23/01/2025
ස්ථීර දත් බද්ධ කිරීම /සිටවීම(Dental Implants) සහ ස්ථීරව සවි කරන ඇණ සහිත දන්ත පාලම්(Implant Supported Dental Bridges) ගැන මේ ලිපියෙන් අපි කතා කරමු.
ඔබ සමහර විට දැනටමත් දත් එකක් හෝ කීපයක් නැත්නම් සම්පූර්ණ දත් ඇන්ඳක්ම හෝ ඇඳි දෙකම ගලවලා තියෙන කෙනෙක් නම් දත්වලට විකල්ප දන්ත ප්‍රතිකාර විදියට සාමාන්‍ය දත් ඇඳි ප්‍රතිකාරය හෝ වෙනත් තාවකාලික දන්ත ප්‍රතිකාරයක් දැනටම ලබා ගෙන තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ අම්මා, තාත්තා, ආච්චි, සීයා හරි වෙන ඥාති කෙනෙක් හරි දන්න හඳුනන කෙනෙක් හරි තාවකාලික සාමාන්‍ය දත් ඇඳි පාවිච්චි කරනවා ඇති. එහෙමත් නැත්නම් ගලවලා හෝ ගැලවිලා ගිය දත්වලට තවමත් කිසිම ප්‍රතිකාරයක් ලබා ගත්තේ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්.
මේ කාට වුනත් ස්ථීරවම තමන්ගේ ස්වාභාවික දත් වගේ දත් සවි කරගන්න පුළුවන් නම් ඒක ජීවිතයට වඩාත් පහසු කරවන දෙයක් බවට අනිවාර්යෙයෙන්ම පත් වෙනවා. ඉතින් මේ කතා කරන්න යන දත් බද්ධ කිරීම සහ ඇණ සහිත දන්ත පාලම් කියන්නේ මේ විදියට ස්ථීරව දත් සවි කරන ප්‍රතිකාරයන් දෙකක්.
දත් එකක් හෝ කිහිපයක් සවි කරනවා නම් දත් බද්ධ කිරීම එහෙමත් නැත්නම් දත් සිටවීමේ ප්‍රතිකාරය ලබා ගැනීම කළ හැකියි. දත් වැඩි ගණනක් ගලවා ඇති අයට සහ සම්පූර්ණ දත් ඇන්ඳක්ම හෝ දත් ඇඳි දෙකේම දත් ගලවලා නම් ඒ වගේ අවස්ථාවක ඇණ සහිත දන්ත පාලම් සවි කිරීම කළ හැකියි.
මේ ප්‍රතිකාර දෙකේ වෙනස ගැන අපි දැන් තව ටිකක් විස්තර සහිත කතා කරමු.
01. දත් බද්ධ කිරීම / දත් සිටවීම (Dental Implant)
දත් බද්ධ කිරීම කියන්නේ තනි දතක් හෝ දත් කිහිපයක් එකින් එක වෙන වෙනම සවි කරන ප්‍රතිකාර ක්‍රමයකි. මෙම ප්‍රතිකාරයට දත් සිටවීම කියලත් කියනවා. ඉංග්‍රීසියෙන් “ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්” (Dental Implant) ලෙස මේ ප්‍රතිකාරය හඳුන්වනවා.
දත් බද්ධ කිරීමේ ප්‍රතිකාරයේ දී සිදු වෙන්නේ දත් ගලවලා තියෙන තැන්වල හනු අස්ථිය සිදුරු කරලා ටයිටේනියම් ඇණයක් වගේ කොටසක්(Implant Fixture) එම සිදුරට සවි කරලා ඒ සවි කරපු කොටස මතට දන්ත කොපුවක් (Dental crown) සවි කිරීමයි. ටයිටේනියම් කියන්නේ ඉතා ශක්තිමත් ලෝහයක්. හනු අස්ථියට ටයිටේනියම්වලින්(Titanium) සකස් කරපු ඇණයක් වගේ කොටසකින් සවි වන නිසා මේ දත් සිටවීමේ ප්‍රතිකාරය ඉතාමත් ශක්තිමත්. දතේ පෙනුම සහිත පහළ කොටස බොහෝ දුරට සකස් කරන්නේ දතේ පෙනුම ලබා ගන්න පුළුවන් පෝසිලේන් හෝ සර්කෝනියා වගේ අමුද්‍රවයකින්. නමුත් යම් කෙනෙක්ට අවශ්‍ය නම් මේ දතේ හැඩය සහිත කොටස ලෝහ , රත්තරං හෝ වෙනත් අමුද්‍රව්‍යකින් සකස් කීරීමත් කරගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් දතක් සිටවීමේ දී සවි කරන කෘතීම දතේ ප්‍රධාන කොටස් තුනක් හෝ හතරක් පමණ හඳුනා ගන්න පුළුවන්.
1. Dental Crown - දන්ත කොපුව - දතේ පෙනුම සහිත කොටස මෙයයි. මෙය අබට්මන්ට්(Abutment) එක මතට සවිකිරීම සිදු වේ. මෙය සාමාන්‍යයෙන් පෝසිලේන්(Porcelain) හෝ සර්කෝනියා(Zirconia) වගේ අමුද්‍රව්‍යකින් සකස් කිරීම සිදු වේ. මීට අමතරව අවශ්‍යතාවය අනුව ලෝහ හෝ වෙනත් අමුද්‍රව්‍යකින් දන්ත කොපුව සකස් කිරීම ද කළ හැකියි.
2. Screw - ස්කෲ - මෙය අබට්මන්ට්(Abutment) එක සහ ඉම්ප්ලාන් එකෙහි මුල කොටස(Implant Fixture / Implant Body) එකිනෙකට සවි කිරීම සිදු කරයි.
3. Abutment - අබට්මන්ට් - දතේ පෙනුම ලබා දෙන කොටස වන දන්ත කොපු(Dental crowns) ඇලවීම සිදු කරන්නේ අබට්මන්ට් එක මතටයි.
4. Implant Fixture / Implant Body - ඉම්ප්ලාන් එකෙහි මුල කොටස - හනු අස්ථිය සිදුරු කළ පසුව එම සිදුරට සවි කරන කොටසයි. ඉහළින් සදහන් කර ඇති කොටස් සියල්ල සවි කිරීම සිදු කරන්නේ මෙම කොටස මතටයි. මෙම කොටසත් ස්කෲ(Screw) ලෙසත් හඳුන්වන අවස්ථා තිබෙනවා.
සාමාන්‍යයෙන් කතා කරනකොට ඉම්ප්ලාන්ට්(Implant) කියලා හඳුන්වන්නේ ස්කෲ(Screw) කොටස, අබට්මන්ට්(Abutment) කොටස සහ ඉම්ප්ලාන්ට් ෆික්ස්චර්(Implant Fixture / Implant Body) කියන කොටස් තුනයි.
අපි යම් මතුපිටකට ස්කෲ ඇණයක් ශක්තිමත්ව සවි කරලා ඒක උඩට වැස්මක් සවි කරනවා වගේ දෙයක් තමයි දත් සිටවීමේ/ බද්ධ කිරීමේ ප්‍රතිකාරයේ දී සිදු වෙන්නේ.
02. ඇණ සහිත දන්ත පාලම් (Implant Supported Dental Bridges)
දත් වැඩි ගණනක් ගලවා ඇති අයට සහ සම්පූර්ණ දත් ඇන්ඳක්ම හෝ දත් ඇඳි දෙකේම දත් ගලවලා නම් ඒ වගේ අවස්ථාවක එහෙම කෙනෙක්ට ඇණ සහිත දන්ත පාලම් සවි කිරීම කළ හැකියි.
ඇණ සහිත දන්ත පාලම් ප්‍රතිකාරයත් අපි කලින් කතා කරපු දත් බද්ධ කිරීමේ ප්‍රතිකාරයට බොහෝ දුරට සමානයි. හැබැයි වෙනසකට තියෙන්නේ දන්ත කොපු තනි තනිව සවි කිරීම වෙනුවට දන්ත කොපු කීපයක් හෝ සම්පූර්ණ ඇන්ඳකටම අවශ්‍ය දත් ගණන එකට සම්බන්ධ කර සකස් කරන දන්ත පාලමක් මෙහිදී දත් වල පෙනුම ලබා දීම සඳහා සවි කිරීමත් එම දන්ත පාලම සඳහා සැම දතකටම එක ඇණය බැඟින් සවි නොකර පොදුවේ දන්ත පාලම සවි කිරීමට ඇණ කිහිපයක් සවි කිරීම මෙම ප්‍රතිකාරයේ දී සිදු වේ.
මෙහි දී අවශ්‍යතාවය අනුව එක ඇන්ඳකට අවශ්‍ය ඇණ ගණන ඒ කියන්නේ ඉම්ප්ලාන්ට් ගණන සවි කිරීම සිදු වේ. ඉම්ප්ලාන්ට් 2ක් ,4ක් හෝ 6ක් පමණ සාමාන්‍යයෙන් එක ඇන්ඳක් සඳහා සවි කිරීම සිදු කරනවා.
දත් සිටවීම සහ ඇණ සහිත දන්ත පාලම් ගැන නිතර අහන ප්‍රශ්ණ කිහිපයකට උත්තර මොනවා ද කියලා අපි දැන් බලමු.
• මෙම ප්‍රතිකාර ලබා ගැනීමට වයස් සීමාවක් තියෙනවා ද?
ස්ථීර දත් සියල්ල සම්පූර්ණ සහ හනු අස්ථිය ප්‍රමාණවත් තරම් වර්ධනය වුන කෙනෙක් නම් මේ ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අවම වයස අවුරුදු 18හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. කොහොම නමුත් ඔබේ වයස 18 හෝ ඒ ආසන්න කෙනෙක් නම් පළමුව දන්ත වෛද්‍යවරයෙක් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔබට ප්‍රතිකාරය ලබා ගත හැකි ද නොහැකි ද යන්න තීරණය කරනු ඇත. ප්‍රතිකාර ලබා ගැනීමට උපරිම වයස් සීමාවක් නෑ. හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටිනවා නම් මෙම ප්‍රතිකාරය මහලු කෙනෙක්ට වුනත් ලබා ගන්න පුළුවන්.
• දියවැඩියාව වගේ රෝගී තත්වයන් තියෙන කෙනෙක් නම් දත් සිටවීම හෝ ඇණ සහිත දන්ත පාලම් සවි කරන්න පුළුවන් ද?
දියවැඩියා රෝගී තත්වය පාලනය කර ගැනීමෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනීම කළ හැකියි. ඔබ දියවැඩියා තත්වයකින් පෙළෙනවා නම් පළමුව ඔබගේ සීනි මට්ටම පරීක්ෂා කිරීමෙන් පසුව ප්‍රතිකාරය ලබා දීම පිළිබඳව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.
• දත් සිටවීමේ/ බද්ධ කිරීමේ දී හෝ ඇණ සහිත දන්ත පාලම් යෙදීමේ දී දත සකස් කරන ද්‍රවය කුමක් ද?
දතක් සිටවීමේ දී හෝ ඇණ සහිත දන්ත පාලම් යෙදීමේ දී කලින් කතා කළා වගේ කොටස් කීපයක් තියෙනවා. දතේ ඇණය සහිත දතේ මුල කොටස්(Screw, Abutment, Implant Fixture) ටයිටේනියම්වලින් හෝ වෙනත් ශක්තිමත් ද්‍රව්‍යයකින් සකස් කිරීම සිදු වෙනවා. දතේ පෙනුම ලබා දෙන කොටස(Dental Crowns හෝ Dental Bridges) බොහෝ විට සකස් කරන්නේ පෝසිලේන් හෝ සර්කෝනියා වැනි ද්‍රව්‍යයකින්.
• දත් සිටවීමේ/ බද්ධ කිරීමේ දී හෝ ඇණ සහිත දන්ත පාලම් යෙදීමේ දී ප්‍රතිකාරය සම්පූර්ණ කරන්න කොච්චර කාලයක් ගත වෙනවා ද?
දත් සිටවීම එක් දිනයකින් හෝ මාස 3ක් පමණ කාලයක් ඇතුළත සම්පූර්ණ කිරීමේ හැකියාව තිබෙනවා.
ඇණ සහිත දන්ත පාලම් සවි කරනවා නම් ඒ සඳහා මාස ගණනාවක් ගත වෙන්න පුළුවන්. මෙම කාලය කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ප්‍රතිකාර ආරම්භ කළ පසුව සායනිකව දන්ත වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔබගේ ප්‍රතිකාරය සම්පූර්ණ කිරීමට ගතවන කාලය තීරණය කරනු ඇත.
• මිල ගණන් කොහොම ද? (මෙම මිල ගණන් 2025 ජනවාරි මාසය සඳහා පමණක් වලංගු විය හැකි අතර ඉදිරියේ දී මෙම මිල ගණන් වෙනස් විය හැකි බව කාරුණිකව සලකන්න.)
පෝසිලේන් දතක් සිටවීම සඳහා එක දතකට රු.75,000 සිට මිල ගණන් අය වෙනවා.
ඇණ සහිත(ඉම්ප්ලාන්ට් 4ක් සහිතව) දත් 14ක පෝසිලේන් දන්ත පාලමක් යොදනවා නම් (ඒ කියන්නේ සම්පූර්ණ එක ඇන්දක් සඳහා) රු.400,000ක් අය වේ.
පෝසිලේන් වලට අමතරව සර්කෝනියා දත් ලබා ගැනීමත් කළ හැකියි.
ඔබට මෙම ප්‍රතිකාරය ගැන හෝ වෙනත් දන්ත ගැටලුවක් සම්බන්ධව යම් ගැටලුවක් තිබෙනවා නම් 0813149473 අංකයට ඇමතුමක් ලබා දෙන්න දෙපාරක් හිතන්න අවශ්‍ය නැහැ. අපගේ සේවා සහය අංශය සෑම දිනකම උදේ 9 සිට රාත්‍රී 8 දක්වා ඔබගේ ගැටලු සඳහා දුරකථන ඇමතුම් ඔස්සේ සහය ලබා දීමට කැපවී සිටිනවා.
වැඩි විස්තර සඳහා අමතන්න (උදේ 9ත් රාත්‍රී 8ත් අතර ඇමතුම් ලබා ගත හැක.) - 0813149473
WhatsApp - 0716189999
අපගේ වෙබ්අඩවිය - www.cayodental.com
අපගේ දන්ත රෝහලේ ශාඛා දෙකක් මහනුවර ප්‍රදේශයේ පිහිටා ඇති අතර ඔබ කොහේ සිටියත් පහසු වේලාවක් හා දිනයක් වෙන් කරවා ගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කළ හැකියි.
අපගේ ශාඛාවන්ගේ ලිපිනයන් පහළින් සදහන් කර ඇත.
01. කායෝ ඩෙන්ටල් ඉන්ට(ර්)නැෂනල් (Cayo Dental International) - අංක. 911/2, පේරාදෙණිය පාර, මහනුවර
Location – https://maps.app.goo.gl/usj6ywQMduiEXmHk6
02. කායෝ දන්ත රෝහල (Cayo Dental Hospital)- අංක. 329/A, කොස්හින්න, ගෙලිඔය, මහනුවර
Location - https://maps.app.goo.gl/pZXWXvqDm8ht8c6G6