කේතකී Kp Astrology

කේතකී Kp Astrology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කේතකී Kp Astrology, Astrologist & Psychic, Waterland, poruwadanda, Horana.

22/08/2024
එයා හරිම සුන්දර පුංචි මිතුරෙක් ❤️❤️❤️❤️
19/07/2024

එයා හරිම සුන්දර පුංචි මිතුරෙක් ❤️❤️❤️❤️

දැන් ඉතිං අපි නව  වසර සාදරයෙන් පිළිගනිමු. එය අපි කවදාවත් නොවිදි නොදැකපු  දේවල් වලින් පිරී ඇත,සතුටින් එය පිලිගනිමු,එකිනෙක...
31/12/2023

දැන් ඉතිං අපි නව වසර සාදරයෙන් පිළිගනිමු. එය අපි කවදාවත් නොවිදි නොදැකපු දේවල් වලින් පිරී ඇත,සතුටින් එය පිලිගනිමු,එකිනෙකාට සතුටින් සිටිමේ මඟ සොයා ගනිමු,නොලද දේ පිලිබඳ පසුතැවීමෙන් පලක් නොවන බැවින් මේ මොහොත සතුටින් විදිමු.... ~
කේතකී

ඇස් පිරෙන්නටකදුළු වැටෙන්නටසියයක් ගැටළු මැද හදවත පුරා සතුට ගලනඑකම එක හේතුවක්වන්න හැකිද ඔබට....ගැටළුවක් නොවි මපිලිතුරක් ලෙ...
25/09/2023

ඇස් පිරෙන්නට
කදුළු වැටෙන්නට
සියයක් ගැටළු මැද
හදවත පුරා සතුට ගලන
එකම එක
හේතුවක්
වන්න හැකිද
ඔබට....
ගැටළුවක් නොවි ම
පිලිතුරක් ලෙසට ම...

කේතකී
2023/09/25

ප්‍රේමය ,සබුද්ධික මනෝභාවයන් හමුවේ එකක් පසු පස එකක් පෙලගැසෙන සිතුවිලි දාමයක එක් සංදිස්ථානයක හමුවු ඒ අපූරු මනෝකායික හමුවීම...
31/08/2023

ප්‍රේමය ,
සබුද්ධික මනෝභාවයන් හමුවේ එකක් පසු පස එකක් පෙලගැසෙන සිතුවිලි දාමයක එක් සංදිස්ථානයක හමුවු ඒ අපූරු මනෝකායික හමුවීම මේ යයි කීමට පවා වදන් නොමැතිව විශ්විය ප්‍රවාහය හමුවේ තරණය කරමි වටහාගැන්මට ඒ නම් පුද්ගලානුබද්ධ හැඟීමක්ද එසේත් නැති නම් යම් තලයක වටහාගැනීමක්ද යන වග..

කේතකී,

විභාග ලකුණු ,වාර අවසාන විභාගයක් කියන්නෙ 40කට ආසන්න දරුවෝ පිරිසක් ඉන්න පන්තියක එක් වාරයක් දෙකක් හෝ තුනක අවසානයේ උගන්වා අව...
03/08/2023

විභාග ලකුණු ,
වාර අවසාන විභාගයක් කියන්නෙ 40කට ආසන්න දරුවෝ පිරිසක් ඉන්න පන්තියක එක් වාරයක් දෙකක් හෝ තුනක අවසානයේ උගන්වා අවසන් කල කොටස් වල වැදගත්ම කොටස් එකතු කර සැලැස්මකට අනුව සකස් කරන ප්‍රශ්න එකතුවක්,ඒ එකතුවට මුහුණ දීමට දරුවන් ඒ වන විට විවිධ ආකාරවලට සුදානමින් ඉන්නෙ,ඒ සඳහා දරුවා මුහුණ දිය යුත්තේ තනිවම,නමුත් යම් යම් හේතු මත විභාගය පවතින අතර තුර දරුවන්ට අනන්‍යවූ ක්‍රම යොදාගනිමින් කරනු ලබන කොපි කිරිම නිසාවෙන් පන්ති කාමරය තුළ පමණක් නොව මුලු මහත් සමාජයටම සිදුවන්නෙ අනතුරක්,මහන්සි වි වැඩකරන එසේම තමාටම අනන්‍යවූ විනය රාමුවක් තුළ හැඩ ගැසුනු දරුවන් පවා ඉන් පීඩාවට පත් වෙනවා.අමු අමුවේ නිරික්ෂක ගුරුවරුන්ගෙ දෑස් වසා දරුවන් හොර රහසේ සිදු කරනු ලබන මෙම නොමනා ක්‍රියාව නිසාවෙන් අපේ අනාගතය බාර ගන්නට සිටින මේ දරුවන් අධමයන් බවට පත් වී තම රටට ජාතියට පවා සිදුකරන්නෙ වංචාවක්,එම නිසා නිය පොත්තෙන් කැඩිය යුතු පිළිලය පොරවෙන් කැපිමට තරමි වර්ධනය වීමට නොදීමට ගුරුවරුන් වඟබලාගතයුතු තත්ත්වයක් පෙනෙනවා,ඊට අමතරව දරුවාට ලැබෙන ලකුණ අනෙකා සමඟ සන්සන්දනය කිරිම කිසිදු හරවක් නොමැති එක් ලකුණක් සඳහා පවතින තරඟය අනෙකාට බයානක ලෙස ඊරිසියා කිරිම නම් රෝගයට දරුවා පෙලඹීම අනෙකා දරුණු පීඩාවට පත් කරවීම නිසාවෙන් අනවශ්‍ය මානසික මෙන්ම කායික පීිඩාවකට දරුවන් ලක්වෙනවා.හොඳම යාළුවා යයි සිතන සමහර දරුවන් විභාග ලකුණු උදෙසා ඇති කරගන්න දැඩි කලහාකාරි තරඟය හරිම අශෝබන තත්ත්වයක් බවට පත්වී තිබෙනවා,මේ සියල්ලේම වඟකිය යුත්තා කවුද ?ඒ ඔබයි දරුවා මෙලොවට බිහිකර දරුවාට පෝෂණය කල ⁣මෙන්ම යහපතට වඩා අයහපත හිත් තුළ පැටවු ඒ ඔබයි,දරුවාට දරුවෙක් වන්නට ඉඩ නොදි මහා තරඟයක දරුණු සමාජිකයෙකු බවට පත් කල ඒ ඔබයි..
අධ්‍යාපනය යනු නිවැරදි සහ සැලසුම් සහගතව ගොඩ නැගිය යුතු දැණුම් සම්භාරයක එකතුවකින් විධිමත් මනුස්සයෙක් බිහි කිරිම මිස එකිනෙකා පරයා යමින් අන් අය පීඩාවට පත් කරගනිමින් තම අවශ්‍යතා මුදුන්පමුණුවා ගැනීමක් නොවන බව දරුවා හඳුනා ගන්නෙ කවදාද,වැඩිහිටියන් වන අප සිහිබුද්ධියෙන් ඒ පිලිබඳ සිතාබැලිය යුතු කාලය එලඹ ඇත..

කේතකී
2023/08/03

ඔබ ආදරය කරන කිසිම දෙයක් හෝ ⁣කෙනෙක්ඔබට අහිමි වී නැහැ,ඔවුන් ජිවිතයට එනවා යනවා ඒ වගේම අපුරු මතක එකතු කර යනවා.කවදාවත් අපට එය...
15/06/2023

ඔබ ආදරය කරන කිසිම දෙයක් හෝ ⁣කෙනෙක්
ඔබට අහිමි වී නැහැ,ඔවුන් ජිවිතයට එනවා යනවා ඒ වගේම අපුරු මතක එකතු කර යනවා.කවදාවත් අපට එය වෙනස් කරන්න බැහැ,වෙනස් කිරිමට උත්සාහ කිරිම පවා මේ ස්වාබාදහමට පටහැනී. සඳ එලිය ඔබට ශ්පර්ශ කල හැකිද නමුත් සඳ එලිය ඔබේ හදවතට ගෙනදෙන සතුට සැනසීම,යමෙක් හෝ දෙයක් ඔබේ හදවත ශ්පර්ශ කර ඇත්ත ඒ මතකය ඔබ සමඟම සැමදා රැ⁣දෙනවා,ඔබගේ හදවතේ ගැඹුරුම තැනක හැමදා පවතිනවා.දුකක් තනිකමක් දැණුනු මොහොතක ඒ අපුරු මතක සමඟ හුදකලා වීම ඔබට සැනසීමක් ගෙන දෙනවා.අප සෑම විටම එකි⁣නෙකාට බැඳී සිටිනවා,ඔබ ආදරණිය හදවතක හිමිකරුවකු වන්න ...❤️💛💚
කේතකී....

මෙම මස සඳහා තෝරාගත් තිදෙනෙකුගේ ජන්ම පත්‍ර නොමිලේ පරික්ෂා කර දීමට නියමිතයි.ඒ සඳහා පහත whatsapp අංකයට ⁣තමා උපන්වේලාව ,ස්ථා...
02/03/2023

මෙම මස සඳහා තෝරාගත් තිදෙනෙකුගේ ජන්ම පත්‍ර නොමිලේ පරික්ෂා කර දීමට නියමිතයි.ඒ සඳහා පහත whatsapp අංකයට ⁣තමා උපන්වේලාව ,ස්ථානය,දිනය,සඳහන් කරන්න.විස්තර දැනගැනීම සඳහාද එයම භාවිතා කල හැක.
කේතකී හේරත්.
0763471186

Address

Waterland, Poruwadanda
Horana
12400

Telephone

+94763471186

Website

Alerts

Be the first to know and let us send you an email when කේතකී Kp Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to කේතකී Kp Astrology:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram