Manel Ayurvedic Products

Manel Ayurvedic Products මානෙල් ආයුර්වේද නිෂ්පාදන යනු සමට හිතකර ශාක සාර වලින් සාදනු ලබන නිෂ්පාදන වේ

👑 100% ස්වාභාවික දේශීය නිෂ්පාදනයකි,✅ හරිම විදිහට ඖෂ ද වල අඩුවක් නොකර උසස්ම තත්වයට හදලා තියෙන්නේ අතුරු ආබාධ ඇතිවෙන්නේ නෑ ...
11/03/2025

👑 100% ස්වාභාවික දේශීය නිෂ්පාදනයකි,

✅ හරිම විදිහට ඖෂ ද වල අඩුවක් නොකර උසස්ම තත්වයට හදලා තියෙන්නේ අතුරු ආබාධ ඇතිවෙන්නේ නෑ

🍂 දි-ග / ම-හ-ත / කා-ල-ය / ප්‍රා-නවත් බ-ව
🍂අතුරු ආබාධවලින් තොරව ඔබේ ලි*-ගි-ක ශක්තිය වර්ධනය කරගැනීමට හැකියාව ලබා දෙනවා.
🍂ජ-වය වැඩිකර කාලය දීර්ග කරයි.
🍂තරුණ ශ-ක්ති-ය නැවත ලබාදෙයි.
🍂ආනන්දය ගෙනදේ.
🍂 පුරැෂ ලි*ගයේ දුර්වලතා නැති කරයි
🍂 ස්ත්රී ව-දභාවය දුරැ කරයි
🍂 මස්පිඩු ශක්තිමත් කර ශරීරය පෘශ්ටිමත් කරයි
🍂 ස්නායු උත්තේජනය කරයි
🍂 කුසගින්න වඩවයි
🍂 සම පැහැපත් කරයි
🍂 රැධිරය පිරිසිදු කරයි
🍂 මල බද්දය නසයි
🍂 අකලට මහලු වීම වලකයි
🍂 කාංසාව හා මානසික අවපීඩනය දුරලයි

මිල - 1650/-
ඩිලිවරු - 350/-

Hair Growth Essence Oil Organic Hair Oilඔරිජිනල් නිශ්පාදනය පමණක් භාවිතා කරන්නපිරිමි / ගැහැණු සැමටම🛑 භාවිතා කිරීමෙන් ඔබට ...
30/01/2023

Hair Growth Essence Oil Organic Hair Oil

ඔරිජිනල් නිශ්පාදනය පමණක් භාවිතා කරන්න

පිරිමි / ගැහැණු සැමටම

🛑 භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි?❣️

1️⃣ ඔබේ කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය
වේගයට වඩා 3x වේගවත් කරයි .

2️⃣ අලුතින් කෙස් වැවිම වේගවත් කරයි.

3️⃣ කොන්ඩයට ආවේණික දිස්නයක් ලබා දේ
හිසකෙස් ශක්තිමත් කරයි.

4️⃣ හිස්කෙස් ගැලවී යාම වලක්වයි.

5️⃣ අකලට හිසකෙස් සුදු වීම වලක්වයි.

6️⃣ තට්ටය පෑදිම වලක්වයි.

7️⃣ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

රු. 1490 ක් පමණයි.

සති 2-3 අතර ඔබටම ඔබේ කොන්ඩයේ වෙනසක් දැකගන්න පුලුවන්.

ඇනවුම් කිරීමට නම, ලිපිනය , දුරකතන අංකය අප වෙත එවන්න.

දවස් පහෙන් යටිපතුල් පැලීම නිට්ට්වටම සුව කරන ස්වභාවික සත්කාර 5 ක්කකුල්වල නීරෝගී බව හා පෙනුම පවත්වාගැනීම කෙරෙහි ඔබ සැලකිලි...
30/01/2023

දවස් පහෙන් යටිපතුල් පැලීම නිට්ට්වටම සුව කරන ස්වභාවික සත්කාර 5 ක්

කකුල්වල නීරෝගී බව හා පෙනුම පවත්වාගැනීම කෙරෙහි ඔබ සැලකිලිමත් ද? කකුල්වල සනීපාරක්ෂාව කෙරෙහි අඩු අවධානය නිසාම පාද වල සම වියළී යාම, සම ඉරිතලා යෑම, කොරල මතුවීම වැනි ගැටලු වගේම කකුල් අවලස්සන කරවමින් යටි පතුල් පැළීයාම ද සිදුවිය හැකියි. ඔබත් මේ ගැටලුවෙන් පීඩා විඳින කෙනෙකු නම් පිරිසක් ඉදිරියේ පාවහන් ගැලවීමට සිදුවීමේදි ඔබට දැනෙන ලැජ්ජාව සහා අපහසුතාව ගැන ඔබ දන්නවා ඇති.

හැබැයි, අද පටන් අපි ඔබට කියන මේ සත්කාර ක්‍රම සිදුකිරීමට පටන්ගත්තොත් නම් තවදුරටත් පැළුණු දෙපතුල් ඔබට ගැටලුවක් වෙන එකක් නැහැ. රාත්‍රි නින්දට කලින් ඔබේ දෙපතුල් වලට මෙවැනි සත්කාරයක් ලබාදෙන්න.
දවස පුරාම ශරීරයේ බර දරාසිටින නිසා කකුල් වල මාංශ පේශී වඩාත් වෙහෙසට පත්වෙයි.ඉතින්, ඒ නිසාම කකුල් වල මාංශ පේශී යථා තත්වයට පත්වීම සඳහා ඊට හොඳින් සත්කාර කිරීම කළ යුතුයි. දවස අවසානයේ, එනම් රාත්‍රී කාලය ඊට වඩාත් සුදුසුයි. මේ සත්කාර ඔබේ කකුල් වල මාංශ පේශි ඉහිල් කරනවා පමණක් නොව ඔබේ රාත්‍රි නින්දේ ගුණාත්මක බව ද වැඩිකරවයි.

උණුසුම් වතුරේ කකුල් පොඟවන්න.උණුසුම් වතුරට එප්සම් හෙවත් සවිඳ ලුණු කෝප්පයක් පමණ එක්කර මිනිත්තු 10ක් පමණ කකුල් පොඟවන්න. මින් ඔබේ කකුල් වල වේදනා කැක්කුම් සමනය වී යයි. සිරුරට හොඳ සෑඑල්ලුවක් දැනෙයි.එප්සම් යනු මැග්නීසියම් හා සල්ෆේට් වල සුසංයෝගයකි.

මෙම සත්කාරය දෙපා වලට වඩාත් හොඳ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙයි.: දෙපා වල ආතතිය හා වේදනාව දුරලයි.කෙණ්ඩා ඇතුළු මාංශ පේශී පෙරළීමෙන් ඇතිවන කැක්කුම් සමනය කරයි, ස්නායු හා මාංශ පේශී ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කරයි,රක්තවාත වේදනා අඩුකරයි.

කකුල් සම්බාහනය කරන්න කකුල් සම්බාහනය කිරීමෙන් එහි රුධිර සංසරණය ක්‍රමවත් වීම, මාංශ පේශී උත්තේජනය වීම, මාංශ පේශී ඉහිල් කර වේදනා සමනය කිරීම වැනි ප්‍රතිලාභ හිමිවේ.පිරිසිදු පොල් තෙල් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් අත්ලට ගෙන කකුල් වල ආලේප කරන්න.විලුඹ ප්‍රදේශයේ සිට ඉදිරිපස ඇඟිලි දක්වා ද ආලේප කරන්න.කකුලේ ඇඟිලි කරු අතරින් ද මෘදුව සම සම්බාහනය කරන්න.විලුඹ ප්‍රදේශයෙන් මදක් තදින් අල්ලාගෙන කරකවමින් සම්බාහනය කරන්න.යටිපතුලේ මැද ප්‍රදේශය මද වෙලාවක් තෙරපාගෙන ඉන්න. යළිත් ඉහළ සිට පහළට සම පිරිමදින්න.මෙම තෙල් මඟින් සමට අවශ්‍ය තෙතමනය ද සලසන නිසා සමේ වියළි බව ද දුරුවී යයි. යටිපතුල් පැඛ්ළීම්, කොරල මතුවීම් වැනි ගැටලු ඇතිවීම වළකයි.සම මෘදු සුමුදු කරවයි.

යටිපතුල් වලට සත්කාර

කෝපි කුඩු+ සීනි+ පොල් තෙල් කෝපි කුඩු සහ මේස හැඳි 2ක් සහ දුඹුරු සීනි මේස හැඳි 1ක් පොල් තෙල් මේස හැඳි 1 1/2ක් සමඟ මිශ්‍ර කර මදක් රත්කරගන්න.මුළින්ම ඔබේ කකුල් උණුසුම් වතුර පිරවූ බේසමකට දමා මිනිත්තු 5-10ක් පමණ පෙ‍ඟෙන්නට හරින්න.කකුල් ඉවතට ගෙන මෙම සාදාගත් ස්ක්‍රබ් එක සම මත ආලේප කර ඇඟිලි තුඬු වලින් මෘදුව පිරිමදින්න.මිනිත්තු 15-20ක් පමණ තිබෙන්නට හැර වතුරෙන් සෝදාහරින්න.තෙත මාත්තුකරන්න.

හාල් පිටි, මී පැණි සහා විනාකිරි සත්කාරය හාල් පිටි තේ හැඳි 3ක්, මී පැණි තේ හැඳි 1ක් සහා ඇපල් සයිඩර් විනාකිරි බිංදු 2-3ක් පමණ එක් කරමින් ඝන තලපයක් ලෙස ස්ක්‍රබ් එකක් සකස් කරගන්න.ඔබේ දෙපා ඇල් මැරුණු ජලයේ මිනිත්තු 10ක් පමණ පොඟවාගෙන සිටින්න. ඉන්පසුව, දෙපතුල් වල මැරුණු සම ඉවත් කරගැනීම සඳහා මෙම ස්ක්‍රබ් එක ආලේප කරමින් මෘදුව දෙපා ඇතිල්ලීම සිදුකරන්න.සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම සත්කාරය නැවත සිදුකරන්න.

හාල් පිටි මඟින් සමේ මැරුණු සෛල ඉවත්කිරිම සහා සම පිරිසිදු කිරීම සිදුකරයි. මී පැණි යනු ස්වභාවික විෂබීජනාශකයක් බැවින් ඒවා පැළුණු දෙපතුල් සුවකිරීම සිදුකරයි. විනාකිරි වල අඩංගු අම්ල ස්වභාවය මඟින් වියළි සහා මැරුණු සම මෘදු කර සමෙන් ඉවත්කිරීම පහසු කරවයි.
බේකිං සෝඩා වලින් සත්කාරයක් ඇල් මැරුණු ජලය සහිත බේසමකට බේකිං සෝඩා මේස හැඳි 3ක් එකතු කරගන්න. බේකිං සෝඩා දියවන තුරු හොඳින් කලවම් කරන්න.මෙම මිශ්‍රණයේ ඔබේ දෙපා මිනිත්තු 15ක් පමණ පොඟවාගෙන සිටින්න.ජලයෙන් පාද ඉවත්කරමින් පමිස් ගලක් භාවිතා කරමින් සම මෘදුව අතුල්ලා මැරුණු සම ඉවත් කරගන්න.පිරිසිදු ජලයෙන් කකුල් සෝදා වියළෙන සේ තුවායකින් තෙත මාත්තු කරගන්න.සතියකට දෙවරක් මෙම සත්කාරය සිදුකරන්න.

බේකිං සෝඩා වලින් සමේ මැරුණු සෛල ඉවත් කරනු ලබයි. ඒ වගේම ප්‍රති- ප්‍රදාහක ගුණයන් බහුලව අඩංගු වන නිසා සම සුවපත් කිරීම සිදුකරයි. කකුල් වල ඇති වන දහදිය දුර්ගන්ධය පාලනය කිරීම සඳහා ද මෙම සත්කාරය ඉතා ප්‍රයෝජනවත්.

විඩාපත් කකුල් වලට සුවය සලසන යෝගා ඉරියව්

‘තාලාසනය’කඳ සෘජුව තබාගෙන අත් දෙක ඉහළට විහිදුවමින් සිරුරේ බර දරා සිටින සේ කකුලේ ඇඟිලි තුඬු වලට බර වී සිටගන්න.තත්පර 30ක් පමණ සිටිමින් සැහැල්ලු වන්න. මෙසේ වාර 3-4ක් පමණ කරන්න.

‘උට්කඨාසනය’ මෙම අභ්‍යාසය තාලාසනය ඉරියව්වට සමානයි.ඇඟිලි තුඬු වලට බර වි සිටගත් පසු සිරුර ඉහළ පහළ කරවන්න.

තවත් අභ්‍යාසයක් ඇඟිලි තුඬු වලින් සිටගෙන පියවර 5ක් ඉදිරියට ඇවිදින්න.නැවත පියවර 5ක් පි‍ටුපසට ගමන් කරන්න.මේ ආකාරයටම විලුඹෙන් සිටගෙන පියවර 5ක් ඉදිරියට ද පි‍ටුපසට ද ගමන් කරන්න.මෙම ඉරියව්වේදී ඔබේ සිරුර හැකිතාක් සමබරව පවත්වාගැනීමට උත්සහ කළ යුතුයි.

තවද කකුලේ ලොකු ඇඟිල්ලට (කකුල් දෙකේම) පමණක් බර වී ඉදිරියට හා පි‍ටුපසට පියවර 5ක් බැගින් ඇවිදින්න.මෙම අභ්‍යාස ඔබේ කකුල් වල මාංශ පේශී ශක්තිමත් කරමින් ඒවායේ නම්‍යශීලි බව වඩවයි. එමෙන්ම යටිපතුල් වල දැඩි බව අඩුකරයි. රුධිර සංසරණය ක්‍රමවත් කර හිටිවැටීම් වැනි තත්වයන් ඇතිවීම් අවම කරයි.

දිනපතා බේබි ඔයිල් හෝ වෙනත් සමට සුදුසු තෙල් වර්ගයක් කකුල් වල ගල්වන්න. ඉන් සම වියළීම හා පැළීම වළක්වාගත හැකියි.
දිනපතා ඇඟ සෝදන විට හෝ ස්නානය කරන විට පමිස් ගලකින් යටි පතුල් අතුල්ලා පිරිසිදු කරන්න. එවිට පැළුණු තැන් වල කුණු දුහුවිලි සිරවීම වළක්වාගත හැකියි.මැරුණු සෛල ද ඉවත් වී සමට පිරිසිදු බවක් ලැබේ.
යටිපතුල් ආශ්‍රිත පීඩාකාරී ගැටලු දිගින් දිගටම ඇතිවේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම වැඩි කරන ස්වභාවික ආහාර පාන10 ක්මව්කිරි ලබාදෙන කාලයේදී මවක් තමන්ගේ ආහාර පාන ගැන වඩාත් හොඳින්...
30/01/2023

කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම වැඩි කරන ස්වභාවික ආහාර පාන10 ක්

මව්කිරි ලබාදෙන කාලයේදී මවක් තමන්ගේ ආහාර පාන ගැන වඩාත් හොඳින් සැළකිලිමත් වෙයි.මේ කාලයේදී තමන්ගේ පමණක් නොව දරුවාගේ පෝෂණය ද රඳා පවතින්නේ මවගේ ආහාර පාන රටාව මතයි.අලුත උපන් දරුවාගේ සෞඛ්‍ය සම්පන්න නීරෝගී වර්ධනයට දායක වන්නේ ගුණාත්මක මව්කිරිය. එම නිසා මව්කිරි වල ගුණාත්මක බව වැඩිකරවන ආහාර පාන පරිභෝජනය කිරීමට මවක් අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුවෙනවා. අද අප කතාකරන්නේ මව්කිරි වඩවන හොඳම ස්වභාවික ආහාර පාන වර්ග කිහිපයක් ගැනයි.
කොළ එළවළු සලාද කොළ, නිවිති,කොළ ගෝවා, බ්‍රොකොලි,සැල්දිරි වගේ පත්‍ර එළවළු වර්ග වල සිරුරට වැදගත් විටමින්, ඛනිජ ලවණ හා තන්තු බහුලයි.මේවායේ කැල්සියම් මෙන්ම ශාකසාර ඊස්ට්‍රජන් හෙවත් ෆයිටෝඊස්ට්‍රජන් අඩංගුයි.ඒවා මව්කිරි නිෂ්පාදනය වැඩිවීමට දායක වේ.

උළුහාල් උළුහාල් ඇට වල ප්‍රෝටීන්, යකඩ;සින්ක් හා කැල්සියම් වැනි අත්‍යවශ්‍ය ඛනිජ ලවණ මෙන්ම හිතකර මේද අඩංගුයි.උළුහාල් මව්කිරි වඩන කුළුබඩුවක් ලෙස ඉතා ප්‍රචලිතයි.මේවායේ ඔමේගා-3 මේද අම්ල ද ඇත.මේවා දරුවාගේ මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂකයක් වේ.උළුහාල් ආහාර වලට මුසු කිරීම හෝ උළුහාල් ඇට ‍රැයක් පුරා පෙ‍ඟෙන්නට තැබූ වතුර පානය කිරීම ද ඉතා ගුණදායකයි.

සුදුලූනු කිරි වඩන ගුණ ඇති තවත් කුළුබඩුවකි.සුදුලූනු රසය හා සුවඳ මව්කිරි වලට ද එක්විය හැකි වුවත් ඇතැම් දරුවන් එම රසය ප්‍රියකරන ආකාරය දැකිය හැකියි.

පූර්ණ පෝෂණය අඩංගු ධාන්‍ය එනම් පිරිපහදු නොකළ ධාන්‍යයි. රතු බත්, පූර්ණ තිරිඟු පිටි වලින් සැකසූ නූඩ්ල්ස් හා පැස්ටා වැනි ආහාර, ඕට්ස් ඇතුළු සංකීර්ණ කාබෝහයිඩ්‍රේට ආහාර පෝෂ්‍යදායීය. මේවා ආහාරයට ගැනීමෙන් දිගු වෙලාවක් යන තුරු බඩගිනි ඇති නොවී බඩ පිරුණු ස්වභාවයකින් පවතියි.මේවායේ B විටමින් වර්ග හා ඛනිජ ලවණ මෙන්ම තන්තු ද බහුලයි.පෝෂණයෙන් අනූන මව්කිරි නිපදවීමට දායක වේ. විශේෂයෙන්ම ඕට්ස් වැනි ධාන්‍ය දිනපතා වුවත් පරිභෝජනයට එක්කරගැනීමෙන් සිරුරට බොහෝ හිතකර ප්‍රතිලාභ ලබාගත හැකිවේවි.

සැමන් සැමන් පමණක් නොව සාඩින්, හුරුල්ලෝ,කිරිමෝරු වැනි මාලු මව්කිරි වඩවන මාලු විශේෂ වේ.සැමන් වල DHA පෝෂක බහුල නිසා කිරි දෙන මව්වරුන්ට ඉතාම ගුණදායකයි.මෙම පෝෂක දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට බෙහෙවින් ඉවහල් වේ.විටමින් B12 පෝෂණයෙන් මෙන්ම ඔමේගා-3 මේද අම්ල වලින් අනූනයි.විටමින් D අන්තර්ගත ස්වභාවික ආහාර අතලොස්ස අතරින් එකක් ලෙසත් සැමන් හඳුන්වන්නට පුළුවන්.

බාර්ලි පෝෂණ ගුණයෙන් මෙන්ම තන්තු අන්තර්ගතයෙන් අනූන ධාන්‍ය විශේෂයක් වන බාර්ලි සිරුර සිසිල් කරයි.සීරම් ප්‍රොලැක්ටික් මට්ටම් ඉහළ දමමින් මව්කිරි නිපදවීම වැඩිකරවයි. බාර්ලි තැම්බූ වතුර පානය කරන්න.

බතල මේවායේ දරුවාගේ වර්ධනයට විටමින් A බහුලයි. මේවායේ පොටෑසියම් ද අන්තර්ගතයි. පෝෂණයෙන් අනූන ගුණදායි අල වර්ගයක් ලෙස බතල හැඳින්වීමට හැකියි. බතල ඇස් පෙනීම වඩවන ආහාරයක් ද වේ.

තුල්සි කොළ (හීන් මදුරුතලා/ශුද්ධ බැසිල්) ඉන්දියානු ජනයා අතර තුල්සි කොළ පරිභෝජනය ඉතා ප්‍රචලිතයි.මෙය එරට වන්දනීය ශාකයක් ද වෙනවා.මේවායේ කිරි වඩවන ගුණය ඉහළයි. සිරුර සන්සුන් හා සමනය කරවයි.බඩවැල් හා ජීර්ණ ක්‍රියාකාරීත්වය නිරෝගි කරයි. ආහාර රුචිය වඩවයි.තුල්සි කොළ කිහිපයක් උණු වතුර කෝප්පයකට එක්කර මද වෙලෑඅක් තැම්බෙන්නට හැර පානය කිරීම කළ හැකියි.
කැරට් කහ සහ තැඹිලි පැහැති එළවළු වර්ග කිරි එරෙන ගුණයෙන් ඉහළ බව ප්‍රචලිත මතයකි.ඒ අතරින් කැරට් ප්‍රධාන පෙළේ උදාහරණයකි.විටමින් A , බිටා කැරොටින් බහුල නිසා මේවායේ පෝෂණ ගුණය වඩාත් කැපී පෙනෙයි. මව්කිරි වල ගුණාත්මක බව ඉහළ දමයි. කැරට් අමුවෙන්, යුෂ පානයක් ලෙස හෝ සලාද ලෙස හෝ වෑංජන ලෙස සකසා ආහාරයට ගත හැකියි.

ආමන්ඩ් යකඩ,කැල්සියම්,සින්ක් වැනි වැදගත් ඛනිජ ලවණ වර්ග මෙන්ම විටමින් K සහ B වැනි පෝෂ්‍ය පදාර්ථ ‍රැසක් ඇට වර්ග වල අඩංගුයි.විශේෂයෙන්ම ආමන්ඩ් ඇට වල මේවාට අමතරව විටමින් E සහ ඔමේගා-3 මේද අම්ල ද බහුලයි.ලෝකයේ ඇති හොඳම කිරි වඩන ආහාර

අතරින් එකක් ලෙස මේවා හඳුන්වන්නට හැකියි.මේවායේ බහු-අසංතෘප්ත මේද බහුලයි. එම මේද කිරි නිෂ්පාදනයට අත්‍යවශ්‍යම පෝෂකයකි.දිනපතා ආමන්ඩ් ඇට අහුරක් පමණ ආහාරයට ගන්න.

*මව්කිරි වඩවන ආහාර පිළිබඳ සවිස්තරාත්මකව දැනගැනීමට පවුල් සෞඛ්‍ය සේවක නිලධාරිනියකගේ, පෝෂණවේදියෙකුගේ හෝ වෛද්‍ය විශේෂඥයෙකුගේ උපදෙස් ලබාගන්න.

උදරය අවලස්සන ලෙස නෙරා ඒමට හේතුවන උදරය ආශ්‍රිතව තැන්පත්ව ඇති කරදරකාරී මේදය දහනය කරවන සහ ධමනි තුළ මේදමය ද්‍රව්‍ය තැන්පත් ව...
30/01/2023

උදරය අවලස්සන ලෙස නෙරා ඒමට හේතුවන උදරය ආශ්‍රිතව තැන්පත්ව ඇති කරදරකාරී මේදය දහනය කරවන සහ ධමනි තුළ මේදමය ද්‍රව්‍ය තැන්පත් වී ඒවායේ අවහිරතා ඇතිවීම වළකන ස්වභාවික පිළියම් ක්‍රමයක් ගැනයි අද අපි ඔබට කියන්නේ. මෙය ඔබේ සිරුරේ පරිවෘත්තිය වේගය වැඩිකරමින් සිරුරේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය හා අතිරික්ත කැලරි දහනය වීම ද වේගවත් කරයි. හෘද රෝග වලට මූලික විය හැකි ධමනි තුළ මේදමය ද්‍රව්‍ය තැන්පත් වීමේ අවදානම ද වළකයි. ධමනි පිරිසිදු කර හෘද සෞඛ්‍ය වඩාත් නීරෝගි කරයි.

මේ පිළියම සකස්කරගන්නේ කොහොමද කියා මුළින්ම බලමු.

අතිශය පිරිසිදු ඔලිව් තෙල් මේස හැඳි 1ක්
රතු මිරිස්/මිරිස් කුඩු තේ හැඳි 1/8ක්
ලෙමන් ගෙඩියක යුෂ
අමු මී පැණි තේ හැඳි 1ක් මේ සඳහා අවශ්‍යයි.
කුඩා වීදුරුවක් ගෙන මේ සියල්ල ඊට එක්කර හොඳින් කළවම් කරන්න.උදෑසන ආහාරය ගැනීමට පෙර මෙය පානය කරන්න.
අතිශය පිරිසිදු ඔලිව් තෙල්-මේ සඳහා භාවිත වන ප්‍රධාන අමුද්‍රව්‍යක් තමයි අතිශය පිරිසිදු ඔලිව් තෙල් (extra virgin olive oil).මේවා ඒක-අසංතෘප්ත මේද වේ.ඒවා සිරුරට ඉතා හිතකරයි.මේවා මඟින් සිරුරේ නරක කොලෙස්ටරෝල් හෙවත් LDL මට්ටම් අඩුකරවයි.එම නිසා හෘදයාබාධ, ආඝාතය,හෘද රෝග වැනි අවදානම් ඇතිවීමට බලපෑ හැකි ධමනි අවහිරතා ඇතිවීම් අවම කරයි.ධමනි අවහිර වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ඒවායේ කොලෙස්ටරෝල් ඇතුළු මේද ද්‍රව්‍ය තැන්පත් වී රුධිරය ප්‍රවාහය වන මාර්ගය අවහිර වීමයි. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන නිසා ධමනි අවහිරතා ඇතිකරවන කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යාම හා ඔක්සිකාරක ආතති අවදානම් අවම කරයි.

එපමණක් නොව, ඔලිව් තෙල් මඟින් රුධිර සීනි මට්ටම් ද නියාමනය කරයි.අතිරික්ත සීනි මේද බවට හැරීමේ අවදානම අවම කරයි.ඒ හරහා සිරුරේ බර අඩුකරගැනීමට සහය වේ. තවද, ඔලිව් තෙල් යනු ජීර්ණ ක්‍රියාවලියට ඉතා හිතකර මේද වර්ගයකි.බඩවැල් හරහා ජීර්ණය කළ ආහාර ගමන් කිරීම පහසු කරයි.ජීර්ණය ක්‍රමවත් කරන අතර මලබද්ධය වැනි බඩවැල් ආශ්‍රිත අපහසුතා ඇතිවීම් වළකයි.

රතු මිරිස්-මෙහි එන තවත් අමුද්‍රව්‍යක් වන්නේ රතු මිරිස් ය. ධමනි පිරිසිදු කරවන ගුණ ඇති ප්‍රබල කුළුබඩුවක් ලෙස මේවා හඳුන්වයි. සිරුරේ පරිවෘත්තිය වඩවයි.එමඟින් වැඩි කැලරි හා මේද ප්‍රමාණයක් දහනය කරයි.මිරිස් වල අඩංගු කැප්සයිසින් නම් සක්‍රීය සංඝටක අනවශ්‍ය ලෙස බඩගිනි ඇතිවීම්, අධිකව ආහාර පාන ගැනීමට ඇති වන ආශාවන් පාලනය කරයි.සිරුරේ අග්නිය (තාපය) වඩවමින් තැන්පත්ව ඇති මේද දහනය වීම උත්තේජනය කරයි.නයිට්‍රික් ඔක්සයිඩ් මට්ටම් වැඩිකරමින් ධමනි හා නහර පුළුල් වීමට සලස්වයි.එමඟින් වැඩි ඔක්සිජන් හා පෝෂක ප්‍රමාණයක් සිරුර පුරා සංසරණය වීමට ඇති ඉඩකඩ ඉහළ දමයි.ධමනි බිත්ති වල මේදමය ද්‍රව්‍ය ‍රැඳීම අවම කිරීමට කැප්සයිසින් සංඝටක ක්‍රියාකරයි.එමෙන්ම හිතකර කොලෙස්ටරෝල් හෙවත් HDL මට්ටම් වැඩිකරවයි. අක්මාවේ මේද තැන්පත්වීමේ ඉඩකඩ අවම කරයි.

ලෙමන්-ලෙමන් වල විටමින් C බහුලයි. විටමින් C යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි.අක්මාවේ නීරෝගී ක්‍රියාකාරීත්වය වඩවයි. සිරුර විෂහරණය කරන එන්සයිම ක්‍රියාකාරීත්වය වැඩිකරයි.පිත ස්‍රාවය වැඩිකරමින් ජීර්ණයට සහය වේ. සමස්තයක් ලෙස සිරුර විෂහරණය කරන ගුණයෙන් අනූනයි.තැන්පත්ව ඇති මේද දහනය කරයි.මූත්‍රා වර්ධක ගුණයෙන් යුක්ත නිසා බඩපිපුම වැනි අපහසුතා ඇතිවීම් වළකයි. මූත්‍රා ආසාදන ඇතිවීම් අවම කරයි.ආම්ලික බව නිසා අහිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය පාලනය කරයි.

අමු මී පැණි-අමු මී පැණි වල ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිප්‍රදාහක ගුණ සිරුර තුළ චිකිත්සක ප්‍රතිකාරයක් මෙන් ක්‍රියාකරයි.මී පැණි යනු හෘද රෝග අවදානම් වළකමින් හෘද සෞඛ්‍ය වඩවන ප්‍රබල ඖෂධයකි.මෙම ස්වභාවික පැණි වල අඩංගු ට්‍රෙලෝස් නම් ස්වභාවික සීනි ධමනි වල මේදමය ද්‍රව්‍ය තැන්පත් වීම වළකන ක්‍රියාකාරීත්වයක් ඇති ප්‍රතිශක්තිකරණ සෛල ප්‍රෝටීන සක්‍රීය කරවයි.මී පැණි යනු ජීර්ණ මාර්ගය නීරෝගී කරවන ප්‍රීබයෝටික් ගුණයෙන් අනූන ආහාරයක් ද වේ.සිරුරට හානිකර වස විස ද්‍රව්‍ය සිරුරෙන් ඉවත්කිරීමට සහය වේ.සිරුරේ කරදරකාරී ලෙස තැන්පත්ව ඇති මේද කොටස් දහනය වීමට ද මී පැණි හොඳ ඖෂධයක් ලෙස භාවිත කරයි.

*නිසි වෛද්‍ය උපදෙස් ලබාගෙන මෙම පිළියම් භාවිත කිරීම වඩාත් උචිතයි.

වැඩි වුන කොලෙස්ටරෝල් පටස් ගාලා අඩු කරන වදමල් තේ සතු රෝග සුව කිරීමේ ගුණ 9 ක්වදමල් එහෙමත් නැතිනම් සපත්තු මල් අලංකාර රතු පැ...
30/01/2023

වැඩි වුන කොලෙස්ටරෝල් පටස් ගාලා අඩු කරන වදමල් තේ සතු රෝග සුව කිරීමේ ගුණ 9 ක්

වදමල් එහෙමත් නැතිනම් සපත්තු මල් අලංකාර රතු පැහැති මල් පිපෙන බොහෝ නිවෙස් වල දක්නට ලැබෙන අලංකාර ශාකයක්. මෙම සපුෂ්ප ශාකය මූලික වශයෙන් වර්ධනය වෙන්නේ නිවර්තන සහ උණුසුම් කලාපවලයි. බොහෝ දෙනෙක් නොදන්නවා වුවත් නැවුම් හා වියළි වදමල් පරිභෝජනයට ද ගැනේ.ඇතැම් රටවල වියළි වදමල් රසකැවිලි සෑදීමටත් අතුරු පස අලංකාර කිරිමට යොදාගන්නා සැරසිලි ද්‍රව්‍යක් ලෙසත් යොදාගනියි.

මේ ක්‍රම වලට අමතරව වදමල් කොළ හා මල් වල ඖෂධීය භාවිතාවන් ද බොහෝ තිබේ. ආයුර්වේදයේ සහ චීන වෛද්‍ය විද්‍යාවේ, ශතවර්ෂ ගණනාවක් තිස්සේ විවිධ රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වදමල් ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ.

වදමල් තේ කියන්නේ මෙක්සිකෝව, මධ්‍යම ඇමෙරිකානු කලාපයේ, අප්‍රිකානු රටවල ඉතා ජනප්‍රිය පානයක්.ඒ වගේම අනෙකුත් රටවල ද මෙය ඖෂධීය පානයක් ලෙස භාවිතයේ පවතියි. අපේ රටේ ද වදමල් තේ නිෂ්පාදන වර්ග වෙළඳසැල් වල දකින්නට පුළුවන්. මෙම තේ වල විටමින් C සහ A, සින්ක් සහ ඛනිජ වර්ග කිහිපයක් අඩංගු වේ. එය සිට්රික් අම්ලය, මැලික් අම්ලය සහ ටාටරික් අම්ලය ඇතුළු 15%- 30% දක්වා කාබනික අම්ල අඩංගු වේ. එහි පොලිසැකරයිඩ සහ ෆ්ලේවනොයිඩ් ද අඩංගු වේ. වදමල් තේ කියන්නේ සිරුරට ඉතා ගුණදායි තේ විශේෂයක් බව සොයාගෙන තිබෙනවා. ඉතින්, අද අපි කතාකරන්නේ වදමල් තේ වලින් අපේ සිරුරට ලැබෙන එවැනි සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි.

වදමල් තේ සකසන ආකාරය වියළි වදමල් පෙති තේ හැඳි 2-3 ක් වතුර කෝප්ප 2 ක ප්‍රමාණයකට දමා මදගින්නේ මිනිත්තු 5 ක් තම්බාගන්න.මෙය කෝප්පයකට පෙරා අමු මී පැණි හා ලෙමන් යුෂ ස්වල්පයක් එක්කර නිතිපතා පානය කරන්න. දිනකට කෝප්ප 2-3 ක් පානය කරන්න.

නිසි වෛද්‍ය උපදෙස් යටතේ වදමල් සාරය අඩංගු අතිරේක පෝෂක ද ඔබට ලබාගත හැකියි.

වදමල් තේ පානය සිරුරට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙයි.

රුධිර පීඩනය නියාමනය කරයි වදමල් අධි රුධිර පීඩනය පාලනය කිරීමට ද ප්‍රයෝජනවත් වේ.එහි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ප්‍රදාහක ගුණාංග අඩංගු වන නිසා රුධිර පීඩන මට්ටම සැලකිය යුතු ලෙස අඩු කිරීමට උපකාරී වේ. ස්වභාවික මූත්‍රාවර්ධක ගුණ ඇති නිසා රුධිර පීඩනය අඩු කිරීමට උපකාර වන මූත්‍රා පිටවීම වැඩි කරයි. ඊට අමතරව, මෙම ඔසු පරිවෘත්තීය වේගවත් කර, ක්‍රමයෙන් බර අඩු කර ගැනීමට ද උපකාරී වේ.පෝෂණ සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද 2010 අධ්‍යයනයක් වාර්තා කරන්නේ, වදමල් තේ දිනපතා පරිභෝජනය, පූර්ව අධි රුධිර පීඩනය සහ බරපතල නොවන අධි රුධිර පීඩනය ඇති වැඩිහිටියන්ගේ රුධිර පීඩනය අඩු කරන බවයි.

රුධිර සීනි මට්ටම් අඩුකරවයි වදමල් තේ දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි මට්ටම් නියාමනය කෙරෙහි හිතකරව දායක වන බව අධ්‍යයන ඇසුරෙන් සොයාගෙන තිබේ.ඔබ මේ තත්වයට ඖෂධ ගන්නේ නම් හෝ මෑතකදී සැත්කමකට භාජනය වූ අයෙක් නම් නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව වදමල් තේ පානය කිරීම උචිත නොවේ.

කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි වදමල් තේ අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් (LDL හෝ ‘නරක’ කොලෙස්ටරෝල්) මට්ටම අඩු කිරීමට ඉතා ඵලදායී වේ. දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින් සඳහා එය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.ධමනි සිහින් වීමේ ක්‍රියාකාරකම් වලට ප්‍රතිරෝධය දක්වයි. LDL ඔක්සිකරණය වැළැක්වීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක සංයෝග අඩංගු වේ. එසේම, ධමනි තුළ මේදමය ද්‍රව්‍ය බැඳීම වළක්වයි. එමගින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ධමනි සිහින් වීම සහ හෘද රෝග වළක්වයි.

ප්‍රතිශක්තිය වඩවයි සිරුරේ අප්‍රාණිකබව දුරුකරයි. ඇන්තොසයනින් අඩංගු නිසා සිරුරට ප්‍රතිප්‍රදාහක ගුණාංග ලැබෙයි. ප්‍රතිශක්තිය ශක්තිමත් කෙරෙයි.මූත්‍රා ආසාදන, ශ්වසන මාර්ගයේ ආසාදන වලට එරෙහිව සිරුරට හොඳ ගුණයක් ලබාදෙයි.බැක්ටීරියා නාශක ගුණයෙන් ද යුක්ත නිසා බැක්ටීරියා ආසාදන ඇතිවීම් වලින් ආරක්ෂා කරයි.

බර අඩුකරමින් සිරුර හැඩ කරයි පෝෂ්‍ය පදාර්ථ, ෆ්ලේවනොයිඩ් සහ විවිධ ඛනිජ ලවණ වලින් පිරුණු වදමල් ශරීරයේ මේද හා කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය අඩු කරයි. මෙය අනෙක් අතට බර අඩු කර ගැනීමට උපකාරී වේ.එහි ප්‍රතිඔක්සිකාරක ඉහළ සාන්ද්‍රණයක් අඩංගු වන නිසා පරිවෘත්තීය ක්‍රියාවලීන් වැඩි දියුණු වී බර අඩු කර ගැනීමට උපකාර කරයි. එසේම, මෙම ඔසු ස්වභාවයෙන් මූත්‍රාවර්ධක ගුණයෙන් යුක්තවීම නිසා සිරුරේ ජල බර අඩු කිරීමට උපකාරී වේ. ඇතැම් අධ්‍යයන වලින් පෙන්වාදෙන්නේ වදමල් තේ නරක කොලෙස්ටරෝල් අඩු කර හොඳ කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ ලිපිඩ මට්ටම් ඉහළ දමන බවයි.ව්‍යායාම වල යෙදීමෙන් පසු මෙම තේ කෝප්පයක් පානය කරන්න. ගැබිණි හෝ කිරිදෙන මවක් නම් මෙම තේ පානයෙන් වළකින්න.

වකුගඩු නීරෝගි කරයි ග්‍රීන් ටී වගේම වදමල් තේ පානය ද වකුගඩු වල වෘක්ක සෛල ආරක්ෂා කරන ගුණ පෙන්නුම් කරයි.වකුගඩු වල වස විස ද්‍රව්‍ය එකතුවීම් වළකයි. රසායනික ප්‍රතික්‍රියා හානි මෙන්ම වකුගඩු දුර්වල වීමේ අවදානම අවම කරයි.
අක්මාව ආරක්ෂා කරයි ඔබේ හදවත පමණක් නොව, වදමල් ඔබේ අක්මාවේ සෞඛ්‍යයටද ප්‍රයෝජනවත් වේ.එහි ප්‍රතිඔක්සිකාරක ගුණය ශරීරයේ පටක හා සෛලවල පවතින හානිකර මුක්තකණ්ඩ උදාසීන කිරීම මගින් අක්මාවට හානි වීම වළක්වා ගැනීමට උපකාරී වේ.වදමල් වල ඇති ඇන්තොසියානින් සංයෝග අක්මා ගැටළු ඇති කළ හැකි ඔක්සිකාරක අක්මා හානි සහ ප්‍රදාහක අක්මා තුවාල අඩු කරයි.

ඔසප් වේදනා සමනය කරයි ඔසප් සමයේදී උදරයේ පේශී පෙරළීම් නිසා ඇතිවන කැක්කුම් අපහසුතා සමනය වීමට වදමල් තේ ගුණදායි පානයක් බව පෙන්වාදෙයි.උදරය, උකුල, කොන්ද වේදනා ඇතිවේ නම් මෙම උණුසුම් තේ කෝප්පයක් පානය කිරීමෙන් ඔබට යම් සුවයක් ලැබේවි.මූත්‍රා වර්ධක ගුණ ඇති නිසා බඩ පිපුම වළක්වමින් සිරුරේ ජලය ඉවත්වීමට සලස්වයි. දොඩම්, දෙහි,ලෙමන් වැනි පැඟිරි යුෂ ටිකක් ඊට එකතු කරගන්න.එමඟින් ඔක්කාරය වැනි අපහසුතා සමනය වෙයි.වදමල් තේ මඟින් මූත්‍රා මාර්ගය හා මූත්‍රාශය සැහැල්ලු කරමින් වේදනාව සමනය කරයි. දිනකට කෝප්ප 2ක් පමණ පානය කරන්න.

ජීර්ණය වඩවයි වදමල් තේ යනු මලබද්ධයට හොඳ ස්වභාවික ප්‍රතිකාරයකි.ඊට හේතුව මෙම පානයේ ඇති මූත්‍රාවර්ධක ගුණයයි.මූත්‍රා පිටවීම මෙන්ම සමස්ත ආමශ-ආන්ත්‍රික මාර්ගයේම නීරෝගී බවට දායක වේ.සිරුරට ජලය ලැබෙන තවත් ක්‍රමයක් වීමත් ඊට තවත් හේතුවක්.

ඔබ ඖෂධ ගනිමින් ඉන්නා කෙනෙක් නම් හෝ යම් අසනීපයකින් පෙළෙන අයෙක් නම් මෙම තේ පානය පරිභෝජනයට එක්කරගැනීමට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාසිටීම වඩාත් හිතකර වේවි.

සුව නොවෙන ඉස්හොරි සදහටම ඉවත් කරන ස්වභාවික සත්කාර 5ක්හිසකෙස් අතරේ හා උරහිස මත (තද පාඅට ඇඳුම් වල)ලා කහ හෝ සුදු පැහැති කුඩු...
30/01/2023

සුව නොවෙන ඉස්හොරි සදහටම ඉවත් කරන ස්වභාවික සත්කාර 5ක්

හිසකෙස් අතරේ හා උරහිස මත (තද පාඅට ඇඳුම් වල)ලා කහ හෝ සුදු පැහැති කුඩු කුඩු ස්වභාවයක් දැකිය හැකිද? ඔබේ හිසෙ ඉස්හොරි ඇති බව පෙන්නුම් කරන ලක්ෂණයක් තමයි මේ. ඉස්හොරි කියන්නේ ඔබේ හිස්කබලෙන් ඉවත්වී යන මැරුණු සමටයි (සෛල).ඉස් හොරි ඇති අයගේ හිස්කබල බොහෝ දුරට කොරපොතු මතුවි , රතු පාටට හැරුණු හා කසන සුලු ස්වභාවයක් ගනියි.හිස කසන විට හෝ අතුල්ලන විට මෙම සුදු කුඩු හිස්කබලෙන් ඉවත් වී නළලට, උරහිස් මතට හා කෙස්කලඹේ පහළට හැලෙයි.

ඉස්හොරි ඇති වීම නිසා හිසකබල වඩාත් වියළී යාම, හිසකෙස් ගැලවී යාම වැනි බලපෑම් ඇති විය හැකියි වගේම ඔබේ ආත්මාවිශ්වාසයටත් ඉන් බාධා මතුවීම සිදුවිය හැකියි. කොච්චර කැමති වුණත් තද පැහැති ඇඳුමක් අඳින එක පවා මේ ඉස්හොරි කරදරය නිසා අපහසු වී තිබෙනවා. ආයුර්වේදයට අනුව ඉස්හොරි හටගන්නේ සිරුරේ වාත,පිත හා සෙම දොස් කිපුණු විටය.ආයුර්වේදයේ එන ඉස් හොරි සඳහා වන සරල පිළියම් ක්‍රම කිහිපයක් ගැනයි අද ඔබට කියන්නට සූදානම.
කොහොඹ කොළ-ආයුර්වේදයේ එන සර්වරෝග නිරාවරණ ඖෂධයක් ලෙස සැලකෙන කොහොඹ කොළ ඉස් හිරි මර්දනයට ද එක සේ ගුණ දෙන පිළියමක්.බැක්ටීරියානාශක මෙන්ම දිලීරනාශක ගුණය ද මේවායේ බහුලයි.රෝගකාරකනසන ගුණය ද ඇති නිසා ආසාදන වලින් සිරුරට හොඳ ආරක්ෂාවක් ලැබේ.කොහොඹ කොළ සාරය හිස්කබලේ විෂබීජ නසයි.එහි සම ආශ්‍රිත කැසිල්ල හා අපහසුතා දුරලයි.

කෙස්කලඹට කොහොඹ කොළ භාවිත කළ හැකි ආකාර:

හිසසෝදා අවසානයේ කොහොඹ කොළ තම්බාගත් වතුරෙන් හිස සෝදන්න.
කොහොඹ දළු වලට මුදවපු කිරි මේස හැඳි 1ක් පමණ දමා මිශ්‍ර කර හිස්කබලේ ගල්වා මෘදුව ඇඟිලි තුඬු වලින් සම්බාහනය කරන්න.මිනිත්තු 15-20ක් පමණ තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් හිස සෝදන්න.
උළුහාල් ඇට ඉස් හොරි වලට එරෙහි ප්‍රබල ආයුර්වේද පිළියමක් ලෙස උළුහාල් හඳුන්වන්නට හැකියි.උළුහාල් මඟින් හිස්කබලේ ඇති කරදරකාරී පොතු වැනි සුදු පැහැති කොටස් ඉවත්කර දමයි.උළුහාල් මේස හැඳි 1ක් පමණ වතුර බඳුනකට දමා පියනකින් වසා ‍රැයක් පුරා පෙ‍ඟෙන්නට හරින්න.පසුදා එම ඇට ටික පෙරාගෙන හොඳින් අඹරාගන්න.ඊට මුදවපු කිරි සහ ත්‍රිඵලා සංයෝගයෙන් (අරළු,බුළු,නෙල්ලි) තේ හැඳි 1ක් දමා මිශ්‍ර කරන්න. හිස්කබලේ මෙය ආලේප කර ඇඟිලි තුඬු වලින් මෘදුව සම්බාහනය කරන්න.පැයක් පමණ හිසේ ‍රැ‍ඳෙන්නට තබා හිස සෝදා පිරිසිදු කරගන්න.

පොල් තෙල් + ලෙමන් යුෂ-පොල් තෙල් මේස හැඳි 2ක් පමණ මදක් රත්කරගන්න.ඊට ලෙමන් මේස හැඳි 1ක් පමණ එක්කරන්න.රත්කරගත් මෙම තෙල් මිශ්‍රණය හිස්කබලේ හොඳින් ගල්වා ඇඟිලි තුඬු වලින් සම්බාහනය කරන්න.සවස් කාලයේ ආලේප කර පුරා ‍රැයක් පමණ තිබෙන්නට හැර පසුදා උදෑසන ස්නානය කර හිස පිරිසිදු කරගැනීම වඩාත් ප්‍රතිඵල සහගත වේවි. සතියකට එක්වරක් බැගින් නිතිපතා සති කිහිපයක් මෙය කරන්න.ස්නානය කිරීමට පැය 2කට කලින් මෙම සත්කාරය කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ඔබට කෙටි කලක් තුලදීම අත්කරගත හැකිවේවි.

පොල් තෙල් වල ඇති තෙතමනකාරක ගුණය හිස්කබල වියළීම වළකයි.එමෙන්ම හිස්කබලේ කසනසුලු බව දුරුකරයි. ලෙමන් වල අඩංගු විටමින් C සහ සින්ක් පෝෂක ඉස් හොරි වලට එරෙහිව සටන් කරයි.මේවායේ දිලීරනාශක හා ප්‍රතිඔක්සිකාරක ගුණ ඉතා බහුලයි. එම නිසා සම ආසාදනය වීමෙන් වළකයි.
කෝමාරිකා-ආයුර්වේදයේ එන ජනප්‍රියතම පිළියමක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.කෝමාරිකා ජෙල් හෝ මද වලින් කෝප්ප 1ක් සහ එඬරු තෙල් මේස හැඳි 1ක් එකට දමා හොඳින් කළවම් කරන්න.හිසකබල මත මෙම තෙල් ආලේප කර මෘදුව ඇඟිලි තුඬු වලින් සම්බාහනය කරන්න.පුරා ‍රැයක් පමණ තිබෙන්නට හැර පසුදා උදෑසන සෝදා හැරීම හෝ ස්නානය කිරීමට පැය 2කට පමණ කලින් මෙම සත්කාර කිරීම වඩාත් යෝග්‍යයි.සතියට එක්වරක් බැගින් සති කිහිපයක් කරන්න.කෝමාරිකා වල සිසිලන ගුණය හිස්කබලේ කැසිල්ල, වියළි බව දුරලයි.හිස්කබල සුවකරමින් ඒ මත ප්‍රතිකාරයක් ලෙස ක්‍රියාකරයි.

නෙල්ලි-නෙල්ලි වල විටමින් C ඉතා බහුලයි.බැක්ටීරියානාශක ගුණයෙන් ද යුක්ත නිසා හිසකබල ආසාදන වලින් සුරකියි. තුල්සි කොළ හෙවත් බැසිල් (හීන් මදුරුතලා) කොළ සමඟ මිශ්‍ර කර භාවිත කිරීමෙන් වඩාත් ඉහළ මට්ටමේ ප්‍රතිලාභ හිස්කබලට ලබාගත හැකිවේවි.

වියළි නෙල්ලි කුඩු මේස හැඳි 2ක් සහ අව්වේ වියළා කුඩු කරගත් තුල්සි කොළ තේ හැඳි 2ක් වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කරන්න.මෙය හිස්කබලේ ගල්වා පැය බාගයක් පමණ තිබෙන්නට හරින්න.පසුව හිස මෘදු ෂැම්පු වර්ගයක් ගල්වා වතුරෙන් සෝදාහරින්න.

නරක්වී ගෙන එන වකුගඩු පවා නැවත යතා තත්වයට පත්කර හැකි ආහාර පාන 10 ක්වර්තමානයේ දියවැඩියාව රෝගයට ගොදුරු වන පුද්ගලයින්ගේ ගණන ...
30/01/2023

නරක්වී ගෙන එන වකුගඩු පවා නැවත යතා තත්වයට පත්කර හැකි ආහාර පාන 10 ක්

වර්තමානයේ දියවැඩියාව රෝගයට ගොදුරු වන පුද්ගලයින්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යන බව පෙනෙන්නට තිබෙනවා.දියවැඩියාව කියා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තිබිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා අධිකව රුධිර ග්ලූකෝස් (සීනි) මට්ටම ඉහළ ගොස් පවතින ,හයිපර්ග්ලයිසීමියා (hyperglycemia) තත්වය හා මූත්‍රා වල සීනි අධිකකම (glycosuria)ලෙස ද හඳුන්වයි.ඔබේ අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් කියන හෝර්මෝනය ස්‍රාවය කරනු ලබයි. ඔබ ආහාරයට ගන්නා ආහාර පාන වල අඩංගු ග්ලූකෝස් ශක්තිය බවට පරිවර්තනය කිරීමට සෛල වලට උපකාර කරන්නේ මේ හෝර්මෝනයි.නමුත් දෙවන කාණ්ඩයේ දියවැඩියාව තත්වයේදී සිරුරේ ඉන්සියුලින් නිපදවීම සිදුවුණත්. සිරුරේ සෛල වලට ඒවා ක්‍රමවත්ව භාවිතා කිරීමේ හැකියාවක් නැත. මෙය ඉන්සියුලින් නොඉවසීම/ප්‍රතිරෝධය (insulin resistance) ලෙස හඳුන්වයි.

ආයුර්වේදයට අනුව දියවැඩියාව හෙවත් ප්‍රමේහය තත්වයේ ප්‍රභේද 20ක් පමණ පවතියි.ප්‍රභේද 10 ක් කප (සෙම), 6ක් පිත හා 4ක් වාත දෝෂ හේතුවෙන් හටගනියි.මෙම සෑම ප්‍රභේදයකටම නිසි ලෙස ප්‍රතිකාර නොකරන්නේ ද, එය මධුමේහය (diabetes mellitus) තත්වය දක්වා වර්ධනය විය හැකිය.

දියවැඩියාව පරිවෘත්තීයමය ගැටලුවක් බැවින් සීනි මට්ටම් නියාමනය කිරීමෙන් පමණක්ම ගැටලුවට පූර්ණ ලෙස ප්‍රතිකාර කළ නොහැකියි.නවීන වෛද්‍ය විද්‍යාවට සාපේක්ශව ආයුර්වේදයේදි දියවැඩියාවට ප්‍රතිකාර කෙරෙන්නේ වෙනස්ම හා වඩාත් ඵලදායි ක්‍රම වලටය.ව්‍යායාම, ක්‍රමවත් ආහාර පාන රටාව, ‘පංචකර්ම’ (ජෛව-පාරිශුද්ධීකරණ ක්‍රම) මඟින් සිරුර පුනර්ජීවනය කරමින් තවදුරටත් සංකූලතා වර්ධනය වීම වළකා රුධිර සීනි මට්ටම් සමතුලිත කිරීම සහතික කරයි.

අද අප ඔබව දැනුවත් කරන්නේ දියවැඩියාව පාලනයට උපකාරී වන ආයුර්වේදීය පානයක් ගැනයි. එම රෝගයට ප්‍රතිකාර ගන්නා අතරේදි මෙවැනි පිළියම් ක්‍රමයක් අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල වඩාත් වේගවත් කරගත හැකිවේවි (කෙසේවෙතත් භාවිතයට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් විමසීම වඩාත් සුදුසුය).

මෙය අප හඳුන්වන්නේ නෙල්ලි කසාය ලෙසයි. මෙය සිරුරේ නීරෝගී බව වඩවන පානයක් ද වේ.අධි රුධිර සීනි මට්ටම් හා ඉන්සියුලින් ගැටලු වලින් පෙළෙන පුද්ගලයින්ට මෙය වඩාත් හොඳ ප්‍රතිලාභ අත්කරදෙයි.අම්ලා හෙවත් නෙල්ලි යනු සුපිරි ගණයට අයටහ් පලතුරු වලින් එකකි.ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙහි ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ ඉස්තරම්ය.අග්න්‍යාශදාහය හෙවත් අග්න්‍යාශය ප්‍රදාහයට (ඉදිමීමට) ලක්වීම වැළැක්වීම ද මෙහි සුවිශේෂීත්වයකි. රුධිර සීනි මට්ටම් පාලනය කිරීමට උපකාරී වන ඉන්සියුලින් නිපදවෙන්නේ අග්න්‍යාශ තුළයි.අග්න්‍යාශයට හානි වීමෙන් ඉන්සියුලින් නිපදවන සෛල වලට විශාල බලපෑමක් ඇතිවෙයි. ඒ අනුව නිසි පරිදි ඉන්සියුලින් නිපදවීමට නොහැකිව සිරුරේ රුධිර සීනි මට්ටම් පාලනය කළ නොහැකි ලෙස ඉහළ යාමට පටන්ගත හැකියි. මෙම නෙල්ලි පානය එවැනි අවදානම් වළක්වාගැනීමට ඉහළ මට්ටමේ සහයක් ලබාදෙයි.

නෙල්ලි වල ක්‍රොමියම් බහුලයි.එම ඛනිජය මඟින් රුධිරයේ සීනි මට්ටම් අඩුකිරීම හා සිරුරේ ඉන්සියුලින් ප්‍රතිචාර දැක්වීම් (ක්‍රියාකාරීත්වය) ඉහළ නංවයි.නෙල්ලි වල විටමින් C බහුලයි. මේවායේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඇත.දෙවන කාණ්ඩයේ දියවැඩියාවෙන් පෙළෙන අයට මෙම විටමින් ඉතා ගුණදායකයි. දවස පුරා සිරුරේ රුධිර සීනි මට්ටම් ඉහළ යාමට නොදි පාලනය කරයි.එමෙන්ම ආහාර ගැනීමෙන් පසු ක්ෂණිකව රුධිර සීනි මට්ටම් ඉහළ යාමට ඇති අවදානම ද හොඳින් අඩුකරයි.

මෙම පලතුරේ ඇති ගුණ මඟින් ශරීරයෙන් විෂ ඉවත් කර සෛලීය පරිවෘත්තීය සුව කරයි. ඇස්කෝර්බික් අම්ලය, ටැනින් සහ පොලිපෙනෝල් වැනි ප්‍රතිඔක්සිකාරක වලට ස්තූතිවන්ත වන්නට අක්මාවේ ඇති ලිපිඩ හා ට්‍රයිග්ලිසරයිඩ අඩු කිරීමට හා පරිවෘත්තිය වැඩිදියුණු කිරීමට නෙල්ලි උපකාරී වේ

ඔක්සිකාරක ආතතිය යනු දියවැඩියාවට හේතුවන බව සොයාගෙන ඇති අවදානම් සාධක වලින් එකකි.නෙල්ලි වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ මඟින් හානිකර මුක්තකණ්ඩ සිරුරේ සෛල හා පටක වලට හානි කිරීමේ අවදානමින් ආරක්ෂා කර ඔක්සිකාරක ආතතින් පාලනය කරයි.

සිරුර ඔක්සිකරණයට ලක්වීමේ බලපෑම් යථා තත්වයට පත්කරමින් දියවැඩියා අවදානම් වලට එරෙහිව ක්‍රියාකාරි ගුණයක් ලබාදෙයි.
නෙල්ලි කසාය සකසා ගන්නේ කොහොමද?වතුර වීදුරුවකට උණුසුම් වතුර පුරවාගන්න.නෙල්ලි කුඩු මේස හැඳි 1ක් සහ කහ කුඩු පිංචක් එක්කර කළවම් කරන්න.දිනපතා උදෑසන හිස්බඩ මෙය පානය කරන්න.

තවත් ඖෂධීය පානයක් – ‘කරවිල සහ නෙල්ලි යුෂ’කරවිල යනු දියවැඩියාව පාලනයට හොඳම ගුණ දෙන එළවළුවකි. දියවැඩියාව පාලනය කිරීමට අමතරව එම රෝගයෙන් ඇතිවිය හැකි සංකූලතා අවදානම් ද අඩුකරවයි.වකුගඩු හා අක්මා ක්‍රියාකාරීත්වය වඩාත් නීරෝගි කරයි.එම අවයව ආශ්‍රිත රෝග නසයි.කරවිල වල දියවැඩියා පාලක ගුණ ඇති පොලිපෙප්ටයිඩ හා වයිසින් වැනි ක්‍රියාකාරී සංඝටක අඩංගුයි.

කරවිල ඇට සහිතව හෝ රහිතව වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කර යුෂ පෙරාගන්න. නෙල්ලි කැබලි බ්ලෙන්ඩ් කර හෝ නෙල්ලි කුඩු වතුරේ මුසු කර සාදාගන්න. මෙම දෙවර්ගයම සම ප්‍රමාණ වලින් (මිලිලීටර් 10ක් පමණ) එක වීදුරුවකට මිශ්‍ර කරන්න.ඊට වතුර දමා තනුක කරන්න. මෙය පානය දිනපතා උදෑසන හිස්බඩ පානය කිරීමෙන් සිරුරට ගුණ ලැබේ.

මෙම පාන වර්ග දෙකෙන් ඔබට කැමති ක්‍රමයක් අනුගමනය කිරීමට ඔබට හැකියි.නෙල්ලි යුෂ පරිභෝජනයට ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගන්න. නෙල්ලි සහ ඖෂධ එකවර භාවිතයේදී රුධිර සීනී මට්ටම් කැපී පෙනෙන ලෙස පහත වැටීමක් ඇතිවිය හැකිය

හැදෙන්න තියෙන ඔනෑම පිළිකාවක් පවා සුව කරන නිල් කටරොළු පානය සතු 6 ක්Clitoria ternatea නම් උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්...
30/01/2023

හැදෙන්න තියෙන ඔනෑම පිළිකාවක් පවා සුව කරන නිල් කටරොළු පානය සතු 6 ක්

Clitoria ternatea නම් උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නිල් කටරොල් මල් වලින් සිරුරට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ‍රැසකි.ආයුර්වේදයේ මෙය ඉතා ගුණදායි ඔසුවක් ලෙස ද සඳහන් වෙයි.මෙම අලංකාර නිල් පැහැති මල් රුධිර රෝග, වාත රෝග, දැවිල්ල හා ඉදිමුම් (ප්‍රදාහය) නැසීමට, කුෂ්ඨ හා තුවාල සුවවීමට, සම ආරක්ෂා කිරීමට, ආමාශයේ ගැටලු සමනය වීමට ගුණදෙන බව සඳහන්.නිල් කටරොළු පානය අද කාලයේ ජනප්‍රිය ඖෂධීය පානයක් බවට පත්වෙලා තිබෙනවා. ඉතින්, අද අපි ඔබට කියන්නේ මේ පානය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන පවා සනාථ කර ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි.

මුළින්ම බලමු නිල් කටරොළු පානය පිළියෙල කරගන්නේ කොහොමද කියලා:

අවශ්‍ය ද්‍රව්‍ය: සෝදා පිරිසිදු කරගත් නිල් කටරොළු මල් 5-6ක් පමණ, උණු වතුර කෝප්පයක් පමණ,ලුණු ස්වල්පයක් හා දෙහි යුෂ තේ හැඳි 1-2ක් පමණ.

ක්‍රමය:එක් අයෙකුට සරිලන ආකාරයෙන් සකසාගන්නේ මෙහෙමයි.කෝප්පයකට සෝදාගත් මල් ටික දමා නටන උණුවතුර පුරවාගන්න. පියනකින් වසා මිනිත්තු 5-10ක් පමණ තැම්බෙන්නට හරින්න. විවෘත කර බැලූ විට වතුර සම්පූර්ණයෙන් නිල් පාටට හැරී ඇති ආකාරය ඔබට පෙනේවි. එම තැම්බුම් සාරයෙන් ඉතිරි මල් පෙති ඉවත් කර ලුණු හා දෙහි එක්කර කළවම් කරන්න. දැන්, ඔබට මෙය පානය කරන්න පුළුවන්.

නිල් කටරොළු පානය හරහා සිරුරට ලැබෙන අපූරු සෞඛ්‍ය ප්‍රතිලාභ
සිරුරට ඉහළ මට්ටමේ ප්‍රතිඔක්සිකාරක ගුණයක් ලැබේ කටරොළු මල් වල ප්‍රතිඔක්සිකාරක ගුණ බහුලයි.මෙම ජෛව සංඝටක මඟින් සෛල හා පටක වලට හානිකරන මුක්තකණ්ඩ වලට එරෙහිව නැගී සිටීමේ හැකියාව සිරුරට ලබාදෙයි.මෙම විෂ බලපෑම් අකලට සිරුර වියපත් වීම හා නොයෙකුත් ලෙඩ රෝග අවදානම් වැඩිවීමට පවා හේතුවේ. ප්‍රතිඔක්සිකාරක එවැනි අවදානම් පාලනය කරයි.මෙය සිරුර විෂහරණය කරන ඖෂධීය පානයකි. කැෆේන් රහිත නිසා සෞඛ්‍යයට ඉතා හිතකරයි.

දියවැඩියාව පාලනය කරයි-ආහාර වේල් අතරතුරදී නිල් කටරොළු පානයක් ලබාගැනීම සිරුරේ ග්ලූකෝස් මට්ටම් වැඩිවීම පාලනය කරන අතර රුධිර සීනි මට්ටම් අඩුකරවයි.ශරීරය ආසාදන වලට ලක්වීමේ අවදානම ද අවම කරයි.විශේෂයෙන්ම දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ට මේ ගුණය වඩාත් වැදගත්ය. ඊට හේතුව ඔවුන් ආසාදන වලට ලක්වීමේ ඉහළ අවදානමක් තිබීමයි. දියවැඩියා රෝගීන්ට මෙය ඉතා ගුණදායි පානයක් බව සඳහන්මෙම පානය හෘද සෞඛ්‍ය ද නීරෝගි කරයි.

සමට හා හිසකෙස් වලට ද ප්‍රතිලාභ දේ.මෙම පානයේ ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ සම ඇතුළාන්තයෙන්ම නිරෝගි කරයි. සමේ තරුණ බව හා ප්‍රභාව සුරකියි.සමට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ද මෙහි අඩංගුයි. හිසකෙස් ද පෝෂණය කරයි. අකලට හිසකෙස් පැසීම වැනි ගැටලු අවම කරයි.

රුධිර සීනි පාලනය කරන නිසා සම වියපත් වීමට බලපාන සාධක ඉස්මතුවීම ද පාලනය කරයි.ෆ්ලැවනොයිඩ වැනි ශාක රසායන අඩංගු බැවින් සමේ කොලැජන් නිෂ්පාදනය ද ඉහළ නංවයි.එමෙන්ම සමේ නම්‍යතාව හා සවිමත් බව වැඩිකරයි.ඇන්තොසයනින් අඩංගු නිසා හිස්කබලට හොඳින් රුධිර සංසරණය වෙයි. නිසි පෝෂණය හා ඔක්සිජන් ලැබීමත් සමඟ හිසකෙස් මුල් උත්තේජනය වී හිසකෙස් වර්ධනයට අවශ්‍ය පරිසරය සැකසේ.
මොළයේ ක්‍රියාකාරීත්වය නීරෝගි කරයි මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය ජවසම්පන්න කරමින් ඒවා නීරෝගි කරයි.

කාංසාව හා විශාදයට ප්‍රතිකාර කරයි කාංසාව (අනිසි බිය හා නොසන්සුන්තාව) හා මානසික අවපීඩනය වර්තමානයේ බොහෝ දෙනා පීඩාවට පත්ව ඇති මානසික ගැටලු දෙකකි. කටරොළු තේ පානය කිරීම මනසේ ආතතිය දුරලයි. මනස සැහැල්ලු කරයි.නැවුම් බවක් දැනෙයි.

පිළිකා නසයි -ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති නිසා සිරුරේ සෛල වලට හානිකරන මුක්තකණ්ඩ බලපෑම් වලට එරෙහිව සිරුරට හොඳ ආරක්ෂාවක් ලබාදෙයි. පිළිකා සෛල වර්ධනය වීමේ අවදානම බොහෝ හොඳින් අවම කරයි.

Address

Kottawa

Alerts

Be the first to know and let us send you an email when Manel Ayurvedic Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Manel Ayurvedic Products:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram