Institute of Professional Caregivers in Sri Lanka

Institute of Professional Caregivers in Sri Lanka The Institution of Professional Care Givers, Sri Lanka, popularly known as the IPCSL

04/12/2023

වසරේ නිපුණත්වයෙන් පිරි සත්තු සේවකයා කුසලානය පිරිනැමීමේ ජාතික තරගාවලිය.

මුළු ලෝකයක් වටා සේවය කිරීමට බලාපොරොත්තු වන හා ලංකාවේ දැනට සේවය කරනු ලබන සත්තු සේවකයන් හට මේ තරගය සදහා සහභාගී වීමේ හැකියාව ඇත.

තරගාවලිය ජනවාරි මාසය තුල පැවැත්වීමට නියමිතව ඇති අතර තරගාවලියේ කොන්දේසි හා අනෙකුත් තරග නිතින් පිලිබදව ඔබව දැනුවත් කරනු ඇත.

මෙම තරගය සදහා දැනට සේවය කරන හා පුහුණුව ලබන සත්තු සේවක සේවිකාවන් සදහා අවස්ථාව ඇත.

ලෝකයටම ඔබේ හැකියාව පෙන්වමින් නිපුණතාවය පිරි සාත්තු සේවකයින් 10 දෙනෙකු සදහා තෝරා ගනු ලබන අතර ඔවුන්ට විශේෂ සහතිකපත්‍ර හා කුසලානය ට හිමිකම් ලැබේ

වැඩි විස්තර සදහා කතා කරන්න

070 5555 268 | 070 5555 267

ශ්‍රි ලංකා සාත්තු සේවකයන්ගේ සංගමය (Union of Caregiver’s in Sri Lanka) SLBFE Caregiver Trainees Association Sri Lankan caregivers in israel Caregivers Sri Lanka sri lanka caregiver Care givers jobs in overseas for srilankans Care Quality Commission Renaissance Personnel Ltd Norwich Renaissance All Together Care Kokusai Nihon Bunka Kenkyu Sentā Caregiver JAPAN by REJOB

23/01/2023

මේ දිනවල බොහෝ දෙනා මානසික සෞඛ්‍ය සම්බන්ධ විවිධ මාතෘකා පිළිබඳ උනන්දුවක් දක්වනවා. ලෝක මට්ටමෙන් මේ කතිකාවත ඇරඹෙන්නේ කොවිඩ් - 19 ගෝලීය වසංගතය අපගේ ජීවිතවලට එල්ලකල දැවැන්ත බලපෑමත් සමගයි. අප රටේ වර්තමානයේ පවත්නා අර්බුදකාරී වාතාවරණය සහ අසන්නට ලැබෙන ව්විධ සිදුවීම් ඔස්සේ මේ හා බැඳුනු නොයෙකුත් අදහස් සහ සංවාද වරින්වර පැනනගින අයුරු දකින්නට පුලුවන්. ඒ අතරින් වඩාත්ම සුලබව කතාබහට ලක්වන මෙන්ම වැදගත් මාතෘකාවක් වන මානසික ආතතිය පිලිබඳවයි මේ සටහන.

සරළව කිවහොත් මානසික ආතතිය (Stress) යනු යම්කිසි පීඩාකාරී තත්වයකට අප තුල ඇතිවන ප්‍රතිචාරයක්. අපට මුහුණදීමට සිදුවන විවිධ තත්වයන් හෝ ජීවත්වීමේ දී අත්විඳීමට සිදුවන නොයෙකුත් ආකාරයේ සිදුවීම් නිසා මෙම තත්වය ඇතිවන්නට පුලුවන්. බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවන අවස්ථාවලදී සහ තත්වය තවදුරටත් තමන්ගේ පාලනයෙන් තොර බව හැඟෙන මොහොතක මෙලෙස පුද්ගලයෙකු ආතතියට පත්වන්නට වැඩි ඉඩකඩ තිබෙනවා.

එදිනෙදා ජීවිතයේදී අප සියලුදෙනාම පාහේ විවිධ ප්‍රමාණ වලින් ආතතියට මුහුණ දී තිබෙනවා.සමීපතමයෙකුගේ මරණයකදී, තරඟ විභාගයකට හෝ සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමේ දී, සබඳතාවයක් බිඳවැටීමේ දී, රැකියාවේ ගැටලුවක දී හෝ එය අහිමි වූ අවස්ථාවක දී, අධික කාර්යබහුල තත්වයක දී ඔබ සහ ඔබ අවට සිටින්නන් විවිධ ආකාරයෙන් ඒවාට ප්‍රතිචාර දැක්වූ බව ඔබට මතක ඇති. මේ ප්‍රතිචාරවල විවිධත්වයට අපට ආරයෙන් ලැබුණු ලක්ෂණ, මෙයට පෙර මුහුණදුන් ජීවන අත්දැකීම්, පෞරුෂය මෙන්ම සංකීර්ණ සාමාජයීය සහ ආර්ථික කාරණා හේතු වෙනවා. අභියෝගයට මුහුණදෙමින් එය ජයගන්නට හෝ තත්වය යම් තරමකට හෝ දරාගන්නට මෙම ස්වභාවික ප්‍රතිචාරය යම් තරමකට පැවතීම ඇතැම්විට උපකාරී වුවත්, එය පමණ ඉක්මවා ගිය විට ඇතිවන්නේ හානිකර සහ අවාසිදායක තත්වයක්.

ඇතැම් අය මේ ආතතිය (Stress), මානසික අවපීඩනය (Depression) සහ වියෝ දුක ( Grief ) යන තත්වයන් එකක් ලෙස වැරදියට වටහාගෙන තිබෙනවා. මානසික අවපීඩනය (Depression) ලෙස හැඳින්වෙන්නේ නොපමාව ප්‍රතිකාර සහ උපකාර අවශ්‍යවන මානසික රෝගී තත්වයක් වන අතර, වියෝ දුක ( Grief ) ලෙස හැඳින්වෙන්නේ තමන්ගේ ආදරණීයකුගේ වියෝව හෝ මාරාන්තික අසනීප තත්වයක් පිළිබඳව දැනගැනීම හේතුවෙන් ඇතිවියහැකි ඉතාම ප්‍රබල ශෝකාකූල හැඟීම්බර තත්වයක්.

ජීවිතයේ නොයෙක් අවස්ථාවල අප කරා ආ හැකි ආතතිය, කලමණාකරණය කරගැනීමේ හැකියාව වැදගත් ජීවන නිපුනතාවක්. මේ සඳහා විවිධ ක්‍රමවේදයන් භාවිතා කරන්නට පුලුවන්. හැකි උපරිමයෙන් ව්‍යායාම් සහ ශාරීරික වශයෙන් ක්‍රියාශිලී ජීවන රටාවකට යොමුවීම, සම්පූර්ණයෙන් අක්‍රීය ලෙස නොසිට ඔබගේ ආතතියට හේතුවන ගැටලුවට කලහැකි පිළියම් වෙත යොමු වීම සහ එහිදී අන් අය නොව ඔබ සතුටුවන විසඳුම්වලට ප්‍රමුඛත්වය ලබාදීම, විශ්වාසනීය සමීපතමයන් /මිතුරන් ඇසුර, ඔබටම වෙන්වූ කාලයක් දෛනිකව ගතකිරීම සහ ඔබ මෙන්ම දුෂ්කර වකවානුවක් ගතකරනඅන් අයට හැකිතාක් උදව් උපකාර කිරීමට යොමුවීමත් ඔබගේ ආතතිය යම් තරමකට සමනය කරගැනීමට උපකාරී වෙන පියවර වනවා. හැකිතාක් ධනාත්මක ආකල්ප පවත්වාගන්නා අතරේ, ඇතැම් දෑ අපගේ පාලනයෙන් තොරබව ඒ ආකාරයෙන් පිළිගැනීමත් ඉතාම වැදගත්.

කෙසේ වුවත් අප එකිනෙකාගේ ඔරොත්තුදිය හැකි සීමාවන් විවිධයි. ඒ නිසා කවර වයසක සිටියත්, කුමන රැකියාව කලත්, මොන අධ්‍යාපන මට්ටමේ සිටියත්, ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුවත් අපට පීඩාකාරී මට්ටමින් ආතතිය ඇතිවන්නට ඕනෑම අවස්ථාවක ඉඩකඩ තිබෙනවා. එමෙන්ම එක් අයෙකුට ඉතා පහසුවෙන් මුහුණදිය හැකි ගැටලුවක් තවත් කෙනෙකුට ඉතා දරුණු මානසික පීඩාවක් ඇතිකරන්න ඉඩ තිබෙනවා.

ඔබ ආතතියෙන් පීඩා විඳින බව දැනගන්නට හැකි ලක්ෂණ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. හිසරදය, කැරකැවිල්ල, මස් පිඩු තද වීම, මස්පිඩු වේදනාව, උදරයෙ අපහසුතාවන්, පපුවේ වේදනාව, වේගවත් හදගැස්ම සහ ලිංගික ගැටලු යනාදිය සුලබ ශාරීරික රෝග ලක්ෂණ වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. අවධානය පවත්වා ගැනීමේ අපහසුතාවය, තීරණ ගැනීමේදී ඇතිවන අපහසුතාවය, අධික හැඟීම්බර ස්වභාවය, නිරන්තරයෙන් ඇතිවන කනස්සල්ල සහ නිතර අමතක වෙන සුළු ස්වභාවය යනාදිය ආතතියේ සුලබ මානසික ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි. මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයෙකුගේ හැසිරීමේ විවිධ වෙනස්කම් ඇති විය හැකියි. බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ සමීපතමයෙකු ට මේ වෙනස්කම් ඉතා සියුම් වුවත් හඳුනා ගැනීමේ ඉඩකඩක් තුබෙනවා. මානසික ආතතිය හේතුවෙන් ඇතිවීමට ගිය ඇතැම් ඛේදවාචක සමීපතමයන්ගේ විමසිලිමත් බව නිසා වළක්වාගත හැකි වූ අවස්ථා පිළිබඳ සිදුවීම් අප අවට පරිසරය නිතර දකින්නට ලැබෙන්නේ ඒ නිසායි. සුළු දේටත් කේන්ති ගැනීම, කලබලකාරී බව, නින්ද ඉතා අධික හෝ ඉතා අඩු බව, ඉතා අධිකව හෝ ඉතා අඩුවෙන් ආහාර ගැනීම, අසාමාන්‍ය ලෙස ඇතැම් ස්ථාන සහ පුද්ගලයන් මගහැර සිටීමට උත්සාහ කිරීම, අධික ලෙස දුම් හෝ මත්පැන් පානයෙහි යෙදීම වැනි ලක්ෂණ ආතතියෙන් පෙළෙන පුද්ගලයන් වෙතින් නිතර පිළිබිඹු වෙනවා. එනමුත් ඒ තත්වයන් කෙනෙකුගේ සාමාන්‍ය චරිත ස්වභාවයට වඩා වෙනස් බව හඳුනාගන්නට බොහෝවිට හැකියාව ලැබෙන්නේ අදාළ තැනැත්තා හොඳින් දන්නා හඳුනන සමීපතමයෙකුටයි. කෙසේ වුවත් මෙම ලක්ෂණ ආතතිය හැර වෙනත් කායික / මානසික ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බව අමතක කරන්නට බැහැ.

මෙවැනි තත්වයක ඔබ හෝ ඔබේ සමීපතමයෙකු සිටීනම් ඔවුන් කඩිනමින් අදාළ උපකාරක සේවාවන් වෙත යොමු කිරීම කල යුතුයි. ආතතිය හෝ වෙනත් ඕනෑම මානසික ගැටලුවක් පිළිබඳව විමසීම සඳහා 1926 - ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇමතීමට ඔබට පුලුවන්. ඊට අමතරව ඔබගේ ප්‍රදේශයේ රෝහල්වල ඇති මානසික සෞඛ්‍ය සායනවෙත යොමුවීමේ අවස්ථාවත් ඔබට තිබෙනවා.

මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආතතියට හෝ වෙනත් මානසික ගැටලු සමනය වන බව ඇතැම් අය අතර ඇති මිත්‍යා මතයක්. විසඳුම් පතා එවැනි දෑට යොමු වීමෙන් පවත්නා ගැටලුව උත්සන්නවීමට මෙන්ම කායිකව හා මානසිකව තවදුරටත් අප බිඳවැටීමට හේතුවන බවට විද්‍යාත්මක සත්‍යයක්. මෙයට අමතරව ඇතැම් අය ආතතිය සමනය කරගැනීමේ බලාපොරොත්තුවෙන් අධික ලෙස කැෆේන් අඩංගු පාන වර්ග ගැනීමත් සිදු කරනවා. කෝපි / කෝලා වර්ග/ කැෆේන් සහිත ශක්තිජනක පාන නිතර ගැනීමත් සෞඛ්‍යයට හිතකර වන්නේ නැහැ.

කායික අපහසුතාවයක් ඇතිවූ විට එයට කල් නොහැර නිසි පිළියම් යොදන අප, මානසික අපහසුතාවයකදීත් ඒ ආකාරයෙන්ම අවධානය යොමුකර ඉක්මන් පිළියම් සඳහා යොමු වීම මෙවන් අර්බුදකාරි වටපිටාවක විශේෂයෙන්ම කලයුත්තක්. අප එකිනෙකා රැකබලාගන්නට අපට තරම් වෙන කිසිවෙකුට හැකියාවක් නැහැ. මේ අප එක්ව සුරැකිය යුතු කාලයයි.

Advance professional caregivers TOT Program  held at SLBFE Training center Rathnapura with the collaboration with ILO an...
23/01/2023

Advance professional caregivers TOT Program held at SLBFE Training center Rathnapura with the collaboration with ILO and TVEC

Address

Wanduragala
Kurunegala
11880

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Telephone

+94771170441

Alerts

Be the first to know and let us send you an email when Institute of Professional Caregivers in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram