිමි වුණත් දරාගන්නම වෙනවා !

" ජීවිතේ කියන්නේ ම යුද්ධයක් ! " 🩶

මට වැඩ වැඩි වෙද්දිමට මතක් වෙන්නේ අම්මවඇඟ රිදෙද්දි, බඩ රිදෙද්දි, කකුල් කකියද්දිමට මතක් වෙන්නේ අම්මවදුක හිතෙද්දි, දුක හිති...
04/04/2025

මට වැඩ වැඩි වෙද්දි
මට මතක් වෙන්නේ අම්මව
ඇඟ රිදෙද්දි, බඩ රිදෙද්දි, කකුල් කකියද්දි
මට මතක් වෙන්නේ අම්මව
දුක හිතෙද්දි, දුක හිතිලා අඬද්දි
මට මතක් වෙන්නේ අම්මව

මහා දරුණු වේදනාවකට පස්සෙත්
මම ආපහු පණ ගහලා නැඟිටින්න ඕනා කියලා මතක් වෙද්දි
මට මතක් වෙන්නේ අම්මව

අම්මගේ ළඟට දුවගෙන ඇවිත්
උකුලෙ ඔළුව තියාගෙන
එකම එක ප්‍රශ්නයක් තියෙනවා අම්මේ අහන්න

තාමත් අපි එනකම් මඟ බලන
දුක කියාගෙන ආවම ඔළුව අතගාලා දුක නිවන
අම්මේ එකම එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න

කවමකවදාවත් දුක හිතුණේ නැද්ද ඔයාට
ඔළුවේ කැක්කුමක්, බඩේ අමාරුවක් හැදුනේ නැද්ද
දරාගෙන ජීවත් වුනේ කොහොමද ඔය විදිහට
සදාකාලික නොවූ ලෝකෙක ඔය ආදරේ විතරක් ස්ථිර වුනේ කොහොමද

ලෝකේ පවතින්න හේතු වෙන කරුණු දෙකෙන් එකක් ඔයා වෙන්න
මොනතරම් නම් කැපකිරීමක් කලාද

පුංචි දේටත් හිත රිදෙන රිදවගන්න වෙලාවට
මහමේරුව වගේ නොසැලී ඉඳපු අම්මේ
මට මතක් වෙන්නේ අම්මව

කව්රු වෙන්න වගේද ආස කියලා කව්රුහරි මගෙන් ඇහුවොත්
අම්මා වගේ වෙන්න කැමති කියලා
මට මතක් වෙන්නේ අම්මව

ලෝකේ තියෙන හොඳම හොඳ දේවල් වලින් එකක් කිව්වම
මට මතක් වෙන්නේ අම්මව

අතහරින්න බැරි එකම එක බැඳීම මොකක්ද ඇහුවොත්
මට මතක් වෙන්නේ අම්මව
කඳුළු පිරුණු දෑසට හිනාව එද්දි
මට මතක් වෙන්නේ අම්මව

ලෝකේ ඔයා ඉස්ඉස්සෙල්ලාම ආදරේ කලේ කාටද ඇහුවොත්
මට මතක් වෙන්නේ අම්මව
වෙනස් කරගන්න, වෙනස් වෙන බැඳීම් අතර මේ සංසාර චක්කරේ මාව ගැටගහලා තියන එකම බැඳීමත් ඔයා

ආදරෙයි නොඅසාම ආදරේ දුන් සඳවතිය
ආදරේ අකුරු තුන හැඩම ඔබ පසුපසට ආවම
"ආදර අම්මා"
ආදරෙයි අම්මා.

✍️හර්ෂණි දිල්රුක්ෂි

Address


51500

Telephone

+94777788011

Website

http://www.ayubhawan.lk/

Alerts

Be the first to know and let us send you an email when Dr Prasadi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Prasadi:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Practice
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share