Senkadagala Lanka Pharmacy&Grocery,Kandy

Senkadagala Lanka Pharmacy&Grocery,Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senkadagala Lanka Pharmacy&Grocery,Kandy, Kandy Road, Kandy.

අද මම කථා කථා කරන්න යන්නේ ශරීරයට අත්‍යවශ්‍යම විටමින් වර්ගයක් වන විටමින් D ගැන.  විටමින් D ඌනතාවය මෙන්ම වැඩිපුර ලබා ගැනීම...
17/09/2025

අද මම කථා කථා කරන්න යන්නේ ශරීරයට අත්‍යවශ්‍යම විටමින් වර්ගයක් වන විටමින් D ගැන. විටමින් D ඌනතාවය මෙන්ම වැඩිපුර ලබා ගැනීම සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ලෙස බලපාන්න පුළුවන්..

මොනවද විටමින් D පවතින ආකාර..?
ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් පවතිනවා.
1. විටමින් D2 (Ergocalciferol)
2. විටමින් D3 (Cholecalciferol)

ඇයි මේ තරම් විටමින් D ජීවිතය නිරෝගීව පවත්වා ගැනීමට වැදගත්..?
1. විටමින් D වල ප්‍රධානතම කාර්යයක් තමයි calcium අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය ප්‍රෝටීන් වර්ගයක් වන calbind නිශ්පාදනය කිරීම.. මෙන්න මේ calbind කියන ප්‍රෝටීන් එක නොමැති වීම හෝ ප්‍රමාණය අඩු වීම නිසා කැල්සියම් අවශෝෂණය අඩු වි අස්ථි මත කැල්සියම් තැම්පත් වීම අඩු වීම මගින් අස්ථි දුර්වල වීම සිදුවේ.. කුඩා ලමුන් තුළ මෙලෙස කැල්සියම් අවශෝෂණය අඩු වීම නිසා අස්ථි මෘදු වීමක් සිදු වන අතර එය Rickets නමැති රෝගී තත්වයට සහ වැඩිහිටි පුද්ගලයන් ට Osteomalasia නම් රෝගී තත්ත්වය ඇති වීමට හේතු වෙනවා.

2. විටමින් D ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි ආකාරව පවත්වා ගැනීම සදහා විශාල කාර්යභාරයක් සිදු කරණු ලබන අතර ඌනතාවය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමක් සිදු වේ..එමඟින් නිතර නිතර රෝග වලට ලක් වීම සිදු වේ..

3. විටමින් D ඌනතාවය යම් යම් Auto immune disease (තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඇති කරන රෝග) සදහා හේතුවක් වෙනවා.. උදාහරණ ලෙස පලමු ගණයේ දියවැඩියාව (Type 1 diabetes) rheumatoid arthritis, ස්නායු පද්ධතිය මත ඇති කරන රෝගී තත්ව වන Multiple sclerosis (MS) වැනි රෝග..

4. විටමින් D ඌනතාවය අධික රුධිර පීඩනය සදහා ද හේතුවක් වන බව හොයා ගෙන තිබෙනවා.. ශරීරයේ විටමින් D අඩු වීමක් සිදු ඌ විට රෙනීන් නිශ්පාදනය වැඩි වෙනවා.. ශරීරය තුළ ඒවා වැඩි වීම මගින් රුධිර වාහිනී සංකෝචනය වී රුධිර පීඩනය වැඩි වීමක් සිදු වෙනවා..

5. Heart attack, stork වැනි රෝග තත්ව සදහා ප්‍රධාන හේතුවක් තමයි රුධිර වාහිනී අවහිර වීම(Atherosclerosis).. ඉතින් මෙන්න මේ විඳියට රුධිර වාහිනී අවහිර වීම වැඩි වෙන්න විටමින් D ඌනතාවය හේතුවක් වෙනවා..

6. ස්වසන පද්ධතිය ආශ්‍රිතව නිතර නිතර ආසාදන ඇති වීම සදහා ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ විටමින් D ඌනතාවය.

7. විෂාදය (Depression) සදහා මෙන්ම වයස්ගත වීමේදී ඇතිවන මතකය දුර්වල වීම (Dementia) වැනි රෝගී තත්ව සදහා ද විටමින් D ඌනතාවය ප්‍රධාන හේතුවක් වනවා..

8. සමහර පිළිකා වර්ග ඇතිවීම සදහා ද විටමින් D ඌනතාවය හේතු වෙනවා කියලා පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා..

මොනවද විටමින් D ඌනතාවය ඇති වෙන්න පුළුවන් පුද්ගලයින්..?
1. ප්‍රමාණවත් තරම් හිරු එළියට නිරාවරණය නොවන පුද්ගලයින්.

2. නිර්මාංශ ආහාර පමනක් (vegetarian)ලබා ගන්නා පුද්ගලයන්

3. වයස්ගත පුද්ගලයින්..

4. වකුගඩු හා අක්මා රෝගී තත්ත්වය සහිත පුද්ගලයින්..

5. ගර්භණී සහ කිරි දෙන මව්වරුන්..

6. Sunblock cream වර්ග නිතරම භාවිතා කරන පුද්ගලයින්

විටමින් D ඌනතාවය නිසා මොනවද එන්න පුළුවන් රෝග ලක්‌ෂණ..?
1. නිතර නිතර රෝගී වීම..
2. නිතර නිතර මහන්සි ගතියක් දැනීම..
3. අස්ථි, සන්ධි හා මාංශ පේශි වල වේදනාව..
4. තුවාල ඉක්මනින් සුව නොවීම..
5. දේහ බර වැඩි වීම..
6. විෂාදය වැනි තත්ව ඇති වීම..

විටමින් D ඌනතාවය නිසා ඉහත රෝග ලක්ෂණ වලින් කිහිපයක් හෝ සියල්ල පැවැතිය හැක..

විටමින් D මේද ද්‍රාව්‍ය විටමින් වර්ගයක් නිසා රෝග ලක්ෂණ පෙන්වීමට දින, සති හෝ මාස කිහිපයක් ගත විය හැකිය.. එයට ප්‍රධාන හේතුව මේදය තුළ ගබඩා කර ඇති vitamin D එම කාල සිමාව තුළදී ප්‍රයෝජනය ට ගැනීමයි..

විටමින් ඌනතාවය ක් ඇති බව හදුනා ගන්නේ කෙසේද..?
විටමින් D ඌනතාවය ක් තිබෙනවා ද නැත්නම් අවශ්‍යය ප්‍රමාණයට පවතිනවා ද යන්න දැන ගන්න හොඳම ආකාරය තමයි ඒ සදහා ඇති පරීක්ෂණයක් සිදු කර ගැනීම..

විටමින් D ඌනතාවය ක් තිබේ නම් කුමක් කල යුතුද..?
විටමින් D ඌනතාවය පවතින ප්‍රමාණය හා ඔබගේ අනිකුත් රෝග අනුව ලබා දිය යුතු විටමින් ප්‍රමාණය හා කාල සිමාව වෛද්‍යවරයා විසින් තිරණය කරණු ලබයි.. එහිදී විටමින් D3(Cholecalciferol) හෝ alfacalcidol හෝ calcitriol පෙති හෝ මෘදු කරල්(Soft gelatin capsules) වශයෙන් ලබා දෙනවා..

ඇත්තටම මොනවද මේ විටමින් D3 කියන්නේ..

විටමින් D3 හදුන්වනු ලබන්නේ Cholecalciferol කියලා, මෙන්න මේ Cholecalciferol අපි ලබා ගත්තා කියලා එය ශරීරයට උරා ගෙන විටමින් D වලින් වෙන්න ඕන කාර්ය්‍ය මෙන්න මේ Cholecalciferol වලට කරන්න බෑ.. එහෙම වෙන්න නම් විටමින් D වල ක්‍රියාකාරී ඒකකයට(Active Form) එකට පරිවර්තනය වෙන්න ඕන...

කොහොමද විටමින් D3 ක්‍රියාකාරී ඒකකයට(Active Form) පරිවර්තනය වෙන්නේ..?
අපි මුඛ මාර්ගයෙන් ලබා ගන්නා Cholecalciferol මුලින්ම අක්මාවට ගමන් කරනවා..එහිදී Cholecalciferol, alfacalcidol නම් සංඝටකය බවට පරිවර්තනය වනවා.. මෙන්න මේ alfacalcidol වකුගඩු මගින් calcitriol බවට පත් කරනවා..calcitriol කියන මෙන්න මේ සංයෝගය තමයි විටමින් D වල ක්‍රියාකාරී ඒකකය(Active form). මෙන්න මේ calcitriol තමයි අවශෝෂණය කරගෙන විටමින් D වලට අදාල කාර්යභාරය සිදු කරණු ලබන්නේ..

මෙන්න මේ ආකාරයට විටමින් D ක්‍රියාකාරි ඒකකය බවට පත් වීම සඳහා අක්මාව සහ වකුගඩු අත්‍යවශ්‍ය සාධකයක් වනවා.. ඉතින් අක්මා සහ වකුගඩු රෝග සහිත පුද්ගලයින් සදහා Cholecalciferol ලබා දිමෙන් ඵලක් වන්නේ නෑ..
ඒකට හේතුව විටමින් D ක්‍රියාකාරී ඒකකයට පරිවර්තනය වීම අඩු වීම හෝ නොහැකි වීම අක්මා හා වකුගඩු රෝගී තත්වය මත වෙනස් වෙනවා..

වකුගඩු රෝගීන් සදහා calcitriol ලබා දීම වඩාත් ඵලදායී වනවා..
අක්මා රෝගීන් සදහා alfacalcidol හෝ calcitriol ලබා දීම වඩාත් ඵලදායී වනවා..

මොනවද විටමින් D පහසුවෙන් ලබා ගන්න පුළුවන් ආකාර..?
1. විටමින් D ලබාගත හැකි පහසුම ආකාරය තමයි හිරු එළියට අවම විනාඩි 30 ක් පමණ නිරාවරණය වීම..

2. බිත්තර කහ මදය, මාළු, මස්, කිරි විටමින් D බහුලව අඩංගු ආහාර වන අතර ඒවා මගින් පහසුවෙන් ලබා ගත හැකිය..

විටමින් D මේද ද්‍රාව්‍ය විටමින් වර්ගයක් බැවින් ඒවා අවශෝෂණය වන්නේ මේදය තුළ දිය වීමෙන් පසුවයි.. මේ නිසා ලබා ගන්නා විටමින් D නිසි ආකාරව අවශෝෂණය කර ගැනීම සදහා මේදය සහිත ආහාර සමග ලබා ගැනීම වැදගත් වේ..

දිනකට වැඩිහිටි පුද්ගලයකු විටමින් D 4000IU වඩා ලබා ගැනීම අහිතකර විය හැකිය.. වෛද්‍යවරයා විසින් විශේෂ අවස්ථා වලදී දිනකට 4000IU වඩා නියම කරන අවස්ථා වලදී හැර විටමින් D අධික මාත්‍රා ලබා ගැනීම අහිතකර විය හැකිය.

ශරීරයේ උෂ්ණාධික බව පාලනය කරගමු: ඔබ දැනගත යුතුම කරුණුශරීරයේ උෂ්ණාධික බව යනු බොහෝ දෙනෙක් පීඩා විඳින පොදු සෞඛ්‍ය ගැටලුවකි. ...
17/09/2025

ශරීරයේ උෂ්ණාධික බව පාලනය කරගමු: ඔබ දැනගත යුතුම කරුණු

ශරීරයේ උෂ්ණාධික බව යනු බොහෝ දෙනෙක් පීඩා විඳින පොදු සෞඛ්‍ය ගැටලුවකි. මෙය රෝගී තත්ත්වයක් නොවුනත්, නොසලකා හැරියහොත් විවිධ රෝගාබාධ රැසකට මඟ පෑදිය හැකිය. අපගේ ආහාර රටාව සහ ජීවන පුරුදු මෙයට සෘජුවම බලපායි. මෙම ලිපියෙන්, ශරීරයේ උෂ්ණාධික බව හඳුනාගැනීමට උපකාරී වන ලක්ෂණ, එයට හේතු වන ආහාර සහ එය පාලනය කිරීමට ගත හැකි ස්වභාවික පිළියම් පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කෙරේ.

ශරීරය උෂ්ණාධික බව පෙන්වන පොදු ලක්ෂණ

ඔබගේ ශරීරයද උෂ්ණාධිකදැයි හඳුනාගැනීමට උපකාරී වන පොදු ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

සම ආශ්‍රිත ගැටලු: සිරුරේ සහ ඇස්වල දැවිල්ල, සම පුරා බිබිලි හෝ කුෂ්ඨ ඇතිවීම, සම වියළීම, මුහුණේ කුරුලෑ, තොල් සහ යටිපතුල් පැලීම.

හිසකෙස් ආශ්‍රිත ගැටලු: හිසකෙස් අකලට සුදු වීම, අධික ලෙස හිසකෙස් ගැලවී යාම, හිස් හොරි සහ හිස් කබලේ කුඩා බිබිලි ඇතිවීම.

ශරීරයේ ක්‍රියාකාරීත්වය: නිතර අධික ලෙස දහඩිය දැමීම (විශේෂයෙන් අත්ලට සහ පතුල්වලට), දහඩිය දුගඳ වීම, ශරීරය අවපැහැ ගැන්වීම.

ජීරණ පද්ධතියේ ගැටලු: ගැස්ට්‍රයිටිස්, මලබද්ධය සහ අර්ශස් වැනි තත්ත්ව.

වෙනත් ලක්ෂණ: දරුවන් පිළිසිඳ ගැනීමට ප්‍රමාද වීම, ගර්භාෂගත රෝග, ඇතැම් ආහාර සඳහා ආසාත්මිකතා ඇතිවීම.

ශරීරයේ උෂ්ණය ඉහළ නංවන ආහාරපාන
අප දිනපතා ගන්නා සමහර ආහාර ශරීරයේ උෂ්ණත්වය ඉහළ නැංවීමට සෘජුවම බලපායි. උෂ්ණාධික සිරුරක් ඇත්නම්, මෙම ආහාර හැකිතාක් පාලනය කිරීම වැදගත් වේ.

අධික සැර සහ ආම්ලික දේ: මිරිස්, අබ, විනාකිරි, ගොරකා, බිලිං.

සකස්කළ සහ තෙල් සහිත ආහාර: තෙල් අධික බැදුම් වර්ග, අච්චාරු, චට්නි, මෝජු, ලුණු දෙහි, සෝස් වර්ග, ටින් මාළු, ජාඩි, කරවල.

මාංශ සහ මුහුදු ආහාර: බල මාළු, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, හරක් මස්.

එළවළු සහ පලතුරු: අන්නාසි, රට දෙල්, රාබු, තක්කාලි, සුදුළූණු.

වෙනත්: කොල්ලු, මධ්‍යසාර.

ශරීරය සිසිල් කරන ස්වභාවික ආහාර සහ පිළියම්
ශරීරයේ උෂ්ණාධික බව පාලනය කිරීමට නම්, ඉහත ආහාර සීමා කරන අතරතුර, ශරීරය සිසිල් කරන ගුණදායක ආහාරපාන දෛනිකව එකතු කර ගැනීම අනිවාර්ය වේ.

ඖෂධීය පාන වර්ග:

තැඹිලි / පොල් වතුර: විජලනය වළක්වා ශරීරය ක්ෂණිකව සිසිල් කරයි.

නෙල්ලි: පානයක් ලෙස හෝ නැවුම් ගෙඩි ලෙස ආහාරයට ගත හැක.

බෙලි: නැවුම් පළතුරක් ලෙස මෙන්ම, බෙලිමල් හෝ බෙලි කටු තම්බා බීමෙන්ද ඇඟ සිසිල් වේ.

රණවරා: රණවරා මල් හෝ කොළ තම්බා තේ වෙනුවට පානය කළ හැක. රණවරා දළු මැල්ලුමක් ලෙසද ගුණදායකයි.

පොල්පලා, රසකිඳ, ඉරමුසු: මේවා තම්බා පානය කිරීමෙන් මුත්‍රා ආසාදන වළක්වා ශරීරයේ දැවිල්ල අඩු කරයි.

බාර්ලි සහ සව්: තම්බා එම වතුර පානය කිරීමෙන් සිරුරට සිසිලසක් ලැබේ.

කොළ කැඳ: දිනපතා උදෑසන හිස්බඩ හාතාවාරිය, පොල්පලා වැනි කොළ වර්ගයකින් සාදන ලද කැඳ වීදුරුවක් පානය කිරීම ඉතාම ගුණදායකය.

එළවළු සහ පලතුරු:

පිපිඤ්ඤා, කොමඩු, කැකිරි: ජල ප්‍රතිශතය අධික නිසා සිරුර සිසිල් කර විජලනය වළක්වයි.

අළු පුහුල්: වෑංජනයක් ලෙස හෝ යුෂ ලෙසද ඉතා ගුණදායකයි.

මෑ, වම්බොටු, කොහිල: ශීත ගුණයෙන් යුතු එළවළු වර්ග වේ.

වෙනත් ගුණදායක ආහාර:

දිය බත්: අපේ පැරැන්නන්ගේ ප්‍රධාන ආහාරයකි. ගැස්ට්‍රයිටිස් වැනි රෝගවලට සහනය ගෙන දෙන අතර සිරුර සිසිල් කරයි.

මුං ඇට: තම්බා ආහාරයට ගැනීම හෝ කැඳ ලෙස සකසා ගැනීම ගුණදායකයි.

කිරි වර්ග: එළකිරි, එළුකිරි සහ විශේෂයෙන් මීකිරි ශරීරයට සිසිලසක් ගෙන දෙයි.

කස කසා ඇට: බීම වර්ගවලට එකතු කර පානය කිරීමෙන් සිසිලසක් ලැබේ.

අනුගමනය කළ යුතු අනෙකුත් වැදගත් පුරුදු
හොඳින් ජලය පානය කරන්න: දිනකට අවම වශයෙන් වතුර ලීටර් 2-3ක් වත් පානය කරන්න.

ක්ෂණික ආහාරවලින් වළකින්න: විවිධ රසායනික යෙදූ පැණි බීම, සෝඩා සහ ශීත කළ සකස් කළ ආහාර ගැනීමෙන් වළකින්න.

ප්‍රමාණවත් නින්දක් ලබන්න: රාත්‍රියට හොඳින් නිදාගන්න. දහවල් කාලයේ නිදාගැනීම අවම කරන්න.

මානසික ආතතිය පාලනය කරන්න: මානසික පීඩනය ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාමට හේතුවකි.

වෛද්‍ය උපදෙස් ලබාගන්න: ඉහත ලක්ෂණ දිගටම පවතී නම්, සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම වැදගත් වේ.

ස්තූතිය: මෙම ලිපියේ මුල් අදහස් හිමිකරුට.

ඩයික්ලොෆෙනැක් (ඩික්ලොෆෙනැක්)සෝඩියම් සහ( Diclofenac Sodium, Diclofenac Potassium) ඩයික්ලොෆෙනැක් පොටෑසියම් ගැන.මේ කියන්නේ ...
17/09/2025

ඩයික්ලොෆෙනැක් (ඩික්ලොෆෙනැක්)සෝඩියම් සහ( Diclofenac Sodium, Diclofenac Potassium) ඩයික්ලොෆෙනැක් පොටෑසියම් ගැන.මේ කියන්නේ හැමෝම දන්න වේදනා නාශක පෙති ගැන..

එකම ක්‍රියාකාරී ඖෂධයේ (ඩයික්ලොෆෙනැක්) ලවණ ආකාර දෙකකි, නමුත් ඒවායේ අවශෝෂණය සහ සායනික භාවිතයේ වෙනස්කම් ඇත...ඒ පිළිබඳව බලමු අද ☘️

ක්‍රියාකාරීත්වයේ වේගය..
​ඩයික්ලොෆෙනැක් පොටෑසියම්
​වේගයෙන් අවශෝෂණය වේ
​උග්‍ර වේදනාව සඳහා භාවිතා කරයි (උදා: දත් වේදනාව, ඉරුවාරදය)
​ක්‍රියාකාරීත්වය ආරම්භ වීම: ~ විනාඩි 30–60

​ඩයික්ලොෆෙනැක් සෝඩියම්
​සෙමින් අවශෝෂණය වේ
​නිදන්ගත තත්වයන් සඳහා වඩා හොඳය (උදා: ඔස්ටියෝආතරයිටිස්, රූමටොයිඩ් ආතරයිටිස්)
​දිගු කල් පවතින බලපෑමක් ඇත

​ඖෂධීය සංයුතිය
​ඩයික්ලොෆෙනැක් පොටෑසියම්..
​ක්ෂණික මුදා හැරීමේ පෙති (Immediate-release tablets)
​ඉක්මන් වේදනා සහනය සඳහා නිතර භාවිතා වේ

​ඩයික්ලොෆෙනැක් සෝඩියම් ..
​ප්‍රමාද හෝ දීර්ඝ මුදා හැරීමේ පෙති (Delayed or extended-release tablets)
​දිගු කාලීන දැවිල්ල පාලනය සඳහා භාවිතා වේ

​භාවිත අවස්ථා..
​ඩයික්ලොෆෙනැක් පොටෑසියම් ​කෙටි කාලීන වේදනාව, වේගවත් සහනය

​ඩයික්ලොෆෙනැක් සෝඩියම් ​දිගු කාලීන වේදනා,ප්‍රදාහ කළමනාකරණය

⚠️ අතුරු ආබාධ..
දෙකටම සමාන අතුරු ආබාධ ඇත (උදා: බඩේ දැවිල්ල, වකුගඩු ආශ්‍රිත අවදානම් තත්ත්ව,අධිරුධිර පීඩන ඖෂධවල ක්‍රියාකාරීත්වය අඩු කිරීම,ඩෙංගු වැනි රෝගී තත්ත්වයන් උත්සන්න කිරීම විශේෂයෙන් රුධිර වහනය වැඩි වීම)අදාළ වේ.

මේ ඖෂධ වෛද්‍ය නිර්දේශය මත පමණක් ගත යුතුය..මතක තියාගන්න..

​සාරාංශයක් ලෙස..✅
පොටෑසියම් = වේගවත් වේදනා සහනය
සෝඩියම් = දිගු කල් පවතින ප්‍රති-ප්‍රදාහක (anti-inflammatory) බලපෑම..

🙋

රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ හරියට කියවන හැටි..❤️🚑___________________________________ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණය...
02/07/2025

රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ හරියට කියවන හැටි..❤️🚑
___________________________________

ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ?
මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද?

ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test),

ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද (Result),

එම ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units)

හා එම රසායනාගාරයේ එම පරීක්ෂාව සඳහා දෙන සාමාන්‍ය අගයයන්ගේ පරාසය (Normal Range) සඳහන් කෙරෙනවා.

මෙම සාමාන්‍යය අගයයන්ගේ පරාසය රටින් රටට වෙනස් වීමට පුළුවන. අපි දැන් රුධිර පරීක්ෂණ වාර්තාවක ඇති විවිධ කරුණු පිලිබඳ කතා කරමු.

👉Hb: හිමොග්ලොබීන්

රුධිරයේ ඇති හිමොග්ලොබින් (Hemoglobin) ප්‍රමාණය මෙයින් දැක්වේ. පිරිමි අය තුල සාමාන්‍යයෙන් ඉහල හිමොග්ලොබින් ප්‍රමාණයක් ඇති නිසා මෙය පුරුෂ හා ස්ත්‍රී යන අගයයන් දෙකකින් සඳහන් කරනු ලබයි.

මෙහි අගය ඩෙසිලීටරයකට ඇති ග්රෑම් ප්‍රමාණය (g/dL) ලෙස ගණනය කෙරේ. සාමාන්‍ය වැඩිහිටි පුරුෂයකු සඳහා අගය 13 – 16 g/dL වන අතර වැඩිහිටි ස්ත්‍රියක අගය 12 – 15 g/dL වේ. මෙම පරාසයට වඩා අඩු ප්‍රමාණයක් හිමොග්ලොබින් ඇත්නම් එය රක්තහීනතාවය (Anemia) නිසා වීමට පුළුවන.

👉WBC: සුදු රුධිරානු

ලේ වල ඇති මුළු සුදු රුධිරාණු ප්‍රමාණය (White Blood Count) මෙයින් දැක්වේ. මෙය මයික්‍රෝලීටරයට ඇති සෛල ප්‍රමාණය ලෙස දක්වනු ලබයි. සාමාන්‍යය අගයය 4000 – 11000 වේ. බොහොමයක් බැක්ටීරීය ආසාදන වලදී මෙය ඉහල අගයයක් ගනු ලබයි.

👉Platelets: ප්ලේට්ලට්

ලේ වල මයික්‍රෝලීටරයට ඇති රුධිර පට්ටිකා අගයය මෙයින් දෙනු ලැබේ. එහි සාමාන්‍යය අගයය මයික්‍රෝලීටරයට 150000 – 450000 පමණඅ වේ. ඩෙංගු රෝගීන් ගේ රෝග තත්වය නිර්ණය කිරීම සඳහා නිතරම කරනු ලබන පරීක්ෂාව මෙයයි.

👉DLC:

මෙයින් විශේෂක සුදු රුධිරාණු ප්‍රමාණය (Differential Leukocyte Count) යන්න අදහස් කෙරේ. කලින් ලිපියක සඳහන් කල විවිධ සුදු රුධිරානු වර්ග වල අගයයන් මෙයින් මනිණු ලබයි. එම අගයයන් ආශ්‍රයෙන් වෛද්‍යවරුන් හට ඇතිවී ඇති රෝග තත්වය පිලිබඳ අනුමානයන් කිරීමටත්, දැනට තීරණය කර ඇති රෝග විනිශ්චය තහවුරු කර ගැනීමටත් ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස බැක්ටීරීය ආසාදනයකදී සාමාන්‍යයෙන් නියුට්‍රොෆිල ප්‍රමාණය ඉහල යන අතර, වෛරස ආසාදනයකදී වසා සෛල ප්‍රමාණය ඉහල අගයයක් ගනී. මෙහි ප්‍රතිඵලය එම සෛල වර්ගය මුළු සුදු රුධිරානු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස සඳහන් කෙරේ. පහත දැක්වෙන්නේ එහි සාමාන්‍යය අගයයන් වේ.

👉Neutrophils: 40 – 70%

👉Bands: 0 – 5%

👉Lymphocytes: 20 -50%

👉Monocytes: 4- 8%

👉Eosinophils: 0 – 6%

👉Basophils: 0 – 2%

බෑන්ඩ්ස් ලෙස හැඳින්වෙනුයේ නොමේරු සුදු රුධිරානුය. යම් මූලික ආසාදන (Acute Infection) අවස්ථා වලදී මෙය ඉහල අගයයක් ගනී. මන්ද යත් ආසාදනයක් ගැන දැනගත් විට ඇටමිදුළු සුදු රුධිරානු වැඩියෙන් නිෂ්පාදනය කිරීමත්, ඉක්මනින් ඇටමිදුළු තුලින් නිකුත් කිරීමත් කරන බැවිනි.

👉RBC Indices: රතු රුධිරාණු වල විවිධ ගුණාංග පිළිබඳ මෙහිදී අධ්‍යයනය කරනු ලබයි. මේ කරුණු රක්තහීනතා තත්ව වලදී, එම තත්වයට හේතුව සොයා ගැනීම සඳහා උපකාරී වේ.

👉RBC: රතු රුධිරාණු ප්‍රමාණය (Red Blood Count) මෙමගින් දැක්වේ. පුරුෂයින්ගේ මෙය මයික්රෝලීටරයට සෛල මිලියන 4.5 – 6.5 ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ මයික්රෝලීටරයට සෛල මිලියන 4.0 – 5.5 ත් අතර ප්‍රමාණයක් වේ.

👉Hct: රුධිරයේ සෛල ප්‍රතිශතය මෙමගින් මනිනු ලැබේ. සාමාන්‍යයෙන් පුරුෂයින්ගේ මෙය 39% – 47% ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ 35% – 45% ත් අතර ප්‍රමාණයක් වේ.

MCV: මෙමගින් රතු රුධිරාණුවක සාමාන්‍යය පරිමාව (Mean Corpuscular Volume) මනිනු ලැබේ. එහි අගයය ෆෙම්ටෝලීටර (fL) වලින් මනින අතර සාමාන්‍යය පරාසය 79 – 93 fL වේ. යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වන අතර, විටමින් බී හා ෆොලේට් වැනි විටමින් ඌනතා වලදී මෙය ඉහල අගයයක් ගනී.

👉MCH: එක රතු රුධිරානුවක ඇති හෙමොග්ලොබින් ප්‍රමාණයේ සාමාන්‍යය (Mean Corpuscular Hemoglobin) මෙමගින් මනිනු ලබයි. සෛලයකට පිකෝග්රෑම් (pg/cell) ලෙස මෙය පනිනු ලබන අතර සාමාන්‍ය පරාසය 27 – 32 pg/cell වේ. යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වේ.

👉MCHC: එක රතු රුධිරානුවක් සඳහා හෙමොග්ලොබින් සාන්ද්‍රණය (Mean Corpuscular Hemoglobin Concentration) මෙම දර්ශකයෙන් දෙනු ලැබේ. එහි සාමාන්‍ය අගය ඩෙසිලීටරයකට ග්රෑම් 32 – 36 අතර වේ.

👉Reticulocyte count : රුධිරයේ ඇති නොමේරූ රතු රුධිරාණු (Reticulocytes) ප්‍රමාණය මුළු රතු රුධිරාණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර මෙම අගය ලබා ගනී. සාමාන්‍යයෙන් මෙය 0.8% – 2.5% ත් අතර ප්‍රමාණයක් ගන්නා අතර රතු රුධිරාණු යම ආකාරයකින් විනාශ වූ විටක හා රුධිර වාහනයක් ඇතිවූ විටෙක ඇටමිදුළු වලින්නොමේරූ රතු රුධිරාණු වැඩි වැඩියෙන නිකුත් කිරීම නිසා මෙහි අගය ඉහල යා හැකිය.

ඉස්සර නම් මෙම පරීක්ෂණ හැම එකක්ම වගේ අන්වීක්ෂ, කේන්ද්‍රාපසාරක (Centrifuges) වැනි මෙවලම් යොදාගෙන රසායනාගාර සේවකයන් විසින් විශාල කාලයක් මිඩංගු කර ගණනය කලද අද කාලයේ මේ සඳහා ස්වයංක්‍රීය සෛල ගණක (Automated Cell Counter) යන්ත්‍ර යොදා ගෙන මිනිත්තු ගණනාවක් ඇතුලත ගණනය කරනු ලබයි. මුල් කවරයේ දක්වා ඇත්තේ මෙවන් ස්වයංක්‍රීය සෛල ගණක (Automated Cell Counter) යන්ත්‍රයක් භාවිතා කරන රූපයකි.

සැලකිය යුතුයි ‼️

රුධිර වාර්තාවක් කියවා තේරුම් ගැනීම ඉතා හොඳ කරුණක් වන අතර එමගින් තම රෝගී තත්වය පිළිබඳ වැටහීම වැඩි කර ගැනීමට ඔබට හැකි වේ.

❌නමුත් රෝග විනිශ්චය (Diagnosis) තනිකරම පරීක්ෂණ වාර්තා මත රඳා පවතින්නක් නොවන බව ඔබ දැන ගත යුතුය. රෝග විනිශ්චය කිරීම සඳහා රෝගියාගේ රෝග ලක්ෂණ (History), වෛද්‍ය පරීක්ෂාව (Physical Examination) හා වෙනත් රෝගයට අදාළ කරුණු සියල්ල සලකා බැලිය යුතුය. එනිසා මම රසායනාගාර වාර්තා මත පදනම් කරගෙන තනිව බෙහෙත් ගැනීමෙන් වලකින ලෙසද ඕනෑම රෝගී තත්වයකදී රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු හමුවී බෙහෙත් ලබා ගන්නා ලෙසද ඔබගෙන් ඉල්ලා සිටිමි.

උපුටාගැනිමකි!

අපි තුළ තියන ප්‍රධාන Stress hormone එක තමයි cortisol.Stress hormone එක කියන එකේ තේරුම, මේක සම්පූර්ණයෙන්ම නරක hormone එකක...
19/06/2025

අපි තුළ තියන ප්‍රධාන Stress hormone එක තමයි cortisol.
Stress hormone එක කියන එකේ තේරුම, මේක සම්පූර්ණයෙන්ම නරක hormone එකක් කියන එක නෙවෙයි.
Cortisol මඟින් අපිට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා.
උදාහරණ විදිහට, අපේ Metabolism එකට, Immune Function වලට, Stress Response වලට, Sleep-Wake Cycle, මේ වගේ කාර්යයන් වලදී අපිට මේ cortisol hormone එක වැදගත් වෙනවා.

නමුත් ප්‍රශ්නය තමයි, අපේ එදිනෙදා තියන යම් යම් වැරදි පුරුදු, හැසිරීම්, නිසා මේ cortisol අපේ ශරීරයට අහිතකර මට්මෙන් ශ්‍රාවය වෙනවා (chronic high cortisol). එහෙම වුණොත් ඒක නරකයි. chronic high cortisol නිසා අපේ කායික සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය දෙකටම අහිතර බලපෑම් ඇතිවෙනවා.

බලන්න මේ Habits, behaviors, ඔයාගෙත් තියනවාද කියලා. එහෙම තියනවා නම් ඒ දේවල් වෙනස් කරගන්න කටයුතු කරන්න 😊

🔺ප්‍රශ්න වලට විසඳුම් නොගෙන ඒ දේවල් ගැන නිතර කල්පනා කර කර සිටීම (Chronic stress / overthinking)
🔺 Negative self-talk සහ තමන්ගෙ emotions express නොකිරීම
🔺ප්‍රමාණවත්, හොඳ නින්දක් ලබා නොගැනීම
🔺Overworking. ඒ කියන්නේ rest එකක් නොගෙන එක දිගට වැඩ කිරීම
🔺ප්‍රමාණවත් පරිදි හිරු එළියට නිරාවරණය වීමක් නොවීම (lack of sunlight exposure)
🔺Caffeine පරිභෝජනය ඉතා වැඩි වීම
🔺ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම (Dehydration)
🔺Too much screen time. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ mobile phones, laptops, බොහෝ වෙලාවක් use කිරීම.
🔺Multitasking
🔺Physically එතරම් active නොවීම
🔺Quality relationships නොමැති බව සහ තනිකම.

(copied)

මූත්‍ර කරනකොට දැවිල්ල ටික ටික මූත්‍ර යන ගතිය මූත්‍ර යන්නෙ ඕනෑ උනාට මූත්‍ර යන්නේ නෑ වගේ ඔය ඔක්කොම එක්ක උණමේ වගේ ලක්ෂණ අපි...
08/06/2025

මූත්‍ර කරනකොට දැවිල්ල ටික ටික මූත්‍ර යන ගතිය මූත්‍ර යන්නෙ ඕනෑ උනාට මූත්‍ර යන්නේ නෑ වගේ ඔය ඔක්කොම එක්ක උණ

මේ වගේ ලක්ෂණ අපි ජීවිතේ එක වතාවකදී හරී අත් විදලා ඇති. ඒ මූත්‍ර ආසාදනයක ලක්ෂණ වෙන්න පුලුවන්. අද මූත්‍ර ආසාදන ගැන.

1️⃣මූත්‍ර ආසාදනයක් (Urinary Tract Infection - UTI) කියන්නේ මොකක්ද?

අපේ මෞත්‍ර ලිංගික පද්ධතිය හැදිලා තියෙන්නේ මූත්‍රාශය, මූත්‍ර නාල සහ වකුගඩු වලින්.
මූත්‍ර ආසාදනයක් කියන්නේ මෞත්‍ර ලිංගික පද්ධතියට ක්ෂුද්‍ර ජීවීන් ඇතුල් වෙලා ආසාදනය ඇති කරන එකට.
මූත්‍ර ආසාදන ගැහැණු පිරිමි හැමෝටම හැදෙනවා. ඒත් ගැහැණු අයට වැඩිපුර හැදෙනවා. ඇයි කියලා මම ඉස්සරහට කියන්නම්.

2️⃣රෝග ලක්ෂණ මොනවද?

මූත්‍ර කරනකොට දැවිල්ලක් හෝ වේදනාවක්.
ටික ටික මූත්‍ර යාම හෝ හැම ටිකකින්ම යන්න ඕනෑ ගතිය.
මූත්‍රවල වලාකුළු පාටක්, රතු පාටක්, හෝ දුගඳක්.
උණ ගතිය(බරපතල තත්වයකදී).

3️⃣මූත්‍ර දැවිල්ල හැදෙන්නේ කොහොමද?

බැක්ටීරියා මූත්‍ර මාර්ගයේ හෝ මූත්‍රාශයේ බිත්ති ආසාදනය උනාම ඒවා ඉදිමෙනවා. ඒකෙන් තමයි දැවිල්ල ඇතිවෙන්නේ.

4️⃣මූත්‍ර ආසාදන හැදෙන්න හේතු මොනවද?

පිරිසිදුකම ගැන අඩු අවධානය
⚡️මූත්‍රා රඳවාගෙන ගොඩක් වෙලාවක් ඉන්න එක
⚡️ජලය අඩුවෙන් බොන එක (වතුර වැඩියෙන් බිව්වම මූත්‍රා කරන වාර ගණන වැඩි වෙනවා. එතකොට ක්ෂුද්‍ර ජීවීන් මූත්‍ර මාර්ගයෙන් ඉවත් වෙනවා)
⚡️ලිංගික ක්‍රියාකාරකම් (නිසි පිරිසිදුකමක් නැතිනම් මූත්‍ර මාර්ගයට ක්ෂුද්‍ර ජීවින් ඇතුල් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි)
⚡️වෙනත් තත්ත්ව (ගල් වකුගඩු, දියවැඩියාව, හෝ ගර්භණීභාවය)

5️⃣පරීක්ෂණ මොනවද කරන්න ඕනේ?

🧪Urine Full Report : මේකෙදි මූත්‍රවල බැක්ටීරියා, රුධිර සෛල, හෝ වෙනත් ගැටලු තියෙනවද කියලා බලන්නේ.

🧪Urine Culture : මූත්‍රා වල ඉන්නේ මොන බැක්ටීරියාවද, ඒකට ගැලපෙන ප්‍රතිජීවකය(antibiotic) මොකක්ද කියලා බලනවා.

🧪Full Blood Count : උණ ගතිය තිබුණොත් ආසාදනයේ බරපතලකම බලන්න FBC කරනවා.

🧪Ultra Sound Scan : නිතර නිතර මූත්‍රා ආසාදන හැදෙනවා නම්, ස්කෑන් එකකින් වකුගඩු හෝ මූත්‍රාශයේ ගැටලු බලන්න ඕනේ.

6️⃣ප්‍රතිකාර මොනවද?

මූත්‍රා ආසාදනයක් කියලා තහවුරු වෙනවා නම් ප්‍රතිජීවක ගන්න වෙනවා. හොඳම දේ වෛද්‍යවරයෙක් හමු වෙන එක.

⚠️ඖෂධ නියමිත කාලයම ගන්න, නැත්නම් ආසාදනය ආයෙත් එන්න පුළුවන්.

7️⃣ඇයි ගැහැණු අයට අවදානම වැඩි?

🎈ගැහැණු අයගේ මූත්‍ර නාලය (Urethra) කෙටියි. ඒ නිසා බැක්ටීරියා ලේසියෙන් මූත්‍රාශයට යනවා. පිරිමින්ගේ මූත්‍ර නාලය සෙන්ටිමීටර 20ක් විතර දිගයි.

🎈ලිංගික ක්‍රියාකාරකම් (බැක්ටීරියා ඇතුල් වෙන්න ලේසි)

🎈ගර්භණීභාවය හෝ හෝමෝන වෙනස්කම් (මූත්‍ර මාර්ගයේ ආරක්ෂාව අඩුවෙනවා)

🎈සනීපාරක්ෂක තුවා/ටැම්පොන් නිසි ලෙස නොමාරු කිරීම.

8️⃣මූත්‍රා ආසාදන වල අවදානම් තත්ත්ව මොනවද?

ප්‍රතිකාර නොකළොත් වකුගඩු ආසාදනය (Pyelonephritis),
සෙප්සිස් (Sepsis) (රුධිරයට ආසාදනය) වගේ තත්ත්ව වලට පත් වෙලා ජීවිතයට තර්ජනයක් වෙන්න පුලුවන්.

9️⃣අපි මොනවද කරන්නේ?
❤️ජලය වැඩිපුර බොන්න (දවසට ලීටර් 2-3ක් බොන්න)
❤️මූත්‍රා රඳවාගෙන ගොඩක් වෙලා ඉන්න එපා.
❤️පිරිසිදුකම පවත්වා ගන්න.

රෝග ලක්ෂණ තියෙනව නම් වෛද්‍යවරයෙක් හමුවෙන්න.

විටමින් ඌණතාවය නිසා සිදුවනදේවල්..🙄
07/06/2025

විටමින් ඌණතාවය නිසා සිදුවනදේවල්..🙄

පිරිමි පියයුරු විශාල වීම (Gynaecomastia)Gynaecomastia යනු පිරිමින්ගේ පියයුරු පටක විශාල වීමයි. මෙය බොහෝ විට සිදුවන්නේ ඊස්...
05/06/2025

පිරිමි පියයුරු විශාල වීම (Gynaecomastia)
Gynaecomastia යනු පිරිමින්ගේ පියයුරු පටක විශාල වීමයි. මෙය බොහෝ විට සිදුවන්නේ ඊස්ට්‍රජන් (Estrogen) සහ ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) යන හෝමෝන අසමතුලිතතාවයක් නිසයි..✅

මෙය සාමාන්‍යයෙන් හානිකර නොවුනත්, වේදනාකාරී හෝ දිගටම පවතින අවස්ථාවන්හිදී වෛද්‍යවරයකු හමුවීම වැදගත් වේ...

ඇතිවීමට හේතු..✅

වයසට යාම..පිරිමින් වයසට යන විට✅ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවීම සහ ඊස්ට්‍රජන් මට්ටම ඉහළ යාම මෙයට හේතු විය හැක...

වියපත් වීම..වියපත් වන පිරිමින්ගේ✅ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ස්වභාවිකවම අඩුවීම...

ඖෂධ..Spironolactone, oestrogen ,Digoxin,cimetidine,Isoniazid වැනි ඇතැම් ඖෂධ, ප්‍රතිජීවක, සහ හෘද රෝග සඳහා ගන්නා ඖෂධ අතුරු ආබාධයක් ලෙස Gynaecomastia ඇති කළ හැක..

අක්මා හෝ වකුගඩු රෝග..මෙම රෝග හෝමෝන පරිවෘත්තියට බාධා කර හෝමෝන අසමතුලිතතාවයක් ඇති කළ හැක...

හෝමෝන ආබාධ..✅

ස්ටෙරොයිඩ් හෝ මත්පැන් භාවිතය.. මෙම ද්‍රව්‍ය භාවිතය Gynaecomastia ඇතිවීමට දායක විය හැක.. අධික ලෙස මත්පැන් පානය කිරීම Gynaecomastia ඇතිවීමට විවිධ ආකාරවලින් දායක විය හැක..

ටෙස්ටොස්ටෙරෝන් සංස්ලේෂණයට බාධා කිරීම.. මත්පැන් වල අඩංගු එතනෝල් (Ethanol) මගින් ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් නිපදවීමේ ක්‍රියාවලියට බාධා ඇති කළ හැක..

මේද පටක වැඩි වීම..මත්පැන් වල ඉහළ කැලරි ප්‍රමාණය ශරීරයේ බර වැඩිවීමට සහ පපුවේ මේද පටක වැඩිවීමට හේතු විය හැක. මෙය පියයුරු විශාල වීම තවදුරටත් උග්‍ර කරයි.

රෝග ලක්ෂණ..🙄
ඉදිමුණු පියයුරු ග්‍රන්ථි පටක..මෙය එක් පැත්තකට හෝ දෙපැත්තටම බලපෑම් කළ හැක.

ප්‍රතිකාර අවශ්‍ය නොවීම..බොහෝ අවස්ථාවලදී, විශේෂයෙන් වැඩිවිය පැමිණීමේදී, Gynaecomastia තනිවම සුව වේ..
Gynaecomastia සඳහා නිශ්චිත වෛද්‍ය තත්වයක් හෝ ඖෂධයක් හේතුව ලෙස හඳුනාගතහොත්, එම ගැටලුවට ප්‍රතිකාර කිරීමෙන් Gynaecomastia අඩු කිරීමට හෝ ඉවත් කිරීමට හැකිය.

හෝමෝන ප්‍රතිකාර..සමහර අවස්ථාවලදී හෝමෝන අසමතුලිතතාවය නිවැරදි කිරීම සඳහා හෝමෝන ප්‍රතිකාර භාවිතා කළ හැක.
ශල්‍යකර්ම.. (පියයුරු පටක ඉවත් කිරීම)දිගටම පවතින හෝ දරුණු අවස්ථාවන් සඳහා, හෝ වෙනත් ප්‍රතිකාර අසාර්ථක වූ විට, අතිරික්ත පියයුරු පටක ශල්‍යකර්මයෙන් ඉවත් කිරීම විකල්පයක් විය හැකිය..

Gynaecomastia යනු සාමාන්‍යයෙන් හානිකර නොවන තත්වයකි. කෙසේ වෙතත්, වේදනාකාරී හෝ දිගටම පවතින අවස්ථාවන්හිදී හෝ වෙනත් අසාමාන්‍යතා ඇත්නම්, වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.🙋

Dopamine යනු ස්නායු සම්ප්‍රේෂකයක් වන අතර එය මොළයේ රසායනික පණිවිඩකරුවෙකි. එය ශරීරයේ සහ මොළයේ විවිධ කාර්යයන් සඳහා වැදගත් ක...
29/05/2025

Dopamine යනු ස්නායු සම්ප්‍රේෂකයක් වන අතර එය මොළයේ රසායනික පණිවිඩකරුවෙකි. එය ශරීරයේ සහ මොළයේ විවිධ කාර්යයන් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

🧠 ශරීරයේ ඩොපමයින් ක්‍රියාකාරකම්
1.මොළයේ සංඥා සම්ප්‍රේෂණය / සතුට
ඩොපමයින් "හොඳ හැඟීමක්" ඇති කරන රසායනිකය ලෙස හැඳින්වේ.
එය පහත සඳහන් දෑ සඳහා දැඩි ලෙස සම්බන්ධ වේ:
අභිප්‍රේරණය..
සතුට..
අඩු ඩොපමයින් මානසික අවපීඩනය සඳහා හේතුවේ.. අභිප්‍රේරණය නොමැතිකම සහ පාකින්සන් රෝගය සමඟ සම්බන්ධ වේ..

2.චලන පාලනය
සුමට හා සම්බන්ධීකරණ චලන සඳහා ඩොපමයින් අත්‍යවශ්‍ය වේ..
මොළයේ ඩොපමයින් නිපදවන ස්නායු සෛල නැතිවීම පාකින්සන් රෝගයට හේතු වන අතර එය පහත සඳහන් දෑවලට මග පාදයි..
වෙව්ලීම..
තද ගතිය..
චලනය මන්දගාමී වීම..

3.හෝමෝන නියාමනය
ප්‍රෝලැක්ටින් (මව්කිරි නිෂ්පාදනය පාලනය කරන) වැනි ඇතැම් හෝමෝන මුදා හැරීම නියාමනය කිරීමට ඩොපමයින් උපකාරී වේ.

4.හෘද වාහිනී ක්‍රියාකාරිත්වය (ඖෂධයක් ලෙස භාවිතා කරන විට)
හදිසි වෛද්‍ය ප්‍රතිකාර වලදී, ඩොපමයින් අභ්‍යන්තර එන්නත් ඖෂධයක් ලෙස පහත සඳහන් දෑ සඳහා භාවිතා කළ හැකිය..
හෘද ස්පන්දන වේගය වැඩි කිරීම..
රුධිර පීඩනය වැඩි කිරීම..
වකුගඩු වලට රුධිර ප්‍රවාහය වැඩි දියුණු කිරීම..

මෙම භාවිතය මාත්‍රාව මත රඳා පවතී
අඩු මාත්‍රාව.. වකුගඩු රුධිර ප්‍රවාහය වැඩි දියුණු කරයි

මධ්‍යම මාත්‍රාව..හෘද ස්පන්දන වේගය සහ ශක්තිය වැඩි කරයි

අධික මාත්‍රාව...රුධිර නාල සංකෝචනය කර රුධිර පීඩනය වැඩි කරයි

ඩොපමයින් අසමතුලිතතාවය පහත සඳහන් දේවලට හේතු විය හැක..

අඩු ඩොපමයින් ප්‍රමාණක්..
පාකින්සන් රෝගය
මානසික අවපීඩනය
තෙහෙට්ටුව
අවධානය යොමු කිරීමට අපහසුව

වැඩි ඩොපමයින් ප්‍රමාණයක් (මොළයේ ඇතැම් ප්‍රදේශවල..
භින්නෝන්මාදය..
මනෝ ව්‍යාධිය..
ඇබ්බැහි වීමේ හැසිරීම්..

💊 ඩොපමයින් සම්බන්ධ ඖෂධ..

ලෙවෝඩෝපා (L-DOPA) - පාකින්සන් රෝගයේදී ඩොපමයින් වැඩි කරයි..

මානසික රෝග නාශක - භින්නෝන්මාදය වැනි තත්වයන් වලදී ඩොපමයින් ප්‍රතිග්‍රාහක අවහිර කරයි..
(Antipsychotic ඖෂධ – ක්‍රියාකාරීත්වය..
- මොළයේ D2 dopamine receptors අවහිර කරයි.
- අධික ඩොපමයින් ක්‍රියාකාරීත්වය පාලනය කරයි.
- (delusions) වස්තුවල ශ්‍රවණය (hallucinations) වැනි ලක්ෂණ අඩු කිරීම සඳහා උපකාරී වේ.)

ඩොපමයින් අනුකාරක (dopamine agonist) - මොළයේ ඩොපමයින් වල බලපෑම් අනුකරණය කරයි..

✅ සාරාංශය..
ඩොපමයින් යනු මනෝභාවය, චලනය, අභිප්‍රේරණය සහ ත්‍යාග සඳහා සම්බන්ධ තීරණාත්මක මොළයේ රසායනිකයකි. ඖෂධයක් ලෙස, එය රුධිර පීඩනය සහ හෘද ක්‍රියාකාරිත්වය සඳහා සහාය වීමට දැඩි සත්කාර ඒකකවල භාවිතා වේ. නිරෝගී ඩොපමයින් මට්ටම් පවත්වා ගැනීම ශාරීරික සහ මානසික යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ...ඔබට වාසනාවන්ත නීරෝගී දිවියක්..❤❤

Pharmacopoeia වෙනස් වීම මත ඖෂධ නාමයේ සිදුවන වෙනස්කම්..(BP - British Pharmacopoeia බ්‍රිතාන්‍ය /USP - United State Pharma...
29/05/2025

Pharmacopoeia වෙනස් වීම මත ඖෂධ නාමයේ සිදුවන වෙනස්කම්..(BP - British Pharmacopoeia බ්‍රිතාන්‍ය /USP - United State Pharmacopoeia ඇමෙරිකානු ) 🙋

27/05/2025

විටමින් ඌනතා පෙන්වන සිරුරේ ලක්ෂණ.

මහාචාර්ය, ආයුර්වේද වෛද්‍ය සුමනරත්න අමරතුංග වෙතින්,

මිනිස් සිරුරට විවිධ පෝෂක වර්ග අත්‍යවශ්‍ය වෙනවා. ඒ අතරිනුත් විටමින් කියන්නේ ඉතාමත් වැදගත් පෝෂකයක්. මේවා අවශ්‍ය ප්‍රමාණයට ශරීරයේ නොමැති නම් අප හදුන්වන්නේ විටමින් ඌනතා ලෙසයි. බොහෝවිට මෙම ඌනතා ශරීරයේ විවිධ ප්‍රතික්‍රියා හා ලක්ෂණ මගින් දැනුම් දීම් සිදුකරනවා. මේ එවැනි තත්ත්වයන් කිහිපයක්.

1. දත් රෝග:-
දත් රෝග වලට විශේෂ හේතුවක් වෙනවා විටමින් D අඩුවීම.
ඔබට විටමින් D ඌනතාව පාලනය කර ගන්න පුලුවන් කැල්සියම් සහ පොස්පරස් අඩංගු ආහාර වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන්. මේ සදහා ඔබ කිරි ආහාර, රතු සහල්, තක්කාලි, බෝංචි, මාළු, දොඩම්, මිදි, අල, රටඉදි, කතුරුමුරුංගා, සැමන්, ගෝවා, බිත්තර ආදී වර්ග ඔබේ ආහාර වේලට දිනපතා එකතු කරගන්න.

2. අත පය හිරි වැටීම:-
මෙවැනි තත්වයක් ඇති වන්නේ විශේෂයෙන් ඔබේ සිරුරේ විටමින් B-6, B-9, B-12 (ෆෝලික් අම්ලය) ආදී පෝෂක වර්ගවල අඩුකම නිසයි. මෙනිසා සිරුරේ සෛලවලට රුධිරය මගින් සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය සීමා වීමකටද ලක්විය හැකියි. මෙම තත්ත්වය පාලනය කර ගැනීම සදහා මාළු වර්ග, මුහුදු ආහාර, කුකුළු මස්, බෝංචි, පරිප්පු, කඩල, නිවිති, අලිපේර, දොඩම්, කිරි, බිත්තර, රතු මස් ආදී ආහාර වර්ග නිතරම ආහාර වේලට එක්කර ගන්න.

3. කට වටා සමේ ඇතිවන පැලීම් :-
මෙසේ සිදු වන්නේ විටමින් B-3 , B-2 සහ B-12 ඌනතාව නිසයි. තවද විටමින් C අඩුවීමද මේ සදහා බලපානු ඇත. ඒ නිසා ඔබේ ආහාර වේලට ඇට වර්ග, ධාන්‍ය වර්ග, ඉහත 2 ජේදයේ සදහන් කළ ආහාර වර්ග සහ පැගිරි කුලයේ පළතුරු වර්ග වැඩිපුර ලබාගන්න.

4. මුහුණේ පළු මතුවීම:-
මෙසේ ඇතිවීමට මූලිකවම බලපාන්නේ සිරුරේ බයෝටීන් ඌණතාවය හේතු කොට ගෙනයි. මේ සදහා ඔබේ දිනපතා ආහාර වේල්වලට කිරි ආහාර විශේෂයෙන් චීස්, හතු වර්ග, අර්තාපල්, තැම්බූ බිත්තර, මල් ගෝවා, නිවිති වැනි වර්ග එකතු කර ගන්න.

5. කෙණ්ඩා පෙරළීම:-
නිතර නිතර ඔබේ කෙණ්ඩා පෙරළෙනවා නම්, එය ඔබේ සිරුරේ තිබිය යුතු කැල්සියම්, මැග්නීසියම් සහ පොටෑසියම් ඌණතාවන් විය හැකිය. ඇතැම් විට මේ තත්ත්වය ඇති වන්නේ අධික ලෙස වෙහෙසීම, ක්‍රීඩා කිරීම වැනි තත්ත්වයන් තුළදී විය හැකියි. සිරුරේ ඇති මිනරල් වර්ග දහදිය හරහා පිටවීම නිසා මෙය සිදුවේ. මේ තත්වය පාලනය කර ගැනීම සදහා ඇට වර්ග (ආමන්ඩ්) ධාන්‍ය වර්ග, වට්ටක්කා, ඇපල්, කෙසෙල්, රනිල කුලයට අයත් ආහාර වර්ග, රතු සහල්, අලිපේර, රටකජු, කජු, සැමන්, බෝංචි, නිවිති යන ආහාර වැඩිපුර ලබාගන්න.

6. ඇසේ සුදු ඉංගිරියාව කහ පැහැ වීම :-
මෙවැනි තත්වයක් ඇති වන්නේ විටමින් B-12 අඩු වූ විටයි. මේ සදහා මස් වර්ග, පීකුදු වර්ග, කිරි ආහාර, සැමන්, බල මාළු, එළු මස් වැඩිපුර ආහාරයට එකතු කරගන්න.

27/05/2025

අපි හැමෝමටම උනක් වේදනාවක් ආවම ඉස්සෙල්ලම මතක් වෙන්නේ පැරසිටමෝල් ගැන, ඒ පැරසිටමෝල් පෙත්ත ගැන දැනගෙනද බිවුවේ , පැරස.....

Address

Kandy Road
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Senkadagala Lanka Pharmacy&Grocery,Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram