IIMC - Isipathana International Meditation Center

IIMC - Isipathana International Meditation Center Theravāda the original and oldest Budhist teaching and practical techniques are discussed.

Happy Birthday       To Our Founder            Venerable Sudhamma Thero ✨🙏📍- Isipathana International Meditation Center ...
13/05/2026

Happy Birthday
To Our Founder
Venerable Sudhamma Thero ✨🙏

📍- Isipathana International Meditation Center ( IIMC )

18/04/2026

🍁 Puppha Vagga 📖 ....

..... 🍃 End ....

The Puppha Vagga or the "Chapter of Flowers," is the fourth chapter of the Dhammapada one of the most widely read and translated scriptures in the Pali Canon. It consists of 16 verses (verses 44 to 59) that use the metaphor of flowers to illustrate the nature of human life, virtue, and the path to enlightenment.

📖 Core Themes & Philosophy

The chapter centers on the contrast between the fleeting beauty of physical existence and the enduring fragrance of a virtuous life.

1) The Transience of Life
Many verses compare human life to flowers that bloom and inevitably wither. It warns that while a person is busy "gathering the flowers" of sensual pleasure, death (Mara) overcomes them, just as a great flood sweeps away a sleeping village.

2) The Supremacy of Virtue over Ritual

A recurring motif is that the "fragrance of virtue" is superior to any physical scent. While the scent of sandalwood or jasmine only travels with the wind, the influence of a good person spreads in all directions and reaches even the heavens.

3) . Mindfulness and Discernment

The opening verses use the analogy of a skilled garland-maker. Just as an expert chooses the best flowers to weave a beautiful wreath, a wise person (the *Sekha* or "learner") examines the path of virtue to distinguish the "well-taught Path of Dhamma" from the distractions of the world.

Notable Verses ✨

| Verse | Key Metaphor | Meaning |

| 49 | The Bee | A monk or wise person should move through a village like a bee through a flower—taking only the nectar (alms/wisdom) without harming the color or fragrance of the blossom. |

| 50 | Inner Focus | One should not focus on the "perversities" or faults of others, but rather on one's own deeds—what has been done and what has been left undone. |

| 51-52 | The Beautiful Flower | A beautiful flower without scent is like fair words spoken by one who does not practice them. Only the "fragrant" flower (the person who acts on their words) is truly fruitful. |

| 58-59 | The Lotus | Just as a fragrant lotus can grow from a heap of refuse by the roadside, a disciple of the Buddha shines with wisdom even amidst the "rubbish-heap" of worldliness. |

Significance in Buddhist Practice 🍃

The Puppha Vagga is often studied for its poetic beauty and its practical psychological insights. It encourages a shift in focus from external appearances to internal character. For those interested in the intersections of psychology and ethics , these verses offer a classic framework for understanding human desire, the inevitability of change, and the pursuit of mental clarity.

📍- Isipathana International Meditation Center

🍁Puppha Vagga 📖The 16th verse (gatha) of the  Puppha Vagga (the Flower Chapter) in the Dhammapada is a famous reflection...
09/04/2026

🍁Puppha Vagga 📖

The 16th verse (gatha) of the Puppha Vagga (the Flower Chapter) in the Dhammapada is a famous reflection on the nature of life, death, and attachment.

Pali Gatha 📖

> Yaṃ ve nicitvā ramati,
pupphāneva vicinvataṃ;
Atittaṃyeva kāmesu,
antako kurute vasaṃ

Meaning ✨️

While a person is still wandering about and gathering the flowers of sensual pleasures, with a mind that is never satisfied, Death (Antaka) comes and overpowers them.

Meaning and Context 🍃

This gatha serves as a poignant reminder of the impermanence of existence and the potential for distraction.

The Metaphor - The "gathering of flowers" represents the pursuit of sensory pleasures and worldly desires. Just as a person can become so engrossed in picking beautiful flowers that they lose track of time, humans often become lost in temporary joys.

The Insatiability of Desire : The term atittaṃyeva kāmesu highlights that sensory cravings are never truly satisfied; the more one has, the more one often wants.

The Role of Death : Death is personified as Antaka(the Ender). The verse suggests that death does not wait for a person to finish their "gathering." It often arrives while we are still planning, desiring, and seeking more.

Key Vocabulary 🪻

| Pali Term Meaning |

| Pupphāni - | Flowers (representing worldly pleasures) |

| Vicinvataṃ - | Gathering / selecting |
| Atittaṃ - | Unsatisfied / insatiable |
| Kāmesu - | In sensual pleasures |
| Antako - | Death / the Ender |
| Vasaṃ - | Under control / power |

📍- Isipathana International Meditation Center

☁️ The Bak Full Moon Poya Day 🌕It holds significant religious and cultural importance for Buddhists in Sri Lanka. Here a...
01/04/2026

☁️ The Bak Full Moon Poya Day 🌕

It holds significant religious and cultural importance for Buddhists in Sri Lanka. Here are the key reasons why this day is special:

1. The Second Visit of the Buddha to Sri Lanka

In the fifth year of His Enlightenment, the Lord Buddha visited Sri Lanka for the second time on a Bak Full Moon Poya Day. He arrived at Nagadeepa (in the Northern Province).

2. Settling the Dispute Between Chulodara and Mahodara

The primary purpose of the Buddha’s visit was to settle a brewing war between two Naga kings, Chulodara and Mahodara (who were uncle and nephew). They were fighting over a gem-studded throne. By preaching the Dhamma and highlighting the futility of hatred, the Buddha successfully reconciled the two parties and established peace.

3. Offering of the Gem-Studded Throne
Devoutly moved by the Buddha’s teachings, the two Naga kings offered the disputed gem-studded throne to the Buddha. It is believed that the Nagadeepa Stupa was later built enshrining this very throne.

4. Arrival of Deva Samiddhi Sumana

According to chronicles, a deity named Samiddhi Sumana, who resided in a "Kiripalu" tree at the entrance of the Jetavana Monastery, accompanied the Buddha to Sri Lanka. He held the tree over the Buddha like an umbrella to provide shade during the journey.

5. Cultural Significance and the New Year

Bak is the month that heralds the Sinhalese and Tamil New Year. It is a time when nature is in full bloom, the harvest has been gathered, and the environment is filled with prosperity. The Poya day serves as a spiritual precursor to the traditional festivities, emphasizing themes of reconciliation and harmony.

📍- Isipathana International Meditation Center

නිවාප සුත්තංනිල් තණකොළ කොරටුව උපමා කොට වදාළ දෙසුමමා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ...
31/03/2026

නිවාප සුත්තං
නිල් තණකොළ කොරටුව උපමා කොට වදාළ දෙසුම

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා ඇමතුවා. ඒ භික්ෂූන් වහන්සේලාත් “පින්වතුන් වහන්ස” කියල භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා.

පින්වත් මහණෙනි, ‘අනේ මේ මුවන් රංචුව මං වවාපු නිල් තණ කොරටුවට වැදිලා හොඳට ගොදුරු කාලා උස මහතට පෙනුමට හැදෙනවා නම්, බොහෝ කලක් සැපසේ ඉන්නවා නම් කොයිතරම් හොඳද?’ යන අදහසින් වැද්දෙක් මුවන් උදෙසා තණ කොරටු වවන්නේ නෑ. පින්වත් මහණෙනි, වැද්දෙක් මුවන් උදෙසා තණ කොරටුවක් වවන්නේ මෙන්න මේ අදහසිනුයි. ‘දැන් මගේ මේ තණ කොරටුවට මුව රංචුව ඒවි. ආවට පස්සෙ මේ තණකොළ දැක්ක ගමන් එවුන්ට ඔක්කොම අමතක වේවි. කාගෙන, කාගෙන යාවි. හොඳට කාල මත් වේවි. මුසපත් වේවි. ආපහු යන්න අමතක වේවි. එතකොට උන් ආපහු පැනගන්න ප්‍රමාද වෙනකොට ඒ මුව රංචුවට මං කැමති දෙයක් කරනවා’ කියලයි.

පින්වත් මහණෙනි, ඔන්න ඒ මුව රංචු අතරින් ඉස්සෙල්ල ම මුව රංචුවක් ආවා. ඒ තණබිම දැකලා තණ කොරටුවට ඇතුල් වුනා. මුව වැද්දා වගා කරපු ඒ තණකොළ කාගෙන, කාගෙන යන්න පටන් ගත්තා. උන් ඒ තණකොළ රසයට මුසපත් වුනා. ඒ තණකොළ ම කකා හිටියා මිසක් ආපහු පැනගන්න මතක් වුනේ නෑ. ආපහු පැනගන්න ප්‍රමාද වෙද්දී තමුන්ගේ තණකොළ කොරටුවේ කොටු වෙච්ච මුව රංචුවට ඕනෑම දෙයක් කරන්න අර මුව වැද්දාට පුළුවන් වුනා. පින්වත් මහණෙනි, ඔය විදිහට ඒ මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් මිදෙන්න පළවෙනි මුව රංචුවට බැරිව ගියා.

