𝐑𝐀𝐓𝐇𝐈𝐑𝐀𝐉𝐀 - රතිරාජ

𝐑𝐀𝐓𝐇𝐈𝐑𝐀𝐉𝐀 - රතිරාජ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐑𝐀𝐓𝐇𝐈𝐑𝐀𝐉𝐀 - රතිරාජ, Kurunegala, Kurunegala.

දේශීය ඔසු ලිපි අංක - 02වඳුරු මෑ / ආචාරියා/ Cowhage/ Velvet bean/ පූන ඉක්කාල්/ ශුකශිම්බීවිද්යාත්මක නම: Mucuna pruriens (L...
20/09/2022

දේශීය ඔසු ලිපි අංක - 02

වඳුරු මෑ / ආචාරියා/ Cowhage/ Velvet bean/ පූන ඉක්කාල්/ ශුකශිම්බී
විද්යාත්මක නම: Mucuna pruriens (L.) D.C.

සමහර අපේ ආහාර වර්ග තියනවා මොන තරම් ගුණ තිබුනත් එක දිගට දෙවේලක් දවල්ටත් කාලා ඉතුරු උනොත් රෑටත් වගේ නොකන. කලාතුරකින් දකින්න ලැබෙන ඒ වගේ වර්ග එහෙම වෙලා තියන්නේ අධි පෝෂණ ගුණ නිසා. එහෙම වර්ගවලින් වටිනා එක වර්ගයක් තමා මෙන්න මේ වඳුරු මෑ / වඳුරු කුද කියන මෑ වර්ගය

වඳුරු මෑ කියන්නෙ ඉතා රසවත් ආහාරයක් වගේම ඉතාමත් හොඳ ඖෂධයක්. ඒ වාගේම මෙය කෑවොත් විසයි කියා මතයක් සමාජයේ පවතිනවා. ඒකට හේතුව තමා ගොඩාක් දෙනා මේ වර්ගය උයන්න දන්නේ නෑ. ඒ වගේම මේවයේ ගුණයන් දන්නෙත් නෑ.

වඳුරු මෑ වැල විශාල ලෙස පැතිරී යන මෑ කොළවල හැඩය ඇති ඊට වඩා විශාල කොළ සහිත මැස්සක් හෝ වැටක් හෝ හොඳින් අතුපතර විහිදී ගිය ගසක් හෝ ඇසුරු කරගෙන පැතිරී වැඩෙන වැලක්. ගම්වල "ආචාරිය/ආචිරියා" නමින් හඳුන්වා දුටු විගස විනාසකරන කරල් පොකුරු වශයෙන් හටගන්න බෝංචි කරලක හැඩය ඇති අතර ඒ තරම් දිග නැති එහෙත් බෝංචි කරල්වලට වඩා රළු හොඳට පැසුණු කරල්වල පිට පොත්ත කළු පාට වෙන කරල්වල පිට පොත්තෙහි වඳුරෙකුගේ පවතින රෝම වැනි කළුපාට දිග බූවක් පවතින නිසා වඳුරු මෑ වෙච්ච වටිනා බෙහෙතක්.

මේ බූව තරමක් රළු වගේම ඇඟෙහි ගෑවුන විට කසන්න ගන්නවා. ඒ නිසාම ගම්වල මිනිස්සු හරිම බයයි. මේ ගැන බොහෝ කථා තියනවා ඉස්සර කාලයේ තරහට මේ බූව ගස්ලබු බටයකට දමලා හුළං අතබලලා තමුන්ට නොඑන්න පිඹලා මිනිසුන්ට කරදර කරාපු විස්තර අපි පුංචිකාලේ අහලා තියනවා. ඒ නිසාම වැලක් දුටු විගස ගලවන සිරිතක් අපේ ගම්වල තවම තියනවා.

පෙබරවාරි මාර්තුවල ලස්සන දම් පාට මල් පොකුරක් හැදිලා මේ වෙනකොට කරල් මෝරන කාළය.

කණ්ඩුරා - කරල් ස්පර්ශ වූ විට කසන හෙයින්ද

වාතාරී – වාතය නසන හෙයින්ද

රෝම වල්ලී – ශාකයේ බූවක් ඇති බැවින්ද

දුඞස්පර්ශා – ඇටයේ බූව කසන නිසා ඇල්ලීමට අපහසු හෙයින්ද

ඔන්න ඔය විදිහට වෙද පොත්වල ලියලා තියන මේ අනර්ඝ ඇටය ස්නායු පද්ධතිය සම්බන්ධයෙන් විශිෂ්ඨ බලපෑමක් කළ හැකි ඖෂධයක්. හදිසියේ හරි වගාවකින් බූව ගෑවිලා කහන්න ගත්තොත් හොඳට මතකතියාගන්න. එකම බෙිත තමා දෙහි දළු. දෙහි වෙනුවට දොඩං ගත්තත් කමක් නෑ. හොඳට අඹරලා ගාන්න. එහෙම නැත්තං ඉතිං හම ගැළවෙනකං කහන්න තමා තියන්නේ.

අපිට අතීතයේ වැරදීම් ගොඩාක් වෙලා තියනවා. මේ තියන්නෙත් ඒ වගේ එක වැරදීමක් තමා බොහෝ දෙනා දැන් ආහාර අහේනියට මුහුණ දෙන හැටි කියාදෙනව. නමුත් මේ වගේ කිසිම තෙලක් පොහොරක් කෘමි හානියක් නැතුව සුමානෙකට සැරයක් අධි පෝෂණයක් ලබාගන්න හැකියාව තියන මේ වගේ දෙයක් වවන්න හිතන්නේ නෑ.

පොඩි දරුවෝ ඉන්න ගෙවල්වල ටිකක් ඈතට වෙන්න හදාගන්න එක නුවණට හුරුයි කියලත් කියන්න ඕනෙ.

නිවරදිව උයන්න නොදන්නා නිසා වඳුරු මෑ ආහාරයට ගත්තම වමනය, හිස කක්කුම් හා උණ වැනි තත්වයන් ඇතිවෙන්න පුළුවන්. හරියට නිවැරදිව උයලා ගත්තොත්. අපේ පරානවල ලිංගික දුබලතා වලට මෙය ප්රත්යක්ෂ ඔසුවක්. දියවැඩියාව, පාකින්සන් රෝගය වගේම ශරීර ශක්තිය වඩවන රුධිර සංසරණ පද්දතියේ රෝග වලටද ප්රත්යක්ෂ ඔසුවක්.

ඒ නිසාම දැන් බටහිර බෙහෙත්අතරේ මේ ඇට වලිං පෙති කරල් හදලා අපිට එවනවා. අපේ ස්නායු ආබාධ වලට බොන්න කියලා. අපි ඒවා බොනවා. වත්තේ වැටේ ඉබේ හැදෙන පැලය ගලවලා විසිකරනවා. මතක තියාගන්න වඳුරු මෑ සාර්ථක විවාහ ජීවිතයකට බොහොම උපකාරී වෙනවා. ඇත්තමයි.

අපේ ගම්වල මේ වඳුරු මෑ උයන්න ඉස්සරලා විස මරණවා කියලා දෙයක් කරනවා ලපටි කරල් වලින් නොමේරූ ඇට වෙන්කරගෙන නටන උණු වතුරේ පියන නොවසා පැයක් විතර තම්බා වතුර පෙරා ඉවත් කරගත යුතුයි. සමහරු පොල් වතුර දමා තැම්බීම කරනවා. තැම්බී මෙලෙක්වූ පසු සාමාන්ය ව්යාංජනයකට යොදන දුරු පහේ ලුණු හා මිටි කිරි දමා සකස්කරගන්නවා. වැදගත්ම දේ එක ළඟ දෙවේලක් කන්නේ නෑ. ඒ අධික පෝෂණ ගුණයක් තියන නිසාමයි.

අරුණෝදයට අකුරු කළේ විජිත රණසිංහ VIJITHA RANASINGHE 2020.06.27

උපුටා ගැනීමක්. සියලු අයිතිය කතෘ සතුයි.

15/09/2022
👉රතිරාජ පාරිභෝගික ප්‍රතිචාර
08/09/2022

👉රතිරාජ පාරිභෝගික ප්‍රතිචාර

03/09/2022
දේශීය ඔසු - ලිපි අංක 01වැල් පෙනල ඉන්දියාව, මලක්‌කාව, ශ්‍රී ලංකාව වැනි රටවල සාරවත්ව වැවෙන වැල් වර්ගයක්. ශ්‍රී ලංකාවේ තෙත්...
29/08/2022

දේශීය ඔසු - ලිපි අංක 01

වැල් පෙනල

ඉන්දියාව, මලක්‌කාව, ශ්‍රී ලංකාව වැනි රටවල සාරවත්ව වැවෙන වැල් වර්ගයක්. ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි පහත රට ප්‍රදේශවල බහුලව දක්‌නට ලැබෙනවා.

කලකට පෙර අත්හැර දැමූ ඉඩම්වල මෙන්ම ගෙවතුවලද බහුලව මෙය වැවුණා. වැල් පෙනෙල කැඳ වශයෙන් මෙන්ම එහි කොළ තෙල්දමා ව්‍යංජනයක් ලෙස ආහාරයට ගැනීමත් ජනප්‍රිය යි.

ශරීර ශක්තිය සහ ශුක්‍රාණු වර්ධනය කරමින් ලිංගික ශක්තිය වැඩිකරන ඖෂධයක් ලෙස පුරාණයේ පටන් වැල්පෙනල ප්‍රකට යි.

මීටර් 3ක්‌ පමණ දිගට වැවෙන සිහින් කඳක්‌ ඇති බහු වාර්ෂික වැලක්. ත්‍රිකෝණාකාර ස්‌වභාවයක්‌ ගන්නා පත්‍ර දිගින් සෙ.මී. 3ත් 8ත් අතර ප්‍රමාණයක් වෙනවා. බීජ කළු පැහැති යි.

වර්තමානයේ දේශීය වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ මේ සඳහා තිබෙනවා.

නගරවල කොළ කැඳ වෙළෙදසැල්වලද වැල්පෙනෙන කැඳවලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව සම්පූර්ණ පෙනෙල පැළෑටියම ඖෂධ පිණිස ගන්නවා. මුත්‍රාකාරකයක්‌ වන වැල් පෙනෙල ස්‌නායු රෝග සඳහා කරන ප්‍රතිකාරවල දී ද යොදා ගැනෙනවා.

කැඩුම් බිඳුම් වෙදකමේ දී බිඳුණු අස්‌ථි සකස්‌ කිරීම සඳහා වැල් පෙනෙල භාවිත කරනවා.

උදෑසන ආහාරයට වැල් පෙනෙල කැඳ ගැනීම ශරීර ශක්‌තිය වර්ධනයටත් ස්‌නායු වර්ධනයටත් හේතුවක්.

වැල් පෙනෙල පත්‍ර ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ:

ප්‍රෝටීන 4.7%

මේද 0.6%

කාබෝහයිඩ්රේට්‌ 9.1%

ඛනිජ ලවණ 2.3%

ශක්‌තිය කැලරි 61

Source :
The asian parent වෙබ් අඩවියෙන් උපුටා ගැනීමක්.

👉කෙට්ටු වෙන්න 👉මහත් වෙන්න
14/08/2022

👉කෙට්ටු වෙන්න

👉මහත් වෙන්න

Today deliveries 18.07.2022With continued customer confidenceඅඛණ්ඩ පාරිභෝගික විශ්වාසය සමඟ අද දින (09.08.2022) කුරියර් කර...
10/08/2022

Today deliveries 18.07.2022
With continued customer confidence

අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය සමඟ අද දින (09.08.2022) කුරියර් කරන ලද ඇනවුම්

இன்று விநியோகம் 09.08.2022 தொடர்ந்து வாடிக்கையாளர் நம்பிக்கையுடன்

Address

Kurunegala
Kurunegala
60000

Telephone

+94764898980

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐑𝐀𝐓𝐇𝐈𝐑𝐀𝐉𝐀 - රතිරාජ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to 𝐑𝐀𝐓𝐇𝐈𝐑𝐀𝐉𝐀 - රතිරාජ:

Share