Thitha for Mental Health - තිත

Thitha for Mental Health - තිත වෙනස වෙනස් කරන්න, සිතුවිලි සමඟ ආකල්ප එකතු කරන තිත.

31/07/2025

ඔයත් උඩ නැගලා බිම බලන්න බැරි කෙනෙක්ද ?Acrophobia (Fear of Heights)උස් ගොඩනැගිල්ලක සිටීම, උස තැනක සිට බිම බැලීම හෝ ඉණිමඟක...
30/07/2025

ඔයත් උඩ නැගලා බිම බලන්න බැරි කෙනෙක්ද ?
Acrophobia (Fear of Heights)

උස් ගොඩනැගිල්ලක සිටීම, උස තැනක සිට බිම බැලීම හෝ ඉණිමඟක් භාවිතා කිරීම වැනි උසකට සම්බන්ධ වන තත්වයන්ට ඇති දැඩි බිය Acrophobia (ඇක්‍රොෆෝබියා) තත්වයක් ලෙස හදුන්වනවා. අනෙකුත් විශේෂිත භීතිකාවන් (phobia) මෙන්ම, ඇක්‍රොෆෝබියා (acrophobia) තත්වයද මානසික චිකිත්සාව නම් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයකින් සුව කළ හැකි තත්වයකි.

හරි අපි දැනගමු එහෙනම් ඇක්‍රොෆෝබියා තත්වය ඇති අයගෙන් බහුතරයක් දෙනා බිය වන්නේ කුමන ආකාරයේ දේවල් වලටද කියා ?

1 - පඩි පෙළක් උඩට ඇවිදගෙන යන්න.
2 - ඉණිමඟක නගින්න.
3 - තට්ටු තට්ටු වාහන නැවැත්වීමේ park එකක් භාවිතා කරන්න.
4 - පාලමක් මත සිටීම හෝ පාලමකින් එගොඩ වීමට.
5 - රෝලර්කෝස්ටරයක් පැදීමට.
6 - බැල්කනියක් අසල හෝ ගොඩනැගිල්ලක මුදුනේ සිටගෙන සිටීමට.
7 - උස් ගොඩනැගිල්ලක ජනේලයකින් පහල බැලීමට.

Acrophobia කියන්නේ වඩාත් සුලභ භීතිකා (phobia) තත්වයක්. ලෝකයේ මිනිසුන්ගෙන් ආසන්න වශයෙන් 3% සිට 6% දක්වා මෙම ඇක්‍රොෆෝබියා තත්වයේ සිටිනවා.

ඇක්‍රොෆෝබියා (acrophobia) තත්වය නිසා ඔයාට දැනෙන දේවල් මොනවද ?

- ඉහළ ස්ථාන ගැන සිතන විට, බලන විට හෝ ඉහළ ස්ථානවල සිටින විට දැඩි බියක් සහ කනස්සල්ලක් දැනීම.
- උස් ස්ථානයකින් වැටීම හෝ සිරවීම වැනි උස් ස්ථානයක් සම්බන්දව යම් අයහපත් දෙයක් සිදුවේ යැයි බිය වීම.
- උස තැන් වලට යාම මගහැරීමට හෝ උස තැනක සිටිනවා නම් එතනින් පලා යෑමට නිතර උත්සහ කිරීම.
- උස ගැන සිතන විට හෝ බලන විට වේගවත් හද ගැස්මක් අත්විඳීම.
- උස ගැන සිතන විට හෝ බලන විට කරකැවිල්ල ඇතිවීම.
- කලබලකාරී බවක් දැනෙනවා.
- වෙව්ලනවා.
- හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම.

නමුත්, මෙම ඇක්‍රොෆෝබියා (acrophobia) තත්වය ඔබට මානසික ප්‍රතිකාර ලෙස exposure therapy, virtual reality exposure therapy මෙන්ම ඇතැම් අවස්ථාවල cognitive behavioral therapy (CBT) වැනි ප්‍රතිකාර ක්‍රම මා වැනි නිසි දැනුමක් සහ පුහුණුවක් ලද මනෝ උපදේශකයෙකු , චිකිත්සකයෙකු විසින් යම් කාලයක් නොකඩවා සිදු කිරීමෙන් සුව කල හැක.

සටහන : thitha / තිත

29/07/2025

තවමත් ඔබ අසාර්ථක පුද්ගලයෙක් | සාර්ථකත්වයට මගක්

මනෝ-උපදේශනයයට සහ මනෝ-චිකිත්සනයට (Counseling and Psychotherapy) මගින් මානසික රෝග සුව වෙන්න කොයිතරම් කාලයක් ගත්වෙනවද ? | (...
28/07/2025

මනෝ-උපදේශනයයට සහ මනෝ-චිකිත්සනයට (Counseling and Psychotherapy) මගින් මානසික රෝග සුව වෙන්න කොයිතරම් කාලයක් ගත්වෙනවද ? | (ප්‍රධාන මානසික රෝග 20 ඇසුරෙන්)

1 - Depression (විෂාදය)
සුව වෙන්න ගතවන කාලය: මාස 6-12

2 - Generalized Anxiety Disorder (GAD)
සුව වෙන්න ගතවන කාලය: මාස 6-12

3 - Panic Disorder
සුව වෙන්න ගතවන කාලය: මාස 6-12

4 - Social Anxiety Disorder
සුව වෙන්න ගතවන කාලය: මාස 6-12

5 -Obsessive-Compulsive Disorder (OCD)
සුව වෙන්න ගතවන කාලය: මාස 12-24

6 - Post-Traumatic Stress Disorder (PTSD)
සුව වෙන්න ගතවන කාලය: මාස 12-24

7 - Bipolar Disorder
සුව වෙන්න ගතවන කාලය: මාස 12-24

8 - Schizophrenia
සැලකිය යුතු කාලයක් ගතවේ. නිශ්චිතවම කිව නොහැක. බොහෝ අයට පොදුවේ අවුරුදු 2-3 පමණ ගතවේ.
Average recovery time: Long-term management (varies greatly)

9 - Eating Disorders (Anorexia, Bulimia, Binge Eating)
සුව වෙන්න ගතවන කාලය: මාස 12-24

10 - Attention-Deficit/Hyperactivity Disorder (ADHD)
සැලකිය යුතු කාලයක් ගතවේ. නිශ්චිතවම කිව නොහැක. තත්වය මත වෙනස් වේ.
Average recovery time: Long-term management (varies greatly)

11 - Borderline Personality Disorder
සුව වෙන්න ගතවන කාලය: මාස 12-24

12 - Autism Spectrum Disorder
සැලකිය යුතු කාලයක් ගතවේ. නිශ්චිතවම කිව නොහැක. තත්වය මත වෙනස් වේ.
Average recovery time: Long-term management (varies greatly)

13 - Phobias
සුව වෙන්න ගතවන කාලය: මාස 6-12

14 - Dysthymia (Persistent Depressive Disorder)
සුව වෙන්න ගතවන කාලය: මාස 12-24

15 - Substance Use Disorders
සුව වෙන්න ගතවන කාලය: මාස 12-24

16 - Seasonal Affective Disorder (SAD)
සුව වෙන්න ගතවන කාලය: මාස 6

17 - Adjustment Disorder
සුව වෙන්න ගතවන කාලය: මාස 6

18 - Somatic Symptom Disorder
සුව වෙන්න ගතවන කාලය: මාස 6-12

19 - Illness Anxiety Disorder (Hypochondriasis)
සුව වෙන්න ගතවන කාලය: මාස 6-12

20 - Dissociative Disorders
සුව වෙන්න ගතවන කාලය: මාස 12-24

සටහන : Thitha / තිත

27/07/2025

පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වීමට ඔබත් ආසන්නයේ සිටින පුද්ගලයෙක් ද?

මානසික ලෙඩක් හැදුනම මොකක්ද කරන්න ඕන ?1 - වෛද්‍ය උපදෙස් සහ මානසික උපදේශනය ලබාගැනීම:පළමුව මනෝවෛද්‍යවරයෙකු හෝ මානසික සෞඛ්‍ය...
26/07/2025

මානසික ලෙඩක් හැදුනම මොකක්ද කරන්න ඕන ?

1 - වෛද්‍ය උපදෙස් සහ මානසික උපදේශනය ලබාගැනීම:

පළමුව මනෝවෛද්‍යවරයෙකු හෝ මානසික සෞඛ්‍ය වෛද්‍යවරයෙකු, මනෝ උපදේශකයෙකු හමුවීමට කටයුතු කරන්න. ඔවුන්ගේ උපදෙස් අනුව අවශ්‍ය පරීක්ෂණ සහ ගතයුතු පියවර සිදු කළ යුතුය.

2 - මනෝ-චිකිත්සනය (Therapy):

Cognitive Behavioral Therapy (CBT), Interpersonal Therapy (IPT) වැනි මනෝ-චිකිත්සක ක්‍රමවේදනයන් සදහා යොමුවන්න. මේ සදහා ඔයාට වෘත්තීය Counsellors හෝ Therapists කෙනෙකු හමුවිය හැක. විශේෂම කාරණාව ඔවුන් වෘත්තීය සුදුසුකම් සහ පුහුණුව ලද අයද කියා සොයා බැලීම.

3 - ඖෂධ ප්‍රතිකාර:

වෛද්‍යවරයාගේ උපදෙස් මත ඖෂධ ලබා ගත යුතුය. ඖෂධ භාවිතය තමාට කැමති අයුරින් නොව වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කළ යුතුය.

4 - ජීවන රටාව වෙනස් කිරීම:

ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර ලෙස නිවැරදි ආහාර වේලක් ගැනීමත්, හොද සුවදායී නින්දක් ලබාගැනීම මගින් ඔබේ ජීවන රටාව වෙනස් කිරීම යහපත් ආකාරයට සිදු කල හැක.

5 - සමාජ සහයෝගය:

මිතුරන් හා පවුලේ අය සමග කථා කිරීම, ඔබේ හැගීම්, අදහස් බෙදා ගැනීමට හේතු වෙනවා. එමෙන්ම සමාජ කටයුතු හා සංවිධාන සමග එක් වී සමාජ කටයුතු වලට සහභාගී වීමද ඔබට යහපතක් ගෙන දීමට හේතු වෙනවා.

සටහන : තිත / Thitha

Separation Anxiety Disorder (SAD) කියන්නේ ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන කාංසාව (Anxiety) සම්බන්ධ මානසික ආබාධමය තත්වයක්. මේ...
24/07/2025

Separation Anxiety Disorder (SAD) කියන්නේ ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන කාංසාව (Anxiety) සම්බන්ධ මානසික ආබාධමය තත්වයක්. මේ තත්වය ඇති දරුවන් තමන්ගේ දෙමාපියන්ගෙන් හෝ තමාව රැකබලාගන්නා කෙනාගෙන් ඈත්වෙන්න සිදුවෙනවා කියා සිතලා බොහෝ ලෙස දුක් වෙනවා, අඩනවා, කනගාටු වෙනවා.

හරි දැන් අපි දැනගමු මේ තත්වය ඇති ළමයෙක් පෙන්වන රෝග ලක්ෂණ මොනවගේද කියලා...

1 - තමන්ගේ දෙමාපියන් හෝ තමාව රැකබලාගන්නා කෙනා නැතුව තනියම ඉස්කෝලේ යන්න, පෙරපාසලට යන්න, ගමනක් යන්න වගේම කොටින්ම විනෝද චාරිකාවක් යන්න පවා බය වෙනවා.

2 - අම්මා තාත්තා වගේම තමාව රැකබලාගන්නා කෙනා නැතුව තනියම ඉන්න හුගක් බය වෙනවා. එය සාමාන්‍ය ළමයෙක් බය වෙන මට්ටමට වඩා වැඩි මට්ටමක්.

3 - තමන් ආදරය කරන ලගම කෙනෙක්ට කරදරයක් වෙයි කියල හිතලා මේ තත්වය ඇති දරුවන් හුගක් බයෙන් වගේම කල්පනා කර කර ඉන්නවා.

4 - තමගේ ජිවිතයට මොනවා හරි කරදරයක් වේවි කියා අධික බයකින් කල්පනා කරනවා, අඩනවා,.

5 - ගෙදර දාලා ගමනක් යන්න, ඉස්කෝලේ යන්න ඉතාමත්ම අකමැති වෙනවා.

6 - දරුවාට නින්ද ආශ්‍රිත ගැටළු ඇති වෙනවා. සමහර දරුවන්ට නින්ද යන්නෙම නෑ. තවත් දරුවන්ට කැඩි කැඩී ඇතිවන නින්දක් ඇති වෙනවා.

7 - තමන් ආදරය කරන ලගම කෙනෙක් නැති උනාම ශරීරයේ එක එක කැක්කුම් තියෙනවා කියලා අඩනවා. උදහරයක් විදිහට කිව්වොත් ඉස්කෝලේ ඉන්නකොට හේතුවක් නැතුවම බද රිදෙනවා, ඔලුවේ කැක්කුමයි කියලා අඩනවා.

ආදරණිය දෙමාපියනි ! ඉතින් ඔබේ දරුවත් මේ ලක්ෂණ පෙන්නුම් කරනවාද ? දරුවාට ගුටි ගහලා, සැර කරලා මේ මානසික තත්වය විසදන්නනම් බැහැ. ඒ සදහා විශේෂිත වූ මානසික රෝග ප්‍රතිකාර ක්‍රම තියෙනවා. බෙහෙත් පෙත්තක්වත් දරුවාට නොදී සුව කරන්න පුලුවන් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ නිසා ඔබත් ඔබේ දරුවාගේ අනාගතය ගැන සිතා හැකි ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කරන්න. මේ සදහා ඔබට මාව සම්බන්ද කරගැනීමට 0703767147 යන දුරකථන අංකයට පණිවුඩයක් යොමු කරන්න.

සටහන: Thitha / තිත

23/07/2025

Online Game Addiction | පරිගණක ක්‍රීඩා කිරීමට ඇබ්බැහිවුණු කෙනෙකුගේ ලක්ෂණ

මනෝ-චිකිත්සක ප්‍රතිකාරඅප රටේ ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ ඖෂධ ප්‍රතිකාර සහ විද්‍යුත් ප්‍රතිකාරය . නමුත් බොහෝ සෙයින් පවතින ...
22/07/2025

මනෝ-චිකිත්සක ප්‍රතිකාර

අප රටේ ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ ඖෂධ ප්‍රතිකාර සහ විද්‍යුත් ප්‍රතිකාරය . නමුත් බොහෝ සෙයින් පවතින මනෝචිකිත්සක ප්‍රතිකාර හෙවත් කතාබහ කර ගැටළු විසඳන ප්‍රතිකාර ක්‍රම (talking therapy) අපේ රටේ ඉතාම අඩුවෙන් භාවිතා වෙයි .

එහෙත් මානසික සෞඛ්‍යය රැක ගැනීමට මනෝ චිකිත්සක ප්‍රතිකාර වලින් ලැබෙන සහය සුළු පටු නොවේ. ඒ අනුව ඇතැම් මානසික රෝග සහ මානසික අර්බුද විසඳීමට මෙම මනෝ චිකිත්සක ප්‍රතිකාරවලට කොයිතරම් හැකියාවක් තිබේද යත්, සමහරවිට ඇතැම් මානසික රෝග සහ මානසික අර්බුද විසඳීම සඳහා එක බෙහෙත් පෙත්තක්වත් අවශ්‍ය නොවීමට පුළුවන්.

- මනෝ චිකිත්සක ප්‍රතිකාර යනු ඉතා පුළුල් විෂයක්. ඒ අනුව යුග ජීවිතයේ සාර්ථකත්වයට හේතු වන මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම රාශියක් දැන් ලෝකයේ දියුණු රටවල්වල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙබඳු ප්‍රශ්නවලට මුහුණ දෙන අඹු සැමියන් බොහෝ විට මානසික අර්බුදවලට හෝ රෝග වලට ලක් වූ අය නෙවෙයි. නමුත් ඔවුහු තම යුග ජීවිතය සම්බන්ධයෙන් අනේකවිද ගැටළුවලට මුහුණ දෙමින් හිඳිති. බොහෝ දියුණු රටවල නම් මෙවැනි අය වෙනුවෙන් කරන්නේ අදාළ මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්ෂේත්‍රය සම්බන්ධව නිසි පුහුණුවක් ලද මනෝ චිකිත්සකවරුන්, මනෝ වෛද්‍යවරුන්, මනෝ විශේෂඥයන් විසින් ඔවුන්ට අදාළ ප්‍රතිකාර ක්‍රම ආරම්භ කිරීමයි.

නූතන සායනික මනෝවිද්‍යාව දියුණු රටවල මනෝ චිකිත්සක ප්‍රතිකාරද ඉතාමත්ම දියුණු මට්ටමකින් පවතිනවා. නමුත් අපේ රටේ පවත්නා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ සීමිත හැකියාව මත මෙවැනි පහසුකම් රාජ්‍යාංශයෙන් සලසා දීමට නොහැකි කමක් පවතිනවා. ඒ සඳහා විශේෂ පුහුණුවක් ලද විශේෂඥ මනෝවිද්‍යාඥයින්, මනෝ වෛද්‍යවරුන් සහ මනෝචිකිත්සකයන් නොමැති වීමත් ප්‍රධාන ගැටලුවක් වෙනවා.

මෙම තත්වය යටතේ අපේ රටේ ඉතාම සුළු කොටසක් අඹු සැමි ගැටලුවලට පවුල් උපදේශන සේවා ලබාගන්නට උනන්දු වෙනවා. මේ ආකාරයට මනෝ චිකිත්සක ප්‍රතිකාර, උපදේශන ප්‍රතිකාරය රට තුළ පවතිනවා කියා දන්නේ ඉතාමත්ම සුළු පිරිසක් පමණි. එනිසාම ජීවිත කාලයම දුක් වෙමින් ගත කරන ඔබේ මේ මානසික පීඩාකාරි ගැටලුවට, රෝගී තත්ත්වයට බොහෝ සුවදායී තත්ත්වයන් ළඟා කර දිය හැකි ප්‍රතිකාර ක්‍රම පවතින බව ඔබ දැනගත යුතුමය.

සටහන: Thitha / තිත

Narcissistic Personality Disorder (NPD) ඇති පුද්ගලෙක් පෙන්වන ලක්ෂණ: - NPD (Narcissistic Personality Disorder) ඇති පුද්ගල...
20/07/2025

Narcissistic Personality Disorder (NPD) ඇති පුද්ගලෙක් පෙන්වන ලක්ෂණ:

- NPD (Narcissistic Personality Disorder) ඇති පුද්ගලයන් තමන් සැබවින්ම වඩා විශ්මයජනක හෝ වැදගත් අයෙකු ලෙස සිතනවා. ඔවුන් සෑම දෙයකදීම තමන් කොතරම් විශිෂ්ටද යන්න හෝ තමන් කොතරම් සුවිශේෂද යන්න ගැන කතා කරනවා. සරලවම තමන් අන් සියල්ලන්ටම වඩා විශිෂ්ට සුවිශේෂ කෙනෙක් කියා සිතනවා.

- මිනිසුන් තමන්ව දැකීමට පැමිණීම සහ තමන් කෙතරම් ශ්‍රේෂ්ඨද යන්න අවට මිනිසුන් විසින් පවසාවි කියා අපේක්ෂාවෙන් සිටිනවා. ඔවුන්ට සෑම විටම තමන් සමාජයේ කැපීපෙනෙන තරුවක් වීමට උවමනාවක් තිබුනත් ඔවුන් හොයන ඒ ප්‍රමාණවත් අවධානය හෝ ප්‍රශංසාව නොලැබුණහොත් කලබල වෙනවා... රණ්ඩු වෙනවා. ඒ වගේම තමන් අවධානයට ලක්වන බව දන්නා මිතුරන් හෝ මිනිසුන් පමණක් තෝරා ගන්නට යොමු වෙනවා.

- තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට අන් අය භාවිතා කිරීමට NPD (Narcissistic Personality Disorder) සහිත පුද්ගලයන් යොමුවෙනවා. අනෙක් පුද්ගලයාට මොනවා උනත් තමන්ගේ දේ කරගැනීමට යොමු වෙනවා. මිනිසුන් රැවටීමට හෝ ඔවුන්ගෙන් වාසි ලබා ගැනීමට ඔවුන් ඉතා දක්ෂය. එය හරියට ඔවුන් තමන් ගැන පමණක් සිතන අතර ඔවුන් කැමති දේ ලබා ගැනීමට වෙනත් කෙනෙකුට රිදවීම ගැන තැකීමක් නොකරයි.

- NPD (Narcissistic Personality Disorder) ඇති අයෙකු තමන්ට වඩා හොඳින් ඇති බව පෙනෙන වෙනත් අයට ඊර්ෂ්‍යා කරනවා. ඔවුන් අන් සියල්ලන්ට වඩා තමා උසස් යැයි සිතමින් උසස් හා බලවත් ලෙස ක්‍රියා කරනවා. තමන් හොඳම විය යුතු යැයි සිතන නිසා හොඳින් වැඩ කරන වෙනත් කෙනෙකු ගැන ඔවුන් සතුටු වෙන්නේ නැ.

අපි දැන් මෙහෙම කෙනෙක්ට මොකද කරන්නේ ?

ඔව් NPD (Narcissistic Personality Disorder) ඇති පුද්ගලයින් සමඟ කටයුතු කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙවේ. බොහෝ දුරට මෙවන් පුද්ගලයන් සිටින ආදර සබදතා සහ පවුල් ආශ්‍රිත ගැටලු මම සතියකදී බොහෝ සේ අසන්න ලැබෙනවා. මෙවන් තත්වයන් ඇති පුද්ගලයින් සමග ගනුදෙනු කරන්නේ කෙසේද ? ඒ සදහා මානසික ප්‍රතිකාර ලබාගන්නේ කෙසේද ? ඔයාට පුලුවන් psychological counsellor කෙනෙක් වෙන මාත් සමග සම්බන්ධ වෙලා ප්‍රතිකාර ආරම්භ කරන්න.

සටහන : තිත / Thitha

16/07/2025

උසස් පෙළ විභාගය (part 03) | tuition class

Pseudobulbar affect රෝගී තත්වය යනු හදිසියේම නොහිතනා ආකාරයට ඇතිවන, තමාට පාලනය කළ නොහැකි ආකාරයෙන්  එම සිද්ධියට නොගැලපෙන ලෙ...
13/07/2025

Pseudobulbar affect රෝගී තත්වය යනු හදිසියේම නොහිතනා ආකාරයට ඇතිවන, තමාට පාලනය කළ නොහැකි ආකාරයෙන් එම සිද්ධියට නොගැලපෙන ලෙස සිනහවීම හෝ හැඬීම ඔස්සේ පවතින මානසික මෙන්ම ස්නායු රෝගී තත්ත්වයකි.

- Pseudobulbar බලපෑම සාමාන්‍යයෙන් සිදුවන්නේ ඇතැම් ස්නායු රෝග හෝ ස්නායුමය ආබධයන් ඇති පුද්ගලයින් තුළ වන අතර එය මොළයේ හැඟීම් පාලනය කරන ආකාරය කෙරෙහි බලපෑම් ඇතිකරයි. (ඇතැම් ස්නායු රෝග හෝ ස්නායුමය ආබධයන් කීපයක් පහතින් දක්වා ඇත)

Traumatic brain injury
Amyotrophic lateral sclerosis (ALS) / Lou Gehrig’s disease.
Multiple sclerosis (MS)
Alzheimer’s disease (dementia)
Stroke
Parkinson’s disease
Brain tumors
Epilepsy
Wilson’s disease

Pseudobulbar රෝග ලක්ෂණ:

- ඔබේ මනෝභාවයට (mood) හෝ ඔබේ මනෝභාවයේ තීව්‍රතාවයට ( intensity of your mood) නොගැලපෙන හැඬීම් හෝ සිනාසීම් ඇතිවෙනවා.
Eg:
*මළගෙදරක මිනියක් දකිනකොට අධිකව සිනා යනවා
*හිනා යන කාටුන් එකකට උනත් අඩන්න හිතෙනවා/අඩනවා

- අනපේක්ෂිතව, හදිසියේම කැමැත්තෙන් තොරව තමා සිනහවෙනවා හෝ අඩනවා.
- සිනාවෙන්න ඕන එකට අඩනවා හෝ අඩන්න ඕන එකට සිනවෙනවා.
- පැහැදිලි හේතුවක් නොමැතිව සිනහවෙනවා හෝ අඩනවා.
- කැමැත්තෙන් තොරව කෝපය හෝ කලකිරීම් ද ඇතිව සිනහවෙනවා හෝ අඩනවා.

- බොහෝ අවස්ථාවන් වලදී මෙම රෝග තත්වය විෂාදය (depression) කියා සිතා ප්‍රතිකාර කරනවා. ඒ ඔස්සේ රෝගය තව දුරටත් වර්ධනය වීමට විශාල ඉඩක් පවතිනවා. එනිසා මෙම තත්වයට ප්‍රතිකාර කරන විට ස්නායු රෝග තත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම මනෝ උපදේශන සහයද අවශ්‍යය. රෝගය සුව වී පැමිණෙන කාල සිමා තුල මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබාගැනීමද වඩාත් සුදුසුය.

සටහන : Thitha / තිත

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Thitha for Mental Health - තිත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Thitha for Mental Health - තිත:

Share