Krishnamurti Centre Sri Lanka

Krishnamurti Centre Sri Lanka We run a Retreat Centre for people to deepen their understanding of J. Krishnamurti 's teachings & the implications of these teachings in their own lives. J.

Krishnamurti Study Centres

It is essential sometimes to go to retreat, to stop everything that you have been doing, to stop your beliefs and experiences completely, and look at them anew, not keep on repeating like machines whether you believe or do not believe. You would then let in fresh air into your minds. Krishnamurti

The Krishnamurti Centres are intended for the study of the teachings of J. Krishnamurti. They are for people who would like to be in an environment of quietness and great natural beauty, where they can give full attention to these teachings and their implications in their own lives. It is hoped and intended that people will use the Centres, the teachings of Krishnamurti and the atmosphere of quiet enquiry to deepen their understanding. There is an extensive range of Krishnamurti books and DVDs available

එකම විප්ලවය (The Only Revolution)පරිවර් තනය: ආරියරත්න විජයසිංහ ප්‍රකාශනය: සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම ම...
11/10/2024

එකම විප්ලවය (The Only Revolution)
පරිවර් තනය: ආරියරත්න විජයසිංහ
ප්‍රකාශනය: සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම
මිල රු. 600/

11/10/2024

මරණය හා තනිකම
පරිවර් තනය: ආරියරත්න විජයසිංහ
ප්‍රකාශනය: සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම
මිල රු. 750/

30/09/2024

දඹදිව ඡත්ත මානවකයා ජිනරාජදාස නමින් ලක්දිව ඉපදෙයි !

වර්තමානයේ ලංකාවේ සෑම පාසලක ම පාහේ ඉගැනුම් කාළය අවසන් වීමෙන් අනතුරුව විසිර යාමට ප්‍රථමයෙන් සජ්ඣායනා කරනු ලබන " යො වාදතං පවරෝ " ගාථාව අසා නොමැති පුද්ගයෙකු මෙරට නොමැති තරම් වුවත් බොහෝ වි⁣ට සාව්‍ය උච්චාරණ සහිතව අර්ථය නොදැන සජ්ඣායනා කිරීම දක්නට ලැබෙයි.

මෙම ගාථා වනාහි සුත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ විමානවත්ථු පාළියේ මහාරථවග්ගයේ ඡත්ත මානවක විමානයෙහි සඳහන් ගාථාවකි. ඒ පිළිබඳ විස්තර වන පරමත්ථදීපනී නම් විමානවත්ථු අට්ඨ කථාවට අනුව සේතව්‍ය නගරයෙහි තරුණ බමුණකු වූ ඡත්ත උක්කට්ඨ නුවර පොක්ඛරසාතී නම් සිය ගුරුවරයාට ගුරු පඬුරු පිදීමට යන අතරතුර සොරුන්ගේ ග්‍රහණයට හසුව මිය යන බව මහා කරුණා සම්මාපත්ති නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඔහු වෙත එළැඹ සරණාගමනයේ හා සීලසමාදානයේ පිළිවෙළ හා ආනිසංස පැහැදිලි කොට ගාථා තුනකින් එම මාර්ගය දෙසූ සේක.

මෙසේ තිසරණයේ හා සීලයේ පිහිට වූ ඡත්ත මානවකයා අතර මඟ දී සොරෙකු විදින ලද විෂ පෙවූ හීයකින් මරණයට පත් විය. මරණින් මතු ඡත්ත මානවකයා උපන්නේ තව්තිසා භවනෙහි තිස් යොදුන් රන් විමනකය. ඡත්ත දිව්‍ය රාජයා තමා මෙසේ ඉපදීමට කරුණු විමසා බලන කළ බුදුන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයක් ඉපිද උන්වහන්සේ බැහැ දැකීමට පැමි⁣ණියේ ය. එහි දී බුදුන් වහන්සේ වදාළ ධර්මය අසා මේ ඡත්ත දිව්‍යරාජයා සෝවාන් ඵලයට පත් විය.

ඉන් වසර දෙදහස් පන්සියයකට ආසන්න කාළයේ දී නැවතත් මේ ඡත්ත මානවයා පිළිබඳ කතා ප්‍රවෘත්තියක් මතු වන්නේ දඹදිවින් හෝ තව්තිසාවෙන් නොව ශ්‍රී ලංකාවෙනි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ඕල්කොට්තුමා ආදීන්ගේ මඟ පෙන්වීමෙන් වර්ෂ 1886 නොවැම්බර් මස 1 වැනි දා කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ වන විට එහි ප්‍රථම විදුහල්පති ධුරය දරන ලද්දේ Free Christian Association නම් වූ ක්‍රිස්තියානි නිකායේ පූජකවරයකු වූ සී.ඩබ්. ලේඩ්බීටර් පියතුමාය. එම ක්‍රිස්තියානි නිකායේ පිළිවෙත් තුළ පන්සිල් ගැනීම, අටසිල් සමාදන්වීම පමණක් නොව සමථ භාවනා ක්‍රම ද වූ අතර පරමවිඥානාර්ථ සමාගම හා එක්ව කටයුතු කළ ලේඩ්බීටර් තුමා චිත්ත ශක්තිය අතින් දියුණු මට්ටමක පසු විය. ඔහු ආනන්දයේ විදුහල්පති ලෙස රාජකාරි ආරම්භ අවස්ථාවේ දී ප්‍රථම ශිෂ්‍යා ලෙස බඳවා ගන්නා ලද්දේ ජිනරාජ දාස නම් කුඩා දරුවෙකි.

වර්ෂ 1875 දෙසැම්බර් 16 වැනිදා දී පානදුරේ දී උපන් කුරුප්පුමුල්ලගේ ජිනරාජදාස හෙවත් සී.ජිනරාජදාස ආනන්ද විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍යා ලෙස විදුහලට ඇතුළත් වීමට පැමි⁣ණි මොහොතේ එම දරුවාගේ ප්‍රියශීලි ගතිගුණ නිසා ලේඩ්බීටර්තුමා සිය චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරමින් ඔහු පිළිබඳව විමසා බැලීය. එහිදී ඔහුගේ ඥාන ශක්තියට තමා ඉදිරියේ සිටින මේ කුඩා දරුවා පූර්ව ජන්මයේ දී ඇමරිකාවේ උපත ලබා සිටි තමාගේ ම සහෝදරයා බව ද ඊටත් පෙර ආත්ම භාවයේ දී දඹදිව ඡත්ත මානවකයා බව ද පෙනී ගියේ ය. ලේඩ්බීටර්තුමා ලංකාවට පැමිණීමට හේතුවක් වුයේ ද අකාලයෙහි මිය ගිය තමන්ගේ සහෝදයා ලංකාවේ උපත ලබා සිටින බව අධ්‍යාත්මිකව ඔහුට දැනගැනීමට ලැබුන නිසා බව ද පැවසේ.

ඒ අනුව ලෙඩ්බීටර්තුමා ජිනරාජදාසගෙන් බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ගාථා ත්‍රිත්වය විමසූ කළ ඔහු එය මතකයෙන් පවසා ඇත. එදා සිට පාසල් අවසන ඡත්තමානවක ගාථා සජ්ඣායනා කිරීමේ සිරිත ද ලංකාවේ ආරම්භ විය.

ජිනරාජදාස යනු ඡත්ත මානවකයා බව හෙළි කරගත් පසු එය සෙසු අයගේ අවිශ්වාසයට හා පරිභවයට ලක් විය හැකි බැවින් රහසක් ව පැවතුනි. ලේඩ්බීටර්තුමාගේ උපදෙස් අනුව සිය උසස් අධ්‍යාපනය කේම්බ්‍රිජ් හි ශාන්ත ජෝන් විදුහලෙන් ලබා ගත් ජිනරාජදාස ප්‍රාචීන භාශා පිලිබඳ උපාධියක් ලබා පසුව සිය රටට පැමිණ කෙටි කාලයක් ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පති ලෙස ද සේවය කළේය.

මෙම ඡත්ත මානවක - ජිනරාජ පුනරුත්පත්ති සම්බන්ධ යළිත් මතුව එන්නේ අතිගෞරවාර්හ අභිධජරට්ඨගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ පර්යේෂණ කටයුත්තක් හේතුවෙනි. මේ කතා ප්‍රවෘත්තිය අසා තිබූ උන්වහන්සේට මෙහි සත්‍යඅසත්‍යතාවය ගවේෂණය කිරීමට සිතුනු අතර ඒ සඳහා නාඩි වාක්‍ය ක්‍රමය තෝරා ගත් උන්වහන්සේ එම කටයුත්ත පිළිබඳව මෙසේ සඳහන් කොට ඇත.

" මේ සමය වන විට මදුරාසියේ අද්යාරයේ තියෝසොපිකල් සංගමයේ කේන්ද්‍රස්ථානය පිහිටුවා එය වේගයෙන් දියුණු වී ගෙන ආයේය. එහි පොත් ගුලට විශාල දෙමළ, තෙළිගු ආදි භාෂා වලින් ලියැවුණු දහස් ගණනක් පොත් ලැබුණි. ඒ අතර නාඩි වාක්‍ය පොත් රාශියක් විය. දෙමළ පඬිවරුන් මගින් ඒවායේ ඇතුළත් දෑ පිරික්සැවීමේ දී ඕල්කට්තුමා, ජිනරාජදාස මහතා ආදීන්ගේ අතීත ජන්ම ප්‍රවෘත්ති දැගන්නට ලැබිණි. ඒවායේ ද ජිනරාජදාස මහතා ඡත්තමානවකයා ම යැයි සඳහන් ව තුබුණේය. මෙය පරිකල්පිත මති මාත්‍රයෙක් නොවේ. බොහෝ මෑතක නිල්වක්කේ සෝමානන්ද තෙරහුත්, මමත් ගොස් මදුරාසියේ නාඩිවාක්‍ය වාචක දෙමළ මහතා ඉදිරියේ බුදුරදුන් දවස ඡත්ත මානවකයා අද කොහේ ඇද්දැයි සිතා ඒ තෙරුන්ගේ කේන්දරය ඉදිරිපත් කළෙමු. පුස්කොළ පොතක් ගෙනවුත් එහි පිටක් පෙරළා ' අප සිතුවේ ඡත්ත නම් කෙනෙකු ගැන යැයි ද ඔහු දැන් ජිනරාජදාස නමින් සිටිතැයි ' ද හේ කීයේ ය."

මෙම නාඩි වාක්‍ය විමසන කාළයේ ජිනරාජදාස මදුරාසියේ අඩ්යාර්හි පරම විඥානාර්ථ මූලස්ථානයේ විසූ බැවින් බලන්ගොඩ නාහිමියන් නිල්වක්කේ නාහිමියන් සමඟ ගොස් " බුදුන් දවස ඡත්ත මානවක ඔබ යැයි කියන කතාව ඇත්තක්දැ යි " විමසූ විට ඔහු මදක් සිනා සී " වෙන්ට පුළුවන්" කියා හිස සෙලවූ බව ද බලන්ගොඩ නාහිමියෝ පසුව ප්‍රකාශ කළ සේක.

ජිනරාජ දාස බලන්ගොඩ නාහිමියන්ගේ හිතවකු වූ අතර පසු ක⁣ළෙක නාහිමියන් වෙත පැමිණෙන ඔහු ඉංග්‍රීසි පොත් රාශියක් උන්වහන්සේට භාර දී " මම තව වැඩි කලක් ජීවත් වන්නේ නෑ. මරණින් පසු බ්‍රසීලයේ උපදිනවා. උපත ලබන ස්ථානය අසල දැනටමත් මා බෝ පැලයක් රෝපණය කර තිබෙනවා. එතැන පරිසරය භාවනානුයෝගී ජීවිතයකට ඉතාම සුදුසු ශාන්ත තැනක් " යැයි පවසා තිබේ.

1916 දී ජිනරාජදාස ඉංග්‍රීසි ජාතික ඩොරති එම් ග්‍රැහැම් නම් කාන්තාව සමඟ විවාහ දිවියට එලැඹුනි. 1921 සිට 1928 දක්වා කාළයේ දී පරම විඥානාර්ථ සමාගමේ උප සභාපති වශයෙන් කටයුතු කළ ජිනරාජදාස මහතා පරමවිඥානාර්ථවාද, දේවධර්මය, දර්ශනය, සාහිත්‍යය සහ කලාව පිලිබඳ පොත් 50 ආසන්න සංඛ්‍යාවක් හා ලිපි 1600 ආසන්න සංඛ්‍යාවක් ලිවීමට සමත් විය. 1945 දී පරම විඥානාර්ථ සමාගමේ සභාපති තනතුරට පත් ජිනරාජදාස මැතිතුමා 1953 ජූනි 18 දින එතුමාගේ අභාවය සිදුවන තෙක්ම එම තනතුරෙහි කරයුතු කරන ලදි. භාරතයේ විසූ විශිෂ්ට ගණයේ අධ්‍යාත්මිකවේදියකු වන ක්‍රිෂ්ණ මූර්තිතුමාගේ පෞද්ගලික ගුරුවරයා වූ⁣යේ ද ජිනරාජ බව ඊ.ඩබ්. අදිකාරම් ලියූ ලිපියක සඳහන් වේ.

බම්බලපිටිය වජිරාරාමාධිකාරී හා කොළඹ 7 සම්බෝධි මහා විහාරාධිපති ව වැඩ විසූ පියදස්සී නාහිමියන් බ්‍රසීලයේ සංචාරයක යෙදුනු අවස්ථාව දී ජිනරාජදාසයන් මරණයට පෙර ප්‍රකාශ කරන ලද ස්ථානයට ගොස් ඇති අතර උන්වහන්සේ එම ප්‍රදේශයේ විශාල මන්දිරයක් හිමි එකම එක බෞද්ධ උපාසකයකු එහි භාවනානුයෝගී ජීවිතයක් ගත කරනු දුටු බව පවසා ඇත.

|| රුවන් වින්ඩ්සර් ||

ජායාරූප - ගාල්ල මහින්ද විද්‍යාලයට සී. ජිනරාජදාස මහතා සහ එම මහත්මිය පැමිණි අවස්ථාවක ගන්න ලද මෙම ජායාරූපය 1919 විද්‍යාලයීය සඟරාවේ ඇතුළත් කොට ඇත.

• ආශ්‍රිත මුලාශ්‍ර

1. විමානවත්ථු පාළි පේතවත්ථු පාළි - බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා

2. පරමත්ථදීපනී නම් වූ විමානවත්ථු අට්ඨකථා (සිංහල පරිවර්තනය)

3. ආනන්ද මෛත්‍රය මහනාහිමියන්ගේ දින සටහන් සහ නොපළ ලිපි - සමුද්‍ර වෙත්තසිංහ

4.ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි - සමුද්‍ර වෙත්තසිංහ

5. බලන්ගොඩ මහා නාහිමි සබැඳි කතා - මතුගම මහින්ද විජේතිලක

අවධානය නම් කුමක්ද? ඔබ අවධානයෙන් යුක්ත විට, එනම් ඔබේ සිත, ඔබේ හදවත, ඔබේ ස්නායු, ඔබේ ඇස්, ඔබේ කන්, (යම් දෙයක් කෙරෙහි) යොමු...
26/04/2024

අවධානය නම් කුමක්ද? ඔබ අවධානයෙන් යුක්ත විට, එනම් ඔබේ සිත, ඔබේ හදවත, ඔබේ ස්නායු, ඔබේ ඇස්, ඔබේ කන්, (යම් දෙයක් කෙරෙහි) යොමු වූ විට, අඛණ්ඩ අවධානය පවතී. එය උපදී. එසේ නොවේද? එයයි සම්පූර්ණ අවධානය. බාධා කිරීමක් නැති විට, වළක්වන්නා නැති විට, ඇගයීමේ තැතක් නැති විට, අවධානය ඇත.

ජේ. ක්‍රිෂ්ණමූර්ති, 'ලෝකය නම් ඔබයි', 53 වැනි පිටුව

'Tommy' the visiting Sri Lankan long-tongued rice hound (dog breed identified by Mr Ajith Fernando).
02/10/2023

'Tommy' the visiting Sri Lankan long-tongued rice hound (dog breed identified by Mr Ajith Fernando).

10/07/2023

Address

The Study Centre 208, Beddagana North, Duwa Road
Kotte

Telephone

+94 (0)11 2861683

Website

Alerts

Be the first to know and let us send you an email when Krishnamurti Centre Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Krishnamurti Centre Sri Lanka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram