Vishmayu Ayurveda Medical Center

Vishmayu Ayurveda Medical Center Ayurveda Medical Center

24/02/2026
මා- හා-  (MaHa) කේශ මූල සත්කාරක ශීර්ෂාලේපන තෛලය ඔබගේ හිසකෙස් මූලයන්ට මනාව පෝෂණය හා සත්කාරය ලබාදෙමින් හිසකෙස් මූලයන් ශක්ත...
10/06/2025

මා- හා- (MaHa) කේශ මූල සත්කාරක ශීර්ෂාලේපන තෛලය ඔබගේ හිසකෙස් මූලයන්ට මනාව පෝෂණය හා සත්කාරය ලබාදෙමින් හිසකෙස් මූලයන් ශක්තිමත් හා නීරෝගී බවට පත් කරයි... අකලට හිසකෙස් ගැලවීයාම වළකා නීරෝගී හිසකෙස් වර්ධනයට අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි..
කිසිඳු ආකාරයක කෘතීම ද්‍රව්‍යයන් එක් කිරීමකින් තොරව ඉතාමත් ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරමින් නිපදවා ඇත.
දිනපතා හිසකෙස් අතර ආලේප කර මෘදුව සම්බාහනය කිරීම තුලින් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැක...

28/03/2023

ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන වේදනාකාරී බවෙන් වැඩි රෝග තත්ත්වයක් වන පරිකර්තිකා රෝගය සමාජයේ තරමක් බහුල තත්ත්වයක් වු.....

14/03/2023
08/03/2023
28/02/2023
සන්ධිගත රෝගී තත්ත්වයන් අද සමාජයේ බොහෝ දෙනෙක් විසඳුමක් නොමැතිව ලතවෙන ප්‍රශ්නයක් බවට පත්වෙලා. බොහෝ දෙනා සන්ධිගත රෝග වලින් ...
28/01/2023

සන්ධිගත රෝගී තත්ත්වයන් අද සමාජයේ බොහෝ දෙනෙක් විසඳුමක් නොමැතිව ලතවෙන ප්‍රශ්නයක් බවට පත්වෙලා. බොහෝ දෙනා සන්ධිගත රෝග වලින් පෙලෙන විට ඒ සඳහා වේදනා නාශක භාවිතා කරමින් රෝග තත්ත්වය පාලනය කරගෙන තමන්ගේ එදිනෙදා කටයුතු වල නිරත වෙනව. එහෙත් ඔවුන් දැනුවත් නැහැ එය තමන්ටම කරගන්නා විශාල හානියක් බව. වේදනා නාශක භාවිතයේදී වේදනාව පහව ගියත් ඔබේ රෝගය සුවවෙන්නෙ නැහැ. රෝග තත්ත්වය එලෙසම පවතිමින් සන්ධි වලට හානි ගෙනදෙනව. බෙහෙත් බොන වෙලාවට හොඳ වෙලා ආයෙම බෙහෙත් අවසන් වන විට වේදනාව ඇතිවන බව බොහෝදෙනා පවසන්නෙ ඉහත හේතුව නිසයි. මෙසේ රෝග තත්ත්වයන් යටපත් කරගනිමින් බොහෝ කාලයක් ගෙවී ගියහොත් ඔබේ සන්ධීන්ට සිදුවන දෙය ඔබට සිතාගන්න පුළුවන්ද? මෙහිදී ඔබ නොදැනුවත්වම දිගින් දිගටම ඔබේ රෝගීවූ සන්ධීන් සමග සුපුරුදු කාර්යයන් වල නිරතවෙනව. නමුත් ඔබ සිතන්නේ ඔබට දැන් සුවවී ඇති බව. ඇත්තටම ඔබ මෙහිදී රැවටෙනව. ඔබට වේදනා නාශක නිසා වේදනාව දැනෙන්නේ නැහැ. ඔබට ඔබගේ කාර්යයන් කල හැකියි. එනමුත් රෝගීවූ සන්ධීන් එලෙස රෝගය සුවපත් නොවී කාර්යයන් වල නිරතවීම නිසා රෝග තත්ත්වය එන්න එන්නම වැඩිවීම නිතැතින්ම සිදුවෙනව. අවසානයේදී වේදනා නාශක වලට පවා රෝගය යටපත් නොවන මට්ටමකට පත්වූ අවස්ථාද තියෙනව.
සන්ධිගත රෝග තත්ත්වයන් බොහෝ පරාසයක විහිදෙනව. එයින් බොහෝමයක් රෝග අවස්ථා සඳහා සාර්ථකව ආයුර්වේද චිකිත්සාව හරහා මැදිහත් වන්නට පුළුවන්. ආයුර්වේද ප්‍රතිකාර හරහා මැදිහත් නොවිය හැකි අවස්ථාවන්ද තිබෙනව. නමුත් මෙහිදී දැනගත යුතුම කාරණය වන්නේ සන්ධිගත රෝග සඳහා වන ආයුර්වේද චිකිත්සාවට යම් කාලයක් ගත වෙනව. ඔබේ සන්ධීන් වලට සිදුවී ඇති හානියේ ප්‍රමාණය සහ ඔබ රෝග තත්ත්වයත් සමග ගෙවාදමා ඇති කාලය මත ප්‍රතිකාර සඳහා ගත වන කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. දැනුවත් බව සහිතව නිවැරැදිව ඉවසීමෙන් හා ඉක්මනින් ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමුවුව හොත් ඉතාම සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්.
මෙහිදී සන්ධීන් අතර කාටිලේජ අඩුවීම සඳහා සිදුකරන ප්‍රතිකාර වලදී සන්ධීන් සැකසීමේ ක්‍රියාවලිය සමග ආයුර්වේද චිකිත්සාව භාවිතා කල විට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අප සායනිකව අත්දකිනව. සන්ධිගත රෝග චිකිත්සාවේ වැදගත් ස්ථානයක් මෙමෙ සන්ධීන් සැකසීමේ ක්‍රියාවලියට ලැබෙනව. එමනිසා ප්‍රතිකාර සඳහා ගතවන කාලය ඉතාමත් කෙටි කරගන්න පුළුවන්. සන්ධීන් අතර ස්වභාවය දැනගැනීමට එක්ස් කිරණ සටහන් ආදිය පරීක්ෂා කිරීම ඉතාමත් වැදගත් වෙනව. එමනිසා ඔබ සන්ධිගත රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම යාමේදී වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට අදාල වාර්තා සමගම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් අනවශ්‍ය ලෙස කාලය නාස්ති වීම වලක්වගන්න පුළුවන්.

විශ්මායු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.
ජම්බුගහපිටිය.
සියලු විමසීම්- 0714721172

Address

No. 48 , Mandandawela , Jambugahapitiya
Kandy
20822

Opening Hours

Monday 17:00 - 21:00
Tuesday 17:00 - 21:00
Wednesday 17:00 - 21:00
Thursday 17:00 - 21:00
Friday 17:00 - 21:00
Saturday 15:00 - 21:00
Sunday 08:00 - 10:00

Telephone

+94 71 472 1172

Website

Alerts

Be the first to know and let us send you an email when Vishmayu Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vishmayu Ayurveda Medical Center:

Share