Ayurdhara Ayurveda - By Dr Keshani Randima

Ayurdhara Ayurveda - By Dr Keshani Randima Adorn your health with nature....

31/07/2025

📝📝ඔබත් කොන්දේ වේදනාවෙන් පීඩා විදිනවාද........?
📝📝කොන්දේ වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවාද.........?

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව “කටී ශූලය” ලෙස හදුන්වනු ලබන්නේ අප කා අතරත් සුලභව ඇතිවන රෝගී තත්වයක් වන කොන්දේ කැක්කුම හෙවත් කොන්දේ වේදනාවයි.
මෙම රෝගී තත්වය තීව්‍ර (Acute) හා කාලීන (Chronic) ලෙස කාල සීමාව අනුව වර්ග කල හැකිය.
මෙම වේදනාව බොහෝ විට විදින්නාක්, අනින්නාක් හෝ දැවිල්ලක් ලෙස ඇතිවිය හැක. එසේම මෙම වේදනාව බාහුව හා අත්ල යන ස්තාන වලට පැතීරී යාමක් සිදුවිය හැක. තවද අත් පා හිරි වැටීමද මෙහිදී සිදුවිය හැක.

මෙම වේදනාව කොන්ද ආශ්‍රිතව ඇති පේශීන්, ස්නායු, අස්ති හා සන්ධි පාදක කොට ඇතිවිය හැකි අතරම අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ රෝගී තත්ව නිසා ඇතිවන වේදනාව තුනටිය ප්‍රදේශයට ගමන් කිරීම නිසා ඇතිවන වේදනාවක්ද විය හැක. එම නිසා කොන්දේ වේදනාවට හේතුව නිවැරදිව හදුනා ගැනීම ඉතා වැදගත් වේ.

X කිරණ පරීක්ශාව, CT Scan, MRI වැනි පරීක්ෂණ හා රුධිර පරීක්ෂණ මගින් මෙම රෝගී තත්වය නිවැරදිව හදුනා ගත හැක.

ආයුර්වේදයේ කොන්දේ වේදනාවට සාර්තක ප්‍රතිකාර තිබෙනවාද....?

නිසැකවම ඔව්. නමුත් හේතුව හරිහැටි නිර්ණය කිරීම ඉතා වැදගත්.

ආයුර්වේදයේ මේ සදහා ඇති ප්‍රතිකාර මොනවාද..........?

මේ සදහා අභ්‍යන්තර හා භාහිර වශයෙන් චිකිත්සාවන් දෙකකි.
ශෝධන, ශමන හා තර්පණ යන අනුපිලිවෙලින් අභ්‍යන්තර චිකිත්සාව සිදුකල යුතු අතර ඒ සදහා විශේෂිත වූ කෂාය වර්ග, ගුලි වර්ග, කල්ක හා චූර්ණ ආදිය භාවිතා කිරීමක් සිදුවේ.
අභ්‍යන්තර ප්‍රතිකාර සමගම භාහිර ප්‍රතිකාර කිරීමත් ඉතා වැදගත් වේ. මෙහිදී රෝගියාට අදාල පරිදි තෛල වර්ග ආලේපය, ස්වේද කර්ම හෙවත් පොට්ටනි, වාෂ්ප ස්වේද ආදිය මගින් දහදිය දැමීමට සැලැස්වීම, පත්තු හා ලේප ආදිය ස්තානිකව යෙදීම, ඖෂධ දියර ශරීරයට ඉසීම, කටී වස්ති යෙදීම ආදිය සිදු කරනු ලබයි.

වේලාවක් වෙන්කර ගැනීම සදහා අමතන්න ..
📝📝0717883439
Dr. Keshani Randima
MSc, BAMS (University of Colombo)
Ayurdhara Ayurvedic medical Centre
Kothalawala, Kaduwela

Address

90A/2, Vihara Mawatha, Kothalawala
Kaduwela
10640

Telephone

+94717883439

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurdhara Ayurveda - By Dr Keshani Randima posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayurdhara Ayurveda - By Dr Keshani Randima:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category