Dilani Pharmacy, Hasalaka

Dilani Pharmacy, Hasalaka හසලක දිලානි ෆාමසි

Wish you and your loved ones a blessed new year.-Dilani Pharmacy-
01/01/2024

Wish you and your loved ones a blessed new year.
-Dilani Pharmacy-

2023 දෙසැම්බර් 08 දින උදෑසන 10 සිට අප ආයතනය වෙත පැමිනෙන්න.
06/12/2023

2023 දෙසැම්බර් 08 දින උදෑසන 10 සිට අප ආයතනය වෙත පැමිනෙන්න.

පොසොන් පොහොය මූලික කොටගෙන දෙවන වරටත් දිලානි ෆාමසි, හොටෙල් කුඹුරේගම, රංජනී කූල් හවුස් එක්ව සංවිධානය කරනු ලැබූ 'නැවුම් පලත...
05/06/2023

පොසොන් පොහොය මූලික කොටගෙන දෙවන වරටත් දිලානි ෆාමසි, හොටෙල් කුඹුරේගම, රංජනී කූල් හවුස් එක්ව සංවිධානය කරනු ලැබූ 'නැවුම් පලතුරු බීම දන්සැල' ඉකුත් 3 වැනි (පොසොන් පොහෝ දින) හසලක නගර මධ්‍යයේ සාර්ථක ලෙස පැවැත්විනි. සහයෝගය දුන් සැමට ස්තූතීයි. ❤️

දිලානි ෆාමසි,කුඹුරේගම හෝටලය සහ රංජනී කූල් හවුස් එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන නැවුම් පලතුරු බීම දන්සැල සදහා ඔබ සැමට ...
25/05/2023

දිලානි ෆාමසි,කුඹුරේගම හෝටලය සහ රංජනී කූල් හවුස් එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන නැවුම් පලතුරු බීම දන්සැල සදහා ඔබ සැමට ආරාධනා...!
Dilani Pharmacy, Hasalaka

ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයින් පැරසිටමෝල...
17/05/2023

ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයින් පැරසිටමෝල් වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා. මෙය ඉතාමත් දරුණු වරදක් වන අතර දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කරන පුද්ගලයින් අතර මරණ කීපයක් ද වාර්තා වී තිබෙනවා.

මේ පිළිබඳව නියමාකාරව දැනුවත්වී අන් අයවත් මේ පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත් සමාජ වගකීමක් වනවා.

දැන් අපි බලමු මෙම NSAID කාණ්ඩයට අයත් බෙහෙත් වර්ග මොනවා ද ? ඒවා ගත්තම මොකද වෙන්නේ? වෙනත් රෝගී තත්ත්ව සදහා මෙම ඖෂධ ඊට වඩා අඩු මාත්‍රා වලින් ගන්න පුද්ගලයින්ට මෙයින් බලපෑමක් තියෙනව ද? කියන කරුණු ගැන.

ඩික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන්, යන ඖෂධ වර්ග විවිධ ආකාර වෙළඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිතා වනවා. මේවා ඉතා හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයක් යටතේ දී මෙම ඖෂධ සියල්ලටම පොදු කරුණක් වන ලේ කැටි ගැසීම අඩු කිරීමේ හේතුව නිසා ඩෙංගු රෝගය වැළඳුනහොත් මෙම නිසා ඉතා දැඩි සංකූලතා සහ මරණය වුවත් ඔබට වන්නට ඉඩ තිබෙනවා. මේ දිනවල ඔබට උණ ඇතිවුවහොත් මුලින්ම කළ යුත්තේ හොඳින් විවේක ගැනීම, හොඳින් දියර වර්ග පානය කිරීම සහ උණ වේදනාවට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය භාවිතා කිරීමයි. උණ තත්ත්වය දින දෙකට වඩා පවතින්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත වහාම යොමුවීම සිදු කල යුතුයි. ඔබට යම් රුධිර පරීක්ෂණ නියම කර ඇත්නම් උණ තත්ත්වය පහව ගියත් එම පරීක්ෂණවල වාර්තා අනිවාර්යෙන්ම වෛද්‍යවරයාට පෙන්වීමත් වැදගත්. මීට අමතරව උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමත් සුදුසු වන්නේ නැහැ.

මේ වෙනවිට ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩෙමින් පවතින බව ඔබ දැනටමත් දන්නවා. අපේ ජනගහනයේ වැඩිදෙනා ප්‍රතිශක්තියක් නොදක්වන , ඩෙංගු වෛරසයේ නව ප්‍රභේදයක් ( DEN 3) අප අතර සංසරණය වීමට පටන් ගෙන තිබීම, වහා ක්‍රියාත්මක නොවුවහොත් ඉදිරියේදී තත්වය තවත් අවදානම් විය හැකි බවට බරපතළ ඉඟියක්.

මේ නිසා රෝගය වැළඳීමට ඇති ඉඩකඩ හැකිතාක් පාලනය කරගනිමින් ඔබත් ඔබේ ආදරණීයනුත් ආරක්ෂා වීම ඉතාම වැදගත්. ඔබගේ නිවස අභ්‍යන්තරය වගේම නිවස අවට, වැහි පිහිලි ආශ්‍රිතව සහ ඔබේ දෑසට හසු නොවන තැන්වල ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීමට හැකි ස්ථාන නිර්මාණය වී තිබෙන්නට පුළුවන්. නිවෙස්වලට අමතරව පාසැල්, පෙර පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන, ආගමික ආයතන, ඉදිකිරීම් ස්ථාන අප රට තුළ ඩෙංගු කීටයන් වැඩි වැඩියෙන් හමුවන තැන් බවට පත්ව තිබෙනවා. මෙවැනි, මදුරුවන් බෝවෙන ස්ථාන සොයා බලා විනාශ කරන අතරතුර මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමටත් පියවර ගත යුතුයි.

විශේෂයෙන්ම මදුරුවා වැඩිපුර ගැවසෙන වේලාවන්හි නිවසෙන් පිටතට යන විට ශරීරය ආවරණය වන ඇඳුම් භාවිතය , මදුරු විකර්ශක වර්ග භාවිතය, මදුරු දැල් වැනි වෙනත් ආරක්ෂණ උපාය මාර්ග භාවිතය මදුරුවා දෂ්ට කිරීමෙන් ඔබව ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇත.

මේ සියලු කරුණු ගැන අවධානය යොමුකර අප මුහුණ දී සිටින දැඩි අවදානම් අවස්ථාවෙන් ඉක්මනින් මිදීමටත්, තව දුරටත් ජීවිත හානි ඇතිවීම වළක්වා ගැනීමටත් ලාංකික ඔබ සියලු දෙනා, ඉක්මන් පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
Health Promotion Bureau

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
05/05/2023

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

එන්න අපි තව කැහිකූරු බොමු.. 🚬මේ වන විට අවසන් අදියරේ පෙනහළු පිළිකාවෙන් පෙළෙන අධික දුම් පානය කරන්නෙකුගේ පෙණහලුවලින් දියර ක...
19/02/2023

එන්න අපි තව කැහිකූරු බොමු.. 🚬

මේ වන විට අවසන් අදියරේ පෙනහළු පිළිකාවෙන් පෙළෙන අධික දුම් පානය කරන්නෙකුගේ පෙණහලුවලින් දියර කාන්දු වන අයුරු දැක්වෙන ඡායාරූපයයි මේ.
දියරය ඇත්ත වශයෙන්ම පෙණහලුවල තැන්පත් වන TAR වේ.

සියලුම දුම් පානය කරන්නන්ට කරුණාකර ප්‍රමාද වීමට පෙර දුම්පානය නතර කරන්න.තීරණය ඔබසතුයි

Copied
ඡායාරූපය මුල් අයිතිකරු සතු වේ.

ඇන්ජයිනා (Angina) කියන්නෙ හෘදයාබාධයක්  හැදෙන්න කලින් පපුවෙ ඇතිවෙලා වම් අත දිගේ ගමන් කරන අමාරැ වේදනාවක්.😓මේ වේදනාව නිකන් ...
25/01/2023

ඇන්ජයිනා (Angina) කියන්නෙ හෘදයාබාධයක් හැදෙන්න කලින් පපුවෙ ඇතිවෙලා වම් අත දිගේ ගමන් කරන අමාරැ වේදනාවක්.😓
මේ වේදනාව නිකන් රත් කරපු යකඩ බොලයක් ඇග ඇතුලෙ යනව වගේලු දැනෙන්නෙ. මේ Angina එක හැදෙන්නෙ අපිට අනතුරැ අගවන්න අපිට හෘදයාබාධයක් හැදෙන්න නියමිතයි කියල.😌
හැබැයි මේ වේදනාව ටික වෙලාවකින් නැති වෙලා යනව.සමහර අයට මේ ගැන තේරැමක් නැතුව Angina එක හැදුනම බාම් ටිකක ගානව ඊට පස්සෙ වෙදනාව නැති වෙනව.
ඇත්තටම බාම් ගැවත් නැතත් මේක ටිකකින් නැතිවෙනව.ඉතින් ඔහොම ඉද්දි දන්නෙම නෑ හෘදයාබාධ හැදිල මැරෙනව.මට කියන්න ඕන මේ ගැන දැනුවත් උන ගමන් Angina එක හැදුන ගමන් ඉක්මනටම හොදම රෝහලට නෙවෙයි ලගම රෝහලට ලෙඩා ගෙනියන්න ඕන.ගෙදර කාට හරි මෙහෙම වේදනාවක් ඇති උනොත් මේක ගැන දැනගෙන ඉන්න එක වටිනව ජීවිතයක් බේරගන්න මේ ටික ඇති.❤

Copied

අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගීන් කටෙවත් තියන්න හොද නැති ආහාර 7 ක්...අක්මාවේ මේද පැවතීම සාමාන්‍ය තත්වයකි.නමුත් 5%-10%  ප්‍ර...
25/11/2022

අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගීන් කටෙවත් තියන්න හොද නැති ආහාර 7 ක්...

අක්මාවේ මේද පැවතීම සාමාන්‍ය තත්වයකි.නමුත් 5%-10% ප්‍රමාණයකට වඩා මේද පැවතීම ෆැටි ලිවර් රෝගය ලෙස හඳුනාගනියි. මත්පැන් පානය, දුර්වල ආහාර පාන රටාව,ස්ථුලතාව,ව්‍යායාම නොමැතිකම හෝ අධි රුධිර පීඩනය වැනි සාධක නිසා අක්මාව තුළ මේද තැන්පත්වීම ඉහළ යා හැකියි.පුරුද්දක් ලෙස මේද බහුල ආහාර පරිභෝජනය කිරීම හා සිරුරට ජීර්ණය කළ හැකි ප්‍රමාණයට වඩා අධිකව ඒවා පරිභෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අක්මාවේ මේද තැන්පත්වීම සිදුවේ.අක්මාවේ මේද ඒකරාශී වීම එය තවදුරටත් හානියට ලක්වීමේ අවදානම වැඩිකරයි (විශේෂයෙන්ම ප්‍රදාහයට හා කැලැල් පටක ඇතිවීමට).

නීරෝගි ආහාර පාන රටාවක් ඇතිකරගැනීම ෆැටි ලිවර් රෝගය ඇතිවීම වළක්වාගැනීමට මෙන්ම එම තත්වයෙන් අක්මාවට ඇතිවූ හානි ප්‍රකෘතිමත් වීමට සහය ලබාදෙයි.මෙම රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා හිතකර හා අහිතකර ආහාර පාන මොනවාද කියායි අද අපි කතා කරන්නට සූදානම

අක්මාව සුවපත් වීමට ගුණදායි ආහාර පාන:-

* සැමන්, සාඩින්,ටූනා වැනි මාලු වල ප්‍රෝටීන් හා ඔමේගා-3 මේද අම්ල බහුලයි.මෙම පෝෂක මඟින් අක්මා සෛල තුළ එකතුවී ඇති මේද කොටස් බිඳ දැමීමට හා ප්‍රදාහය අඩුකිරීමට සහය වෙයි.මස් වෙනුවට මාලු ආහාරයට එක්කරගැනීමෙන් සිරුරට අහිතකර මේද වර්ග ශරීරගත වීම පාලනය කරගත හැකියි.

* සුදුලූනු සුදුලූනු පරිභෝජනය කිරීම මඟින් අක්මාවේ ඇති වස විස අපද්‍රව්‍ය බැහැර කර දමන එන්සයිම නිෂ්පාදනය සිරුර තුළ වැඩිවන බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි. සුදුලූනු වල සල්ෆර් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා අක්මාව පවිත්‍ර කර සුවපත් කරවයි.සුදුලූනු අමුවෙන් හෝ වෑංජන වලට එක්කර ආහාරයට ගන්න.

* කෝපි අක්මාවේ සෛල වලට හානිකළ හැකි එන්සයිම දුරුකළ හැකි ගුණාංග කෝපි වල අඩංගුයි.අක්මා රෝග අවදානමෙන් පෙළෙන පුද්ගලයින් තුළ අසාමාන්‍ය ලෙස අක්මාවේ එන්සයිම ස්‍රාවය වීම අවම කරවයි.අක්මාවේ කැලැල් ඇතිවිම බොහෝදුරට පලානය කරයි.දිනකට කෝප්ප 2-3කට වඩා දිනකට කෝපි පානය කිරීමෙන් වළකින්න.කෝපි වලට සීනි එක්නොකර පානය කරන්න.

* කොළ පැහැති එළවළු බෝංචි,නිවිති,සලාද,කොළ ගෝවා, බ්‍රොකොලි වැනි එළවළු වර්ග පෝෂණයෙන් අනූනයි.මෙවැනි එළවළු ආහාරයට ගැනීමෙන් අක්මාව තුළ මේද එකතුවීම බොහෝදුරට පාලනය වන බව ඇතැම් අධ්‍යයන පෙන්වාදෙයි.අකාබනික නයිට්‍රේට අඩංගු නිසා කොළ පැහැති එළවළු මඟින් අක්මාවේ මේද එකතුවීම අඩුකරවන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

* ග්‍රීන් ටී බර අඩුකරගැනීමට උත්සහ කරන ගොඩක් දෙනාගේ තේරීමක් තමයි ග්‍රීන් ටී කියන්නේ. ග්‍රීන් ටී වල ප්‍රතිඔක්සිකාරක බහුලයි.එම නිසාම සිරුරට මේද උරාගැනීමට සහය වී අක්මාවේ මේද ගබඩාවීම වළකයි.ප්‍රතිඔක්සිකාරක අක්මාවේ ක්‍රියාකාරීත්වය නීරෝගි කරයි.

* අලිගැට පේර හිතකර මේද, සිරුරට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ වලින් බහුල ආහාරයක්. ඊට අමතරව අක්මාවේ පටල මතුපිට අහිතකර මේද වර්ග තැන්පත්වීම වළකන ශාක රසායනයන් ද මේවායේ බහුලයි.ඒවා මඟින් අක්මාව හානිවීම ද වළකයි.ග්ලූටතයෝන් අන්තර්ගතය ද ඉහළ නිසා අක්මාවේ හා ජීර්ණ පද්ධතියේ එන්සයිම නිෂ්පාදනය උත්තේජනය කරවයි.

අක්මාව ලෙඩ කරවිය හැකි මෙවැනි ආහාර පාන වලින් හැකිතාක් වළකින්න. ඔබ ෆැටි ලිවර් රෝගයෙන් පීඩා විඳින අයෙක් නම් මේ ගැන වැඩි සැළකිල්ලක් දක්වන්න.

* මත්පැන් අක්මාව ලෙඩකරවන ප්‍රධානතම හේතුවක් ලෙස මද්‍යසාර පාන වර්ග දැක්විය හැකියි.මත්පැන් පානය අඩුකිරීමට වඩා සම්පූර්ණයෙන්ම එය අත්හැරීම ඔබේ සිරුරට ඉතාම හිතකර වේවි.දින කිහිපයක් එක දිගට මත්පැන් පානය කිරීමෙන් පවා සැළකිය යුතු ලෙස අක්මාවේ මේද එකතුවීමට පටන්ගත හැකි බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙයි.මත්පැන් නිසා අක්මාවට සිදුවන හානි බොහෝවිට යථා තත්වයට පත්කළ නොහැකි තරමේ බරපතල තත්වයන් ඇතිකළ හැකි බව මතක තබාගත යුතුයි.

* මස් වර්ග සොසේජස්,බේකන්,මීට් බෝල්ස්,හර්ක් මස්, ඌරු මස්ම්,බැටළු මස් වැනි රතු මස් වර්ග සෞඛ්‍යයට එතරම්ම හිතකර නැහැ.සැකසූ මස් නිෂ්පාදන වල සංතෘප්ත මේද ඉතා බහුලයි.මෙවැනි ආහාර අධිකව ගැනීමෙන් ෆැටි ලිවර් රෝග අවදානම ද ඉහළ යයි.

* සීනි සීනි හා පැණි රස ආහාර පාන අධිකව ගැනීම බොහෝ සෞඛ්‍ය ගැටලු වලට හේතුවෙයි. දියවැඩියාව හා ස්ථුලතාව එවැනි බරපතල අවදානම් තත්වයන් වේ.කෙක්,බිස්කට්,රස කැවිලි,චොකලට්,සෝඩා වැනි සීනි අධික බීම වර්ග අධි රුධිර සීනි මට්ටම් වලට හේතුවෙයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස අක්මාවේ මේද ප්‍රමාණයන් ද ඉහළ යයි.එම නිසා ඔබේ දෛනික සීනි පරිභෝජනය හැකි උපරිමයෙන් සීමා කරන්න.

* බිත්තර බිත්තර වල ආහාරමය කොලෙස්ටරෝල් අධිකබව සඳන වෙයි.මේවා අධිකව පරිභෝජනය කිරීමෙන් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් වැඩිවීම හා අක්මාවේ මේද තැන්පත්වීම ඉහළ යා හැකි බව ඇතැම් අධ්‍යයන වල සඳහන් වෙයි.අක්මාවේ මේද මට්ටම් ඉහළ යාමට බලපාන SREBP සාධක වැඩිවීමට ද මේවා හේතුවන බව සඳහන්.

* ගැඹුරු තෙලේ බදින ලද තෙල් අධික ආහාර අල පෙති, බර්ගර්,පේස්ට්‍රි,පීසා ආදි ආහාර වල සිරුරට අහිතකර සංතෘප්ත මේද බහුලයි.සිරුරේ එම මේද මට්ටම් වැඩිවීම ෆැටි ලිවර් රෝග අවදානම් වැඩිකරවයි.එම මේද මට්ටම් ඉහළ යාමෙන් අක්මාවේ ක්‍රියාකාරීත්වය එසැණින් දුර්වල වීමට පටන්ගත හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.

* පාන් පිටි පාන්, සුදු සහල්, පැස්ටා, බේකරි ආහාර වැනි පිරිපහදු කළ ධාන්‍ය පිටි වලින් සකසන ආහාර රුධිර සීනි මට්ටම් ඉහළ යාමට හේතුවිය හැකි බව පෙන්වාදෙයි.මින් අක්මාවට ඇතිකරන බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස ට්‍රයිග්ලිසරයිඩ වැනි ලිපිඩ මට්ටම් වැඩි වී ෆැටි ලිවර් රෝග ලක්ෂණ වර්ධනය විය හැකියි.පිරිපහදු කළ පිටි වලට වඩා සම්පූර්ණ ධාන්‍ය වලින් සකසාගත් පිටි වලින් ආහාර සකසන්න.

* අධික ලෙස පලතුරු ආහාරයට ගැනීම ෆෘක්ටෝස් වැනි සීනි බහුල පලතුරු වර්ග (වියළි මිදි ඇතුළු වියළි පලතුරු) අධිකව ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රදාහය හා ෆැටි ලිවර් රෝග ලක්ෂණ වර්ධනය විය හැකියි.ඊට හේතුව මේවායේ අඩංගු ෆෘක්ටෝස් සීනි මට්ටම්ය.මේවා නිසා රුධිරය තුළ අසාමාන්‍ය මට්ටමින් මේද එකතුවිය හැකියි.

උපුටාගැනීමකි

05/11/2022

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති. ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැතිරීම ආරම්භ වූ අවදියේ පටන් ම, වරින් වර අප විසින් ඔබ සමඟ බෙදාගන්නා ලද විද්‍යාත්මක දැනුම නැවතත් සිහිපත් කරගන්නටත්, ප්‍රායෝගිකව භාවිතා කරන්නට දැන් කාලය උදා වී තිබෙනවා.

කොවිඩ් -19 මෙන් ලෝකයට අලුත්ම රෝගයක් නොවුනත් මෑතක දී සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වූ මෙම වසංගත තත්වය අද වනවිට රටවල් 109කට ව්‍යාප්ත වෙමින් ආසාදිතයින් බවට පත්කර ඇති බවට තහවුරු කල පුද්ගලින් සංඛ්‍යාව 78,000කට ආසන්නයි. දැනට වාර්තා වී ඇති මරණ සංඛයාව 36ක්.

ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රයක් මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට මෙම වෛරසය ඇතුලු වීමට ඉඩ තිබෙන අතර රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකියි.

සාමාන්‍යෙයෙන්, වෛරසය ශරීරගත වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළවීම සිදුවන අතර, සුලබ රෝග ලක්ෂණ ලෙස උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග ඇතිවන බිබිලි සඳහන් කල හැකියි. සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. ඊට අමතරව මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ තිබුණත් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා. රෝගය තහවුරු කරගැනීම සඳහා විවිධ රුධිර පරීක්ෂාවන් සහ PCR පරීක්ෂණ යොදා ගනු ලැබෙනවා.

හටගත් කුෂ්ට සියල්ල සුව වී ඒවායින් ඇතිවන කබොලු සියල්ල ද හැලී ගොස් සුව වන තෙක්ම , මංකිපොක්ස් ආසාදිතයෙකුට රෝග-වාහකයෙකු වීමේ හැකියාව තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ යම් අවදානමක් පවතිනවා.

රෝගය වලක්වාගැනීම සඳහා මෙවැනි රෝග ලක්ෂණ සහිත, තහවුරු කල හෝ සැක සහිත පුද්ගලයින් සමඟ ( විශේෂයෙන්ම සමට සම ස්පර්ශ වන පරිදි ) සමීප ශාරීරික සබඳතා පැවැත්වීමෙන් වැළකීම සහ එම පුද්ගලයා භාවිතා කල උපකරණ යනාදිය ස්පර්ශයෙන් වැලකී සිටීම නිර්දේශ කෙරෙනවා. එමෙන්ම ඉහත කී සැක කටයුතු රෝග ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත්, සම්පූර්ණ සුවය ලබන තෙක් අන් අය සමඟ සමීප ශාරීරික සම්බන්ධතාවලින් වැළකී සිටීමත් වැදගත්.

කොවිඩ් -19 වසංගතය හමුවේ අප අත්දැකීමෙන්ම අවබෝධ කරගත් පරිදි, මෙවන් සෞඛ්‍ය ගැටලු ජයගැනීම සඳහා විද්‍යාත්මක පදනමක පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත්. වසංගතයේ ව්‍යාප්තිය අනුව නිකුත්වන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ යාවත්කාලීන වන විද්‍යාත්මක දත්ත තොරතුරු නොපමාව ඔබ හමුවේ තබමින්, මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට පුරවැසි ඔබව සවිබල ගැන්වීමටත්, ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ සුවතාවය රැකගැනීමටත් අවශ්‍ය සියලු සයයෝගයන් ලබා දීමට අප සූදානමින් සිටිනවා. මෙවන් අර්බුධකාරී සමයක වුවත්, අප එකාවන්ව නිසි ක්‍රියාමාර්ග අනුගනය කලහොත් අපි තනි තනිවත් රැකෙමින් අපේ ආදරණීයන්වත් රැකගැනීමට හැකිවන බව නොඅනුමානයි.

Address

Dilani Pharmacy, Hasalaka
Mahiyangana
20960

Opening Hours

Monday 07:30 - 19:30
Tuesday 07:30 - 19:30
Wednesday 07:30 - 19:30
Thursday 07:30 - 19:30
Friday 07:30 - 19:30
Saturday 07:30 - 19:30
Sunday 07:30 - 19:30

Telephone

0766191048

Website

Alerts

Be the first to know and let us send you an email when Dilani Pharmacy, Hasalaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dilani Pharmacy, Hasalaka:

Share