Dilani Pharmacy, Hasalaka

Dilani Pharmacy, Hasalaka හසලක දිලානි ෆාමසි

50% OFF...Cetaphil - Dermotologist Recommended For Sensitive SkinMoisturising Cream(Dry to Normal,Sensitive Skin)Hydrate...
06/04/2026

50% OFF...
Cetaphil - Dermotologist Recommended For Sensitive Skin
Moisturising Cream
(Dry to Normal,Sensitive Skin)
Hydrates for 48 hours and helps restore the skin moisture barrier.

Wish you and your loved ones a blessed new year.-Dilani Pharmacy-
01/01/2024

Wish you and your loved ones a blessed new year.
-Dilani Pharmacy-

2023 දෙසැම්බර් 08 දින උදෑසන 10 සිට අප ආයතනය වෙත පැමිනෙන්න.
06/12/2023

2023 දෙසැම්බර් 08 දින උදෑසන 10 සිට අප ආයතනය වෙත පැමිනෙන්න.

පොසොන් පොහොය මූලික කොටගෙන දෙවන වරටත් දිලානි ෆාමසි, හොටෙල් කුඹුරේගම, රංජනී කූල් හවුස් එක්ව සංවිධානය කරනු ලැබූ 'නැවුම් පලත...
05/06/2023

පොසොන් පොහොය මූලික කොටගෙන දෙවන වරටත් දිලානි ෆාමසි, හොටෙල් කුඹුරේගම, රංජනී කූල් හවුස් එක්ව සංවිධානය කරනු ලැබූ 'නැවුම් පලතුරු බීම දන්සැල' ඉකුත් 3 වැනි (පොසොන් පොහෝ දින) හසලක නගර මධ්‍යයේ සාර්ථක ලෙස පැවැත්විනි. සහයෝගය දුන් සැමට ස්තූතීයි. ❤️

දිලානි ෆාමසි,කුඹුරේගම හෝටලය සහ රංජනී කූල් හවුස් එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන නැවුම් පලතුරු බීම දන්සැල සදහා ඔබ සැමට ...
25/05/2023

දිලානි ෆාමසි,කුඹුරේගම හෝටලය සහ රංජනී කූල් හවුස් එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන නැවුම් පලතුරු බීම දන්සැල සදහා ඔබ සැමට ආරාධනා...!
Dilani Pharmacy, Hasalaka

ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයින් පැරසිටමෝල...
17/05/2023

ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයින් පැරසිටමෝල් වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා. මෙය ඉතාමත් දරුණු වරදක් වන අතර දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කරන පුද්ගලයින් අතර මරණ කීපයක් ද වාර්තා වී තිබෙනවා.

මේ පිළිබඳව නියමාකාරව දැනුවත්වී අන් අයවත් මේ පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත් සමාජ වගකීමක් වනවා.

දැන් අපි බලමු මෙම NSAID කාණ්ඩයට අයත් බෙහෙත් වර්ග මොනවා ද ? ඒවා ගත්තම මොකද වෙන්නේ? වෙනත් රෝගී තත්ත්ව සදහා මෙම ඖෂධ ඊට වඩා අඩු මාත්‍රා වලින් ගන්න පුද්ගලයින්ට මෙයින් බලපෑමක් තියෙනව ද? කියන කරුණු ගැන.

ඩික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන්, යන ඖෂධ වර්ග විවිධ ආකාර වෙළඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිතා වනවා. මේවා ඉතා හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයක් යටතේ දී මෙම ඖෂධ සියල්ලටම පොදු කරුණක් වන ලේ කැටි ගැසීම අඩු කිරීමේ හේතුව නිසා ඩෙංගු රෝගය වැළඳුනහොත් මෙම නිසා ඉතා දැඩි සංකූලතා සහ මරණය වුවත් ඔබට වන්නට ඉඩ තිබෙනවා. මේ දිනවල ඔබට උණ ඇතිවුවහොත් මුලින්ම කළ යුත්තේ හොඳින් විවේක ගැනීම, හොඳින් දියර වර්ග පානය කිරීම සහ උණ වේදනාවට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය භාවිතා කිරීමයි. උණ තත්ත්වය දින දෙකට වඩා පවතින්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත වහාම යොමුවීම සිදු කල යුතුයි. ඔබට යම් රුධිර පරීක්ෂණ නියම කර ඇත්නම් උණ තත්ත්වය පහව ගියත් එම පරීක්ෂණවල වාර්තා අනිවාර්යෙන්ම වෛද්‍යවරයාට පෙන්වීමත් වැදගත්. මීට අමතරව උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමත් සුදුසු වන්නේ නැහැ.

මේ වෙනවිට ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩෙමින් පවතින බව ඔබ දැනටමත් දන්නවා. අපේ ජනගහනයේ වැඩිදෙනා ප්‍රතිශක්තියක් නොදක්වන , ඩෙංගු වෛරසයේ නව ප්‍රභේදයක් ( DEN 3) අප අතර සංසරණය වීමට පටන් ගෙන තිබීම, වහා ක්‍රියාත්මක නොවුවහොත් ඉදිරියේදී තත්වය තවත් අවදානම් විය හැකි බවට බරපතළ ඉඟියක්.

මේ නිසා රෝගය වැළඳීමට ඇති ඉඩකඩ හැකිතාක් පාලනය කරගනිමින් ඔබත් ඔබේ ආදරණීයනුත් ආරක්ෂා වීම ඉතාම වැදගත්. ඔබගේ නිවස අභ්‍යන්තරය වගේම නිවස අවට, වැහි පිහිලි ආශ්‍රිතව සහ ඔබේ දෑසට හසු නොවන තැන්වල ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීමට හැකි ස්ථාන නිර්මාණය වී තිබෙන්නට පුළුවන්. නිවෙස්වලට අමතරව පාසැල්, පෙර පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන, ආගමික ආයතන, ඉදිකිරීම් ස්ථාන අප රට තුළ ඩෙංගු කීටයන් වැඩි වැඩියෙන් හමුවන තැන් බවට පත්ව තිබෙනවා. මෙවැනි, මදුරුවන් බෝවෙන ස්ථාන සොයා බලා විනාශ කරන අතරතුර මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමටත් පියවර ගත යුතුයි.

විශේෂයෙන්ම මදුරුවා වැඩිපුර ගැවසෙන වේලාවන්හි නිවසෙන් පිටතට යන විට ශරීරය ආවරණය වන ඇඳුම් භාවිතය , මදුරු විකර්ශක වර්ග භාවිතය, මදුරු දැල් වැනි වෙනත් ආරක්ෂණ උපාය මාර්ග භාවිතය මදුරුවා දෂ්ට කිරීමෙන් ඔබව ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇත.

මේ සියලු කරුණු ගැන අවධානය යොමුකර අප මුහුණ දී සිටින දැඩි අවදානම් අවස්ථාවෙන් ඉක්මනින් මිදීමටත්, තව දුරටත් ජීවිත හානි ඇතිවීම වළක්වා ගැනීමටත් ලාංකික ඔබ සියලු දෙනා, ඉක්මන් පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
Health Promotion Bureau

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
05/05/2023

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

එන්න අපි තව කැහිකූරු බොමු.. 🚬මේ වන විට අවසන් අදියරේ පෙනහළු පිළිකාවෙන් පෙළෙන අධික දුම් පානය කරන්නෙකුගේ පෙණහලුවලින් දියර ක...
19/02/2023

එන්න අපි තව කැහිකූරු බොමු.. 🚬

මේ වන විට අවසන් අදියරේ පෙනහළු පිළිකාවෙන් පෙළෙන අධික දුම් පානය කරන්නෙකුගේ පෙණහලුවලින් දියර කාන්දු වන අයුරු දැක්වෙන ඡායාරූපයයි මේ.
දියරය ඇත්ත වශයෙන්ම පෙණහලුවල තැන්පත් වන TAR වේ.

සියලුම දුම් පානය කරන්නන්ට කරුණාකර ප්‍රමාද වීමට පෙර දුම්පානය නතර කරන්න.තීරණය ඔබසතුයි

Copied
ඡායාරූපය මුල් අයිතිකරු සතු වේ.

Address

Dilani Pharmacy, Hasalaka
Mahiyangana
20960

Opening Hours

Monday 07:30 - 19:30
Tuesday 07:30 - 19:30
Wednesday 07:30 - 19:30
Thursday 07:30 - 19:30
Friday 07:30 - 19:30
Saturday 07:30 - 19:30
Sunday 07:30 - 19:30

Telephone

0766191048

Website

Alerts

Be the first to know and let us send you an email when Dilani Pharmacy, Hasalaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dilani Pharmacy, Hasalaka:

Share