Dr homeo

Dr homeo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr homeo, Medical and health, Homagama.

බෙල්ලේ වේදනාවහේතු: 🍀 ගෙල ආශ්‍රිතව ඇති කෂේරුකාවල අබාධ🍀වැරදි ඉරියව් හේතුවෙන් මාංශ පේශීන්     ආබාධයට ලක්වීම🍀උළුක්කු වීම🍀ආතත...
28/09/2025

බෙල්ලේ වේදනාව

හේතු:

🍀 ගෙල ආශ්‍රිතව ඇති කෂේරුකාවල අබාධ
🍀වැරදි ඉරියව් හේතුවෙන් මාංශ පේශීන්
ආබාධයට ලක්වීම
🍀උළුක්කු වීම
🍀ආතතිය
🍀රක්තවාතය ආදී හේතූන් බෙල්ලේ වේදනාව ඇතිවීම සඳහා හේතුවිය හැක.

හෝමියෝපති ප්‍රතිකාර :

🌹Rhus toxicodendron
තද ස්වභාවය , අකණ්ඩව චලනයෙන් සහනය ලැබේ.

🌹Bryonia Alba

සුළු චලනයකින් පවා වේදනාව නරක අතට හැරේ.විවේකයෙන් සහනය ලැබේ.

🌹 Gelsemium
මාංශ පේශීන් තද ස්වභාවය, හිරවෙනවා මෙන් දැනීම, පේශිවල ඇතිවන අප්‍රාණිකත්වය.

🌹Actaea Racemosa
ග්විදුලි සැරක් වදින්නාක් මෙන් තද වේදනාවක් ඇතිවීම,බෙල්ල තද වීමේ

🌹paris Quadriffolia
බෙල්ලේ බර ස්වභාවයක් දැනීම. බෙල්ලේ වේදනාව උරහිස,අත දක්වා පැතිරීම

පළපුරුදු හෝමියෝපති වෛද්‍යවරයා රෝගියාගේ physical,mental, individual's symptoms මේ සියල්ලම සැලකිල්ලට ගෙන අදාල ඖෂධය, ඖෂධයේ ශක්තිය, දියයුතු මාත්‍රාව නිගමනය කරනු ලැබේ.

🦋 මේ ප්‍රතිකාර
අතුරු ආබාධ නැත. ,ඇබ්බැහිවීම් නැත භාවිතය ඉතා පහසුය.

වැඩි විස්තර ස‍‍ඳහා වට්ස් ඇප් පණිවුඩයක් තබන්න
0707607860

හෝමියෝපති වෛද්‍ය සඳමාලි ජයවනගේ ...

28/09/2025

Migraine
ඉරුවාරදය

ඉරුවාරදය අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින රෝගී තත්වයකි.ඉරුවාරදය මද වශයෙන් ආරම්භවී ටිකෙන් ටික උග්‍ර තත්වයට පත්වන බහුලවම හිසේ එක් පසක ඇතිවන තදබල වේදනාවකි. සමහරවිට හිසේ අනෙක් පසට ද පැතිරී යයි. එම වේදනාව බෙල්ලට සහ මුහුණටද පැතිරී යා හැක.

ඉරුවාරදය සෑදීමට නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැති අතර සිදුකරන ලද විවිධ පරීක්ෂණ මගින් පහත සඳහන් හේතූන් සෘජුව හෝ වක්‍රව බලපාන බව සොයාගෙන ඇත.

🦋 මොළයේ ඇතිවන අසාමාන්‍ය ක්‍රියාවලියන් නිසා ස්නායු සංවේදනා රුධිර වාහිනී සහ රසායනික විපර්‍යාසවල බලැපෑම.
🦋හෝර්මෝන අක්‍රමිකතා
🦋මානසික හේතු
🦋අධික වෙහෙස, නින්ද නොයාම , වැරදි ආහාර පුරුදු
🦋පාරිසරික සාධක ලෙස,
අධික ආලෝකය, කාළගුණික වෙනස්වීම
🦋විවිධ ගන්ධයන්ට නිරාවරණය වීම
🦋දුම්පානය
🦋සමහර ඖෂධ

මිග්‍රේන් අවධි හතරක් ලෙස විග්‍රහ කරහැක

🌹පූර්ව රෝග ලක්ෂණ අවධිය
🌹ඕරා අවධිය
🌹රෝගී අවධිය / හිසරදය ඇතිවන අවධිය
🌹පසු රෝග අවධිය

🌹පූර්ව රෝග ලක්ෂණ අවධියේදී.පහත ලක්ෂණ පෙන්නුම් කරයි.

* මානසික අවපීඩනය
*ශාරීරිකව දැනෙන අපහසුතාව
*ආලෝකයට හා ශබ්ධයට සංවේදී බව
*යම් දෙයකට අවධානය යොමුකල නොහැකිවීම.

🌹ඕරා අවධියේදී,
මෙය තාවකාලික අනතුරු ඇඟවීමේ අවධිය Temorary warning symptoms ලෙසින් හැදින්වේ. ඒ අවධියේදී,

* පෙනීමේ දුර්වලතා
විවිධ ආලෝක එළි, සිග් සැග් රටාවන්,
අදුරු පැහැ ලප දිස්වේ.
*ඇස් වලින් කදුළු ගැලීම
* ඇස්වල ඇතිවන වේදනාව
* අත්වල මුහුණේ හිරිගතිය, පොපියන ස්වභාවයක් ඇතිවීම

🌹රෝගී අවධියේදී,

* හිසේ එක් පසක හෝ දෙපසම හෝ මුළු හිසේම ඇතිවන තදබල හිසරදය ඇතිවේ.
වේදනාව එක් ස්ථානයකින් ආරම්භවී ක්‍රම ක්‍රමයෙන් වේදනාව වැඩි වී හිසරදය අනෙක් පසට හෝ මුළු හිසටම හෝ පැතිර යයි.

* හිස පුපුරුගසන්නාක් මෙන් වේදනාව ඇතිවේ. එහිදී,
වමනය, ආලෝකයට වඩාත් සංවේදී බව, දහඩිය දැමීම,සුදුමැලි බව, මහන්සිය, අදුරේ සිටීමට ඇති කැමැත්ත.

හිසරදය සාමාන්‍යයෙන් පැය 12- 14 අතර කාලයක් පවතී.සමහර පුද්ගලයන්ට දින 3 - 5 අතර කාලයක් ද පැවතිය හැක. සමහර රෝගීන්ට සුව වී නැවත දින කිහිපයකට පසු යළි ඇතිවිය හැක.
තවද සමහර කාන්තාවන්ට ඔසප් කාලය තුලදී පමණක් හිසරදය ඇතිවේ. ( pure menstrual migraine)

🌹පසු රෝගී අවධියේදී,

* අධික ලෙස මුත්‍රා පිටවීම
*නිදිමත ස්වභාවය
* ශරීරයට විඩාවක් දැනීම
* ශරීරයට දැනෙන අප්‍රාණිකත්වය.

ඉරුවාරදයේ සංකූලතා ලෙස,

💐 ආඝාතය
💐 මානසික සෞඛ්‍යයට බලපෑම් ඇතිවීම දැක්විය හැක.

🎈ඉරුවාරදය පාලනය කරගත හැකි පියවර,

🍀 යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාම
🍀ශරීරයට අවශ්‍ය විවේකය ලබාදීම
🍀නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම
🍀 ප්‍රමාණවත් නින්ද
🍀 මත්පැන් වලින් වැළකීම.

💊 ඉරුවාරදය සඳහා හෝමියෝපති ප්‍රතිකාර ..

ඉරුවාරදයෙන් සම්පූර්ණයෙන්ම සුව වීම සදහා ඉතා සාර්ථක හෝමියෝපති ප්‍රතිකාර ඇත.

🙏 Ipecacuanha : හිසේ ඇතුළාන්තයෙන් දැනෙනා හිසරදය, ඔක්කාරය.

🙏kali bichromicum: නා නා විධ පාට ඇස් ඉදිරිපිටින් පෙනීම

🙏Natrum Muriaticum: හිස ඇතුලේ දැනෙන තද වේදනාව, අවදි වන මොහොතේ හිසවේදනාව දැනීම ,පෙනීමේ අදුරු ස්වභාවය.

🙏sanguinaria Canadensis: හිසරදය නළල දිගේ විත් බෙල්ල පෙදෙසට ගොස් පිටකොන්ද දිගේ ඇතිවන වේදනාව. දකුණුපස වැඩිය. ස්ත්‍රීන්ට ඔසප් වන කාලයේදී ඇතිවන හිසරදය.ශබ්ධයට හා ආලොකයට අකමැත්තක් දැක්වීම.

🙏 Iris versicolor: හිසරදය, වමනය ඇතිවීම

🙏Glonoine:හිරු රශ්මියේ ඇවිදීමේ අපහසුව, හිසරදය ඇතිවීම,

🙏Spigeli Anthelmintica: හිස ඇතුළාන්තයෙන් පටන්ගන්නා හිසරදය නලලට විත් වම් ඇස දෙසට යයි. අනිනවා සේ වේදනාවක් දැනෙන හිසරදයකි.ඇස් වලින් කදුළු ගලයි.

ඉරුවාරදයට ලබාදෙන හෝමියෝපති ඖෂධ බොහෝ ප්‍රමාණයක් ඇති අතර ඉන් සුළු ප්‍රමාණයක් මෙහි සඳහන් කරඇත. තවද මේ සඳහන් කර ඇති ඔසුවල ඒ ඒ ඖෂධයට අදාළව සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් පමණක් දක්වා ඇත.

පළපුරුදු හෝමියෝපති වෛද්‍යවරයා රෝගියාගේ සියළුම රෝග ලක්ෂණ සලකා බලා ,තවද,
mental,physical,
Aggravation,Amalioration ,
Relationship ආදී ලෙස සියළු කරුණු පිළිඹද විමසා බලා , රෝගියාට සුදුසු හෝමියෝපති ඖෂධය,සුදුසුම ඖෂධ ශක්තිය ( potency) , ලබාදිය යුතු ආකාරය පිළිඹද සැලකිලිමත්ව ඔසු ලබා දේ. මෙම ඖෂධ අතුරු ආබාධ වලින් තොර අතර ,භාවිතය ඉතාම පහසුය. ඇබ්බැහිවීම් නැත.

ඔබට ලග හෝමියෝපති සායන සහ වෛද්‍යවරුන්ගේ හෝ හෝමියෝපති ප්‍රතිකාර පිළිඹද විස්තර දැනගැනීම සඳහා පහත අංකයට වට්ස් ඇප් පණිවුඩයක් තබන්න..
0707607860

වෛද්‍ය සඳමාලි ජයවනගේ...

28/09/2025
28/09/2025

නිතර අසනීප වෙන බබෙක් ඉන්නවද ? 🤧🤒😴

එහෙනම් ඔයා බබාගෙ සොබාවික ප්‍රතිශක්තිය ගැන දැන් වැඩිපුර හිතන්නම කාලය හරි. 🙄🙄🙄

බබාල වෙනුවෙන්ම වඩාත් සුදුසු හෝමියෝපති ප්‍රතිකාර දැං මහරගම සහ ඇඹිලිපිටිය නොබ්ල් නූක් රෝහලේ සායනයෙන් ඔයාට ලබාගන්න පුලුවන්.☘️☘️☘️

හෝමියෝපති වෛද්‍ය සඳමාලි ජයවනගේ මහත්මියගේ සායනය සඳහා කලින් කාලය වෙන්කරගෙන පැමිනෙනවනම් බබාට වගේම ඔයාටත් කිසිදු අපහසුවකින් තොරව ප්‍රතිකාර ලබාගන්න පුලුවන්.

හෝමියෝපති බෙහෙත් වලට දරුවන් හරිම කැමතියි. මේ බෙහෙත් සීනි බෝල වගේ පැණි රසයි. 🍬🍬🍭

ඒ වගේම දරුවන්ගේ සුව නොවන තුවාල වලට ඉක්මනින්ම සුවය ලබාදෙන යුනිට් එකක් අප රෝහල සතුයි.

වෛද්‍ය සඳමාලි ජයවනගේ මහත්මිය හමුවීමට පහත දුරකතන අංකය අමතන්න.

071 8 704 704
070 3 119 895

නොබ්ල් නූක් රෝහල් පරිශ්‍රය,
අංක 23, පිලියන්දල පාර, මහරගම.

20/03/2025

Scitic nerve pain
.....
කොන්දෙ වේදනාව,
කකුළ පිටුපස වේදනාව
වඩිවෙලාවක් හිටගෙන සිටීමේ අපහසුව
හිරිය...මේ නිසා ඔබ තවමත් පීඩාවෙන්ද ??

හෝමියෝපති ප්‍රතිකාර තුලින් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න..

අමතන්න...
0771607860
0707607860

Address

Homagama

Telephone

+94707607860

Website

Alerts

Be the first to know and let us send you an email when Dr homeo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr homeo:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram