19/02/2026
ඩෙංගු රෝගය පාලනය කිරීමට සිදු කල හැකි සාර්ථකම පිළියම වන්නේ මදුරුවන් බෝවීම පාලනය කිරීමයි.
ඒ සදහා කල යුත්තේ මදුරුවන් බෝවිය හැකි පරිසර සාධක ඉවත් කිරීමයි. එනම් අප නිවස හා වටපිටාව නිරතුරුව පිරිසිදුව පවත්වාගන්නා අතරම අපට නොදැනීම අපගේ ක්‍රියාකාරකම් නිසා වටපිටාවේ ඇතිවන මදුරුවන් සදහා බෝවීමට හිතකර ස්ථාන ඉවත් කිරීමයි.
නමුත් ඩෙංගු රෝගීන් වාර්තා වීමත් සමග රෝගය පැතිරීමේ අවදානමක් තිබේනම් පමණක් සෞඛ්‍ය අංශ මගින් තෝරාගත් ප්‍රදේශවල දූමායන කටයුතු සිදු කරයි.
එලෙස මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ වෙනිවැල්පිටිය ප්‍රදෙශයේ දූමායනය සිදු කිරීම සිදු කරන ලදී.
එහිදී ඩෙංගු රෝගයේ අවදානම පිළිබදව ප්‍රදේශවාසින් දැනුවත් කරන ලද අතර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා දීමද සිදු කරන ලදී.