Senkadagala Lanka Pharmacy&Grocery,Kandy

Senkadagala Lanka Pharmacy&Grocery,Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senkadagala Lanka Pharmacy&Grocery,Kandy, Kandy.

🧠 🩺😞🤯ලෝකයේ විවිධ හේතු සාධක නිසා විවිධ වර්ගයේ මානසික රෝග පුද්ගලයන්ට වැළඳේ. මෙම මානසික රෝගවල ඇති විවිධ ලක්ෂණ අනුව මේවා කා...
16/05/2026

🧠 🩺😞🤯
ලෝකයේ විවිධ හේතු සාධක නිසා විවිධ වර්ගයේ මානසික රෝග පුද්ගලයන්ට වැළඳේ. මෙම මානසික රෝගවල ඇති විවිධ ලක්ෂණ අනුව මේවා කාණ්ඩ වලට වර්ගීකරණය කරයි.

ඩිමෙන්ෂියාව (Dementia )

අමතක වීම ප්‍රධාන රෝග ලක්ෂණය වේ. එය අසාමාන්‍ය තත්ත්වයකි. මහලූ වයසේ පසුවන පුද්ගලයන්ට මෙම රෝගය බහුල වශයෙන් ඇත. අංශභාගය වැනි රෝග ඇති පුද්ගලයන්ගේ මොළයට සිදුවන බලපෑම සහ හානිය නිසා ද මෙම රෝග තත්ත්වය ඇති වීමට ප්‍රවණතාවයක් ඇත. මොළයට දැඩි ලෙස හානි සිදුවීම නිසා ද මෙම තත්ත්වය ඇති විය හැක. Vascular Dementia යනු අංශභාගය වැනි රෝග තත්ත්වයන්ගේ බලපෑම නිසා ඇති වන අමතක වීමේ Dementia තත්ත්වයයි.

Substance Abuse

මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය සඳහා අධික ලෙස ඇබ්බැහි වූ පුද්ගලයන්ට මෙම රෝගය ඇති විය හැකිය. මෙහි බලපෑම කොතෙක් ද යත් ඔවුන්ට මත්ද්‍රව්‍ය සහ මත්පැන් නොමැතිව සිටිය නොහැකිය. එය පාලනය කර ගත නොහැකි තත්ත්වයකි. මත්ද්‍රව්‍ය සහ මත්පැන් නොමැතිව සිටීමෙන් බියට පත් වී කෑ ගැසීම, වෙව්ලීම, බොරු කීම, ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම සහ අමතක වීම වැනි ලක්ෂණ ඇති වේ. Dependence Syndrome, Delirium Syndrome, Amnestic Syndrome යනු Substance Abuse ගණයට අයත් අනෙක් රෝගයන්ය.

භින්නෝන්මාදය (Schizophrenia)

දරුණුම මානසික ආබාධයකි. මායාවන් ඇති වීම, කලකිරීම, සැකය, දුක, සියදිවි නසා ගැනීමට තැත් කිරීම, හිස් බව, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සහ අධික සතුට ආදිය ප්‍රධාන ලක්ෂණ වේ. මෙහි රෝග තත්ත්වයන් ගණනාවකි. Schizophrenia අධික සැකය ඇති වීම, Hebephrenic Schizophrenia අධික සතුට සහ ජීවිතය අසාර්ථක බව Catatonic Schizophrenia බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් සිටීම, Post schizophrenic Depression වලදී දැඩි කලකිරීම සහ නිතරම කල්පනා කිරීම ප්‍රධාන ලක්ෂණයන්ය. Persistent Delusional Disorder වල ප්‍රධාන ලක්ෂණය වන්නේ අනෙක් අය පිළිබඳව ඇති දැඩි සැකයයි. මෙලෙස රෝග ලක්ෂණ අනුව තව දුරටත් මෙම රෝගය වර්ගීකරණය කර ඇත.

Mood Disorders

මෙම රෝගයේ ප්‍රධාන කොටස් දෙකකි. Manic Episode වල ප්‍රධාන ලක්ෂණ වන්නේ මෙම රෝගය ඇති පුද්ගලයන් එක් කාලයක දී එක දිගට එක කාර්යයක නිරත වන අතර අධික ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වේ. එමෙන්ම ඉතාම සතුටින් කාලයක දි ජීවත් වෙයි. නමුත් මෙම රෝගයේ අනෙක් අන්තය වන විට එක් කාලයකදී එම රෝගීන් ඉතාම දුකෙන් ජීවත් වෙයි. මුලින් පැවති ක්‍රියාකාරී බව අඩු වේ. නිතරම කල්පනා කිරීම සිදු කරයි. එම තත්ත්වය නිසා විශාදය සෑදීමට ප්‍රවණතාවයක් ඇත. මෙම රෝගයේ අන්ත දෙකක් ඇති නිසා එය Bipolar Diseases යනුවෙන් ද හඳුන්වයි.

Dissociative Disorders

මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ පුද්ගලයාගේ යටි සිතෙහි ඇතිවන ක්‍රියාකාරීත්වය සහ මතකය නැති වීම නිසා තමා කවුද යන්න පිළිබඳ පවා අමතක වී තමාගේ අනන්‍යතාවය පවා හඳුනා ගැනීමට නොහැකි වීමයි. මෙහිදී එවැනි රෝගී තත්ත්වයක් ඇති පුද්ගලයන් විවිධ අවස්ථාවන්වල විවිධ පුද්ගලයන් වශයෙන් හැසිරේ. නිදසුනක් වශයෙන් මෙම රෝගය ඇති වෛද්‍යවරයෙකු වන අයෙක් කාලයකදී අතුරුදන් වී වෙනත් ස්ථානයක අත් උදව්කරුවෙකු වශයෙන් සේවය කිරීම. මෙම රෝගය ඇති පල්ලියක සේවය කරන එක්තරා පූජකයෙකු සම්බන්ධ කතාවකට අනුව ඔහු එක් කාලයකදී පල්ලියෙන් අතුරුදහන් වේ. එහිදී ඔහු වෙනත් ප්‍රදේශයකට ගොස් වෙළෙඳ සලක අත් උදව්කරුවෙකු වශයෙන් සේවය කරයි. එහි දී ඔහුට තමන් පූජකයෙකු බව මුළුමනින්ම අමතක වේ. මෙය එම රෝගයේ ස්වභාවයයි.

Somatoform Diseases

අනෙක් අයගේ අවධානය ලබා ගැනීමට නිතරම කටයුතු කරයි. තමාට ඇත්තටම රෝගයක් නොමැති වුවද කුමන හෝ රෝගයක් ඇති බවට අඟවා ඒ තුළින් අනෙක් අයගේ අවධානය ලබා ගැනීමට උත්සාහ කරයි.

Eating Disorders

මෙම රෝගයේ වර්ග රාශියක් ඇත. ඇතැම් පුද්ගලයන් ආහාර සම්බන්ධ කරුණුවල දි මානසික රෝගයන්ගෙන් පීඩා විඳින බව ඔබ දන්නවා ද? Anorexia Nervosa යන රෝගයේ දී ඉතාම කෙට්ටු පුද්ගලයන් තමා ඉතා මහත බව සිතා ආහාර පාලනය සිදු කරයි. තරුණ කාන්තාවන්ට මෙම තත්ත්වය වැඩි වශයෙන් පවතින බව සොයාගෙන ඇත. Bulimia Nervosa යන රෝගයේ දී වැඩියෙන් ආහාර ගෙන තමා ආහාර ගත්තා වැඩි යැයි සිතා එම ආහාර වමනය කිරීම සිදු කරයි.

Sleeping Disorders

නින්දේ ඇතිවන අක්‍රමිකතා සහ මානසික ව්‍යාකූලත්වය යටි සිතෙහි ඇති වියවුල් සහගත බවල මානසික කම්පනය වැනි තත්ත්වයන් මෙම රෝගී තත්ත්වයට හේතු වේ. මෙහි ප්‍රධාන කාණ්ඩ කිහිපයකි. ඒ අනුව රෝග ලක්ෂණ වෙනස් වේ.

Insomnia - නින්ද නොයෑම ප්‍රධාන ලක්ෂණය වේ

Hypersomnia - නිතරම නිදා ගැනීම ප්‍රධාන ලක්ෂණය වේ.

Sleep Walking -නින්දෙන් ඇවිදීම මෙය දරුණු රෝගයක් නොවේ. නමුත් එහිදී එම පුද්ගලයාට අනතුරක් සිදුවීමේ අවදානමක් ඇත.

Night Mares - නින්දෙන් අවදි වීම, භය වීම, හීනෙන් කතා කිරීම ප්‍රධාන ලක්ෂණ වේ. කුඩා ළමුන්ට මෙම තත්ත්වය බහුලව ඇත.

Night Terrors - මෙය ඉතාම දරුණු තත්ත්වයකි. නින්දෙන් අවදි වීම සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම, ඇතැම් විට මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට ද යොමු වේ.

Sexual Disorders

ලිංගිකත්වය මත ඇතිවන මානසික රෝගයන්ගෙන් ඇතැම් පුද්ගලයන් පීඩා විඳියි. මෙම රෝග තත්ත්වය පිරිමි පුද්ගලයන් අතර බහුලවම දැකිය හැකිය. මෙම රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් සමාජයට බෙහෝ කරදර සිදු වේ. කුඩා දරුවන් සහ සෑම වයස් මට්ටමකම පසුවෙන කාන්තාවන්ට මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියාවන් නිසා දැඩි ලෙස අපහසුතාවන්ට ලක් වේ. මෙම මානසික රෝගයන්ගෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන් මනුෂ්‍ය ඝාතන පවා සිදු කිරීමට පෙළඹේ. එමෙන්ම පවුල් ජීවිත අසාර්ථක වීමට ද මෙවැනි රෝග තත්ත්වයන් බලපායි. මෙවැනි රෝගීන් ඉතාම දරුණුය. මෙවැනි රෝග සඳහා මානසික ප්‍රතිකාර ක්‍රම ඇත. රෝග ලක්ෂණ අනුව මෙහි වර්ග කිහිපයකි.

Lack of Desire - ලිංගික ක්‍රියාවන්ට දැඩි ලෙස අකමැති වීම මෙහි ප්‍රධාන ලක්ෂණයකි.

Vaginismus - ලිංගික කටයුතු සඳහා උනන්දුවක් නොමැති වීම. අතවරවලට ලක් වීම වැනි වේදනාකාරී ලිංගික අත්දැකීම් ඇති බොහෝ කාන්තාවනට මෙම තත්ත්වය ඇත.

Dysperenia - ලිංගික කාර්යයේදී දරුණු ලෙස හැසිරීම. බොහෝ පිරිමි පුද්ගලයන් අතර මෙම තත්ත්වය දැකගත හැකිය.

මීට අමතරව Failure for Sexual Arousal, Or****ic, Preamture Ej*******on, Excessive Sexual Desire යනුවෙන් මෙම වර්ගයේ තවත් රෝග ඇත. මෙම රෝග බොහොමයක්ම අසාමාන්‍ය ලිංගික ආශාවන් සහ අසහනයන් නිසා හෝ ලිංගික කටයුතු සඳහා අකමැති වීම නිසා ඇතිවන රෝග තත්ත්වයන් වේ.

Personality Disorders (පෞරුෂ ආබාධ)

පුද්ගලයාගේ පෞරුෂයේ ඇතිවන විවිධ ආබාධ නිසා මෙම මානසික රෝගී තත්ත්වය ඇති වේ. සුවිශේෂිත රෝග ලක්ෂණ අනුව පෞරුෂ ආබාධ වර්ග කිහිපයකි.

Obsessive Compulsive Disorder (OCD)

අධික පිරිසිදු බව අධික පිළිවෙළ සහ එකම ක්‍රියාව නැවත නැවත සිදු කිරීම නැවත නැවත එකම දේ පිළිබඳව සිතීම ඒ නිසා මානසික වශයෙන් ඇති වන අසහනකාරී බවක් ඇති වේ. නමුත් අනෙක් මානසික රෝග මෙන් ජීවිතයට එතරම් බලපෑමක් ඇති නොවේ. මෙම රෝග තත්ත්වය ලංකාවේ මිනිසුන්ගෙන් 7%කට පමණ ඇත. මෙහිදී එකම සිතුවිල්ල නැවත නැවත සිතීම නිසා එකම ක්‍රියාව කිහිප වරක් කිරීම දැකිය හැකිය. (Obsession ), (Compulsion)¡. අනිවාර්යෙන්ම මෙම රෝග ලක්ෂණයන්ගෙන් එකක් තිබිය යුතුය. මොළයේ සිදුවන කි‍්‍රයාකාරිත්වයේ ඇතිවන අසමතුලිතතාවයන් මොළයේ ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම් සහ ජානමය හේතු සාධක මෙම රෝග තත්ත්වය ඇති වීමට බලපායි. ඖෂධ ප්‍රතිකාර සහ මනෝ උපදේශනය යන ප්‍රතිකාර ක්‍රම දෙකම මෙහිදී ලබාදිය යුතුය. Medication Psychotherapy, CBT, Exposure and Response Prevention යන ප්‍රතිකාර ක්‍රම ද මෙම රෝගය සඳහා නිර්දේශ කරයි. Exposure and Response Prevention යන ප්‍රතිකාර ක්‍රම මගින් රෝගියා එකම කි‍්‍රයාව නැවත නැවත සිදු කරන වාර ගණන අඩු කිරීම සිදු කරයි.

Paranoid Personality Disorder - අනෙක් අය නිතරම සැක කිරීම

Anti Social Personality Disorder ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම ප්‍රධාන ලක්ෂණය වේ. ඔවුන් නිතරම සමාජයේ ජීවත් වේ. මත්පැන් සහ මත් ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීම ස්ත්‍රී දූෂණය මිනිස් ඝාතන සිදු කිරීම සොරකම් කිරීම මත් ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම වැනි සමාජ විරෝධී ක්‍රියාවන් වල මෙවැනි පුද්ගලයන් නිරත වන අතර ඔවුන්ට තමන් කරන වැරදි පිළිබඳ පසුතැවීමක් ද නොමැත. සමාජය පිළිගත් සම්මතයන්ට පටහැනි චර්යාවන් මෙම පුද්ගලයන් තුළ දැකගත හැකිය.

Borderline Personality Disorder - නිතරම ආවේගශීලි ලෙස හැසිරීම සහ පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමේ ඇති වන දුෂ්කරතා ප්‍රධාන ලක්ෂණය වේ. මෙම පුද්ගලයන්ට ඇත්තේ තාවකාලික සම්බන්ධතාවන්ය.

මීට අමතරව කුඩා ළමුන්ට ඇති මානසික ආබාධයන් කිහිපයක් ද ඇත.

ADHD - අධි ක්‍රියාකාරී දරුවන් ආවේගශීලි හැසිරීමල වැඩි වෙලාවක් අවධානය රඳවා තබා ගැනීමට නොහැකි වීම මෙහි ප්‍රධාන ලක්ෂණ වේ.

Conduct Disorder - සොරකම් කිරීම සතුන් මැරීම සහ අන් අයට හිංසාවන් සිදු කිරීම වැනි සමාජ විරෝධී කි‍්‍රයාවන් සිදු කිරීම.

Oppositional Defiant - අන් අයට සවන් නොදීම සහ දැඩි අකීකරු බව

Elective Mutism - අන් අය සම‘ග කිසි විටෙකත් කතා නොකිරීම - පාසලේදී යහළුවන් සමග කතා නොකිරීම

Tic Disorders - අසභ්‍ය වචන භාවිතය සහ ආවේගශීලි බව

Enuresis - වයස අවුරුදු හතෙන් පසුව දරුවාට නිතරම රාති‍්‍රයේදී නින්දේ දී මුත්‍රා පිට වීම රෝගී තත්ත්වයකි.

Encopresis - නිරන්තරයෙන් දරුවාට නිවසෙන් බැහැරව සිටින විට නිදසුනක් වශයෙන් පාසලේදී නිතරම මළපහ විම ද රෝගී තත්ත්වයකි.

Stammering - කතා කරන විට ගොත ගැසීම

කුඩා ළමුන්ට ඇති මෙම මානසික ආබාධයන් එතරම් දරුණු ඒවා නොවන අතර ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම ලබා දී සුවය ලබාගත හැකිය.

ඉහත දක්වා ඇත්තේ මානසික රෝග පිළිබඳ කෙටි හැඳින්වීමකි. ඉහත සඳහන් කරන ලද මානසික රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම ඇත. එම ප්‍රතිකාර ක්‍රම මගින් රෝගීන්ට සුවය ලබාගත හැකිය. ඉහත සඳහන් කරන ලද මානසික රෝගයන්ට අමතරව තවත් මානසික රෝග බොහොමයක්ම ඇත. මෙම මානසික රෝග ඇති පුද්ගලයන්ගේ ක්‍රියාවන් කිසිසේත්ම ඔවුන් සිතා මතා සිදු කරන දේවල් නොවේ. එය රෝගයේ ස්වභාවයයි. එම චර්යාවන් ඔවුන්ට පාලනය කරගත නොහැකිය.

💊Furosemide (ෆියුරෝසමයිඩ්) ඖෂධය ගැන දැනගන්න,⚜️Furosemide යනු Loop Diuretic(ලූප් ඩයුරටික්) කාණ්ඩයට අයත් ප්‍රබල මුත්‍රා වර...
16/05/2026

💊Furosemide (ෆියුරෝසමයිඩ්) ඖෂධය ගැන දැනගන්න,

⚜️Furosemide යනු Loop Diuretic(ලූප් ඩයුරටික්) කාණ්ඩයට අයත් ප්‍රබල මුත්‍රා වර්ධක ඖෂධයකි. මෙය ශරීරයේ අතිරික්තව පවතින ජලය සහ ලවණ ඉතා වේගයෙන් බැහැර කිරීමට උපකාරී වන බැවින්, හදිසි අවස්ථාවලදී සහ දරුණු ඉදිමුම් තත්ත්වයන් පාලනය කිරීමට බහුලව භාවිතා වේ.

⚜️ක්‍රියාකාරීත්වය (Mechanism of Action)

මෙම ඖෂධය වකුගඩුවේ ඇති Loop of Henle(හෙන්ලේ පුඩුව) නම් ප්‍රදේශයේ ක්‍රියා කරයි. එහිදී සෝඩියම්, පොටෑසියම් සහ ක්ලෝරයිඩ් යන ලවණ නැවත ශරීරයට අවශෝෂණය වීම වළක්වයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි ජල ප්‍රමාණයක් මුත්‍රා ලෙස ශරීරයෙන් පිටවන අතර රුධිර නාලවල පීඩනය සහ ශරීරයේ පටක අතර ඇති දියර ප්‍රමාණය අඩු වේ.

⚜️භාවිතය සඳහා නිර්දේශ (Indications)

🔹ඉදිමීම (Edema):හෘදයාබාධ (Congestive Heart Failure), වකුගඩු රෝග හෝ අක්මා රෝග (Cirrhosis) නිසා ඇතිවන දරුණු ඉදිමුම් තත්ත්වයන්ට.
🔹පෙනහළුවල ජලය පිරීම (Acute Pulmonary Edema):හුස්ම ගැනීමේ අපහසුව ඇති කරන පෙනහළුවල ජලය පිරීමේ හදිසි අවස්ථාවලදී.
🔹අධික රුධිර පීඩනය (Hypertension):වෙනත් ඖෂධ මගින් පාලනය කිරීමට අපහසු රුධිර පීඩන තත්ත්වයන් සඳහා.

⚜️භාවිතයට නුසුදුසු අවස්ථා (Contraindications)

♦️Anuria:වකුගඩු මගින් මුත්‍රා නිපදවීම සම්පූර්ණයෙන්ම නැවතී ඇති අවස්ථාවලදී.
♦️Severe Electrolyte Depletion:සිරුරේ ලවණ මට්ටම අන්තරායකර ලෙස අඩු වී ඇති විට.
♦️Hypersensitivity:ෆියුරෝසමයිඩ් හෝ සල්ෆා (Sulfonamide) ඖෂධවලට අසාත්මිකතා ඇති පුද්ගලයන්ට.

⚜️අතුරු ආබාධ (Side Effects)

🔸විජලනය (Dehydration):ශරීරයෙන් ජලය වැඩිපුර බැහැර වීම නිසා ඇතිවන පිපාසය සහ කට වියළීම.
🔸ඉලෙක්ට්‍රොලයිට් අසමතුලිතතාවය:විශේෂයෙන් පොටෑසියම් මට්ටම අඩුවීම (Hypokalemia), මැග්නීසියම් සහ කැල්සියම් මට්ටම් අඩුවීම.
🔸ශ්‍රවණාබාධ (Ototoxicity):ඉතා අධික මාත්‍රාවන් හෝ විශේෂ අවස්ථාවලදී තාවකාලිකව කන් ඇසීම දුර්වල වීම හෝ කන් ඇතුළත ශබ්ද ඇසීම (Tinnitus) ඇති විය හැක.
🔸රුධිර පීඩනය සීග්‍රයෙන් අඩුවීම:** කරකැවිල්ල සහ ක්ලාන්ත ගතිය.

⚜️වෙනත් ඖෂධ සමඟ අන්තර් ක්‍රියා (Interactions)

♦️Aminoglycoside Antibiotics:Gentamicin වැනි ඖෂධ සමඟ ලබා දීමේදී කන්වලට සහ වකුගඩුවලට සිදුවන හානිය වැඩි විය හැක.
♦️Digoxin:පොටෑසියම් මට්ටම අඩුවීම නිසා හදවතේ ගැස්ම අසාමාන්‍ය වීම සහ විෂ වීම් සිදුවිය හැක.
♦️Lithium:රුධිරයේ ලිතියම් මට්ටම ඉහළ ගොස් විෂ වීමේ අවදානම වැඩි වේ.
♦️NSAIDs:ඇස්ප්‍රින් හෝ ඉබුප්‍රොෆෙන් වැනි ඖෂධ නිසා ෆියුරෝසමයිඩ්වල ක්‍රියාකාරිත්වය අඩු විය හැක.

🚨විශේෂ අවධානයට (Cautions)

මෙම ඖෂධය භාවිතා කරන විට නිතර නිතර මුත්‍රා පිටවීම සාමාන්‍ය තත්ත්වයකි. රාත්‍රී කාලයේ නින්දට බාධා වීම වැළැක්වීම සඳහා සාමාන්‍යයෙන් මෙය උදෑසන කාලයේදී ලබා ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කරයි. කරකැවිල්ල ඇති විය හැකි බැවින් ඖෂධය ලබා ගත් මුල් කාලයේදී රිය පැදවීම වැනි අවධානය අවශ්‍ය කාර්යයන්හිදී ප්‍රවේශම් විය යුතුය.

⚠️වගකීම් විරහිත ප්‍රකාශය (Disclaimer):
> මෙය සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණක් සැපයූ තොරතුරු වන අතර වෛද්‍ය උපදෙසක් නොවන බව කරුණාවෙන් සලකන්න. කිසිදු විටෙක ස්වයං-ප්‍රතිකාර සඳහා මෙය භාවිතා නොකළ යුතුය. ප්‍රතිකාර ලබා ගැනීමට සහ ඖෂධ මාත්‍රාවන් තීරණය කිරීමට අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගත යුතුමය.

🔴 කාන්තා සෞඛ්‍යය: UTI ගැන ඔබ නොදත් කතාව... 👱‍♀️🧠❤️----------------------------------------------------------------------...
10/05/2026

🔴 කාන්තා සෞඛ්‍යය: UTI ගැන ඔබ නොදත් කතාව... 👱‍♀️🧠❤️
----------------------------------------------------------------------------------

මුත්‍රා කරන වෙලාවට දැනෙන අධික දැවිල්ල, නිතර නිතර මුත්‍රා කරන්න අවශ්‍ය වුණත් ස්වල්පයක් පමණක් පිටවීම, සහ යටිබඩේ දැනෙන ඒ අපහසුකාරී වේදනාව...

ඔයත් කවදා හරි මේ අත්දැකීමට මුහුණ දීලා තියෙනවාද? කාන්තාවන් අතර ඉතාම බහුල මේ තත්ත්වය අපි "මුත්‍රා ආසාදනයක්" එහෙම නැත්නම් Urinary Track Infection (UTI) කියලා හඳුන්වනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නෙ කාන්තාවන් සුලබව දකින්න ලැබෙන මේ තත්ත්වය ගැනයි...

🟣 ​ඇත්තටම ඇයි පිරිමින්ට වඩා කාන්තාවන්ට මේ කරදරය නිතරම හැදෙන්නේ...

ඒකට ප්‍රධානම හේතු කිහිපයක් තියෙනවා.

1️⃣ ​ශරීරයේ පිහිටීම (Anatomy)..
​කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය (Urethra) පිරිමින්ට වඩා ගොඩක් කෙටියි. පිරිමින්ගේ මුත්‍රා මාර්ගය අඟල් 8ක් පමණ දිග වුවත්, කාන්තාවන්ගේ එය අඟල් 1.5ක් වැනි ඉතා කුඩා දුරක්. මේ නිසා පිටතින් එන බැක්ටීරියාවන්ට ඉතාම ඉක්මනින් මුත්‍රාශය දක්වා ගමන් කරන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ හින්දා පිරිමින්ට වඩා ඉක්මනින් කාන්තාවනට මුත්‍රා ආසාදන වැලදෙනවා.. 👩‍🦰👩‍🦰

2️⃣ ​බැක්ටීරියා වලට ඇති සමීප බව..
​මුත්‍රා මාර්ගය විවෘත වන ස්ථානය, ගුද මාර්ගයට (A**s) ඉතාම ආසන්නව පිහිටා තිබීම නිසා. මලපහ වල සිටින E. coli වැනි බැක්ටීරියා ඉතාම පහසුවෙන් මුත්‍රා මාර්ගයට ඇතුළු වීම සිද්ධවෙනවා... 🚫🚫🚫

3️⃣ ​ලිංගික ක්‍රියාකාරකම්..
​ලිංගිකව එක්වීමේදී සිදුවන පීඩනය නිසා බැක්ටීරියා මුත්‍රා මාර්ගය තුළට තල්ලු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. අන්න ඒ හින්දා විවාහක කාන්තාවන් අතර මෙය තත්ත්වය "Honeymoon Cystitis" ලෙසත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා... ♀️♂️

4️⃣ ​ආර්තවහරණය (Menopause)..
​වයසත් සමඟ කාන්තාවන්ගේ ශරීරයේ ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනය අඩු වෙනවා. මෙන්න මේ හෝමෝනය අඩු වීම නිසා මුත්‍රා මාර්ගයේ පටක වල වෙනස්කම් සිදු වෙලා බැක්ටීරියා වලට හිතකර පරිසරයක් නිර්මාණය වීම සිද්ධවෙනවා. මේ නිසාත් කාන්තාවන් ඉක්මනින් මුත්‍රා ආසාදන වලට ගොදුරු වෙනවා.. 👩‍🦳👩‍🦳

🟣 ඉතින් මෙන්න මේ කරදරයෙන් බේරෙන්නේ කොහොමද...

✅ ​දිනකට ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීමෙන් මුත්‍රා මාර්ගයේ සිටින බැක්ටීරියා සෝදා හැරීමට උදව් වෙනවා.
✅ ​වැසිකිළි භාවිතයෙන් පසු සැමවිටම ඉදිරිපස සිට පසුපසට (Front to Back) පිරිසිදු කිරීමට වගබලා ගන්න ඕනෙ.
✅ ​මුත්‍රා රඳවා ගන්න එපා. මුත්‍රා කිරීමට අවශ්‍ය වූ විට එය ප්‍රමාද නොකර පිට කරන්න.
✅ ​ලිංගිකව එක්වීමෙන් පසු මුත්‍රා පිට කර ශරීරය පිරිසිදු කර ගැනීමෙන් බැක්ටීරියා ඇතුළු වීම අවම කරගන්න පුලුවන්.

🔴 මෙන්න මේ දේත් මතක තියාගන්න...

ඔයාටත් මුත්‍රා සමඟ ලේ පිටවීම, අධික උණ හෝ කොන්දේ වේදනාවක් තියෙනවා නම්, එය වකුගඩු දක්වා ආසාදනය පැතිරී ඇති බවට ලක්ශයක් වෙන්න පුලුවන්.ඒ නිසා ඒ වගේ අවස්තාවක වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.

*🎡Fusidic Acid Cream ගැන ඔබ දැනගත යුතු වැදගත් තොරතුරු*🎡අපේ සමට ඇතිවන බැක්ටීරියා ආසාදන නිසා රතු වීම, කැසීම, පිරිසිදු නොවන...
10/05/2026

*🎡Fusidic Acid Cream ගැන ඔබ දැනගත යුතු වැදගත් තොරතුරු*🎡

අපේ සමට ඇතිවන බැක්ටීරියා ආසාදන නිසා රතු වීම, කැසීම, පිරිසිදු නොවන තුවාල, පූරු ඇතිවීම වැනි ගැටලු බොහෝවිට ඇතිවෙනවා. මෙවැනි අවස්ථාවල වෛද්‍යවරුන් බහුලව prescribe කරන cream එකක් තමයි Fusidic Acid Cream කියන්නේ. අද අපි මේ cream එක ගැන සරලව සහ පැහැදිලිව දැනගමු. 👇

1) Fusidic Acid Cream කියන්නේ මොකක්ද?
Fusidic Acid යනු සමේ බැක්ටීරියා ආසාදන වලට භාවිතා කරන antibiotic cream එකක්. මෙය බැක්ටීරියා වර්ධනය නවත්වමින් ආසාදනය පාලනය කිරීමට උපකාරී වෙනවා.

මෙය බොහෝවිට “Fusidic Cream”, “Fucidin Cream” වැනි නම් වලින් ද හඳුන්වනවා.

2) භාවිතා කරන රෝග සහ තත්ව
🦕 සමේ බැක්ටීරියා ආසාදන
🦕Impetigo
🦕Infected cuts and wounds
🦕කුරුලෑ ආසාදන
🦕Eczema වල secondary infection
🦕Hair follicle infections
🦕Nail area infections
🦕Minor skin infections

3) මෙය fungal infection හෝ viral infection සඳහා භාවිතා කරන cream එකක් නොවේ.

4) Cream එක භාවිතා කරන නිවැරදි ක්‍රමය
🏹 භාවිතා කිරීමට පෙර අත් හොඳින් සෝදන්න.
🏹 ආසාදිත ස්ථානය පිරිසිදු කර වියළා ගන්න.
🏹 Cream එක සුළු ප්‍රමාණයක් පමණක් තට්ටුවක් ලෙස ආලේප කරන්න.
🏹 සාමාන්‍යයෙන් දිනකට 2–3 වතාවක් භාවිතා කරනවා.
🏹 වෛද්‍යවරයා නියම කළ දින ගණන සම්පූර්ණ කරන්න.

5) වැඩිපුර cream දමන එකෙන් ඉක්මනින් සුව නොවේ.

6) භාවිතා කිරීමේදී වැදගත් උපදෙස්
🧶 ඇස් ඇතුළට යාමෙන් වළකින්න.
🧶 කට ඇතුළේ හෝ නාසය ඇතුළේ භාවිතා නොකරන්න.
🧶 වෙනත් කෙනෙකුගේ cream භාවිතා නොකරන්න.
🧶 Doctor උපදෙස් නොමැතිව දිගු කාලයක් භාවිතා නොකරන්න.

7) සාමාන්‍ය අතුරු ආබාධ
සමහර අයට පහත ලක්ෂණ ඇතිවිය හැකියි:
▪️ කැසීම
▪️ සුළු දැවිල්ල
▪️ රතු වීම
▪️ සම වියළීම
▪️ Irritation

මෙම ලක්ෂණ බොහෝවිට සුළු වන අතර කාලයකින් අඩුවෙයි.

😎 වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා
❗ දැඩි allergy
❗ මුහුණ ඉදිමීම
❗ හුස්ම ගැනීමේ අපහසුතාව
❗ සමේ දැඩි රතු වීම
❗ ආසාදනය වැඩිවීම

9) Fusidic Acid Cream සහ Steroid Cream අතර වෙනස
බොහෝ දෙනා cream සියල්ල එක වගේ කියලා හිතනවා. නමුත් Fusidic Acid Cream යනු antibiotic cream එකක්. Steroid cream එකක් නොවේ.

👉 Antibiotic cream බැක්ටීරියා මැරීමට භාවිතා කරනවා.
👉 Steroid cream inflammation සහ allergy අඩු කිරීමට භාවිතා කරනවා.

ඒ නිසා තමන්ටම cream තෝරා භාවිතා කිරීම අනතුරුදායකයි.

10) දරුවන්ට භාවිතා කළ හැකිද? 👶
වෛද්‍ය උපදෙස් මත දරුවන්ටද භාවිතා කළ හැකියි. නමුත් diaper area වැනි ස්ථාන වල භාවිතා කරන විට extra care අවශ්‍යයි.

11) ගර්භණී සහ මව්කිරි දෙන මව්වරුන්
Doctor හෝ pharmacist උපදෙස් මත පමණක් භාවිතා කරන්න. විශේෂයෙන් breast area වල භාවිතා කරන විට සැලකිලිමත් විය යුතුයි.

12) Antibiotic Cream වැරදි භාවිතයේ අවදානම
🧶 අනවශ්‍ය ලෙස දිගු කාලයක් භාවිතා කිරීමෙන් antibiotic resistance ඇතිවිය හැකියි.
එවිට ඉදිරියේදී බෙහෙත් වැඩ නොකරන තත්ත්වයක් ඇතිවිය හැකියි.
🧶 සමේ සාමාන්‍ය බැක්ටීරියා balance එකද වෙනස් විය හැකියි.

13) සමේ ආසාදන වලින් ආරක්ෂා වීමට
🧼 සම පිරිසිදුව තබාගන්න
🧼 තුවාල ඉක්මනින් පිරිසිදු කරන්න
🧼 Personal towels සහ clothes share නොකරන්න
🧼 Nails පිරිසිදුව තබාගන්න
🧼 Excessive scratching වලින් වළකින්න

14) Pharmacist ගෙන් උපදෙස් ගන්න එක වැදගත් ඇයි?
👨‍⚕️ Cream එක නිවැරදිව භාවිතා කරන ආකාරය
👨‍⚕️ Side effects
👨‍⚕️ කොපමණ දින භාවිතා කළ යුතුද
👨‍⚕️ වෙනත් cream සමඟ භාවිතා කළ හැකිද
👨‍⚕️ දරුවන්ට සහ වැඩිහිටියන්ට සුදුසුද

මෙවැනි වැදගත් තොරතුරු pharmacist මඟින් ලබාගන්න පුළුවන්.

🌿 ඔබේ සමේ සෞඛ්‍යය රැකගන්න
ඖෂධ නිවැරදිව භාවිතා කිරීමෙන් පමණක් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. Doctor හෝ pharmacist උපදෙස් නොමැතිව cream භාවිතා කිරීමෙන් වළකින්න.

👉ගබ්සාව සහ ප්‍රසාරණය සහ සුව කිරීමේ ක්‍රියාවලිය (D&C) අතර වෙනස ගැන ව්‍යාකූලද? මෙම ලිපිය ඒ සියල්ල පැහැදිලි කරයි! ගබ්සාවක් ...
04/05/2026

👉ගබ්සාව සහ ප්‍රසාරණය සහ සුව කිරීමේ ක්‍රියාවලිය (D&C) අතර වෙනස ගැන ව්‍යාකූලද? මෙම ලිපිය ඒ සියල්ල පැහැදිලි කරයි! ගබ්සාවක් කළා, නමුත් වෛද්‍යවරයා D&C නිර්දේශ කරනවාද? 😰 බොහෝ කාන්තාවන් කනස්සල්ලට පත්ව සිටිති: D&C ඉතා හානිකරද? මට එය මඟ හැරිය හැකිද?

ඇත්ත වශයෙන්ම, ගබ්සාව සහ D&C සම්බන්ධ වුවද, ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් ය!

සායනිකව, ගබ්සා කිරීම් වලින් 30% ක් පමණ D&C අවශ්‍ය වේ.

බොහෝ කාන්තාවන් වෙනස ගැන ව්‍යාකූල වී ඇත, එබැවින් අද අපි ඔබට එය පැහැදිලිව පැහැදිලි කරන්නෙමු!

1️⃣ විවිධ අරමුණු

• ගබ්සාව: මූලික ඉලක්කය වන්නේ ගැබ් ගැනීම අවසන් කිරීමයි (ගර්භණී සති 14 ක් ඇතුළත).

• D&C: එය ගබ්සා කිරීමේ ක්‍රමවලින් එකක් වන අතර, රෝග (එන්ඩොමෙට්‍රියල් පිළිකා වැනි) හඳුනා ගැනීමට හෝ අවශේෂ පටක ඉවත් කිරීමට ද භාවිතා කළ හැකිය.

2️⃣ ක්‍රියා පටිපාටි

• ගබ්සාව: ගැබ් ගැනීමෙන් සති 10ක් ඇතුළත, රික්තක අභිලාෂය (සාමාන්‍යයෙන් "චූෂණ" ලෙස හැඳින්වේ) භාවිතා කරනු ලැබේ, එහිදී හිස් කැනියුලාවක් භාවිතා කර ගර්භණී මල්ල උරා ගනී; ගැබ් ගැනීමෙන් සති 10-14 අතර, ෆෝර්සෙප්ස් සුව කිරීම සිදු කරනු ලැබේ, එහිදී කලලරූපය උරා ගැනීමට පෙර තලා දමනු ලැබේ, ගැබ්ගෙල පූර්ව ප්‍රතිකාර අවශ්‍ය වේ.

• සුව කිරීම: අන්තර්ගතය ඉවත් කිරීම සඳහා සුව කිරීම හෝ චූෂණ නලයක් භාවිතා කරයි. රෝග විනිශ්චය සුව කිරීම සඳහා ගැබ්ගෙල ඇල සහ ගර්භාෂ කුහරයේ පටක කොටස් වශයෙන් සීරීම අවශ්‍ය වේ; චිකිත්සක සුව කිරීම සඳහා අසාමාන්‍ය පටක (සංකල්පයේ රඳවා ගත් නිෂ්පාදන වැනි) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අවශ්‍ය වේ.

3️⃣අදාළ අවස්ථා

• අවශ්‍ය ගබ්සාව: ගර්භණී වයස සති ≤14ක් සහිත සැලසුම් නොකළ ගැබ් ගැනීම; දරුණු කලලරූපී විකෘතිතා/ගර්භණීභාවයට මාතෘ ප්‍රතිවිරෝධතා.

• සුව කිරීම අවශ්‍ය වේ: පශ්චාත්-ගබ්සා අල්ට්‍රා සවුන්ඩ් මඟින් රඳවා ගත් පටක පෙන්නුම් කරයි (සිදුවීමේ අනුපාතය ආසන්න වශයෙන් 10%); අසාමාන්‍ය ගර්භාෂ ලේ ගැලීම මාස 3 ඉක්මවයි (පිළිකා බැහැර කිරීමට); හයිඩටිඩිෆෝම් මවුලයක සුව කිරීම.

4️⃣ අවදානම් වෙනස්කම්

• ගබ්සාව: ගැබ්ගෙල ඉරිතැලීම් (3%), ගර්භාෂ සිදුරු (0.1%).

• සුව කිරීම: අභ්‍යන්තර ගර්භාෂ ඇලීම් ඇතිවීමේ වැඩි අවදානමක් (පුනරාවර්තන රෝගීන් තුළ 25% දක්වා).

5️⃣ ප්‍රතිකාර කිරීමෙන් පසු කළමනාකරණය

• පොදු ප්‍රතිවිරෝධතා: මාස 1 ක් සඳහා ලිංගික ක්‍රියාකාරකම්/ටබ් ස්නානය නොකළ යුතුය; කුළුබඩු සහිත/සීතල ආහාර ගැනීමෙන් වළකින්න.

• ප්‍රධාන නිරීක්ෂණය: ගබ්සාවකින් පසු, ගර්භණී පටක වල ලේ ගැලීමේ/පිටවීමේ ප්‍රමාණය කෙරෙහි අවධානය යොමු කරන්න; ප්‍රසාරණයකින් සහ සුව කිරීමකින් පසු (D&C), අඛණ්ඩ උදර වේදනාව (ආසාදනය) සහ ඔසප් ප්‍රවාහයේ හදිසි අඩුවීමක් (ඇලවීම් පෙන්නුම් කරයි) පිළිබඳව විමසිලිමත් වන්න.

💊Telmisartan යනු කුමක්ද?Telmisartan යනු Angiotensin II Receptor Blocker (ARB) නම් ඖෂධ කාණ්ඩයට අයත් ඖෂධයකි. මෙය ලොව පුරා ...
01/05/2026

💊Telmisartan යනු කුමක්ද?

Telmisartan යනු Angiotensin II Receptor Blocker (ARB) නම් ඖෂධ කාණ්ඩයට අයත් ඖෂධයකි. මෙය ලොව පුරා බහුලව භාවිතා වන ආරක්ෂිත ඖෂධයකි.

⚜️මෙම ඖෂධය ලබා දෙන්නේ කුමන තත්ත්වයන් සඳහාද?

♦️අධික රුධිර පීඩනය (Hypertension) පාලනය කිරීමට තනිව හෝ වෙනත් රුධිර පීඩනය පාලනය කරන ඖෂධ සමඟ ලබා දිය හැකිය.
♦️හෘදවාහිනී ආරක්ෂාව (Cardiovascular Protection):හෘදයාබාධ (Heart attack) හෝ ආඝාතය (Stroke) ඇතිවීමේ වැඩි අවදානමක් ඇති රෝගීන්ගේ එම අවදානම අවම කිරීම සඳහා.

⚜️ඖෂධය ක්‍රියා කරන ආකාරය

අපගේ ශරීරයේ රුධිර නාල පටු කරන ස්වභාවික රසායනිකයක් (Angiotensin II) පවතී. Telmisartan මගින් එම රසායනිකයේ ක්‍රියාවලිය අවහිර කරයි. එවිට:
🔹රුධිර නාල ලිහිල් වෙලා රුධිරය ගලායාම පහසු වේ.
🔹හදවතට රුධිරය පොම්ප කිරීමට වැයවන වෙහෙස අඩු වේ.

⚜️Dose & Use
▪️සාමාන්‍යයෙන් භාවිතා වන මාත්‍රාව 20mg සිට 80mg දක්වා වුවද,නිවැරදි මාත්‍රාව වෛද්‍යවරයා විසින් තීරණය කරයි.
▪️සාමාන්‍යයෙන් දිනකට එක්වරක් ලබා දෙන ඖෂධයකි.

⚜️අතුරු ආබාධ (Side Effects)

ඕනෑම ඖෂධයක මෙන්ම Telmisartan හි ද අතුරු ආබාධ පැවතිය හැකිය. නමුත් මේවා සෑම පුද්ගලයෙකුටම ඇති නොවේ.

♦️පොදු අතුරු ආබාධ (Common Side Effects):
▪️කරකැවිල්ල (විශේෂයෙන් වාඩි වී සිට එකවර නැගිටීමේදී).
▪️පිටුපස වේදනාව (Back pain).
▪️සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ (Sinusitis/Upper respiratory tract infection).
▪️තෙහෙට්ටුව හෝ විඩාබර ගතිය.

♦️කලාතුරකින් ඇතිවිය හැකි බරපතල අතුරු ආබාධ (Serious Side Effects):
මෙවැනි ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය:
▪️මුහුණ හෝ උගුර ඉදිමීම (Angioedema):මෙය අසාත්මිකතාවයක ලක්ෂණයකි.
▪️රුධිරයේ පොටෑසියම් මට්ටම ඉහළ යාම (Hyperkalemia):මාංශ පේශි දුර්වලතාවය හෝ අසාමාන්‍ය හෘද ස්පන්දනය මෙහි ලක්ෂණ වේ.
▪️වකුගඩු ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්:මුත්‍ර පිටවන ප්‍රමාණය අඩුවීම හෝ වර්ණය වෙනස් වීම.

⚜️Drug interactions
🔹Pottassium Supplements/ Potassium salt - ශරීරයේ පොටෑසියම් වැඩි වෙන්න පුළුවන්.
🔹වේදනා නාශක ඖෂධ භාවිතා කරන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න(උදා: බෲෆන් වැනි ඖෂධ)
🔹Diuretics ඖෂධ සමග ලබා ගැනීමේදී රුධිර පීඩනය ගොඩක් අඩුවෙන්න පුළුවන්.(උදා:Furosemide(ෆෘසෙමයිඩ්)

🚨විශේෂ අවධානයට (Precautions & Warnings)

♦️ගර්භණී සමය (Pregnancy):ඔබ ගැබ්ගෙන ඇත්නම් හෝ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී නම් මෙම ඖෂධය කිසිසේත්ම වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිතා නොකළ යුතුය. එය නූපන් දරුවාට බරපතල හානි සිදු විය හැකිය.
♦️පොටෑසියම් අතිරේක:මෙම ඖෂධය රුධිරයේ පොටෑසියම් මට්ටම ඉහළ නංවන බැවින්, වෛද්‍ය උපදෙස් රහිතව පොටෑසියම් අඩංගු විටමින් වර්ග හෝ ලුණු ආදේශක භාවිතා නොකරන්න.
♦️වකුගඩු සහ අක්මා රෝග:එවැනි තත්ත්වයන් ඇත්නම් ඖෂධය නියම කිරීමට පෙර වෛද්‍යවරයාට ඒ බව දැනුම් දිය යුතුය.

⚠️ Disclaimer):මෙම තොරතුරු හුදෙක් දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර වෛද්‍ය උපදෙසක් නොවේ. කිසිම විටෙක වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ භාවිතා කිරීම, මාත්‍රාවන් වෙනස් කිරීම හෝ ඖෂධ නතර කිරීම සිදු නොකරන්න.

💊කැල්සියම් කාබනේට් (Calcium Carbonate) යනු කුමක්ද?⚜️කැල්සියම් කාබනේට් යනු ස්වභාවිකව බහුලව දක්නට ලැබෙන ඛනිජමය සංයෝගයකි. ව...
30/04/2026

💊කැල්සියම් කාබනේට් (Calcium Carbonate) යනු කුමක්ද?

⚜️කැල්සියම් කාබනේට් යනු ස්වභාවිකව බහුලව දක්නට ලැබෙන ඛනිජමය සංයෝගයකි. වෛද්‍ය විද්‍යාවේදී මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ භාවිතා වේ:

🔹ආහාර අතිරේකයක් ලෙස (Dietary Supplement): සිරුරට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා දීමට.

🔹ප්‍රතිඅම්ලයක් ලෙස (Antacid): ආමාශයේ ඇතිවන අධික ආම්ලිකතාවය පාලනය කිරීමට.(බහුලවම combination විදියට පවතිනවා)

⚜️ප්‍රධාන භාවිතයන් සහ ප්‍රයෝජන

▪️අස්ථි සහ දත්වල සෞඛ්‍යය: ශරීරයේ කැල්සියම් මට්ටම අඩුවීම නිසා ඇතිවන ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis) වැනි තත්ත්වයන් පාලනය කිරීමට සහ අස්ථි ශක්තිමත් කිරීමට මෙය උපකාරී වේ.

▪️අජීර්ණය සහ පපුවේ දැවිල්ල පාලනය: ආමාශයේ නිපදවන අම්ල උදාසීන කිරීම මගින් අජීර්ණය සහ බඩේ දැවිල්ල (Heartburn) අවම කර ගැනීමට සහ සමනය කිරීමට මෙය භාවිතා කරයි.

▪️රුධිරයේ කැල්සියම් මට්ටම පවත්වා ගැනීම: රුධිරයේ කැල්සියම් මට්ටම අඩු රෝගීන්ට (Hypocalcemia) අවශ්‍ය කැල්සියම් ලබා දීමට වෛද්‍යවරුන් මෙය නිර්දේශ කරයි.

⚜️විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු
▪️කැල්සියම් කාබනේට් භාවිතයේදී පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ:

▪️අවශෝෂණය (Absorption): කැල්සියම් කාබනේට් ශරීරයට නිසි ලෙස අවශෝෂණය වීමට නම් එය ආහාර වේලක් සමඟ ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

⚜️අතුරු ආබාධ: සමහර පුද්ගලයන්ට මලබද්ධය (Constipation) හෝ බඩ පිපුම වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය.

⚜️ඖෂධ අන්තර්ක්‍රියා (Drug Interactions): ඔබ දැනටමත් වෙනත් ඖෂධ (විශේෂයෙන් ප්‍රතිජීවක හෝ යකඩ පෙති) ලබා ගන්නේ නම්, කැල්සියම් කාබනේට් එම ඖෂධවල ක්‍රියාකාරිත්වයට බාධා කළ හැකිය. එම නිසා වෙනත් ඖෂධ සහ මෙය ලබා ගැනීම අතර අවම වශයෙන් පැය 2කවත් පරතරයක් තබා ගැනීම සුදුසුය.

⚜️පවත්නා රෝගී තත්ත්ව: වකුගඩු රෝග හෝ වකුගඩු වල ගල් (Kidney stones) ඇති අය මෙය භාවිතා කිරීමට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

⚠️Disclaimer(වැදගත් නිවේදනය):
මෙය හුදෙක් තොරතුරු දැනගැනීම සඳහා පමණක් ලබා දෙන පණිවිඩයක් වන අතර, මෙය වෛද්‍ය උපදෙසක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕනෑම ඖෂධයක් හෝ අතිරේකයක් භාවිතා කිරීමට පෙර, ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මැනවින් දන්නා බලපත්‍රලාභී වෛද්‍යවරයකු හමුවී අනිවාර්යයෙන්ම උපදෙස් ලබා ගන්න. මාත්‍රාවන් (Dosage) තීරණය කළ යුත්තේ වෛද්‍යවරයකු පමණි.

30/04/2026

නින්ද මදිකම නිසා අධික තරබාරුව ඇතිවෙන්නෙ මෙහෙමයි. නිදිමරණ ගමන් බර අඩුකරගන්න හිතන්නවත් එපා. 🛑😴⚖️⚠️

ඔබත් ඔබේ ශරීරය අධික තරබාරුයි කියලා හිත හිත, රෑට නිදිමරාගෙන කල්පනා කරන කෙනෙක්ද? 😟 එහෙනම් මේක අහන්න. ඔබ නොදන්නවා වුණාට ඔබේ මේ නින්ද මදිකමම තමයි ඔබේ තරබාරුවට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. 😴⚖️

ඒක වෙන්නේ කොහොමද කියලා අපි බලමු. පර්යේෂණ මගින් දැන් තහවුරු වෙලා තියෙනවා දවසකට පැය 6කට වඩා අඩුවෙන් නිදාගන්න අයගේ BMI අගය, ඒ කියන්නේ උසට සරිලන බර, ගොඩක් වැඩි වෙනවා කියලා. 📈

ඇයි මෙහෙම වෙන්නේ? 🤔 සාමාන්‍යයෙන් අපි නිදාගෙන ඉන්න වෙලාවට තමයි අපේ ශරීරයෙන් ආහාර දිරවීමට අවශ්‍ය කරන හෝමෝන ශ්‍රාවය කරන්නේ. මේ හෝමෝන මගින් ආහාර නිසි ලෙස ජීර්ණය කරනවා වගේම, ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවීම සහ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමත් සිදු කරනවා. ✅

හැබැයි ඔබට නින්ද මදි වුණාම, ඔබේ ශරීරයේ ආතතිය වැඩි කරන 'කෝටිසෝල්' (Cortisol) කියන හෝමෝනය නිපදවෙන්න ගන්නවා. 😰 ඒ වගේම තමයි, නින්ද මදි වුණාම කෑමක් කෑවට පස්සේ ශරීරයේ ඉන්සියුලින් ශ්‍රාවය වීමත් වැඩියෙන් උත්තේජනය වෙනවා. 💉 මේ විදියට ඉන්සියුලින් වැඩිපුර නිපදවෙන නිසා දියවැඩියාවට සම්බන්ධ වෙන අධික තරබාරුව ඔබට ඇති වෙන්න පුළුවන්. ⚠️

ඉතින්, බර අඩු කරගන්න නම් ව්‍යායාම කරනවා වගේම, රෑට හොඳ නින්දක් ලබාගන්න එකත් අනිවාර්යයි කියලා අමතක කරන්න එපා! ❤️✨

බඩේ දකුණු පැත්තේ වේදනාව,ගැස්ට්‍රයිටිස් කියලා රැවටිලා තනියම බෙහෙත් බොනවාද?  අදම දැනුවත් වෙන්න! 🩺🛑ඔයාලා දන්නවද? 🧐 ගොඩක් දෙ...
30/04/2026

බඩේ දකුණු පැත්තේ වේදනාව,ගැස්ට්‍රයිටිස් කියලා රැවටිලා තනියම බෙහෙත් බොනවාද? අදම දැනුවත් වෙන්න! 🩺🛑

ඔයාලා දන්නවද? 🧐 ගොඩක් දෙනෙක් කරන ලොකුම වැරැද්දක් තමයි බඩේ මොකක් හරි අපහසුවක් ආපු ගමන් ඒක "ගැස්ට්‍රයිටිස්" කියලා හිතලා තනියම බෙහෙත් බොන එක. හැබැයි ඔයා මේ රවට්ට ගන්නේ ඔයාවම වෙන්න පුළුවන්. මොකද, ඔයා ගැස්ට්‍රයිටිස් කියලා හිතන සමහර ලක්ෂණ ඇත්තටම අක්මාව ලෙඩ වුණාම එන ලක්ෂණයි. 😟

අක්මාව ලෙඩ වුණාම ගොඩක් අයට ඒක මුලින්ම අඳුරගන්න බැරි වෙනවා. ලෙඩේ ටිකක් වැඩි වුණාම තමයි පරීක්ෂණ වලින් අහුවෙන්නේ. ඉතින් කොහොමද අපි මේක කලින්ම දැනගන්නේ? 🤔

1. බඩේ දකුණු පැත්තේ තෙරපුම: 📍

ඔයාගේ බඩේ දකුණු පැත්ත ආශ්‍රය කරගෙන පොඩි තදවීමක්, කොරවීමක් හෝ පොඩි වේදනාවක් දැනෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම අක්මාවේ තෙල් තැන්පත් වුණාම (Fatty liver) මේ වගේ අසාමාන්‍ය තෙරපුමක් දැනෙන්න ගන්නවා.

2. මහන්සිය සහ නිදිමත: 😴

ගැස්ට්‍රයිටිස් වගේ දැනෙන අපහසුවත් එක්කම, ඔයාට නිතරම මහන්සියක් දැනෙනවා නම්, නිකන් ඉඳගෙන හිටියත් තෙහෙට්ටුයි වගේ නම්, ඒක අක්මාවේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කෑම කෑවට පස්සේ මේ මහන්සිය තවත් වැඩි වෙලා, තද නිදිමතක් එන්නත් පුළුවන්. 🍱💤

3. ඇඟ කැසීම: 😰

සමහර අයට ඇඟ කැසීමට පටන් ගන්නවා. මේ කැසීමත් එක්ක රතු පාට ලප මතුවෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ කැසීම රාත්‍රියට වැඩියි. මේකට හේතුව තමයි අක්මාවෙන් නිකුත් කරන එන්සයිම ප්‍රමාණය වැඩි වීම.

4. වර්ණ වෙනස් වීම: 🟡

අක්මාවට හානි වෙද්දී අපේ සිරුරේ 'බිලිරුබීන්' කියන වර්ණකය ඉහළ යනවා. ඒ නිසා මුත්‍රා තද පාට වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ ඇස්, නියපොතු සහ හම තද කහ පාට වෙන්න ගන්නවා. අපි සෙංගමාලය කියලා හඳුන්වන රෝගී තත්වයේදී මේක දකින්න ලැබෙනවා. 👁️🟡

5. මලපහ වල වෙනස: 💩

අක්මාවට ලොකු හානියක් වෙලා නම්, පිටවන මලපහ තද කළු පාට වෙන්න පුළුවන්. මේ කියන්නේ ලෙඩේ ටිකක් අවදානම් මට්ටමක තියෙන්නේ. පරණ වුණු රුධිරය මලපහ එක්ක එකතු වීම නිසයි මෙහෙම වෙන්නේ. ⚠️

සිරෝසිස්, අක්මා ප්‍රදාහය වගේම අක්මා පිළිකා නිසාත් මේ තත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් නැතුව හිතුමතේ වේදනානාශක පෙති බොන එක (ඒක බටහිර වේවා, ආයුර්වේද වේවා), මධ්‍යසාර භාවිතය සහ විස වර්ග ශරීරගත වීම නිසා අක්මාව ඉක්මනින් ලෙඩ වෙන්න පුළුවන්. 💊🚫

ඉතින් ඔයාටත් මේ වගේ ලක්ෂණ තියෙනවා නම්, ගැස්ට්‍රයිටිස් කියලා හිතලා තනියම වෙදකම් කරගන්න යන්න එපා. 🛑 වහාම Liver Profile පරීක්ෂණයක් කරලා වෛද්‍ය උපදෙස් ගන්න. 🩺

කොලෙස්ටරෝල් සහ අධික බර පලවා හරින බැදගත් සූදුරු තේ පානය - ඔබ නොදන්නා රහස් මෙන්න 🛡️🧪🔥ඔබට සුබ දවසක්! අපි  ගත කරන ඉතාමත් කාර...
30/04/2026

කොලෙස්ටරෝල් සහ අධික බර පලවා හරින බැදගත් සූදුරු තේ පානය - ඔබ නොදන්නා රහස් මෙන්න 🛡️🧪🔥

ඔබට සුබ දවසක්! අපි ගත කරන ඉතාමත් කාර්යබහුල ජීවන රටාව නිසා ව්‍යායාම කරන්න වෙලාවක් නැති වීම, එක දිගට වාඩි වෙලා වැඩ කිරීම සහ ක්ෂණික ආහාර වලට හුරු වීම නිසා අපේ ශරීරය ඇතුළේ "සැඟවුණු මාරයෙක්" නිර්මාණය වෙනවා. ඒ තමයි අහිතකර කොලෙස්ටරෝල්.

වෛද්‍ය වාර්තාවක කොලෙස්ටරෝල් වැඩි කියලා දැක්කම හුඟක් අය බය වෙන්නේ ඒක හෘදයාබාධ වලට ප්‍රධානතම හේතුවක් නිසයි. හැබැයි ඔබ දන්නවාද? ඔබේ මුළුතැන්ගෙයි තියෙන කුළුබඩු අතරින් "සූදුරු" කියන්නේ මේ ලේ වල තෙල් දිය කරලා, ශරීරයේ බර පාලනය කරන්න පුළුවන් ප්‍රබලම සහ ආරක්ෂිතම ඔසුවක් බව? අද අපි හෙළි කරන්නේ බැදගත් සූදුරු තේ පානය මගින් ඔබේ සෞඛ්‍යය නිට්ටාවටම රැකගන්නා ආකාරයයි. 🧐🔬

1. සූදුරු වල අඩංගු රසායනික හාස්කම: ග්ලයිකොසයිඩ් සැපොනීන් 🔬📉

සූදුරු (Cuminum cyminum) කියන්නේ නිකම්ම රසකාරකයක් විතරක් නෙවෙයි. මෙහි සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනස් කළ හැකි සුවිශේෂී සංයෝග රැසක් අඩංගුයි.

• ග්ලයිකොසයිඩ් සැපොනීන් (Glycoside Saponins): 2026 නවතම වෛද්‍ය පර්යේෂණ පවා තහවුරු කරන්නේ සූදුරු වල තියෙන මේ සුවිශේෂී සංයෝගය රුධිර නාල වල තැන්පත් වෙලා තියෙන අහිතකර තෙල් අංශු (LDL) බිඳ හෙලීමට සමත් වන බවයි.
• පරිවෘත්තීය වේගය (Metabolism): සූදුරු මගින් සිරුරේ ආහාර ජීර්ණ එන්සයිම උත්තේජනය කරනවා. මේ නිසා ඔබ ගන්නා ආහාර වල තියෙන මේදය සිරුරේ තැන්පත් වීමට ඉඩ නොදී ශක්තිය බවට පත් කරනවා. මෙය බර අඩු කරගන්න ඉන්න අයට මැජික් එකක් වගේ ක්‍රියා කරනවා. 🛡️🧪

2. ආයුර්වේදය සහ දේශීය වෙදකමේ "සූදුරු" දැක්ම 🏺📜

අපේ හෙළ වෙදකමේ සූදුරු හඳුන්වන්නේ "දීපන" සහ "පාචන" ගුණ සහිත ඔසුවක් ලෙසයි.

• දීපන: කියන්නේ කුසගින්න සහ ආහාර ජීර්ණ ශක්තිය (Agni) වර්ධනය කරන එකටයි.
• පාචන: කියන්නේ සිරුරේ තැන්පත් වෙලා තියෙන "ආම" හෙවත් ජීර්ණය නොවූ විෂ ද්‍රව්‍ය දිය කරලා හරින එකටයි.
• මේදෝහර: හෙළ වෙදකමට අනුව සූදුරු සතු විශේෂ "මේදෝහර" ගුණය නිසා රුධිරයේ සහ අක්මාවේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය දිය කර හැරීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. 🌿✨

3. බැදගත් සූදුරු තේ පානය සකස් කරගන්නා නිවැරදි ක්‍රමය 🥣🥤

ඔබට මෙය ඉතාමත් සරලව ක්‍රම දෙකකට සකස් කරගන්න පුළුවන්:

පළමු ක්‍රමය (සූදුරු තේ): ☕

1. පිරිසිදු සූදුරු මේස හැන්දක් ගෙන මැටි වළඳක හෝ පෑන් එකක දමා තද දුඹුරු පැහැ වන තුරු මඳ ගින්නේ බැදගන්න. (පිළිස්සීමට ඉඩ නොදෙන්න). සූදුරු බදින විට එහි තියෙන අත්‍යවශ්‍ය තෙල් වර්ග (Essential Oils) නිදහස් වෙනවා.
2. දැන් මෙයට වතුර වීදුරුවක් එකතු කර විනාඩි 5ක් පමණ හොඳින් තම්බා ගන්න.
3. පසුව මෙය පෙරාගෙන, මඳක් නිවුණු පසු මී පැණි තේ හැන්දක් එකතු කර හිස්බඩ පානය කරන්න.

දෙවන ක්‍රමය (සාමාන්‍ය තේ සමඟ): 🍵

ඔබ දිනපතා පානය කරන තේ කෝප්පයට බැදගත් සූදුරු කුඩු ස්වල්පයක් එකතු කර පානය කිරීමෙන් දවස පුරා ඔබේ ආහාර ජීර්ණය ක්‍රමවත් කරගන්න පුළුවන්. ✨

4. මී පැණි වල තියෙන රහස: "යෝගවාහී" ගුණය 🍯✨

සූදුරු පානයට මී පැණි එකතු කිරීම හුදෙක් රසයට විතරක් කරන දෙයක් නෙවෙයි. ආයුර්වේදයේ මී පැණි හඳුන්වන්නේ "යෝගවාහී" ද්‍රව්‍යයක් ලෙසයි. ඒ කියන්නේ, මී පැණි සමඟ මිශ්‍ර කරන ඔසුවේ ගුණය සිරුරේ ගැඹුරුම පටක දක්වා වේගයෙන් ගෙන යෑමට මී පැණි සමත් වෙනවා. සූදුරු වල තෙල් දිය කිරීමේ ගුණය තවත් තීව්‍ර කරන්න මී පැණි උදව් වෙනවා. 🍯🚀

5. නවතම පර්යේෂණ හෙළිදරව්ව 🔬📊

නවතම පර්යේෂණ වලට අනුව දිනකට එක් වරක් බැගින් සති දෙකක් සූදුරු තේ පානය කරන පුද්ගලයින්ගේ සිරුරේ බර සහ කොලෙස්ටරෝල් මට්ටම 10% ත් 15% ත් අතර ප්‍රමාණයකින් ස්වභාවිකවම අඩු වන බව සොයාගෙන තියෙනවා. මෙය කිසිදු අතුරු ආබාධයක් නැතිව රුධිර නාල පිරිසිදු කරන ස්වාභාවික "Detox" පානයක් විදිහටයි දැන් පිළිගැනෙන්නේ. 🛡️📉

6. විශේෂ අවධානයට: ගැබ්බර මව්වරුන් සඳහා අනතුරු ඇඟවීම 🚨🤰

මෙය ඉතාමත් වැදගත්! සූදුරු කියන්නේ ඉතාමත් ගුණදායක ඔසුවක් වුණත්, එහි "ගර්භපාතී" ගුණයක් තියෙනවා. ඒ කියන්නේ ගර්භාෂය උත්තේජනය කිරීමේ හැකියාවක් සූදුරු වල තියෙනවා.

• ඒ නිසා ගැබ්බර මව්වරුන් සූදුරු අධික ලෙස සේවනය කිරීමෙන් වැළකී සිටිය යුතුයි.
• ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැති බව නිතරම මතක තබාගන්න. 🚫🤰

7. දිනපතා භාවිතයෙන් ලැබෙන අමතර වාසි ✅🛠️

• බඩ පිපුම සහ අජීර්ණය නතර වීම: කෑම ගත් පසු දැනෙන බර ගතිය සහ ගෑස් ප්‍රශ්න වලට සූදුරු කියන්නේ අත්දුටු ප්‍රතිකාරයක්. 🌬️
• සම පැහැපත් වීම: සිරුරේ විෂ (Toxins) ඉවත් වීම නිසා සම නිරෝගී සහ පැහැපත් වෙනවා. ✨
• ශක්තිය වර්ධනය වීම: ආහාර වල ඇති පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස ශරීරයට අවශෝෂණය කර දෙන නිසා දවස පුරා ක්‍රියාශීලීව ඉන්න ඔබට පුළුවන්. ⚡

රුපියල් දහස් ගණන් දීලා ගන්න බෙහෙත් පෙති වලට කලින්, අපේ හෙළ කුළුබඩු වල තියෙන මේ වගේ වටිනාකම් අත්හදා බලන්න. බැදගත් සූදුරු තේ වීදුරුවකින් ඔබේ දවස ආරම්භ කරලා, කොලෙස්ටරෝල් සහ අනවශ්‍ය බර පලවා හරින්න. ✨

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Senkadagala Lanka Pharmacy&Grocery,Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share