𝗚𝘂𝗿𝘂𝗸𝗮𝗺 𝗯𝗼𝗼𝗸𝘀𝘁𝗼𝗿𝗲

𝗚𝘂𝗿𝘂𝗸𝗮𝗺 𝗯𝗼𝗼𝗸𝘀𝘁𝗼𝗿𝗲 පැරණි මන්තර ගුරුකම් පොත් Pdf file මගින් ලබ?

31/08/2022
වැඩ සිටින්නට දෙවොලක් නැති අයියනායක දෙවියෝ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්‌වා...
21/06/2022

වැඩ සිටින්නට දෙවොලක් නැති අයියනායක දෙවියෝ

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්‌වා වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස
ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයටත්, වන්දනාමානයටත් ලක්‌ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයකි.
කරේනාරේ, කයියනාරේ, අයියනායගම්, අරියනායගම් ආදී නම් රැසකින් විවිධ ප්‍රදේශවල ජනයා අයියනායක දෙවියන් හඳුන්වන අතර කතරගම සන්නසෙහි අයියනාරායන් ලෙසත්, කෝකිල සංදේශයෙහි අයියන් ලෙසත් හඳුන්වා ඇති බැවින් පුරාණ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ බුහුමනට පවා ලක්‌වූ දෙවි කෙනෙකු බව සනාථ වේ.
පුරා විද්‍යාවට අනුව අනුරාධපුරයේ ඡේතවනාරාමයට නුදුරින් පිහිටි වාහල්කඩේ කුලුනක සත්ත්ව රූප තුනක්‌ සහිත වාහනයක වැඩසිටින දේව රූපයේ සිටින්නේ අයියනායක දෙවියන් බවට සනාථ කොටගෙන තිබුණද උන්වහන්සේ වෙනුවෙන් වෙන්වුණ දෙවොලක්‌ මේ ලංකාද්වීපයේ නොමැති වීම විශේෂත්වයකි.
එහෙත් උන්වහන්සේගේ බලය හඳුනාගත් අප රටේ පැරැණි ජනතාව අයියනායක දෙවියන් වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම් වැනි දෑ එක්‌ එක්‌ ප්‍රදේශවල තිබෙන නුග, නා, රුක්‌අත්තන වැනි දේවාකර්ෂණය වැඩි වශයෙන් පවතින
රූස්‌ස ගස්‌ ඉදිරිපිට උන්වහන්සේගේ නමට කැපකර පූජා කිරීමෙන් පසු වැඳ නමස්‌කාර කොට පිං අනුමෝaදන් කර පිහිට පැතූ බවට බොහෝ සාක්‍ෂි තිබෙන අතර අද ද උන්වහන්සේගේ බලය පවතින ප්‍රදේශවලට ඇතුළු වන බොහෝ දෙනා ගසකින් අතු රිකිල්ලක්‌ කඩා ආරක්‍ෂාව පතා අයියනායක දෙවියන් සිහිකර එම අතුරිකිල්ල තවත් ගසක එල්ලායැම සිරිතකි.
අයියනායක දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳ විවිධ කතා ජනප්‍රවාදයේ දැක්‌වෙන අතර ඊශ්වර දෙවියන්ට වසර දොළහක්‌ බැල මෙහෙවරකම් කළ භෂ්මාසුරයා ඊශ්වර දෙවියන් සතු බලගතු දැහැන ලබා ගැනීමට ලොබ බැඳ උන්වහන්සේගේ බිසව වූ උමයංගනා දේවිය රවටා දැහැන ලබාගෙන ඊශ්වර දෙවිඳුන් විනාශ කිරීමට පසුපස ලුහුබඳිනු දුටු ශ්‍රී විෂ්ණු දෙවිඳුන් භෂ්මාසුරයා යන මඟ හරස්‌කොට ඔංචිලි පදින මෝහිණී වේශයක්‌ මවා ගනිමින් ඔහු ඉදිරියේ පෙනී සිටි අවස්‌ථාවේ මෝහිණිය කෙරෙහි උපන් දැඩි රාග ෙච්තනාවේ අවසන් ප්‍රතිඵලය ලෙස මෝහිනියගේ වේෂයෙන් පෙනී සිටි ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශ්‍රී හස්‌තයේ දරු ගැබක්‌ හටගත් බවත් දස මසක්‌ ඇවෑමෙන් ශ්‍රී හස්‌තය පලාගෙන මෙලොවට බිහිවූ කුමරු අයියනායක දෙවියන් බවත් වඩා ප්‍රචලිත ජනප්‍රවාද කතා වේ.
හිසෙහි ජටාවක්‌ බැඳ වමතින් සැරයටියක්‌ ද, දකුණතින් පුස්‌තකයක්‌ද ගෙන රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී හස්‌තියකු පිට වඩිමින් තම පිහිට අයෑද සිටින දුකට පත් ජනතාවගේ දුක නිවාලන බලවත් දේවාත්මයක්‌ වන අයියනායක දෙවියන් පුත්තලම, අනුරාධපුරය, නිකවැරටිය, මින්නේරිය, පොළොන්නරුව, හබරණ හා තවත් බොහෝ ප්‍රදේශවල තම බලය පතුරවාගෙන ප්‍රධාන වශයෙන් එම ප්‍රදේශවල පවතින දැඩි නියඟයෙන් ගොවිතැන් කටයුතු ආරක්‌ෂා කරදෙන අතරතුර නඩු, අවනඩු විස¹ සතුරු උපද්‍රව පීඩා හානි දුරුකොට සියලු යහපත උදාකර දෙන්නා වූ සර්වාරක්‍ෂක දේවාත්මයක්‌ බැවින් එකී ප්‍රදේශවල ජනයා තම තමන්ගේ ගැටලු හමුවේ අයියනායක දෙවියන්ගේ පිහිට පැතීමට නැඹුරු වී සිටිති.

විශ්වයේ ශක්තිය දරා සිටින ගණ දේවියෝ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️උතුම් ශ්‍රී ගණ දෙවියන් හින්දු දෙවියන් අතරින් ඉතා ශ්‍රේෂ්...
