19/02/2026
❇️❇️අවබාහුක (Frozen shoulder)❇️❇️
ආයුර්වේදයේදී අවබාහුක රෝගය ලෙසත් බටහිර වෛද්‍ය විද්‍යාත්මකව Adhesive capsulitis ලෙසත් හදුන්වන මෙම රෝග තත්වය වර්තමානයේ බොහෝ දෙනා පීඩා විදින රෝග තත්වයකි.
උරහිස සන්දියේ ඇතිවන තදබව හා වේදනාව මෙහි ප්‍රදානම ලක්ෂණ වේ. තවද රාත්‍රී කාලයේදී මෙම වේදනාව පැවතීමදා විශේෂයකි. මෙම නිසා උරහිස සන්දියේ චලන සීමාවීමක් සිදුවන අතර එමගින් දෛනික කාර්‍යන් සිදුකරගැනීමට අපහසු තත්වයකට රෝගියා පත්වේ.
✔️අවදානම් පුද්ගලයින්
මෙය බොහෝවිට වයස අවු: 40 - 60 අතර පසුවන කාන්තාවන් අතර සුලභ වේ.
එසේම,
දියවැඩියාව
තයිරොයිඩ් ග්‍රන්තිය ආශ්‍රිත රෝග හෝ
තුවාලයක් හෝ ශල්‍යකර්මයක් නිසා කාලයක් පුරාවට උරහිස සන්දිය චලනය නොකිරීම නිසා සිදුවේ.
☘️☘️වලක්වාගත හැකි ක්‍රම
දිනපතා ව්‍යායාම් කර උරහිස ශක්තිමත් කර ගැනීම
තුවාලයකින් පසු දිගුකාලයක් උරහිස නිශ්චලව තබා ගැනීමෙන් වැලකීම
දියවැඩියාව වැනි රෝග තත්ව හොදින් පාලනය කරගෙන යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම
මෙම රෝගය සදහා ඉතා සාර්තක ප්‍රතිකාර පද්දතියක් ආයුර්වේදයේ ඇති අතර මෙම රෝග ලක්ෂණ ඔබට ඇත්නම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් නොපමාව හමුවන්න.
By:
Dr. Keshani Randima
BAMS (Colombo)
Msc (Colombo)
SLAMC reg: 16276
071 788 3439
Ayurdhara Ayurveda - By Dr Keshani Randima