25/11/2025
World Bank Mission - CSIAP ව්‍යාපෘතිය වයඹ පළාත.
2025 වර්ෂයේ World bank mission වෙනුවෙන් CSIAP ව්‍යාපෘතිය මගින් Spiny Ceylon අප ක්ෂේත්‍රය නිරීක්ෂණය සදහා තෝරාගෙන තිබීම අගය කළ යුතුය.
අපේ ගම් වලට ලේසියෙන් උදා නොවන අවස්තාවන් දැන් අපි ක්‍රමයෙන් උදා කරමින් සිටින්නෙමු.මෙවර ක්ෂේත්‍ර නිරීක්ෂණය වැදගත් වූයේ Spiny Ceylon සමගම අප Spiny Gourd Agricultural Producer Association හරහා ක්‍රියාත්මක වන ලංකාවේ ප්‍රථම තුඹ වගා ගම්මානයද නිරීක්ෂණය කිරීමයි.ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සහ තුඹ කරවිල
වගාව ව්‍යාප්ත කිරීම වෙනුවෙන් කාන්තාවන් 26 කගේ සහභාගීත්වය,කැපවීම තුළ නිර්මාණය වන තුඹ කරවිල වගා ව්‍යාපෘති 26 ක් සදහා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය නොමිලේ ලබා දෙමින් ඒ සදහා දායකත්වය දරන්නේ වයඹ පළාත් CSIAP ව්‍යාපෘතියයි.Spiny Ceylon අපි ඉදිරියට යන්නෙ තනිවම නෙවෙයි.දැන් අපි ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ලස්සන ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.කෘෂිකර්ම අමාත්‍යාංශය,වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව ,CSIAP ව්‍යාපෘතිය ඒ වෙනුවෙන් අපිට හැකි උපරිම සහයෝගය ලබා දෙනවා.Spiny Ceylon සන්නාමය අපි ක්‍රමයෙන් ගොඩ නගන විට අපි වටා, අපේ වැඩපිළිවෙළ තුළ ප්‍රතිලාභීන් විශාල ප්‍රමාණයක් අපි නිර්මාණය කරනවා.ඒ වෙනුවෙන් තමා අපි Spiny Gourd Agricultural Producer Association බිහි කරන්නෙත්.
මේක හරිම පොඩිවට ආරම්භ කරපු ගමනක්.අද ඒ පුංචි ආරම්භය අපේ කැපවීම,උත්සාහය ,අත් නොහැරීම තුළ ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පවතිනවා.Spiny Ceylon අපේ පුංචි ව්‍යාපාරය ලෝකයට ගෙනියන දවස වෙනකම් අපි මහන්සි වෙලා වැඩ කරන්නෙ එමගින් රාජ්‍ය අවධානය අඩුවෙන්ම ලැබුන අපේ ගම් ලෝකෙම දන්න ප්‍රදේශයක් බවට පත් කරන්න ලැබෙන බව අපි දන්න නිසා.
මෙම අවස්තාව සදහා Spiny Ceylon අප ආයතනය නිර්දේශ කළ CSIAP ව්‍යාපෘතියේ වයඹ පළාත් කෘෂි විශේෂඥ A M ජයවර්ධන මහතා, සහභාගී වූ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම - CSIAP ව්‍යාපෘති අධ්‍යක්ෂ සමන් බන්දුලසේන මහතා,ලෝක බැංකු නියෝජිත මනෝහරන් මහතා ,කෘෂි ව්‍යාපාර අළවිකරණ උපදේශක නවරත්න මහතා,දේශගුණ සුහුරු කෘෂි විශේෂඥ ෆ්‍රෑන්ක් ජයසිංහ මහතා, කෘෂි උපදේශක පාලිත මහතා,කෘෂිකර්ම පහසුකාරක නිළධාරී K M T S චන්ද්‍රසේකර මහතා සහ CSIAP ව්‍යාපෘතිය වෙනුවෙන් සහභාගි වූ අනෙකුත් සියලුම නිළධාරීන්ටත්,Spiny Gourd Agricultural Producer Association හි සියලුම සාමාජිකාවන්ටත්,Spiny Ceylon කාර්ය මණ්ඩලයටත්, Spiny Ceylon අපගේ ස්තුතිය පුද කරන්නෙමු. ❤️🙏
Spiny Ceylon 💚🥰
, , , , , , , , , , ,
,