Nursing Journey

Nursing Journey නොමිලේ පුහුණුව ලබා දෙන සහ 100% රැකියා අවස්ථා සහතික කරන මෙරට පැරැණිතම හෙද විදුහල (SMIDF) කුරුණෑගල

🎀 කාන්තාවන්ට ඔසප් නැවතීම දැනෙන්නේ කෙසේ ද?    ඕනෑ ම කාන්තාවක සිය තරුණ විය ඉක්මවා යද්දී මුහුණ දීමට සිදුවන පොදු ශාරීරික තත්...
27/07/2024

🎀 කාන්තාවන්ට ඔසප් නැවතීම දැනෙන්නේ කෙසේ ද?

ඕනෑ ම කාන්තාවක සිය තරුණ විය ඉක්මවා යද්දී මුහුණ දීමට සිදුවන පොදු ශාරීරික තත්ත්වයක් වුවද, එකිනෙකාට දැනෙන සංකුලතා විවිධය.

💥 "අවුරුදු 50 ලබන කාලයේ දී මට නිතර තද ඔලුවේ කැක්කුමක් එන්න ගත්තා. ඒ වගේම මගේ හිත එක දෙයකට යොමු කරළා තියාගන්න බැරි වුණා. හැමවෙලාවෙම මුත්‍රා පිට කිරීමට අවශ්‍ය ගතියකුත් තිබුණා,"

💥 "53 දී විතර මගේ ඔසප්වීම නතර වුණා. නමුත් මට කිසිම වෙනසක් දැනුනේ නැහැ. වෙනදා වගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටියා. නමුත් මම දන්න බොහෝ දෙනෙකුට නොයෙකුත් අපහසුතාවලට මුහුණ දෙන්න වුණා"

🎀 කාන්තාවකගේ ඔසප් වීම නතර වීම

(ආර්තවහරණය) සහ තවදුරටත් ස්වභාවික ලෙස දරුවන් වැදීම කළ නොහැකි වීම 'ආර්තවහරණය' (Menopause) යනුවෙන් හැඳින්වේ.

එය වයස්ගත වීමත් සමග කාන්තාවකගේ ශරීරයේ සිදුවන ස්වභාවික වෙනස්කම්වලින් එකකි. කාන්තාවකගේ ඔසප් වීම නතර වීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 45ත් 55ත් අතර සිදු වේ.

ශ්‍රී ලංකාව තුළ ආර්තවහරණය සිදුවන වයස දළ වශයෙන් 51ක් බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පැවසීය.

ඇතැම් කාන්තාවන්ට ආර්තවහරණය එකවර සිදු විය හැකි නමුත්, බොහෝ විට සිදුවන්නේ ඔසප් වීම ක්‍රමයෙන් අවම වී අවසානයේ දී නතර වීමය.

බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන් දස දෙනෙකුගෙන් ආර්තවහරණය ගැන විමසූ විට ඉන් හත්දෙනෙකු ශාරීරික සහ මානසික වේදනාවන්ට මුහුණ දුන් බව පැවසූ අතර, තිදෙනෙක් කිසිදු ගැටලුවකට මුහුණ නොදුන් බව පැවසූහ.

👉 වෙනත් හේතු

වයස්ගතවීමට අමතරව ආර්තවහරණයට වෙනත් හේතු ඇති අතර, එබැවින් ඇතැම් කාන්තාවන් අදාළ වයස් සීමාවට පෙර ආර්තවහරණයට මුහුණ දෙන බව වෛද්‍යවරු පවසයි.

එයට පහත සඳහන් හේතු බලපෑ හැකිය:

🔥 ගර්භාෂ විච්ඡේදනය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සැත්කමකට මුහුණ දීම
🔥 ජානමය තත්ත්ව
🔥 ඩිම්බ කෝෂ අකර්මණ්‍ය වීම හෝ හානි වීම
🔥 ප්‍රතිශක්තිය අඩු වීම
🔥 පාරිසරික බලපෑම්

💥 මේ වෙනස සිදුවන්නේ ඇයි?
මෙයට ප්‍රධාන ලෙස බලපාන්නේ කාන්තා ශරීරය තුළ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන ප්‍රධාන හෝමෝනය වන 'ඊස්ට්‍රජන්' නිෂ්පාදනයේ අඩු වීමය.

වයස්ගතවීමත් සමග ප්‍රජනන පද්ධතිය තුළ ඩිම්බ නිපදවීම නතර වන බැවින් ඔසප් වීම සහ දරු පළ හටගැනීම නතර වේ.

ඒ සමගම ප්‍රජනන ක්‍රියාවලිය පාලනය කරන ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම ද ක්‍රමයෙන් අඩු වෙයි.

නමුත් මෙය එක රැයකින් සිදුවන දෙයක් නොවේ.

මෙම වැදගත් හෝමෝනය ශරීරය තුළ නිපදවීම අඩු වීමට වසර ගණනාවක් ගත විය හැකි අතර, අවසානයේ දී එය සම්පූර්ණයෙන් නතර වේ.

💥 ඊස්ට්‍රජන් වැදගත් ඇයි?

"ඊස්ට්‍රජන් කියන්නේ කාන්තාවන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණවලට බලපාන හෝමෝනයයි. දැරියක් කාන්තාවක් ලෙස විකසිත වෙන්නේ මෙම හෝමෝනයේ ක්‍රියාකාරීත්වයෙන්. ඊස්ට්‍රජන් හෝමෝනය ප්‍රධාන වශයෙන් ශ්‍රාවය වන්නේ ඩිම්බ කෝෂවලින්."

දැරියක් වැඩි වියට පත් වීමෙන් පසු ඩිම්බ කෝෂ වර්ධනය වී ඊස්ට්‍රජන් ශරීරයට ඇතුළු වී ආර්තව චක්‍රයේ ආරම්භය සිදුවන බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැහැදිලි කළේය.

"ඉන් පසු මේ ඊස්ට්‍රජන්වල කාර්යය තමයි ආර්තව චක්‍රය මනාව පවත්වාගෙන යාම සහ පිළිසිඳ ගැනීමක් සඳහා සිරුර සකස් කිරීම. ඊට පසු දරුවෙක් ලබා මව් කිරි ලබා දීමේ ක්‍රියාවලියට ද ඊස්ට්‍රජන් ඉතා වැදගත් වෙනවා."

💥 ආර්තවහරණයේ ලක්ෂණ කිහිපයක්

* ඔසප් වීම අක්‍රමවත් වීම
* අධික ලෙස දහදිය දැමීම.
* ශරීර උෂ්ණත්වය දැඩි ලෙස දැනීම
* ශරීරයේ යම් කොටස්වල දැවිල්ලක් ඇති වීම
* ශරීරයේ බර වැඩිවීම
* ලිංගික සංසර්ගයේ දී වේදනාවක් ඇතිවීම
* යෝනි මාර්ගයේ වියලි බවක් ඇතිවීම
* නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම
* සම තුනී වීම
* අලස ගතිය
* ඉක්මනින් කේන්ති යෑම ඇතුළු මානසික ව්‍යාකූලතා
* අත් පා හිරිවැටීම
* සන්ධි සහ අස්ථි වේදනාකාරී වීම
* අස්ථි දුර්වල වීම (osteoporosis)
* හෝමෝනවල බලපෑම් නිසා වැඩිපුර හිසකෙස් හැලී යාම

💥 පවුල් ජීවිතය
ඕනෑම කාන්තාවක් සිය දිවිගමනේ වැඩිහිටි වියට පත් වීමේ දී ආර්තවහරණයට මුහුණ දේ. මෙය තවත් එක් ස්වාභාවික සිද්ධියක් වුවත්, සමහර අවස්ථාවල දී ආර්තවහරණයේ අතුරු ප්‍රතිඵල හේතුවෙන් සිදුවන මානසික ව්‍යාකූලතා නිසා පවුල් දිවිය තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වීමට ද ඉඩ තිබේ.

"මට අවුරුදු 51 වෙනකොට පීරියඩ්ස් හැදෙන එක නතර වුණා. හැබැයි මට ඒ කාලේ පුදුම විදියට කේන්ති යන්න ගත්තා. කිසිම කෙනෙක් නොරුස්සන ස්වභාවයක් ආවා. හැබැයි මට මේ වෙන්නේ මොකක්ද කියලා මට හෝ මගේ පවුලේ අයට දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට පවුල් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා,"

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කාන්තාවන් දස දෙනාගෙන් හය දෙනෙකුට ආර්තවහරණය ගැන නිවැරදි අවබෝධයක් නොතිබිණි.

එමෙන්ම, පුරුෂයන් බොහෝ දෙනෙකුට ද ආර්තවහරණය සිදු වන්නේ කෙසේ ද යැයි අදහසක් නොතිබිණි.

ආර්තවහරණය යන්න තේරුම් ගෙන එම කාලය ඇතුළත වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින්, කල්පනාකාරීව සහ ඉවසීමෙන් කටයුතු කිරීම වෙනුවට නොයෙකුත් ගැටලු ඇති වීමේ තත්වයක් මෙම නොදැනුවත්කම නිසා ඇති වී තිබේ.

"55දී මට මේ තත්වයට මුහුණ දෙන්න වුණා. සමහර වෙලාවට ඇඟ පිච්චෙනවා වගේ දැනෙන්න ගත්තා. ඒ වගේම දැඩි මානසික ආතතියක් දැනෙන්න ගත්තා. සමහර වෙලාවට ගෙදරින් එළියට දුවන්න වගේ හිතෙන හැගීමක් ආවා. අවසානයේ වෛද්‍යවරයෙක් හමුවෙලා මානසික ව්‍යාකූලතාවට බෙහෙත් ගත්තා,"

මේ අතර, තවත් කාන්තාවන් දෙදෙනෙකු පැවසුවේ සිය සැමියන්ට ආර්තවහරණය ගැන කිසිදු අවබෝධයක් නොතිබුණු නිසා තමන් දැඩි අපහසුතාවලට මුහුණ දුන් බවය. නමුත් සිය සැමියා ද කැටුව වෛද්‍යවරයෙකු හමුවීමට යාමෙන් තත්වය පැහැදිලි කරගත් බව ඔවුහු පැවසූහ.

💥 ආර්තවහරණයට ප්‍රතිකාර ගත යුතු ද?

"ආර්තවහරණය කියන්නේ ලොකු ක්‍රියාවලියක එක් කොටසක් පමණයි. කාන්තාවකගේ හෝමෝන පද්ධතියේ වෙනස්කම් මෙයට බලපාන මූලිකම කාරණයයි. මේ නිසා ශරීරයේ වෙනත් පද්ධතිවලට ඇතිවන බලපෑමට තමයි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන්නේ," යැයි වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසීය.

මින් වසර දහයකට පමණ පෙර ආර්තවහරණය හේතුවෙන් මතුවන සංකූලතාවලට 'හෝමෝන නැවත තැන්පත් කිරීමේ (HRT)' ක්‍රමයක් අනුගමනය කර තිබේ. සමහර කාන්තාවන් තරුණ බව රැකගැනීමේ ක්‍රමයක් ලෙස ද මෙම ප්‍රතිකාර ක්‍රමයට යොමුවී තිබිණි.

නමුත්, වෛද්‍ය විද්‍යාවේ නවතම සොයාගැනීම් අනුව, HRT ක්‍රමය දීර්ඝ කාලයක් අනුගමනය කිරීම තුළින් හදවත් රෝග සහ පිළිකා ඇතිවීමේ අවදානමක් පවතී.

මේ හේතුවෙන්, වර්තමානයේ දී ආර්තවහරණය නිසා ඇතිවන සංකූලතාවලට සිදු කරන පළමු ප්‍රතිකර්මය HRT නොවන අතර, සිය ජීවන රටාවේ යම් වෙනස්කම් සිදු කිරීම මගින් නිරෝගීව සිටීමට හැකි බව වෛද්‍යවරයා පැවසුවේය.

💥 ජීවන රටාවේ සිදුවිය යුතු වෙනස්කම් මොනවාද?

* තමන් දිවිගෙවන පරිසරය ප්‍රියජනක ලෙස සකසා ගැනීම
* පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරුවීම
* ව්‍යායාමවල නිරත වීම
* මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් එළිමහනේ ව්‍යායාමවල නිරත වීම
* තමන් දිවිගෙවන නිවසේ වාතාශ්‍රය වැඩිකර ගැනීම
* කෝපි වැනි 'කැෆේන්' අඩංගු පාන වර්ග අවම කිරීම
* උණුසුම් දියර වර්ග පානය කිරීම අවම කිරීම
* මත්පැන්, දුම්වැටි භාවිතය අවම කිරීම
* ශරීරය සිසිල් වීම සහ වාතාශ්‍රය ලැබීම සඳහා එළිමහන් ක්‍රියාකාරකම්වල වැඩිපුර නිරත වීම

ආර්තවහරණය නිසා ඇතිවන සංකූලතාවලට වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි ලබාගත හැකි විවිධ පෙතිවර්ග සහ හෝමෝන වඩවන ශාකවර්ග ද ආහාරයට ගත හැකි බව වෛද්‍යවරු පවසයි.

"නමුත් තමන්ට දැනෙන සියලු අපහසුතා ආර්තවහරණය නිසා සිදුවන බව නොසිතා ශරීරයේ වෙනත් පද්ධතිවල ඇති වෙනස්කම් ගැන අවධානය යොමු කර සිටීම වැදගත්. උදාහරණයක් ලෙස, තයිරොක්සීන් වැඩි කෙනෙක්ට වැඩිපුර දහදිය දමන ගතියක් එන්න පුළුවන්."

"මේ ක්‍රමවලට අමතරව, මාස තුනකට හෝ හයකට තාවකාලිකව ශරීරයට අවශ්‍ය හෝමෝන ලබා දෙන්න පුළුවන්. ඒ වගේම හෝමෝන අත්‍යවශ්‍ය අවස්ථාවල දී තමන්ට තිබෙන අවදානම තේරුම් අරගෙන එය ලබා ගත්තාට කමක් නැහැ," වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය.

🎀 වැඩි දෙනෙක් නොදන්නා PCOS කියන කාන්තා රෝගය ගැන දැනගනිමු.අද කාලෙ බොහොම සුලභ, හැබැයි හුඟක් දෙනෙක් වැඩි විස්තරයක් නොදන්න ර...
25/07/2024

🎀 වැඩි දෙනෙක් නොදන්නා PCOS කියන කාන්තා රෝගය ගැන දැනගනිමු.

අද කාලෙ බොහොම සුලභ, හැබැයි හුඟක් දෙනෙක් වැඩි විස්තරයක් නොදන්න රෝගයක් ගැන අපි අද කතා කරමු. අපි ඉස්සර අහල තියෙනවට වඩා මෑත ඉතිහාසයේ කාන්තා රෝග කියන්නේ හුඟක් අහන්න දකින්න ලැබෙන දෙයක්. කොහොමටත් දැන් දැන් තියෙන්නෙ අම්ම මුත්තා කාලෙවත් නාහපු අමුතු අමුතු ලෙඩ රෝගනෙ ඉතින්. කාන්තා රෝග කිව්වමත් කට්ටිය උඩ බිම බලනවනෙ “ඒ මොකක්ද අප්පේ ඒ හරුපේ?” කියල.

කාන්තා රෝග කියල අපි විශේෂයෙන්ම හඳුන්වන්නෙ කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝග. ඒ කිව්වේ කාන්තාවන්ගෙ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව හැදෙන ලෙඩරෝග.

👉උදාහරණ විදිහට ගර්භාෂගත ගෙඩි, ගැබ්ගෙල පිළිකා වගේ දේවල්.
ඒ අතරිනුත් මේ කාලෙ බොහොම සුලභ රෝගයක් තමයි මේ PCOS එහෙම නැත්තම් PCOD කියන්නෙ. ඉතින් කියවල බලල දැනුවත් වෙලා තවත් නොදන්න අයවත් දැනුවත් කරමුකො මේ රෝගය ගැන.

💥 1. PCOS/ PCOD

මේ නම් දෙකෙන්ම හැඳින්වෙන්නෙ එකම රෝගය. Polycystic Ovarian Syndrome (PCOS) එහෙම නැත්තම් Polycystic Ovarian Disease (PCOD). භාවිතා කරන්න ලේසි වෙන්න අනිත් හුඟක් ලෙඩ රෝග වගේම වෛද්‍ය විද්‍යාත්මක නාමය කෙටි කරලයි අකුරු හතරකින් කියන්නෙ. නම් දෙකක් තිබුණට බොහෝවිට අහන්න ලැබෙන ප්‍රසිද්ධම නම තමයි PCOS කියන්නෙ.

💥 2. මොකක්ද ඇත්තටම මේ රෝගය?

අපි කලිනුත් කිව්ව වගේ මේක කාන්තාවන්ට වැළඳෙන රෝගයක්. කාන්තාවන්ට කිව්වට උපතේ ඉඳන් සියලුම කාන්තාවන්ට නම් නෙමෙයි. ප්‍රජනක වයසේ ඉන්න, ඒ කියන්නෙ සාමාන්‍යයෙන් අවුරුදු 12 ඉඳන් අවුරුදු 51 වගේ කාල සීමාව ඇතුළත ඉන්න කාන්තාවන්ට බලපාන රෝගයක්. ඒ කිව්වෙ රෝගයේ බලපෑම බහුලවම තියෙන්නෙ මේ කාලසීමාව ඇතුළත කියන එකයි.

සාමාන්‍ය ගණනය කිරීම් වලට අනුව ලෝකයේ ප්‍රජනක වයසේ කාන්තා ජනගහණයෙන් 2.2% ඉඳන් 26.7% අයට මේ රෝගය වැළඳිලා තියෙනවා කියල තමයි කියන්නෙ.

මේ රෝගයෙන් මූලිකවම බලපෑම ඇතිවෙන්නෙ කාන්තාවන්ගේ හෝර්මෝන මට්ටමට. PCOS තත්ත්වය තියෙන කාන්තාවක් සාමාන්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා පිරිමි හෝර්මෝන නිෂ්පාදනය කරනවා. PCOS කියන තත්ත්වය ඇතිවෙන්නෙ කාන්තාවගේ ගර්භාශයේ ඩිම්බකෝෂ ඇතුළත. කාන්තාවකගේ ශරීරයේ තියෙන හෝර්මෝන වර්ග දෙකකින් බීජයක් අන්තර්ගතවෙන කුඩා කෝශයක් නිපදවීමත්, ඒ බීජය මෝරලා නිකුත් කිරීමත් සිදු කෙරෙනවා. මේ ක්‍රියාවලියට ඒ කිව්වේ ඩිම්බනීහරණයට බාධා කරන එක තමයි අපි මේ කතා කරන රෝගයෙන් සිදුවෙන්නෙ.

PCOS රෝගය තියෙන කාන්තාවකගේ ඩිම්බකෝෂයේ වතුර බිබිලි වගේ පුංචි කෝෂ ගණනාවක් හැදිලා තියෙනවා. විශාල කෝෂ ප්‍රමාණයක් “Many Cysts” කියන අදහසින් තමයි Polycystic කියන්නෙ. මේ කෝෂ ඇතුළේ ඩිම්බ හටගැනීම නිසා ඒ ඩිම්බ මේරීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා ප්‍රජනන ක්‍රියාවලියට අවශ්‍ය විදිහට මෝරපු ඩිම්බ නිකුත් වීමක් වෙන්නෙත් නැහැ. එහෙම ඩිම්බ නිකුත් නොවෙන නිසා කාන්තා ශරීරයක නිපදවෙන සාමාන්‍ය හෝර්මෝන වෙන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝර්මෝන නිෂ්පාදනය අඩුවෙනවා වගේම සාමාන්‍යයෙන් කාන්තා ශරීරයක ඉතා සුළු වශයෙන් නිෂ්පාදනය වෙන ඇන්ඩ්රෝජන් කියන පිරිමි හෝමෝනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් නිෂ්පාදනය වෙනවා. මේ වැඩිපුර නිපදවෙන පිරිමි හෝර්මෝන නිසා කාන්තාවගේ සාමාන්‍ය ඔසප් චක්‍රයට බාධා ඇතිවෙනවා.

💥 3. මොකක්ද මේ රෝගය හැදෙන්න හේතුව?

මේ රෝගය හැදෙන්න නිවැරදිම හේතුව මේකයි කියන්නනම් තාමත් හොයාගෙන නැහැ වෛද්‍යවරුන්. නමුත් හුඟක් දෙනෙක් මත පළ කරන විදිහට පිරිමි හෝර්මෝන ශරීරයේ වැඩිපුර නිෂ්පාදනය වීම නිසා සාමාන්‍ය ගැහැණු හෝර්මෝන නිෂ්පාදනයට බාධා ඇතිවෙනවා වගේම ඩිම්බ මේරීමට බාධා ඇතිකරන බව තමා කියන්නේ.

ජානමය බලපෑම් වගේම ශරීරයේ ස්කන්ධ දර්ශකය, ඒ කියන්නේ BMI එක, තවත් සරලව කිව්වොත් උසට සරිලන බර නිසියාකාරව පවත්වා නොගැනීම නිසා මූලිකවම මේ හෝමෝන අසමතුලිතතාවයන් ඇතිවෙන බව තමයි කියන්නේ.

💥 4. රෝග ලක්ෂණ

මේ රෝගය ගැන හුඟ දෙනෙක් නොදන්න බව අපි කලිනුත් කිව්වනේ. වෛද්‍යවරු විශ්වාස කරන විදිහට මේ PCOS තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ගෙන් 70%ක්ම තමන්ට ඒ තත්ත්වය තියෙන බවට දැනුවත් වෙලා නැහැ.

කොහොම උනත් මේ රෝගය නිසා මූලිකව වෙනදේ, නැත්තම් බහුලම රෝග ලක්ෂණය තමයි ඔසප් චක්‍රය ක්‍රමවත් නොවීම. සාමාන්‍ය දින 28ක ඔසප් චක්‍රය වෙනුවට දින 40 වගේ ඉක්මවපු ඔසප් චක්‍රයක් පැවතීම වගේම මාස ගණන් ඔසප් නොවී තිබීමත් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ පහළ කියන රෝග ලක්ෂණත් පෙන්වන්න පුළුවන්.

👉 ඔසප් දින වලදී අධික රුධිර වහනය
👉 ඔසප් දින වලදී අධික වේදනාව
👉 සිරුරේ වැඩිපුර රෝම ඇතිවීම. මුහුණේ,
👉 පියයුරු අවට වැනි තැන්වල රෝම ඇතිවීම සහ රහස් ප්‍රදේශයන්ගේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා රෝම දක්නට ලැබීම.
👉 අධික කුරුලෑ
👉 අධික ශරීර ස්කන්ධය/ ස්ථුලභාවය
👉 හිසකෙස් තුනී වීම සහ හැලීයාම
👉 බෙල්ල අවට, පියයුරු යට ආදී ස්ථාන අසාමාන්‍ය ලෙස කළු පහ ගැනීම
👉 හිසරදය

💥 5. PCOS හි අතුරු ප්‍රතිඵල

PCOS රෝගය නිසා මූලිකවම වෙන්න පුළුවන් දේ තමයි මද සරු භාවය ඇතිවීම. ඒ කියන්නේ සංසේචනය වෙන්න අවශ්‍ය මේරූ ඩිම්බ නිකුත් නොවෙන නිසා දරුඵල ලබාගන්න ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම හෝර්මෝන අසමතුලිතතාවය නිසා ශරීරයේ බර පාලනය කරගන්න අපහසු මට්ටමට ඉහළ යන්න පුළුවන්. ඒ වගේම මේ තත්ත්වයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට, ඒ කියන්නෙ ශරීරයේ තියෙන අනික් තත්ත්වයන් එක්ක PCOS තත්ත්වය සම්බන්ධ වෙලා දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටළු වෙන දියවැඩියාව සහ හෘද රෝග ඇතිවෙන්නත් පුළුවන්.

💥 6. රෝගය සුව කරන්න පුළුවන්ද?

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවනම් කියන්නේ ශරීරයේ ජානමය තත්ත්වයක් නිසා මේ රෝගය 100%ක් හොඳ කරන්නනම් බැහැ, හැබැයි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න, සාමාන්‍ය විදිහට දරුඵල ලබාගන්න පුළුවන් මට්ටමට රෝගය පාලනය කරලා තියාගන්න පුළුවන් බවයි.

හැබැයි මෑතක හුඟක් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් නම් මේ රෝගය දේශීය ආයුර්වේද ප්‍රතිකාර වලින් 100%ක්ම සුව කරන්න පුළුවන් බවට සහතික වෙනවා. හැබැයි ඒ කතාවේ ඇත්ත නැත්තනම් අපි හරියටම දන්නෙ නැහැ.

💥 7. ප්‍රතිකාර

කලින් කියපු විදිහට රෝගය සුව කරන්න ප්‍රතිකාර නැහැ. පාලනය පමණයි කරන්න පුළුවන්. ප්‍රධානම හේතුව වෙන බර පාලනය කරගැනීමෙන් මේක ඉතා සාර්ථකව පාලනය කරන්න පුළුවන්. අධික ස්ථුලතාවය පාලනය මඟින් ශරීරයේ හෝර්මෝන මට්ටම නිවැරදි ප්‍රමාණයට ඇවිල්ල රෝගය පාලනය වෙනවා. ඒකට ව්‍යායාම සහ නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම හරිම වැදගත්.

ඒ වගේම මේ රෝගයෙන් පෙළෙන ගර්භණී වීමට බලාපොරොත්තුවෙන අයටත් බර පාලනයට අමතරව ඩිම්බ මේරීම සඳහා ප්‍රතිකාර වලින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

🩸 ලියුකේමියා රෝගය පිළිබඳව තොරතුරු බිඳක්පිළිකාව, වකුගඩු ආබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි ලෙඩ රෝග වර්තමාන ...
24/07/2024

🩸 ලියුකේමියා රෝගය පිළිබඳව තොරතුරු බිඳක්

පිළිකාව, වකුගඩු ආබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි ලෙඩ රෝග වර්තමාන සමාජය තුළ සුලබව දක්නට ලැබෙනවා. මිනිසා යහපත් සෞඛ්‍යය පුරුදු අනුගමනය නොකිරීම සහ විවිධ ජානමය හේතු එවැනි ලෙඩ රෝග ඇතිවීමට හේතු වෙනවා. එලෙස වැළඳෙන ලෙඩ රෝග හේතුවෙන් වසරකට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් සිදුවනවා. එහිදී ඉහළ මරණ ප්‍රතිශතයක් වාර්තා වන රෝග අතරට පිළිකා ද අයත්.

ලංකාවේ සුලබ පිළිකා වර්ග අතුරින් “ලේ පිළිකා” හෙවත් ලියුකේමියාව භයානක රෝගී තත්ත්වයක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

💥ලියුකේමියාව පිළිබඳව කෙටියෙන්

අපගේ රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා නිපදවනු ලබන්නේ ඇටඇටමිදුළු මඟින්. එහිදී ඇටමිදුළුවල ඇති නොමේරූ රුධිර සෛල වර්ධනය වීමෙන් මේවා නිපදවෙනවා.

ලියුකේමියා රෝගී තත්ත්වයේ දී සාමාන්‍යයෙන් සිදුවන්නේ නොමේරූ රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වී අත්‍යවශ්‍ය රුධිර සෛල වර්ධනයට බාධා කිරීම යි. ඒ හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වය ලියුකේමියාව ලෙසින් හඳුන්වනවා. සාමාන්‍ය වහරේ දී මෙම රෝගය “ලේ වතුර වීම” ලෙසින් හඳුන්වනු ලබන්නේ අසාමාන්‍ය ලෙස වර්ධනය වන සෛල රුධිරයට එකතු වී අත්‍යවශ්‍ය රුධිර සෛල නිපදවීම සිදු නොවන නිසා යි.

👉ලියුකේමියා රෝගයේ ප්‍රභේද

ප්‍රධාන වශයෙන් ලියුකේමියා ප්‍රභේදයන් 2ක් පවතිනවා. ඒ සෙමෙන් වර්ධනය වන ලියුකේමියාව (Chronic Leukemia) සහ ඉක්මනින් වර්ධනය වන ලියුකේමියාව (Acute Leukemia) යි. මේවාට ප්‍රතිකාර කළ හැකි තර, ඇතැම්විට සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. නමුත් රෝගී තත්ත්වය හඳුනාගත් පසුව ඉක්මනින්ම ප්‍රතිකාර සඳහා යොමු නොවුණොත් ඉක්මනින් පැතිරෙන ලියුකේමියාව කෙටි කලකින්ම මාරාන්තික හැකියි.

👉ලියුකේමියාව ඇතිවීමට හේතු

ලියුකේමියාව ඇතිවීම සඳහා නිශ්චිත හේතුවක් දැක්විය නොහැකියි. නමුත් පහත සඳහන් හේතූන් නිසා යම් කෙනෙකු ලියුකේමියා රෝගයට ගොදුරු විය හැකියි.

1) ජානමය ගැටළු

2) බෙන්සීන් වැනි රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වීම

3) විකිරණවලට නිරාවරණය වීම

4) අධික ලෙස දුම්පානය

👉රෝග ලක්ෂණ

ඕනෑම රෝගයක් කල් තියා හඳුනාගැනීම සඳහා එහි රෝග ලක්ෂණ පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු යි. විශේෂයෙන්ම ලියුකේමියාව වැනි භයානක රෝගී තත්ත්වයක් ඉක්මනින්ම හඳුනාගතහොත් රෝගියාව සුවපත් කිරීම සඳහා වැඩි අවස්ථාවක් තිබෙනවා. එම නිසා පහත සඳහන් රෝග ලක්ෂණ ඔබගේ සිරුර තුළ දක්නට ලැබුණොත් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

1) තද හිස කැක්කුම සහ අස්ථි වේදනාව ඇති වීම

2) රුධිර වහනය සිදුවීම

3) සම සුදුමැලි වීම

4) තෙහෙට්ටුව සහ කෑම අරුචිය ඇති වීම

5) උණ ගතිය සහ හතිය ඇති වීම

6) සම මත දම් හෝ රතු ලප දක්නට ලැබීම

7) වසා ගැටිති ඉදිමීම

8) රුධිර පට්ටිකා අඩු වීම

9) විදුරුමස් ඉදිමීම

10) විදුරුමස්, නාසය, සහ මුත්‍රා මාර්ගයෙන් ලේ ගැලීම

11) අක්මාව සහ ප්ලිහාව ඉදිමීම

12) රාත්‍රී කාලයේ අධික ලෙස දහදිය දැමීම

එම රෝග ලක්ෂණ මතුවන්නේ ඇයි?
ලියුකේමියා රෝගය වැළඳුණු විට ප්‍රධාන වශයෙන්ම හානි සිදුවන්නේ ඇට මිදුළුවලට යි. එවිට නිරෝගී ඇට මිදුළු සෛල වෙනුවට නොමේරූ සුදු රුධිරානු සෛල හටගන්නවා. මේ නිසා රුධිර පට්‌ටිකා ඌණතාවයක් ද ඇති වනවා. අපගේ සිරුර තුළ සිදුවන ලේ කැටිගැසීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ රුධිර පට්‌ටිකා යි. රුධිර පට්‌ටිකා හිඟවීම හේතුවෙන් රුධිර වහනය පහසුවෙන්ම සිදුවිය හැකියි.

අපගේ සිරුරට ඇතුළු වන රෝගකාරක විෂබීජ සමග සටන් කරන ප්‍රධානතම ද්‍රව්‍යයක්‌ වන්නේ සුදු රුධිරාණු සෛල යි. නමුත් ලියුකේමියා රෝගියෙකුගේ සිරුර තුළ හටගන්නා නොමේරූ සුදු රුධිරාණුවලට රෝගකාරක විෂබීජ සමග ගැටීමට අපහසු යි. එම නිසා ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය අඩපණ වී විවිධ ලෙඩ රෝග ඉක්මනින්ම වැළඳෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ දිගින් දිගටම ලෙඩ රෝග සහ ආසාදන හටගැනීම යි. උදාහරණයක්‌ ලෙස සෙම්ගෙඩි ඇතිවීම, විදුරුමස් ඉදිමීම, නිරන්තර හාමත් තත්ත්වයක්‌ ඇති වීම, නියුමෝනියාව හටගැනීම වැනි තත්ත්වයන් දැක්විය හැකියි. එසේම රුධිරයේ තිබෙන රතු රුධිරානු ප්‍රමාණය අඩු වුණු විට නීරක්‌තිය නම් රෝගී තත්ත්වය හටගන්නවා. එවිට සිරුර පාණ්‌ඩු පැහැයට හැරී සුදුමැලි වනවා.

👉රෝගය හඳුනාගැනීම සඳහා කරන පරීක්ෂණ

ඉහත සඳහන් රෝග ලක්ෂණ ඔබගේ සිරුර තුළ දක්නට ලැබුණොත් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු හමුවිය යුතු යි. එවිට, ඔබට ඇත්තේ මෙම රෝගී තත්ත්වයයැ යි වෛද්‍යවරයාට සැක ඇතිවුවහොත්, ඔහු පහත සඳහන් පරීක්ෂණ කිරීමෙන් ඔබ ලියුකේමියා රෝගියෙකු ද යන්න හඳුනාගන්නවා.

1) Full Blood Count (FBC) පරීක්ෂාව

2) අස්ථි ඇටමිදුළු බයොප්සි පරීක්ෂාව

3) Blood Picture

4) Flow Cytometry පරීක්ෂාව

එසේම රෝගය නිසා ඔබගේ සිරුරේ අවයවවලට හානියක් වී ඇතිදැ යි දැනගැනීම සඳහා පහත දැක්වෙන පරීක්ෂණ සිදුකරනු ලබනවා.

1) MRI

2) X-Ray

👉රෝගය සඳහා කරනු ලබන ප්‍රතිකාර

ලියුකේමියා රෝගය වැළඳුණු පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම බොහෝවිට සිදුකෙරෙන්නේ මහරගම අපේක්ෂා පිළිකා රෝහලෙන්. එම රෝහලට ඇතුළත් කරන රෝගීන්ට ලියුකේමියා නාශක ඖෂධ ලබාදෙනවා. එසේම රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ද ලබාදීම සිදුකරනවා. ඊට අමතරව ඇටමිදුළු බද්ධය නම් සාර්ථක ප්‍රතිකාර ක්‍රමය (වඩා නිවැරදිව කිවහොත් පූර්වජ සෛල බද්ධය) මඟින් ලියුකේමියා රෝගීන්ව සුව කළ හැකියි. මීට වසර 5කට පමණ පෙර මහරගම අපේක්ෂා පිළිකා රෝහ තුළ ඇටමිදුළු බද්ධය සිදුකළේ නැහැ. නමුත් 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී එම රෝහල තුළ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් ස්ථාපිත කළා. ඒ අනුව අද වන විට මෙරට තුළ දී ඇටමිදුළු බද්ධයක් කරගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා

ඔබට හෝ ඔබගේ හිතවතෙකුට ලියුකේමියා රෝගය වැළඳී ඇති බව අනාවරණය වුණොත් බියවීමට අවශ්‍ය නැහැ. එවැනි අවස්ථාවක දී ඔබ කළ යුත්තේ හැකි ඉක්මනින් පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම යි.

23/07/2024

IV Cannulation procedure....

ගැබ්ගෙල පිළිකා පිළිබඳ ඔබ දැනගත යුතු දේ,ගැබ් ගෙල පිළිකා බොහෝ ජීවිතවලට බලපායි. ඇත්ත වශයෙන්ම, එය ගෝලීය වශයෙන් සිව්වැනි සහ ව...
23/07/2024

ගැබ්ගෙල පිළිකා පිළිබඳ ඔබ දැනගත යුතු දේ,

ගැබ් ගෙල පිළිකා බොහෝ ජීවිතවලට බලපායි. ඇත්ත වශයෙන්ම, එය ගෝලීය වශයෙන් සිව්වැනි සහ වඩාත් පොදු පිළිකා වර්ගයක් වේ. නමුත් එය වළක්වා ගත හැකිය. වැළැක්වීමේ ක්‍රමවල සිට රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ තවත් දේ පිළිබඳව ඇති ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් අපි ආවරණය කර ඇත්තෙමු.

මෙම කොටසේ :
1. ගැබ්ගෙල පිළිකාව යනු කුමක්ද? සහ එය HPV සමඟ ඇති සම්බන්ධය කුමක්ද?

2. ගැබ්ගෙල පිළිකා ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?

3. ගැබ් ගෙල පරීක්ෂාව සිදු කරන්නේ කෙසේ ද? එය වේදනාකාරී ද?

4. ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ මොනවාද?

5. ගැබ් ගෙල පිළිකාවට ප්‍රතිකාර කරන්නේ කෙසේ ද?

6. මා ගර්භාෂ ශල්‍යකර්මයක් කර ඇත්නම් මට ගැබ්ගෙල පිළිකාවක් වැළඳිය හැකිද?

7. මම සංක්‍රාන්ති සමජභාවී පුද්ගලයෙක්. මට තවමත් ගැබ් ගෙල පිළිකාවක් වැළඳිය හැකිද?

8. මම HIV සමග ජීවත් වන පුද්ගලයෙක්, මෙයින් මට ඇති බලපෑම කුමක් ද?

9. ගැබ්ගෙල පිළිකාවක් වැළඳීම ගැන මා කෙතරම් කනස්සල්ලට පත්විය යුතුද?

🎀 1. ගැබ්ගෙල පිළිකාව යනු කුමක්ද? සහ එය HPV සමඟ ඇති සම්බන්ධය කුමක්ද?
ගැබ්ගෙල පිළිකා ඇති වන්නේ ගැබ් ගෙලෙහි ඇති සෛල (යෝනි මාර්ගයෙන් ගර්භාෂයට ඇතුල් වන ස්ථානය) මාරාන්තික, එනම් හානිකර ආකාරයෙන් වෙනස් වන විටය.

ගැබ් ගෙල පිළිකා සඳහා මූලික හේතුව හියුමන් පැපිලෝමා වයිරසය (HPV) වේ. HPV වර්ග 100 කට වඩා තිබේ. HPV ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ සමේ සිට සමට, ලිංගික සම්බන්ධතා ඇතුළුව අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා මගිනි. එය ඉතා සුලභ වන අතර, බොහෝ ලිංගික ක්‍රියාශීලී පුද්ගලයින්ට ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගිකත්වය නොසලකා ඔවුන්ගේ ජීවිතයේ යම් ආකාරයක HPV වෛරසයට ගොදුරු වනු ඇත . HPV වෛරස රෝග ලක්ෂණ නොමැත, එබැවින් ඔබට එය තිබේදැයි ඔබ නොදන්නවා විය හැක, දැනට එයට ප්‍රතිකාර නොමැත. බොහෝ HPV ආසාදන ශරීරයේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඉවත් කළ හැකි බැවින් එය සාමාන්‍යයෙන් කරදර විය යුතු දෙයක් නොවේ.

HPV අඩු අවදානම් සහ ඉහළ අවදානම් වර්ග වලට බෙදිය හැකිය. අඩු අවදානම් සහිත HPV වෛරසය ලිංගික ඉන්නන් ඇති කළ හැක. වැඩි අවදානම් සහිත HPV පූර්ව පිළිකා ගැබ් ගෙල තුවාල, ගැබ් ගෙල පිළිකා සහ ගුදය, යෝනි මාර්ගය, යෝනි මාර්ගය, ශිෂ්ණය සහ ඔරොෆරින්ක්ස් (මුඛයට කෙළින්ම පිටුපසින් ඇති උගුරේ කොටස) පිළිකා සමඟ සම්බන්ධ වේ.

🎀 2. ගැබ්ගෙල පිළිකා ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?
ගැබ් ගෙල පිළිකාවට එරෙහි සටනේ ප්‍රධාන මෙවලම් වන්නේ එන්නත් කිරීම සහ පරීක්ෂා කිරීමයි.

ඕනෑම අයකුට HPV රැගෙන යාමට/සම්ප්‍රේෂණය කළ හැකි බැවින්, ලිංගික සබඳතා ආරම්භ කිරීමට පෙර, එනම් වෛරසය ඇතුළු වීමේ අවදානමට පෙර ගැහැණු දරුවන් සඳහා ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

මෙය එන්නත් වර්ග දෙකකින් යුක්ත වේ. ද්විත්ව සංයුජ එන්නත, සිව් සංයුජ එන්නත. මෙම එන්නත් වර්ග දෙකම අවුරුදු 9ට වැඩි ගැහැණු ළමුන් සඳහා දිය හැකිය. වයස අවුරුදු 13ට අඩු ගැහැණු දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් වශයෙන් මාස 6ක පරතරයක් ඇතිව දිය හැකි අතර වයස අවුරුදු 13ට වැඩි දරුවන්ට එන්නත් මාත්‍රා 3ක් ලබා දීමට නියමිතය.

වැඩිහිටියන් සඳහා නිතිපතා ගැබ් ගෙල පරීක්ෂාව නිර්දේශ කරනු ලැබේ. ඔබ ජීවත් වන ස්ථානය අනුව, ඔබට සේවාවන් ලබාගත හැකිය. එසේ නොවේ නම්, පාසල් එන්නත්කරණ වැඩසටහන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පවත්වන සායන සමග සම්බන්ධ වන්න.

මීට අමතරව, කොන්ඩම් භාවිතය වැඩි කිරීම මගින් HPV මෙන්ම අනෙකුත් ලිංගාශ්‍රිත රෝග සහ HIV සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.

🎀 3. ගැබ් ගෙල පරීක්ෂාව සිදු කරන්නේ කෙසේ ද? එය වේදනාකාරී ද?
මෙම ක්‍රියාවලියේ දී සාමාන්‍යයෙන් ඔබ වැතිර සිටින අතර, ඔබේ දණහිස් නමා දෙපැත්තට විහිදුව යි. සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු ස්පෙකියුලම් නම් මෙවලමක් භාවිතා කරයි, එය සාමාන්‍යයෙන් ලිස්සන සුළු තෙල් ආධාරයෙන් යෝනි මාර්ගය විවෘත කිරීම සඳහා ඇතුල් කරනු ලැබේ. ඔබ HPV-පරීක්ෂණය හෝ සෛල ලබා ගන්නේ නම්, ගැබ් ගෙලෙන් සාම්පල එකතු කිරීමට කුඩා බුරුසුවක් භාවිතා කරනු ලබන අතර එය තවදුරටත් පරීක්ෂා කරනු ලැබේ. ඔබ ඇසිටික් අම්ලය (VIA) සමඟ දෘශ්‍ය පරීක්ෂණයක් ලබා ගන්නේ නම්, සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු ඔබේ ගැබ් ගෙලට ඇසිටික් අම්ලය යොදවා වෙනස පරීක්ෂා කරන්න. සම්පූර්ණ ක්‍රියාවලියට විනාඩි කිහිපයක් ගත වේ.

ගැබ් ගෙල පරීක්ෂාවක දී කෙනෙකුට යම් අපහසුතාවක් අත්විඳිය හැකිය, නමුත් එය හානිකර නොවිය යුතු ය. ඔබ නොසන්සුන් නම්, ඔබේ සෞඛ්‍ය සේවා වෘත්තිකයාට දන්වන්න. ඔවුන්ට ස්පෙකියුලම් මගින් හෝ ලිහිසි තෙල් භාවිතා කර පරික්ෂා කිරීමට හැකි වනු ඇත. ඔබට සැහැල්ලු වීමට උපකාර වන හුස්ම ගැනීමේ අභ්‍යාස ද උත්සාහ කළ හැකිය.
ඔබේ පරීක්ෂාවෙන් පසු සුළු ලේ ගැලීමක් අත්විඳිය හැකි ය. එය දැඩි හෝ වේදනාකාරී නම්, ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු ය.

ඔබ තෝරා ගන්නා පිරික්සුම් විකල්පය මත පදනම්ව, ඔබේ සෞඛ්‍ය සේවා සපයන්නා වෙතින් ඔබේ පරීක්‍ෂණයේ ප්‍රතිඵල එදිනම හෝ දින කිහිපයකට පසු ඔබට ලබා ගත හැකිය. කනස්සල්ලට පත් වන කිසිවක් හඳුනා ගන්නේ නම්, වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් ඔබව නිර්දේශ කරනු ඇත.

🎀 4. ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ මොනවාද?
ගැබ් ගෙල පිළිකාවේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ අසාමාන්‍ය යෝනි මාර්ගයෙන් ලේ ගැලීම. එයින් අදහස් වන්නේ ලිංගිකව එක්වීමේ දී/පසු ලේ ගැලීම, ඔසප් වීම අතර ලේ ගැලීම හෝ ආර්තවහරණයෙන් (ඔසප් වීම නතරවූ පසු) ලේ ගැලීමයි. මෙම ලේ ගැලීම වෙනත් හේතූන් මත ද සිදු විය හැක, එබැවින් එයට හේතුව කුමක් ද යන්න නිවැරදිව තීරණය කිරීම සඳහා වෛද්‍ය උපකාර ලබා ගැනීම වඩාත් සුදුසු ය.

වෙනත් රෝග ලක්ෂණ ඇතුළත් විය හැකිය (නමුත් ඒවාට පමණක් සීමා නොවේ) ලිංගික ක්‍රියාකාරකම් අතරතුර වේදනාව සහ අපහසුතාව, අසාමාන්‍ය යෝනි ශ්‍රාවය, ඔබේ පිටුපස හෝ ශ්‍රෝණියෙහි වේදනාව, මලබද්ධය, නිතර වැසිකිළිය භාවිතා කිරීම, ඔබේ මුත්‍රා වල රුධිරය පිටවීම, හෝ ඔබේ බඩවැල් /මුත්‍රාශයේ පාලනය නැති වීම.

ගැබ් ගෙල පිළිකා ඇති සෑම කෙනෙකුට ම කැපී පෙනෙන රෝග ලක්ෂණ අත්විඳිය නොහැකි බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. ඔබට නිරෝගී බවක් දැනුණ ද නිතිපතා පරීක්ෂාවට ලක් වීම වැදගත් වේ.

🎀 5. ගැබ් ගෙල පිළිකාවට ප්‍රතිකාර කරන්නේ කෙසේ ද?
පූර්ව පිළිකා ගැබ් ගෙල තුවාල සුව කළ හැකිය. රෝග විනිශ්චය කිරීමෙන් පසු, ඔබට ඔබේ කැමැත්ත ඇතිව, මෙම පූර්ව පිළිකා සඳහා ප්‍රතිකාර ලබා ගත හැකිය. ඔබේ ප්‍රතිඵලවලින් පිළිකාමය ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, ඔබට X-කිරණ වැනි වැඩිදුර පරීක්ෂණ සහ අදාළ ප්‍රතිකාර කිරීමට හැකිය, ඒවා ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාර, රසායනික චිකිත්සාව හෝ මේවායේ එකතුවක් විය හැකියි.

පිළිකාවට ප්‍රතිකාර කළ නොහැකි නම්, සහන සත්කාර ලබා ගැනීමට හැකි වනු ඇත, එනම් ඔබේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ වේදනාව සහ යෝනි මාර්ගයෙන් ලේ ගැලීම වැනි රෝග ලක්ෂණ සමනය කිරීමයි.

සෞඛ්‍ය සේවා නිලධාරියෙකු, වෛද්‍යවරයෙකු හමුවී මෙම විකල්පයත් පිළිබඳ ව විස්තරාත්මක ව සාකච්ඡා කරන්න.

🎀 6. මා ගර්භාෂ ශල්‍යකර්මයක් කර ඇත්නම් මට ගැබ්ගෙල පිළිකාවක් වැළඳිය හැකිද?
නැත, ඔබ සම්පූර්ණ ගර්භාෂ ඉවත් කිරීමේ කොටසක් ලෙස ඔබේ ගැබ් ගෙල ඉවත් කර ඇත්නම්, එවිට ඔබට ගැබ් ගෙල පිළිකා අවදානමක් නොමැත.

🎀 7. මම සංක්‍රාන්ති සමජභාවී පුද්ගලයෙක්. මට තවමත් ගැබ් ගෙල පිළිකාවක් වැළඳිය හැකිද?
ඔබට ගැබ් ගෙලක් තිබේ නම්, ඔව්. ඔබ ඔබේ ගැබ් ගෙල ඉවත් කර ඇත්නම්, එවිට ඔබට ගැබ් ගෙල පිළිකා අවදානමක් නොමැත.

🎀 8. මම HIV සමග ජීවත් වන පුද්ගලයෙක්, මෙයින් මට ඇති බලපෑම කුමක් ද?
දුර්වල කළමනාකරණයක් ඇති HIV වැනි දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සඳහා, අවදානම බෙහෙවින් වැඩි ය. ගැබ් ගෙල පිළිකා HIV සමඟ ජීවත් වන ගැබ් ගෙල ඇති පුද්ගලයින් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාවක් වේ. එබැවින්, HIV සමඟ ජීවත් වන පුද්ගලයින් සඳහා සුදුසු ප්‍රතිකාරය වන්නේ, HPV වලට එරෙහිව එන්නත් ලබා ගැනීම සහ ඔවුන්ගේ ජීවිත කාලය පුරාම නිරන්තර පරීක්ෂාවන්ට සහභාගී වීම ඉතා වැදගත් වේ.

🎀 9. ගැබ්ගෙල පිළිකාවක් වැළඳීම ගැන මා කෙතරම් කනස්සල්ලට පත්විය යුතුද?
ඔබ අත්විඳින ඉහත විස්තර කර ඇති ඕනෑම රෝග ලක්ෂණයක් බිය විය යුතු කරුණක් නොවේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය සම්පන්න වීම සඳහා ඔබ ක්‍රියාශීලී කාර්යභාරයක් ඉටු කිරීම වැදගත් වේ. මෙයින් අදහස් කරන්නේ ඉහත රෝග ලක්ෂණ ඔබ සතුව ඇත්නම් HPV එන්නත ලබා ගැනීම සහ ඔබේ වැඩිහිටි ජීවිත කාලය පුරාවටම රෝග පරික්ෂා කිරීම්වලට සහභාගී වීමයි. ඔබ ගැබ් ගෙල පිළිකාවෙන් තොර බව සහතික කිරීමට හොඳම ක්‍රමය මෙයයි..

⭕හර්සුටිසම් යනු කුමක්ද?🔹"Hirsutism" යන්නෙන් අදහස් කරන්නේ කාන්තාවන්ගේ ශරීරයේ අනවශ්‍ය ලෙස හිසකෙස් වර්ධනය විමයි. 🔹හිසකෙස් අ...
19/07/2024

⭕හර්සුටිසම් යනු කුමක්ද?

🔹"Hirsutism" යන්නෙන් අදහස් කරන්නේ කාන්තාවන්ගේ ශරීරයේ අනවශ්‍ය ලෙස හිසකෙස් වර්ධනය විමයි.

🔹හිසකෙස් අඳුරු සහ ඝන වන අතර, පිරිමි පමණක් හිසකෙස් වර්ධනය වන ස්ථානවල හර්සුටිසම් තත්වයේදී ගැහැනු අයගෙද හිස කෙස් වර්ධනය වේ. මෙයට ඉහළ තොල් (උඩු රැවුල), නිකට, පපුව, පිටුපස සහ උදරයේ ඉහළ කොටස ඇතුළත් වේ.

🔹 හර්සුටිසම් රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට එය බොහෝ විට එය ඔවුන්ව කනස්සල්ලට පත් කරයි.

🔹 එය ආර්තවහරණයට ලක් නොවූ කාන්තාවන් 10 දෙනෙකුගෙන් 1 දෙනෙකුට බලපායි. (ආර්තවහරණය යනු පුද්ගලයෙකුට ස්වභාවිකව ඔසප් වීම නතර වීමයි.)

⭕හර්සුටිසම් ඇතිවීමට හේතුව කුමක්ද?

🔹බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ පවුල් පසුබිම නිසා අමතර හිසකෙස් වර්ධනය විය හැක. එය රොගයක ලක්ෂණයක් නොවීමට ඉඩ ඇත, නමුත් එය හෝමෝන ගැටලුවක ලකුණක් නොවේ.

🔹සමහර කාන්තාවන්ට "ඇන්ඩ්‍රොජන්" ලෙස හඳුන්වන පිරිමි හෝමෝන ඉහළ මට්ටමක පවතින නිසා හර්සුටිසම් ඇති වේ. එසේත් නැතිනම් රෝම කූප (හිසකෙස් වැඩෙන සමේ කොටස) සාමාන්‍ය මට්ටමේ ඇන්ඩ්‍රොජන් වලට ඉතා සංවේදී නම් එය සිදුවිය හැකිය. ටෙස්ටොස්ටෙරෝන් වඩාත් වැදගත් ඇන්ඩ්‍රොජන් වේ. පිරිමින් තුළ ඉහළ මට්ටම් සාමාන්‍ය වන අතර කාන්තාවන්ගේ මට්ටම ඊට වඩා බෙහෙවින් අඩු ය.

🔹කාන්තාවන්ගේ අතිරේක ඇන්ඩ්‍රොජන් වලට තුඩු දෙන වඩාත් පොදු තත්වය "පොලිසිස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය" ("PCOS") ලෙස හැඳින්වේ. මෙම තත්වය අක්‍රමවත් ඔසප් වීම, බර වැඩිවීම, කුරුලෑ සහ වෙනත් රෝග ලක්ෂණ ද ඇති කරයි.

🔹hirsutism අධිවෘක්ක ග්රන්ථි වල , ඩිම්බකෝෂවල ගැටලු නිසාද ඇති විය හැක (වකුගඩු මුදුනේ පිහිටා අධිවෘක්ක ග්රන්ථි වල පිළිකා) තවත් බරපතල හේතු කිහිපයක් තිබේ. නමුත් මේවා ඉතා දුර්ලභයි.

⭕ඔබට ඇති වන වෙනත් රෝග ලක්ෂණ මොනවාද?

🔹PCOS(පොලිසිස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය") හි වෙනත් රෝග ලක්ෂණ

●අක්‍රමවත් ඔසප් වීම

●කුරුලෑ

●තරබාරුකම හෝ බර වැඩිවීම

●හිසකෙස් වලින් හිසකෙස් ගැලවී යාම

●Sleep apnea

⭕ඔබ වෛද්යවරයෙකු හමුවිය යුතුද?

🔸පහත ලක්ෂණ තිබේ නම් වෛද්යවරයෙකු හමුවිය යුතුයි

●හදිසියේ ඇති වූ හෝ ඉක්මනින් වැඩ් වන කෙස් තිබේ නම්

●ඔබට PCOS (පොලිසිස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය") ලක්ෂණ තිබේ නම්

●ඔබේ අධික හිසකෙස් නිසා කරදර වී ඇති අතර, ප්‍රතිකාර අවශ්‍ය වේ නම්

⭕ඔබට පරීක්ෂණ කල යුතුද?

🔹ඔබේ වයස, වෙනත් රෝග ලක්ෂණ සහ පුද්ගල තත්ත්වය මත පදනම්ව ඔබ කළ යුතු පරීක්ෂණ මොනවාදැයි ඔබේ වෛද්‍යවරයා තීරණය කරයි.

🔸 පරීක්ෂණවලට ඇතුළත් වන්නේ:

●හෝමෝන මට්ටම මැනීමට රුධිර පරීක්ෂණ

●ස්කැන් - මෙම පරීක්ෂණය ඔබගේ ගර්භාෂයේ සහ ඩිම්බ කෝෂ වල පින්තූර නිර්මාණය කිරීමට ශබ්ද තරංග භාවිතා කරයි. ඔබට PCOS හෝ වෙනත් ගැටලුවක් තිබේ නම් පින්තූර මගින් දැකිය හැක

●සීටී හෝ එම්ආර්අයි ස්කෑන් වැනි පරීක්ෂණ - ගෙඩියක් නිසා මෙය ඇති කරන්නේ දැයි මේවා මගින් බැලිය හැක. මෙය සිදු කරනු ලබන්නේ ඔබට ටෙස්ටොස්ටෙරෝන් ඉතා ඉහළ මට්ටමක පවතී නම් පමණි.

⭕රෝගයට ප්‍රතිකාර කිරීමට ඔබට තනිවම කළ හැකි දෙයක් තිබේද?

🔹ඔව්. ඔබට අතිරික්ත ශරීර බර හෝ තරබාරුකම තිබේ නම්, බර අඩු කර ගැනීමෙන් ඇන්ඩ්‍රොජන් මට්ටම අඩු කළ හැකි අතර එමඟින් රෝග ලක්ෂණ අඩුකළ හැකිය. ඔබේ

🔹සිරුරේ බරෙන් සියයට 5 ක් පමණක් අඩු කර ගැනීම බොහෝ සෙයින් උපකාරී වේ.

🔹රැවුල බෑම, තවත් ක්‍රම මගින් ශරීරයේ අමතර රෝම ඉවත් කිරීමටද ඔබට තෝරා ගත හැකිය. සමහරු හිසකෙස් පැහැපත් කිරීම සඳහා බ්ලීච් කරති.

⭕හර්සුටිසම් රෝගයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

🔹එය රඳා පවතින්නේ ඔබේ හර්සුටිසම් රෝගයට හේතුව කුමක්ද සහ ඔබේ රෝග ලක්ෂණ කෙතරම් නරකද යන්න මතය.

🔸ප්‍රතිකාර වලට ඇතුළත් වන්නේ

● උපත් පාලන පෙති - මේවා වඩාත් පොදු ප්‍රතිකාර වේ. එය ඇන්ඩ්‍රොජන් මට්ටම අඩු කර ඔසප් වීම විධිමත් කරයි.

●ප්‍රති-ඇන්ඩ්‍රොජන් නැමති ඖෂධ - මෙම ඖෂධ ඇන්ඩ්‍රොජන් මට්ටම් අඩු කරයි හෝ ඇන්ඩ්‍රොජන් වල බලපෑම අවහිර කරයි. හර්සුටිසම් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා බොහෝ විට භාවිතා කරන ඖෂධය ස්පිරෝනොලැක්ටෝන් ලෙස හැඳින්වේ.

●දිගු කාලීන හිසකෙස් ඉවත් කිරීමේ ප්‍රතිකාර - මේවාට ඇතුළත් වන්නේ:

🔸•විද්‍යුත් විච්ඡේදනය, කුඩා ඉඳිකටුවක් සහ මෘදු විද්‍යුත් සෑප් භාවිතා කර හිසකෙස් මුල් 1 න් 1 විනාශ කරයි. විද්‍යුත් විච්ඡේදනය සමේ කුඩා ප්‍රදේශ මත හොඳින් ක්‍රියා කරයි.

🔸•ලේසර් හිසකෙස් ඉවත් කිරීම, හිසකෙස් විනාශ කිරීමට ලේසර් භාවිතා කරයි. මෙම ක්රියාපටිපාටිය වේගයෙන් ක්රියාත්මක වන අතර විද්යුත් විච්ඡේදනයට වඩා අඩු වේදනාකාරී වේ. එය මිලෙන්ද වැඩිය.

🔸 බොහෝ මිනිසුන්ට සෑම මසකම හෝ ඊට වැඩි කාලයක් සිදු වන ප්රතිකාර 4 සිට 6 දක්වා අවශ්ය වේ. ඔබ ලේසර් හිසකෙස් ඉවත් කිරීම තෝරා ගන්නේ නම්, ලේසර් ප්‍රතිකාරය අතරතුර සහ පසුව ඔබේ ඖෂධ දිගටම ගැනීම වඩාත් සුදුසුය, නැතහොත් හිසකෙස් ක්‍රමයෙන් වර්ධනය වේ.

⭕ඔබට ගැබ් ගැනීමට අවශ්‍ය නම් කුමක් කළ යුතුද?

🔹හර්සුටිසම් ඇති බොහෝ දෙනෙකුට ගැබ් ගැනීමට හැකි වේ. ඔබට PCOS තිබේ නම් සහ ඔබ බරින් වැඩි නම්, බර අඩු කර ගැනීම ගැබ් ගැනීම පහසු කරයි. ඔබට ගැබ් ගැනීමට උපකාර වන ඖෂධ ද තිබේ.

🔹ඔබ ගැබ්ගෙන ඇත්නම් හෝ ගැබ් ගැනීමට උත්සාහ කරන්නේ නම් හිසකෙස් වර්ධනය පාලනය කිරීමට ඖෂධ ලබා නොගන්න.

🔴වැඩිපුර හිසකෙස් තිබීම බොහෝ කාන්තාවන්ට මානසික අපහසුතාවයක් ඇති කරයි. කිසිම ප්‍රතිකාරයක් මගින් හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවී යන්නේ නැත. නමුත් එවා කෙස් වඩා සෙමින් වර්ධනය වන අතර හිසකෙස් ප්රමාණය අඩු කිරීමට උපකාරී වේ. .

🔹ඔබේ ප්‍රතිකාරයේ ප්‍රතිඵල ගැන ඔබ සතුටු නොවන්නේ නම්, වෙනත් විකල්ප ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

Copied From Dr.Bandula sathkumara page

පියයුරු පිළිකා ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙහි සඳහන් වේ.පියයුරු පිළිකා යනු වඩාත් සුලභ පිළිකා වර්ගයක් වන අතර එය ඔබේ ශරීරයේ ...
18/07/2024

පියයුරු පිළිකා ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙහි සඳහන් වේ.

පියයුරු පිළිකා යනු වඩාත් සුලභ පිළිකා වර්ගයක් වන අතර එය ඔබේ ශරීරයේ අනෙකුත් කොටස් වලට පැතිර යා හැක. එය ඔබේ එක් පියයුරුවක හෝ දෙකෙහිම ඇති පටක වලට පහර දෙයි. පියයුරු පිළිකා ඇති වන්නේ සෛල නිවැරදිව ක්‍රියා කිරීම නැවැත්වූ විට,හා පාලනයකින් තොරව වර්ධනය වන අසාමාන්‍ය සෛල නිර්මාණය කිරීමෙනි. මෙම පිළිකා සෛල ගැටිති/ගෙඩි සෑදිය හැකි අතර ප්‍රතිකාර නොකළහොත් ඔබේ ශරීරයේ අනෙකුත් කොටස් වලටද පැතිර යා හැක.

1. ගෙඩියක් යනු කුමක්ද?

2. පිළිකා වක් යනු කුමක්ද?

3. මට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් තිබේද?

4. පියයුරු පිළිකා රෝග ලක්ෂණ මොනවාද?

5. පියයුරු පිළිකාව ඇති කළ හැකි අවදානම් සාධක මොනවාද?

6. පියයුරු පිළිකාවෙන් මා ආරක්ෂා වන්නේ කෙසේද?

7. මම කොපමණ වාර ගණනක් පියයුරු පිළිකා පරීක්ෂාවක් සිදුකළ යුතුද?

1. 🎀 ගෙඩියක් යනු කුමක්ද?

ගැටිත්තක් හෝ එහි වර්ධන ගෙඩියක් ලෙස හැඳින්විය හැකිය. එය හිතකර හෝ මාරාන්තික විය හැක. මාරාන්තික පිළිකා පැතිර යා හැක. නමුත් ආරම්භක පිළිකා ශරීරයේ අනෙකුත් කොටස් වලට පැතිරෙන්නේ නැත.

2. 🎀 පිළිකා වක් යනු කුමක්ද?

එය සෙෙල ව්‍යූහය වන අතර සමහර සෛල පාලනය කළ හැකි ආකාරයෙන් බෙදී වර්ධනය වේ. ශරීරයේ සමහර අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනය වී බෙදී ගොස් ශරීරයේ අනෙකුත් කොටස්වලට පැතිරෙන විට එය පිළිකාවක් ලෙස හැඳින්විය හැක. ශරීරයේ ඕනෑම සජීවී පටකයක පිළිකා ඇති විය හැක.

3. 🎀 මට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් තිබේද?

ඕනෑම කෙනෙකුට පියයුරු පිළිකා ඇති විය හැක, නමුත් ඔබේ අවදානම වැඩි කළ හැකි සමහර කරුණු ඇත, ඒවා නම්

👉පියයුරු පිළිකාවට සම්බන්ධව උරුම වූ විකෘති ජානවලට (BRCA1 සහ BRCA2)
වයස අවුරුදු 50 ට වැඩි වීම,

👉පියයුරු හෝ ඩිම්බකෝෂ තුළ පිළිකාවක් වර්ධනය වූ ලේ ඥාතියෙකු සිටීම,

👉ඊස්ටජන් සහ ප්‍රොජස්ටරෝන් හෝර්මෝන වලට ජීවිත කාලයම නිරාවරණය වීම,

👉කලින් ඔසප් වීම (වයස අවුරුදු 12 ට පෙර) සහ ප්‍රමාද ආර්තවහරණය (වයස 55 න් පසු) අත්විඳින කාන්තාවන්,

👉දරුවන් නොමැති හෝ වයස අවුරුදු 30 න් පසු පළමු දරුවා සිටින කාන්තාවන්ට වැඩි අවදානමක් ඇත,

👉අවදානම් සාධක 1ක් හෝ වැඩි ගණනක් තිබීමෙන් අදහස් වන්නේ ඔබට,

අනිවාර්යයෙන්ම පියයුරු පිළිකාවක් වැළඳෙන බව නොවේ. තවද මෙම අවදානම් කිසිවක් නොමැතිව සමහර කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවේ.

4. 🎀 පියයුරු පිළිකා රෝග ලක්ෂණ මොනවාද?

වඩාත් සුලභ පියයුරු පිළිකා රෝග ලක්ෂණය වන්නේ ඔබේ පියයුරු හෝ කිහිල්ලේ ගැටිත්තක් ඇතිවීම. වෙනත් හේතුන් නිසා ගැටිති ඇති විය හැක, එබැවින් එක් නිරීක්ෂණයකින් ඔබට පිළිකාවක් ඇති බව නිශ්චිතවම අදහස් නොවේ. නමුත් ඔබට ගැටිත්තක් නිරීක්ෂණයවී නම් එය පරීක්ෂා කිරීම වැදගත් වේ.

පියයුරු පිළිකා ඇතිවිය හැකි තවත් ලක්ෂණ කිහිපයක් මෙන්න:

💥පියයුරු ඉදිමීම,
💥පියයුර සමේ සිදුරු,
💥පියයුරු හෝ තන පුඩුවේ වේදනාව,
💥තන පුඩු පිටතට නෙරා ඒම වෙනුවට ඇතුළට වීම,
💥ඔබේ පියයුරු හෝ තන පුඩුව මත සම දුර්වර්ණ වීම, වියළි, කොරපොතු, හෝ සාමාන්‍යයට වඩා ඝන වීම,
💥ඔබේ තන පුඩුවෙන් ශ්‍රාවයක් පිටවීම හෝ රුධිරය පිටවීම,

පියයුරු පිළිකාව, රෝගය වර්ධනය වන තුරු සැලකිය යුතු රෝග ලක්ෂණ ඇති නොකිරීමට ද හැකිය. පියයුරු පිළිකා පරීක්ෂණය රෝග ලක්ෂණ දැකීමට පෙර පියයුරු පිළිකාවක් ඇත්දැයි සොයා ගැනීමට උපකාරි වේ.

5. 🎀 පියයුරු පිළිකාව ඇති කළ හැකි අවදානම් සාධක මොනවාද?

💥අධික බර සහ තරබාරු බව,
💥පශ්චාත් ආර්තවහරණයෙන් පසු තරබාරුකම සහ අධික බර පියයුරු පිළිකා අවදානම වැඩි කරයි,
💥ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම,
💥සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේලක්,
💥දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය (දෙවන ආශ්‍රිත දුම්පානය ද අවදානම් සාධකයකි)
💥හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර - ඊස්ට්‍රජන් සමඟ හෝමෝන ප්‍රතිකාර පියයුරු පිළිකා අවදානම වැඩි කරයි.

6. 🎀 පියයුරු පිළිකාවෙන් මා ආරක්ෂා වන්නේ කෙසේද?

සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කර ගැනීමෙන් ඔබට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අවම කර ගත හැකිය. පියයුරු පිළිකා පරීක්ෂාවන් රෝගය වළක්වා නොගනී, නමුත් ඉක්මනින් සොයා ගත් පසු ප්‍රතිකාර කිරීමට පහසු වේ.

❤ මව්කිරි දීම - මව්කිරි නොදෙන කාන්තාවන්ට සාපේක්ෂව තම දරුවන්ට මව්කිරි දෙන කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම තරමක් අඩුය. මව්කිරි දීමේ කාලය වැඩි වීමත් සමඟ මෙම ආරක්ෂිත බලපෑම වැඩි වේ. මෙය ඒ ආකාරයට සිදුවන්නේ මව්කිරි දීමෙන් ඔසප් චක්‍ර ගණන අඩු කරන බැවිනි.

7. 🎀 මම කොපමණ වාර ගණනක් පියයුරු පිළිකා පරීක්ෂාවක් සිදුකළ යුතුද?

පියයුරු පිළිකා පරීක්ෂණ ඔබේ වයස සහ ඔබේ අවදානම් මට්ටම යන දෙකම මත පදනම් වේ. ඔබට කිසි දිනක පියයුරු හෝ ඩිම්බකෝෂ පිළිකාවක් නොතිබුනේ නම් සහ ඔබට රෝගය වැළඳී ඇති ඥාතීන් නොමැති නම්, පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම සාමාන්‍ය විය හැකිය.

👉 ඔබ කළ යුතු දෑ:

ඔබේ පියයුරුවල වෙනස්කම් දැන ගන්න සහ ඔබ ගැටිත්තක් දුටුවහොත් හෝ වෙනත් වෙනස්කම් දුටුවහොත් ඔබේ වෛද්‍යවරයාට හෝ හෙදියට දන්වන්න.

වයස අවුරුදු 25-39 සිට සෑම වසර 1-3 කට වරක් සහ ඔබට වයස අවුරුදු 40 වූ පසු සෑම වසරකම පියයුරු පරීක්ෂාවක් සිදුකරන්න.
ඔබට වයස අවුරුදු 40 ට වූ පසු සෑම 1-2 වසරකට වරක් මැමෝග්‍රෑම් එකක් ලබා ගන්න.
ඔබට පියයුරු හෝ ඩිම්බකෝෂ පිළිකාවක් තිබේ නම් හෝ එය වැළඳී ඇති ඥාතියෙකු සිටී නම්, ඔබට වැඩි අවදානමක් ඇත. ඔබ පියයුරු පරීක්ෂාව සහ මැමෝග්‍රෑම් කොපමණ වාරයක් කළ යුතුද යන්න සොයා බැලීමට ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

අංජලී වෙලගෙදර.........✍️

Address

Kurunegala Colony

Telephone

+94706258094

Website

Alerts

Be the first to know and let us send you an email when Nursing Journey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share