05/09/2025
පොතුපිටිය මහාවිද්‍යාලය සමඟ අඛණ්ඩ වැඩ අවුරුදු 3ක් ඇරඹුවෙමු.....🙂🌻
Reflection වැඩසටහන් මාලාවෙන් ආරම්භ වූ පොතුපිටිය මහවිද්‍යාලය සමඟ වැඩ කිරීම, පාසල සංවර්ධන සඳහා වන අඛණ්ඩ වැඩ සැලස්මක් දක්වා ගමන් කර තිබේ. විදුහල්පතිතුමාගේ විවෘත වැඩ කිරීමේ පලපුරුද්ද සහ අත්දැකීම් සහ අප පුහුණු ඒකකයේ අරමුණු එක සමපාත වීමත් සමඟ අපේ වැඩ අඛණ්ඩව කරගෙන යෑම වේගවත් වුණා. පළමු වැඩසටහන් දෙකෙන් අනතුරුව පාසල වෙත ගිය දෙවැනි අවස්ථාව මෙය වූ අතර අපි සමඟ අපේ විදෙස් ස්වේච්ඡා සාමාජික ඉතාලි ජාතික ජකොපෝ ද මේ දෙවැනි ගමනට අපි එක්ක එකතු වුණා. පාසල අපිව උණසුම්ව පිළිගත් අතර, පාසල සමඟ ශක්තිමත්ව වැඩ කරන දෙමාපියන්ගෙන් ඉතාම උනන්දු සහගත අම්මලා කණ්ඩායමක් අපි සමග එකට එකතු වී දරුවන් වෙනුවෙන් වැඩ කරන්න පෙල ගැසීම මෙහි සුවීශේෂිම අවස්ථාව විය.
පළමු අදියර යටතේ ගුරුවරුන්ගේ අදහස් ලබා ගත් අතර, දෙවැනි අධියර යටතේ නිසඟව වැඩේ සඳහා පැමිණි ශක්තිමත් ගැහැණු කණඩායම සමඟ අපි කණඩායම් ගැසීමේ වැඩසටහනක් සිදු කළා. පාසලේ වගකීම දරණ සහ සම්බන්ධීකරණ දරන නඳුනි ඉෂාරා ගුරුතුමිය සහ යශෝදා ගුරුතුමියත් කණ්ඩායම් සාමාජිකයන් වුණා. අනතුරුව සෑම මාස දෙකකට වරක් වැඩ පසුවිපරම් කරන්න අපි එකඟ වූණා.
ඊළඟ වැඩේ වුණේ උසස් පෙළ සිසුන්ට කතා කරන එක. ඒක අපහසුම දෙයක් බව ගරුවරු කිව්වා. නමුත් අපි එදා පැමිණි ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඇතුලු 7 දෙනෙක්ගේ කණ්ඩායමකට ඉතාම තදින් ඔවුන්ගේ ඇතුලාන්තයට කතා කලා. අවසානේ ඔවුන් මේ මාසේ අපේ ප්‍රධාන පුහුණු මධ්‍යසථානයට ඒමට පොරෙන්දු වුණා.කෝකිලා ගුරුතුමිය මේ සම්බන්ධයෙන් ඉතාම උනන්දුසහගතව අපි එක්ක කතා කළා. අවසාන වැඩේ වුණේ,දැනට අපි එක්ක වැඩ ආරම්භ කළ සිසුන් කණ්ඩායමේ පසුවිපර සිදු කිරීම. වෙන වෙනම ඒ සිසුන් සමඟ කතා කරමින් අපි එය සිදු කළා. අලුත්ම සිසුන් දෙනනෙකත් එකතු වුණා. මේ අතර අපේ ජකොපො ඉංග්‍රීසි පංතියකටත් සහභාගි වෙමින් සිසුන් එක්ව වැඩ කළා.
වැඩසටහන නිමාවීමෙන් අනතරුව විදුහල්පතිතුමා සමඟ දීර්ඝ වැඩ සාකච්ඡාවක කරන්නත් අපිට පුළුවන් වූණා. පාසල සමඟ අඛණ්ඩ වැඩක් කළ හැකිය යන පෙර නිමිති අප පුහුණු ඒකකයට දැනෙමින් තියෙනවා. අපි ඒ වෙනුවෙන් එක්ව වැඩ කරනවා.
අප පුහුණු හා උපදේශන වැඩසටහන් සමඟ ඔබ පාසලටත් අප සමඟ එක්විය හැකියි. අප මධ්‍යස්ථානය සහ අරමුණු පිළිබඳව වැඩිවිස්තර පහත සබැඳියෙන් ලබා ගත හැකියි.
https://www.facebook.com/share/p/1BVKydK5kN/
අමතන්න.
සම්බන්ධීකරණය
මධුවන්ති අමරවීර
0778694981
Ceylon Youth Movement MKCYM ලංකා තරුණ