
20/09/2022
ඔබ රාත්‍රී නින්දට යාමට පෙර ඔබේ නිවසේ දොර වසා නිදාගැනීමට ඔබ සුදානම් වේ. එහෙත් ඔබ නැවත දොරගුළු හරියට දමා තිබෙනවද යන්න පරික්ෂා කර නැවත නිදා ගැනීමට සුදානම් වේ. එය අප සාමාන්‍ය දෙයක් ලෙස සලකනවා . එහෙත් ඔබ ඇදට ගිය විට, ඔබ නැවත ඒ ගැන කරදර වීමට පටන් ගනී. ඔබ නැවත දොර පරික්ෂා කර නැවත ඇදට ගිය නමුත් ඔබ ඒ ගැනම හිතමින් සිටියි. මෙවැනි පුනරාවර්තන සිතිවිලි නිසා ඔබව නිතරම දුකට හා ඔබගේ දෛනික ජිවිතයට බලපෑම් ඇති වේ. මෙය Obsessive Compulsory Disorder (OCD) නම් මානසික රෝගය ලෙස හදුන්වනවා.
මෙම රෝගය ඇති පුද්ගලයින්ගේ රෝග තත්වයන් විවිධාකාරයෙන් පෙන්නුම් කරයි. සමහර අය පිරිසිදුකමට උමතුවෙන් සිටින අතර මිනිත්තුවකට අඩු කාලයකට පෙර අත් සේදුවත් ඔවුන්ගේ දෑත් විෂබීජ වලින් ආසාදනය වී ඇතැයි කනස්සල්ලට පත් විය හැක. එයින් මිදීම සදහා නැවත නැවත අත් සේදීම සිදු කරයි. මෙය වාර 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් විය හැක.
මෙවැනි හැසිරීම් ඔබට හෝ ඔබේ නෑදා හිත මිත්‍රාදීන් ට තිබේ නම් සුදුසුකම් ලත් මනෝ වෛද්‍ය වරයෙකු හෝ මනෝ චිකිත්සක වරයකු හමු වන්න.
ඔබට අප හා සම්බන්ධ වීමට ද පුළුවන.
Mindfluent Wellness Center
Benthota
+94 77 020 2910