18/06/2025
අපි තුළ තියන ප්‍රධාන Stress hormone එක තමයි cortisol.
Stress hormone එක කියන එකේ තේරුම, මේක සම්පූර්ණයෙන්ම නරක hormone එකක් කියන එක නෙවෙයි.
Cortisol මඟින් අපිට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා.
උදාහරණ විදිහට, අපේ Metabolism එකට, Immune Function වලට, Stress Response වලට, Sleep-Wake Cycle, මේ වගේ කාර්යයන් වලදී අපිට මේ cortisol hormone එක වැදගත් වෙනවා.
නමුත් ප්‍රශ්නය තමයි, අපේ එදිනෙදා තියන යම් යම් වැරදි පුරුදු, හැසිරීම්, නිසා මේ cortisol අපේ ශරීරයට අහිතකර මට්මෙන් ශ්‍රාවය වෙනවා (chronic high cortisol). එහෙම වුණොත් ඒක නරකයි. chronic high cortisol නිසා අපේ කායික සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය දෙකටම අහිතර බලපෑම් ඇතිවෙනවා.
බලන්න මේ Habits, behaviors, ඔයාගෙත් තියනවාද කියලා. එහෙම තියනවා නම් ඒ දේවල් වෙනස් කරගන්න කටයුතු කරන්න 😊
🔺ප්‍රශ්න වලට විසඳුම් නොගෙන ඒ දේවල් ගැන නිතර කල්පනා කර කර සිටීම (Chronic stress / overthinking)
🔺 Negative self-talk සහ තමන්ගෙ emotions express නොකිරීම
🔺ප්‍රමාණවත්, හොඳ නින්දක් ලබා නොගැනීම
🔺Overworking. ඒ කියන්නේ rest එකක් නොගෙන එක දිගට වැඩ කිරීම
🔺ප්‍රමාණවත් පරිදි හිරු එළියට නිරාවරණය වීමක් නොවීම (lack of sunlight exposure)
🔺Caffeine පරිභෝජනය ඉතා වැඩි වීම
🔺ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම (Dehydration)
🔺Too much screen time. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ mobile phones, laptops, බොහෝ වෙලාවක් use කිරීම.
🔺Multitasking
🔺Physically එතරම් active නොවීම
🔺Quality relationships නොමැති බව සහ තනිකම.
(Follow Mental Health with Avishka for more mental health content)