
21/07/2023
සමහර කාල වල වෛද්‍යවරුන්ට මිනිස්සු කොච්චර බැන්නත් වෛද්‍යවරයෙක් වීම කොච්චර පුණ්‍යකර්මයක්ද කියලා දැනෙන අවස්ථාවන් ඕනිතරම්.
මා 2018 සිට ගිය සතියේ වෙනකල් වැඩ කළේ මීගලෑවේ හා ඇහැටුවැව කියන අති දුෂ්කර ගම්වලය. මේ ප්‍රදේශ වල මිනිසුන් උදේ ඉදන් රෑ වෙනකල් පොළව හා ජීවන අරගලයක යෙදෙන මිනිස්සු. සාමන්‍යෙන් අපි අවුරුදු 40ක් 50ක් නගරබදව දකින් මිනිස්සු ශාමන්‍යෙන් තරුණ සවිමත්ව හිටියද මේ ගම්වල අවුරුදු 50ක් කියන්නේ තරමක් වියකුණු සීයා කෙනෙකුගේ පෙනුම මෙන්‍ය. ඒ තරමටම ඔවුන් වියැකී ගොස්‍ය.
මේ ගම්වල සායන වලින් බේත් ලබා ගත් මිනිසුන්ගෙන් අප ලැබුවේ මාරම ආදරයකි. එවැනි ආදරයක් ජීවිතේට ලැබේවිදැයි කියන්න බැහැ. ඉති ඒ සායන වලින් බොහො ලෙඩ වලින් සුව වූ මිනිසුන් අපේ ආච්චි අම්මලාගේ වයසේ අය පවා අපිට ගොඩාක් පින් අනුමෝදන් කරලා වැදලා පවා යනවා.
අපිට විතරක් නෙවේ වහැදූ වැඩූ අම්මාට තාත්තාට පවා පින් අනූමෝදන් කරනවා.
ඉතින් මගෙන් ප්‍රඝිකාර ලැබූ රෝගීන් සුවවෙනවා තරම් සතුටක් අපටත් නැහැ. විටෙක් ත්‍රී රෝද රථයෙන් හරහට දාලා නැගිඅගන්නවත් බැරිව එන රෝහින් තනිවම ත්‍රීවිල් එකට නැගැලා යනවා දකිද්දී ඊලග සතියේ බයිසිකලයෙන් එයා පැදගෙන ඇවිල්ලා ඉන්නවා දකිද්දි ඒ දකින සතුට මිල කරන්න බැහැ.
මන් එහෙන් එන දවසේ මන් ඇතුළෙන් ඉතාමත් දුක්වුණා. ඇඩෙන්න ඔන්න මෙන්න . ඒත් මන් ඉක්මනින්නම් සායනය කරලා ඉක්මනින් එතැනින් අයින් වුණා. මන් ආයේ එන්නේ නැහැ කියද්දි ඒ මුහුනු වල තිබ්බ පෙනුම මට නිතර මැවිලා පේනවා.
විශේෂයෙන් සිරිසේන මහත්තයාගේ විශ්‍ර්‍රමික දුම්‍රිය දෙපාරතමේන්තු සේවකයෙක්. එතුමා අපිතෙක්ක ඉතා ලගින් ආශ්‍ර්‍ය කළේ. මන් අන්තිමට එතුමාට දෙපා වැදලා ආවේ. එයා අහක බලා ගත්තා. මාත් ඉක්මනින් වාහනේට නැග්ගා.
ඉදින් රාජ්‍ය සේවය තුළ මතක සැමරුම් ගොඩාක් තුළ තවත් එවැනිම නැත්ත අහිංසක මිනිසුන් ගොඩකට සේවය කරන්න ලැබෙනවා.
දැන් මා වෙන්නප්පුව ප්‍රාදේඅහීය කොට්ඨාශයට අනුබද්ධ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලෙස කිරිමැරටියාන් රෝහලේ ඉන්නේ.
දැන් කලින්ට වඩා සේවය කිරීම පහසුයි. මොකද ගෙදරට ළගයි.
මේ පහළින් දක්වා තියෙන්නේ මගේන් මීගමුවේ ප්‍රතිකාර ලද රෝගියෙක්ගේ අම්මා කෙනෙක් එවපු සටහනක්. මේක දැක්කම නැවතත් හිතුණේ වෛද්‍ය වරයෙක් වීම පුණ්‍යකර්මයක්මයි.