Counselling for a happy life

  • Home
  • Counselling for a happy life

Counselling for a happy life #
#උපදේශන සේවය #
#ධනාත්මක ආකල්ප සංවර්ධනය
positve attitude #
# On line therapy # Motivational Lecturer
(8)

Happy Hormones: ඔබේ සතුටට, දුකට බලපාන 'සතුටු හෝමෝන' වැඩි කර ගන්නේ කොහොම ද?හෝමෝන යනු ඔබේ ශරීරයේ රසායනික පණිවිඩකරුවන් ලෙස ...
21/11/2025

Happy Hormones: ඔබේ සතුටට, දුකට බලපාන 'සතුටු හෝමෝන' වැඩි කර ගන්නේ කොහොම ද?

හෝමෝන යනු ඔබේ ශරීරයේ රසායනික පණිවිඩකරුවන් ලෙස හැඳින්වේ.
ග්‍රන්ථි මගින් හෝමෝන් ඔබේ රුධිරයට මුදා හැරීමෙන් පසු, ඒවා විවිධ අවයව හා පටක මත ක්‍රියා කර ඔබේ ශරීරය ක්‍රියා කරන ආකාරයේ සිට ඔබට සිතිවිලි ක්‍රියාත්මක වන ආකාරය දක්වා සියල්ල පාලනය කරයි.
ඒ අතරින්, ඔබගේ සතුට කෙරෙහි බලපාන හෝමෝන කිහිපයක් ඇති බව ඔබ දන්නවා ද?
එම හෝමෝන කාණ්ඩය "හිතට සතුට ගෙන දෙන හෝමෝන" ලෙස හඳුන්වනු ලබන්නේ, ඒවා මගින් නිපදවෙන සතුට සහ ප්‍රීතිමත් හැඟීම් නිසා ය.
'ඒවා ස්නායු සම්ප්‍රේෂක ලෙස ද සැලකෙන්නේ, ඒවා ස්නායු සෛල අතර අවකාශයන් හරහා පණිවිඩ රැගෙන යන හෙයිනි,' හාර්වඩ් වෛද්‍ය විද්‍යාලය මෙම හෝමෝන පිළිබඳව විස්තර කරන්නේ එසේ ය.
සතුටු හෝමෝන යනු මොනවා ද?

අපගේ සිතෙහි සතුටක් ජනනය කිරීමට බලපාන හෝමෝන 4ක් ඇතැයි හඳුනාගෙන තිබේ. ඒ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් මනෝවිද්‍යා ආයතනවල පැහැදිලි කිරීම් කර ඇති අතර පර්යේෂණ ද සිදු කර තිබේ.

1. ඩොපමයින්
2. සෙරටනින්
3. ඔක්සිටෝසින්
4. එන්ඩොෆීන්

මෙම හෝර්මෝන එකින් එක අපගේ සතුටට බලපාන ආකාරය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ පැහැදිලි කළා ය.
සතුටු හෝමෝන

1. ඩොපමයින් (Dopamine)

ප්‍රධාන කාර්යය: මොළයේ ක්‍රියාත්මක වන 'රිවෝඩ් සිස්ටම්' එක නියාමනය කිරීම ඩොපමයින් හෝමෝනයෙන් සිදුකෙරේ.
වැඩිපුරම කියැවූ
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට භාණ්ඩ රැගෙන ඒමේදී බලාත්මක කර ඇති කොන්දේසි මෙන්න
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න: කොළඹ රාජකීය සහ විශාඛා ඉදිරියෙන්
Happy Hormones: ඔබේ සතුටට, දුකට බලපාන 'සතුටු හෝමෝන' වැඩි කර ගන්නේ කොහොම ද?

අපට යමක් කිරීමට, අරමුණක් වෙනුවෙන් වැඩ කිරීමට අභිප්‍රේරණයක් ඇති කරන්නේ, ඩොපමයින් ක්‍රියාකාරීත්වය මගිනි.
එම අභිප්‍රේරණය අරමුණක් හෝ ඉලක්කයක් වෙනුවෙන් කරන ක්‍රියාවක් වෙනුවෙන් යොමු වෙයි.
"අරමුණක් ඇතිව කරන ඕන ම දෙයක් මනෝවිද්‍යාවේදී අභිප්‍රේරණය යටතට ගැනෙනවා. ඕන ම දෙයක් කරන්න අපට තියෙන අභිප්‍රාය තමයි අභිප්‍රේරණය කියන්නෙ. ආහාර ගැනීම, මුහුණ සේදීම, නිවස අතු ගෑම ආදී ඕන කාරණයක් මේකට අයිති වෙනවා. ඒ එදිනෙදා ක්‍රියාකාරකම්වලට අමතරව, දීර්ඝ කාලීන අරමුණු, ඒ කියන්නේ උපාධියක් ලබා ගැනීම, ජීවිතයේ ඉලක්ක වෙත යාම වගේ සියලු අරමුණු නියාමනය කරන්නේ ඩොපමයින් කියන හෝමෝනයෙන්," ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ පැවසීය.
ඒ අනුව අපගේ සිතෙහි සතුට (happiness), සංතෘප්තිය (satisfaction), උද්යෝගය (excitement) යන හැඟීම් නියාමනය වීමට ඩොපමයින් හෝමෝනය බලපාන බව ඇය පැවසීය.
මෙම ඩොපමයින් මට්ටම අඩු වූ විට එය වැඩි කර ගැනීම සඳහා පුද්ගලයින් විවිධ ක්‍රමවලට යොමු වන අතර, ඇබ්බැහි වීම් ඇති වන්නේ ඒ සමගිනි.
මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්පානය, පරිගණක සහ දුරකතන ක්‍රීඩාවලට ඇබ්බැහි වීම සිදුවන්නේ ඒ හරහා ය.
ඇබ්බැහිවලින් තොරව ස්වාභාවිකව ඩොපමයින් මට්ටම වැඩි කර ගන්නේ කෙසේ ද?
"ඩොපමයින් මට්ටම වැඩි කර ගන්න වැරදි දේවල්වලට ඇබ්බැහි වෙන්න ඕන නෑ. පුංචි පුංචි ඉලක්ක හදා ගන්න. ඒ කියන්නෙ මිදුල අතුගාන ඉලක්කයක් හරි හදා ගන්න. ඒ පුංචි ඉලක්කය සපුරා ගත්තා ම අපේ ඩොපමයින් ප්‍රමාණය වැඩි වෙනවා," ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ පැවසීය.
"ආතතිය තියෙන අයට අපි කියන්නෙ මුලින් ම මිදුල අතු ගාන්න. කෑමක් උයන්න. තේ එකක් හදා ගන්න. සතෙකුට කන්න දෙන්න. සංගීතය අහන්න. ඒ වගේ මොකක් හරි වැඩක නිරත වුණා ම ඩොපමින් එනවා. එතනින් පස්සෙ අපට අභිප්‍රේරණයක් ඇති වෙනවා තවත් වැඩක නිරත වෙන්න. ඒ වගේ ම හොඳ නින්දක් ලබා ගැනීම අතිශය වැදගත්."
ඩොපමයින් වැඩි කරන ආහාර: ධාන්‍ය වර්ග, කෙසෙල්, බිත්තර, කිරි ආශ්‍රිත ආහාර

2. සෙරටනින් (Serotonin)

ප්‍රධාන කාර්යය: මනෝභාවය (mood) ස්ථාවරව පවත්වා ගැනීමට සහය වෙයි.
"මේ මගින් අපගේ මනෝභාවය ස්ථාවරව තබා ගන්නවා වගේ ම, නින්ද නියාමනය කරන එක, අපේ ආහාර රුචිය අවශ්‍ය මට්ටමට තියා ගන්න එක සහ ආහාර ජීර්ණය කියන කාර්යයන්වලදී මේ සෙරටනින් කියන එක ලොකු දායකත්වයක් ලබා දෙනවා."
"යහපැවැත්ම, ඒ කියන්නෙ මම හොඳින් ඉන්නවා කියන හැඟීම ඇති වෙන්න සෙරටනින් ඉතා ම වැදගත්. සතුට, හිතේ සාමකාමී බව, කාංසාව අඩු වෙන්න, හිතේ බය අයින් කරල හිත සන්සුන් කර ගන්න මේ හැම දේකට ම සෙරටනින් වැදගත්. ආතතිය, කාංසාව වගේ රෝගී තත්ත්වයන්ට දෙන ඖෂධවල සෙරටනින් අඩංගු වෙනවා. මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වගෙන යන්න වැඩියෙන් ම බලපාන හෝමෝනය තමයි, සෙරටනින්."
මහාචාර්යවරිය පෙන්වා දුන්නේ, සතුටින් සහ ප්‍රබෝධයෙන් සිටින පුද්ගලයින්ගේ සෙරටනින් ක්‍රියාකාරීත්වය යහපත් වන අතර දුකෙන්, පසුතැවිල්ලෙන් පසුවන්නන්ගේ සෙරටනින් ක්‍රියාකාරීත්වය අඩු මට්ටමක පවතින බව ය.
සෙරටනින් වැඩි කර ගත හැක්කේ කෙසේ ද?
"සෙරටනින් වැඩි කර ගන්න අපට කරන්න තියෙන්නෙ ඉතා ම සරල දෙයක්. ඝර්ම කලාපීය රටක් නිසා කරන්න තියෙන්න හොඳින් ඉර එළියට නිරාවරණය වෙන එක. අවම වශයෙන් විනාඩි 10ක් 15ක් ස්වාභාවික ඉර එළියට නිරාවරණය වුණා ම සෙරටනින් වැඩි කර ගන්න පුළුවන්. විශේෂයෙන් ම උදේ කාලයේ. විටමින් D සහ මානසික සෞඛ්‍යය අතර විශාල සම්බන්ධයක් තියෙනවා. විටමින් D ලැබෙන අය ගොඩක් උද්යෝගීමත් විදිහට ඉන්නවා. ඒ වගේ ම සාමාන්‍ය ව්‍යායාමවල නිරත වීමෙන් සෙරටනින් වැඩි කර ගන්න පුළුවන්. ඒ කියන්නෙ නැටීම, වේගයෙන් ඇවිදීම, පිහිනීම වගේ දේවල් කරන එක හොඳ යි."
"ඒ වගේ ම තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි කෘතඥ වීම. අපට ලැබිල තියෙන දේවල් ගැන කෘතඥ වීම වැදගත්. එතනදි, gratitude journal එකක් පවත්වාගෙන යාම වැදගත්. ඒකෙ අපි හැම දිනක ම අවසානයේ ලියන්න ඕනෙ අපට සතුටු වෙන්න පුළුවන් දේවල් හැම දෙයක් ගැන ම. ඒ කියන්නෙ රස කෑමක් කෑවොත්, සතුටු හිතෙන දෙයක් වුණොත්, අපට දවසකට ගොඩක් අය උදව් කරනවා, ඒ ලැබුණු උදව් ගැන වගේ දේවල් ලියන්න ඕනෙ. ඒකෙන් අපගේ සෙරටනින් ඉහළ යනවා."
"අම්මා බත් එක බැඳල දෙන එක. බිරිඳ තේ එකක් හදල දෙන එක වගේ කුඩා දේවල් පවා කෘතඥ විය හැකි දේවල්. ඒවා ගැන සතුටු වෙන්න පුළුවන්."
සෙරටනින් වැඩි කරන ආහාර: බිත්තර, චීස්, සෝයා ආශ්‍රිත නිෂ්පාදන, ධාන්‍ය වර්ග
නිවැරදි ස්පර්ශය හරහා ද ඔක්සිටෝසින් හෝමෝන මට්ටම ඉහළ යන බව මනෝවිද්‍යාවේදී පිළිගැනේ.
නිවැරදි ස්පර්ශය හරහා ද ඔක්සිටෝසින් හෝමෝන මට්ටම ඉහළ යන බව මනෝවිද්‍යාවේදී පිළිගැනේ.

3. ඔක්සිටෝසින් (Oxytocin)

ඔක්සිටෝසින් යන්න Love hormone ලෙස හැඳින්වේ.
"ලව් කියන්නෙ රොමැන්ටික් ලව් ම නෙවෙයි. ආදරය, බැඳීම, ළෙන්ගතුකම මෙන්න මේ ටික එන්නෙ ඔක්සිටෝසින් හරහා. ඔක්සිටෝසින් කියන්නේ හරි ම යුනික් හෝමෝනයක්. ළමයෙක් මේ ලෝකෙට උපදිනකොට ළමයා ඔහේ ජීවියෙක් විදිහට ආවට පස්සෙ ඒ ළමය මනුස්සයෙක් වෙන්නෙ අම්මගේ කිරිත් එක්ක එන ඔක්සිටෝසින්වලින්. ඒ කියන්නෙ මව්කිරිවලට ගොඩක් ඔක්සිටෝසින් එකතු වෙනව ආදරෙත් එක්ක. ඒකෙන් තමයි දරුවෙක් මුලින් ම ආදරය, බැඳීම කියන එක ඉගෙන ගන්නෙ. ආදරය දීම සහ ලැබීම කියන දෙකට ම ඔක්සිටෝසින් බලපානවා."
නිවැරදි ස්පර්ශය හරහා ද ඔක්සිටෝසින් හෝමෝන මට්ටම ඉහළ යන බව මනෝවිද්‍යාවේදී පිළිගැනේ.
මෙම හෝමෝනය bonding hormone ලෙසත් හඳුන්වන අතර, සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාමට ද මෙම හෝමෝනය බලපායි.
"මේ හෝමෝනය අඩු අය හුදෙකලාව ඉන්න බලනවා. අනිත් අය හිටියත් එකයි, නැතත් එකයි. ඒ වගේ අයට ආදරයේ අවශ්‍යතාවක් දැනෙන්නෙ නෑ. විශ්වාසය, සහකම්පනය, මානසික පීඩනය අඩු කර ගන්න, කාංසාව අඩු කරන්න සහ ආරක්ෂාකාරී හැඟීමක් ඇති වෙන්න ඔක්සිටෝසින් වැදගත් වෙනවා."
ඔක්සිටෝසින් වැඩි කර ගැනීමට කළ හැක්කේ කුමක් ද?
"ඔක්සිටෝසින් වැඩි කර ගන්න කළ යුතු සරල ම දෙය තමයි, ස්පර්ශය. මේක වැරදියට වටහා ගන්න එපා. මනුෂ්‍යයෙක් හරි සතෙක් හරි ස්පර්ශයෙන් මේ ඔක්සිටෝසින් මට්ටම වැඩි වෙනවා. නිවැරදි ස්පර්ශයන්, ඒ කියන්නෙ වැළඳ ගැනීම්, අතට අත දීම් හරහා ඒ ශරීර දෙක අතර ආදරය බෙදා ගැනීමක් සිද්ධ වෙනවා. ඒක සෙක්ස් ම නෙවෙයි. එතන ආදරය තියෙනවා. ඒකයි අපි කියන්නෙ දෙමාපියන්ට දරුවන්ව වැළඳ ගන්න, තුරුළු කර ගන්න කියලා. ඒ වගේ ම පවුලේ සාමාජිකයින් සමග, මිතුරන් සමග, සමාජය සමග යහපත් කාලයක් ගත කිරීමත් වැදගත්. සුරතල් සතුන් ඇති කිරීමත් මේකට හොඳ පිළියමක්. හැබැයි ඒ සතා තුරුළු කර ගන්න පුළුවන් සතෙක් වෙන්න ඕනෙ."
"කරුණාවන්ත වීම, අන් අයට සහය වීම වගේ දේවලුත් මෙතනදි වැදගත් වෙනවා."

4. එන්ඩොෆීන් (Endorphins)

අපගේ ශරීරයේ ස්වාභාවිකව නිපදවෙන වේදනා නාශක හෝමෝනය එන්ඩොෆීන් ය.
"ශාරීරිකව අපට දැනෙන වේදනාවන් අඩු කිරීමේ හැකියාව එන්ඩොෆීන්වලට තියෙනවා. මේක කායික වේදනාව අඩු කරන්න තමයි වැදගත් වෙන්නෙ. මානසික පීඩනය අඩු කර ගන්න, ශරීරයට අපහසුතාවක් ඇති වුණා ම ඒක අඩු කර ගන්න මේ හෝමෝනය වැදගත්. ඒ වගේ ම, අපේ මනෝභාවයන් උසස් මට්ටමකට ගන්න, ශාරීරික වේදනාව අඩු කර ගන්න, උදාහරණයක් විදිහට තුවාලයක් වුණොත් ඒකෙන් ඇති වන වේදනාව ලොකුවට දැනෙනව ද? ඒක ඉවසගන්න පුළුවන් ද? කියන එකට මේ එන්ඩොෆීන් වැදගත්."
එන්ඩොෆීන් වැඩි කර ගන්නේ කෙසේ ද?
"එන්ඩොෆීන් වැඩි කර ගන්න මූලික ක්‍රියාකාරකම තමයි, ශාරීරික ව්‍යායාම්වල නිරත වෙන එක. ව්‍යායාම් කරල හුරු වුණා ම අපට ලොකු වේදනාව දරා ගැනීමේ ශක්තියක් එනවා. ව්‍යායාම කරන අයගේ එන්ඩොෆීන් වැඩි යි."
ඊට අමතරව, හැකි තරම් ශබ්ද නගා සිනාසීමෙන් එන්ඩොෆීන් වැඩි වන බව ද ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ පැවසීය.
"අපි ලාෆ්ටර් තෙරපි කියල කියන්නෙ ඒකට යි. හිනා වුණා ම අපේ මුහුණේ මාංශ පේශිවල වෙනස්වීමක් වෙනවා. ඒ වෙනස හරහා මොළයට පණිවුඩයක් යනවා මෙයා සතුටින් ඉන්න ලෑස්තියි කියල. එතකොට එන්ඩොෆීන් මට්ටම වැඩි කරනවා. ඒ වගේ ම, නිල චිකිත්සාව සහ සම්බාහනය මගිනුත් එන්ඩොෆීන් මට්ටම වැඩි වෙනවා."
එන්ඩොෆීන් වැඩි කරන ආහාර: ඩාර්ක් චොක්ලට්, නයි මිරිස් වැනි කට දැවිල්ල ඇති කරන ආහාර, ස්පයිසි ආහාර
සැලකිය යුතු යි: මෙහි සඳහන් කර ඇති ආහාර වර්ග ඔබට ඇති වෙනත් රෝගවලට අහිතකර ලෙස බලපෑ හැකි අතර, එවැනි තත්ත්වයක් ඇත් නම් ඒ ඒ රෝගවලට අදාළ වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගන්න.

Copied from BBC
Anura weeraddana
0768946880

මානසික රෝග කියන්නේ මොනවාද ?අද විවිධ මානසික රෝග හා මෙවැනි රෝගීන් නිසා සිදුවන විවිධ සිදුවීම් නිතර මාධ්‍යයෙන් අසන්න දකින්නට...
18/11/2025

මානසික රෝග කියන්නේ මොනවාද ?

අද විවිධ මානසික රෝග හා මෙවැනි රෝගීන් නිසා සිදුවන විවිධ සිදුවීම් නිතර මාධ්‍යයෙන් අසන්න දකින්නට ලැබෙනවා.ඇතැම්විට ඉතා අමිහිරි ඛේදවාචකයක් පසුපස ඇත්තේ එවැනි රෝගියෙකු විසින් සිදුකල අපරාධයක්.මේ මානසික රෝග වෙනදාට වඩා අද බහුල වෙලාද ? මානසික රෝගයක් ඇතිවීමට බලපාන හේතුව කුමක්ද ?
අමාරුම දේ මිනිසාව හඳුනා ගැනීමයි.

ලොව පවතින ඉතා අසීරුම කාර්යය වන්නේ මානව චර්යාවන් හඳුනාගැනීමයි. විශේෂයෙන් මිනිසුන් සහේතුකව කටයුතු කරන බැවින් ඔවුන්ගේ චර්යා අර්ථකථනය කරගැනීම අසීරුය. නමුත් ඔවුන්ගේ යම් යම් කරුණු කාරණා මඟින් මානව චර්යාවන් හඳුනාගත හැකිය. මෙහදී සාමාන්‍ය මෙන්ම අසාමාන්‍ය චර්යාවන්ද පවතී.
අසාමාන්‍ය චර්යා මානසික රෝග වශයෙන් හඳුන්වා දිය හැකිය. එමෙන්ම මිනිසුන්ගේ සිතීම පිළිබඳ විකෘතීන් හා හැසිරීම් පිළිබඳ විකෘතීන්ද මෙයට අදාල වේ.
වර්තමානයේ මානසික රෝගීන් වැඩිවෙලාද ?

ආදි කාලීන යුගයේ මානසික රෝග යනුවෙන් හඳුන්වා ඇත්තේ බලගතු යක්ෂෙයෙක් ශරීරගත වීමකි. නොඑසේනම් ආවේෂ වීමක් හෝ බාහිර බලවේගයක් මඟින් මිනිසා ගුප්ත ලෙස මෙහෙයවීමයි.මෙවැනි යක්ෂයින් එළැවීම වෙනුවෙන් මෙරට අතීතයේ පටන්ම යාතු කර්ම හා ශාන්තිකර්ම ආදී විවිධ දේ පැවතුණි.එමෙන්ම කතෝලික ආගමේ පල්ලිය ආශ්‍රිතවද මනුෂ්‍ය ශරීරයට ඇතුළත් අපිරිසිදු ආත්ම පලවා හැරීම වෙනුවෙන් විවිධ පූජා ක්‍රම සංවිධානය විය.
ඇත්තටම මානසික රෝගයක් කියන්නේ කුමක්ද ?

මානසික රෝග ඇති වීමට හේතුවන්නේ මොළයේ ඇතිවන රසායනික අසමතුලිතතාවයි. එවැනි රසායනික අසමතුලිතතා පදනම් කරගෙන සිතීමේ හා හැසිරීමේ අසමතුලිතතා ඇතිවේ.
පුද්ගල හැසිරීමේ හා චර්යාවේ සැලකිය යුතු වෙනසක් ඇතිවේ නම් හෝ යථාර්ථයට පටහැනිව ක්‍රියාකිරීම පිළිබඳව ව්‍යාබාධ හෙවත් පවත්නා තත්වයට සුදුසු ලෙස වෙනස්වීමට ඇති නොහැකියාවද මානසික රෝගයකි.
මානසික රෝගයක් ඇතිවීමට හේතු මොනවාද ?

මානසික රෝග ඇති වීමට බලපාන ලද හේතු රාශියක් වේ ඒ අතර,
ආරය හෙවත් ජානමය සාධක
ස්නායු ආබාධ
මොලයෙහි ඇතිවන රසායනික වෙනස්කම්
මත් පැන් හා මත් ද්‍රව්‍ය භාවිතය
විවිධ මනෝ සමාජ ගැටලු

මානසික රෝග වැළඳීමේ අවධානමක් ඇත්තේ කාටද ?
ඕනෑම පුද්ගලයෙකුට වැළඳීමේ සම්භාවිතාවක් ඇත.

මෙසේ වැළඳිය හැකි මානසික ආබාධ කොටස් කීපයක් යටතේ වෙන්කර දැක්විය හැකිය.ඕනෑම අයෙක් ඕනෑම අවස්ථාවක මින් කවර හෝ තත්ත්වයකට මුහුණදීමට හැකිය.
සුළු මානසික රෝග
ප්‍රධාන මානසික රෝග
මනෝ දේහිත රෝග
ළමා මානසික රෝග
මනෝ ලිංගික රෝග
පෞරුෂ ආබාධ

ප්‍රතිකාර

මානසික රෝග සඳහා ගොදුරු වන බහුතරය තමාට රෝගයක් ඇති බව හඳුනා නොගැනීම ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නකි.
තමාගේ සමීපතමයෙකුට මානසික රෝගී තත්ත්වයක් ඇතිවුවොත් ඔවුන් ආශ්‍රයෙන් කොන් නොකර සිටීම ප්‍රධාන කරුණකි.
උපදේශනය හා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඔස්සේ මේ මානසික රෝගී තත්ත්ව සුවපත් කළ හැකිය.
මානසික රෝගයක් ශාරීරික රෝගයක් මෙන් ඉතා ඉක්මන් සුවයක් ලබන්නක් නොවිය හැකිය.එනිසා එම රෝගියා සමාජයෙන් ඈත් නොකර සිටීම ඉතාම වැදගත්ය.

අනුර වීරද්දන
0768946880

09/11/2025

ඔබ ජලපෙරණයක් භාවිතාකල යුත්තෙ ඇයි ❓

👉 ජනගහනය වැඩිවීමත් සමග එක ළඟ නිවාස ඉදිවීම නිසා ජලයට අසුචි මල , බැක්ටීරියා ,රසායනික එකතුවීම.

👉 වගා කටයුතු නිසා පොහොර වර්ග සහ කෘමිනාශක හා කෘෂිරසායනික මගින් ජලයට බැරලෝහ එකතුවීම.

👉 ජල ගැලීම් නිසා ජලය දුෂණය විම.

👉 ජලයට ක්ලෝරින් එකතු කිරීම .
ආදි බොහෝ කාරණා නිසා අද වනවිට ජලය දුෂණය වී ඇත ❗️🛑මේ තත්වයන්ගෙන් ආරක්ෂාවීමට

⭕ ඔබ දැනට භාවිතා කරන වතුර

💧 පිරිසිදුයිද ?
💧 ක්ලෝරින් රස එනවද ?
💧 වතුර කිවුල් වගේද ?
💧 මඩ ගතියක් දැනෙනවද ?
💧 වතුර වල දුගදක් දැනෙනවද ?

🔴 ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අනර්ඝතම RO ජල පෙරණය
🔴 පියවර 6කින් පිරිසිදු කර වඩාත් සුරක්ෂිත පානීය ජලය ලබාදෙයි.

📍කිවුල්, ක්ලෝරීන්, බැරලෝහ, මළකඩ, මළ අසූචි, මඩ හා රසායනික ද්‍රව්‍ය හැමදේටම එකම විසඳුමක්
📍ITI සහතිකය ලත් ලංකාවේ එකම ජල පෙරණය
🌎 Aqualife Ro Domestic Water Filter එකවර හෝ පහසු ගෙවීමේ ක්‍රමයට අදම සවිකර ගන්න..
👨‍🔧 නොමිලේ නිවසට ගෙනවිත් සවිකර දීම දිවයින පුරා
🚐 දිවයින පුරා විහිදී ඇති සේවා ජාලය.
💯 වසරක වගකීම හා අලෙවියෙන් පසු වසර 10 ක සේවා වගකීම.

❇️7+ PH අගය
❇️Alkaline water
❇️දෛනික ධාරිතාව 150L
❇️ගබඩා ධාරිතාවය 18 L
❇️දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම සහ සවිකිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ
❇️නිවාස රෝහල් කාර්යාල ආයතන ලැගුම්හල් හා ඕනෑම ස්ථානයකට ගැලපෙන පරිදි සවිකිරීමේ හැකියාව

😎කියුල ක්ලෝරීන් බැරලෝහ මලකඩ හා සියලුම රසායනික ද්‍රව්‍ය ඉවත් කරයි

✅උදරයේ ආම්ලිකතාවය නැතිකරයි
✅තරුණකම රැකදෙයි
✅රුධිර පීඩනය පාලනය සහ හෘද සෞඛ්‍ය වඩවයි
✅විජලනය නැති කරයි
✅විෂහරණය නැතිකරයි
✅ශරීරයේ PH අගය සමබර කරයි
✅අක්මාව ඇතුළු ඉන්ද්‍රයන්ගේ සෞඛ්‍ය සෞඛ්‍ය වඩවයි
✅ආහාර ජීරණය වඩවයි

ඔබට,
➡️ජල පෙරණ අවශ්යය ද ?
දැන් ඔබට පහසු ගෙවීමේ ක්රමයට කිසිම පොලියක් නොමැතිව ජලපෙරනයක් සවිකරගන්න එකතුවන්න අප සමග
➡️ජල පෙරණ සම්පූර්ණ මිල 69900/= පමනයි ,

➡️මූලික මුදල 15000/=
5490/= මාස 10න් ගෙවා නිම කරන්න.

NO පොලී හරි ජොලී 😁

➡️එකවර මිලදී ගැනීමේදී රු15000/=ක වට්ටමක්
ඉක්මන් කරන්න දෙසැම්බර් මස 31 වනදා වන තෙක් පමනි. Cash price 5️⃣4️⃣9️⃣0️⃣0️⃣.0️⃣0️⃣
වැඩි විස්තර සදහා 0768946880

📞අදම අමතන්න
0768946880

Whatspp අමතන්න
0768946880 / 0712928714

09/11/2025
ඔබ දෙමාපියන් හැටියට දරුවන් මොන වගේ තැනකට යනවටද කැමති??දරුවන්ගේ ඉදිරිය තීරනය කරනුලබන්නෙ ඔබ දෙමාපියන් විදිහට කොහොමද දරුවන්...
28/10/2025

ඔබ දෙමාපියන් හැටියට දරුවන් මොන වගේ තැනකට යනවටද කැමති??

දරුවන්ගේ ඉදිරිය තීරනය කරනුලබන්නෙ ඔබ දෙමාපියන් විදිහට කොහොමද දරුවන්ගේ කටයුතුවල දී මැදිහත් වන්නෙ කියන කරුන මතයි.
පුංචි කාලයෙ පටන් දරුවන්ගෙ දැනුම, කුසලතා පිලිබද පමනක් නොවේ ඔවුන්ගේ ආකල්ප පිලිබදව ද ප්‍රමුඛත්වය දිය යුතුයි . ආකල්ප සංවර්ධනය පිලිබද අපි නොසිතුවාට දෙමාපියන් ගේ ක්‍රියාවන් මත එය බොහො දුරට වෙනස්වෙ. උදාහරණයක් ලෙස ඔබ කොපමණ ප්‍රමනයක්ද දරුවන්ට ඔවුන්ගෙ ජීවියතයෙ කටයුතු කරගන්න අවස්තාව ලබාදෙන්නෙ කියන කරුන මත ඔවුන්ගේ දරාගැනීම(endurance) වර්ධනය වීම සිදුවේ. තවද උදාහරණයක් ලෙස ඔබ කසල බැහර කරන විටදී නිතරම ඊට අදාල භාජන සහ ස්ථාන භාවිතා කිරීම තුලින් දරුවන් ද එයට පුරුදුවන අතර දීර්ඝකාලීන පුරුදු මගින් ඔවුන්ගෙ අකල්පමය වශයෙන් වෙනස්වීම ක් සිදුවේ. එය ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම පුරුද්දක් බවට පත්වේ. එපමනක් නොව, දෙමාපියන් ගේ ධනාත්මක සහ රිණාත්මක ක්‍රියාවන් දරුවන් ද ඔවුන්ගේ ජීවිත තුලට ග්‍ර්හනය කර ගන්නා බව බොහො විට නිරීක්ෂණය වී ඇත. ඔබ නොසිතුවාට දරුවන් ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳව නිරතුරුව විමසිල්ලෙන් සිටීම වැදගත්ය හේතුව නම් ඇසුරු කරන පුද්ගලයන් මත ඔවුන්ගේ අකල්ප විශාල ලෙස වෙනස්වීමක් සිදුවේ. අප කවුරුත් දන්නා පරිදි සත්තිකුම්භ ජාතකයේ ගිරවුන් දෙදෙනාගෙ කතාව ගත හැකිය. ආස්ස්‍රය මිනිසුන්ගේ හොද හෝ නරක තීරනය කරනු ඇත. අසේවනාච බාලානං පණ්ඩතානංච සේවනා - පූජාව පූජනීයං ඒතං මංගල මුත්තමං ලෙස මහා මංගල සූත්‍රයෙ ද සදහන් වන්නේ ද ඇසුර පුද්ගලයන්ගේ අකල්ප ධනාත්මක හෝ ස්‍රිණාත්මකව වෙනස් වීම කෙරෙහි බලපාන බවයි.
දෙමාපියන් ලෙස ඔබ දරුවන්ගේ දැනුම , කුසලතා සංවර්ධනය පිළිබඳ උනන්දුවක් දක්වන්නේ කෙසේද එලෙසම ආකල්ප ධනාත්මකව සංවර්ධනය කිරීම පිළිබඳව ද නිරන්තරයෙන් ක්‍රියාත්මක වීම වැදගත්ය .

#අනුර වීරද්දන #

වැඩිහිටි කාලේ නිරෝගීව ඉන්න, ජීවිතයට මේ දේවල් එක්කරගන්න... #🔶. ඔබට හැකි සෑම විටම පරීක්ෂා කිරීමට කරුණු 02 ක්... (1). ඔබේ ර...
22/10/2025

වැඩිහිටි කාලේ නිරෝගීව ඉන්න, ජීවිතයට මේ දේවල් එක්කරගන්න...
#
🔶. ඔබට හැකි සෑම විටම පරීක්ෂා කිරීමට කරුණු 02 ක්...

(1). ඔබේ රුධිර පීඩනය

(2). ඔබේ රුධිරයේ සීනි මට්ටම

🔶. ඔබේ ආහාරයේ අවම කළ යුතු කරුණු 06 ක්...

(1). ලුණු

(2). සීනි

(3). කල් තබා ගන්නා ලද මස් සහ ආහාර

(4). විශේෂයෙන් බැදපු රතු මස්

(5). කිරි නිෂ්පාදන

(6). පිෂ්ඨමය නිෂ්පාදන

🔶. ඔබේ ආහාර වල වැඩි කරගත යුතු කරුණු 04 ක්...

(1). හරිතයන්/එළවළු

(2). බෝංචි

(3). පළතුරු

(4). ඇට වර්ග

🔶. ඔබ අමතක කළ යුතු කරුණු 03 ක්...

(1). ඔබේ වයස

(2). ඔබේ අතීතය

(3). ඔබේ කනස්සල්ල/දුක්ගැනවිලි

🔶. ඔබ කෙතරම් දුර්වල වුවත්, ශක්තිමත් වුවත් ඔබට තිබිය යුතු කරුණු 04 ක්...

(1). ඔබට සැබවින්ම ආදරය කරන මිතුරන්

(2). සැලකිලිමත් පවුල

(3). ධනාත්මක සිතුවිලි

(4). උණුසුම් නිවසක්

🔶. නිරෝගීව සිටීමට ඔබ කළ යුතු කරුණු හයක්...

(1). ගායනය

(2). නැටුම්

(3). නිරාහාරව සිටීම

(4). සිනහව

(5). ව්‍යායාම

(6) ඔබේ බර අඩු කරගැනීම

🔶. ඔබ කළ යුතු නැති දේවල් 06 ක්...

(1). කෑමට බඩගිනි වන තුරු බලා නොසිටින්න.

(2). බීමට පිපාසය ඇති වන තෙක් බලා නොසිටින්න.

(3). නිදා ගැනීමට නිදිමත වන තෙක් බලා නොසිටින්න.

(4). විවේක ගැනීමට වෙහෙස දැනෙන තෙක් බලා නොසිටින්න.

(5). වෛද්‍ය පරීක්ෂණ සඳහා යාමට ඔබ අසනීප වන තෙක් බලා නොසිටින්න. එසේ නොමැතිනම් ඔබට ජීවිතයේ කෙදිනක හෝ පසුතැවිලි වනු ඇත.

(6). ආගම දහමට අනුව කටයුතු කිරීමට ඔබට ගැටලුවක් ඇති වන තෙක් බලා නොසිටින්න.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

🔴 ඔබ කොපමණ කාර්යබහුල වුවත් නිරෝගීව සිටීමට මේ දේවල් ද ජීවිතයට එක්කරගන්න.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

01). තේ වල කිරි අඩුවෙන් බොන්න. ඒ වෙනුවට ලෙමන් හෝ දෙහි යුෂ එකතු කරන්න.

02). දිවා කාලයේදී වැඩිපුර ජලය පානය කරන්න. නමුත් රාත්‍රී කාලයේදී අඩුවෙන් බොන්න.

03). ඔබ් නිතරම කෝපි බොන අයෙකු නම් දිවා කාලයේදී කෝපි කෝප්ප 02 කට වඩා පානය නොකරන්න, සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකිනම් වඩා සුදුසුයි.

ඒ ඇයි කියලා හිතෙන අය මේ වීඩියෝ එක බලන්න 👇

https://fb.watch/ge3jgaD1WM/

04). තෙල් සහිත ආහාර අඩුවෙන් අනුභව කරන්න.

05). නිදා ගැනීමට හොඳම කාලය රාත්‍රී 10 සිට උදෑසන 6 දක්වා කාලයයි.

06). සවස 05 හෝ 06 පසු වූ විට යම් දෙයක් තරමක් හෝ ආහාරයට ගන්න.

07). උණුසුම් ජලයෙන් ඖෂධ නොගන්න, නින්දට යාමට පැය 1/2 කට පමණ පෙර ඔබේ ඖෂධ ලබාගන්න. කිසිවිටෙක ඖෂධ පානය කර වහාම නින්දට නොයන්න.

08). ඔබ ටිකෙන් ටික වයසට යන විට, සිසිල් ජලය පානය කිරීම නවත්වන්න. කාමර උෂ්ණත්වයේ පවතින ජලය පමණක් පානය කරන්න.

09). දිනකට අවම වශයෙන් පැය 08 ක වත් සුවදායි නින්දක් ලබාගන්න.

10). මධ්‍යහ්න සිට සවස 3 දක්වා කාලය තුල හොඳ විවේකයක් ලබාගන්න.

11). ජංගම දුරකථනයේ බැටරි ආරෝපණය ඉතා අඩු විට ඇමතුම් ලබානොගන්න. ඇමතුම් වලට පිළිතුරු දීමට සෑඅ විටම වම් කන භාවිතා කරන්න. ඉයර්ෆෝන් පැළඳ දුරකථනයෙන් කතාකිරීම වඩා සුදුසුම පිළිවෙතයි.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

🔴 ජීවිතය සුවපත් කරන ලස්සන ඉඟි

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

01). පළමු ඉඟිය

===============

ඔබට පිපාසය දැනුනත් නොදැනුනත් සෑම විටම ජලය පානය කරන්න. බොහෝ සෞඛ්‍ය ගැටළු පැන නඟින්නේ ශරීරයට ප්‍රමාණවත් ලෙස ජලය නොලැබී යාම නිසයි. (දිනකට අවම වශයෙන් ලීටර් 2ක් වත් පානය කරන්න)

02). දෙවන ඉඟිය

================

ඔබ ඔබේ අභිලාෂයන් වල ඉහළින්ම සිටින විට පවා ක්‍රීඩා කරන්න. ඇවිදීමෙන් හෝ පිහිනීමෙන් හෝ මේ ඕනෑම ආකාරයක ක්‍රීඩාවකින් හැකිතාක් ශරීරය චලනය කරන්න. ඇවිදීම ආරම්භයකට ඉතා හොඳයි.

03). තුන්වන ඉඟිය

=================

අධික ආහාර තෘෂ්ණාව අත්හරින්න.

වයසට යන්න යන්න ආහාරයට ඇති රුචිය ද වැඩි වීම ස්වභාවික කරුණක්. නමුත් එය කිසිදා ඔබට යහපතක් නම් ගෙන නොදේවි. එලෙස ආහාර ගැනීමෙන් ඔබ ඔබම අහිමි කර නොගන්න. අධික ලෙස ගන්නා ආහාරයේ ප්‍රමාණය අඩු කරන්න. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් මත පදනම් වූ ආහාර වැඩිපුර භාවිතා කරන්න.

04). හතරවන ඉඟිය

==================

අත්‍යාවශ්‍යම කරුණකට හැර මෝටර් රථ වාහන භාවිතා කිරීමෙන් වළකින්න. ඉලක්කයක් තබාගත හොත් පහසුවෙන් ළඟාවිය හැකි ඕනෑම ගමනාන්තයක් සඳහා ඔබේ දෙපා භාවිතා කරන්න. (Eg:- කඩයට යාමට, නිවසට ටිකක් දුරින් සිටින හිතමිතුරෙකු හමුවීම) ගොඩනැගිල්ලකට ඇතුළු වූ පසු විදුලි සෝපානයට වඩා එහි පඩිපෙල විශ්වාස කරන්න.

05). පස්වන ඉඟිය

================

ජීවිතයේ ඇතිවන විවිධ සිදුවීම් වලදී වෙන කවරදාටත් වඩා සිත් රිදීම්, කේන්තිය, තරහව ආදී දෝමනස්සයන් ඇතිවීම වයසට යාමත් සමඟ සිදුවන ස්වභාවික කරුණක්. නමුත් එම කේන්තිය, තරහව වැනි දේ යකඩයෙහි හටගත් මලකඩ එම යකඩයම නසන්නා සේ ඔබව තව තවත් දුකටම පමුණුවාවි. නිවසේ සිටින සෙසු අයට වඩා ප්‍රායෝගිකව ජීවිතය අවබෝධ කරගෙන ඇති ඔබ ඒ සියල්ලම උපේක්ෂාවෙන් අත්හරින්න. ඔබ ජීවිතයේ මෙතෙක් රැස් කරගත් තේජස, ගෞරවය බාල දේවල් නිසා නැතිකර නොගන්න.

06). හයවන ඉඟිය

=================

ඔබේ හිසකෙස් සියල්ල අළු පැහැයට හැරී ඇත්නම් "ඔබේ මුදල් හිරු එළියේ තබා,සෙවනේ හිඳගන්න" යන කියමන නිරතුරුවම සිතෙහි තබාගන්න. තමන් සහ ඔබ අවට සිටින අය සීමා නොකරන්න... මුදල් වෙනුවෙන් ජීවත් නොවී මුදල් වලින් ජීවත් වෙන්න. පවුල වෙනුවෙන් යුතුකම් ඉටුකරන ගමන් සංචාරය කරන්න, විනෝද වන්න, මනස සතුටු කරවන පින් දහම් වල නිරතවන්න. ලස්සන නව මතකයන් ජීවිතයට ඇතුල් කරගන්න.
.......................................................................

✍️ කතෘ අයිතිය ලිපියේ මුල් හිමිකරු සතුය

උපුටා පලකිරීම
Counseling for happy life

පොලිසියට ඔබේ ජංගම දුරකථනය(phone) එක පරීක්ෂා කරන්න පුලුවන්ද?අද කාලේ අපේ පෞද්ගලික තොරතුරු ගොඩක්ම තියෙන්නේ අපේ ජංගම දුරකථනය...
21/10/2025

පොලිසියට ඔබේ ජංගම දුරකථනය(phone) එක පරීක්ෂා කරන්න පුලුවන්ද?

අද කාලේ අපේ පෞද්ගලික තොරතුරු ගොඩක්ම තියෙන්නේ අපේ ජංගම දුරකථනයේ. ඉතින්, පොලිසියට ඔබේ දුරකථනය පරීක්ෂා කරන්න පුලුවන්ද? ලංකාවේ නීතිය මේ ගැන මොකද කියන්නේ? මේ වැදගත් ලිපිය කියවලා ඔබේ අයිතිවාසිකම් ගැන දැනුවත් වෙන්න.

පොලිසියට ඔබේ දුරකථනය පරීක්ෂා කළ හැකිද?

වර්තමාන ඩිජිටල් යුගයේ ජංගම දුරකථනය යනු පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු රැසක් ගබඩා කර ඇති අතිශය සංවේදී උපකරණයකි. එබැවින්, පොලිස් නිලධාරීන් විසින් ජංගම දුරකථන පරීක්ෂාවට ලක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පුරවැසියන් දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. මෙම ලිපිය මගින් එම නීතිමය පසුබිම, අසභ්‍ය ප්‍රකාශන සන්තකයේ තබා ගැනීම හා සම්බන්ධ නීතිය සහ නීති විරෝධී පරීක්ෂාවකට ලක්වුවහොත් ගත හැකි ක්‍රියාමාර්ග විස්තරාත්මකව විග්‍රහ කරයි.

සාමාන්‍ය නීතිය – අධිකරණ නියෝගයක අවශ්‍යතාවය

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව, පොලිස් නිලධාරියෙකුට හුදෙක් සැකයේ මත පමණක් පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් පරීක්ෂා කිරීමට බලයක් නොමැත. යම් අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයකදී වුවද, පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි අවස්ථාවක, ඔහුගේ හෝ ඇයගේ දුරකථනය පරීක්ෂා කිරීමට පොලිසියට ඒකපාර්ශ්විකව තීරණය කළ නොහැක.

එවැනි පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම්, පොලිසිය විසින් අදාළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, එමගින් ලබාගන්නා සෝදිසි වරෙන්තුවක් (Search Warrant) ඉදිරිපත් කළ යුතුය. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 18 වන වගන්තිය යටතේ “වරෙන්තුවක් සහිතව සෝදිසි කර අත්අඩංගුවට ගැනීමේ බලතල” පිළිබඳව පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව, මහේස්ත්‍රාත්වරයෙකුගේ නියෝගයක් මත පමණක් ජංගම දුරකථනයක්, පරිගණකයක් හෝ ඒ හා සමාන ඉලෙක්ට්‍රොනික උපකරණයක් පරීක්ෂා කිරීමට පොලිසියට බලතල පැවරේ.

මෙම නීතිමය ආරක්ෂණය පුරවැසියාගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය (Right to Privacy) තහවුරු කිරීම සඳහා අතිශය වැදගත් වේ.

අසභ්‍ය ප්‍රකාශන සහ නීතිමය තත්ත්වය

ජංගම දුරකථනයක අසභ්‍ය ප්‍රකාශන (Obscene Publications) තිබීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී, අදාළ ප්‍රකාශන සන්තකයේ තබා ගැනීමේ අරමුණ වැදගත් වේ.

1927 අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත සහ 2005 එහි සංශෝධනය

මෙම පනතට අනුව, අසභ්‍ය ලේඛන, චිත්‍ර, ඡායාරූප, වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය වස්තූන් වෙළඳාම, බෙදාහැරීම, ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම, ආනයනය හෝ අපනයනය කිරීම සහ එම අරමුණු සඳහා සන්තකයේ තබා ගැනීම වරදකි. “විකිණීමේ හෝ බෙදාහැරීමේ අරමුණින්” (for the purpose of trade or distribution) යන කොටස මෙහිදී තීරණාත්මකය. හුදෙක් පෞද්ගලික පරිහරණය සඳහා පමණක් අසභ්‍ය දර්ශන කිහිපයක් දුරකථනයේ තිබීම මෙම පනත යටතේ සෘජුවම වරදක් ලෙස අර්ථ නොදැක්වෙන නමුත්, ඒවා බෙදාහැරීමකට හෝ වෙළඳ කටයුත්තකට යොදාගත් බවට සාක්ෂි වෙතොත් අත්අඩංගුවට ගැනීමට හැකිය.

දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 සහ 287 වගන්ති ද අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වැදගත් වේ.

වගන්ති 285 සහ 286 – මෙම වගන්ති යටතේ අසභ්‍ය පොත්, පත්‍රිකා, චිත්‍ර, ඡායාරූප ආදිය විකිණීම, බෙදාහැරීම, ප්‍රදර්ශනය කිරීම හෝ සංසරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

වගන්තිය 287 – අසභ්‍ය ගීත ප්‍රසිද්ධියේ ගායනා කිරීම, කීම හෝ උච්චාරණය කිරීම මෙමගින් වරදක් බවට පත් කර ඇත.

විශේෂයෙන්ම ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන (Child Po*******hy) සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම හෝ නිෂ්පාදනය කිරීම ඉතා බරපතල ගණයේ වරදක් ලෙස සැලකෙන අතර, ඒ සඳහා ඉහත නීති සහ පරිගණක අපරාධ පනත යටතේ දැඩි දඬුවම් නියම කළ හැකිය.

නීතිය වෙනස් වන සුවිශේෂී අවස්ථා

ඉහත සඳහන් කළ අධිකරණ වරෙන්තු අවශ්‍යතාවය ඇතැම් සුවිශේෂී අවස්ථාවලදී වෙනස් විය හැක.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)

ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විට, පොලිසියට සහ ආරක්ෂක අංශවලට පුළුල් බලතල හිමිවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ, ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ යැයි සාධාරණ සැකයක් ඇති පුද්ගලයෙකු, ස්ථානයක් හෝ උපකරණයක් වරෙන්තුවක් නොමැතිව සෝදිසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇත. එවැනි අවස්ථාවකදී, ජංගම දුරකථනයක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් අත්‍යවශ්‍ය නොවේ.

පරිගණක අපරාධ පනතේ විශේෂ විධිවිධාන

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 21 වන වගන්තිය යටතේ, “පොලිස් නිලධරයකුට අත්අඩංගුවට ගැනීමට, සෝදිසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට ඇති බලය” යටතේ, යම් හදිසි අවස්ථාවකදී හෝ සාක්ෂි විනාශ වීමේ අවදානමක් පවතින විට, වරෙන්තුවක් නොමැතිව වුවද සෝදිසි කිරීම් සිදුකිරීමට සීමිත අවසරයක් ලබා දී ඇත. කෙසේ වෙතත්, මෙය පොලිසියට අභිමතය පරිදි ක්‍රියාකිරීමට ලබා දුන් බලයක් නොව, ඉතා සුවිශේෂී සහ සාධාරණීකරණය කළ හැකි අවස්ථාවන් සඳහා පමණක් සීමා වූවකි.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීමකදී ගත හැකි ක්‍රියාමාර්ග

ඔබගේ ජංගම දුරකථනය ඉහත සඳහන් නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින්, අධිකරණ නියෝගයක් නොමැතිව (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි විශේෂ නීතියක් යටතේ නොවන අවස්ථාවක) පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කළහොත් හෝ අත්අඩංගුවට ගනු ලැබුවහොත්, ඔබට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක් පවතී.

01. නීතිඥ සහාය ලබා ගැනීම – පළමුවෙන්ම, නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

02. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම – ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය.

03. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

04. පොලිස්පතිවරයාට හෝ ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කිරීම – අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයාට හෝ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකිය.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ නීතියට අනුව පොලිසියට පුරවැසියෙකුගේ ජංගම දුරකථනයක් පරීක්ෂා කළ හැක්කේ දැඩි නීතිමය රාමුවක් තුළ පමණි. තම අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වීම සහ ඒවා උල්ලංඝනයවීම වලක්වා ගන්න.

(Law Guide ෆේස්බුක් පිටුවට නීතිඥ නාලින්ද දිසානායක මහතා ලියූ ලිපියකි.)

අනිත් අයට වැදගත් වෙයී කියලා හිතෙනවානම් Share කරන්න 😍🥰

තාත්තා සමඟ ගත කරන කාලය 👨‍👧‍👦: දරුවාගේ මොළයට ලැබෙන සුවිශේෂී දායාදය! 🧠✨දරුවෙකුගේ මොළයේ වර්ධනයට තාත්තලාගේ දායකත්වය අතිශයින්...
12/10/2025

තාත්තා සමඟ ගත කරන කාලය 👨‍👧‍👦: දරුවාගේ මොළයට ලැබෙන සුවිශේෂී දායාදය! 🧠✨

දරුවෙකුගේ මොළයේ වර්ධනයට තාත්තලාගේ දායකත්වය අතිශයින් වැදගත්!

* 🤸‍♂️ සුවිශේෂී ක්‍රීඩා රටාව:

* මවට වඩා වෙනස්, දැඩි හා ධෛර්ය සම්පන්න ක්‍රීඩා 🧗‍♂️ (rough-and-tumble play) තුළින් දරුවා:
* හැසිරීම පාලනය කරගැනීමට (Self-regulation) ඉගෙන ගනී. 🧘

* ආරක්ෂිතව අවදානම් ගැනීමට ⚠️ සහ සීමා හඳුනා ගැනීමට 🚧 පුරුදු වෙයි.

* ආත්ම විශ්වාසය වැඩි කරගනී. 💪

* 📚 ඉහළ IQ සහ සංජානන කුසලතා:

* තාත්තලාගේ සක්‍රීය මැදිහත්වීමෙන් 🗣️ දරුවාගේ:
* බුද්ධි මට්ටම (IQ) 📈 වැඩිවේ.

* භාෂා කුසලතා 💬 සහ ගණිත හැකියාවන් 🧮 දියුණු වේ.

* පොත් කියවීමෙන් 📖 වචන මාලාව (Vocabulary) පුළුල් වේ.

* ගැටලු විසඳීමේ හැකියාව (Problem-solving) වර්ධනය වේ. 🤔

* 💖 චිත්තවේගීය සහ සමාජීය ස්ථාවරත්වය:

* පියා සමඟ ඇති සමීප බැඳීම 🫂 දරුවාගේ:

* ආත්ම විශ්වාසය ඉහළ නංවයි. ✨

* සමාජීය කුසලතා දියුණු කරයි. 🧑‍🤝‍🧑

* මානසික ආතතිය 🧘‍♀️ සහ කලකිරීම් කළමනාකරණයට උපකාරී වේ.

* සමාජයේ විවිධ භූමිකා ගැන සමතුලිත දැක්මක් ලබා දෙයි. 🌍

මතක තබා ගන්න: තාත්තා සමඟ දිනකට මිනිත්තු 10-15ක හෝ ගුණාත්මක සෙල්ලම් කාලයක් ඔබේ දරුවාට දීම 🎁 ඔබ ඔහුට හෝ ඇයට ලබා දෙන වටිනාම ආයෝජනයයි! 💰💖

Copied

09/10/2025

"ඔටෝ ගියර් වාහන පදිද්දී මේ දේවල් මතක තියාගන්න"

✅ ඔබේ වම් පාදය පැඩල් වලින් සම්පූර්ණයෙන්ම ඈත් කර තියාගන්න. (footrest එකක් තියෙනවා නම් එය උද පාදය තියාගන්න)

✅ ඇක්සලරේටරය (accelerator) සහ බ්‍රේක් (brake) එක යන දෙකටම ඔබේ දකුණු පාදය පමණක් භාවිතා කරන්න.

✅ දකුණු පාදයේ විලුඹ බිම තැබිය හැකි වන විදියට සීට් එක සකසා ගන්න.

✅ දකුණු පාදයේ විලුඹ දළ වශයෙන් බ්‍රේක් පැඩලයට කෙලින් තබාගන්න. විලුඹ ඝූර්ණ ලක්ෂ්‍යයක් (pivot) ලෙස ක්‍රියා කරයි.

✅ පැඩල් මත පාදයේ ඇඟිලිවලට පහළ කොටස (ball of the foot) තබා එමගින් තෙරපුම ලබා දෙන්න. මෙමගින් වඩා හොඳ පාලනයක් ලබා දෙන අතර පදය මත යෙදෙන ආතතිය අඩු කරනවා. මෙම තෙරපුමට පාදයේ ඇඟිලි හෝ ආරුක්කුව භාවිත කරන්න එපා.

✅ පැඩල් මාරු කිරීමේදී විලුඹ එසවීමකින් තොරව පාදය ඇක්සලරේටරයේ සිට බ්‍රේක් එක දක්වා හරවමින් ගෙනයන්න. ඔබේ මුළු පාදයම බිමෙන් එසවීමෙන් වළකින්න.

🚫 කිසි විටෙක පාද දෙකම (ව‍ම් පාදය බ්‍රේක් එක මත, දකුණු පාදය ඇක්සලරේටරය මත ලෙස) භාවිතා කරන්න එපා. මෙය ඉතා භයානක අනතුරු විශාල ප්‍රමාණයකට හේතු වෙනවා.

🚫 සෙරෙප්පු දාගෙන පෙඩල් පාගන්න එපා. තදින් දාන තෙරපුමක් නිසා සේරෙප්ප්පුව ලිස්සා යාමෙන් අවශ්‍ය තෙරපුම නැති වීමෙන් අනතුරු වෙන්න පුළුවන්.

🚫 බ්‍රේක් එක පොඩ්ඩ පොඩ්ඩ තද කරන්න එපා. ඒකෙන් බ්‍රේක් එකට හොඳක් වෙන්නේ නැහැ.

🧹පෙඩල් යටට පෙරළී යා හැකි වතුර බෝතල් ඉවත් කරන්න.

🧹ගලවා දැමු සෙරප්පු, සපත්තු පවා ඉවත් කරනවා නම් ඉතා හොඳයි. මොකද පෙඩල් අස්සේ හිර වෙන්න අවස්ථාවක් තියෙනවා.

🧹පෙඩල් යට තියෙන කාපට් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඒවා ගැලවී ගොස් හිර වුනොතින් අවශ්‍ය තෙරපුම පෙඩල් මතට නොයෙදී විශාල අනතුරු වෙන්න පුළුවන්.

පුළුවන් තරම් වගකීමෙන්, පරිස්සමින් රිය ධාවනය කරමින් හැමෝගෙම ජීවිත පරිස්සම් කරගන්න කටයුතු කරන්න.

ස්තූතියි.

Copied

05/10/2025

ඇයි මගේ දරුවා ලොකු වෙද්දි අකීකරු වුනේ..?

නවයොවුන් විය කියන්නේ ඔබේ පුංචි දරුවා ලොකු මිනිසෙක් වෙන අමාරුම කාලයක්..

මේ කාලේදී දෙමව්පියන් විදිහට ඔබ කවදාවත් හිතුවේ නැති තරම් වෙනස්කම් ඔබේ දරුවා තුළින් දකින්න පුළුවන්. දරුවා එකපාරටම හිතුවක්කාර වෙනවා, කියන දේ අහන්නේ නැහැ, තර්ක කරන්න පෙළඹෙනවා.

ඒ නිසා දිනකට ඇමතුම් දෙක තුනක්වත් මේ වගේ දරුවන්ගේ දෙමාපියන්ගෙන් ලැබෙනවා..ඒ ලැබෙන්නෙ දෙමාපියන්ට ඒ තත්වයට මුහුණ දෙන්න තරම් අපහසු වෙද්දි...දරුවන් අකීකරු වෙද්දි...ඉගෙන ගන්නෙ නැති වෙද්දි...පාසල් තහනමට ලක් වෙද්දි...(මේ මාසය තුළ මේ වෙද්දි කෙටි කාලින පාසල් තහනමට ලක් වු දරුවන් 4දෙනෙක් දෙමාපියන් විසින් රැගෙන එනවා..ඉන් එක් දරුවෙකුගෙ දෙමාපියන් ගැන මම ගොඩාක් ස්තුතිවනත වෙනවා ඒ වගේ අමාරු වෙලාවක් ඒ දෙමාපියන් හරිම බුද්ධිමත්ව දරුවාගෙ ගැටලුව තුල්දි කටයුතු කරල තිබුනා.මම මෙය සදහන් කලේ දරුවන්ගේ ඒ වගේ ගැටලුවක් මතු වුනොත් කලබල වෙලා කටයුතු නොකර ඉන්න එක වැදගත් බව මතක් කරන්න)

ඉතින් දරුවන් ලොකු වෙද්දි අපිත් තෙරුම් ගන්න ඕනේ එයාල වයසත් එක්ක වෙනස් වෙනව් කියල..

ඉතින් අද ලිපිය නව යොවුන් වියේ දරුවන්ගෙ දෙමාපියන් වෙනුවෙන් ලියන්න හිතුවා ..

මම හිතනවා නව යොවුන් වියේ දරුවන් ඉන්න දෙමාපියන්ට මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි කියල...

අකීකරු දරුවෙකු පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාත්මක හේතු ටිකක් බලමු.

1. තමන්ගේම අනන්‍යතාවක් හදාගැනීම

මේ වයසට එනකොට දරුවාට තමන්ගේම කියලා ලෝකයක් හදාගන්න උවමනාව ඇතිවෙනවා. එයාලට ඕනෑ කරන්නේ අම්මා, තාත්තා කියන විදිහට නෙවෙයි, තමන්ට ඕනෑ විදිහට ජීවත් වෙන්න. මේ නිදහස හොයාගෙන යන ගමනේදී දෙමව්පියන්ගේ නීතිරීතිවලට විරුද්ධ වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ වගේ කාලෙක දෙමව්පියන් ලෙස අපි අවබෝධයෙන් ඔවුන් සමග කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. .

2. මොළයේ වෙනස්කම්

නවයොවුන් වියේදී මොළයේ වැදගත්ම කොටසක් වන prefrontal cortex එක සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා නැහැ. මේ කොටස තමයි අපි තීරණ ගන්න, ඉවසිල්ලෙන් ඉන්න, සහ කරන වැඩවල ප්‍රතිඵල ගැන හිතන්න උදව් කරන්නේ. ඒ නිසා, මේ වයසේදී දරුවන් හදිසි තීරණ ගන්න, කේන්ති ගන්න සහ හිතුවක්කාර විදිහට හැසිරෙන්න පුළුවන්.

3. යාළුවන්ගේ බලපෑම

මෙම කාලයේදී දරුවාට තමන්ගේ යාළුවන් කියන්නේ දෙමව්පියන්ටත් වඩා ලොකු දෙයක්. ඔවුන්ගේ ලෝකයේ වීරයෝ බවට යාළුවෝ පත්වෙනවා. ඒ නිසා, යාළුවන් අතර ජනප්‍රිය වෙන්න සහ ඔවුන් වගේ වෙන්න දරුවා උත්සාහ කරනවා. මේ උත්සාහය සමහරවිට ඔබේ අදහස්වලට පටහැනි වෙන්න පුළුවන්.

4. හැඟීම් පිටකරගන්න බැරිවීම

නවයොවුන් විය කියන්නේ හැඟීම් ගොඩක් එන කාලයක්. ඒත් මේ හැඟීම් හරියට කළමනාකරණය කරගන්න දරුවාට තාම බැහැ. කේන්තිය, දුක, කලකිරීම වගේ දේවල් පිටකරගන්න තැනක් නැති වුණාම, අකීකරුකම කියන දේ ආයුධයක් කරගන්නවා.

5. දුර්වල සන්නිවේදනය

දෙමව්පියන් සහ දරුවා අතර හොඳ සන්නිවේදනයක් නැති වුණොත්, දරුවාට දැනෙන්නේ ඔබ ඔහුව හෝ ඇයව තේරුම් ගන්නේ නැහැ කියලයි. මේ නිසා, තමන්ගේ අවශ්‍යතා සහ හැඟීම් ගැන කතා කරන්න අකමැති වෙනවා. මේ දුරස්ථභාවය අකීකරුකම තවත් වැඩි කරනවා.

ඔබට කරන්න පුලුවන් මොනවද?

🔹 ඔබේ දරුවාට කතා කරන්න ඉඩ දෙන්න. ඔවුන්ගේ අදහස්වලට සහ හැඟීම්වලට ගරු කරන්න. සමහර විට ඔවුන් ඔබට විරුද්ධව කතා කළත්, ඒ පිටුපස ඇති හේතුව තේරුම් ගන්න උත්සාහ කරන්න.

🔹 නීති දාන විට ඒ සඳහා හේතු පැහැදිලි කරන්න. දරුවාටත් ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න. ඒ මගින් ඔවුන්ට නීතිවලට එකඟ වීම පහසු වෙයි.

🔹කුඩා තීරණ තනිවම ගැනීමට ඔවුන්ට අවස්ථාව දෙන්න.

🔹 ඔබගේ දරුවා ඔබ කරන දේවල් දෙස බලා සිටින බව මතක තබා ගන්න. ඔබ ඔබගේ ජීවිතයේදී තීරණ ගන්නේ කෙසේදැයි ඔවුන්ට පෙන්වන්න.

ඔවුන්ට ඔබගේ ආදරය සහ සෙනෙහස දැනෙන්න සලස්වන්න. ඔවුන් අකීකරු වුණත්, ඔවුන්ට ඔබගේ ආදරය අහිමි නොවන බව ඔවුන්ට දැනෙන්නට සලස්වන්න.නමුත් ඉවසීමෙන් ඔහුන්ට නිවැරදි මගපෙන්වීම ලබා දෙන්න.

මේ ලබා දුන්නෙ නව යොවුන් වියේ දරුවෙකු සමඟ කටයුතු කිරීමේදී ඔබට උපකාරී වන පොදු උපදෙස් කිහිපයක් . කෙසේ වෙතත්, සෑම දරුවෙකුම අද්විතීය බව මතක තබා ගන්න.

හොඳ මගපෙන්වීමක් පුහුණුවක් ලබන දරුවන් ඔහුන්ගේ ජිවිතය ජය ගන්න දරුවන් බවට පත් වෙනවා...

Copied

Address

All Island

11350

Alerts

Be the first to know and let us send you an email when Counselling for a happy life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram