Shesha ආයුර්වේද

Shesha ආයුර්වේද Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shesha ආයුර්වේද, Medical Lab, Kegalle.
(3)

🌸🌸"The tree which moves some to tears of joy is in the eyes of others only a green thing which stands in the way. Some s...
21/02/2025

🌸🌸"The tree which moves some to tears of joy is in the eyes of others only a green thing which stands in the way. Some see nature all ridicule and deformity, and by these I shall not regulate my propositions. And some see no nature at all. But to the eyes of the man of imagination, nature is imagination itself."🌸🌸🌸🌸

මාස 3කට වරක් හෝ කෙස් අග කපා ඉවත් කරන්න  මාසයකට දෙතුන් වතාවක් හෝ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න ඊට අමතරව දින තුනකට වරක් ව...
21/02/2025

මාස 3කට වරක් හෝ කෙස් අග කපා ඉවත් කරන්න මාසයකට දෙතුන් වතාවක් හෝ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න ඊට අමතරව දින තුනකට වරක් වත් ස්කැල්ප් එකට ඔයිල් වර්ගයක් දමා සම්බාහනය කරන්න . ශැම්පො කන්ඩිශනර් කෙස් ගසේ ස්වභාවය බලා තෝරා ගන්න. ශැම්පො වලින් කෙස් වැවීමක් සිදු නොවේ එයින් කෙස් ගසේ කුනු දූවිලි ඉවත් වීම සිදු වෙන අතර කන්ඩිශනර් වලින් කෙස්ගසට නව පනක් හා කෙස් ගස වටා ප්‍රෝටීන තට්ටුවක් ගබඩා වේ එයින් කෙස් ගසට සත්කාරයක් ලැබේ ඉතිම් ස්කැල්ප් එකට තෙල් දැමීම හා කොන්ඩ ගසට කන්ඩිශනර් දැමිමෙන් හා මේ ආකාරයට මාස තුනක් හිතට එකගව කොන්ඩෙට ආදරේ කරොත් ඔයාලට පුලුවන් ඉබේ වැවෙන කොන්ඩෙ යි සාත්තුවෙන් වැවෙන කොන්ඩෙයි වෙනස බලන්න..🍁

Tea Tree Oil and Rosemary Oil in SHESHA HAIR OIL works on the scalp to completely control dandruff. The Peppermint extra...
21/02/2025

Tea Tree Oil and Rosemary Oil in SHESHA HAIR OIL works on the scalp to completely control dandruff. The Peppermint extract and Argan Oil in SHESHA OIL nourish the scalp well and create a healthy scalp and give you thick, healthy hair with black shine. You can see the difference after two or three days of using it.🌷 say goodbye to weak hair that will fall out..!🥰🥰🥰🥰🥰🪷🪷

🌻 කොණ්ඩෙ අහුරු පිටින් යෑම,🌻තට්ටය පෑදීම ,🌻හිසකෙස් අග පැලීම,🌻හිසකෙස් තුනී වී කැඩි යෑම,ආදී සියලුම ප්‍රශ්න වලට හොදම විසදුම ❤...
20/02/2025

🌻 කොණ්ඩෙ අහුරු පිටින් යෑම,
🌻තට්ටය පෑදීම ,
🌻හිසකෙස් අග පැලීම,
🌻හිසකෙස් තුනී වී කැඩි යෑම,ආදී සියලුම ප්‍රශ්න වලට හොදම විසදුම

❤❤❤ වැවෙන් නෑ කියන ඕනිම කොන්ඩයක් වවල පෙන්නන ශේෂා ✨️✨️✨️✨️✨️

🧴වැවෙන කොන්ඩේ ඝනකම් නැති එක සහ සීමාවක් නැතුව කොණ්ඩය ගැලවී යාම.🧴හිස්සොරි උකුණන් සහ හිසෙ තෙතමනයක් නැති එකට.🧴වියලි කාලේ හිස...
20/02/2025

🧴වැවෙන කොන්ඩේ ඝනකම් නැති එක සහ සීමාවක් නැතුව කොණ්ඩය ගැලවී යාම.
🧴හිස්සොරි උකුණන් සහ හිසෙ තෙතමනයක් නැති එකට.
🧴වියලි කාලේ හිස්කබලේ විවිද ආසාත්මිකතා ( දහඩිහ බිබිලි/ හිස්කබල වියලිම නිසා කැසීම)
🧴අකලට හිසකෙස් පැසීම වලකයි
🧴අකලට තට්ටය පෑදීම නවතයි
🧴කෙස් අග පැලීම වලකයි
🧴නව හිසකෙස් වර්ධනය වේ

> සති 2-3 ක් ඇතුලත ප්‍රතිඵල 🌿

> වයස අවුරුද්දට වැඩි ඕනෑම පාර්ශ්වයකට භාවිතා කර හැක🤰🏻🧔🏻‍♂️👨🏼‍🦱👵🏻👱🏻‍♀️👩🏻‍🦱


ශේෂා කියන්නේ ආයුර්වේද අමුද්‍රව්‍ය පමනක් එකතු කර වටිනා ශාකමය යුෂ වලින් නිපදවන ඉන්දියානු බෙහෙත් වට්ටොරුවක්'
ඉතින් ඔයාගෙ කොඩෙට ගැලපෙන හොදම විසදුම!🌿🧴🍯 ශේෂා ✨️✨️✨️

ඉන්දියානු ආයුර්වේද වට්ටෝරුවකින් ...🇮🇳🇱🇰💐ආයුර්වේද රෙජිස්ටර් කරපු  ⚜️😍 මාස 2 ක් පාවිච්චි කරන්න පුලුවන් ලොකු hair oil එකක් ...
18/02/2025

ඉන්දියානු ආයුර්වේද වට්ටෝරුවකින් ...🇮🇳🇱🇰💐
ආයුර්වේද රෙජිස්ටර් කරපු ⚜️😍 මාස 2 ක් පාවිච්චි කරන්න පුලුවන් ලොකු hair oil එකක් ... 📢

නොනවත්වා කෙස් ගැලවෙන ප්‍රශ්නෙට .. කොන්ඩෙ වවාගන්න ... එක පාරක් ගාල බලන්නම වටින හෙයා ඔයිල් එක මෙන්න🧪⚜️

අමුද්‍රව්‍ය :

නෙල්ලි
තලතෙල්
වදමල්
එඩරු තෙල්
ඔලිව් තෙල්
රෝස පෙති
සූරියකාන්ත තෙල්
කොහොඹ
කලුදුරු
රතුලූනු
කරාබුනැටි
උලුහාල්
කෝමාරිකා
බ්‍රාහ්මී
මුරුංගා
පාස්ලි
රීථා
රෝස්මරි ... ආදී බෙහෙත් වර්ග 34 කින් ..

කිසිම රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවනබවට සායනිකව තහවුරු කර ඇති ලොකු , පොඩි බේදයකින් තොරව, කාන්තා පිරිමි ඕනම කෙනක්ට හරියනම ඔයිල් එක ශේෂා hair growth oil 💞

▪️අකලට කෙස් ගැලවීයාම
▪️කෙස් අග පැලීම
▪️කෙස් වර්ධනයේ දුර්වලතා
▪️තට්ටය ඇතිවීම
▪️තඹ වීම
▪️හිසරදය හා ඉරුවාදය
▪️අකලට පැසුණු කෙස් සදහා
▪️පීනස් තත්ව
▪️නින්ද නොයෑම හා මානසික ආතති තත්ව▪️හිස්සොරි හා හිසේ ඇතිදන දද කුෂ්ඨ ආදී රෝග රැසකට ප්‍රත්‍යක්ෂ විසදුමකි.

🤍පීනස් හා සෙම ඇති අයටත් භාවිතා කල හැකි අයුරින් නිශ්පාදනය කර ඇත. 🤍

🔮භාවිත කරන ආකාරය🔮

තෙල් ස්වල්පයක් ගෙන හිස්කබලේ හා හිසකෙස් වල ඇගිලි තුඩුවලින් තද නොකර ආලේප කර පැය 7-8ක් තබා සැර අඩු ශැම්පු වලින් සෝදා ඉවත් කරන්න. සෙම් හා පීනස තියෙන අය පමණක් උදෑසන 12 ට කලින් තෙල් ආලේප කරන්වානම් හොදයි. මුල් දින 5ක් පමණ නොකඩවා භාවිතා කර පසුව සතියට 3 වතාවක් පමණ භාවිතා කිරීම ට කරන්න..

✨ඇණවුම් කිරීමට නම ලිපිනය හා දුරකතන අංක දෙකක් එවන්න. දින 3ක් ඇතුලත නිවසටම ගෙන්වාගන්න පුලුවන්

මිල රුපියල් 1500/-
ඩිලිවරි රුපියල් 350/-

මිහිරි කටහඬක් වගේම සුන්දර රූපයක් ලබා දෙන පේරඔබ මෙච්චර කල් පේර කෑවට පේර වල තියන ගුණ දැනගෙන ද ආහාරයට ගත්තේ?ගොඩක් දෙනෙක් ඒ ...
18/02/2025

මිහිරි කටහඬක් වගේම සුන්දර රූපයක් ලබා දෙන පේර

ඔබ මෙච්චර කල් පේර කෑවට පේර වල තියන ගුණ දැනගෙන ද ආහාරයට ගත්තේ?
ගොඩක් දෙනෙක් ඒ ගැන නම් දන්නේ නැතුව ඇති. හැබැයි මේ ලිපිය කියෙව්වට පස්සේ
අද ඉඳන් ඔබ අනිවාර්‍යෙන්ම හිතලම පේර ආහාරයට ගනියි. විශේෂයෙන්ම ඔබේ
දරුවන්ටත් පේර ලබා දෙන්න. අපි එහෙම කියන්නේ පේර වල තියන මෙන්න මේ
විශ්මිත ගුණ නිසයි.

විටමින් ඒ හා බහුලව පවතින “පේර” කියන්නේ බාල මහලු කොයි කාටත් එකසේ
ගුණදෙන ප්‍රණීත පළතුරක්. කැල්සියම් හා පොටෑසියම් පේරවල තියෙනවා. එමෙන්ම
අනෙකුත් ඛනිජ පෝෂකයන්ගෙන් ද අනූනයි.

* බඩගින්නට හොඳ ඖෂධයක්

තන්තු බහුලව ඇති පේර, කෑමට පසු ගැනීමෙන් බඩගින්න අඩු වෙනවා. සෙම්
රෝගවලට ද පේර හිතකරයි. උගුර ආශ්‍රිත රෝග හා පෙණහලු රෝගවලට ගුණදායක
වෙයි.

* කල්තබා ගැනීම

ගහේ ඉදුණු පේර බිමට වැටෙන්නේ ගිරව්, ලේන්නු, මයිනා වැනි සතුන් ඒවා බුක්ති
විඳින්නට ආවමයි. ගහෙන් කඩා දින 2 ක් ඇතුළත පේර ආහාරයට ගත යුතුයි. නොඑසේ
නම් එය ශරීරයට සුදුසු තත්ත්වයක පේර පවතින්නේ නෑ. වැඩි දින ගණනක් තබා
ගැනීම සුදුසු නැහැ.

ප්‍රණීත රසැති ජෑම් හා ජූස් විදිහට හදාගන්න පුලුවන් පේර ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්
සම්පූර්ණයි. පේර ගෙඩි සාමාන්‍යයෙන් ඇඹුල් හා මිහිරි රසයි. මිහිරි රසය ඇති පේර ශීත
ගුණයෙන් යුක්තයි. එසේම ඇඹුල් රසැති පේර උෂ්ණයි. අමු ගෙඩි මිහිරි බවින් යුක්තයි.
පැසුණු ගෙඩිය ඉක්මනින් දිරවයි. නමුත් ඒවා මද වශයෙන් උෂ්ණාධිකයි.

* ඖෂධීය ගුණ

සිරුරේ බර අඩු කරන ගුණය පේර වල ප්‍රබලව තිබෙනවා. ඇඟ කෙට්ටු කිරීමට
බොහෝවිට පේර හොඳ ඖෂධයක් . පේර නිතර දෙවේලේ ආහාරයට ගන්නා අයෙකුගේ
ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදු වෙනවා. එසේම බඩ බුරුලට යාමේදී ද පේර කියන්නේ
හොඳ ප්‍රතිකාරයක්. මලබද්ධය දුරු කරන පේර අධිරුධිර පීඩනයට ද යෝග්‍ය ලෙස ක්‍රියා
කරන පළතුරක්. දියවැඩියා රෝගයට ද පේර බොහෝ සුදුසු පලතුරක් ලෙස භාවිතා
කරනවා. ආයුර්වේදයේදී කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව යන රෝග තත්ත්වයේදී පේර කොළ
කෂාය කර බොන්නට දෙයි. මේ කෂාය ස්වසන රෝගවලට ද සුදුසුයි. ස්වසන මාර්ගයේ
ඇතිවන රෝගවලට ද හොඳ ඖෂධයක්.

පේර වලින් ලැබෙන ගුණයක් ලෙස ඇස් පෙනීම වැඩි දියුණු කරවනවා. ඇස්වල ඇතිවන
රෝග වළක්වා ගැනීමට හැකියි. ඇස් දීප්තිමත් කරයි. රාත්‍රී අන්ධතාවය දුරු කරයි. පිළිකා
රෝග වළකයි. පිරිමි පාර්ශවයේ පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා වළකාලයි. ඊට අමතරව මුඛ
පිළිකා, පියයුරු පිළිකා ඇතිවීම වළකන ගුණ පේර වල තිබෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ
ඇති හෝර්මෝන නිසි අයුරින් ක්‍රියා කිරීමට ද පේර උදව් වෙනවා.

පේර තුළ ප්‍රතිශක්තිකරණ හැකියාව ද ඉහළයි. හෘදයට හිතකරයි. කොලෙස්ටරෝල්
වලින් තොරයි. හෘදයේ බොහෝ රෝගවලට ගුණ දෙයි. පේර වල කාබෝහයිඩ්‍රේට්
ඇත්තේ ඉතා සුළුවෙනුයි. ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ හැදෙන පේර වියළි
දේශගුණයේ දී හොඳින් වැඩෙනවා.

පේරවල ගුණාත්මකභාවය ආයුර්වේද ඖෂධීය ගුණය වනුයේ ශරීරයේ සමේ
පැහැපත්භාවය ලබාදීමයි. ශරීරයේ ලේවල උෂ්ණත්වය අඩු කිරීමේ ගුණය සහ විෂ
නැසීමේ ගුණය පවතී.

පේර වර්ගවලින් ශරීරයට සිදුවන ගුණාත්මකභාවය අඩුවක්‌ නෑ. එමඟින් ශරීරයට
යකඩ (ඛණිජ), ලබාදෙන අතර විටමින් සී ද ලබා දෙනවා. විශේෂයෙන්ම පේර තුළ
ශාරීරික ශක්‌තිය, කටහඬ මිහිරි කරවන ගුණ, ශරීරයට සෞම්‍ය ගුණය, රූප ශෝභාව
ළඟාකර දීම වැනි බොහෝ වටිනා ප්‍රතිලාභ ඔබට ලැබෙනවා.

ස්වභාවිකවම ශරීරයේ වේදනාව අඩුකර ගැනීමට උපකාරිවන ආහාර 8ක්අපගේ ශරීරයේ ඇතිවන සියලු වේදනාවන් සිරැර තුල ඇතිවන ප්‍රදාහයන් (දැවි...
18/02/2025

ස්වභාවිකවම ශරීරයේ වේදනාව අඩුකර ගැනීමට උපකාරිවන ආහාර 8ක්

අපගේ ශරීරයේ ඇතිවන සියලු වේදනාවන් සිරැර තුල ඇතිවන ප්‍රදාහයන් (දැවිල්ල) සහ ගිනි අවුලුවන ප්‍රතිචාරයන් මත පදනම් වනවා. විශේෂයෙන් නිදන්ගත දැවිල්ල, බොහෝ හෘද රෝග, ආතරයිටිස්, ඇදුම, පිළිකා සහ ඩිමෙන්ශියාව වැනි රෝග ඇතිවීම සඳහා විශාල බලපෑමක් එල්ල කරනවා. නීරෝගි දිවියක් සඳහා ශරීරයේ ඇතිවන දැවිල්ල පාලනය කරගැනීම මගින් නීරෝගි දිවියක් ගත කිරීමට උත්සාහ ගත යුතුයි. විශේෂයෙන් අප දෛනිකව ආහාරයට එක්කර ගන්නා ආහාර වර්ග ශරීරයේ ප්‍රදාහයන් ඇතිවීම කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. විශේෂයෙන් සුදු සීනි සහ සුදු පිටි ( පිරිපහදු කරන ලද සිනි සහ පිටි වර්ග) ඒ සඳගා විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා..

නමුත් ඔබ දන්නවාද ශරීරයේ ඇතිවන ප්‍රදාහයන් පාලනයට උපකාරි වන ආහාර පාන වර්ග ද තිබෙන බව. එම ආහාරපාන මගින් නිදන්ගත දැවිල්ල (chronic inflammation) අඩු කිරීම සහ පිළිකා සහ වෙනත් රෝග වලට එරෙහිව සටන් කිරීමටත් හැකියාව ලැබෙනවා.

ඔමෙගා-3 මේද අම්ල

ඉතා සෞඛ්‍ය සම්පන්න මේද වර්ගයක් ලෙස ඔමෙගා - 3 මේද අම්ල හැඳින්විය හැකි අතර එය ශරිරයෙ ප්‍රදාහයන් ඇතිවීමට එරෙහිව සටන් කරනු ලබනවා. සැමන්, ටූනා, ට්‍රවුට් සහ මැකරල් වැනි මේදය බහුල මාලු වර්ග ආහාරයට ගැනීමෙන් ඔබට පහසුවෙන් ඔමෙගා - 3 ලබාගත හැකියි. ඊට අමතරව චියා ඇට, බිත්තර සහ ඇට වර්ග ආහාරයට එක්කර ගැනීම මගින් ඔමෙගා - 3 ලබාගත හැකියි.

සුදුළුනු

සුදුළූණු, ළූණු සහ ලීක්ස් වල ප්‍රතිඔක්සිකාරකයක් වන quercetin අඩංගු වන අතර එමගින් සිරැරේ ඇතිවන ප්‍රදාහයන් (දැවිල්ල) සමනය කල හැකියි. විශේෂයෙන් සුදුළුනු පිළිකා නාශකයක් වන අතර හෘද රෝග සහ ඩිමෙන්ශියා අවදානම අඩු කිරීමටත් උපකාරි වනවා.

හරිත තේ

හරිත තේ වල සිරැරේ ප්‍රදාහයන් අඩුකරන ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන අතර උදරයේ ඇති අතිරික්ත මේදය ඉවත් කිරීමට, පිළිකා මර්ධනයට සහ මානසික අවපීඩන තත්ත්වයන් සමනය සඳහා උපකාරි වනවා. විශේෂම කාරණය වන්නේ හරිත තේ යනු කැෆේන් වලින් තොර පානයක් බැවින් ඔබගේ නිදි චක්‍රය සඳහා ඉන් බලපෑම් එල්ල නොවේ. එමනිසා දවසේ ඕනෑම වේලාවක පානය කල හැකියි. නමුත් රසකාරක සහ පැණිරස එක් නොකර පානය කිරීම වඩාත් උචිත වනවා.

පූර්ණ ධාන්‍ය සහ බෝංවි වර්ග

පූර්ණ ධාන්‍ය මගින් සිරැරේ ප්‍රදහයන් ඇතිවීම පාලනය කරන අතර චියා ඇට, ඕට්ස්, රතු සහල් වැනි ආහාර C-reactive protein (CRP) මට්ටම පාලනය කරනු ලබනවා. CRP මගින් හෘද රෝග, දියවැඩියාව සහ රූමැටොයිඩ් ආතරයිටිස් වැනි රෝග ඇතිවීම කෙරෙහි බලපානවා.

පූර්ණ ධාන්‍ය සහ බෝංචිවල තන්තු බහුල අතර ඒවා බඩවැල් නිරෝගීව තබා ගැනීමට, බර අඩු කර ගැනීමට, හෘද රෝගවලට එරෙහිව සටන් කිරීමට සහ රුධිර පීඩනය අඩු කිරීමට උපකාරි වනවා. නමුත් ඔබ මෙම ආහාර සමග චීස්, බටර් වැනි ප්‍රදාහයන් ඇතිවීම වැඩිකරන ආහාර වර්ග මිශ්‍ර කර ආහාරයට නොගත යුතුයි.

කහ

කහ යනු පුරාතනයේ සිට සිරැරේ ප්‍රදාහයන් සඳහා ප්‍රථිකාරයක් ලෙස භාවිතාකරන ලද වැදගත් කුළුබඩු වර්ගයකි. ඔබට පහසුවෙන් විවිධ ආහාර වර්ගවලට එක්කර කහ ආහාරයට ගත හැකියි.

බ්‍රොකෝලි සහ ගෝවා

බ්‍රොකෝලි, ගෝවා වැනි එලවලු බොහෝ දෙනාගේ ප්‍රියතම ආහාර වර්ග නොවුණත් ඒවා ඉතා සෞඛ්‍ය සම්පන්න ආහාර ලෙසයි සැලකෙන්නේ. මෙම සමාන පෙති ඇති අලංකාර එළවලු වල සිතනවාටත් වඩා නිදන්ගත දැවිල්ල තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සලසන ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වනවා. ඔබට විවිධාකාරයට ආහාරයට ගත හැකි අතර මෙම එලවලු මානසික අවපීඩනයන් අවම කිරීමටද උපකාරි වනවා.

ඉඟුරු

ඉඟුරු ඉතා ප්‍රබල ඇන්ටි ඉන්ෆ්ලමටරි එකක් ලෙසයි සැලකෙන්නේ. ඔබගේ තේ කෝප්පයට එක්කර එසේ නොමැති නම් ආහාරයක් ලෙස, රසකැවිල්ලක් ලෙස ඔබට ඉඟුරු ආහාරයට එක්කර ගත හැකියි. විශේෂයෙන් ඉඟුරු සාරය ඔස්ටියෝ ආතරයිටිස් නමැති දණහිසේ වේදනාවට ප්‍රථිකාරයක් ලෙසද යොදාගනු ලබන අතර රුධිරගත සීනි අඩු කිරීමටත් සහ හෘද රෝග සමඟ සටන් කිරීමටත් මෙන්ම ආමාශය ආශ්‍රිත රෝග සඳහා සහනය ගෙන දීමටත් උපකාරි වනවා.

සුප්

පැළෑටි සමඟ එළවළු, මාළු හෝ මස් එක්කර සාදන ලද සුප් දැවිල්ලට එරෙහිව සටන් කිරීම සඳහා විශිෂ්ට ක්‍රමයක් ලෙසටයි සැලකෙන්නේ. විශේෂයෙන් කුකුලු මස් එක්කර සාදන ලද සුප් ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වන අතර අසනීපවලින් සුවය ලබාගැනීමට සහ වඩාත් හොඳ මනෝභාවයක් ලබාගැනීමට හැකි ආහාරයකි. කුකුලු මස්, සුදුළූණු , ගෝවා හෝ නිවිති සහ හතු එක්කර සකස් කරගන්නා සුප් ප්‍රදාහ තත්ත්ව හේතුවෙන් ඇතිවන රෝග සමග සටන් කල හැකි විශිෂ්ඨ ආහාරයක් ලෙසටද හැඳින්විය හැකියි.

✨️✨️✨️✨️🥰🥰🥰✨️✨️
18/02/2025

✨️✨️✨️✨️🥰🥰🥰✨️✨️

Customer feedbacks  ✨️✨️✨️
18/02/2025

Customer feedbacks ✨️✨️✨️

කෙස් කළඹ කියන්නෙ ඔබට ලස්සන පෙනුමක් ලබා දෙන්න අත්‍යවශ්‍යම දෙයක්. දිගු කෙස් කළඹක් ලබා ගන්න  වගේම කෙස් කළඹ ලස්සනට තියාගන්නත...
19/06/2023

කෙස් කළඹ කියන්නෙ ඔබට ලස්සන පෙනුමක් ලබා දෙන්න අත්‍යවශ්‍යම දෙයක්. දිගු කෙස් කළඹක් ලබා ගන්න වගේම කෙස් කළඹ ලස්සනට තියාගන්නත් අපි නොයෙකුත් දේවල් අත්හදා බලනවා. විවිධ තෙල් සත්කාර , හෙයා මාස්ක් සත්කාර ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඉතිං අද අපි කියලා දෙන්න යන්නේ විශ්මිත ප්‍රථිපල තියෙන ඔයාගේ කොණ්ඩය ඉක්මනින් වවා ගන්න පුළුවන් අලිගැටපේරවලින් hair mask එකක් හදාගන්න විදිය.

අලිගැටපේර මාස්ක් හිසකෙස් සඳහා හොඳ සත්කාරයක් වන්නේ කොහොමද ?
හිස කෙස්වල වියළි ගතිය නැති කිරීම
අලිගැටපේරවල ස්වාභාවික තෙල් සහ බහු අසංතෘප්ත මේද අම්ල අඩංගු වනවා .ඉතා හොඳ මොයිස්චරයිසින් ගුණයකින් සහ පෝෂ්‍යදායී ගුණයෙන් ද යුක්ත වනවා .ඒ නිසා සියලුම හිසකෙස් ගැටළුවලට අලිගැටපේර හරහා හොඳ සත්කාරයක් ලැබෙනවා. විශේෂයෙන් වියළි අපිළිවෙල හිස කෙස් සඳහා මෙය ඉතාමත් යෝග්‍ය වනවා.

හිසකෙස් පෝෂණය කිරීම
මෙම පළතුරෙහි විටමින් බහුල වන නිසා එය හිස්කබල පෝෂණය කරමින් නිරෝගී, දිළිසෙන කෙස්කළඹක් ලබා දෙනවා. අලිගැට පේර යනු බයෝටින් වල විශිෂ්ට ප්‍රභවයක් වන අතර, මෙම ඇති Bවිටමින් හිසකෙස් වඩාත් සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වීමට උපකාරී වනවා.

හිසකෙස්වලට සිනිඳු හා දිළිසෙන පෙනුමක් ලබා දීම
අලිගැටපේරවල ඇති පොටෑසියම් සහ මැග්නීසියම් ඇතුළු ඛනිජ වර්ග නිසා හිසකෙස්වලට සිනිඳු හා දිළිසෙන පෙනුමක් ලබා දෙමින් එය කැඩීම වළක්වා ගත හැකියි.හිස කෙස්වල ශක්තිමත් භාවය වැඩිදියුණු කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩි 1යි
ඔලිව් තෙල් මේස හැඳි 2යි
මී පැණි තේ හැඳි 2යි
පොල් කිරි කෝප්ප භාගයක්

සකසා ගන්නා ආකාරය
පළමුව හොදින් ඉදුණු අලිගැටපේර ගෙඩිය බ්ලෙන්ඩර් කර ගන්න

පසුව එයට ඔලිව් තෙල් මේස හැඳි 2, මී පැණි තේ හැඳි 2 සහ පොල් කිරි කෝප්ප භාගය එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න

පාවිච්චි කරනේ කොහොමද ?

සකසා ගත් අලිගැටපේර මිශ්‍රණය හොඳින් පීරා ගත් කොණ්ඩයේ ගාන්න.(හිස්කබලට සහ හිස කෙස්වලට හොඳින් කාවදින පරිදි)

පසුව shaver cap එකකින් හොඳින් හිස ආවරණය කර පැයක් පමණ තබා ගන්න.

පැයකට පසුව කොණ්ඩය හොඳින් සෝදා කන්ඩිෂනර් කර ස්වභාවිකව වේලෙන්න ඉඩ හරින්න .

සැලකිලිමත් විය යුතු කරුණු
මෙම සත්කාරය ඔබ සතියකට සැරයක් සිදු කරන්න

උදෑසන කාලයේ මෙම සත්කාරය සිදු කිරීම වඩාත් යෝග්‍යයි

මෙම සත්කාරය ඔබත් සිදු කර දිදුළන නිරෝගී දිගු කෙස් කළඹක හිමිකාරිනියක් වන්න

ලස්සන වෙන්න කන්න නෙල්ලිBySmartladyAUGUST 9, 2017නෙල්ලි  (Indian Gooseberry)ඉතාමත් ගුණදායක පලතුරක් වුණත්, බොහෝ අය අතර එතර...
19/06/2023

ලස්සන වෙන්න කන්න නෙල්ලි
By
Smartlady
AUGUST 9, 2017

නෙල්ලි (Indian Gooseberry)ඉතාමත් ගුණදායක පලතුරක් වුණත්, බොහෝ අය අතර එතරම් ප්‍රසිද්ධ නැත්තේ එහි ඇති තිත්ත රස නිසයි. නමුත් රෝග මඬින්නට පමණක් නොව නෙල්ලි රුව වඩන්නත් උදව් වනවා.

ඖෂධ සඳහා අමු නෙල්ලි හා වියළි නෙල්ලි වශයෙන් ගනු ලබයි. හිසකෙස් වර්ණක හා හිසකෙස් වල ආලේප කරන තෙල් නිපදවීමේදී භාවිතා කරයි. මෙය ආයුර්වේද ප්‍රතිකාර වලදී ඉතා වැදගත් ඖෂධයකි. දර්ශනීය ශාකයක් වන නෙල්ලි විශේෂයෙන් උද්‍යාන අලංකරණයේදී යොදාගනී. අමු හා වියළි ගෙඩිද, කොළ, පොතු, මල් හා ඇටද ඖෂධ වශයෙන් ගනී. ඇසට හිතකර, කෙස්‌ වැවීමට උපකාරී වන ඖෂධයකි. හෘදය ශක්‌තිමත් කරන අතර ලේ පිරිසිදු කරයි. කෑම අරුචිය නසයි.

ආයූර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී බහුලව භාවිත කරන නෙල්ලි, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට විශාල දායකත්වයක් සපයනවා. ඒ වගේම, දියවැඩියාව, පිළිකා, අජීර්ණ, හන්ධිපත් රුදාව ආදී රෝගවලට ප්‍රතිකාර කිරීමේදීත්, ආයූර්වේදයේ නෙල්ලි යොදා ගන්නවා. නෙල්ලි වල විටමින් “සී” බහුල වේ. නෙල්ලි අමුවෙන් කෑමෙන් දත්මුල් වලින් ලේ ගැලීම නතර කර ගැනීමට හැකිවේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට, ආහාර ජීර්ණය පහසු කරවීමට, වයස්ගත වීමත් සමඟ සමේ ඇතිවන ලප කැලැල් ඉවත් කරවීමට මෙන් ම, කාන්තාවන්ට ඇති වන ඔසප් වේදනාව අඩු කිරීමටත් දායක වෙනවා. නෙල්ලි ශීත ගුණයෙන් යුක්ත වන අතර දාහය (දැවිල්ල) සමනය කිරීමේ හැකියාවද පවසයි.

ශරීරය වර්ණවත් කර ගැනීම සඳහා වේලුණු නෙල්ලි උපයෝගී කරගනු ලබයි. අමු නෙල්ලි තලා හෝ කැබලි වලට කපා රාත්‍රියේ වතුරට දමා උදෑසන බීමෙන් සම ලස්සන වේ. අමු නෙල්ලි නිතර කැමට ගැනීමෙන් ඇස්වල දීප්තිය ඇතිවේ.

නෙල්ලි තැම්බූ වතුරින් හිස සේදීමෙන් හිසකෙස් වැටීම වලකන අතර හිසකෙස් වලට දීප්තියක් ලබාදේ. හිසකෙස් වර්ධනය කරයි. අකලට හිසකෙස් සුදුවන අය නෙල්ලි තම්බා හිස සේදීමෙන් හිස කෙස්වල සුදු පැහැය වලක්වන අතර, සුදු වූ හිස කෙස් දුර්වර්ණ වී යයි. එම නිසා හිස කෙසේ සුදු වන අයට නෙල්ලි අපූරු ගුණ දෙන ඖෂධයකි.

නෙල්ලි අමුවෙන් කන්න අකමැති නම් බීම, ජෑම් ආදී ලෙස සකසා ප්‍රයෝජනයට ගත හැකියි. අඩු මුදලටවැඩි ගුණයක් ලබා ගත හැකි නෙල්ලි වලින් උපරීම ප්‍රයෝජනයක් ලබා ගන්න අමතක කරන්න එපා.

Address

Kegalle

Telephone

+94769762895

Website

Alerts

Be the first to know and let us send you an email when Shesha ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category