මායාවේ හෝරාව - Grimoire Of Ambrose Cleon

මායාවේ හෝරාව - Grimoire Of Ambrose Cleon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මායාවේ හෝරාව - Grimoire Of Ambrose Cleon, Astrologist & Psychic, Kegalle.
(1)

Eclectic Witch | Son of Hecate | Tarot & Divination | Spellwork & Energy Healing | Walking the Mystical Path | Magic for Mind,Body & Spirit | As above,so below Bookings Open | WhatsApp: 075 210 2468


යුරෝපීය මායාව ඔබේ ජීවිතයට

10/04/2026

මේ වීඩියෝ එක දකින ඔයාගේ Boyfriend / Girlfriend තරහා වෙලාද ??? විශ්වය ඔයාට ලබා දෙන පණිවිඩය මෙන්න...

07/04/2026

ටැරොට් වලට අමතරව
" හඳහනත් " ඔයාලට මගේ සේවාව හරහා ඉස්සරහට බලා ගන්න පුළුවන්

ඔබේ ලග්නයට අනුව ඔබ තුළ සැඟවී ඇති විශ්වීය බලයන් මොනවාද ???බොහෝ දෙනා සිතන්නේ ජෝතීශ්‍ය යනු පලාපල විස්තර පමණක්ම බවයි.නමුත් එ...
06/04/2026

ඔබේ ලග්නයට අනුව ඔබ තුළ සැඟවී ඇති විශ්වීය බලයන් මොනවාද ???

බොහෝ දෙනා සිතන්නේ ජෝතීශ්‍ය යනු පලාපල විස්තර පමණක්ම බවයි.නමුත් එසේ නොවේ.එය විශ්වීය ශක්තීන් අපගේ ආත්මයන් සමඟ බද්ධ වී ඇති ආකාරය පෙන්වන කැඩපතකි.සෑම පුද්ගලයෙකුටම තමන් උපන් ලග්නය අනුව ලෝකය වෙනස් කළ හැකි සුවිශේෂී. විශ්වීය බලයක් උපතින්ම උරුම වේ.ඔබේ ලග්නයට අනුව ඔබට හිමි ඒ සුවිශේෂී බලය කුමක්දැයි දැන ගන්න පෝස්ට් එක කියවන්න.

1.මේෂ ලග්නය

මේෂ ලග්න හිමියන් යනු විශ්වයේ "ගිනි පුපුර" කිව්වොත් නිවැරදි.මොවුන්ට හිමි විශේෂ බලය වන්නේ කිසිවෙකුට නොමැති නොසැලෙන ධෛර්යය සහ මූලිකත්වය ගැනීමේ හැකියාවයි.ඕනෑම අඳුරු හෝ අවදානම් සහගත මාවතක පළමුවෙන්ම පය තැබීමට මොවුන් බිය නැත.අසාර්ථක වීම් හමුවේ වැටී නොසිට,අළු මතින් නැගී සිටින ෆීනික්ස් පක්ෂියෙකු මෙන් නැවත නැවතත් නැගී සිටීමේ ජීව ගුණය මොවුන් සතුය.මොවුන්ගේ ශක්තිය ඔවුන් වටා සිටින පිරිසට ද ඉදිරියට යාමට විශාල පණිවිඩයක් සහ උත්තේජනයක් ලබා දෙයි.

2.වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමියන් සතු වන්නේ පොළොවට බද්ධ වූ ස්ථාවර සහ සුවපත් කිරීමේ බලයකි.මොවුන්ට ඕනෑම වියරු හෝ අවුල් සහගත තත්ත්වයක් මැද වුවද ඉවසීමෙන් යුතුව සාමය සහ සමෘද්ධිය නිර්මාණය කළ හැකිය. ස්වභාවධර්මය සමඟ මොවුන්ට ඇත්තේ පුදුමාකාර සබඳතාවයකි.හිස් පොළොවක් වුවද මල් උයනක් බවට පත් කිරීමට මොවුන්ට ඇති හැකියාව භෞතිකව මෙන්ම ආත්මීයව ද දැකිය හැකිය.ඕනෑම දෙයක් ස්ථිරසාර පදනමක් මත ගොඩනැගීමේ විශ්වීය ශක්තිය මොවුන් සතුය.

3.මිථුන ලග්නය

මිථුන ලග්න හිමියන් යනු විශ්වයේ පණිවිඩකරුවන් වැනිය. මොවුන්ගේ විශේෂ බලය වන්නේ බුද්ධිය සහ ඕනෑම පරිසරයකට අනුගත වීමේ හැකියාවයි.ඉතා සංකීර්ණ තොරතුරු පවා සරලව වටහා ගැනීමටත්,ඒවා අන් අය අතර බෙදා හැරීමටත් මොවුන් දක්ෂයෝ වෙති.එකම අවස්ථාවක ලෝකය දෙස විවිධ කෝණවලින් බැලීමේ හැකියාව නිසා,ඕනෑම ගැටලුවකට විවිධ විසඳුම් සෙවීමේ සුවිශේෂී මනෝමය බලයක් මොවුන් සතු වේ.

4.කටක ලග්නය

කටක ලග්න හිමියන් සතු වන්නේ ඉතා දියුණු මනෝමය සහජ බුද්ධියකි.වචනයෙන් නොකියන දේ පවා දැනීමේ පුදුම හැකියාවක් මොවුන්ට ඇත.අන් අයව පෝෂණය කිරීම,රැකවරණය දීම සහ මානසිකව සුවපත් කිරීම මොවුන්ගේ ආත්මීය බලයයි.මොවුන් සිටින තැනක අන් අයට ආරක්ෂිත බවක් සහ තමාගේම නිවහනක සිටිනවා වැනි හැඟීමක් දැනේ.විශ්වයේ පවතින " මාතෘමය ශක්තිය " වැඩිපුරම ගැබ්ව ඇත්තේ මෙම ලග්නය තුළයි.

5.සිංහ ලග්නය

සිංහ ලග්න හිමියන් යනු විශ්වයේ සූර්යයා වැනිය.මොවුන් සතු විශේෂ බලය වන්නේ අන් අයව ආකර්ෂණය කර ගැනීමේ සහ දිරිමත් කිරීමේ ස්වාභාවික ශක්තියයි.කිසිදු උත්සාහයකින් තොරවම සභාවක අවධානය දිනා ගැනීමටත්,තම නිර්මාණශීලීත්වය තුළින් ලෝකය වර්ණවත් කිරීමටත් මොවුන්ට හැකිය.තමා ගැන විශ්වාසයක් ඇති කර ගනිමින්,අන් අයට මග පෙන්වන නායකයෙකු ලෙස කටයුතු කිරීමේ දිව්‍යමය බලයක් මොවුන් සතු වේ.

6.කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියන්ගේ බලය ඇත්තේ ඔවුන්ගේ තියුණු නිරීක්ෂණ ශක්තිය සහ සේවය කිරීමේ කැපවීම තුළයි.අන් අයට නොපෙනෙන කුඩාම අසමතුලිතතාවය පවා හඳුනාගෙන එය නිවැරදි කර උපරිම ඵලදායීතාවයක් ලබා ගැනීමට මොවුන් සමත්ය.අවුල් සහගත තත්ත්වයන් පිළිවෙළකට සකස් කිරීමේ සහ ලෝකය වඩාත් ප්‍රායෝගික මෙන්ම යහපත් තැනක් බවට පත් කිරීමේ පරිශුද්ධ බලයක් මොවුන් තුළ සැඟවී තිබේ.

7.තුලා ලග්නය

තුලා ලග්න හිමියන්ගේ විශේෂ බලය වන්නේ විශ්වීය සමතුලිතතාවය පවත්වා ගැනීමයි.ඕනෑම අමනාපකමක් හෝ ගැටුමක් සාමකාමීව විසඳීමටත්,විවිධ මතධාරීන් එකම මේසයකට ගෙන ඒමටත් මොවුන්ට ඇති හැකියාව අසමසමයි.සෞන්දර්යය සහ යුක්තිය කෙරෙහි ඇති සහජ ලැදියාව නිසා සමාජය තුළ සාමය සහ අලංකාරය පවත්වා ගෙන යන සාමයේ දූතයන් ලෙස මොවුන්ව හැඳින්විය හැකිය.

8.වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමියන් සතු වන්නේ ගුප්ත සහ බලවත් රූපාන්තරණ ශක්තියකි.ඕනෑම දෙයක මතුපිටින් පෙනෙන දේට වඩා එහි ඇතුළාන්තය සහ සත්‍යය විනිවිද දැකීමේ හැකියාව මොවුන්ට ඇත.මරණය සහ නැවත ඉපදීම වැනි ජීවිතයේ ගැඹුරු පරිවර්තනයන්ට මුහුණ දී වඩාත් ශක්තිමත් පුද්ගලයෙකු ලෙස ඉස්මතු වීමේ පුදුම බලයක් මොවුන් සතුය. මොවුන්ගේ බැල්ම සහ වචන පවා අන් අයගේ ආත්මයන් සසල කිරීමට සමත්ය.

9.ධනු ලග්නය

ධනු ලග්න හිමියන් යනු විශ්වයේ ගවේෂකයන්ය.මොවුන්ගේ විශේෂ බලය වන්නේ සත්‍යය සොයා යාම සහ ජීවිතය දෙස ධනාත්මකව බැලීමේ හැකියාවයි.කිසිදු බැඳීමකට කොටු නොවී විශ්වයේ පවතින ගැඹුරු දැනුම සහ ප්‍රඥාව සොයා යාමේ පිපාසයක් මොවුන් තුළ ඇත.අන් අයගේ මනස පුළුල් කිරීමටත් වඩාත් ඉහළ අරමුණු කරා ඔවුන්ව මෙහෙයවීමටත් හැකි ප්‍රඥාවන්ත බලයක් මොවුන් සතුය.

10.මකර ලග්නය

මකර ලග්න හිමියන්ගේ බලය වන්නේ කඳු මුදුනක් වුවද ජය ගත හැකි නොසැලෙන අධිෂ්ඨානයයි.කාලය සහ ඉවසීම ආයුධයක් කර ගනිමින් කොතරම් දුෂ්කර ඉලක්කයක් වුවද ජය ගැනීමට මොවුන්ට හැකිය.වගකීම් දැරීමේ සහ ශක්තිමත් පවුරක් මෙන් තම ආදරණීයයන් මෙන්ම සමාජය ආරක්ෂා කිරීමේ ව්‍යුහාත්මක බලයක් මොවුන් සතු වේ. මොවුන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන්ගේම ස්වයං විනය මතයි.

11.කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමියන් සතු වන්නේ සම්ප්‍රදායන් බිඳ දමා අනාගතය දකින බලයකි.මොවුන් සැමවිටම පොදු යහපත සහ මානුෂීයත්වය වෙනුවෙන් පෙනී සිටිති.අලුත් අදහස් සහ තාක්ෂණය මගින් ලෝකය විප්ලවීය වෙනසකට ලක් කිරීමේ හැකියාව මොවුන්ට ඇත.පෞද්ගලික වාසිවලට වඩා සමස්ත ලෝකයේම ප්‍රගතිය වෙනුවෙන් සිතන විශ්වීය මනසක් (මොවුන් සතු විශේෂත්වයයි.

12.මීන ලග්නය

මීන ලග්න හිමියන් යනු විශ්වයේ සිහින දකින්නන්ය. මොවුන්ට හිමි විශේෂ බලය වන්නේ අසීමිත අනුකම්පාව සහ සියුම් අධ්‍යාත්මික සම්බන්ධතාවයයි.භෞතික ලෝකය සහ ආත්මීය ලෝකය අතර පාලමක් ලෙස කටයුතු කිරීමට මොවුන්ට හැකිය.කලාව,සංගීතය හෝ මනෝවිද්‍යාව තුළින් අන් අයගේ හදවත් සුවපත් කිරීමටත් ලෝකයට ආදරය බෙදා දීමටත් හැකි දේවත්වයට ආසන්නශක්තියක් මොවුන් තුළ පවතී.

ඉතින් මේ විස්තරය ඔයාගේ ලග්නය අනුව කොතරම් දුරට සාර්ථකද කියාගෙන යන්න අමතක කරන්න එපා..

ඔබේ ජීවිතයේ ඕනෑම ගැටලුවකට හෝ ඉදිරි ගමනට අවශ්‍ය ටැරොට් කාඩ්පත් මගින් නිවැරදිම මඟපෙන්වීම ලබා ගැනීමට දැන්ම අපව සම්බන්ධ කරගන්න.

ඔබගේ විශ්වාසය සහ පහසුව වෙනුවෙන්,රීඩින් එක ලබාගැනීමෙන් පසුව මුදල් ගෙවීමේ හැකියාව අප සලසා දී ඇත.

පෞද්ගලික කියවීම් සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

075 210 2468

https://wa.me/94752102468?text=Hello%20Ambrose

🌞හරියට ටැරෝ රීඩින් එකක් ගන්නේ කොහොමද ?? රීඩින් එකක් ගන්න කලින් මේ Tips ටික ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්නහැමෝම හිතන්න...
04/04/2026

🌞හරියට ටැරෝ රීඩින් එකක් ගන්නේ කොහොමද ?? රීඩින් එකක් ගන්න කලින් මේ Tips ටික ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න

හැමෝම හිතන්නේ ටැරොට් වලින් නිකන්ම අනාගතය කියන එක විතරක් කරනවා කියලා.ඒත් ඇත්තටම ටැරෝ කියන්නේ ඔබේ ජීවිතයේ තීරණ ගන්න උදව් වෙන,මනසට සහනයක් දෙන ආධ්‍යාත්මික මඟ පෙන්වීමක්.මේ ආධ්‍යාත්මික මඟ පෙන්වීම තුල උපරිම ප්‍රයෝජන ගන්න නම්,ඔබ ඒ වෙනුවෙන් නිවැරදිව සූදානම් වෙන්න ඕනේ.ඉතින් බොහෝ ටැරෝ රීඩර්ස්ලා මේ පිලිබදව ඔබව දැනුවත් කරන්නේ නැතිම තරම්..ඉතින් ඊළග පාර ඔයා පෞද්ගලික ටැරොට් රීඩින් එකක් කාගෙන් හරි ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න...

🔮 ඔබේ Reader තෝරාගැනීම

මුලින්ම වැදගත්ම දේ තමයි ඔබව තේරුම් ගන්න පුළුවන් Reader කෙනෙක් තෝරාගන්න එක.සෑම Reader කෙනෙකුටම තමන්ටම ආවේණික විලාසයක් තියෙනවා. සමහරු ඉතාම ඍජුව කරුණු පවසන අතර,සමහරු මනෝවිද්‍යාත්මක පැත්තෙන් ඔබට මඟපෙන්වනවා.ඔවුන්ගේ කලින් කියවීම් (Reviews) සහ ඔවුන් පළ කරන පණිවිඩ දෙස බලන්න.ඔබේ හදවතට එකඟව "මේ කෙනා මට ගැලපෙනවා" කියලා හිතෙන කෙනෙක් තෝරාගන්න එක තමයි පළවෙනි පියවර.ඒ වගේම ඔබේ පෞද්ගලිකත්වය රකින පුද්ගලයෙකු වීම ඉතා වැදගත්.

🔮 Reading එකක් සඳහා ලබා දිය යුතු විස්තර

ඔබ Reader කෙනෙක්ව සම්බන්ධ කරගන්නකොට ඔහුට/ඇයට ඔබේ Energy එක සමඟ නිවැරදිව සම්බන්ධ වෙන්න පෞද්ගලික තොරතුරු කිහිපයක් ලබා දීම අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් ඔබේ සම්පූර්ණ නම සහ උපන් දිනය මෙහිදී වැදගත් වෙනවා. ඒවගේම ඔබේ ඇස් හොඳින් පෙනෙන මෑතකදී ගත් පැහැදිලි ඡායාරූපයක් ලබා දීමෙන් Reader ට ඔබේ ශක්තිය වඩාත් හොඳින් හඳුනාගන්න පුළුවන්.ඔබ වෙනත් කෙනෙක් ගැන අහනවා නම්,ඔවුන්ගේ නම සහ ඡායාරූපයක් තිබීමත් Reading එකේ නිවැරදිභාවය වැඩි කරන්න උදව් වෙනවා.

🔮 නිවැරදි Spread එක තෝරාගැනීම

Spread එකක් කියන්නේ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට කාඩ්පත් අතුරන රටාවයි.සරලවම කිව්වොත් ඔයාගේ ප්‍රශ්නෙට අදාලව කාඩ් කීයක් ඕනෙද කියන එක.ඔබට සරල ප්‍රශ්නයක් තියෙනවා නම් " One Card " හෝ " Three Card" (අතීතය,වර්තමානය,අනාගතය) Spread එකක් ප්‍රමාණවත්.නමුත් ඔබ ඔබේ ආදර සම්බන්ධතාවය,රැකියාව හෝ ජීවිතයේ ලොකු වෙනසක් ගැන ගැඹුරින් දැනගන්න ඕනේ නම් " Celtic Cross " වගේ සංකීර්ණ Spread එකකට යන්න.Reader සමඟ කතා කරලා ඔබේ ප්‍රශ්නයට වඩාත්ම ගැලපෙන Spread එක මොකක්ද කියලා කලින්ම තීරණය කරගන්න.

🔮 Voice Call එකක්ද Voice Recording එකක්ද ?

ගොඩක් අය Direct Call එකකින් Reading එකක් ගන්න කැමති වුණත් ඇත්තටම වඩාත්ම ප්‍රායෝගික ක්‍රමය තමයි Voice Recording එකක් හරහා Reading එක ලබාගන්න එක.මම පෞද්ගලිකව මගේ සේවාදායකයන්ට ලබා දෙන්න උත්සහ කරන්නෙත් Voice record එකක්.මොකද Call එකක් මැදදී කියන සමහර වැදගත් කරුණු ඒ වෙලාවේ කලබලයට හෝ අවධානය ගිලිහීම නිසා ඔබට අමතක වෙන්න පුළුවන්.නමුත් Recording එකක් තිබුණොත්,ඔබට ඕනෑම වෙලාවක ඒක නැවත අහලා එහි තියෙන ගැඹුරු අර්ථය වටහාගන්න පුළුවන්.අද ඔබට නොතේරෙන දෙයක් සති දෙකකින් හෝ මාසයකින් සිද්ධ වෙද්දී,පරණ Recording එක ආයෙත් අහලා ඔබට ඒ මඟපෙන්වීම් නැවත තහවුරු කරගන්න පුළුවන්.

🔮 ප්‍රශ්න පිළියෙළ කරගැනීම

Reading එකකට කලින් ඔබ අහන්න ඕනේ ප්‍රශ්න ටික පිළිවෙළකට හදාගන්න.

" මගේ කසාදය කවදා වෙයිද ? "

වගේ කාලය ගැන විතරක් අහන ප්‍රශ්න වලට වඩා,

" මගේ සහකරු සමඟ සාර්ථක බැඳීමක් ඇති කරගන්න මම මගේ පැත්තෙන් හදාගන්න ඕනේ මොනවාද? "

වගේ විවෘත ප්‍රශ්න (Open-ended questions) අහන්න. එවිට ඔබට ලැබෙන පිළිතුර ඔබේ දියුණුවට ලොකු රුකුලක් වෙනවා.තමන්ට ඇත්තටම උත්තර ඕනේ ප්‍රශ්න මොනවාද කියලා පැහැදිලිව හිතලා බලන්න.

🔮 මානසික සහ පරිසර සූදානම

Reading එකක් ගන්න වෙලාවට ඔබේ මනස සන්සුන්ව තබා ගැනීම ඉතාම වැදගත්.ඔබ කලබලයෙන් හෝ තරහින් ඉන්න වෙලාවක Reading එකක් ගත්තොත් ඔබේ ඒ ශක්තිය (Energy) හරහා නිවැරදි පණිවිඩය ලැබෙන්න බාධා වෙන්න පුළුවන්.Reading එකට විනාඩි 10කට කලින් ඇස් වසාගෙන හොඳින් හුස්ම ගෙන සන්සුන් වෙන්න.ඒ වගේම බාහිර ශබ්ද නැති,කිසිවෙකුගෙන් බාධාවක් නොවන නිහඬ ස්ථානයක සිට Reading එකට සම්බන්ධ වෙන්න.

🔮 විවෘත මනසකින් යුතුව සවන් දීම

සමහර වෙලාවට කාඩ්පත් වලින් ලැබෙන පිළිතුර ඔබ හිතාගෙන ඉන්න දේට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඒ වෙලාවට කලබල වෙන්න හෝ එය ප්‍රතික්ෂේප කරන්න එපා. Reader පවසන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.Tarot කියන්නේ අනාගතය පෙන්වන කැඩපතක් වගේ දෙයක්.ඒ පණිවිඩය තුළ ඔබේ ගැටලුවට විසඳුම සැඟවිලා තියෙන්න පුළුවන්.ඒ නිසා කිසිම පූර්ව නිගමනයකින් තොරව විවෘත මනසකින් Reading එක ලබාගන්න.

🔮 කලින් Reading එකක් ගත්තා නම් ගත යුතු කාලය

මේක ගොඩක් අය කරන වැරැද්දක්.ඔබ දැනටමත් විවිධ Reader ලගෙන් එකම ප්‍රශ්නය ගැන Reading එකක් ගන්න යන්න එපා.නැවත Reading එකක් ගන්න කලින් අවම වශයෙන් සති 2ක් හෝ මසක් ඉන්න ඕනේ.විශ්වයෙන් ලැබුණු පණිවිඩ ක්‍රියාත්මක වෙන්න සහ ඔබේ Energy එක වෙනස් වෙන්න කාලය අවශ්‍යයි. නිත නිතර Reading ගැනීමෙන් වෙන්නේ ඔබ තව තවත් ව්‍යාකූල වෙන එක විතරයි.

🔮 Reader ට කරුණු සැඟවීමෙන් වලකින්න

ගොඩක් අය කරන්නේ Reader ව පරීක්ෂා කරන්න හිතාගෙන තමන්ගේ ප්‍රශ්නය ගැන ඇත්ත තොරතුරු හංගන එකයි. හැබැයි Tarot කියන්නේ අනුමාන කරන ක්‍රීඩාවක් නෙවෙයි. ඔබ Reader ට ඔබේ තත්ත්වය ගැන අවංක වෙන තරමට, කාඩ්පත් හරහා ලැබෙන පණිවිඩය ඔබේ ජීවිතයට ගලපා ගන්න Reader ට පහසු වෙනවා.වැරදි තොරතුරු දුන්නොත් ලැබෙන මඟපෙන්වීමත් ව්‍යාකූල වෙන්න පුළුවන්.ඒ නිසා Reader එක්ක අවංකව සම්බන්ධ වෙන්න.ඒ වගේම ඔයාගේ situation එක පැහැදිලිව සදහන් කරන්න.

🔮 කාලය ගැන තියෙන බලාපොරොත්තු (Timing)

Tarot වලදී "කවදාද වෙන්නේ?" කියන එකට වඩා "ඇයි වෙන්නේ?" සහ "කොහොමද වෙන්නේ?" කියන එකට මුල් තැන දෙනවා. විශ්වයේ කාලය අපේ ඔරලෝසුවේ කාලයට වඩා වෙනස්. ඒ නිසා "හරියටම ලබන අඟහරුවාදා හවස 5ට වෙයි" වගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා.ඒ වෙනුවට ඒ සිදුවීමට අදාළ ශක්තිය මේ වෙලාවේ කොහොමද තියෙන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න.

🔮 තුන්වන පාර්ශවයන් ගැන ඇසීම (Third Party Privacy)

ඔබට සම්බන්ධ නැති වෙනත් අයෙකුගේ පෞද්ගලික රහස් දැනගන්න Tarot පාවිච්චි කරන්න එපා.උදාහරණයක් විදිහට

"මගේ යාළුවාගේ බැංකු ගිණුමේ කීයක් තියෙනවාද?"

වගේ ප්‍රශ්න සදාචාරාත්මක නැහැ.සැමවිටම ප්‍රශ්නය ඔබ සහ ඔබට බලපාන සම්බන්ධතාවය මත පදනම් කරන්න.අනුන්ගේ පෞද්ගලිකත්වය ගරු කරන තරමට ඔබේ Reading එක වඩාත් සාර්ථක සහ ගුණාත්මක එකක් වේවි.

🔮 "ඔව්" හෝ "නෑ" යන පිළිතුරු වල සීමාව

බොහෝ දෙනෙක් Tarot වලින් බලාපොරොත්තු වෙන්නේ සරල "ඔව්" හෝ "නෑ" උත්තරයක්.හැබැයි ජීවිතය ඊට වඩා සංකීර්ණයි. සමහරවිට කාඩ්පත් පෙන්වන්නේ "දැන් නෙවෙයි" හෝ "ඔබ මේ දේ කළොත් පමණක් ඔව්" වගේ මැද පිළිතුරක් වෙන්න පුළුවන්.ඒ නිසා ලැබෙන පිළිතුරේ තියෙන ගැඹුරු අර්ථය තේරුම් ගන්න උත්සාහ කරනවා මිසක්,එක වචනයක පිළිතුරකට කොටු වෙන්න එපා.

🔮 ගෙවීම් තොරතුරු

Tarot කියන්නේ Reader ගේ කාලය සහ ශක්තිය වැය කරන සේවාවක්.ඒ නිසා අදාළ ගෙවීම් කර ඒ රිසිට් පතේ ඡායාරූපයක් කලින්ම යැවීමෙන් දෙපාර්ශවය අතර විශ්වාසය තහවුරු කරගන්න පුළුවන්.( පෞද්ගලිකව මම මුදල් අය කරන්නේ රීඩින් එකෙන් පසුවය.)

🔮 Reading එකෙන් පසු ගතයුතු පියවර

Reading එක අවසන් වූ පසු ලැබුණු උපදෙස් සහ පණිවිඩ ගැන ටිකක් හිතන්න. පුළුවන් නම් ඒ කරුණු සටහන් කරගන්න. Tarot මඟින් කරන්නේ මඟ පෙන්වීමක් පමණයි; ඒ අනුව ක්‍රියාත්මක වී ජීවිතය සාර්ථක කරගැනීමේ වගකීම තියෙන්නේ ඔබ සතුවයි. එමෙන්ම එකම ප්‍රශ්නය ගැන නිතර නිතර Reading නොගෙන, ලැබුණු මඟපෙන්වීම් ක්‍රියාත්මක කිරීමට කාලය ලබා දෙන්න.

🌞 ඔබගේ පෞද්ගලික කියවීම දැන්ම වෙන් කරවා ගන්න

ඔබේ ජීවිතයේ ඕනෑම ගැටලුවකට හෝ ඉදිරි ගමනට අවශ්‍ය නිවැරදිම මඟපෙන්වීම ලබා ගැනීමට දැන්ම අප සමග සම්බන්ධ වන්න.ඔබගේ විශ්වාසය සහ පහසුව වෙනුවෙන්, රීඩින් එක ලබාගැනීමෙන් පසුව මුදල් ගෙවීමේ හැකියාව අප සලසා දී ඇත.

ඔබගේ ගැටලුව WhatsApp පණිවිඩයක් යොමු කරන්න

📞 075 210 2468

https://wa.me/94752102468?text=Hello%20Ambrose

🧙🏻‍♂️Grimoire of Ambrose Cleon

ANGEL NUMBER  555 ඔබත් මෑතක ඉඳන් අහඹු විදිහට ඔරලෝසුව දෙස බලන විට නිතරම 5:55 දකින කෙනෙක්ද ??? එහෙමත් නැත්නම් පාරේ යනකොට ෆ...
04/04/2026

ANGEL NUMBER 555

ඔබත් මෑතක ඉඳන් අහඹු විදිහට ඔරලෝසුව දෙස බලන විට නිතරම 5:55 දකින කෙනෙක්ද ??? එහෙමත් නැත්නම් පාරේ යනකොට ෆෝන් එකේ Notification බලනකොට මේ අංකය ඔබේ ඇස ගැටෙනවා වැඩියි වගේ දැනෙනවාද ??? මේක නිකම්ම නිකම් අහම්බයක් කියලා හිතලා අහක දාන්න එපා. විශ්වය ඔබට පණිවිඩයක් දෙන්න හරිම උත්සාහයකයි ඉන්නේ.අංක විද්‍යාවට අනුව 5:55 කියන්නේ හරිම ප්‍රබල,ඒ වගේම ටිකක් Transformative ශක්තියක් තියෙන අංකයක්.ඉතින් අපි අද මේ 555 ගැන කතා කරමු

ඔබ 5:55 දකිනවා කියන්නේ ඔබේ ජීවිතයේ විශාල වෙනස්වීමක් සිදුවන්නට ආසන්නයි කියන එකයි.සමහරවිට ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තු වුණු දෙයක් වෙන්න පුළුවන් නැත්නම් ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අලුත් මාවතක් විවෘත වීමක් වෙන්න පුළුවන්.විශ්වය ඔබට පවසන්නේ " සූදානම් වෙන්න,දැන් පරණ දේවල් අතහැරලා අලුත් ගමනක් යන්න වෙලාව හරි " කියලයි.මේ වෙනස මුලදී ටිකක් අමාරුයි වගේ දැනෙන්න පුළුවන් හැබැයි ඒක සිද්ධ වෙන්නේ ඔබේ යහපතටමයි.

ඒ වගේම ත්මයි ගොඩක් වෙලාවට අපි වෙනස්වීම් වලට බයයි.ඒත් 5:55 පෙනීම හරහා ඔබේ ආරක්ෂක දේවදූතයන් ඔබට පවසන්නේ බය වෙන්න එපා කියලයි.මේ සිදුවන වෙනස්වීම් වලදී ඔවුන් ඔබ අසලම ඉඳන් ඔබව ආරක්ෂා කරනවා.ඔබ මෙතෙක් කල් හිරවෙලා හිටපු Comfort Zone එකෙන් එළියට එන්න මේක හොඳම අවස්ථාවයි.විශ්වය කෙරෙහි විශ්වාසය තබා ඉදිරියටම යන්න.අතීතයට තවත් වහල් වෙන්න එපා.තවදුරටත් මේ ගැන කතා කරොත් අංක 5 කියන්නේ නිදහස සහ වික්‍රමාන්විත බවේ අංකයයි.එය තුන් වතාවක් (555) යෙදීමෙන් එම ශක්තිය තෙගුණ වෙනවා. ඔබ මේ දිනවල යම්කිසි තීරණයක් ගන්න බැරිව දෙගිඩියාවෙන් ඉන්නවා නම් 5:55 පෙනීමෙන් අඟවන්නේ ඔබේ සහජ බුද්ධියට ඇහුම්කන් දෙන ලෙසයි.ඔබ ගන්නා ඒ නිර්භීත තීරණය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය හැකියි.

මීළඟ වතාවේ මේ අංකය දුටු සැණින් මොහොතකට නිහඬ වෙන්න. ඔබ ඒ මොහොතේ හිතමින් හිටියේ මොනවා ගැනද කියලා කල්පනා කරන්න.බොහෝවිට ඒ සිතුවිල්ල තුළ ඔබේ ගැටලුවට විසඳුම තියෙන්න පුළුවන්.ගැඹුරු හුස්මක් අරගෙන විශ්වයට ස්තූතිවන්ත වෙන්න."මම මේ වෙනස්වීමට සූදානම්,මගේ ජීවිතයට එන අලුත් ආශිර්වාද මම ආදරයෙන් පිළිගන්නවා" කියලා හිතින් පවසන්න.

ඔබේ ජීවිතයේ සිදුවන ඒ සුවිශේෂී වෙනස්වීම් ආකර්ෂණය කරගන්න පහතින් "YES 555" ලෙස Comment කර මෙය ඔබ ආදරය කරන අය අතර Share කරන්න.විශ්වයේ ආශිර්වාදය සැමවිටම ඔබ සමඟයි !!!

🌞✨

GRIMOIRE OF AMBROSE CLEON

Personal Tarot Reading Feedback ඔබේ ආදරය,රැකියාව,අධ්‍යාපනය හෝ පෞද්ගලික ජීවිතයේ ඕනෑම ගැටලුවකට සාර්ථක විසඳුමක් සොයා ගැනීමට...
01/04/2026

Personal Tarot Reading Feedback

ඔබේ ආදරය,රැකියාව,අධ්‍යාපනය හෝ පෞද්ගලික ජීවිතයේ ඕනෑම ගැටලුවකට සාර්ථක විසඳුමක් සොයා ගැනීමට මම ඔබට උපරිම සහයෝගය ලබා දීමට සූදානම්.ඔබේ විශ්වාසය සහ ආදරය මට නිරතුරුවම ශක්තියකි.

අදම ඔබේ ටැරොට් රීඩින් එක වෙන්කරවා ගන්න.

075 210 2468 - WhatsApp පණිවිඩයක් යොමු කරන්න

https://wa.me/94752102468?text=Hello%20Ambrose

ඔබගේ ගැටළු සාර්ථකව විසඳා ගැනීමට මා සමඟ සම්බන්ධ වන්න...

🌞 අප්‍රේල් මාසය සදහා ටැරොට් කියවීම...ඔන්න ඔයාලා හැමෝම බලාගෙන හිටිය අප්‍රේල් මාසය සඳහා විශ්වය ඔයාට ලබාදෙන පණිවිඩය අරගෙන ආ...
01/04/2026

🌞 අප්‍රේල් මාසය සදහා ටැරොට් කියවීම...

ඔන්න ඔයාලා හැමෝම බලාගෙන හිටිය අප්‍රේල් මාසය සඳහා විශ්වය ඔයාට ලබාදෙන පණිවිඩය අරගෙන ආවා.මුලින්ම කියන්න ඕනේ ඔයාට ටැරොට් pile එකක් තෝර ගන්න බැරි උනා නම් පහල තියෙන Link එකෙන් කාඩ් එකක් තෝරගෙන ඇවිල්ලා මේ පෝස්ට් එක කියවලා ඔයාට ලැබෙන පණිවිඩය ලබා ගන්න පුළුවන්.ඉතින් ඔයා තෝර ගත්ත කාඩ් එකට විශ්වය මගින් ලබා දෙන පණිවිඩය මොකක්ද කියලා දැනගන්න කලින් ගැඹුරු හුස්මක් අරගෙන විශ්වයට ස්තූතිවන්ත වන්න.ඒ වගේම අපිව Follow කරලා මේ පණිවිඩය ඔයාගේ යාළුවන්ටත් පේන්න Share කරන්න අමතක කරන්න එපා.

https://www.facebook.com/share/p/1GrJ4mFuDC/?mibextid=wwXIfr

එහෙනම් අපි යමු ඒ පණිවිඩය බලන්න.

🧿 Pile Number 1

අප්‍රේල් මාසය ආරම්භ වෙද්දීම ඔයාට දැනෙන්නේ මුළු ලෝකෙම වගකීම් ඔයාගේ කර උඩ තියෙනවා වගේ බරක් වෙන්න පුළුවන්.හැම දෙයක්ම තනියම කරගන්න හදන එකයි,හැමෝවම සතුටු කරන්න යන එක නිසා ඔයා මේ වෙද්දී ඉන්නේ ලොකු මානසික සහ කායික වෙහෙසක.මේ pile number 1 තෝර ගත්ත ඔයාට විශ්වය කියන්නේ ඔයා ඔය උස්සන් ඉන්න බර දැන් ඉවර වෙන්න කිට්ටුයි කියන එක.ඔයා ජයග්‍රහණයට හරිම ආසන්නයි ඒ නිසා තව පොඩ්ඩක් ඉවසන්න.හැබැයි මේ මාසයේදී ඔයා වැදගත් තීරණයක් ගන්න ඕනේ.ඒ තමයි හැම දේම තනියම කරන්නේ නැතුව අනවශ්‍ය බර අතහරින එක.

රැකියාව පැත්තෙන් බැලුවොත් ඔයාට වැඩ අධික වෙන්න පුළුවන්.සමහරවිට අනුන්ගේ වැඩත් ඔයාගේ පිට පැටවෙන්න ඉඩ තියෙනව. ඒ නිසා ඔයාට බැරි දේට "බෑ" කියන්න පුරුදු වෙන්න.මූල්‍යමය පැත්තෙන් ගත්තොත් ලොකු කැපවීමක් කළාට පස්සේ මාසය මැද හරියේදී ඒ මහන්සියේ ප්‍රතිඵල ඔයාට ලැබෙන්න පටන් ගන්නවා.ආදරේදී සහ පවුලේ කටයුතුවලදී ඔයා විතරක් මහන්සි වෙනවා කියලා දැනෙනවා නම් ඒ ගැන විවෘතව කතා කරන්න.මේ මාසයේ ඔයාට තියෙන ලොකුම අභියෝගය තමයි ඔයාගේ සීමාවන් හඳුනාගෙන තමන්ට විවේකයක් දෙන්න ඉගෙන ගන්න එක. මතක තියාගන්න.ඔයා හැමෝටම උදව් කරන්න කලින් ඔයා නිරෝගීව සහ සතුටින් ඉන්න ඕනේ.ඉතින් මේ අප්‍රේල් මාසයේ ඒ අනවශ්‍ය පීඩනයෙන් මිදිලා සහනයෙන් ඉන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.

( පොදු කියවීමක් බව සලකන්න )

✨ ඔයා තෝර ගත්තේ Pile Number 1 නම් ඔයා අනිවාර්යයෙන්ම 88 : 88 comment කරන්න.ඒ වගේම අපේ page එක Follow කරන්න.

🔮 පෞද්ගලික කියවීම් සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න

075 210 2468

https://wa.me/94752102468?text=Hello%20Ambrose

🌞 Pile Number 2

ඔයා තෝර ගත්තේ pile Number 2 නම් අප්‍රේල් මාසය කියන්නේ ඔයාගේ ජීවිතයට අලුත් ජවයක්,අලුත් බලාපොරොත්තුවක් අරන් එන කාලයක්.හරියට අලුත් අත්තක් දලු දානවා වගේ දෙයක්.ඔයාගේ හිතේ තිබ්බ පරණ බයවල් අතඇරලා මොකක් හරි අලුත් වැඩක් පටන් ගන්න මේක තමයි හොඳම වෙලාව.ඔයා කාලයක් තිස්සේ හිත හිත හිටපු දෙයක් ක්‍රියාත්මක කරන්න මේ මාසයේදී ඔයාට පුදුම විදිහේ ලොකු ශක්තියක් දැනේවි.ඒක රැකියාව ගැන වෙන්න පුළුවන්,එහෙමත් නැත්නම් ඔයාගේම කියලා නිර්මාණාත්මක වැඩක් වෙන්න පුළුවන්.හිතේ තියෙන ඒ නිර්මාණශීලී අදහස් එළියට දාන්න කිසිම වෙලාවක පසුබට වෙන්න එපා.මොකද ඔයාට මේ මාසයේ විශ්වයෙන් ලැබෙන සහයෝගය ඉතාම වැඩියි.

විශේෂයෙන්ම රැකියාව හෝ ව්‍යාපාර කරන අයට අලුත් අවස්ථාවන්,අලුත් Project එකක් හෝ උසස්වීමක් වගේ දෙයක් ගැන ආරංචියක් ලැබෙන්න පුළුවන්.ආදරේ ගැන බැලුවොත්,ඔයා තනිකඩ කෙනෙක් නම් හදිසියේම ඔයාගේ හිත ඇදගන්නා අලුත් කෙනෙක් මුණගැහෙන්න ලොකු ඉඩක් තියෙනවා.ඒ වගේම සබඳතාවල තියෙන පරණ ගතිය අයින් වෙලා අලුත් ප්‍රබෝධයක් ඇති වෙනවා.මේ මාසයේදී ඔයාට දැනෙන ඒ "Spark" එක නැත්නම් හිතේ ඇති වෙන ඒ ගැම්ම අල්ලගන්න බය වෙන්න එපා.ඔයාට ඕන කරන හැම සම්පතක්ම ඔයා ගාව තියෙනවා.කරන්න තියෙන්නේ පළවෙනි පියවර තියන එක විතරයි.තමන්ගේ හැකියාව ගැන විශ්වාස කරලා ඉදිරියටම යන්න!

( පොදු කියවීමක් බව සලකන්න )

✨ ඔයා තෝර ගත්තේ Pile Number 2 නම් ඔයා අනිවාර්යයෙන්ම 11 : 11 comment කරන්න.ඒ වගේම අපේ page එක Follow කරන්න.

🔮 පෞද්ගලික කියවීම් සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

075 210 2468

https://wa.me/94752102468?text=Hello%20Ambrose

🗝️ Pile Number 3

Pile Number 3 තෝරාගත්ත ඔයාට මේ මාසය ඔයාට දැනෙන්නේ ටිකක් බැරෑරුම් ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙන කාලයක් විදිහටයි.ජීවිතේ හැමදාම කරන දේවල්වලින් පොඩ්ඩක් මිදිලා,යම්කිසි පිළිවෙළකට හෝ නීති රීතිවලට අනුව වැඩ කරන්න ඔයාට සිද්ධ වේවි.සමහරවිට මේ දවස්වල ඔයාට හිතෙන්න පුළුවන් ජීවිතේ මීට වඩා අර්ථවත් වෙන්න ඕනේ කියලා.ඒ නිසාම ආගමික කටයුතු හෝ තමන්ගේ අධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න ඔයා මේ මාසයේ වැඩි කාලයක් යොදවාවි.ඔයාට වඩා අත්දැකීම් තියෙන,ගරු කළ හැකි කෙනෙක්ගෙන් ඔයාගේ ප්‍රශ්නවලට නියම විසඳුම් හෝ මගපෙන්වීම් ලැබෙන කාලයක් තමයි මේ අප්‍රේල් මාසය කියන්නේ.ඒ නිසා කාගෙන් හරි උපදෙසක් ගන්න ලැබෙනවා නම් ඒකට ඇහුම්කන් දෙන්න මතක තියා ගන්න.

රැකියාව හෝ අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත්,මේ මාසයේ කෙටි පාරවල් හොයන්නේ නැතුව නියමිත ක්‍රමවේදයට වැඩ කරන එක තමයි ඔයාට වැඩියෙන්ම සුභදායී වෙන්නේ.විභාගවලට ලෑස්ති වෙන අයට හෝ අලුත් විෂයක් ඉගෙන ගන්න අයට මේක හරිම සුබ කාලයක්.සම්බන්ධතා ගැන කතා කළොත් පවුලේ අයත් එක්ක තියෙන බැඳීම වැඩි වෙනවා.විශේෂයෙන්ම විවාහය හෝ පවුලේ උත්සව වගේ සාම්ප්‍රදායික දේවල් ගැන වැඩිපුර කතාබහට ලක් වේවි. ඔයාගේ සබඳතාවල තියෙන විශ්වාසය සහ ගෞරවය මේ මාසයේදී තවත් තහවුරු වෙනවා.හිතුවක්කාර වෙන්නේ නැතුව,ටිකක් ඉවසීමෙන් සහ බුද්ධිමත් විදිහට තීරණ ගත්තොත් අප්‍රේල් මාසය ඔයාට ඉතාම සාර්ථක මාසයක් වේවි.

( පොදු කියවීමක් බව සලකන්න )

✨ ඔයා තෝර ගත්තේ Pile Number 3 නම් ඔයා අනිවාර්යයෙන්ම 666 comment කරන්න.ඒ වගේම අපේ page එක Follow කරන්න.

🔮 පෞද්ගලික කියවීම් සඳහා මට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

075 210 2468

https://wa.me/94752102468?text=Hello%20Ambrose

Grimoire of Ambrose Cleon
🌞✨

🌞 අප්‍රේල් මාසය ඔයාට කොහොම වෙයිද කියලා දැන ගන්න දැන්ම කාඩ් එකක් තෝරන්න !!!අප්‍රේල් මාසය වෙනුවෙන් ඔබේ හදවතේ තියෙන කුතුහලය...
28/03/2026

🌞 අප්‍රේල් මාසය ඔයාට කොහොම වෙයිද කියලා දැන ගන්න දැන්ම කාඩ් එකක් තෝරන්න !!!

අප්‍රේල් මාසය වෙනුවෙන් ඔබේ හදවතේ තියෙන කුතුහලය මම දන්නවා.අප්‍රේල් මාසය ඔබට ගෙන එන්නේ මොන වගේ අත්දැකීම්ද ??? විශ්වයේ මඟ පෙන්වීම යටතේ ඔබට අප්‍රේල් මාසය තුල ලබා දෙන පණිවිඩය මොකක්ද කියලා අපි බලමු.

🧿මුලින්ම ඔබ ඇස් පියාගෙන සංසුන් වී ගැඹුරු හුස්මක් ගන්න.

🧿ඉන්පසු විශ්වයේ සහ ඔබගේ රැකවල් දේවදූතයාගෙන් මඟපෙන්වීම පතන්න්න

🧿ඔබට හිතට තදින්ම දැනෙන අංකය පහතින් Comment කරන්න.

🧿ඉතින් මේ රීඩින් එක ගන්න ඔයා තව පොඩි වැඩක් කරන්න ඕනී

🧿මේ post එක Like කරලා Page එක Follow කරලා තියෙන එක අනිවාර්යයි...

🧿ඔබේ ආදරණීයයන්ට පෙනෙන්න Share කරන්න.

🧿ඔබ තෝරාගත් අංකය Comment එකක දාන්න.

🧿ඔයා තෝරගත්ත කාඩ් එකේ තේරුම අද හවස මම ලිපියකින් ඔයාලට දෙනවා.හැමෝටම සුභ දවසක්...

🔮 ඔබේ පෞද්ගලික ජීවිතයේ ගැටළු වලට ගැඹුරු Tarot කියවීමක් අවශ්‍ය නම් Whatsapp පණිවිඩයක් එවන්න...

075 210 2468

https://wa.me/94752102468?text=Hello%20Ambrose

ඔන්න අද Moon Water හදා ගන්න ළමායි...🥰🧙‍♂
02/03/2026

ඔන්න අද Moon Water හදා ගන්න ළමායි...🥰🧙‍♂

02/03/2026

ඔන්න අද සඳ ජලය හදා ගන්න පුළුවන්...

විශ්ව මාතාවගේ නාමයෙන් කරන රැවටීම් සහ Law of Attraction හි සැබෑ රහස අද FB එකට ආවත් Tik Tok ආවත් මේ මුලු සමාජ මාධ්‍ය පුරාම...
02/03/2026

විශ්ව මාතාවගේ නාමයෙන් කරන රැවටීම් සහ Law of Attraction හි සැබෑ රහස

අද FB එකට ආවත් Tik Tok ආවත් මේ මුලු සමාජ මාධ්‍ය පුරාම තියෙන්නේ විශ්ව ශක්තිය,Angel Numbers සහ ආකර්ෂණ නීතිය ගැන පෝස්ට්.හැබැයි මේවායින් බහුතරයක් මගින් මිනිස්සුන්ව හරියට දැනුවත් කරනවාට වඩා,මංමුලා කරලා තමන්ගේ පේජ්වල Reach එක වැඩි කරගන්නයි හදන්නේ.

"මේ පෝස්ට් එක Share කරපු ගමන් අද රෑට එකවුන්ට් එකට සල්ලි වැටෙනවා"

" මේ පෝස්ට් එක නිසා ඔයාට කෝටී දෙකක මුදල් ලැබෙනවා.විශ්ව මාතාවට ස්තූතී !! ස්තූතී !!! "

මේ වගේ පට්ටපල් බොරු කියන පේජ් කාරයෝ නිසාඇත්තටම අධ්‍යාත්මික දියුණුවක් හොයන මිනිස්සුත් මංමුලා වෙනවා.අපි මේ කාරණා ටික කතා කරන එක ගොඩක් වැදගත්...

ඉතින් සමහර පේජ්වල 111,444 වගේ අංක දාලා " මේක Comment එකේ Type කරලා තියන්න,සල්ලි මැවෙනවා " කියලා දානවා.මේක නිකන්ම නිකන් Engagement Trick එකක් විතරයි.එයාලා කරන්නේ ඔයාලගේ විශ්වාසය පාවිච්චි කරලා එයාලගේ පේජ් එක උඩට ගන්න එක විතරයි.විශ්වය කියන්නේ ATM එකක් නෙමෙයි.ඔයා නිකන් ඉඳගෙන 555 ටයිප් කර කර හිටියට සල්ලි එකවුන්ට් එකට වැටෙන්නේ නැහැ.ඔයා උත්සාහ කරන්නේ නැති දෙයක් විශ්වයට ආකර්ෂණය කරගන්න බැහැ.මේ වගේ බොරුවලට අහුවෙලා ඔයාගේ වටිනා කාලය සහ මානසික ශක්තිය නාස්ති කරගන්න එපා.

ඒ විතරක් නෙමේ විශේශයෙන්ම මේ Angels Number ගැන කතා කර යුතුමයි.Angel Numbers (111,222,11:11) දැකීමෙන් අදහස් වෙන්නේ ඔයාගේ යටිසිත (Subconscious mind) සහ විශ්වීය ශක්තිය අතර යම් සම්බන්ධයක් තියෙනවා කියන එකයි.ඒකෙන් කියවෙන්නේ

"ඔයා නිවැරදි මාර්ගයේ ඉන්නවා,අවධානයෙන් වැඩ කරන්න"

කියන පණිවිඩය මිසක් නිකන් ඉඳගෙන ඉන්න,සල්ලි එයි කියන එක නෙමෙයි.111 එකක් දැක්කම ඒ වෙලාවේ ඔයා කරමින් ඉන්න වැඩේ හෝ හිතමින් ඉන්න දේ ගැන සැලකිලිමත් වෙන්න.ඒක තමයි ඒ අංකවලින් දෙන ඉඟිය. මමත් මේ අංක භාවිත කරන්නේ ඔයාලගේ උනන්දුව වැඩි කරන්න සහ ඒ අංකවල සැබෑ පණිවිඩය ඔයාලට කියලා දෙන්න විතරයි.

හැමෝම රැල්ලට ගියාට මේ ආකර්ෂණ තීතිය ගැන හැමෝම දැනුවත් නැහැ.Law of Attraction (ආකර්ෂණ නීතිය) කියන්නේ හිතන දේ විතරක් ලැබෙන එක නෙමෙයි.යුරෝපීය ගුප්ත විද්‍යා ඉගැන්වීම්වල මූලික පදනම වෙන්නේ

"As above,so below" (ඉහළ කෙබඳුද,
පහළද එසේමය) කියන එකයි.

ඒ කියන්නේ විශ්වයේ නීති සහ මනුෂ්‍යයාගේ අභ්‍යන්තර ශක්තිය අතර ලොකු ගැලපීමක් තියෙනවා.මම මේ කියන දේ හොදට අවධානය කර ගන්න

🧿 Attraction කියන්නේ ඔයාගේ පෞරුෂය සහ ශක්තිය (Energy) හරහා ඔයාට අවශ්‍ය දේ ආකර්ෂණය කරගැනීමයි.

🧿 එය සිදු කරන සැබෑ ක්‍රමය නම්

මනස (Mind) + කැමැත්ත (Willpower) + ක්‍රියාව (Action) = ප්‍රතිඵලය.

සරලවම ආකර්ශණ නීතිය මෙයයි.ඔයාට දෙයක් ඕනේ නම් ඒ ගැන හිතන්න.ඒ වෙනුවෙන් දැඩි ලෙස කැමති වෙන්න හැබැයි ඊට වඩා වැදගත් දේ තමයි ඒ වෙනුවෙන් භෞතිකව වැඩ කිරීම.යුරෝපීය මායාවේදී පවා යමෙකුගේ කැමැත්ත එක තැනක කේන්ද්‍රගත කරලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියලා මිසක් නිකන් ඉඳගෙන මැජික් කරන්න කියලා කොහේවත් කියන්නේ නැහැ.දෙයක් කරද්දි හොදට හොයලා බලලා කරන්න රැල්ලට යන්න එපා..

අනිත් කාරණාව තමයි විශ්ව මාතාවට ලියුම් ලියන එක කියන්නේ.ඒක ඔයාගේ හිතේ තියෙන අවුල් සහගත හීන ටික පැහැදිලි ඉලක්ක බවට පත් කරගන්න තියෙන හොද ක්‍රමයක්. හැබැයි ඒක ලියලා කොට්ටේ යට තියාගෙන නිදාගත්තට විශ්වය ඒක බලලා ඔයාට දේවල් එවන්නේ නැහැ.ලියුම ලියන එකෙන් වෙන්නේ ඔයාගේ යටිසිත ඒ ඉලක්කය වෙනුවෙන් පුහුණු කරන එකයිඊට පස්සේ ඒ ලියපු දේ දිනාගන්න ඔයා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ.

ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ
මිථ්‍යාවන් පස්සේ නොයා මේ page කාරයන්ගේ බොරු වලට රැවටෙන්නේ නැතුව Law of Attraction වල ඇත්ත අර්ථය වටහා ගන්න කියලා.විශ්වය උදව් කරන්නේ තමන්ටම උදව් කරගන්නා අයටයි (God helps those who help themselves).බොරු පොරොන්දු දෙන පේජ් කාරයන්ගෙන් වෙන් වෙලා ඔයාගේ මනස සහ ක්‍රියාව එකට එකතු කරලා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න.

Ambrose Cleon

Address

Kegalle

Alerts

Be the first to know and let us send you an email when මායාවේ හෝරාව - Grimoire Of Ambrose Cleon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share