Ayurvedic & Naturopathic Medical Centre

Ayurvedic & Naturopathic Medical Centre Specialist Consultants for Pediatric Diseases Diabetes & ENT Diseases & All General Diseases

https://www.daraz.lk/products/herbal-immunity-booster-for-boost-antioxidants-and-prevent-fever-and-throat-infections-and...
16/08/2021

https://www.daraz.lk/products/herbal-immunity-booster-for-boost-antioxidants-and-prevent-fever-and-throat-infections-and-re-energize-your-body-i123254589-s1040621189.html?dsource=share&laz_share_info=3309557_100_100_1000005255967_3179636_null&laz_token=055fca4b744b4e981122a0248763d587

Herblicious ප්‍රතිශක්තිය වර්ධක පානය කටුවැල්බටු, වියළි ඉඟුරු, දේවදාර, කොත්තමල්ලි, විශ්ණුක්‍රාන්ති සහ පත්පාඩගම් යන ආයුර්වේද ඖෂධ අඩංගු කෘතිම රසකාරකයන්ගෙන් තොර 100% ක් ස්වභාවික ඖෂධීය පානයකි.

🍃සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
🍃සිරුර ප්‍රබෝධමත් කරයි. ප්‍රතිඔක්සිකාරක ප්‍රවර්ධනය කරයි.
🍃ආසාදනයන්ට එරෙහිව සටන් කරයි.
🍃උණ, ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන නසයි.
🍃ආහාර රුචිය වඩවයි.

LIMITED STOCKS AVAILABLE
තොග සීමිතයි. Click above Link to Order

Rs.150 OFF on your First Purchase on Daraz App! >> Buy Herbal Immunity Booster for BOOST Antioxidants and Prevent Fever and Throat Infections and Re-Energize your Body at lowest prices in Sri Lanka ✓Fast Delivery across Sri Lanka

28/07/2021

නව හදුන්වාදෙන ආයුර්වේදීය ඖෂධ වට්ටෝරුවකට අනුව නිපදවන ලද Herblicious ප්‍රතිශක්තිකරණ වර්ධක පානය.

ආයුර්වේදීය ඖෂධ ශාකසාර 7 කින් සැදුම්ලත් මෙම පානය

ප්‍රතිශක්තිය වඩවයි
උන සහ උගුරේ ආසාදන වලකයි
සිරුරේ ශක්තිය වඩවයි
ආසාදනයන් වලට එරෙහිව සටන් කරයි
අහාර රුචිය වඩවයි

ඩෙංගු උණ අද අපි කියන්න යන්නේ කොරෝනා රෝගයට සමගාමිව  ලංකාවේ පැතිරී යන ඩෙංගු වසංගතය පිළිබඳවයි. මෙම  රෝග තත්ත්වය නම් අපිට ආධ...
18/06/2021

ඩෙංගු උණ

අද අපි කියන්න යන්නේ කොරෝනා රෝගයට සමගාමිව ලංකාවේ පැතිරී යන ඩෙංගු වසංගතය පිළිබඳවයි. මෙම රෝග තත්ත්වය නම් අපිට ආධුනික නොවන්නේ ඩෙංගු වලින් මරණයට පත්වන සංඛ්‍යාව කොරෝනාවට වඩා මීට වසර ගණනාවක් සිටම වැඩි බව අප දන්නා නිසයි.
කෙසේ නමුත් පවතින කාලගුණය සමග වයාප්ත වන ඩෙංගු රෝගය පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත්. ඩෙංගු රෝගය ද බෝවන වෛරස් ආසාදනයක් වන අතර මෙය ඊඩිස් ඊජිප්ටස් වාහක මදුරුවන් ගෙන් බෝවේ.
වාහක මදුරුවන් උදේ හෝ සවස් කාලයේ දෂ්ඨ කල පසු දින 3-5 දක්වා කාලයකින් පසුව තද උණ , අධික හිසරදය, මාංශ පේෂී වල වේදනාව,ඇස් යට හා ඇතුළත වේදනාව සහ ඉදිමීම යන ලක්ෂණ පෙන්නුම් කරයි. එහෙත් ඇතැම් අයට ආහාර අරුචිය,වමනය වැනි ලක්ෂණ ද පැවතී. මෙය ඩෙංගු උණ ලෙස හදුන්වන අවස්ථාවයි. මෙම ලක්ෂණ දින 3කට වැඩිය පවතී නම් වෛද්‍ය වරයෙක් හමුවී ඩෙංගු රෝගයට අදාල පරීක්ෂණ කිරීම හා ඩෙංගු උණ තත්ත්වය හඳුනාගැනීම වැදගත්. එසේ නොවූ විට එය ඩෙංගු රක්තපාත තත්ත්වය දක්වා වර්ධනය වීම සිදුවන අතර ශරීරය කුහර තුළට අධික ලෙස රුධිර වාහිනී වලින් රුධිරය වහනය වීම සිදුවේ. මෙය මාරාන්තික තත්ත්වයයි. එලෙසම රුධිරයේ ඇති ප්ලාස්මාව රුධිර වාහිනී වලින් ශරීරයේ සෛල අතර අවකාශ වලට කාන්දු වීම නිසා ශරීරයේ ඉදිමීම, රුධිර පීඩනය අඩුවීම, හෘද ස්පන්දනය වැඩිවීම , හෘද හා වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩුවීම,අක්මාවට හානී වීම සිදුවේ. මෙය ඩෙංගු ආතතිය අවස්ථාවයි. ඇතැම්විට දින 3කින් උණ අඩුවී ගියද රෝගියා මලානිකව හෝ අප්‍රාණීකව, සිටී නම් බොහෝවිට විට කාන්දු වීම සිදුවිය හැක. එබැවින් රෝගියා පිළිබඳව අවධානයෙන් සිටීම ඉතා වැදගත්ය. එලෙසම අවකාශ වලට කාන්දු වන ප්ලාස්මාව හා තරල රෝගය සුව වීමේදී නැවත රුධිර වාහිනී තුලට ගමන් කිරීම නිසා පිට වන තරල වෙනුවට ද්‍රව බාහිරින් ගැනීම මනා කලමණාකාරයකින් යුක්තව සිදු කල යුතුය. වේදනා සමනය සදහා සැර බටහිර ඖෂධ හිතුමතේට නොගත යුතුය. එසේ ම රුධිර ගත පට්ටිකා අඩු විමක් දක්නට ලැබෙන අතර එය රෝග හදුනා ගැනීමට අවශ්‍ය වේ. නමුත් පට්ටිකා සඳහා ඖෂධ ලබා දීම එතරම් වැදගත් නැහැ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනූව මෙය විෂම ජ්වර ආකාරයට අයත් වන අතර මේ සඳහා ඖෂධ දක්වා ඇත. නමුත් රෝග මර්දනය රෝගය වැළඳීම වළක්වා ගැනීම බොහෝ වැදගත්ය.
මෙම රෝග මර්දනය අනිකුත් රෝග වලට වඩා අපහසු නොවන්නේ මදුරුවන් මර්දනය කිරීම හා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන් රෝගය බෝවීම පාලනය කල හැකි වීමයි. කොරෝනා සංචරණ සීමා කාලයේ නිවසේ සිටින ඔබට ඔබගේ දරුවන් සමග එක්ව මදුරුවන් බෝවිය හැකි වතුර රැදෙන තැන් පිරිසිදු කල හැක. වතුර නොරැඳෙන ආකාරයට නිවසේ වත්ත,කාණු සුද්ද කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය, ඒවා නිසි ලෙස බැහැර කිරීම කල හැක. එවිට ඔබගේ දුවා දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමෙන් වලක්වන්න පුලුවන් වනවා වගේම සාමුහිකව වැඩ කිරීමේදී ඔබ තුල ක්‍රියාශීලීබව ඇත වන අතර කොරොනාව නිසා පැනවී ඇති සංචරණ සීමාව නිසා ඔබට අත් වී ඇති මානසික ආතතියද අවම කර ගත හැක.

සන්ධි රෝග අද  අපි හිතුවා කා අතරත් බහුල  සන්ධි රෝග කිහිපයක් ගැන කථා කරන්න. සරලව කියනවා නම් හන්දි ආශ්‍රිතව ඇතිවන වේදනාව,ඉද...
10/05/2021

සන්ධි රෝග

අද අපි හිතුවා කා අතරත් බහුල සන්ධි රෝග කිහිපයක් ගැන කථා කරන්න. සරලව කියනවා නම් හන්දි ආශ්‍රිතව ඇතිවන වේදනාව,ඉදිමීම, රතුවීම, ක්‍රියා කිරීමේ අපහසුව සන්ධි රෝග වල ලක්ෂණ ලෙස ගන්න පුළුවන්.
නමුත් වේදනාව හා අනිකුත් ලක්ෂණ ඇති කරන සන්ධිය හා එහිදී පෙන්නුම් කරන ලක්ෂණ අනුව සන්ධි රෝග බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව විවිධ ආකාරයෙන් නම් කරනවා.

සාමාන්‍යයෙන් ශරීර බර දරා ගන්න දණහිස් හන්දි වල මුලින් එක් සන්ධියකද එය නොසලකා හැරීම නිසා පසුව එම සන්ධි දෙකටම බලපාන ගෙවී යාම නිසා එම සන්ධි ආශ්‍රිතව ඇතිවන ඉදිමීම, සන්ධි ක්‍රියා කරවීමේදී ඇතිවන වේදනාව, සන්ධි ආශ්‍රිත අස්ථිවල ඇතිවන ඝට්ටනය නිසා ඇතිවන ශබ්දය හා ස්ථබ්දතාව, පසු කාලීනව සන්ධියේ විකෘති ඇතිවීම ආයුර්වේදයට අනුව සන්ධි ගත වාත රෝගය ලෙස හඳුන්වනවා මෙය බටහිර විද්‍යාවට අනුව osteoarthritis තත්ත්වයට සමාන කල හැක. බොහෝවිට මෙය වයසට යාමත් සමග අස්ථි අතර ඇති කාටිලේජ ගෙවීයාම හා අස්ථි වල දිරායාමට එරෙහිව අස්ථි පුනර්නිර්මාණය කරන ස්වභාවික ක්‍රියාවලිය අඩාල වීම නිසා සිදුවන්නක් වුවත් මෙය කුඩා ,තරුණ අය අතරද දක්නට ලැබෙනවා. සන්ධිය වැඩි වශයෙන් වෙහෙසීම, අස්ථි වලට අවශ්‍යය පෝෂණයේ හිඟ බව හා සන්ධිය ‍ආශ්‍රිතව ඇතිවන අනතුරු වලට නිසි ප්‍රතිකාර නොකිරීම නිසා මෙම තත්ත්වය ඇති වෙනවා. එලෙසම බෙල්ල ආශ්‍රිතවද කොන්ද ආශ්‍රිතවද මෙම තත්ත්වය හඳුනාගන්න පුලුවන්.

වඩාත්ම බහුල අනිත් වර්ගය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආමවාත ලෙසත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනූව Rheumatoid arthritis ලෙසත් හඳුන්වනවා. එහිදී සන්ධි ආශ්‍රිතව ඇති තරලෙහි ඇතිවන ප්‍රදාහය නිසා රෝග ලක්ෂණ ඇතිවේ. මෙම තත්ත්වයේදී එකවර හන්දි කිහිපයක් මෙන්ම අත් හෝ පාදයේ දෙපසේම සන්ධි හානි වෙනවා. බොහෝවිට මුලින්ම කුඩා සන්ධි වලින් ලක්ෂණ පෙන්නනවා. සන්ධි වල ඇතිවන අධික වේදනාව සන්ධිය කොහෙත්ම ක්‍රියාකරවීමට නොහැකි තරම්ය. එම නිසා සන්ධි ක්‍රියා නොකලද වේදනාව පවති. සන්ධි ආශ්‍රිතව ඉදිමීම, රතුවීම හා ස්ථබ්දතාව, ගැටිති ඇතිවීමද මේ සමඟ ඇති වේ. මෙහිදී විශේෂයෙන්ම බාහිර ලක්ෂණ ලෙස උණ ගතිය, ආහාර අරුචිය , මලබද්ධය, විඩාබර බව ඇතිවනවා. මෙය අනිකුත් සන්ධි රෝග වල එතරම් දක්නට ලැබෙන්නේ නෑ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්ත්වයට අපේ ආහාර හා විහරණ වල ඇතිවන විෂමතාව තදින්ම බලපාන ලෙස දක්වා තිබෙනවා.

තවත් සන්ධි ආශ්‍රිතව ඇතිවන තරමක් බහුල තත්ත්වයක් ලෙස වාත රක්ත හඳුනාගන්න පුලුවන් එය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව Gouty arthritis ලෙස හඳුන්වනවා. සන්ධි ආශ්‍රිතව යූරික් අම්ල සංඝටකය තැන්පත්වීම හෝ ආයුර්වේදයට අනුව රක්තය වාත දෝෂය සමග දූෂණය වීම නිසා මෙම තත්ත්වය හටගන්නවා. මෙය බොහෝවිට ශරීරයේ පර්යන්තයේ ඇති සන්ධිය වලින් හටගෙන ඉහල සන්ධි වලට බලපානවා. සන්ධියේ අධික වේදනාව, අවපැහැය හෝ අධික රත් පැහැය, දැවිල්ල මෙහි විශේෂත්වයයි. අධික ලෙස මාංස අනුභව කරන අයට මෙය හට ගැනීමේ සම්භාවිතාව වැඩිය. මෙහිදී ඇතැම්විට පලමුව එම ස්ථානයේ චර්ම රෝගයක් ලෙස හටගෙන කල්යත්ම සන්ධි රෝගයක් දක්වා වර්ධනය වීම සිදුවේ.

මීට අමතරව සන්ධි රෝග තවත් දක්නට තිබුනත් මෙම ලිපියෙන් ඉදිරිපත් කලේ වඩාත් බහුල තත්ත්ව පමණයි.
මෙම තත්ත්ව සියල්ල සඳහාම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර පවතින අතර එමගින් රෝගීන්ට සහනය ඇතිවේ.

ඔබත් මෙම තත්ත්ව වලින් පීඩා විඳින්නේ නම් පලමුව ඔබ ලබාගන්නා ආහාර පිලිබදව සැළකිලිමත් විය යූතුය. එලෙසම සන්ධි අධික වෙහෙස කිරීම නොකල යුතුය. ඖෂධ වර්ග ලෙස හීන් අරත්ත, තොටිල පොතු,එරඩු මුල් ,සුදුලූනු යොදා ගන්න පුළුවන්. ඒ සමගම වෛද්‍යවරයෙක් හමුවී නිසි ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්ය වෙනවා.
ආයුර්වේද ප්‍රතිකාර වලදී සිදු කරන විශේෂිත බාහිර ප්‍රතිකාර වන තෛල අභ්‍යංගය, පත්තු ආලේපය,තැවිලි, ජානු වස්ථි මෙම රෝග ශමනයට වැදගත් වෙනවා.

පවතින  කෝවිඩ් වසංගත  තත්ත්වය  හමුවේ සෞඛ්‍ය  ආරක්ෂිත උපදෙස්වලට අනුගතව ඔබ සියලු දෙනා යහපත් සෞඛ්‍ය  තත්ත්වය  සිටින බව  අප ව...
09/05/2021

පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුගතව ඔබ සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වය සිටින බව අප විශ්වාස කරමු.

ඒ සමගම නිවස තුල රැදී සිටින ඔබට ඔබ කාලීන රෝග සදහා මෙතක් නොකඩවා ලබාගත් ප්‍රතිකාර මගහැරීම හෝ වෙනත් සෞඛ්‍ය ගැටලු පැන නැගීමට අවස්ථාව ඇත.

ඔබ පීඩා විඳින අනිකුත් ඔබේ සෞඛ්‍ය ගැටලු හෝ වසංගත තත්ත්වයෙන් වැලකී සිටීමට අවශ්‍ය නිසි උපදෙස් හා වෛද්‍ය මාර්ගෝපදේශ ලබාදීමට අප සූදානම්. ඒ සදහා ඔබගේ ගැටලු අපට ඉදිරිපත් කරන්න.

ඔබට යහපත් සෞඛ්‍යයමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.

Due to the prevailing covid pandemic situation we hope all you are safe and healthy with adhering to the health safety precautions and guidance given by the ministry of health.

And we understand as you stay at home safely you are undergoing some difficulties in your otherlong term health issues which you are cannot get proper attentions for the medical treatments already are in followup. Such as treatments for diabetes, hypertension, cholesterol , arthritis and so many. And there may be new emerging health issues other than covid infection. Which you need the proper guidance from a doctor.

Here we are to help you with our medical staff to respond your any complaints and health issues as a support on this pandemic time. Send your questions and contact us on messenger for our support.

Wish you a healthy life.

16/04/2021

හිතායූ සුඛායූ දීර්ඝායු
නීරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

14/04/2021

Herblicious Herbal Immunity booster drink is packed with powerful traditional ayurvedic ingredients that are bound to re-energize you for the day.

Made with 7 powerful natural ingredients such as Coriander, Katuwelbatu, Dewadara, Pathpadagam, Ginger and Wishnukranthi this herbal drink is proven to boost overall health and immunity.

Enjoy a warm cup of Herblicious Immunity booster anytime of the day. Order yours now.

WhatsApp 0766981465 or visit our website herblicious.shop.

Our services for you.
04/04/2021

Our services for you.

14/02/2021

Therapy # for vericose veins and chronic ulcers. THERAPY #

We do conduct # Leech Therapy # for vericose veins and chronic ulcers and various skin diseases.
Leech Therapy is a blood purification process which facilitate to drain toxins and debris from blood . It also improves the pure blood circulation and enhances the quality of circulation and tissues vitality.

Experience the quality and expert handling of leech therapy at AYURVEDA AND NATURAPATHY MEDICAL CENTRE for your health needs.

Contact us for appoinments
0719603242, 0771770021.

  THERAPY #We do conduct  # Leech Therapy  # for vericose veins and chronic ulcers and various skin diseases. Leech Ther...
13/02/2021

THERAPY #

We do conduct # Leech Therapy # for vericose veins and chronic ulcers and various skin diseases.
Leech Therapy is a blood purification process which facilitate to drain toxins and debris from blood . It also improves the pure blood circulation and enhances the quality of circulation and tissues vitality.

Experience the quality and expert handling of leech therapy at AYURVEDA AND NATURAPATHY MEDICAL CENTRE for you health needs.

Contact us for appoinments
0719603242, 0771770021.

අද අපි බලාපොරොත්තු වන්නේ Irritable bowel syndrome කියන රෝග තත්ත්වය පිලිබදව දැනුවත් කිරීමටයි. ඇතැම් දෙනා මේ පිලිබදව අසා ඇ...
05/02/2021

අද අපි බලාපොරොත්තු වන්නේ Irritable bowel syndrome කියන රෝග තත්ත්වය පිලිබදව දැනුවත් කිරීමටයි. ඇතැම් දෙනා මේ පිලිබදව අසා ඇතත් බෝහෝ දෙනා මේ පිලිබදව නොදැනුවත් වෙන්න පුළුවන්. නමුත් මෙය අපි බහුතරයක් අතර ඉතා සුලභව දක්නට ලැබෙන තත්වයක්. මෙය රෝගයක් ලෙසම දක්වනවාට වඩා ආහාර ජීරණ පද්ධතියේ විවිධ කොටස් වල ඇති වන තත්ත්වයක් හෝ ඇතැම් ආහාර සදහා කිසියම් ඔරොත්තු නොදීමේ තත්වයක් ලෙස සලකන්න පුළුවන්. මෙය බරපතල රෝගයක් නොවුවත් මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ නිසා පුද්ගලයන්ට එදිනෙදා වැඩ කිරීමට අපහසුතාවයක් සහ මානසික පීඩනයක් ඇතිවීම බොහෝ දුරට ගැටලුවක් ව තිබෙනවා. මෙම රෝග තත්ත්වයේ දී පෙන්නුම් කරන ශාරීරික ලක්ෂණ ආහාර ජීරණ පද්ධතියේ වෙනස් වීම පෙන්නුම් කරන ස්ථානය මත රදා පවතිනවා. ඉහළ ආමාශය ආශ්‍රිතව පවතීනම් බඩ පිපීම, උගුරට ඒම , බඩ දැවිල්ල, සුලු වශයෙන් ආහාර ගත්තත් බඩ පිරීම හෝ තෘප්තිමත් බව, තොල කට වේලීම යනාදී ලක්ෂණ පෙන්නුම් කරනවා. පහළ මහාන්තරය ආශ්‍රිතව නම් මල බද්ධය හෝ එකවරම මල හිස් කිරීමට අපහසු වීම හා සම්පූර්ණයෙන් මල පිට කිරීමට කිහිප සැරයක් ඒ සදහා යාමට සිදුවීම , කෑ විගසම මල පහ කිරීමට අවශය වීම යනාදිය විශේෂයෙන් දකින්නට පුළුවන්. ඒකට හේතුව මහාන්තරයේ සිදුවන කෙන්ඩ පෙරලීම වැනි තත්ත්වයයි. මෙම රෝග තත්වයේදී ආහාර ජීර්ණ පද්ධතියේ ලක්ෂණ වලට අමතරව බාහිර ලක්ෂණත් පෙන්නුම් කරනවා. හන්දි කැක්කුම්, හිසරදය ,ඇග පත රිදීම, උණ ගතිය මෙයට අයත් වෙනවා. මේ නිසා බොහෝ දෙනා හන්දි රෝග සදහා බෙහෙත් ගන්න පෙලබෙනවා. ඒත් ඔවුන්ට ඉන් පහසුවක් ලැබෙන්නේ නැහැ. ඒවගේම මෙය බරපතල රෝගීන් තත්ත්වයක් නොවුනත් මේ සියලු ලක්ෂණ බඩවැල ආශ්‍රිතව ඇති වන පිලිකා තත්ත්වයේදී දක්නට ලැබෙනවා. නමුත් එහිදී අසාමානය ලෙස බර අඩු වීම පෙන්නනවා. මීට අමතරව මහාන්තරයේ ඇති වන ආසාත්මිකතා වලදීත් මේ ලක්ෂණ පෙන්නනවා. ඒ නිසා ඒවා නොවන බවට තහවුරු කර ගැනීමට වෛද්‍ය වරැන් විසින් endoscopy,colonscopy, sigmoidoscopy, CEA යනාදී පරීක්ෂණ සිදු කරනවා. පරීක්ෂණ වලින් මෙය පිලිිකාවක් නොවන බව තහවුරු වුනා නම් කිසිවිටකත් මෙම ඔරොත්තු නොදීමේ තත්ත්වය පිලිකාවක් බවට පත් වෙන්නේ නැහැ.
මේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන තත්ත්වයට බොහෝ විට අපි ගන්නා ආහාර වර්ග , මානසික ආතතිය, ව්යායාම මදි කම බලපානවා. බහුලව ආහාරයට ගන්න තෙල් සහිත ආහාර, කිරි ආහාර , යීස්ට් අඩංගු ආහාර, ධානය වර්ග මෙම තත්ත්වය වැඩි කරනවා.
ඒවගේම ආයුර්වේද වෛද්‍ය ක්රමයට අනුව මෙම තත්ත්වය තවදුරටත් හොඳින් පැහැදිලි කරන්න පුළුවන්. එහි සඳහන් වෙන්නේ ආහාර ජීර්ණයට අවශ්‍ය අග්නියේ ඇතිවන විෂම හෝ මන්ද ස්වභාවය නිසා ආහාර දිරවීම හොඳින් සිදුනොවී ආමය හෙවත් නොපැසුණු ආහාර ලෙස ශරීරයේ තැම්පත් වීම නිසා ඉහත සදහන් ලක්ෂණ ඇතිවෙනවා. ඒවගේම ආමය හන්දි ආශ්‍රිතව තැම්පත් වීමෙන් කලින් සදහන් කල බාහිර ලක්ෂණ ඇති වෙනවා.
ආයුර්වේදානුකූලව මෙයට ප්රතිකාර කිරීමේදී නොපැසුණු ආමය ජීර්ණය කරවා බැහැර කිරීමත් , ඉන්පසු ආහාර ජීර්ණය හොඳින් සිදුවන ආකාරයට අග්නිය සකස් කිරීම සිදු කරනවා.
ඖෂධ වලට අමතරව අඩුවෙන් තෙල් අඩංගු ආහාර ගැනීීම හා කිරි ආහාර ගැනීීම,ව්යායාම කිරීම(දිනකට පැය 1/2 පමණ ඇවිදීම), මානසික ආතතිය අවම කර ගැනීීම මගින් පාලනය කරන්න පුළුවන්. ඉදුණු බෙලි මේ සදහා ගන්න පුළුවන් හොඳ පලතුරක් වෙනවා.

ඒවාගේම ඉහත සදහන් කල ආකාරයට ආයුර්වේද ප්රතිකාර මගින් මෙම තත්ත්වය සුව කරන්න පුළුවන්.

දියවැඩියාව ඔබගේ ජීවිතයට ගැටලුවක්ද?දියවැඩියාව පාලනයෙන් සුවැති දිවියක් ගත කරන්න ඔබත් මේ ලිපිය කියවන්න. රැධිරයේ සීනි මට්ටම ...
26/01/2021

දියවැඩියාව ඔබගේ ජීවිතයට ගැටලුවක්ද?

දියවැඩියාව පාලනයෙන් සුවැති දිවියක් ගත කරන්න ඔබත් මේ ලිපිය කියවන්න.

රැධිරයේ සීනි මට්ටම වැඩිවීම දියවැඩියා රෝගී තත්ත්වය බව බෝහෝදෙනා දන්නා කරැණකි. එවගේම දියවැඩියා තත්ත්වය ප්රාථමික හෝ පූර්ව දියවැඩියා තත්ත්වය හා පූර්ණ දියවැඩියාව ලෙස වෙන් කර හදුනාගන්න පුළුවන්.
වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ වාර්තා අනුව නිරාහාර රැධිර සීනි මට්ටම ( FBS) 100 mg/dl -125mg/dl අතර විට පූර්ව දියවැඩියාව ලෙසත් එහි අගය 125mg/dl වඩා වැඩි වූ විට දියවැඩියාව ලෙසිත් සැලකෙනවා. මෙය ඉතා සුලභව සිදු කරන පරීක්ෂණයයි. මීට අමතරව බහුලව සිදුකරන ආහාර ගෙන පැය 2කට පසු පරීක්ෂා කරන රැධිරයේ සීනි ප්රමාණය (PPBS) අගය 140mg/dl 199mg/dl අතර වු විට පූර්ව දියවැඩියාව ලෙසත් එහි අගය 200 mg/dl හෝ ඊට වැඩි විට දියවැඩියා තත්ත්වය ලෙස සලකනවා.
පූර්ණ දියවැඩියා රෝගීයෙක්ට දියවැඩියාව පාලනයට ඖෂධ අවශය වුවත් පූර්ව අවධියේ දියවැඩියා තත්ත්වයේදී ඖෂධ අවශය වන්නේ නැත.
මේ අවස්ථාවේදී අවශය වන්නේ රෝගය පිලිබඳ නිසි අවබෝධය හා මනා පාලනය මගින් රෝගය උත්සන්න වීම වලක්වා ගැනීමයි.
එලෙසමයි දියවැඩියා රෝගීන්ද දියවැඩියා රෝගය පාලනය පිලිබද අවධානය යොමු කරමින් ඖෂධ සමග නිසි ආහාර පාලනය හා යහපත් ජීවින රටාවක් පවත්වා ගන්නවා නම් දියවැඩියා රෝගය නිසා ඇති වන සංකූලතා මගහරවාගත හැක. එවගේම වෛද්‍ය උපදෙස් වලට අනුකූලව ඖෂධ මාත්‍රාව අඩු කර ගන්න පුළුවන්.
පැණිරසයෙන් යුක්ත ආහාර හා සීනි බහුලව ගැනීම පමණක් දියවැඩියාවට හේතුවේ යැයි ඔඛ සිතිය හැක.
නමුත් එය එසේම නොවේ. දියවැඩියාව ප්රධාන හේතු සාධකය ලෙස සැලකෙන්නේ ජානමය හේතුවයි. දියවැඩියාව ඇති කිරීමට බලපාන ජානමය කාණ්ඩය ශරීරයේ ඇති විට වැරදි ආහාරමය පුරුදු නිසාත් , කය වෙහෙසීම අඩු පහසු දින චර්යාව , මානසික ආතතිය යනාදී සාධක නිසා ජානය ප්රබල වී දියවැඩියා රෝගය හට ගන්නවා. එම නිසා ඔබගේ පවුලේ කිසිවකුට දියවැඩියාව ඇති විට ඒ සදහා ඔබට ඇති අවධානම වැඩිය.
පැණිරසයෙන් යුක්ත ආහාර මෙන්ම ඕනෑම පිෂ්ඨමය ආහාර ජීරණයේදී ග්ලූකෝස් බවට පරිවර්තනය වී රැධිරයට මුදා හරින නිසා ඒවා අධික ලෙස පරිභෝජනයෙන් දියවැඩියාව ඇතිවනවා.
අධික ලෙස මේදය හා තෙල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ අනවශ්‍ය ලෙස මේදය තැම්පත් වී තරබාරු වීම දියවැඩියාව ඇති වීමට හේතු වෙනවා.
ඒවගේම අපි ලබාගන්නා පෝෂණයෙන් හීන නමුත් අධික කැලරී ප්රමාණය යුතු ක්ෂණික ආහාර හා පානය වර්ග නිතර ගැනීමෙන් දියවැඩියාවට හේතු වෙනවා.
ව්යායාම අඩු වීම, නින්ද අඩුකම, මානසික ආතතිය යනාදී සාධක දියවැඩියාව ඇති වීමට බලපානවා.
ආයුර්වේද විද්යාව අනුවත් මධුරා ආහාර ගැනීම , අවයායාම , දිවා නින්ද , මානසික ආතතිය, ජානමය සාධකය යනාදී නිදාන කාරණා දියවැඩියාව ඇති කිරීමට හේතු වන ඛව දක්වා ඇත.
ඔබත් දිියවැඩියාව රෝගීයෙක් නම් හෝ පූර්ව දියවැඩියා තත්වයක් ඇති කෙනෙකු නම් හෝ අවධානමක් ඇති කෙනෙකු නම් පහත කරැණු වලට අවධානය යොමු කරමින් ඒවා පිළිපදින්න.

1. තමාගේ කෑම වේල සැලසුම් කර ගන්න.

සෑම විටම නිවසේදීම පිළියෙල කර ගත් ආහාර අනුභව කරන්න . කෙටි , සැහැල්ලු, පෝෂ්යදායී ආහාර ලබාගන්න. ආහාරය සදහා වැඩිපුර පලතුරැ , එලවලු එක් කර ගන්න. එලවලු තේරීමේදී පිෂ්ඨය බහුල නොවන එලවලු තෝරා ගන්න.

2. මේදය සුලු වශයෙන් ආහාරයට ගන්න. එහීදී අසංතෘප්ත මේද යොදා ගන්න.

3. කැල්සියම් බහුල මේදය අඩු හෝ රහිත කිරි , යෝගට්, චීස් ආහාරයට නිතර ගන්න.

4. තෙල් සහිත මාලු වර්ග ආහාරයට ගන්න.
5. අවම වශයෙන් සතියකට දින 4 හෝ 5ක් පැය 1/2 පමණ වයායාම කරන්න. ඇවිදීම හොඳ ව්යායාමයක්. මේ සදහා පහසු ආරක්ෂිත සපත්තු භාවිත කරන්න.
6. රෑපවාහිනියේ ගත කරන කාලය අවම කර ගේදොර වැඩ ගෙවත්තේ වැඩ ක්‍රියාකාරීව සිදුකරන්න.
7. ඔබගේ ශරීරයේ බර 5% කින් අඩු කිරීමට උත්සාහ කරන්න.
8. ධනාත්මකව සිතිමට මනස හුරැ කරන්න.
9. සුවදායක නින්දක් ලබාගන්න.
10.නියම කල ඖෂධ නිසි ලෙස ලබාගන්න.

මේ කරැණු පිලිබද අවධානය යොමු කර පිලිපැදීමට ඔබ දැරිය යුත්තේ සුලු වෑයමකි. නමුත් ඉන් ලැබෙන ප්රථිඵලය ඉමහත්ය. ඔබට දියවැඩියාවෙන් තොර සුවැති දිවියකට ප්රාර්ථනා කරමි.
දියවැඩියා රෝග පාලනය හා එහි සංකූලතා පිලිබඳව ඉදිරීයේදී තවත් ලිපියකින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ආයුර්වේද ඖෂධ හා ආයුර්වේද වෛද්‍ය උපදෙස් මගින් දියවැඩියාව මනාව පාලනය කිරීමටත් රෝගයේ සංකූලතා වලක්වා ගැනීමත් හොඳින් කල හැක.

වෛද්‍ය උපදෙස් සහ ප්රථිකාර සදහා කතා කරන්න 0701423845, 0115992060

Address

Kotte

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00

Telephone

+94701423845

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurvedic & Naturopathic Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram