20/02/2023
රාත්‍රියේදී කල යුතුම රූපලාවන්‍ය සත්කාර
ඔබේ පෙනුම ලස්සන කර ගන්න හීන මව මව ඉඳලා විතරක් වැඩක් නැහැ. ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. හැම රාත්‍රියකම මේ සත්කාර ටික කලොත් ඔබේ සොඳුරු පෙනුම වර්ධනය වේවි.
නින්දට පෙර මුහුණ සෝදන්න
දවස පුරා මුහුණේ තැවරුණු තෙල්, කුණු සහ දූවිලි නින්දට කලින් සෝදලා ඉවත් කරන්න. නැත්තම් මේවා නිසා ඔබේ මුහුණේ සිදුරු අවහිර වෙනවා.
අවහිර වූ සිදුරු එක්ක නින්දට යනකොට මුහුණේ සමට ආශ්වාස ප්‍රාශ්වාස කරන්න බැරි වෙනවා. මේ හේතුව නිසා හම ඉක්මණට වයසට යනවා. ඉතින් එහෙම වෙනවට කැමති නැත්තම් හැම රෑකම, නිදා ගන්න කලින් මුහුණ හෝදන්න.
ඔයාගේ මුහුණට ගැලපෙන ෆෙස්වොෂ් එකක් භාවිතා කරලා මුහුණ සෝදන්න.
මොයිස්චරයිස් ක්‍රීම් ආලේප කරන්න
වියලි සමකට මේ සත්කාරය ගොඩක් වටිනවා. මොයිස්චරයිස් ක්‍රීම් ආලේප කරලා අතුල්ලන්න යන්න එපා. ඝන ලේයර් එකක් විදිහට ආලේප කරලා, එය ස්වාභාවිකවම සමට උරා ගන්නට ඉඩ දෙන්න.
වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් එතකොටයි.
අයි ක්‍රීම් ආලේප කරන්න
මොයිස්චරයිස් ක්‍රීම් ආලේප කරන්න කලින් අයි ක්‍රීම් ආලේප කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්තම් අයි ක්‍රීම් මුහුණ පුරා තැවරිලා, ප්‍රතිඵල අඩු වෙනවා.
මොයිස්චරයිස් ලිප් බාම් එකක් ආලේප කරන්න
ඔබේ දෙතොල් වලට රාත්‍රිය පුරාවට සත්කාරයක් ලබා දෙන්න හොඳම ක්‍රමය මේකයි. දෙතොල් වල වියලි බව නැති වෙලා, මෘදු සුන්දර බවක් ලබා දෙන්න මොයිස්චරයිස් ලිප් බාම් එකක් සමත් වේවි.
දෙපතුල් වලට මොයිස්චරයිස් ක්‍රීම් ආලේප කරලා මේස් එකක් දාන්න
දෙපය කියන්නෙත් ඉක්මනින් අසුන්දර වෙන, වියලි වෙන ස්ථානයක් ඉතින් නින්දට යන්න කලින් දෙපතුල් වලත් මොයිස්චරයිස් ක්‍රීම් ආලේප කරන්න. ඊට පස්සේ මේස් දෙකක් දාන්න. ක්‍රීම් ඇඳ රෙදි වල තැවරෙන එක වලක්වා ගන්න මේ ක්‍රමයෙන් පුළුවන්.
හිස කෙස් වලට ඖෂධීය තෙල් වර්ගයක් ආලේප කරන්න
හිස් කබලට සහ හිස කෙස් වලට රාත්‍රිය පුරාවට පෝෂණය සපයන්න උදව් වෙන සත්කාරයක් තමයි මේ. හොඳ තෙල් වර්ගයක් හෝ මොයිස්චරයිස් වර්ගයක් තෝරා ගෙන හිස කෙස් වල සහ හිස් කබලේ ගල්වන්න. හොඳින් සම්බාහනය කර නින්දට යන්න.
හිස කෙස් බුරුලට බඳින්න
තදින් හිස කෙස් බැඳගෙන නිදා ගත්තොත් ඔබේ හිස කෙස් වලට හානි වෙන්න පුළුවන්. මේ නිසා ලිහිල්ව ගෙතීම හෝ ලිහිල්ව බැඳීම සිදු කර නින්දට යන්න.
උඩු අතට නිදා ගන්න
උඩු අතට නිදා ගැනීමෙන් ඔබේ සම රැලි වැටීම වලක්වා ගන්න පුළුවන්. මුනින් අතට හැරිලා නිදා ගත්තොත් ඔබටත් නොදනිම ඔබේ සම ඇදීම් වලට ලක් වෙනවා. මෙය සම රැලි වැටීමට හේතු වෙනවා.
සිල්ක් හෝ සැටින් කොට්ටා උරයක් දමා ඇති කොට්ටයක නිදා ගන්න
නින්ද අතරතුර හිස කෙස් අවුල් නොවී තබා ගන්න, හිස කෙස් නොකැඩී තබා ගන්න ඔබට අවශ්‍ය නම් සිල්ක් හෝ සැටින් රෙද්දෙන් මැසූ කොට්ටයකට මාරු වෙන්න.