23/01/2026
🎍 🇱🇰 නව වසරේ පලමු සාකචාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය තුමන් සමග.. 🇱🇰🎍
🇱🇰 ලංකා තැලසීමියා සංවිධානයේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී Sugath Wasantha De Silva මහතාගේ සම්බන්ධීකරණයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය Dr Nalinda Jayathissa මහතා සමග සාකච්ඡාවක් 2026/01/23 අද දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේදී පවත්වන ලදී.එ සදහා සහබාගි වෙමින්...
🇱🇰 ශ්‍රී ලංකා ඉතිහාසයේ තැලසීමියා රෝගී සංවිධානයක් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වී සෘජුවම ගැටළු ඉදිරිපත් කරන ලද ප්‍රථම අවස්ථාව මේ වන අතර රෝගීන්ගේ යකඩ ඉවත් කිරීමේ ප්‍රතිකාර හා සම්බන්ධ ගැටලු,ප්‍රාදේශීය තැලසීමියා ඒකකයන් හි ගැටලු හා රෝගීන්ගේ ප්‍රතිකාර අවම මට්ටමකින් පැවතීම සම්බන්ධ ගැටලු මෙන්ම රෝග නිවාරණ ක්‍රියාවලියේ අසාර්ථකත්වය පිළිබඳව ජාතික තැලසිමියා සංවිධානයේ සභාපති හා ජතික සංවිදායක තුමන් විසින් එතුමන් දැනුවත් කරන ලදී..
🇱🇰 ලංකා තැලසීමියා සංවිධානයේ හිටපු ලේකම් භාග්‍යා දුලංජලී මෙනවියගේ මැදිහත්වීමෙන් සංවිධානයේ ඉල්ලීම පරිදි ඉතාමත් සීමිත කාලයක් තුළ මෙම සාකච්ඡාව සඳහා කාල වේලාව වෙන්කර ගැනීම සඳහා මැදිහත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට ශ්‍රී ලංකාවේ සමස්ත තැලසීමියා රෝගීන් වෙනුවෙන් ගෞරවනීය ප්‍රණාමය පුදකර සිටිමු...
ස්තූතියි
ලංකා තැලසිමියා සංවිධානය ශ්‍රි ලංකා
සභාපති
මදුෂ කුමර
0777190421