21/06/2022

විශ්වයේ ශක්තිය දරා සිටින ගණ දේවියෝ

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

උතුම් ශ්‍රී ගණ දෙවියන් හින්දු දෙවියන් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකු වන අතර “ගණපති” සහ “විනායක” යන නම් වලින්ද හැඳින්වේ. උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ අනුරූ ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවෙන් සහ නේපාලයෙන් හමු වී ඇත. හින්දු ජනයා ඉතා හක්තියෙන් යුතුව ගණ දෙවියන් නමස්කාර කරන අතර ජෛන සහ බෞද්ධ බැතිමතුන්ද උතුම් ඝන දෙවියන්ට නමස්කාර පුද පුජා පවත්වයි.
උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වනුයේ අලියෙකුගේ හා සමාන හිසෙනි. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ මිනිසුන්ගේ කරදර බාදක ඉවත් කර දෙන දෙවි කෙනෙකු වන අතර කලාව සහ විද්‍යාවටත් නුවණ සහ ප්‍රඥාවටත් අධිපති දෙවියන් වහන්සේ ලෙස සැලකෙයි. බොහෝ පුද පූජා සහ උත්සව ආරම්භ කරනුයේ උතුම් ශ්‍රී ගණ දෙවියන් නමස්කාර කිරීමෙනි. යම්කිසි ලිවීම් කටයුතු කිරීම් වලදී උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගන්නේ උන් වහන්සේ ඉගෙනීමටත් සාහිත්‍යයටත් අධිපති දෙවියන් වන නිසාවෙනි. උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ උපත, දක්ෂතාවයන් සහ උන්වහන්සේගේ දක්ෂ මුර්ති ශිල්පයත් සමහර පුරාවෘත්ත කතා වල සඳහන් වෙයි.
උතුම් ශ්‍රී ගණ දෙවිඳුන් ක්‍රි.පූ. 4 සහ ක්‍රි.පූ. 5 වන සියවස් වලදී පමණ කාලවලදී උත්කර්ෂවත් දෙවිකෙනෙකු ලෙස පිළිබිඹු වී ඇත. නව(9) වන සියවසයේදී “සමන්ත්‍රා සංස්කෘතිය”(හින්දු නිකායකි) අනුව උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ ප්‍රධාන දෙවියන් වහන්සේලා පස්දෙනා අතර රූපාත්මකව අන්තර්ගත විය. “ගණපත්ය” නම් නිකායක භක්තිකයන් පිරිසක් උතුම් ශ්‍රී ගණ දෙවියන්ව අතිශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකු ලෙස වැඳුම් පිදුම් කර ඇත. ප්‍රමුඛ ධර්ම ග්‍රන්ථ වන“ගණේෂ පුරාණ”, “මුද්ගල පුරාණ” සහ “ගණපති අතර්වශිර්ස” නම් ග්‍රන්ථ උතුම් ශ්‍රී ගණ දෙවියන් උදෙසා සම්ර්පිත ග්‍රන්ථ වෙයි.
උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ විරුදාවලි කිහිපයකින් හැඳින්වෙන අතර “ගණපති” සහ“විඝ්නේෂ්වර” යන නම් ඉතා ප්‍රසිද්ධ නාමයන් වෙයි. උන්වහසේට ගෞරවයක් එක් කිරීම සඳහා නාමයට මුලින් “ශ්‍රී” යන පදය යෙදෙයි.
සංස්කෘත සමාසයන්ට අනුව “ගණ” යන පදයෙන් අදහස් වනුයේ, සමුහයක්, කණ්ඩායමක් හෝ නියත පද්දතියක් වන අතර “ඒෂ” යන්නෙන් සමිදුන් හෝ උතුම් දක්ෂයා යන තේරුමදෙයි. එබැවින් උතුම් ශ්‍රී ගණ දෙවියන් ඉන්දියාවේ “ගණේෂ” යන නාමයෙන් හැඳින්වෙයි. උතුම් ශ්‍රී ගණ දෙවියන් තම පියාණන් වූ උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේගේ පරිවාර ජනයාගෙන් කොටසකින් ජන සමුහයා සංවිධානය කල නිසාවෙන්ද “ගණ” යන නාමය උතුම් ශ්‍රී ගණ දෙවියන් සමග බැදී පවතී. ඇතැම් කර්තෘවරුන් පහදා දෙන ආකාරයට “උත්තම ගණ දෙවියන්” යන්නෙහි අර්ථය “උත්තම ධාරකයා” හෝ “උත්තම ගණ නිමැවුම්කරුවාණන්” (යම් මුලිකාංග නිමැවීම වැනි) යන අර්ථයන් වෙයි.
“විනායක” යන නාමය පුරාණ සහ බෞද්ධ තන්ත්‍ර වලදී උතුම් ශ්‍රී ගණ දෙවියන් සඳහා භාවිතා කල ප්‍රසිද්ධ නාමයකි. මහාරාෂ්ට්‍රයේ උතුම් ශ්‍රී ගණ දෙවියන් උදෙසා දේවාල අටකින් සමන්විත“අශ්ටවිනායක” නම් දේවාලය නිසා මෙම නාමය උතුම් ශ්‍රී ගණ දෙවියන් උදෙසා නමස්කාර පුර්වකව යොදා ගන්නා ලදී. “විග්නේෂ” සහ “විග්නේශ්වර” යන නාමයන් උතුම් ශ්‍රී ගණ දෙවියන් උදෙසා භාවිතා කරන්නේ විශේෂයෙන් හින්දු ජනයාගේ කරදර බාධක ඉවත් කර දෙන උතුම් දෙවියන් වහන්සේ නිසාවෙනි.
දමිල හෂාවෙන් උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේට ප්‍රමුඛ නාමයක් වන “පිල්ලෛ” සහ පිල්ලයාර්” යන නම් වලින් හඳුන්වනු ලැබේ. ඇනිටා රයිනා තාපන් සඳහන් කරන ආකාරයට පිල්ලෛයර් යන නමෙහි පිල්ලෙ යන මුලික පදයෙන් අදහස් වන්නේ “හස්තියෙකුගේ තරුණ කාලය” වන අතර පාලි භාෂාවෙන් “පිල්ලක” යන නමෙන් “තරුණ හස්තියා” යන අරුත දෙයි.
බුරුම බසෙන් උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ “මහා පෙඉන්නේ” යන නාමයෙන් හඳුන්වනු ලබන අතර එය පාලි භාෂාවේ මහා විනයාකර යන නාමයෙන් ව්‍යුත්පන්න වී ඇත.තායිලන්තයේ උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ “ප්ර ෆිකනෙට්” යන නාමයෙන් බොහෝ දෙනා හඳුන්වයි. ඉහතදී හැඳින්වූ නම් වලින් අදටත් ඉන්දුනීසියාවේ, තායිලන්තයේ, කාම්බෝජයේ සහ වියට්නාමයේ වැසියන් උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ ඔවුන්ගේ ප්‍රධාන දෙවියෙකු ලෙසින් මහත් භක්තියෙන් යුතුව වන්දනාමාන කරයි. එසේ උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේට ඔව්න් වන්දනාමාන පුද සත්කාර කරනුයේ 7 වන සහ 8 වන සියවස් වල පටන්ය. ඉන්දියාවේ නම් 5 වන සියවස සහ ඊටත් පෙර සිටය.
ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ප්‍රදේශ වල බැතිමතුන් උතුම් ශ්‍රී ගණ දෙවියෝ “උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්” , “උතුම් ශ්‍රී කතරගම දෙවියන්” සහ “උතුම් ශ්‍රී සුමන සමන් දෙවියන්” සහ අනෙකුත් දෙවිවරු සමග මහත් භක්තියෙන් යුතුව වන්දනා කරයි.
ඉන්දියානු චිත්‍ර වල උතුම් ශ්‍රී ගණ දෙවියන් ඉතා ප්‍රසිද්ධය. අනෙකුත් උතුම් දෙවි දේවතාවන් වහන්සේලාට වඩා උතුම් ශ්‍රී ගණ දිව්‍යරාජයාණන් වහන්සේ නිරුපණය කිරීමේදී විශාල පරාසයක වෙනස්කම් දක්නට ඇත. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේගේ චිත්‍ර මුර්ති ආදී නිර්මාණ වල ඔව්න් වහන්සේ සිටගෙන සිටින, නර්තනයේ යෙදෙන, යක්ෂයන් සමග කරන සටන් විලාශ, කුඩා ළමයෙකු මෙන් පවුලේ අය සමග සෙල්ලම් කරන ආකාරය, ආසනයක් මත හිඳගෙන සිටීම සහ විවිධ සුදුසු ඉරියව් වලින් උතුම් ශ්‍රී ගණ දෙවිදුන් නිරුපණය කර ඇත.
6 වන සියවස පමණ වන විට ඉන්දියාවේ බොහෝ කොටස් වල උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ රූප දක්නට ලැබුණි. 13 වන සියවසයේ වසර 900-1200 අතර කාලයේ නියමාකාරයෙන් ගණ දෙවි රූප නිර්මාණය විය. ඉන් පසු උතුම් ශ්‍රී ගණ දෙවියන් ස්වාධින දෙවිකෙනකු ලෙස සලකා ඔව්න් වහන්සේට අවේනික සම්ප්‍රදායන් නිර්මාණය වී ඉතා හොඳින් එම සම්ප්‍රදායන් ස්ථාපනය විය.මෙම උතුම් ශ්‍රී ගණ දෙවි රූප වල උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ පොදු ලක්ෂණ දක්නට ලැබේ.සත්‍ය වශයෙන්ම හඳුනාගත් උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ ප්‍රතිමාවක් වසර 973-1200 කාලය තුලදී කරවූ එකක් බවට පෝල් මාර්ටින්-ඩුබොස්ට් විසින් හඳුනා ගත අතර එයට සමාන වූ තවත් ප්‍රතිමාවක් ප්‍රතාපදිත්ය පාල් විසින් එය 12 වන සියවසට අයත් එකක් බව හඳුනාගෙන තිබේ.උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ හිස හස්තියෙකුට සමාන වන අතර තරමක්‌ විශාල උදරයක් ද නිරූපනය වේ. උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ රූප වල ඔව්න් වහන්සේ අත් සතරක් සහිතව නිරූපනය කර තිබීම ඉතා සුලභව දැකිය හැක. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ පහතින් පිහිටි දකුණු අතෙන් ඔව්න් වහන්සේගේම කැඩුණු ඇත්දලය සියුම්ව දරාගෙන සිටියි. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ පහතින් පිහිටි වම් අතෙන් රස කැවිල්ලක් දරා සිටීම පුරාණයේ සිටම ඇති පිළිම වල දක්නට ඇත. 7 වන සියවසට අයත් යැයි නම් කෙරුණු මෙම ලක්ෂණවලට වඩාත් සමීප ලක්ෂණ දරණ පිළිමයක් “එල්ලෝරා” ගුහාවෙන් හමුවී ඇත. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේගේ අනෙකුත් අත් වලින් දරා සිටින දේ පිලිබඳ යම් අපැහැදිලි භාවයක් ඇත.සම්මත වින්‍යාසන්ට අනුව පොරවක් හෝ හෙන්ඩුවක් එක් අතකින් දරා සිටින අතර අනෙක් අතෙන් පාශයක් දරා සිටීම නිරූපනය වේ. ඇති විරල අවස්ථා වල උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ හිස මිනිස් හිසක්‌ ලෙසින් නිරූපනය ඇති අවස්ථාද අල්ප වශයෙන් දක්නට ඇත.
අතීත අභාෂයන් අනුව අදටත් නිර්මාණය වන උත්තම ශ්‍රී ගණ දෙවියන්ගේ රූප වල නක්ෂශ්ත්‍ර ප්‍රතිමා නිරූපණ ලක්ෂණ දක්නට ඇත. නුතන උතුම් ශ්‍රී ගණ දෙවි රූප නිර්මාණයේදී අතීත ප්‍රතිමවන්ගෙන් වෙනස් වන එක් ප්‍රධාන ලක්ෂණයක් නම් ඔව්න් වහන්සේගේ පහතින් පිහිටි දකුණු අතින් දරා සිටි ඇත්දළය ඉවත්වී ඒ වෙනුවට එය අභය මුද්‍රාව(ආරක්ෂාව නිරූපනය කරයි, බිය දුරුකිරීම නිරූපනය කරයි.) පෙන්නුම් කරයි. ඉතා ප්‍රසිද්ධ තේමාවක් වන උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේගේ නර්තන විලාශය ද වර්තමානයේ ඉතා ජනප්‍රියය. (පෙර සඳහන් කල පරිදි අත් සතරෙහි සමාන ලාක්ෂණික සංයුතියක් පවතයි.)
උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ ඉතා අතීතයේ පටන්ම හස්තියෙකුගේ හිසෙන් නිරූපනය විය. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේට කෙසේ නම් හස්තියෙකුට සමාන හිසක් ලැබුනේද යන්න පුරාණ ජනප්‍රවාද වලට අනුව බොහෝ පැහැදිලි කිරීම් ඇත. ඉන් වඩාත් ප්‍රසිද්ධ වන්නේ උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ හස්ති හිස් පහක් දැරූ බවයි. සමහර ලියවීම් වලදී උතුම් ගණ දෙවියන් හස්තියෙකු මෙන් හිසක් සහිතව ඉපදුනු බවත්, නමුත් බොහෝ තැන්වල සඳහන් වන්නේ උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ උත්පත්තියෙන් පසු හස්තියෙකුගේ මෙන් හිසක් අත් කර ගත බවයි. තවත් එක පුරාවෘත්තයක් වන්නේ උතුම් ශිව දෙවියන්ගේ සිනහවෙන් උතුම් ශ්‍රී ගණ දෙවියන් නිර්මාණය වූ බවයි. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ වඩාත් ආකර්ශනීය වියයුතු යැයි සිතූ උතුම් ශිව දෙවියන් වහන්සේ උතුම් ශ්‍රී ගණ දෙවියන්ට හස්තියෙකුට සමාන හිසකුත් තරමක් විශාල උදරයකුත් ලබා දෙනු ලැබිය.
උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ “එකදන්ත” නමෙන් හඳුන්වා ඇති අතර එසේ හඳුන්වා ඇත්තේ එක් ඇත් දලයක් පමණක් තිබීම හේතුවෙනි. ගුප්ත සමයේ (4 වන සහ 6 වන සියවස් වල) කරවූ බවට විශ්වාස කරන ප්‍රතිමා වල තරමක් විශාල උදරය සුවිශේෂී ලක්ෂණයක් ලෙසින් නිරුපනය කර තිබිණි. උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ මෙම ලක්ෂණය නිසා මුද්ගල පුරාණයේ ඔව්න් වහන්සේට වෙනස් නම් දෙකක් භාවිත කර තිබේ. එනම්, “ලම්බෝදර” සහ “මහෝදර” යන නමයන්ය. සංස්කෘත බසෙන් මෙම නම් අරුත් දෙන්නේ එකම තේරුම එනම් උදරය ලෙසටය. බ්‍රහ්මන්ද පුරාණ යට අනුව පැවසෙන්නේ උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේට “ලම්බෝදර” යන නම භාවිත කරන්නේ උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ විසින් සියලු ලෝක වල අතීතය, වර්තමානය සහ අනාගතය ගෙනහැර දක්වන නිසාවෙනි. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේගේ අත් ගණන විවිධ සඳහන් වල වෙනස්කම් දක්වන අතර අත් සතර සිට දහසය දක්වා ගණනක් තිබෙන බව වඩාත් දන්නා කරුණයි. උතුම් ගණ දෙවියනේ බොහෝ ප්‍රතිමා වල දක්නට ලැබෙන්නේ අත් සතරක් වන අතර එය පුරාණික ප්‍රභවයන්ගේ ද සම්මතයක් ලෙසින් ප්‍රතිමාශිල්ප පාඨයන්හි දක්වා ඇත. උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ ආදී රූප වල අත් දෙකක් සහිතව දක්වා තිබිණි. නමුත් 9 වන සහ 10 වන සියවස් වල මධ්‍ය ඉන්දියාවේ තිබු සමහර උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ රූප වල අත් දාහතරක් සහ විස්සක් බැගින් ති‍බු අවස්ථා ද ඇත. “ගනේශ පුරාණ” යට අනුව උතුම් ශ්‍රී ගණ දෙවියන් ඔව්න් වහන්සේගේ කර වටා සර්පයෙකු දවටාගෙන සිට ඇත. අනෙකුත් වචනයෙන් විස්තර කිරීම් වල දැක්වෙන්නේ නාගයන් සහිත පුජනිය පටියක් ලෙසින් උදරය වටා බඳ පටියක් දවටාගෙන සිටින අත‍ර අතින්ද දරාගෙන සිටියි, උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ වලලුකරදී එය දඟර ගැසී හෝ සිංහාසනයක් ලෙසින් ඇත. උතුම් ගණ දෙවියන්ගේ නළලෙහි ඇතැම් විට තෙවන ඇසක් හෝ තිරස් රේඛා තුනකින් දැක්වෙන නිකායික ලකුණක් (තිලකයක්) ඇත. “ගනේශ පුරාණයෙහි” විස්තර කරන පරිදි උතුම් ගණ දෙවියන්ගේ නළලෙහි තිලක ලකුණ මෙන්ම අඩසඳ සංකේතයක්ද ඇති බවයි. මෙම සුවිශේෂ ලක්ෂණය නිසා උතුම් ශ්‍රී ගණ දෙවියන්ට “බාලචන්ද්‍ර” යන නාමයද භාවිතා කරයි. බොහෝ විට උතුම් ගණ දෙවියන් වහන්සේව රතු වර්ණයෙන් නියෝජනය කරයි. සමහර අවස්ථා වලදී විශේෂිත වර්ණ සංයෝජන භාවිතා වන අවස්ථාද ඇත. හින්දු ප්‍රතිමාශිල්ප පිලිබඳ ග්‍රන්ථයක් වන “ශ්‍රීතට්ටවනිධි” (Sritattvandhi) හි විස්තර දක්වන ආකාරයට වර්ණ සංයෝජනය වී ඇත්තේ විශේෂිත යෝගී ඉරියව් අනුවය. උදාහරණයක්‌ ලෙස සුදු වර්ණය යොදා ගන්නේ උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ “හෙරඹ-ගණපති” සහ “රින-මෝචන-ගණපති” (උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ වහල් වැසියන්ගේ ගැලවුම්කරු වන බැවින්) සංකේතවත් කිරීමටය. “ඒකදන්ත-ගණපති” යෝගී ඉරියව්ව නිල් පැහැයෙන් පෙන්නුම් කරනු ලබයි.
ආදී සිතුවම් වල උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ කිසිදු රථයකින් (වාහනයකින්) තොරව නිරුපනය කර තිබිණි. “මුද්ගල පුරාණය” ට අනුව උතුම් ශ්‍රී ගණ දෙවියන් භාවිත කල වාහන පහ අතුරින් මීයා එක් වාහනයක් ලෙස දැක්වෙයි. ජෛන සඳහන් වලට අනුව උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ විවිධ වාහන භාවිතා කල බව කියවේ. ඒවා නම් මීයා, අලියා, ඉබ්බා, බැටළුවා හෝ මයුරාය.
බොහෝ විට උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ මීයා උපයෝගී කරගෙන ගමන්ගත් අවස්ථා පෙන්වා ඇති අවස්ථා ඇත. මාර්ටින්-දුබෝස්ට් පවසන ආකාරයට 7 වන සියවසට අයත් මධ්‍යම සහ බටහිර ඉන්දියානු ප්‍රදේශ වල ඇති ප්‍රතිමාවනහසේලා නිර්මාණය කිරීමේදී උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ පාදය අසල ප්‍රධාන වාහනය ලෙසින් මීයා දක්වා ඇත. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ නැගී යාමට මීයා යොදා ගත් බවට ප්‍රථමයෙන්ම සටහන් වී ඇත්තේ “මත්ස්‍ය පුරාණ” යේය. පසුව “බ්‍රහ්මානන්ද පුරාණ” සහ “ගනේශ පුරාණ” ප්‍රභව වලද උත්තම ශ්‍රී ගණ දෙවියන් වහන්සේ මීයා වාහනය ලෙස භාවිතා බවට සඳහන් වේ. “ගණපති අතර්වශිර්ස” හි ඇතුලත් වන ආකාරයට උතුම් ශ්‍රී ගණ දෙවියන් ගැන කියවෙන පද්‍ය වල උතුම් ශ්‍රී ගැන දෙවියන්ගේ ධජයේ මීයා ඇතුලත්ව තිබු බව සඳහන් වේ. මීයාගේ වාහනයට “මූසකවාහන” ලෙසද මීයා සහිත ධජයට “ආඛුකෙටන” ලෙසද “ගනේශ සහස්රනාම” හි හඳුන්වා තිබේ.
මීයගෙන් දාර්ශනික බව වගේම අභිප්‍රාය ද සංකේතවත් වන බව පැවසේ. “මයිකල් විල්කොක්සන්” පවසන ආකාරයට මෙයින් සංකේතවත් වන්නේ තෘෂ්ණාව මැඩලීම සහ ආර්ත්මාර්තකාමි බව අඩු කිරීම යන්නයි. සංස්කෘත භාෂාව අනුව මීයා මූසික නමෙන් හඳුන්වන අතර එය “මූස්” යන muලයෙන් සැදී ඇත. (මූස් යන්නෙන් සොරකම් කිරීම යන්න සංස්කෘත භාෂාවෙන් අදහස් වේ.) “ක්‍රිෂාන්” නම් පුද්ගලයා පවසන ආකාරයට මීයා වගාවන්ට තර්ජනයක් වන සතෙකි. මෙම හේතුව නිසා උතුම් ශ්‍රී ගණ දෙවියන් මීයන්ගෙන් වන හානි මැඩපැවැත්වීමට කටයුතු කරන “ග්‍රාම දේවතා” යන නාමයෙන් ද “විග්නේශ්වර”(අනතුරු වැලක්වීමට අධිපති දෙවියන්) යන න මයෙහි අරුත ගෙන දෙන පරිදි ද වන බව පැවසේ. මාර්ටින්-දුබෝස්ට් යෝජනා කරන්නේ මීයා වැනි සංකේතයක් යොදා ගෙන ඇත්තේ වඩාත් රහසිගත ප්‍රදේශ වලට පවා යාමට ඇති හැකියාව නිසා බවයි.
උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ “විග්නේශ්වර”, “විග්නරාජ” සහ මර්ති භාෂාවෙන් “විඥ්නහර්ත” ලෙසින් හඳුන්වන්නේ පිලිවෙලින් අනාත්ම සහ අධ්‍යාත්මික යන දෙකෙහිම බාධා ඉවත් කර දෙන බැවිනි. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ වඩාත් වැඳුම් පිඳුම් ලබන්නේ කරදර බාධක ඉවත් කර දෙන දෙවෝත්තමයාණන් ලෙසින්ය. පෝල් කොට්‍රයිට් පවසන ආකාරයට උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ ධර්මයට අනුව හැඩගැසී ඔව්න් වහස්ගේ භුමියෙහි ජීවත් වන පුද්ගලයන්ගේ කරදර බාධක ඉවත් කරදීමඋතුම් ශ්‍රී ගණ දෙවියන් විසින් ඉටු කර දෙන බවයි. ක්‍රිෂාන් සඳහන් කරන ආකාරයට උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ නාමයෙන් විදහා දක්වෙන පරිදි ඔව්න් වහන්සේ විවිධාකාර කාර්ය සංකේතයන්හි නියැලී සිටින බවට සඳහන් කරයි. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ පුද්ගලයන් ජීවත් වන චරිතය දෙස බලා ඕවන්ව “විඥ්නකර්ටා” සිට (බාධක-ඇති වීමේ සිට) “විඥ්නහර්තා” දක්වා ( බාධක-දුරලීම දක්වා) උපකාර වේ.
උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ සාහිත්‍යයටත් අකුරු වලටත් ඉගෙනීමේ කටයුතු වලටත් අධිපති දෙවියන් වහන්සේ ලෙසින් වන්දනා පුද සත්කාර පවත්වයි. සංස්කෘත භාෂාවෙන් “බුද්ධි” යන වචනයේ අර්ථය ඥානය, ප්‍රඥාව සහ කල්පනා කිරීමේ ශක්තිය ලෙසින් දැක්විය හැකිය. බුද්ධි යන සංකල්පය උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ ආනුභාව සම්පන්න බව හා නිරන්තරයෙන් බැඳී පවතින අතර විශේෂයෙන් පුරාණ කාල පරිච්ජේදයේ බොහෝ කතාවලින් උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ දක්ෂකමේ ප්‍රත්‍යාබලය සහ ඥානය සමහ ඇති මැනවින් පෙන්නුම් කරයි. “ගනේශ පුරාණ” සහ “ගනේශ සහස්‍රනාම” වල දැක්වෙන පරිදි උතුම් ශ්‍රී ගණ දෙවියන් වහසේට “බුද්ධිප්‍රිය” යන නාමයද යොදා ගෙන ඇත. “ගනේශ සහස්‍රනාමහි” අවසානයෙහි දක්වා ඇති උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ නාම 21ක් ඇතුලත් ලයිස්තුවේ මෙම නාමයද ඉතා වැදගත් සුවිශේෂී නාමයක් ලෙස දක්වා තිබේ. “ප්‍රිය” යන වචනයෙහි අරුත කැමැත්ත වන අතර විවාහයෙන් පසු ආදරවන්තයාට සහ ස්වාමියාටද “ප්‍රිය”යන වචනය යොදා ගැනේ. එම නිසා “බුද්ධිප්‍රිය” යන නමෙහි අර්ථය “ඥානයට ඇති කැමැත්ත” හෝ “බුද්ධියෙහි ස්වාමියානන්” ලෙසින්ද දක්ක්විය හැක.
හින්දු මන්ත්‍ර සමගින් “ඕම්” නම් පදයෙන් උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ හඳුනාගත හැක. “ඕම්කාරස්වරූප” යන යෙදුමෙන් “මේ ආකාර(ස්වරූප) වේ” යන අරුත දෙන අතර මෙම සංකේතවත් ස්වරය උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ පුද්ගලායිත මූලික නාදයයි. “ගණපති අතර්වශිර්ස”ය මෙයට සාක්ෂි සපයයි. “චින්මයානන්ද” එම පාඨය පහත ආකාරයට පරිවර්තනය කර ඇත.
උතුම් ශ්‍රී ගණදෙවියන් වහන්ස ඔබ වහන්සේ මේ බ්‍රහ්ම, විෂ්ණු,සහ මහේස යන ත්‍රිත්වයයි. ඔබ වහන්සේ ඉන්ද්‍ර ය. ඔබ වහන්සේ ගින්දර සහ වායුවයි. ඔබ වහන්සේ සුර්යයා සහ චන්ද්‍රයා ය. ඔබ වහන්සේ බ්‍රාහ්මණයාය. ඔබ වහන්සේ භුමිය, අවකාශය සහ දෙව්ලොව යන තුන් ලොවයි. ඔබ වහන්සේ ඕම්. (පැවසීමට ඇත්තේ මෙයයි,ඔබ වහන්සේ මේ සියලු දෙයයි.)
සමහර බැතිමතුන් උතුම් ශ්‍රී ගණ දෙවියන්ගේ ප්‍රතිමශිල්පීය ශ්‍රී ශරීර ලක්ෂණ වල හැඩයන් සහ “දෙවනගිරි” සහ දෙමල ලියමන් වල ඇති ඕම් සමග සමාන ලක්ෂණ දක්වන බවට විශ්වාස කරති.
“කුන්ඩලිනි යෝග” වලට අනුව උතුම් ශ්‍රී ගණ දෙවිඳුන් වාසය කරන්නේ පළමු චක්‍රයේය, එය “මූලධාරක” ලෙසින් හඳුන්වයි. “මූල” යන්නෙන් ප්‍රධාන, මුල් යන අදහසත් “ආධාර” යන්නෙන් පදනම, පාදය යන අදහස දැක්වෙයි. මූලාධර චක්‍රය මූලික විද්‍යාමානයක් හෝ උතුම් ශ්‍රී දෙවි දේවතාවන් වහන්සේලා වැඩම කර සිටින මුලිකයෙන් බාහිරට ව්‍යාප්ත වුනු එකකි. මේ පිළිබඳව “ගණපති අතර්වශිර්සය” ද සාක්ෂි දරයි. එහි සඳහන් පාඨය කොට්රයිට් විසින් මෙසේ දක්වා ඇත. “නුඹ නිරතුරුව මූලික නාරටියේ (මුලධාර චක්‍රයේ) සංස්කාරික ප්‍රතානය තුල හැසිරෙයි.” මේ අනුව යමින්, උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ ස්ථිරව වාසස්ථානයක් කර ගෙන සෑම ජීවියෙකු තුලම ඇති මූලචක්‍රයන් තුල වැඩ සිටියි. උතුම් ශ්‍රී ගණ දෙවියන් වහන්සේ අනෙකුත් සියලු චක්‍ර වලට ද සහයෝගය සහ මගපෙන්වීම සිදුකරයි. එයින් “ජීවන චක්‍රයේ නියාමනයේ බලපෑම් පාලනය සිදු කරයි.

අදූන්ගිරි පර්වතය පයින් මඩ කර වී වැපිරූ පත්තිනි දේවිය ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️සිංහල බෞද්ධ සමාජය තුළ මුල් බැස ගත් එක...
21/06/2022

අදූන්ගිරි පර්වතය පයින් මඩ කර වී වැපිරූ පත්තිනි දේවිය

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

සිංහල බෞද්ධ සමාජය තුළ මුල් බැස ගත් එක්‌ දෙයක්‌ තමා දේව විශ්වාසය. දෙවියන්ට පුද පූජා කරලා දෙවියන්ගෙන් පිහිටක්‌ ලබා ගන්නා අය බොහොමයි. ලංකාවට බුද්ධාගම එන්නත් කලින් මේ දේව විශ්වාසය තිබුණා. බුදුහාමුදුරුවන්ගෙනුත් ඒ කාලෙ සමහරුන් අහල තිබුණා දෙවියන් පිළිබඳව එක එක ප්‍රශ්න. අද වුණත් පිරිත් දේශනා කරන කොට දේවාරාධනාවක්‌ කෙරෙනවා. ඒ වගේම දෙවියන්ට පින්දීමත් අපේ අනිවාර්ය අංගයක්‌. දෙවියන් පිළිබඳ නොයෙක්‌ ජනප්‍රවාද ග්‍රීසිය, රෝමය විතරක්‌ නොවෙයි ජර්මනිය, රුසියාව, වැනි රටවලත් හම්බු වෙනවා. සෘග්වේදයෙත් හුඟාක්‌ දේවකතා තියෙනවා.
අපේ පැරැණිම ජනතාව සොබා දහමට, හිරුට සඳුට, මිහිකතට දේවත්වයෙන් සලකලා තියෙනවා. ඉන්දියාවෙ දෙවියන්ට යාග පවත්වලත් තියෙනවා. වස්‌තුව, රත්තරන් මැණික්‌ එහෙමත් පූජා කරල තියෙනවා. බුදුහාමුදුරුවො මේ යාග හෝම නිෂ්ඵල දෙයක්‌ බව ප්‍රසිද්ධියේම පෙන්වා දීල තිබුණත් ඒවයින් ජනතාව ඉවත් වුණේම නැහැ. අදටත් බෞද්ධ දෙවියන් ලෙස අපි පිළිගන්නා දෙවිවරුන් ඉන්නවා. මහාසුමන දෙවියන් බුදුහාමුදුරුවො ලංකාවට වැඩම කළ වෙලාවෙ බණ අහල උන්වහන්සේගෙන් කේශධාතු මිටක්‌ ඉල්ලගෙන මහියංගණ සෑයේ තැන්පත් කරපු විස්‌තරය මහාවංශයේ එනවා. ලංකාවට ගොඩ බැහැපු විජය කුමාරයාට උපුල්වන් දෙවියන් ආරක්‍ෂාව දුන්න බවත් කියනවා. කතරගම දෙවියන් ගැනත් නොයෙක්‌ ප්‍රවාද තියෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ඨඵල බෝධීන්ගෙන් එකක්‌ කතරගම රෝපණය කරලා තියනවා. දුටුගැමුණු රජතුමා එළාර සමග සටන් වැදිලා ජයග්‍රහණය ලබාගෙන කතරගමට බාරයක්‌ ඔප්පු කිරීමක්‌ විදිහට කතරගම දේවාලය හදලා දුන්න බවත් කියෑවෙනවා.

සිංහල ජනතාව උපුල්වන්, සමන් හා කතරගම යන දෙවිවරුන්ගේ පිහිට පැතීම ඉතාම පැරැණි සිරිතක්‌. මේ දෙවිවරුන් දේශීය දෙවිවරුන් අතර ප්‍රධානතම දෙවිවරුන් බව ඉතා පැහැදිලියි. බුදුහාමුදුරුවො කැලණියට වැඩම කරලා සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනල කන්ද මුදුනටත් වැඩිය. ශ්‍රීපාදය පිහිටුවල තියෙන්නෙත් ඒ ගමනෙදිම බව කියනවනෙ. මේවට මැදි වුණු මොනතරම් කතාන්දර අපට තියෙනවද? දේව විශ්වාසයට හිනා වුණ වීදාගම පරපුරේ හාමුදුරුවරුත් හිටිය. ඒ වුණාට අපේ පොදු ජනතාව නම් හැම කාලෙකම දෙවියන් ගැන තදට විශ්වාස කළා. පුද පූජා කළා. කොහොමටත් ඒක හරිම අහිංසක විශ්වාසයක්‌. බුදුහාමුදුරුවන්ට වැඳල කියලා ඉවර වෙලා දෙවියන්ට පින් දෙන සිංහල බෞද්ධයා දෙවියන්ට බාරහාර එහෙමත් ඔප්පු කරනවනෙ. බුදු පිහිට වගේම දෙවි පිහිටත් තමන්ට ලැබෙන බව විශ්වාස කිරීමේ වරදක්‌ තියෙනවා කියලා කියන්ටත් බැහැනෙ. කොහොමටත් සිංහල බෞද්ධයට නිවන් යන්නට හදිස්‌සියකුත් නැහැ. සංසාරෙ කොට කර ගන්න පින්දහම් කළත් ඒ අය හුඟ දෙනෙක්‌ හිතන්නේ කරදරයක්‌ දුකක්‌ නැතුව ජීවත් වෙන්න දෙවියන්ගෙන් පිහිටාධාර ලැබෙනව කියලයි.
සිංහල බෞද්ධයන් ඉහළම ගෞරවයකින් භක්‌තියකින් සලකන දෙවි කෙනෙක්‌ තමා පත්තිනි දෙවියන්. හින්දුන්ගේ විශ්වාසය නම් පත්තිනි කියන්නේ ශිව දෙවියන්ගේ භාර්යාව වන පාර්වතියගෙ අවතාරයක්‌. සිංහල බෞද්ධ මතය ඊට වෙනස්‌. සිංහලයන් ඇයව හඳුන්වන්නේ පත්තිනි මෑණියන් කියලා. ඇය බොහොම තේජාන්විත කෙනෙක්‌. ඇගේ සීලයේ ආනුභාවය කොච්චරද කියනව නං දවසක්‌ ඇය අඳුන්ගිරි කියන පර්වතය මුදුනෙ තපස්‌ රකින කොට සක්‌දෙවියන්ගේ පඬුපුල් අසුනත් උණුවෙලා. ඔන්න ඒ පාර සක්‌ දෙවිඳුන්ට හිතෙනවා ඇගේ සීලය පරික්‍ෂා කරලා බලන්න. එහෙම හිතපු සක්‌ දෙවියො මහලු බමුණකුගෙ වේසයක්‌ අරගෙන ඇය තපස්‌ රකින පර්වත මුදුනට ගිහිල්ලා. එහෙම ගිහිල්ලා ආහාරය සඳහා යමක්‌ ඉල්ලනවා. ඒ වෙලාවෙ පත්තිනි මෑණියො පර්වතය මුදුන පයින් මඩ කරලා. සුවඳැල් වී ඉහල ගොයම් පීදෙනකං ඉඳලා එයින්ම බත් හදලා දුන්නලූ. මේ සේරම සත් පැයක්‌ ඇතුළත කළා කියලා තමයි ජනප්‍රවාදෙ එන්නේ.
පත්තිනි දේවියගෙ උපත ගැනත් හරියට කතා තියෙනවා. ඇය අඹ ගෙඩියකින් උපන් බවත් කියනවා. ඒ වගේම ගින්නෙන්, දෙමට මලෙන්, විදුලියෙන්, පිනි බින්දුවෙන් නුග පතින්, සළු පොටෙන් ජලයෙන් ආදී විවිධ දේවලින් උපන් බව කියනවා. සත්පත්තිනි, දොළොස්‌ පත්තිනි කියන්නෙත් ඒ උත්පත්ති කතා හින්ද. මල් පත්තිනි. තෙද පත්තිනි, ඔරුමාල පත්තිනි, වගේ නම් ඇයට කියෙන්නේ. ඒ අනුවයි. මේවා පත්තිනි යාගවලදී ගායනා කරන කවිවල එනවා. සිලප්පදිකාරම් පොතේත් මණිමේඛෙලාවේත් ඇගේ උපත ගැන කතා හම්බු වෙනවා.
එක ආත්මයක ඇය වෙළෙඳ කුලයක උපදිනව. ඇගේ නම කන්නගි. ඇය ළාබාල කාලෙදිම කෝවලන් හෙවත් පාලඟ කියන තරුණයාට සරණ පාවා දෙනවා. ඔහු බොහොම චපල අයෙක්‌. මාධවී කියන නළඟන සමග හාද වෙන පාලඟ සියලු ධනය ඇය නිසා නාස්‌ති කරනවා. කොහොමහරි පාලඟ සිය බිරිඳගෙ පා සලඹක්‌ අරගෙන මදුරාපුරයට යනව ඒක විකුණන්නට හිතාගෙන. ඔන්න එතකොට ඒ රටේ රජ බිසවගෙ පාසලඹකුත් නැතිවෙලා. සල්පිලකට ගිහිල්ලා මේ සලඹ විකුණන්න හදන කොට රාජ පුරුෂයන්ට ආරංචි වෙනවා. නන්නාඳුනන අයෙක්‌ පාසලඹක්‌ විකුණන්නට ඇවිල්ලා කියලා. පස්‌සේ පාලඟව අල්ලාගෙන කුදලාගෙන රජවාසලට ගෙනියනවා.
රජ බිසවගෙ ආභරණයක්‌ හොරකම් කළ වරදට මේ අහිංසකයව හිස ගහල මරල දානවා. මේ සිද්ධිය කන්නගියට ආරංචි වෙනවා. ඇය බොහොම දුකටත් කෝපයටත් පත්වෙලා මදුරාපුරය ගින්නකින් විනාශ කරනවා. ඊට පස්‌සේ ඇය ආපහු පාලඟව උපද්දනවා. තවත් ප්‍රවාදයකින් කියවෙනවා ඇය පාසලඹෙ බලයෙන් ගඟක්‌ දෙබෑ කරගෙන එගොඩ වූ බව. පත්තිනි දේවිය ගැන පන්තිස්‌ කෝල්මුරවල තවත් කතා තියෙනවා.
එක්‌තරා දුප්පත් ගොවියෙකුගෙ මී ගවයෙක්‌ හොරු ගන්නවා. ගොවියා ඒ හොරකම ගැන රජතුමාට පැමිණිලි කරනවා. ඒත් යුක්‌තිය ඉටු වුණේ නැහැ. පස්‌සේ ගොවිය සොලී රටට ගිහිල්ලා ඒ රජතුමාට කියනවා ඒ නඩුව. සොළී රජු ලංකාවට ඇවිල්ලා රජු නෙරපල දාල මෙහෙන් තව 12,000 කුත් අල්ලගෙන තමන්ගේ රටට යනවා. ඊට පස්‌සේ රජකමට ආපු ගජබා රජතුමා නීල මහා යෝධයත් එක්‌ක ඒ රටට ගිහිල්ලා අපේ පිරිසත් බේරගෙන එනවා. ඒ ගමනෙදි පත්තිනි දේවියගෙ සලඹත් ගෙනැවිල්ලා නවගමුව දේවාලෙ තැන්පත් කරනවලු. අදත් නවගමුව ප්‍රසිද්ධ මේ පත්තිනි දේවාලෙ නිසයි.
පත්තිනි දේවිය හා සම්බන්ධ ක්‍රීඩා විදිහට අං කෙළිය, පොල්ගැසීම, ඔලිඳ කෙළිය හා ලී කෙළියත් ප්‍රසිද්ධයි. මේවා අදත් පුරාණ ගම්වල සිදු වෙන කෙළි සෙල්ලම්. ගම්මඩු, පාන්මඩු හා දෙවොල්මඩු පත්තිනි දේවියට පූජා විදිහට පවත්වන දේවල්. ලංකාවේ පත්තිනි දේවාල 593 ක්‌ තිබුණ බව කියනවා. අද සමහර ඒවා විනාශ වෙලා. තමිල්නාඩුවෙයි කේරළ ප්‍රාන්තෙයි පත්තිනි දේවියට පූජා කරනවා හැබැයි එතෙන්දි ඇය කාලි හා දුර්ගා නමින් තමයි හැඳින්නේනේ. කාලි අම්මා කෝවිල් විදිහට තියෙන්නේ ඒව බවත් සමහරු කියනවා.
සිංහල බෞද්ධයන්ගේ තියෙන එක විශ්වාසයක්‌ තමයි සරම්ප, පැපොල වගේ බෝවන රෝග සුව කරගන්න මේ පත්තිනි දේවිය පිහිට වෙනවා. කියලා ඒව දෙවියන්ගේ ලෙඩ කියලා තමයි හඳුන්වන්නෙ. මේ ලෙඩවලදී පත්තිනි දෙවියන්ට බාර වෙනවා. ඒව ඔප්පු කරන්නේ කිරි අම්මලගෙ දානයක්‌ දීලයි. දානයට අමතරව දේවාලෙට ගිහිල්ලා බාරයකුත් ඔප්පු කරන අයත් ඉන්නවා. පත්තිනි දෙවියන්ගේ උපත සිහි කරන ගැමි පූජාවකුත් තියෙනවා. අඹ විදමන කියලා. ඒ අඹ විදමන කතාවෙන් කියන්නෙත් පත්තිනි උපතමයි.

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗚𝘂𝗿𝘂𝗸𝗮𝗺 𝗯𝗼𝗼𝗸𝘀𝘁𝗼𝗿𝗲 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram