Aayu Ceylon - ආයු සිලෝන්

Aayu Ceylon - ආයු සිලෝන් Veedagama Jeewasakthi is a 100% natural medicine made from a blend of eight herbs and is approved by the Department of Ayurveda of Sri Lanka.
(1)

19/11/2025

❤️විදාගමේ හන්දි තෛලය😇

විදාගමේ හන්දි තෛලය පාරම්පරික හෙළ වෙද පරපුරේ සම්ප්‍රදායික ඖෂධ සංයෝග මිශ්‍රකර මනා සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරමින් , ඉඹුල්ගස්දෙණිය පුරාණ හෙළ වෙද ගෙදර තුල වර්ෂ ගණනාවක් තිස්සේ නේවාසික හා බාහිර රෝගීන් දහස් ගණනක් සුව කරමින් සායනිකව ප්‍රතිපල තහවුරු කරන ලද දිව ඔසුවකි.
👇විදාගමේ හන්දි තෛලය භාවිතා කළ හැකි රෝග අවස්ථා

👉සයිටිකා වේදනාව
👉බෙල්ලේ වේදනාව
👉දණහිස් කැක්කුම
👉වැලමිට වේදනාව
👉කොන්ද වේදනාව
👉උරහිස් වේදනාව
👉කැඩුම් වේදනාව
👉උලුක්කු
😇සැලකිය යුතුයි

👩‍🔬මෙම විදාගමේ හන්දි තෛලය බාහිර ආලේප සඳහා පමණයි.
💒 ඔබත් නොපමාව අදම ඇණවුම් කර නිවසට ගෙන්වාගන්න.
👇ඇසුරුම් ප්‍රමාණ කිහිපයකින් ඔබගේ අවශ්‍යතාව පරිදි ගෙන්වා ගත හැක.
100 ml - 2950/=
50ml - 1500/=
🛵 දිවයින පුරා කූරියර් ගාස්තු 300/= කි.
☎️ අමතන්න :- 070 - 633 563 3 / 070 - 655 965 5
👩‍💻 ඇනවුම් කිරිම සදහා පහතින් දක්වා ඇති whatsapp button එක මත click කර ඔබගේ නම,ලිපිනය ,දුරකථන අංක 2ක් අප වෙත ලබා දෙන්න.
🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑
-------------------------------------------------------------------
❤️Veedagama _Handi_Oil 😇
Veedagama Handi Oil is a traditional herbal medicine that has been produced in a safe and hygienic manner by mixing traditional medicinal compounds of the traditional medicine family of the Ibulgasdeniya, Purana Hela Weda Gedara, and has been curing thousands of inpatients and outpatients for many years, with proven results.
👇Diseases that can be used with Veedagama Handi Oil
👉Sciatica pain
👉 Neck pain
👉Knee pain
👉Elbow pain
👉Back pain
👉 Shoulder pain
👉 Fracture pain
👉Sprains
👉Back pain
😇Please note
👩‍🔬 This Veedagama Handi Oil is for external application only.
💒You can also order it today and have it delivered to your home.
👇 It can be delivered in several packaging sizes according to your needs.
100 ml - 2950/=
50ml - 1500/=
🛵 Island wide courier charges 300/=.
☎️ Call :- 070 - 633 563 3 / 070 - 655 965 5
👩‍💻 To order, click on the WhatsApp button below and provide us with your name, address, and 2 phone numbers.

18/11/2025

බටහිර ඖෂධ පාවිච්චි කරන අතර වීදාගමේ ජීවශක්ති ඖෂධය භාවිතා කර හැකිද ?

#පුරාණහෙළවෙදගෙදර

16/11/2025

❤️විදාගමේ හන්දි තෛලය😇

විදාගමේ හන්දි තෛලය පාරම්පරික හෙළ වෙද පරපුරේ සම්ප්‍රදායික ඖෂධ සංයෝග මිශ්‍රකර මනා සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරමින් , ඉඹුල්ගස්දෙණිය පුරාණ හෙළ වෙද ගෙදර තුල වර්ෂ ගණනාවක් තිස්සේ නේවාසික හා බාහිර රෝගීන් දහස් ගණනක් සුව කරමින් සායනිකව ප්‍රතිපල තහවුරු කරන ලද දිව ඔසුවකි.

👇විදාගමේ හන්දි තෛලය භාවිතා කළ හැකි රෝග අවස්ථා

👉සයිටිකා වේදනාව
👉බෙල්ලේ වේදනාව
👉දණහිස් කැක්කුම
👉වැලමිට වේදනාව
👉කොන්ද වේදනාව
👉උරහිස් වේදනාව
👉කැඩුම් වේදනාව
👉උලුක්කු

😇සැලකිය යුතුයි
👩‍🔬මෙම විදාගමේ හන්දි තෛලය බාහිර ආලේප සඳහා පමණයි.

💒 ඔබත් නොපමාව අදම ඇණවුම් කර නිවසට ගෙන්වාගන්න.
👇ඇසුරුම් ප්‍රමාණ කිහිපයකින් ඔබගේ අවශ්‍යතාව පරිදි ගෙන්වා ගත හැක.
100 ml - 2950/=
50ml - 1500/=
🛵 දිවයින පුරා කූරියර් ගාස්තු 300/= කි.
☎️ අමතන්න :- 070 - 633 563 3 / 070 - 655 965 5
👩‍💻 ඇනවුම් කිරිම සදහා පහතින් දක්වා ඇති whatsapp button එක මත click කර ඔබගේ නම,ලිපිනය ,දුරකථන අංක 2ක් අප වෙත ලබා දෙන්න.
🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑
-------------------------------------------------------------------
❤️Veedagama _Handi_Oil 😇

Veedagama Handi Oil is a traditional herbal medicine that has been produced in a safe and hygienic manner by mixing traditional medicinal compounds of the traditional medicine family of the Ibulgasdeniya, Purana Hela Weda Gedara, and has been curing thousands of inpatients and outpatients for many years, with proven results.

👇Diseases that can be used with Veedagama Handi Oil
👉Sciatica pain
👉 Neck pain
👉Knee pain
👉Elbow pain
👉Back pain
👉 Shoulder pain
👉 Fracture pain
👉Sprains
👉Back pain

😇Please note
👩‍🔬 This Veedagama Handi Oil is for external application only.

💒You can also order it today and have it delivered to your home.
👇 It can be delivered in several packaging sizes according to your needs.
100 ml - 2950/=
50ml - 1500/=
🛵 Island wide courier charges 300/=.
☎️ Call :- 070 - 633 563 3 / 070 - 655 965 5
👩‍💻 To order, click on the WhatsApp button below and provide us with your name, address, and 2 phone numbers.

12/11/2025

බහුතර කාන්තාවන් පීඩා විදින දණහිස් වේදනාව ඔබත් පීඩා විදිනවාද ?

පුරාණ හෙළ වෙද ගෙදර,
අංක 02,
වට්ටරම් තැන්න,
රබුක්කන පාර,
ඉබුල්ගස්දෙණිය

☎වැඩි විස්තර සදහා විමසන්න:- 0373051148 / 0711888478















07/11/2025

කොන්දේ අමාරුවට බෙහෙත් කරලා හෙම්බත් වෙලාද?

පුරාණ හෙළ වෙද ගෙදර,
අංක 02,
වට්ටරම් තැන්න,
රබුක්කන පාර,
ඉබුල්ගස්දෙණිය

☎වැඩි විස්තර සදහා විමසන්න:- 0373051148 / 0711888478














26/10/2025

විදාගමේ ජීවශක්ති ඖෂධය දීර්ඝ කාලයක් පාවිච්චි කිරීම සුදුසුද, අතුරු ආබාධ ඇතිවිය හැකිද. ?
#පුරාණහෙළවෙදගෙදර

18/10/2025

විශ්වවිද්‍යාල මහාචාර්ය, ගුවන් විදුලි සහ රූපවාහිනී ධර්ම දේශක පූජ්‍ය ඔලගංවත්තේ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ රුවන්වැලි මහා සෑය අබියස සිට වීදාගමේ ජීව ශක්ති ඖෂධයෙන් තුළින් තමන් වහන්සේ ලද යහපත පිළිබඳව අප වෙත එවන ලද වීඩියෝවක්..🙏🙏🙏
#පුරාණහෙළවෙදගෙදර

14/10/2025

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය, බොහෝ දෙනෙකුට උතුම් පින් රැස් කරගැනීමට මග විවර කරමින් පසුගිය 12 වන දින ඉතා අලංකාර අන්දමින් පැවැත්වුණි.

මෙවර වස් ආරාධනාව කොට කඨින පින්කම සිදුකරන ලද්දේ ඉඹුල්ගස්දෙණිය පුරාණ හෙළ වෙදගෙදර පාරම්පරික දේශීය වෛද්‍ය, ආයු සිලෝන් පුද්ගලික සමාගමේ කළමනාකරන අධ්‍යක්ෂක එච්. ආර්. ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න වෙද මහතා ඇතුළු පවුලේ සියළු දෙනාත්, ආයු සිලෝන් හර්බල් ඩ්‍රග්ස් පුද්ගලික සමාගම සහ ඉඹුල්ගස්දෙණිය පුරාණ හෙළ වෙදගෙදරට සම්බන්ධ කාර්ය මණ්ඩලය සහ පවුලේ ඤාතීන් හිතවතුන් විසිනි.

උදෑසන 5.30ට පෙරහැරින් මහත් හරසර මැද උතුම් කඨින චීවරය ඇතුළු සෙසු වස්සාවාසික චීවර වඩමවාගෙන අවුත් සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාවේ තැන්පත් කරන ලදී. අනතුරුව දහවල සම්බුද්ධ පූජාවෙන් පසු මහා සඟරුවන දානශාලාවට වඩමවා කඨින චීවරය සඟසතු කොට පූජා කොට, දන් පැන් හා සෙසු පරිෂ්කාර පූජා කරන්නට යෙදුනි.

පැමිණ සිටි පිරිසට දිවා ආහාර‍ය ලබාදීමෙන් අනතුරුව දහවල් 2.00 ට පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වා පුණ්‍යානුමෝදනාව සිදුකරන ලදී. 👉 https://www.youtube.com/live/Tb2vPbHrkuU?si=PtULPYaItyzejM6e

පින්කමේ ඡායාරූප ඔබට දැකබලා සිත් පහදාගෙන අනුමෝදන් වීම පිණිස මෙහි පළකොට තිබේ.

සියල්ලෝ මේ උතුම් පින්කම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
මේ පින්කම සඳහා මඟපෙන්වමින් අනුශාසනා කළ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞතම බුදු සසුනෙහි පිළිවෙත් පුරන සියලු මහසඟරුවනටත්, මෙම පින්කම මනාකොට සංවිධානය කරමින් සිදුකළ, සහභාගී වූ, උපකාරී වූ, දැකබලා අනුමෝදන් වූ සැමටත් මේ ගෞතම බුදුසසුනේදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම මේ මහානීය පින හේතු වාසනා වේවා!

වීදාගමේ ජීවශක්ති ඖෂධය දැන් ඔබේ නගරයෙන් 🙂🙂         #පුරාණහෙළවෙදගෙදර
10/10/2025

වීදාගමේ ජීවශක්ති ඖෂධය දැන් ඔබේ නගරයෙන් 🙂🙂
#පුරාණහෙළවෙදගෙදර

09/10/2025

පින් අස්වනු නෙළනු කැමැත්තෝ රොද බැඳ පැමිණෙත්වා...🙏🙏🙏

*නමෝ බුද්ධාය !*

〰️🦢 *කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2025* 🦢〰️
උදෑසන.5.30 සිට

*මහමෙව්නාව භාවනා අසපුව - පොල්ගහවෙල*

🔴 *කාලසටහන - ඔක්තෝබර් 12 වන දින*

* කඨින චීවර පෙරහැර උදෑසන 5.30 වන විට අසපුවට ළඟා වීම.
* ⁠අසපුවේ තොරණ ළඟ සිට හේවිසි, වෙස් නැටුම් හා සාධුකාර මධ්‍යයේ කඨින චීවරය සම්බුද්ධ රාජ මාලිගාවේ පිළියෙල කොට ඇති මණ්ඩපයට වැඩම වීම.
* ⁠ ⁠ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව සහිත කෙටි වන්දනාව සිදුකිරීම.

🔸*පෙ.ව. 6.30 ට*
උදෑසන දානයට සංඝයා දාන ශාලාවට වැඩමවීම. (දෛනිකව සිදුවන පරිදි)

🔸*පෙ.ව. 6.30 ට*
ගිහි පින්වතුන් සියලු දෙනාට උදෑසන දානය

🔸*පෙ.ව. 8.00 සිට*
දහවල් කඨින දානයට සූදානම් වීම.

🔸*පෙ.ව. 9.00 ට*
විහාරයේ තැන්පත් කරන ලද කඨින චීවරය ඇතුලු සෙසු චීවර හේවිසි හා නෘත්‍ය මධ්‍යයේ දාන ශාලාවට වැඩම කරවා තැන්පත් කිරීම.

🔸*පෙ.ව. 9.45 ට*
හේවිසි නාද මධ්‍යයේ බුද්ධ පූජාව වැඩම වීම සහ දහවල් බුද්ධ පූජාව පැවැත්වීම සම්බුද්ධරාජ මාලිගාවේදී.....

🔸*පෙ.ව. 10.45 ට*
සංඝාවාසයේ සිට දාන ශාලාව දක්වා සඟ ගුණ කවි සජ්ඣායනය මධ්‍යයේ දහවල් දානය සඳහා සංඝයා වැඩමවීම.

🔸*පෙ.ව. 11.00 ට*
කඨින චීවරය සහිත දක්ෂිණාව සඟසතු කිරීම සහ සංඝ දානය

🔸*දහවල් 12.00 ට* පුණ්‍යානුමෝදනාව

🔸*දහවල් 12.30 ට*
ගිහි පින්වතුන් සඳහා දහවල ආහාර ලබාදීම.

🔸*දහවල් 1.00 ට*
සීමාවේදී කඨිනය සම්බන්ධ විනය කර්ම සිදු කිරීම (සංඝයා විසින්)

🔸*ප.ව. 2.00 ට*
කඨිනානිශංස ධර්මානුශාසනාව

🔸*ප.ව. 4.00 ට*
වැඩසටහන් නිමාව.

*තෙරුවන් සරණයි !*

දවසක් බුදුරජාණන් වහන්සේ අපගේ ආනන්දයන් වහන්සේ අමතා
මෙසේ වදාළ සේක🙏🙏🙏
“ආනන්ද අද එහි භික්ඛු උපසම්පදාවෙන් පැවිදි වෙච්ච මහ රහතන් වහන්සේලා 500ක් රැස් කරන්න”

ආනන්ද හාමුදුරුවොත් භාග්‍යවතුන් වහන්සේගේ නියමයෙන් හිමාලයේ අනවතප්ප විල අසලට මහරහතුන් පන්සිය නමක් රැස්කෙරෙව්ව.

බුදුරජාණන් වහන්සේ බික්ෂු සංඝයා අමතල,,

“මහණෙනි, ඔබ වහන්සේලා අතරින් කවුරු හරි කෙනෙක් ඉස්සර කාලේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා විශේෂ පින්කමක් කරලා තිබෙනව නම් කරුණා කරලා මට කියන්න”

මේ අවස්තාවෙදි නාගිත කියන මහානුභාව සම්පන්න මහාරහතන් වහන්සේ ඉදිරියට පැමිණ බුදුහිමියන් පාමුල වැද වැටී මෙන්න මෙහෙම කියනව.

“ස්වාමීනි, මාගේ බුදුරජාණන් වහන්ස ! මීට අනූ එක් කල්පයකට පෙර විපස්සි කියලා බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා හිටියා. ඒ කාලේ බන්දුමතී කියලා නුවරක තිබුණා. ඒ නුවර තමයි මම ඒ කාලේ උපන්නේ. ඒ කාලේ මම දුගී මගී යාචකයන්ට හරියට දන් දුන්නා. නිතර නිතරම පන්සිල් අටසිල් මම සමාදන් වෙලා සිල් ආරක්ෂා කළා. එක දවසක් බන්දුමතී නගරයේ රජ්ජුරුවන් සහිත පිරිස මැද්දේ සවණක් ගණ බුදුරැස් විහිඳුවමින් වැඩ සිටිය විපස්සි බුදු හාමුදුරුවන්ව දැකල බණ අහල සිත පැහැදුන නිසා උන්වහන්සේ ඇතුළු මහා සංඝයාට මම ශ්‍රද්ධාවෙන් දන් දුන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරලා වස් වැසූ ස්වාමීන් වහන්සේලාට පිරිකර සහිත කඨින චීවර දානයක් පූජා කරලා මෙයින් මට උත්තම වූ රහත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා ඉඳලා මේ වනතෙක්ම මම සතර අපායේ උපන්නේ නැහැ. දිව්‍ය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි තමයි මම දිගටම උපන්නේ. ඒ තමයි මම කළ කඨින චීවර පූජාවේ ප්‍රතිලාභ නැත්නම් ආනිසංස. ”

මෙහෙම කියපු නාගිත හාමුදුරුවො මෙන්න මේ ගාථා ටිකත් ප්‍රකාශ කලා.

කඨින දානං දත්වාන
සංඝෙ ගුණවරුත්තමෙ
ඉතෝ තිංසෙ මහා කප්පේ
නාභිජානාමි දුග්ගතිං

උතුම් වූ ගුණ ඇති සංඝයා කෙරෙහි කඨින දානයක් දී මහා කල්ප තිහක් දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනයක ආනිසංස.

අට්ඨාරසන්නං කප්පානං
දෙවලෝකේ රාමමහං
චතුත්තිංසක්ඛත්තුං දෙවින්දො
දෙවරජ්ජමකාරයිං

කල්ප දහ අටක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වාසය කළා. තිස්හතර වාරයක් සක් දෙව් රජුව ඉපදුණා. මේ තමයි කඨිනයක් පූජා කිරීමෙන් ලැබුණු ප්‍රතිඵල.

ආරපථෙ ආරපෙථ
චක්කවත්ති සිරිං ලභෙ
අසිතිං ච චතුක්ඛත්තුං
චක්කවත්ති අහොසහං

ගැසූ ගැසූ එක ඉදිකටු පාරක් පාසා තිසිහතර වාරයක් බැගින් සක්විති රජ වන්නට හේතු සම්පත් ඇත ද සසර එපමණ බොහෝ කලක් නොසිටි හෙයින් අසූ හතර වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබූ බව දැක්වීමෙන් කඨින දානයෙහි අනුසස් පැවැසූ අයුරුයි.

යත්ථයත්ථූපපජ්ජාමි
ලභිත්වා සබ්බසම්පදං
පුරිසානං උත්තමො හොමි
කඨිනදානස්සිදං ඵලං

උපනූපන් සෑම තැනම සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වුණා. මේ තමයි කඨින දානයක ආනිසංස.

දේව භවේ උපපජ්ජාමි
දෙවෙවා පි ච මානුසෙ
අඤ්ඤං ගතිං න ජානාමි
කඨිනදානස්සිදං ඵලං

දිව්‍ය ලෝකෙත්, මනුෂ්‍ය ලෝකෙත්, හැර නරකාදී දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනානිසංස,

දේව කුලේ උපපජ්ජාමි
බත්තියෙ වා පි බ්‍රාහ්මණෙ
හීනෙ කුලෙ න ජානාමි
කඨිනදානස්සිදං ඵලං

රජ සහ බ්‍රහ්මණ යන කුල දෙකේ හැර එයින් පහත් කුලයක උපන්නේ නැහැ. මේ තමයි කඨින දානයේ ප්‍රතිලාභ.

චක්කවාළමූපාදාය
මහිං සාගර කුණ්ඩලං
බොමදූස්සෙහි ජාදෙය්‍යං
කඨිනදානස්සිදං ඵලං

චතුස්සාගර පර්යන්ත වූ චක්‍රවාට පර්වතය ඇතුළත මුළු පොළොව සුදු පටපිළියෙන් වසන්ට පොහොසත් වුණා. මේ කඨින දානයෙහි අනුසස් තමයි.

අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ
අහෝ සංඝස්ස සම්පදා
පරිත්තදානං දත්වාන
ලද්ධං මේවිපුලං සුබං

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ අර්හත්වය, නෛයර්්‍යාණිකත්වය, දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂ ආශ්චර්යය, මවිසින් එක කඨින චීවරයක් දුන් විපාකයෙන් මේසා මහත් සම්පත් ලැබුවා.

තෙනෙව කුසලකම්මෙන
පියොහං දෙවමානුසෙ
තස්සෙ ව භද්දකම්මස්ස
පත්තොස්මි අමතං පදං

ඒ කඨින චීවර දානමය කුසල චේතනාව නිසා දෙව්ලොව උපන් විට දෙවියන්ට ද, මිනිස් ලොව උපන් විට මිනිසුන්ට ද, ප්‍රියමනාප පුද්ගලයෙක් වූයෙමි. ඒ යහපත් කුසල කර්මයෙන් නිවනද ලැබුණා.

මේ තමයි නාගිත මහ රහතන් වහන්සේ විසින් සුදේශිත ගාථාවන්.

ඊට අමතරව ධර්ම ග්‍රන්ථවලත් ආනිසංස දක්වල තියෙනව.

යාවතා සම්බ පරික්බාරේ
සංඝස්ස සතතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කාලං නාග්ඝති සෝළසිං

යම් කෙනෙක් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කරන සියලු පිරිකර හැමදාම නිරතුරුව පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසයත් කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසත් අතර සොළොස් කලාවෙන් කලාවක් නොවටින ගුණයක පරතරයක් තිබෙනවා. නැතිනම් කඨිනයක් පූජා කිරීමෙන් දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලැබෙනවා.

ගිරිරාජ සමංරාසිං
සංඝෙ දේති තිවිවරං
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළිසිං

ලොව ඇති උසස්ම වර්ගයේ වස්ත්‍රවලින් දෙපට සිවුරු, තනිපට සිවුරු, අඳන ආදී සිවුරු වලින් මහමෙර උසට ගොඩ ගසා පූජා කළත් කඨින පූජාවක් කිරීමෙන් ලබන ආනිසංසත් එක්ක ගත්තාම දහසය පංගුවෙන් එක් කොටසක් තරම්වත් වටින්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මහමෙර උසට සිවුරු පූජා කරනවාට වඩා කඨින චීවරයක් පූජා කිරීම බලසම්පන්න බවය. මේ ගාථා දෙකම දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේලා 500ක් ඉදිරියේ දී.

තවත් ගාථා ගොඩකින්ම කඨින පූජාවක ඇති වටිනාකම කියලා තිබෙනවා.

යාවතා සම්බ දානානි
ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං

ලෝකයේ තිබෙන සියලු වර්ගයේ දානයන් නිතර නිතර අවුරුදු 100ක් දුන්නත් එහි ආනිසංස එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස හා සැසඳීමේ දී දාසය පංගුවෙන් එකක් පමණවත් නොවේ. කඨින දානයකින් ලැබෙන ප්‍රතිඵල ඊට වඩා බල සම්පන්න වෙනවා.

යාවතා පඤ්ච හේ සජ්ජං
ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං

මේ ලෝකයේ තිබෙන පස් ආකාර බෙහෙත් වර්ග අවුරුදු 100ක් දන් දුන්නත් කඨින පූජාවකින් ලැබෙන ආනිසංස එයට වඩා දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලබා දෙනවා.

සබ්බ දානං දදන්තේන
අස්මිං පුථුවි මණ්ඩලෙ
සංඝස්ස දින්නං කඨිනංඅග්ගං
බුද්ධෙන වණ්ණිතං

මේ මිහිපිට දෙන දන් අතුරෙන් සංඝයාට දෙන ලද කඨින දානයම උසස් කොට බුදුවරුන් විසින් වර්ණනා කොට තිබෙනවා.

මානුසිකාච සම්පත්ති
දේවලෝකේච යා රතී
යාච නිබ්බාණසම්පත්ති
සබ්බමේතේන ලබ්භති

මිනිස් ලොව මිනිස් සම්පත් දෙව්ලොව දේව සම්පත් අවසානයේ උතුම් නිවන් සම්පත් සහ සියලු යස ඉසුරු ලබාදීමට මෙම කඨින පූජාවක ආනිසංසවලට බලයක් තිබෙනවා.

මේ තමයි කඨින මහා පින්කමේ ආනිසංස.
( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි )

09/10/2025

Address

Purana Hela Weda Gedara, No:02, Wattaramthenna, Rambukkana Road, Imbulgasdeniya
Kegalle
71055

Telephone

+94706335633

Website

Alerts

Be the first to know and let us send you an email when Aayu Ceylon - ආයු සිලෝන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Aayu Ceylon - ආයු සිලෝන්:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram