රෑන අපි - Raena Api

  • Home
  • රෑන අපි - Raena Api

රෑන අපි - Raena Api Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රෑන අපි - Raena Api, waligama by pas road, .

Happy happy birthday broo..🎂🎂
09/04/2023

Happy happy birthday broo..🎂🎂

ඔබට මතකද ??  අපේම වූ ඔවුන් වෙනුවෙන්....  "රෑන අපි සසල වූ මොහොතක් " ...      2019 දෙසැම්බර් 8 රෑන අපි ගියා වැල්ලවාය "මෙත්...
11/12/2019

ඔබට මතකද ??

අපේම වූ ඔවුන් වෙනුවෙන්.... "රෑන අපි සසල වූ මොහොතක් " ...

2019 දෙසැම්බර් 8 රෑන අපි ගියා වැල්ලවාය "මෙත් සේවා පදනමේ" අපේම වූ ඔවුන්ව බලන්න ..., එයාලට අවශ්‍ය
දේවලුත් අරගෙන...🎁🎁🎁

ඉතින් ඒ මහත් වූ පුණ්‍යකර්මය සාර්ථක ලෙස ඉටුකර ගැනීමට "රෑන අපි" සමඟ එකතු වී නන් අයුරින් සහය වූ සියලු දෙනාට "රෑන අපගේ" හද පිරි ස්තුතිය ...!!! 💐💐💐

රෑන අපි සසල වූ මොහොතක් ...චුට්ටක් නැවතිලා කියවන්න. අපේම වූ ඔවුන් වෙනුවෙන් ඔයාලටත් පුලුවන් සහයෝගයක් දෙන්න....චුට්ටක් හිතන...
26/10/2019

රෑන අපි සසල වූ මොහොතක් ...

චුට්ටක් නැවතිලා කියවන්න. අපේම වූ ඔවුන් වෙනුවෙන් ඔයාලටත් පුලුවන් සහයෝගයක් දෙන්න....

චුට්ටක් හිතන්න....

ඔයාගෙ කකුල් වලින් ඔයාට හරියට ඇවිදින්න බැරිනම්..
ඔයාගෙ ඇස් වලින් ඔයාට හරියට පේන්නෙ නැත්නම් ... ඔයාගෙ කන්වලට හරියට ඇහෙන්නෙ නැත්නම්...
ඔයාගෙ ශරීරය ඔයාටම වාරු නැත්නම්...
මේ ඔක්කොම ආබාධත් එක්ක ඔයාට ජීවත් වෙන්න වුනොත් ....
ඔයාට මොකද හිතෙන්නෙ....!!!!!

රෑන අපි ගියා අන්න ඒ වගේ අපේම නෑදෑ පිරිසක් බලන්න. ගිහින් වැඩි වෙලාවක යන්න කලින්ම මොකක්දෝ අසරණකමක් එක්ක අපේ දෑස් තෙත් වුනේ අපිවත් දන්නෙ නැතුව..

ඔවුන් ඉන්නෙ වැල්ලවාය නගරයට ආසන්න, වෙහෙරයාය, හදපානගල කියන ගමේ, "මෙත් සේවා පදනම " කියන තැන...එතන ඉන්නව ආබාධිත මනස නොවැඩුණු, හරියට කතා කර ගන්න බැරි, ඇවිදගන්න බැරි , ශරීරය හරියට වාරු නැති, කිරිකැටි දරුවගෙ පටන් ළමා , තරුණ ,වැඩිහිටි හැම වයස් කාන්ඩයකම 115 ක පමණ පිරිසක්...

නිරෝෂන් කියන තරුණ මහත්මය ඔහුගේම නිවසේ පිහිටුවාගෙන තියන මේ මෙත් සේවා පදනමේ පිරිස බලා කියා ගන්න ඔහුත් සමඟ ඉන්නෙ තවත් 6 දෙනෙක්ගෙ පමණ තරුණ පිරිසක් පමණයි .

කිරිකැටි දරුවගෙ පටන් වැඩිහිටියා දක්වා ම ඉතාම පිරිසිදුවට පිළිවෙළට රැක බලාගෙන , ඔවුන්ට ඕනෑ කරන සෑම දෙයක්ම වගේ ලබා දීල ඔවුන් කරන මේ කැපවීම දැක්ක අපිට නම් හිතුනෙ මේ වගේ අසනීප වෙලා ඉන්න සෑම කෙනෙකුට ම ඉන්න සුදුසුම තැන මෙතන කියලයි .

පහලින් තියෙන පින්තූර බලද්දී ඔයාගෙ නෙතට කදුලක් උනාවි..ඔයාලටම තේරේවි ඔවුන් කොච්චර අසරණ ද කියල...

ඉතින් රෑන අපි , 2019 දෙසැම්බර් මාසෙ 08 වෙනිද ඔවුන් ට අවශ්‍ය දේවලුත් අරගෙන යනව ඔවුන්ව බලන්න .

ඔයාලගෙ උපන්දින සාද වලට , ප්‍රිය සම්භාෂණ වලට නිකරුණේ වියදම් කරන මුදල් වලින් ඔයාලටත් පුළුවන් නම් එයාලට පුංචි හරි උපකාරයක් කරන්න. අපි කරන්නෙ පුංචි උපකාරයක් උනාට එයාලට ඒක මහමෙරක් වටිනව වගේම ඔයාලටත් සංසාරගත පිනක්...

අපි පහතින් දාල තියෙනව ඔවුන්ට අවශ්‍ය මොනවද කියලත් වගේම මෙත් සේවා පදනම භාරකාරු නිරෝෂන් මහත්මයගෙ දුරකථන අංකයත්..

ඔයාලත් අපේම වූ ඔවුන්ව බලන්න යන්න ..ගිහින් පුංචි හරි උපකාරයක් කරන්න.
තෙරුවන් සරණයි.....

මෙත් සේවා පදනම - 0713385005

රෑන අපිත් සමඟ ඔවුන්ට උපකාර කරන්න ඔයාලගෙ නොමසුරු සහයෝගය දෙන්න කැමතිනම් රෑන අපි ට කතා කරන්න ..

රජිව් - 0710720200
බාලසූරිය - 0773896951
ප්‍රසිත - 0764411442

ඔවුන්ට අවශ්‍ය දේවල්..
NAN 1, NAN 2, NANGROW 3 Milk powder.
Pampers in different sizes.
Feeding bottles.
Baby nappies and clothes  for infants.
Biscuits - Baby rusk, cerelac, etc.
Medicine - Panadol, Panadol syrup, cetirizine syrup, Gripe water etc..
Dettol, Lysol , Harpic, Mobs.
Bedsheets ,Towels, Underwares.
Sanitory pads (for teens and young girls)
Soap, toothpaste , toothbrush.
Dry foods.
Weel chairs, Mattress ,Baby nets,  Mosquito nets.
Chocalates, Sweets.
Pillows .
Gas cookers, Blenders, Washing machines, Fans.
Toys..
Etc...

රෑන අපි සංවිධානය කරන මහා මාළුපාන් දන්සල වැල්ලක්ක, ජයමඟ අසල මෙසේ පැවැත්වේ...
16/06/2019

රෑන අපි සංවිධානය කරන මහා මාළුපාන් දන්සල වැල්ලක්ක, ජයමඟ අසල මෙසේ පැවැත්වේ...

"රෑන අපි" සoවිධානය හා වැලිගම වැල්ලක්ක ප්‍රදේශවාසීන්ගේ එකමුතුවෙන් මෙවරත් පැවැත්වෙන  මාළුපාන් දන්සලට ඔබ සැමටත් ආරාධනා!දිනය...
14/06/2019

"රෑන අපි" සoවිධානය හා වැලිගම වැල්ලක්ක ප්‍රදේශවාසීන්ගේ එකමුතුවෙන් මෙවරත් පැවැත්වෙන මාළුපාන් දන්සලට ඔබ සැමටත් ආරාධනා!
දිනය : 2019-06-16
ස්ථානය : වැල්ලක්ක ජයමග අසල.

Our members Lalith Preethikumara and Ruvith Balasuriya receive their membership previlages from the president Rajeew Liy...
02/06/2019

Our members Lalith Preethikumara and Ruvith Balasuriya receive their membership previlages from the president Rajeew Liyanage

ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද ලක්වාසී සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙවා...!!!
13/04/2018

ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද ලක්වාසී සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙවා...!!!

22/01/2018

පසුගිය ජනවාරි 6 සිට 9 දක්වා වැලිගම නගර ශාලාවේදී පවත්වන ලද " බියකරුය මේ සසර " ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටය සාර්ථක කරගැනීමට නන්අයුරින් දායක වූ සියලු දෙනා වෙත හද පිරි ස්තුතිය රෑන අපි සංවිධානය විසින් පුදකර සිටිමු.

31/05/2017

ගංවතුරින් විපතටපත් මාතර අවට ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් මූල්‍ය ආධාර සහ පානීය ජල බෝතල් ඇතුලු අනිකුත් ද්‍රව්‍ය අපට ලබාදුන් ඔබ සැමට "රෑන අපි සoවිධානයේ" හදපිරි ස්තූතිය පිරිනමන්නෙමු!

ගංවතුරින් විපතටපත් මාතර අවට ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් පානීය ජලය භාර ගනු ලැබේ. එක් රැස් කර ගන්නා සියලුම ද්‍රව්‍ය විපතට පත...
29/05/2017

ගංවතුරින් විපතටපත් මාතර අවට ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් පානීය ජලය භාර ගනු ලැබේ. එක් රැස් කර ගන්නා සියලුම ද්‍රව්‍ය විපතට පත්වූවන් හට බෙදා දීමට නියමිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න 077-0542404 | 071-7157744 | 071 380 1503

Address

Waligama By Pas Road

81700

Website

Alerts

Be the first to know and let us send you an email when රෑන අපි - Raena Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share