MOH Office - Madampe

MOH Office - Madampe Office of the Medical Officer of Health - Madampe
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය -මාදම්පේ

17/04/2023

අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කරමු.

1. පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම

3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම

4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම

5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම

6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

බස්නාහිර, වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සහ මොණරාගල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම තත්වය වඩාත් දරුණු ලෙස බලපා තිබෙනවා.

මෙම උෂ්ණත්වය අධික වකවානුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද යහ පැවැත්ම උදෙසා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඔබට අප යළිත් සිහිපත් කරමු.

මාදම්පේ සහ පූක්කුලම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාශ වල බර අඩු දරුවන් සඳහා විශේෂ පෝෂණ වැඩසටහනක් මාදම්පේ රෝහල් සායනයේදී ...
09/03/2023

මාදම්පේ සහ පූක්කුලම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාශ වල බර අඩු දරුවන් සඳහා විශේෂ පෝෂණ වැඩසටහනක් මාදම්පේ රෝහල් සායනයේදී අද පැවැත්විණි..

මෙහිදී නිවසේ ආදායම් වියදම් කළමනාකරණය කරගමින් අඩු වියදමකින් සහ අඩු කාලයකින් වැඩි පෝෂණයක් ඇති ආහාර සාදා ගැනීම ගැන සාකච්ඡා කෙරිණි..

සාකච්ඡාව අවසානයේ මව්වරුන් සමග එක්ව පෝෂණ කංජි සාදා එය පොඩිත්තන් උදෙසා පිළිගන්වන ලදී 🤗


මාදම්පේ කුරුඳුවත්ත ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා කමිටුවේ සහ කුරුඳුවත්ත  #මව්_හවුලේ සංවිධානයෙන් පැවති වැඩස...
23/02/2023

මාදම්පේ කුරුඳුවත්ත ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා කමිටුවේ සහ කුරුඳුවත්ත #මව්_හවුලේ සංවිධානයෙන් පැවති වැඩසටහන් කීපයකට පසු ගිය දා මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ අපට සම්බන්ධ වීමට හැකියාව ලැබුණි..

කුරුඳුවත්ත ළමා සමාජයේ මාසික රැස්වීමට සම්බන්ධ වී ජීවිත අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාවක් ගැනිමට අපට හැකිවිය.විශේෂයෙන්ම මෙහිදී නව යොවුන් සෞඛ්‍ය,මත්ද්‍රව්‍ය,අධ්‍යාපන වැඩකටයුතු සාර්ථක කරගැනීම ආදී දේ සම්බන්ධයෙන් ඔවුන්ට ඇති ගැටළු ගැන සාකච්ඡා කිරීමට වෙලාව වෙන් කෙරිණි.ඒ අතරතුර ළදරුවන් සමඟ හොඳ සෞඛ්‍ය පුරුදු ගැන සාකච්ඡාවක් ගෙන ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට වෙලාව වෙන් කෙරිණි.ඉන්පසු මව්හවුලෙන් සූදානම් කර තිබූ මඤ්ඤොක්කා වේලක රස බැලීමටද ඔවුන්ට අවස්ථාව උදාවිණි 🤗

ඒ අතරතුර ආර්ථික අර්බුදයක් පවතින මෙම කාලයේ ප්‍රජාවේ අවශ්‍යතාව සපුරා ගත හැකි ආකාරය පිළිබද #මව්_හවුල සමඟ සාකච්ඡාවක් ගොඩ නැගුණු අතර ගෙවතු වගා දියුණු කිරීමෙන් සහ බෙදා හදා ගැනීමෙන් ගමේ පෝෂණ අවශ්‍යතාව සපුරා ගැනීම පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

අවුරුදු 35ට වැඩි කාන්තාවන් සුවනාරි සායනයකට සහභාගි වීමේ වැදගත්කම පිළිබද ඔවුන් සමඟ ගත් සාකච්ඡාවෙන් පසු එහි පැවැත්වූ ජංගම සුවනාරී සායනයටත් පිරිස උනන්දුවෙන් සහභාගි විය.



මාදම්පේ පූක්කුලම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාශයේ නෙලුම්පොකුණ මව් හවුලේ සාකච්ඡාවක් පසුගියදා පවත්වන ලදී..මෙහිදී මව්වරු...
14/02/2023

මාදම්පේ පූක්කුලම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාශයේ නෙලුම්පොකුණ මව් හවුලේ සාකච්ඡාවක් පසුගියදා පවත්වන ලදී..

මෙහිදී මව්වරුන් ලෙස පවුලේ පෝෂණය සම්බන්ධයෙන් ක්‍රියා කල යුතු ආකාරය ගැන මෙන්ම ගෙවත්ත දියුණු කරගැනීම මඟින් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ගොඩ නැගිණි.

එලෙසම හිස ඔසවන ඩෙංගු රෝගය පැතිරීම වැළක්වීම සඳහා ප්‍රජාවක් ලෙස ගත හැකි ක්‍රියාමාර්ග ගැන ද සාකච්ඡා කරන ලදී..



මාදම්පේ පොතුවිල ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා කමිටුවේ ආරාධනාවක් මත පෝෂණය පිළිබඳ සාකච්ඡාවකට සම්බන්ධ වීමට ම...
06/02/2023

මාදම්පේ පොතුවිල ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා කමිටුවේ ආරාධනාවක් මත පෝෂණය පිළිබඳ සාකච්ඡාවකට සම්බන්ධ වීමට මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට පසුගිය දා අවස්ථාව ලැබුණි.

මෙහිදී අඩු වියදමකින් පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නා ආකාරය සාකච්ඡා කල අතර විශේෂයෙන්ම ප්‍රදේශයේ පවතින ක්ෂුද්‍ර පෝෂක ඌණතා මග හැරගැනීමට ගෙවත්ත දියුණු කළ හැකි ආකාරය පිළිබදව සාකච්ඡා කෙරිණි..


පොඩිත්තෝ කියන්නේ ගමක රටක අනාගතය..ඔවුන්ගේ ජීවිත සැපවත් කරන්න,දියුණු කරන්න පොඩිත්තෝ එක්ක කාලය ගත කරන ගමන් ක්‍රියාවලියක් වි...
31/01/2023

පොඩිත්තෝ කියන්නේ ගමක රටක අනාගතය..ඔවුන්ගේ ජීවිත සැපවත් කරන්න,දියුණු කරන්න පොඩිත්තෝ එක්ක කාලය ගත කරන ගමන් ක්‍රියාවලියක් විදිහට වැඩිහිටියන්ට කල හැකි දේ බෝමයි..

https://www.facebook.com/101752978736818/posts/510332127878899/?mibextid=Nif5oz

මේ විදිහට පොඩිත්තන්ගේ මුල් ලමා විය සංවර්ධන වෙනුවෙන් සහ ඔවුන්ගේ ආකල්ප,කුසලතා දියුණු කරන්න මාදම්පේ සෙම්ඹුකට්ටිය ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා කමිටුවත් ප්‍රජාවත් එක්ක ි කරපු සෙල්ලම් ගෙදර කතාවයි මේ...

මාදම්පේ කරුක්කුව ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ආර්ථික සුරක්ෂිතතා කමිටුවේ ආරාධනයකට අනුව පෝෂණය සම්බන්ධ සාකච්ඡාවකට මාදම්පේ ස...
31/01/2023

මාදම්පේ කරුක්කුව ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ආර්ථික සුරක්ෂිතතා කමිටුවේ ආරාධනයකට අනුව පෝෂණය සම්බන්ධ සාකච්ඡාවකට මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ අපිට සම්පත් දායකත්වය ලබා දෙන්න හැකි වුණා.

මෙහිදී පවුලේ සැමගේම පෝෂණ අවශ්‍යතා ගැනත්, විශේෂයෙන්ම ගෙවත්තක සුලභ දෑ යොදාගෙන යකඩ ආදී ක්ෂුද්‍ර පෝෂක අවශ්‍යතාවය සපුරාගන්නා ආකාරය පිළිබදත් සාකච්ඡාවක් ගොඩ නැගුණා.


ජාතික යොවුන් සේනාංකය මඟින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) පුත්තලම් දිස්ත්‍රික් පුහුණු ලාභීන්...
18/01/2023

ජාතික යොවුන් සේනාංකය මඟින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) පුත්තලම් දිස්ත්‍රික් පුහුණු ලාභීන් සඳහා සංවිධානය කළ ජීවන කුසලතා සංවර්ධන වැඩසටහනේ සෞඛ්‍යය යහපැවැත්ම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවට මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය මගින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

මෙහිදී බෝ වන රෝග,බෝ නොවන රෝග, පෝෂණය මෙන්ම යහපත් සබඳතා ගැනද තරුණ ප්‍රජාව ලෙස රටේ දියුණුව වෙනුවෙන් කල හැකි දෑ පිළිබඳ ද සාකච්ඡාවක් ගොඩ නැගුණි..

2023 නව වර්ෂය සඳහා මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ වැඩකටයුතු අද දින මෙසේ ආගමික වතාවත් වලින් අනතුරුව ආරම්භ කරන ල...
02/01/2023

2023 නව වර්ෂය සඳහා මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ වැඩකටයුතු අද දින මෙසේ ආගමික වතාවත් වලින් අනතුරුව ආරම්භ කරන ලදී..

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය ඇතුළු කාර්‍ය මණ්ඩලය සුව අවුරුද්දක් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබද සාකච්ඡාවක් ගනු ලැබූ අතර විශ්‍රාම ලැබූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් වෙනුවෙන් සුභ සාධක සමිතියෙන් කල උපහාර පිදීමත් අද දිනයේදී සිදු විය..

ආයතනයේ දැක්ම අනුව මේ වසරේදීත් ප්‍රජාවේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය කටයුතු ප්‍රශස්ථ මට්ටම පවත්වා ගනිමින් සෞඛ්‍ය යහපැවැත්ම නගා සිටුවීමට සියළු අංශ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙමු ..

සුභ සුව වසරක් වේවා !

සුව නත්තලක් වේවා 💚❤
25/12/2022

සුව නත්තලක් වේවා 💚❤

ගර්භණී කාලය කියන්නේ මවගේ කායික සෞඛ්‍යය මෙන්ම මානසික,සමාජීය සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් විය යුතුම කාලයක්..දරුවාගෙත් බුද්ධි ව...
24/12/2022

ගර්භණී කාලය කියන්නේ මවගේ කායික සෞඛ්‍යය මෙන්ම මානසික,සමාජීය සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් විය යුතුම කාලයක්..දරුවාගෙත් බුද්ධි වර්ධනය කුස තුළදීම ආරම්භ වෙන නිසා ඒ සදහා උත්තේජ ලබා දීමත් හරිම වැදගත්..

මේ අරමුණු උදෙසා සංගීත චිකිත්සාමය වැඩසහනක් ගල්මුරුව,සුදුවැල්ල සහ කුඩිරිප්පුව යන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහ මැදගම මහජන පරීක්ෂතුමාගේ සංවිධානයෙන් සුදුවැල්ල කැදැල්ල මධ්‍යස්ථානයේදී පසුගිය දා සාර්ථකව පැවැත්විණි..

Address

Madampe

Telephone

+94322249500

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office - Madampe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share