19/09/2025
දහඩිය දුර්ගන්ධය නැති කර ඇඟ සුවඳවත් කරන බෙහෙතක්.
ස්නාන රාජ චූර්ණය:-
සුදු හඳුන්,කහ,ඉරමුසු,කුරුඳු පොතු,කොල්ලන් කොළ,එනසාල්,සැවැන්දරා මුල්,කලාදුරු අල, වෙට්ටිවේර්(දෙමළ බෙහෙත් කඩයකින් ලබාගත හැකිය)නාමල් රේණු,රුක්මල්,පැණි දොඩම් ලෙලි එම පත්,දෙහි ලෙලි එම පත්, අගිල්,හිඟුරු පියලි,කස්තුරි මංජල්,මදුරුතලා පත්,කළඳ බැගින් ගෙන සියල්ල චූර්ණ කර එම බරට කොකුම් පොතු චූර්ණ කර කලවම් කර සබන් ගා ස්නානයෙන් පසු මේ සියල්ල ඇල්දියෙන් අඹරා ගා විනාඩි 5ක් පමණ තබා පසුව නෑමෙන් සෝදා හරින්න.අනතුරුව ඇඟ වියළුණු පසු එම චූර්ණය ගිනි අඟුරට දමා ශරීරයට දුම් අල්ලන්න.මෙසේ පළමුව සුමාන දෙකක් කර පසුව සුමානෙකට දෙවරක් කිරීම යෝග්‍යයි.
Ayu dr janaka samaraweera Tp no034 2221689