කිරිඇල්ලේ ස්වස්ථායු වෙද ගෙදර /kirielle swasthayu weda gedara

  • Home
  • Sri Lanka
  • Kiriella
  • කිරිඇල්ලේ ස්වස්ථායු වෙද ගෙදර /kirielle swasthayu weda gedara

කිරිඇල්ලේ ස්වස්ථායු වෙද ගෙදර /kirielle swasthayu weda gedara "රෝගාන් නිවාරයේත්"

...........හිසතෙල් ගෑම..........සූර්යයා මීන රාශියෙන්  මේෂ රාශි ගතවන අවස්ථාවෙන් ආරම්භවන අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු ...
15/04/2025

...........හිසතෙල් ගෑම..........

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශි ගතවන අවස්ථාවෙන් ආරම්භවන අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු සුභ මොහොතින් පටන් ගැනීම අනාදිමත් කාලයක සිට පැවැත ආ උතුම් චාරිත්‍රයකි.
එක ම මොහොතක එකම දිසාවක් බලා එකම අරමුණක සැම ගේ ගතසිත යොමු කිරීම මෙම චාරිත්‍රවල ඇති සුවිශේෂී තත්ත්වයකි.
මෙම චාරිත්‍ර අතරින් අග්‍ර ස්ථානයක් හිමිවන හිසතෙල් ගෑමේ චාරිත්‍රය රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලබමින් අඛණ්ඩව මේ දක්වා පැවතුණේ එහි ඇති උතුම්බව නිසා ම ය.

හිස යනු ශරීරයේ උත්තමාංගය යි. මුළු මහත් සිරුරම පාලනය වන්නේ හිස්කබල තුළ ඇති මොලය ප්‍රධාන කොට ඇති ස්නායු පද්ධතියෙනි. එසේ ම පංචේන්ද්‍රියෝ ද හිසට අයත් වෙති. මෙසේ සිරුරේ වැදගත් ඉන්ද්‍රියයන් රැසක් ඇති හිස රැක ගැනීම තුළින් සුවය රැකෙන බව පැහැදිලි කරුණකි.

සෞඛ්‍යමත් දිවි පෙවෙතක් උදෙසා ශරීරාංග ආරක්ෂා කර ගැනීමට ඈත අතීතයේ සිටම අප මුතුන් මිත්තන් ක්‍රියා කර ඇති බව හිසතෙල් ගෑමේ උතුම් චාරිත්‍රය තුළින් ගම්‍ය වේ.

ආයුර්වේදයේ මූල ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ හිසතෙල් ගෑමේ ගුණ පිළිබඳ ව මෙසේ සඳහන් වේ. "යමෙක් නිතර තෙල් ගල්වා හිස තෙත් කරන්නේ ද ඔහුට හිසරුජාව,තට්ටේ පෑදීම,අකලට කෙස් පැසීම යන මොව්හු නොවැළැදෙත්.
මස්තකාස්ථීන් ගේ බලය
විශේෂයෙන් වැඩේ.කෙස් මුල් ශක්තිමත් වන අතර කෙස් ද දික්ව වැඩෙන්නේ ය.කෙස්
කලුවන් ද වේ. තව ද තෙල් ගැල්වීමෙන් ඉන්ද්‍රියයෝ පහන් වෙත්. සමේ පැහැපත්බව හා පිරිසිදුබව ඇති වේ."

මේ අනුව සෞඛ්‍ය රැක ගැනීම සදහා හිස තෙල් ගෑම වසරකට වරක් පමණක් සිදුකිරීම නොසෑහේ. එය වසර පුරා ම කළ යුත්තකි. මෙහි දී සිදු කරනු ලබන්නේ අලුත් අවුරුද්දට ඒ සත්ක්‍රියාව සුබ නැකතින් ආරම්භ කිරීමකි.

අලුත් අවුරුද්දේ නැකතට හිස තෙල් ගෑම සදහා නානු මිශ්‍රණයක් භාවිත කරයි. නානු සාදා ගන්නා පිළිවෙළ මෙසේ ය.

⭕කලාදුරු අල
⭕කුංකුමප්පු
⭕සුදුහදුන්
⭕විෂ්ණුකාන්ති
⭕ගෝරෝචන
⭕සස්සද මුල්
⭕ඉරිවේරිය
⭕නස්නාරං මුල්
⭕සැවැන්දරා මුල්
⭕නෙලුම් දඩු
⭕ගොඩ මානෙල් අල
⭕බෙලි මුල්
⭕වෙනිවැල්ගැට
⭕ඊතණ

යන මේ ද්‍රව්‍ය සමව ගෙන තළා අලුත් මුට්ටියකට දමා තම්බා වතුර පත අටක් දමා පත දෙකට සිද ගන්න.ඉන්පසු බෝ කොළ කොටා එහි යුෂ ද දෙහි ඇඹුල් ද මුලින් සිදගත් දියරයට දමා හොදින් මිශ්‍රකර රෙද්දකින් පෙරා ගන්න. මෙලෙස සාදාගත් නානුවලට තලතෙල් හෝ පොල් තෙල් හෝ හිසට හිත නීල්‍යාදිය වැනි ඖෂධීය තෙලක් හෝ එක්කර ගන්න.

නානු මිශ්‍රණය සදහා ගන්නා ඖෂධ දාහය නසන, ලේ පිරිසිදු කරන, නුවණ වඩන,භූතදෝෂ නසන ගුණයෙන් යුක්ත ඒවා වේ.
හිස තෙල් ගල්වන අවස්ථාවේදී හිසේ හා දෙපතුලේ ස්පර්ශ වන ලෙස බෝ,කොහොඹ,ඉඹුල්,
දිඹුල්,කරඳ වැනි කොළ වර්ග තබනු ලැබේ.කොළ වර්ගය තෝරනු ලබන්නේ නැකතට උචිතවන අයුරිනි.මෙම කොළ
වර්ගවල ද ඉහතින් සදහන් කරන ලද ගුණයයන් ඇති අතර නානු මිශ්‍රණයෙන් ඇති ගුණවල අවශෝෂණ ක්‍රියාවලිය ශීඝ්‍ර කරන බව ද සැලකේ.

ශ්‍රීලංකාව ඝර්ම කලාපීය රටකි.පැහැදිලි ඍතු භේදයක් දක්නට නොලැබුණ ද වසන්ත කාලයේ දී ඇති විය හැකි චර්මාබාධ ඇතුළු රෝග පීඩා රැසක් අප රටේ ද බහුලව ඇත.එසේ ම දැඩි රැසින් පීඩාවෙන වසත් කාලයේ දී හිස සිසිල් කිරීම සදහා
ඖෂධීය ශීර්ෂාලේපයක් හිසෙහි ගැල්වීම යුක්ති සහගත ය.

විවිධාකාර රෝගාබාධයනට නතු වී ඇති අද සමාජයට, නැවුම් හිරුට ගරු කොට නැකැත් පිහිටුවා පවත්වනු ලබන මේ හිස තෙල් ගෑමේ කටයුත්තට දායක වීමෙන් එම රෝගාබාධයන් අවම කරගත හැකිය.

කෙසේ වුව ද මෙම හිසතෙල් ගෑම සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයකට සීමා නොකර වසර පුරාම සිදු කිරීමෙන් නිරෝගීභාවය ආරක්ෂා කරගත හැකිවනු නොඅනුමාන ය.එසේ ම මෙම උතුම් චාරිත්‍රයේ මහිමය බාල පරපුර වෙත අවබෝධ කරදීම අපසැමගේ යුතුකමකි....

කිරිඇල්ලේ ස්වස්ථායු වෙදගෙදර

කිරිඇල්ලේ ස්වස්ථායු ආයුර්වේද නිෂ්පාදන

ආයුෂ්මාන්භව ...!
14/04/2025

ආයුෂ්මාන්භව ...!

ආයුෂ්මාන්භව...!
14/04/2025

ආයුෂ්මාන්භව...!

09/04/2025

swasthayu

09/04/2025

Address

Near Bodhirukkharama, Idangoda
Kiriella
70480

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 09:00 - 18:00

Telephone

+94714221880

Website

Alerts

Be the first to know and let us send you an email when කිරිඇල්ලේ ස්වස්ථායු වෙද ගෙදර /kirielle swasthayu weda gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share