13/05/2026
ඔයාත් දෛව අoක 4 හිමියෙක්ද???
ඔයා ඉපදුනේ ඕනම මාසයක 4,13,22,31 දිනයක නම්,ඔයාගේ දෛව අoකය 4 තමයි.අද කියන්න යන්නේ ඔයා ගැන.රාහුගේ දරුවෝ ගැන.🙂..
ලෝකයේ system එක හදන මිනිස්සු,දකින හීන යථාර්ථයක් කරන්න ඉහලම හැකියාවකින් යුක්ත මිනිස්සු,බිහිවෙනවා අoක 4න්.ස්ථාවරත්වයට කැමති අය තමයි ගොඩක්ම මේ අoකයෙන් බිහිවෙන්නේ.ස්ථාවර ගෙයක් දොරක්,රැකියාවක නැත්නම් මෙයාලගේ හිතේ සැනසීම නෑ.බොරු හීන මාලිගා නෑ,කරන්න පුලුවන් දේ විතරක් කතා කරන මිනිස්සු බිහිවෙනවා අoක 4න්😎.
නමුත් ප්‍රශ්නයක් තියෙනවා.එක පාරටම මේ අයගේ ජීවිතේ විශාල වෙනස්කම් සිදුවෙනවා සාමාන්‍යයෙන් වසර 4 කට වරක්වත්.අද ඇති දේ නැතිවෙන්නත්,අද නැතිදේ ඇති වෙන්නත් වැඩි කාලයක් යන්නේ නෑ .ඒ කියන්නේ ඉහල,පහල යන ජිවිතයක් උරුම වෙලා තියෙනවා.ජිවිතේ හදිසි අවස්ථා වලට නිතර මුන දෙන්න සිද්ද වෙලා තියෙනවා මෙයාලට😔.
ඔයාල ටිකක් මුරණ්ඩයි,හිතුවක්කාරයි."මම හරි"කියලා අල්ලගන්නවා.හැබයි යලුවෙක්ට,පවුලට ඔය loyalty 100% දෙනවා.ඔයාව කෙනෙක් විශ්වාස කලොත්, ඔයා කිසිවෙක් පවා දෙන කෙනෙක් නෙමෙයි.ඔයාගේ ලොකුම සතුරෝ තමයි වැඩිපුර හිතන එක,නින්ද නැතිකම සහ stress එක😟.
ඔයා රහස් රකින කෙනෙක්.ඔයාට කිව්ව දෙයක් ඔයාගෙන් පිට යන්න නෑ.ඒ කියන්නේ confidentiality 100%.ඒ නිසාම ඔයා සුදුසුයි management,HR,Finance,Legal වගේ field වලට😍.
ඔයාලට පරණ දේවල් ලේසියෙන් අතාරින්න බෑනි.පරණ පර්ස් එක,පරණ කමිසය,පරණ ලව් එක වුනත් අතාරින්න සෑහෙන්න කාලයක් ගන්නවා.හැබයි වෙනස් වුනාට පස්සෙනම් ඔයා සම්පූර්ණ commitment එක දෙනවා අලුත් දෙයට🙂.
අoක 4 ඔයාලට අයුක්තිය,අසාධාරණය පේන්න බෑ.පොඩි වැරද්දක් දැක්කොත් හොදට දෙසනවා,කට පියාගෙන ඉන්නේ නම් නෑ ඉතින්.තනියම වැඩ කරන්න තමයි කැමති.team work කරනකොට stress."මට දීපන් මම කරලා දෙන්නම්"කියන mindset එකක් තමා තියෙන්නේ ඔයාට🤓.
මේ අය පිටින් හරිම strong වගේ පෙනුනට ඇතුලතින් හරිම බයයි "අනාගතේ මොනවා වෙයිද මට" ඒ නිසාම ඔයා overwork,overplan කරනවා.control එක නැති වෙනවට තමා ගොඩක්ම බය😔.
රාහුගේ බලය නිසාම අලුත් තාක්ෂණය,ඉක්මනටම අල්ලගන්න හරිම දක්ශයි.It,Ai,Data engineering වලට ඉක්මනින්ම adapt වෙනවා.පාසල් කාලේදි වුනත් අනිත් අයට වඩා ඉක්මනින්ම new tech update එක මෙයාලා අල්ලගන්නවා,කතා කරනවා ඒ ගැන.ජිවිත කාලයටම ඒ හැකියාව තියෙනවා😎.
සාමාන්‍ය මනුසායෙක් නොදකින අසාමන්‍ය දේවල් දකින්න අසාමාන්‍ය හැකියාවක් තියෙනවා ඔයාට.pattern,loophole,system error,business leak එක දකිනවා🫡.
මීට අමතරව විප්ලවකාරි අදහස් තියෙනවා,සාම්ප්‍රදායික නෑ.තර්ක කරලා මත බිදින්න කැමති.නෑදෑයින්ගේ උදව් අඩුයි,තනි වුන ගමන් ගැබුරු කල්පනාවක යෙදෙනවා.හිතේ සන්සුන් බාවය වැඩි වෙලාවක් පවතිනවා අඩුයි.අභියෝග,පවුලේ වගකීම් වැඩි කෙනෙක් වෙනවා🤨.
පොදුවේ කතා කලේ අoක 4 න් උපන් රාහුගේ දරුවන් ගැන.ජිවන අoකය,දෛව අoකය,ප්‍රකාශන අoකය,හර්ද අoකය ආදි විවිධ වූ අoක සියල්ල මත පදනම්ව පෞද්ගලික විස්තර ගොනුකල හැක.මෙය පොදු අදහසක් ලබාගැනිමට පමණයි.
Dinesh L Gunasinghe