
06/03/2024
මාර්තු 24 වැනිදා ලෝක ක්ෂය රෝග දිනයයි. එය දින දර්ශනයේ රතු දිනයක් ලෙස දර්ශනය නොවූවත් රෝගයේ බරපතලකම මිනිසාට නිරන්තරයෙන්ම රතු එළියක් දල්වනවා. වසරකට ශ‍්‍රී ලංකාවෙන් ක්ෂය රෝගීන් 7,000 කට ආසන්න ප්රමාණයක් වාර්තා වෙනවා වගේම හඳුනා නොගත් ක්ෂය රෝගීන් 6,000 කට ආසන්න ප‍්‍රමාණයක් සිටින බවට වාර්තා වෙනවා. ඩෙංගු රෝගයට පමණක් දෙවැනි වන මේ භයානක රෝගය වැළඳී මියයන්නට තිබුණු ජීවිතයක් ආයෙමත් හරි ලස්සනට පණ ගහල ඉන්නවා අපි දැක්කෙ පොළොන්නරුවෙදී ඇය ජයනි. ක්ෂය රෝග දිනය නිමිත්තෙන් ඇයගේ කතාව ඔබ කියවිය යුතුම කතාවක් බැව් අපට සිතුණා.
x ගම අරලගංවිල
මගේ නම ජයනි ධර්මසේන. ගෙවල් පොළොන්නරුවේ අරලගංවිල. ඉගෙනගත්තෙ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ.
x කොච්චර බෙහෙත් ගත්තත් හොඳ නොවන කැස්සක්
මුලින්ම අසනීප වෙද්දි මට අවුරුදු 18 යි. සාමාන්‍ය විදිහට ඉස්කෝලෙ ගියා. පන්ති ගියා. ඔය අතරෙ මට කැස්සක් ආවා. ඊටපස්සෙ උණ ගත්තා. කැස්සයි උණයි දෙකම තිබුණ නිසා ළ`ග තැනකින් බෙහෙත් ගත්තා. සාමාන්‍ය උණ, කැස්සට තමයි බෙහෙත් දුන්නෙ. නමුත් කිසිම අඩුවක් වුණේ නෑ. ඒ වගේ තැන් කීපෙකින්ම බෙහෙත් ගත්තත් හොඳ වුණේ නැති නිසා ඩොක්ටර් දිනේෂ් දසනායකව චැනල් කරල බෙහෙත් ගන්න ගියා. එදා ඩොක්ටර් මාව චෙක් කරල කිව්වා අ හෝ ඒ හා සමාන රෝගයක් තමයි තියෙන්නේ කියල. පස්සෙ මං හොස්පිට්ල් ඇඞ්මිට් වුණා.
x සතියක් ෂක්‍ඹ එකේ
හොස්පිට්ල් ඇඞ්මිට් වෙද්දි ක්ෂය රෝගයද කියල ස්ථිරෙටම දැනගෙන හිටියෙ නෑ. ඇඞ්මිට් වුණ දවසෙ ඉඳන් මට බෙහෙත් පටන්ගත්තා. ටික දවසක් ඔහොම සාමාන්‍ය විදිහට ඉන්නකොට එකපාරටම මට සිහිය නැති වුණා. ඒ නිසා ෂක්‍ඹ දැම්මා. සතියක් විතර ෂක්‍ඹ හිටියා.
x යාළුවෝ රෝහල වටකරගත්තා
ෂක්‍ඹ ඉන්නකොට ඉස්කෝලෙ යාළුවෝ ගොඩක් මාව බලන්න ඇවිත් තිබුණා. කොහොමහරි මාස තුනක් මම රෝහලේ හිටියා. ඔය කාලෙ තමයි කොවිඞ් වෛරස් එකත් ආවෙ. ඒ නිසා අම්මට හැර කාටවත් මාව බලන්න එන්න දුන්නෙ නෑ. ඒත් මට ඩොක්ටර්ස්ලා, නර්ස්ලා කිව්වා ඉස්කෝලෙ යාළුවෝ මාව බලන්න හැමදාම ගේට්ටුව ගාව එකතු වෙලා හිටියා කියල. ඒ වෙද්දිත් මම ෂක්‍ඹ එකෙන් සාමාන්‍ය වාට්ටුවට දාලා තිබුණේ. නමුත් උණේ අඩුවක් තිබුණෙ නෑ. පස්සෙ වැලිසර රෝහලෙත් මාස තුනක් විතර බෙහෙත් ගත්තම තමයි උණ අඩුවුණේ. මාව දිගටම බෙහෙත් ගන්න යොමු කළේ පොළොන්නරුව මහ රෝහලේ ලය සායනයට. සති දෙකෙන් දෙකට මං බෙහෙත් ගත්තා. සමහර දවස්වලට බෙහෙත් ටික ගෙදරටම ගෙනත් දුන්නා.
x සමාජයෙන් කවදාවත් කොන් වුණේ නෑ
හොස්පිට්ල් හිටපු මාස කීපයේ අම්මා මං ගාවම හිටියා. මාව සමාජයෙන් කවදාවත් කොන් වුණේ නෑ. මං ගෙදර ආවෙ ක්ෂය රෝගයෙන් හොඳටම හොඳ වෙලා. මුලින් රෝගය මොකද්ද කියල හොයාගන්න බැරුව ඉද්දිනම් බය හිතුණා.
x දැන් මට හොඳටම හොඳයි
දැන් මට සම්පූර්ණයෙන්ම ක්ෂය රෝගය සුවයි. ඉස්සර හිටියා වගේම සතුටින් ඉන්නවා. රෝගය වැළඳුණු සම්පූර්ණ කාලෙම හරියට බෙහෙත් ටික බිව්වනම් මේ රෝගය හොඳටම හොඳ කරගන්න පුළුවන්.
x ක්ෂය රෝගය මොළේටත් පැතිරුණා
මට ගොඩක් අමාරු වුණා. මොකද පෙනහළු වල විතරක් නෙවේ මොළෙත් ක්ෂය රෝගය පැතිරිලා තිබුණ නිසා. අනිත් එක රෝගය අඳුරගන්න කල් ගිය එකත් එක හේතුවක්.
x ගණිතය විෂයෙන් උසස් පෙළ කළා...
්/ඛ කරන්න හිටපු අන්තිම අවුරුද්දෙ තමයි මං අසනීප වුණේ. ඒ නිසා මාස ගාණක් මට ඉස්කෝලෙ වැඩ මගඇරුණා. ඒත් කොහොමහරි මම ගණිතය අංශයෙන් විභාගෙට මුහුණ දීලා ී 3 ක් ගත්තා. ඒත් ආයෙම දෙවෙනි පාරත් විභාගය කළා.
ජයනිත් එක්ක මෙහෙම කතා කරද්දි ඇයට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරියක් වූ ජීවනී සමරවීරවත් අප කතාබහටඑකතු කරගත්තා.
ඔය දරුවා මුණගැහෙද්දි මම හිටියෙ පොළොන්නරුව දිස්ත‍්‍රික් ක්ෂය රෝග මර්දන නිලධාරිනියක් විදිහට. මතක විදිහට 2020 අවුරුද්ද. ඇය ආවෙ මාස කීපෙක ඉඳන් තිබුණ උණක් සහ කැස්සක් එක්ක. මම ඒ කාලෙ හිටියෙ විශේෂඥ වෛද්‍ය දිනේෂ් දසනායක සර්ගෙ යටතේ. ඩොක්ටර් දිනේෂ්ගෙ වාට්ටුවට තමයි එයා ඇඞ්මිට් වුණේ. ඇඞ්මිට් වෙලා ටික දවසක් යද්දි එ් ළමයට හොඳටම අමාරු වෙලා සිහිය නැති වුණා. ෂක්‍ඹ එකට ඇතුළත් කරල ඉද්දි සුෂුම්නා තරලයේ කළ මූලික පරීක්ෂණ වලින් අපිට දැනගන්න ලැබුණා එයාට පෙනහල්ලේ ක්ෂය රෝගයට අමතරව මොළේටත් ව්‍යාප්ත වෙලා කියල. ඒ නිසා මොළේට ක්ෂය රෝගය පැතිරීම නතර කරන්න ඉක්මණින් ප‍්‍රතිකාර පටන්ගත්තා.
නැත්නම් ඒක මාරාන්තික වෙන්න පුළුවන්. ඩොක්ටර් දිනේෂ් දසනායක සර්ගේ මූලික හඳුනාගැනීම සහ දක්ෂතාවය මත මේ දරුවට ඉක්මනින් ක්ෂය රෝග ප‍්‍රතිකාර පටන්ගත්තා.ප‍්‍රතිකාර කරන අතරේ වැඩිදුර පරීක්ෂණ වලට අපි එයාව මහනුවර රෝහලට යැව්වා. සතියකින් විතර ආපහු ඇය පොලොන්නරුව රෝහලට ආවා. මාස හතරක් පමණ එකදිගට
රෝහල්ගත වෙලා හිටියා. ක්ෂය රෝගයට ප‍්‍රතිකාර කරගෙන යද්දි අක්මාවෙ වෙනස්කමක් ඇවිත් වැලිසර රෝහලටත් යැව්වා. එහේ මාස එකහමාරක් විතර ප‍්‍රතිකාර ගන්න වුණා. දිස්ත‍්‍රික් ක්ෂය රෝග මර්දන ඒකකයේ රෝගීන්ව බලාගන්න එක, ප‍්‍රතිකාර සම්පූර්ණ කරන එක මං යටතෙ තමයි ඒ කාලෙ සිද්ධ වුණේ.
අවුරුද්දකට වැඩි කාලයක් නොකඩවා ප‍්‍රතිකාර ලබාදීලා දරුවාව 100% ක් සනීප කරගන්න අපිට පුළුවන් වුණා. සාමාන්‍යයෙන් පෙනහල්ලෙ විතරක් ක්ෂය රෝගය තියෙනවම් අපට සුව කරන්න ගතවෙන්නෙ මාස 6 ක කාලයක් විතරයි. නමුත් මේ රෝගියගේ මොළයටත් ගිහින් තිබුණ නිසා අවුරුද්දක කාලයක් ගියා සම්පූර්ණයෙන්ම හොඳ කරන්න. මේකෙ තියෙන වැදගත්ම දේ තමයි ක්ෂය කිව්වම දැනටත් මිනිස්සු හිතන්නේ කොන් කරන්න ඕන ලෙඩක් හැටියට.
මේ දරුවා අපිට මුණගැහෙනකොට උසස් පෙළ ලියන්න සූදානමින් හිටියෙ. ඇය ඇගේ රෝගයපිළිබඳ නොසඟවා නිසි ලෙස ප‍්‍රතිකාර ගත්ත එක අපි ඇත්තටම අගය කළ යුතුයි. ඇය ඇගේ රෝගය පිළිබඳව යහළුවන්වත් දැනුවත් කරල තිබ්බ. ඒ වගේම යාළුවො ඇයව කොන් කළේ නෑ. මානසිකව වැටෙන්න දුන්නෙ නෑ. වැදගත්ම දේ මේ දරුවා අපි කියපු විදිහටම ප‍්‍රතිකාර ගත්තා. අය උසස් පෙළ කළේ ගණිත අංශයෙන්. නමුත් අදාළ අවුරුද්දෙ ඇය විභාගය ලිව්වෙ නෑ රෝහල්ගත වූ කාලසීමාවේ අධ්‍යාපන කටයුතු අඩාල වුණ නිසා. ඊළඟ අවුරුද්දෙ ඉඳන් ඇය තමන්ගෙ විෂයන් වලට අදාළ පන්ති වලට සහභාගී වෙලා උසස් පෙළ ගණිත අංශයෙන් ලියලා ී 3 ක් ගත්තා.
පොලොන්නරුවේ දුෂ්කර ප‍්‍රදේශයක දරුවෙක් දරුණු තත්ත්වයක් එක්ක ඒ වගේ තැනකට ආපු එක ගැන තියෙන්නේ හරිම සතුටක්.2021 අවුරුද්දෙ ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව අපි විශේෂ වැඩසටහනක් පැවැත්වුවා කොළඹ. මේ දරුවා එදා හැමෝම ඉස්සරහ එයාගෙ කතාව කිව්වා. එදා හිටපු හැමෝම පුදුම වුණා ඇය නොබියව ඇගේ කතාව මාධ්‍ය ඉදිරියේ කියනකොට. එයාට ඕන වුණේ එයාගෙ පණිවිඬේ රටට දීලා තව එක්කෙනෙක්ව හරි ඒ රෝගයෙන් ගලවගන්න.
ක්ෂය රෝගය කියන්නෙ හැංගිලා නොඉඳ නිසි ප‍්‍රතිකාර නොමිලේ ලබාදෙන රජයේ රෝහලකට යාමෙන් 100% ක් සුව කරගන්න පුළුවන් රෝගයක් කියන පණිවිඬේ එදා ඇය දුන්නා. ඇය නිසි පරිදි ප‍්‍රතිකාර නොගත්තානම් අද ඇය ජීවතුන් අතර නෑ. රෝගය පහුවෙලා අඳුරගෙන මොළේට විසබීජ ගිහින් කිහිපදෙනෙක්ම අපට බේරගන්නබැරි වුණා. ඕනම කෙනෙක් තමන්ට ක්ෂය රෝගය කියල දැනගත්තොත් මානසිකව වැටෙනව. නමුත් ඇය එහෙම වුණේ නෑ.
ක්ෂය රෝගයේ බෝවන අවස්ථාව තියෙන්නේ පෙනහල්ලේ විසබීජ තියෙන කාලයේ විතරයි. මේ දරුවගෙත් පෙනහල්ලෙ ක්ෂය රෝගය තිබුණ නිසා ඇයව වගේම නිවසේ සියලූම සාමාජිකයන්වත් අපි පරික්ෂා කළා. නිවසේ වෙනත් කිසිම කෙනෙකුට රෝගය වැළඳිලා තිබුණෙ නෑ. ඇය එක්ක ගැවසුණු යහළුවන්වත් පරික්ෂා කළා. ඒ කිසිම කෙනෙකුට රෝගය තිබුණෙ නෑ. මේ දරුවට රෝගය ආසාදනය වුණේ කොහෙන්ද කියලවත් අපිට හොයගන්න ලැබුණෙ නෑ. ක්ෂය රෝගය කියන්නේ බෝවෙන රෝගයක්.
ඇෙ`ග් ඕනෑම ඉන්ද්‍රියකට ආසදනය වෙන්න පුළුවන්. බහුලව රෝගීන් වාර්ථා වෙන්නේ පෙනහළු ආශ‍්‍රිතව. ඔවුන්ගෙන් තමයි අනෙක් අයට රෝගය බෝවෙන්නේ. ක්ෂය රෝගයේ විශේෂතවය තමයි ඇඟට විසබීජ ගිය පමණින් රෝගය හැදෙන්නෙ නෑ. ඇෙඟ් අක‍්‍රීය අවස්ථාවේ තිබිලා ප‍්‍රතිශක්තිය අඩුවුන අවස්ථාවක රෝගියෙක් බවට පත්වෙනවා. අන්න ඒ නිසා සමහර අවස්ථා වල රෝගය බෝ වුණ ආකරය සොයගන්න අපහසුයි.
මේ වෙලාවේ මට දෙන්න තියන හොඳම පණිවුඩය සති දෙකකට වඩා පවතින කැස්ස, පපුවේ වේදනාව, පපුවේ මහන්සිය, සෙම සමග ලේ පිටවීම, උණ ගතිය ( විශේෂයෙන් හවස් කාලයට *, කෑම අරුචිය, ඇඟ කෙට්ටු වීම ආදී රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබුණොත් ළඟම තියෙන දිස්ත‍්‍රික් ලය සායනයට හෝ රජයේ රෝහලකට ගිහින් සෙම පටල පරික්ෂාව, එක්ස්රේ පරීක්ෂාව වැනි පරික්ෂණ නොමිලේ සිදු කරගෙන නොමිලේම ලබා දෙන ප‍්‍රතිකාර නොකඩවා අවශ්‍ය කාලසීමාවට ලබා ගැනීමෙන් ක්ෂය රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්. ඉස්සර වගේ ක්ෂය රෝගයට දැන බිය විය යුතු නෑ.
ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය
දිනෙෂ් දසනායක
එරංදි කෞශල්‍යා