Hiru Astrology piyasa

Hiru Astrology piyasa Astrology is Just a Finger Pointing of Reality

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ප්‍රකාශය.මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ ...
25/07/2024

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ප්‍රකාශය.

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා.

මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු.

මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.

එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.

අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.

ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.

ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැම තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.

අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.

අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. අපි දඩයම් කළෙත් ක්‍රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම.

අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව. ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ. වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.

අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.

මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵල වලින් මිදෙන්න ක්‍රමයක් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.

"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.

ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා. මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා. පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා.

මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. කහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.

දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.

දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි.

මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු. අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු. අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.

මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු. එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු.

ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක් සිදු වූ බව සඳහන් ව...
20/07/2024

ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක් සිදු වූ බව සඳහන් වේ.

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුසල් පිළිසිඳ ගත්තේ ඇසළ පෝය දිනකය.
සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රය කරන්නේත්,
රාහුල කුමරුගේ උපත සිදු වන්නේ ඇසළ පුන් පෝ දිනකයි.
යම් මාරයා විසින් සිදුහත්සතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත් බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකි.
තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.
කොණ්ඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම
ප්‍රථම ධර්ම නුවරයනාව පැවැත්වෙන රජගහට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු සිදු කිරීම.
ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේ ඇසල පොහෝ දිනයකි.
විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.
මහා සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.
කීර්ති ශ්‍රී මේඝ්වර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය සහ දන්ත විසින් ලංකාවට ගෙන යන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.

දම්ම පදයෙන් බිඳක්සචේ ලභේථ නිපකං සහායංසද්ධිං චරං සාධු විහාරි ධීරංඅභිභුය්‍ය සබ්බානි පරිස්සයානිචරෙය්‍ය තේන  'ත්තමනෝ සතීමා "...
11/07/2024

දම්ම පදයෙන් බිඳක්

සචේ ලභේථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි
චරෙය්‍ය තේන 'ත්තමනෝ සතීමා "
(නාග වග්ග)

එක්ව වාසය කරන්නට සුදුසු මනා හැසිරීමක් ඇති නුවණැති කලණ මිතුරෙකු ඇසුරට ලැබෙන්නේ නම්, එය මෙලොවදී ලැබිය හැකි මහත් වූ වාසනාවකි. එබඳු කලණ මිතුරෙකු සමඟ වාසය සතුට, සෙම්නස වාසනාව ගෙනදෙන්නක් බවට පත් වන්නේ බාහිරව පැමිණෙන විවිධ උපද්‍රවයන්ගෙන් මෙන්ම අභ්‍යන්තරව හට ගන්නා රාග,ද්වේශ,මෝහාදී උවදුරුවලින් ද වන විපත් වළක්වාලන හෙයිනි. උපන් උපන්, ජාති ජාතිත් කලණ මිතුරු ඇසුර වාසනාව ගෙන දෙන්නේ ඒ නිසාය. නිවනින් මෙහා පැතිය යුතු එකම ප්‍රාර්ථනය විය යුත්තේ ද එයයි.

ඡ්‍යෙතිෂයේ මැණික් භාවිතය  ලොව උපදින ඡන්මියාට නොයෙක් කරදර උපද්‍රව වලට මුහුණ පැමට සිද්‍රව‍ෙ එවා නිරාකරණය කර ගැනිමට අතිතයේ...
11/07/2024

ඡ්‍යෙතිෂයේ මැණික් භාවිතය
ලොව උපදින ඡන්මියාට නොයෙක් කරදර උපද්‍රව වලට මුහුණ පැමට සිද්‍රව‍ෙ එවා නිරාකරණය කර ගැනිමට අතිතයේ සිට පැවති මැනික් ප්‍රතිකාර ක්‍රමය ඉතා නිවරදිව යොදා ගැනිම කලයුතු අතර එසේ නොවන්නේ නම් එය අප අපේක්ෂා කරන සුභ පලයන්ට වඩා අසුභ පල ලැබේ
රාවණා මහරඡ සමයේදි පවා මැණික් භාවිතා කල බවට ඉතිහාසය සාෂිදරයි බුදුරඡානන් වහන්සේ චුලෝදර මහෝදර සහෝදරයන්ගේ මැණික් පුටුව සදහා වු අරගලය නිරාකරණය කිරිම සදහා ලංකාවට වැඩම විම එක් උදාහරණයකි
දශා ප්‍රදිපය මෙන්ම සාරාවලිය - මුහුර්ත ච්න්තාමණිය - අග්ණි පුරාණය - ගරැඩ පුරාණ වැනි ග්‍රන්ථ තුළ ද මැණික් භාවිතය පිලිබදව ඉතා වැදගත් කරැණු රැසක් සදහන් ව‍ෙ
මැණික් පැලදිමේදි නිවරදිව තමාට සුද්‍රසු මැණික් තෝරා ගැනිම ඉතා වැදගත්වේ ක්‍රිෂ්ණ මුර් ති පඩිතුමා සදහන් කර ඇත්තේ ඡන්මියාට වැරදි ගලක් පැලදිම දියවැඩියා රෝගිගියකුට සිනි දමා තේ කෝප්පයක් දිම හා සමාන බවයි
මැණික් යනු දිර් ඝ කාලයක් පොළව තුල රසායන විපර්යාසවලට ලක්ව න්ර්මාණය වු විෂ්මිත ශක්ති කදම්බයක් ඇති පාෂාණ විශේෂයකි එයින් නිකුත්කරන ශක්තින් මිනිසාට නොයේක් ආකාරවලට උපකාර කර ගත හැකිය
මෙම මණික් වලට අධිපති ග්‍රහයන් අනුව එවායේ බලය විවිධාකාර වේ එම නිසා මැණික් ගල් බාවිතා කිරිමේදි තමාගේ ඡන්ම පත්‍රය පරික්ෂා කර බලා තමාට ශුභ ග්‍රහයේක්ගේ කිරණ අවශෝෂණය කර ගැනිමත් අසුභ ග්‍රහ කිරණ දුර්වල කර ගැනිමත් කල යුතුය තවද මැණික් පැලදිමේදි රන් ආභරණයක පැලදිම වඩ වාඩාත් සුබථල උදාකර දේයි
බෝහෝ දේනා දන්නා කුඡ දෝෂය - කාල සර්ප යෝගය වැනි යෝග වලටද ඇදුම - අංශභාගය -පිළිකා -දියවැඩියාව වැනි බොහෝ රෝගවලට ද මෙමගින් විශාල සහනයක් උදාකරගත හැකිය
මැණික් ගල් තුල සැගව ඇති විශ්මිත බලය තුලින් ලද හැකි පිහිට අප්‍රමානය ඡ්‍යොතිෂයේ මැණික් භාවිතය පිළිබදව ඹබට සරල අවබෝදයක් ලබා දි මට මෙහි පලකරමු

චරිත් කේ මිද්දේනිය

SRI LANKAN GEMS Sri Lanka’s gem industry has a very long and colorful history. Sri Lanka was affectionately known as Rat...
06/07/2024

SRI LANKAN GEMS

Sri Lanka’s gem industry has a very long and colorful history. Sri Lanka was affectionately known as Ratna-Dweepa which means Gem Island. The name is a reflection of its natural wealth. Marco Polo wrote that the island had the best sapphires, topazes, amethysts, and other gems in the world. Ptolemy, the 2nd century astronomer recorded that beryl and sapphire were the mainstay of Sri Lanka’s gem industry. Records from sailors that visited the island state that they brought back “jewels of Serendib”. Serendib was the ancient name given to the island by middle eastern and Persian traders that crossed the Indian Ocean to trade gems from Sri Lanka to the East during the 4th and 5th century. Often the historical word "Ceylon" is used within gem industries to denote stones that come from the island.

Sri Lanka, geologically speaking is an extremely old country. Ninety percent of the rocks of the island are of Precambrian age, 560 million to 2,400 million years ago. The gems form in sedimentary residual gem deposits, eluvial deposits, metamorphic deposits, skarn and calcium-rich rocks. Nearly all the gem formations in Sri Lanka are located in the central high-grade metamorphic terrain of the Highland Complex. The gem deposits are classified as sedimentary, metamorphic and magmatic; the sedimentary types being the most abundant. The mineralogy of the gem deposits varies widely with, among others, corundum , chrysoberyl, beryl, spinel, topaz, zircon, tourmaline, garnet being common.

Residual deposits are mainly found in flood plains of rivers and streams. The metamorphic types of gems constitute 90% of the gem deposits in Sri Lanka. It has been estimated that nearly 25% of the total land area of Sri Lanka is potentially gem-bearing, making Sri Lanka one of the countries with the highest density of gem deposits compared to its landmass.

Ratnapura contains the most gem deposits and derived its name from the gem industry. Ratnapura means “city of gems

රාශි 12 වගතුග                  ඡන්ම පත්‍ර පරික්ෂාවේදි නොහෝත් ඡේ‍්‍යාතිෂ්‍ය පලාඵල කථනයේ දි රාශිය හෙවත් ලග්නනය ම මුල් කර ...
04/07/2024

රාශි 12 වගතුග
ඡන්ම පත්‍ර පරික්ෂාවේදි නොහෝත් ඡේ‍්‍යාතිෂ්‍ය පලාඵල කථනයේ දි රාශිය හෙවත් ලග්නනය ම මුල් කර ගන්නා බැවින් මේම මේෂාදි රාශි 12 ඡේ‍්‍යාතිෂයේදි ප්‍රධාන මේහවරක් ඉටු කරනවා ඇත
රාශි දොළහන් උපන් අයගේ ගති පැවතුම් එකිනෙක වෙනස් වේ . අනුරාධ පෙරේරා ඡේ‍්‍යාතිෂ පදනමේ පටකයින් වන ඔබට මේෂ රාශියේ සිට මින රාශිය දක්වාවු රාශි 12 ගැන එකින් එක දළ අවබෝදයක් ලබාදිමට මගේ උත්සහයයි .
මේහි සදහන් වන කරැණු සියයට සියයක්ම ඒ ආකාරයෙන්ම නොපිහිටන බවද සිහිතබා ගත යුතුය.
මන්ද ලග්නාදධිපතියාගේ තත්වය,ඔහු සිටින ආකාරය,කේන්ද්‍රයේ සේසු ග්‍රහයින්ගේ තැන්පත් විම,ග්‍රහ යෝග,ග්‍රහ දෘෂ්ටි යනාදි දේවල් හේතුවේන් මේම ගති පැවතුමවල වේනස්විම් අඩු වැඩි වශයේන් සිදුවේ.එමේන්ම කිසිදු ලග්නයක් හොද හෝ නරක යනුවේන් විශේෂ වර්ග කිරිමකින් තෝර බවද සිහි තබාගත යුතුය. සැම ලග්නයකින්ම විවිධ වු පුද්ගලයින් බිහිවිම සිදුවේ.

( කෝටස් 12 ලේස ඔබට රාශි 12 පිලිබදව සරල අවබෝදයක් ලැබිමට වේන් වේන් වෂයේන් මේහි පලකරමු. )

Astrology reading
0778318172
0783617200

Astrology is a range of divinatory practices, recognized as pseudoscientific since the 18th century, that propose that i...
04/07/2024

Astrology is a range of divinatory practices, recognized as pseudoscientific since the 18th century, that propose that information about human affairs and terrestrial events may be discerned by studying the apparent positions of celestial objects.Different cultures have employed forms of astrology since at least the 2nd millennium BCE, these practices having originated in calendrical systems used to predict seasonal shifts and to interpret celestial cycles as signs of divine communications.Most, if not all, cultures have attached importance to what they observed in the sky, and some—such as the Hindus, Chinese, and the Maya—developed elaborate systems for predicting terrestrial events from celestial observations. Western astrology, one of the oldest astrological systems still in use, can trace its roots to 19th–17th century BCE Mesopotamia, from where it spread to Ancient Greece, Rome, the Islamic world, and eventually Central and Western Europe. Contemporary Western astrology is often associated with systems of horoscopes that purport to explain aspects of a person's personality and predict significant events in their lives based on the positions of celestial objects; the majority of professional astrologers rely on such systems.

Throughout its history, astrology has had its detractors, competitors and skeptics who opposed it for moral, religious, political, and empirical reasons. Nonetheless, prior to the Enlightenment, astrology was generally considered a scholarly tradition and was common in learned circles, often in close relation with astronomy, meteorology, medicine, and alchemy. It was present in political circles and is mentioned in various works of literature, from Dante Alighieri and Geoffrey Chaucer to William Shakespeare, Lope de Vega, and Calderón de la Barca. During the Enlightenment, however, astrology lost its status as an area of legitimate scholarly pursuit. Following the end of the 19th century and the wide-scale adoption of the scientific method, researchers have successfully challenged astrology on both theoretical and experimental grounds, and have shown it to have no scientific validity or explanatory power.Astrology thus lost its academic and theoretical standing in the western world, and common belief in it largely declined, until a continuing resurgence starting in the 1960s

ආයුබෝවන් ඔබ සියලුම දෙනාට!!!ජ්‍යොතිෂයේ දී හදුන්වනු ලබන ප්‍රබල යෝග කිහිපයක් ගැන ජ්‍යොතිෂය දන්නා,නොදන්නා සෑම දෙනාගේම දැනුවත...
03/07/2024

ආයුබෝවන් ඔබ සියලුම දෙනාට!!!
ජ්‍යොතිෂයේ දී හදුන්වනු ලබන ප්‍රබල යෝග කිහිපයක් ගැන ජ්‍යොතිෂය දන්නා,නොදන්නා සෑම දෙනාගේම දැනුවත් වීම පිණිස ඉදිරිපත් කිරීම මෙම ලිපියෙහි පරමාර්ථය වේ.
.........පංච මහා පුරුෂ යෝග........

1.හංස යෝගය-ගුරු ග්‍රහයාගෙන්

2.රුචක යෝගය-කුජ ග්‍රහයාගෙන්

3.සස යෝගය-ශනි ග්‍රහයාගෙන්

4.භද්‍ර යෝගය-බුධ ග්‍රහයාගෙන්

5.මාලවී යෝගය-සිකුරු ග්‍රහයාගෙන්

ආදී වශයෙන් යෙදේ.

-1-හංස යෝගය

ගුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍ර ව කේන්දර ගතවීමෙන් මෙම යෝගය යෙදේ.මෙය යෙදුනු විට ජන්මියාට,

|ධාර්මික බව
|ප්‍රකට වීම
|යස ඉසුරු හිමි වීම
|යහපත් දූ දරුවන් ලැබීම
|සමාජයේ ගෞරවය
|ප්‍රධානත්වය
හිමිවන බව ජ්‍යොතිෂයෙහි සදහන් වේ.

-2-රුචක යෝගය

කුජ ග්‍රහයා උච්ච ව හෝ ස්වක්ෂේත්‍ර ව කේන්දර ගතවීමෙන් රුචක නම් පංච මහා පුරුෂ යෝගය යෙදේ.
මෙය පිහිටීමෙන් ජන්මියාට,

|එඩිතර බව
|කඩිසර කම
|තේජවන්ත පෙනුමක් ලැබීම
|සතුරන් පහසුවෙන් පරාජය කිරීමේ හැකියාව
|සන්නද්ධ සේවාවල නායකත්වය හිමිවීම වැනි සුබ ප්‍රතිඵල උරුම වේ.

-3-සස යෝගය

ශනි ග්‍රහයා උච්ච ව හෝ ස්වක්ෂේත්‍ර ව කේන්දර ගතවීමෙන් සස යෝගය යෙදේ.මෙය පිහිටන ලද ජන්මියාට,

|ආයුෂය
|ධනය
|බලය
|පිරිස් බලය
|කීර්ති ප්‍රශංසා
|බුද්ධිය
|යාන වාහන
|නිවාස උරුම යනාදිය හිමි වේ.

-4-භද්‍ර යෝගය

බුධ ග්‍රහයා උච්ච ව හෝ ස්වක්ෂේත්‍ර ව කේන්දර ගතවීමෙන් මෙම යෝගය යෙදේ.මෙය පිහිටි ජන්මියාට,

|දක්ෂ කථිකත්වයක්
|සියුම් දේ ඉගෙනීමට ඇති ආශාව
|ජනතා ගෞරවය
|බුද්ධිය
|ආගමික භක්තිය
|ජ්‍යොතිෂය වැනි ගැඹුරු ශාස්ත්‍ර ඉගෙනීමට දක්ෂතාවයක් පවතී.

-5-මාලවී යෝගය

සිකුරු ග්‍රහයා උච්ච ව හෝ ස්වක්ෂේත්‍ර ව කේන්දර ගතවීමෙන් මෙම යෝගය යෙදේ.මෙය යෙදීමෙන් ජන්මියාට,

|සතුට
|විශ්වාසවන්ත බව
|කලාත්මක බව
|කලාවට ලැදි බව
|ආත්ම ගෞරවය
|කීර්ති ප්‍රශංසා
|සැලකිලි
|ගෞරව නම්බු නාම
|යාන වාහන
|ප්‍රසන්න පෙනුම
|ලෞකික සැප සම්පත්
|දියුණුව හිමි වේ.

මේ සියලු යෝග ඉහත පරිදි ජන්ම පත්‍රයේ සදහන් වී තිබුණ ද අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටීම පාප ග්‍රහ සංයෝග වීමක දී ජන්මියා කෙරෙන් ශුභ ප්‍රතිඵල අඩු වී යනු ඇති බව තරයේ මතක තබා ගත යුතු ය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

ජ්‍යොතිෂය බුදුන්වහන්සේ අනුමත නොකළේද?                      කාලින මාතෘකාවක් ඔස්සේ ඔබගේ අවධානය යොමු කරවීමට අදහස් කළෙමි. ජ්‍...
03/07/2024

ජ්‍යොතිෂය බුදුන්වහන්සේ අනුමත නොකළේද?

කාලින මාතෘකාවක් ඔස්සේ ඔබගේ අවධානය යොමු කරවීමට අදහස් කළෙමි. ජ්‍යොතිෂය වනාහි බුදුන්වහන්සේගෙ ලොව පහලවීමටත් පෙර අනාදිමත් කාලයක සිට පැවත එන ශාස්ත්‍රයක් බවට සාක්ෂි ඕනෑතරම් බුද්ධ චරිතය තුළම හමුවේ. නමුත් එම ශාස්ත්‍රය බුදුන්වහන්සේ විසින් අනුමත කරන ලද හෝ ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බවට සාක්ෂි ඇත්තේ ඉතාම අල්ප වශයෙනි.

බුදුන්වහන්සේගේ අසාමාන්‍ය නුවණට හසු නොවුණු දෙයක් මේ විශ්වය තුළ තිබිය නොහැක. එම නිසා නේ විෂය සම්බන්ධ කරුණු බුදුන්වහන්සේ හොඳාකාරවම දැන සිටින්නට ඇත. එහෙත් ජ්‍යොතිෂයෙහි පිහිට පතාගෙන එය හඹායන ලෙස කිසිවෙකුට අනුශාසනා කළ බවක් අපට ඉගෙනීමට ලැබී නැත්තේ මන්ද?

මා හට හැඟෙන ආකාරයට නම් ( මෙය පෞද්ගලික අදහසකි ) බුදුන්වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේම දේශනා කරන ලද්දේ අකුසලයෙන් මිදී කුසලයෙහි පිහිටන ලෙසයි. ඉදින් එසේ අකුසලයෙන් මිදුණු කෙනෙකුගේ ග්‍රහචාරය හෙවත් ජන්ම කේන්ද්‍රය දුර්වල හෝ පාපපීඩිත විය නොහැක. පිං කරන තැනැත්තා මෙලොව පරලොව දෙකෙහිම සතුටු වන බවට ධම්ම පදයෙන් කියා තිබියදී ඔහුට ග්‍රහ තාරකාවන්ගෙන් හෝ වෙනත් කිසිම අයහපත් බලවේගයජුන් හානියක් සිදු නොවන්නේය. එන නිසා ජ්‍යොතිෂයට හෝ වෙනත් කිසිවක පිහිට පතාගෙන ඒ පසුපස ටානට එන පිංවන්තයාට අවශ්‍යතාවක් නැත. ඉදින් ජ්‍යොතිෂය අනුමත කිරීමට හෝ ඒ පිළිබඳ යම් යම් දේශනා සිදු කිරීනෙන් ඵලක් නොවන බව අපගේ ලොව්තුරා බුදුන්වහන්සේට පසක්වන්නට ඇත.

එම නිසා ඒ ලොව්තුරු දහම ඔස්සේ යමින් මෙලොව ජීවිතය හා සසර ජය ගැනීමට මේ වෙසඟේ අධිෂ්ඨාන කරගමු.

ඔබ සැමට තෙරුවන් සරණ වේවා!

බුදුරදුන්ගේ ඉගැන්වීම මගින් සංසාරය ලෙසද හැඳින්වෙන පැවැත්මේ චක්‍රයේ ගැඹුරු ස්වභාවය අවධාරණය කරයි, එය උපත, මරණය සහ නැවත ඉපදී...
02/07/2024

බුදුරදුන්ගේ ඉගැන්වීම මගින් සංසාරය ලෙසද හැඳින්වෙන පැවැත්මේ චක්‍රයේ ගැඹුරු ස්වභාවය අවධාරණය කරයි, එය උපත, මරණය සහ නැවත ඉපදීමේ අඛණ්ඩ ක්‍රියාවලිය මගින් සංලක්ෂිත වේ. මෙම ඉගැන්වීමේ දී, බුදුන් වහන්සේ සංසාරයේ විශාලත්වය සහ තේරුම්ගත නොහැකි බව පෙන්වා දෙන්නේ එය ඇදහිය නොහැකි තරම් දිගු බවත් එහි ආරම්භය හෝ අවසානය වටහා ගැනීමට අපට ඇති හැකියාවෙන් ඔබ්බට විහිදෙන බවත් ප්‍රකාශ කරමිනි.

චක්‍රීය සහ පැවැත්මේ මූලික ස්වභාවය අවධාරනය කරන අතර, කර්මයේ බලයෙන්, හේතුව සහ ඵල නීතියෙන් ස්ථීර වේ.

තවද, අස්ථි සහ ඇටසැකිලි ඇතුළත් රූපකයක් භාවිතා කරමින් බුදුන් වහන්සේ සංසාරයේ විස්තීරණ ස්වභාවය මනාව විදහා දක්වයි.

ජීවීන්ගේ අනන්ත පැවැත්මේ චක්‍ර පුරාවටම ඉතිරි වූ සියලුම දේහයන් එකට එකතු කළහොත්, ඒවා වේපුල්ල කන්දට සමාන වන පරිදි කුළුණු උසකට එකතු වන බවයි.

පැවැත්මේ චක්‍රයේ විශාලත්වය සහ ජීවීන් ඉපදීම, මරණය සහ නැවත ඉපදීම යන චක්‍රයට භාජනය වන විට ජීවත් වූ සහ දිගටම ජීවත් වන අසංඛ්‍යාත ජීවිත ප්‍රකාශ කිරීමට මෙම රූපාවලිය පෙන්නුම් කරයි.

සංසාර චක්‍රය තුළ පවතින අනිත්‍ය හා නිරන්තරයෙන් වෙනස් වන ස්වභාවය අවධාරනය කරයි.

එය ලෞකික පැවැත්ම හා බැඳුණු නෛසර්ගික දුක්ඛිතභාවය සහ අනිත්‍යතාවය ඉස්මතු කරන අතර ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් ප්‍රඥාව, සදාචාරාත්මක හැසිරීම සහ චිත්තවේගීය ශික්‍ෂණය වර්ධනය කර ගනිමින් මෙම චක්‍රයෙන් විමුක්තිය සෙවීමට දිරිමත් කරයි. පැවැත්මේ චක්‍රයේ විශාලත්වය සහ ගැඹුර අවබෝධ කර ගැනීමෙන්, අධ්‍යාත්මික පිබිදීමේ සහ දුක් වේදනා චක්‍රයෙන් මිදීමේ මාවතට පැමිනීමයි.

තෙරුවන් සරණයි

Astrology is a range of divinatory practices, recognized as pseudoscientific since the 18th century, that propose that i...
02/07/2024

Astrology is a range of divinatory practices, recognized as pseudoscientific since the 18th century, that propose that information about human affairs and terrestrial events may be discerned by studying the apparent positions of celestial objects

Address

Kurunegala
60000

Telephone

+94778318172

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru Astrology piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share