09/04/2026
අත්හරින්න කලින් මේ ටික කියවන්න...
කවදාහරි දවසක "තවත් නම් ජීවත් වෙන්න බෑ" කියලා ඔයාට හිතුණොත්, එක මොහොතකට නතර වෙලා හිතන්න. ඔයා මේ නැති කරගන්න හදන්නේ කාගෙවත් වරදකට ඔයාට ලැබුණු දඬුවමක්ද කියලා.
කවුරුහරි ඔයාගේ හිත රිදෙව්වා වෙන්න පුළුවන්, ඔයාව තනි කළා වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ විශ්වාසය පතුලටම බිඳලා දැම්මා වෙන්න පුළුවන්. ඒත් ඒ මිනිස්සු කරපු වැරදි වලට, ඒ මිනිස්සු ඇති කරපු තුවාල වලට, ඔයා ඔයාගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න ඕන නෑ.
මතක තියාගන්න, සූසයිඩ් (Su***de) කියන්නේ ප්‍රශ්න වලට විසඳුමක් නෙවෙයි, ඒක ඔයාගේ වටිනා ජීවිතය ඔයාට අහිමි කරගැනීමක් විතරයි. ඔයාව රිදවපු මිනිස්සුන්ට ඔයා නැති වුණා කියලා ලොකු වෙනසක් නොවෙයි, ඒත් ඔයාගේ ජීවිතය ඔයාටත්, ඔයාට ආදරේ කරන අතළොස්සක් දෙනාටත් මුළු ලෝකයමයි.
ඔයාව බිඳපු තැනින්ම ආයෙත් නැගිටින්න. ඔයාට රිදවපු අයට දෙන්න පුළුවන් හොඳම දඬුවම ඔයා ඔයාගේ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන එකයි. වැටුණු තැනින් හයියෙන් හුස්මක් ගන්න... ඔයා තවමත් හුස්ම ගන්නවා කියන්නේ, ඔයාට අලුත් ආරම්භයක් ගන්න තවමත් අවස්ථාව තියෙනවා කියන එකයි.
ජීවිතය ලස්සනයි, ඒක තව කෙනෙක් වෙනුවෙන් නිකරුණේ පූජා කරන්න එපා! ❤️
මතක් කිරීමක්: ඔබේ හිතේ තියෙන බර සැහැල්ලු කරගන්න කවුරුහරි එක්ක කතා කරන්න. ලංකාවේ මෙවැනි වෙලාවක සහයෝගය දෙන්න 'ශ්‍රී ලංකා සුමිත්‍රයෝ' (011 269 6666) වැනි ආයතන ඕනෑම වෙලාවක සූදානමින් ඉන්නවා. ඔබේ ජීවිතය හරිම වටිනවා!