
15/09/2025
ගොඩක් අලුතින් විවාහ උනු Couples මග අරින දෙයක් තමා මේ Newly Married Couples වලට MOH එක හරහ කරන preconception class දෙක😕
📣එහෙම නැත්තනම් සිංහලෙන්ම කිව්වොත් අලුත බැදපු අයට තියෙන සැසි දෙක📣
මේක ගොඩක් මග අරින්නේ පිරිමි අය තමයි.
ඇත්තටම මේක ස්වාමිය බිරිද දෙන්නම දරැවෙක් හදන්න කලින් අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න ඕන වැඩසටහනක් කියල මම අත්දැකිමෙන් කියනව .
මම Midwifery Student කෙනෙක් විදිහට පලවෙනි වතාවට මේ සැසියට සම්බන්ධ වෙද්දි මම ඉගෙනගත්තු දේවල් ඔයාලට අද මම කියල දෙනව.
වයස අදාල නෑ ඔයා අලුත බැදපු Couple එකක් නම් ඔයා විවාහය ට අලුත් කෙනෙක්.ඔයාට මේක අලුත් අත්දැකීමක් 🫠
📣මොකද්ද මේ අලුත බැදපු අයට තියෙන සැසිය
ඉතින් මේ MOH එක හරහ මෙි සැසි දෙක කරන්නෙ අත්දැකීම් ගොඩක් තියෙන Doctors ල Nurse ,ල Midwife ල වගේම PHI ල එකතුවෙලා,
පවුල් ජිවිතවල ගැටලු ගැන එයාල කාලයක් තිස්සේ මිනිස්සු සමග කටයුතු කරලම ගොඩක් අත්දැකීම් තියෙන අය.
ඉතින් ඒ ඇසුරෙන් ගැටලු නැති නිරෝගි ලස්සන පවුලක් ඇති කරන්න තමා ඔයාලට මේ හරහා දැනුම දෙන්නෙ
Pre-conception care (දරැවෙක් වෙනුවෙන් පෙර සූදානම) Newly married couple එකට ඉතාම වැදගත් දෙයක්.
🚫මෙහිදි කතා කරන්නෙ මොනාද
1. ගැබ් ගන්න සූදානම් කරවිම
නිරෝගි සිරුරක් තිබීම නිසා ගැබ් ගැනීම පහසු වෙනවා.
ගැබ් ගන්න කාලය සහිතව සැලසුම් කරගන්න ඒ ගැන කතා කරල ගැටලු විසදගන්න මේක හොද අවස්ථාව ක්
2. රෝග පාලනය සහ screening
,සීනි,අධි රැධිර පීඩනය ,ලේ අඩු ගැටලු වගේ conditions පාලනය කරගත්තානම් ගර්භනිි සමයේ අවදානම් අඩු වෙනවා.
මේ පරිික්ෂන ස්වාමිය බිරිද දෙන්නට ම කරනව.
Rubella ගත්තද Hepatitis B, HIV වගේ සමාජ රෝග වලට test කරගන්න පුළුවන්.
මෙහිදි දෙන්නගෙම උස ,බර,BMI බලනව වගේම රැධිර පරිික්ෂා කරනව
Genetic disorders history තිබුණොත් identify කරන්න පුළුවන්.ඒ කියන්නේ පවුලෙන් එන රෝග ඇත්නම් හදුන ගෙන ඒ සදහා පරිික්ෂා කරනව
පලපුරැදු Doctors ල මේ අවස්ථාව ට සම්බන්ධ වෙනව
3. පෝෂණය පිලිබද සොයා බලා ගැටලු ඇත්නම් ඒව සදහා Treatment දෙනව
Folic acid supplements (ගැබ් ගැනිමට පෙර දින 90 පෙර ගන්න ඕන) neural tube defects වගේ ගැටලු වල අවදානම අඩු කරගන්න පුළුවන්.මෙහිදී ඒ සදහ උපදෙස් ලබා දි ඒව ලබා දෙනව
Iron, Vitamin D, Calcium, අඩුපාඩු ඇත්නම් සකස් කරගන්න පුළුවන්.
4. ජීවන රටාව නිසි ලෙස පවත්වා ගැනිමට උපදෙස් ලබා දෙනව
හොද අහාර වේලක් ගන්න විදිය,exercise ගැන මෙි විදියට කල් තියා සුුදානම් උනාම අම්මට බබාට දෙන්නටම ලාභදායී.
මත්පැන්, සිගරට්, drugs වගේ දේවල් වලින් වළකින්න උපදෙස් දෙනව
5. මානසික සූදානම ඇති කරනව
ගැබ් ගැනීමත්, පවුල් ජීවිතයත් ගැන positive attitude එකක් ගොඩනගාගන්න හැකි වෙනවා.
ඒ කියන්නෙ මේ ජිිවිතය ගැන ආසාවක් ඇති කරනව
Stress, anxiety, depression අඩු කරගන්න පුළුවන්.
ඒ සම්බන්ධ තියෙන ඕනම ගැටලුවක් කතා කරල විසදගන්න පුළුවන්
6. Family planning ලබා දෙනව
දරුවෙක් හදාගන්න හොඳම කාලය සහ පරතරය ගැන couples වලට හොදින් පැහැදිලි කරල දෙනව වගේම පවුල් සැලසුම් ක්‍රම ගැන ඉතා පැහැදිලිව ඒව පෙන්වමින් පැහැදිලි කරල දෙනව.
ඒ වගෙන් සිරුර ට සිදුවෙන දේවල් හොද නරක ගැනත් මෙහිදි කතා කරනව
7.ලිංගිකත්වය S*x ගැන කතා කරනව
ලිංගිකත්වයේ දි දෙන්නව තේරුම් ගන්න විදිය,ඇතිවෙන්න පුලුවන් ගැටලු,කාන්තා පිරිමි විදියට ලිංගිකත්වය දැනෙන විදිහ ,සමබරව මේව පවත්වගන්නෙ කොහොමද කියල මෙහිදි කතා කරනව
8.කාන්තාවක් පිරිමියෙක් කියන්නෙ කව්ද
කාන්තාවකට පිරිමියෙකු ට විවාහය තුළ පැවරිලා තියෙන්නෙ මොනාද ,ඒ වගකිම් හදුන්වා දි ගැටලු නැති විවාහ දිවියට උපදෙස් දෙනව
ඉතින් මේ සැසි වාර දෙකක් MOH තුළ පවත්වනවා.අනිවාර්යයෙන් මග නොහැර සම්බන්ධ වෙන්න දෙන්නම
---
👉
Pre-conception care සිදු කරන්නෙ Newly married couples වලට ගැබ් ගැනීමේ දි ඇතිවන අවදානම් අඩු කරගන්න, healthy pregnancy එකක් ලබාගන්න, සහ හොඳ outcome එකක් තියෙන baby කෙනෙක් බිහි කරන්න වගේම ලස්සන පවුල් ජිවිතයක් ගතකරන්න උපදෙස් ලබා දිම.