
11/12/2024
➡️ නහර ගැට ගැසීම (Varicose Veins)
ප්‍රධාන වශයෙන් මෙම තත්ත්වය පාද ආශ්‍රිතව ඇතිවේ. පාදයේ කෙණ්‌ඩ ප්‍රදේශයේ හා කලව ප්‍රදේශයේ බහුලයි. පොදුවේ ස්ත්‍රීන් හට මෙම තත්ත්වය බහුලව ඇතිවේ. දිගු කාලීනව සිටගෙන සිටීම, ශරීරයේ බර වැඩිවීම, අධික උස, කාලීන මළබද්ධය, කැස්‌ස වැනි රෝග නිසා මෙන්ම උදරයේ පීඩනය වැඩිවීම, වයසට යාම නිසා මෙම තත්ත්වය ඇතිවේ. ගර්භණී සමයේ මෙම තත්වය ඇතිවී විටෙක දිගුකාලීනව ද පවතී. එමෙන්ම පාරම්පරිකවද මෙම තත්වය ඇතිවේ. නහර ගැට ගැසීමේදී ඇතිවන කැසීම නිසා හෝ වෙනත් හේතු නිසා වළලුකර හා පාදය කොටසේ බහුලව ඇතිවන තුවාල සුව කිරීම ඉතා අපහසු වේ. නහරවල ලේ ගමන් කිරීම අඩපණ වී ඇති නිසා එම ස්‌ථාන වල රුධිරය එකතුවී දිගු කලක් තිබීමේදී රුධිර කැටිති සෑදීම, හිරවීම සිදුවේ. ඒවා යම් හේතුවකින් අදාළ ස්‌ථානයෙන් ගැලවී ගොස් මොළය, හෘදය, වකුගඩු, අක්‌මාව වැනි ඉන්ද්‍රිය වල සිහින් රුධිර නාළ අවහිර කළ හැක. එවිට ඒ හේතුව භයානක රෝග ගණනාවක් ඇතිවීමට හේතු වේ. ඇවිදීමේදී දෙපා වේදනාව, හිරිය, බර බව සහ වෙහෙස ඇතිවේ. විටෙක හදිසියේ නහර සිදුරු වී රුධිර වහනය ඇතිවේ. මෙය වැළැක්‌වීම තරමක් අසීරු වේ. මෙය නිතර නිතර ඇතිවීමෙන් පාද දුර්වල වේ.
ප්‍රතිකාර සදහා අමතන්න
නිවාරණ ආයුර්වේද සුව පියස
☎️ 0723183333
ැට_ගැසීම