පින්වත් මහණෙනි, ඊළඟට දෙවෙනි මුව රංචුව මේ විදිහට හිතුවා. ‘අපට ඉස්සෙල්ල ආපු මුව රංචුව මුව වැද්දාගේ මේ තණකොළ කොරටුවට රිංගල කාගෙන කාගෙන යන්න පටන් ගත්තා නෙව. ඊට පස්සෙ අපේ මුවෝ ඒකට මුසපත් වුනා. ආපහු පැනගන්න කල්පනාව නැතුව ගියා. ප්‍රමාද වුනා. මේ නිල් තණ කොරටුවට රිංගපු ඒ මුව රංචුවට කැමති දෙයක් කරන්න මුව වැද්දට පුළුවන් වුනා. ඒ ඉස්සෙල්ල ම ආපු මුව රංචුවට මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් මිදෙන්න බැරි වුනා. ඒ නිසා අපි කවුරුත් ඒ නිල් තණ කොරටුව පැත්තටවත් යන්න හොඳ නෑ. ඔය බය වෙවී කන තණකොළේ මොකටද? අපි වනාන්තරේ ඇතුළට ම යමු. එහෙට වෙලා ඉම්මු’ කියල.ඊට පස්සෙ ඒ මුව රංචුව අර තණකොළ කොරටුව පැත්තටවත් ගියේ නෑ. බය වෙලා කන තණකොළෙන් වැළකුනා. කැලේ ඇතුළට ම ගිහින් වාසය කළා. නමුත් ඔන්න පායන කාලයක් ආවා. කැලේ වතුර හිඳිල ගියා. තණකොළ මැරිල ගියා. මුව රංචුව කෙට්ටු වෙලා ගියා. ඇඟපත දුර්වල වෙලා ගියා. බල වීරිය හීන වුනා. ආයෙමත් ටිකෙන් ටික මුව වැද්දාගේ තණකොළ කොරටුව පැත්තට අර මුව රංචුව සේන්දු වුනා. තණකොළ කොරටුවට වැදිල කාගෙන කාගෙන යන්න පටන් ගත්තා. තණකොළ රසයට මුසපත් වුනා. පැනල යන්න අමතක වුනා. ප්‍රමාදයට පත්වුනා. ඒ ප්‍රමාද වෙච්ච මුව රංචුවට ඕන දෙයක් කරන්න පුළුවන්කම මුව වැද්දට ලැබුනා. පින්වත් මහණෙනි, ඔය විදිහට දෙවෙනි මුව රංචුවටත් මුව වැද්දගේ බල පරාක්‍රමයෙන් මිදෙන්න බැරි වුනා.

ඊළඟට පින්වත් මහණෙනි, තුන්වෙනි මුව රංචුව මේ විදිහට හිතන්න පටන් ගත්තා. ‘ඉස්සෙල්ලම ආපු මුව රංචුව මුව වැද්දාගේ නිල් තණ කොරටුවට රිංගුවා. තණකොළ කාගෙන කාගෙන ගියා. ඒකට මුසපත් වුනා. ආපහු පැනල යන්න අමතක වුණා. ප්‍රමාද වුණා. ඒ ප්‍රමාදය නිසා මුව වැද්දට පුළුවන් වුනා තමන් කැමති දෙයක් ඒ මුවන්ට කරන්න. වැද්දාගේ තණකොළ කොරටුවේ කොටු වෙච්ච ඒ මුව රංචුවට මුව වැද්දගේ බල පරාක්‍රමයෙන් නිදහස් වෙන්න බැරි වුනා.

ඊට පස්සෙ දෙවෙනි මුව රංචුව ඇවිල්ල මේ විදිහට හිතන්න පටන් ගත්තා. ‘පළවෙනි මුව රංචුව මුව වැද්දාගේ මේ තණකොළ කොරටුවට රිංගලා කාගෙන කාගෙන ගියා. ඒ තණකොළවලට මුසපත් වුනා. ආපහු පැනල යන්න අමතක වුනා. ප්‍රමාදයට පත්වුනා. ඒ ප්‍රමාද වෙච්ච මුව රංචුවට කැමති දෙයක් කරන්න මුව වැද්දට බලය ලැබුනා. ඒ විදිහට මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් මිදෙන්න පළවෙනි මුව රංචුවට බැරි වුනා. ඒ වුණාට අපි නම් ඔය තණකොළ කොරටුව පැත්තෙවත් යන්නෙ නෑ. බයෙන් බයෙන් කන තණකොළේ මොකටද? අපි වනාන්තරේ ඇතුළට ම යමු’ කියල. ඉතින් ඒ දෙවෙනි මුව රංචුව තණකොළ කොරටුව අතහැරියා. වනාන්තරේ ඇතුළට ම ගිහින් හිටියා. ඔන්න පායන කාලෙ ආවා. අන්තිම මාසෙ වෙනකොට වතුර හිඳිල ගියා. තණකොළ මැරිල ගියා. මුව රංචුව කෙට්ටු වෙලා ගියා. බල වීරිය නැතිවෙලා ගියා. ආයෙමත් ටිකෙන් ටික මුව වැද්දාගේ තණකොළ කොරටුවට සේන්දු වුනා. පැනපු ගමන් තණකොළ ටික කාගෙන කාගෙන ගියා. ඒ තණකොළ රසයට සිහිවිකල් වුනා. ආපහු පැනගන්න අමතක වුනා. ප්‍රමාද වුනා. ප්‍රමාද වෙච්ච මුව රංචුවට ඕන දෙයක් කරන්න මුව වැද්දාට බලය ලැබුනා. මේ විදිහට දෙවෙනි මුව රංචුවත් මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් නිදහස් වුනේ නෑ.

ඉතින්, අපි ඒකට වෙන වැඩක් කරමු. මුව වැද්දාගේ තණ කොරටුව කිට්ටුවෙන් ම අපිට ලගින්න තැනක් හදාගනිමු. තණකොළ කොරටුවට රිංගන්නෙ නැතුව, සිහිවිකල් කරගන්නෙ නැතුව නිල් තණ කමු. ඒ විදිහට නිල් තණ කන කොට අපි ඒකෙන් මත්වෙන්නෙ නෑ. පැනල යන්න අමතක වෙලා ප්‍රමාද වෙන්නෙ නෑ. එතකොට අප්‍රමාදී වෙන අපිට ඕන දෙයක් කරන්න මුව වැද්දාට බලය ලැබෙන්නෙ නෑ’ කියල.ඊට පස්සෙ ඒ මුව රංචුව ඒ තණකොළ කොරටුව කිට්ටුවෙන් ම ලගින්න තැනක් හදාගත්තා. ඒක ඇසුරු කරගෙන ම හිටියා. මුව වැද්දාගේ තණකොළ කොරටුවට ඇතුල් වෙන්නෙ නැතුව, සිහිවිකල් කරගන්නෙ නැතුව තණකොළ කෑවා. ඒ විදිහට තණකොළ කාපු නිසා මත්වුනේ නෑ. මත් නොවෙච්ච නිසා ප්‍රමාද වුනේ නෑ. ප්‍රමාද නොවෙච්ච නිසා ඒ මුව රංචුවට කැමති දෙයක් කරන්න මුව වැද්දාට බැරුව ගියා.

පින්වත් මහණෙනි, එතකොට මුව වැද්දටත්, මුව වැදි පිරිසටත් මෙහෙම හිතුණා. ‘මේ තුන් වැනි මුව කල්ලිය නම් හරි තක්කඩියි නෙව. මහ කට්ටයි නෙව. මේ තුන්වැනි මුව කල්ලියට ඉර්ධි බල තියෙනවාද මන්දා. මේ තුන්වෙනි මුව රංචුව යක්කු ගොඩක්ද? මුං අපේ තණකොළ කොරටුවෙන් තණකොළත් කනවා. උන් එන තැන හොයන්නත් බෑ. යන තැන හොයන්නත් බෑ. අපි මෙහෙම කරමු. මේ තණකොළ කොරටුව වටකරලා ඈතින් ලොකුවට දඬු වැටක් බඳිමු. එතකොට ඔය තුන්වෙනි රංචුව ලගින තැන අපට දැනගන්න පුළුවනි. එතකොට අපිට උන්දැලා ඩැහැගන්න පුළුවනි’ කියලා. ඉතින් ඒ වැද්දන් නිල් තණ කොරටුව වටකරලා ලොකු පළාතක් ම කොටුවෙන විදිහට වැට ගැහුවා. මුව වැද්දත් මුව වැදි පිරිසත් අර මුව රංචුව නැවතිච්ච තැන අල්ලගත්තා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට තුන්වෙනි මුව රංචුවටත් මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් මිදෙන්න බැරුව ගියා.

එතකොට පින්වත් මහණෙනි, හතරවෙනි මුව රංචුව ඇවිල්ලා මේ විදිහට හිතන්ට පටන් ගත්තා. ‘මුව වැද්දාගේ මේ තණකොළ කොරටුවට පළ වෙනි මුව රංචුව රිංගුවා. තණකොළ කාගෙන කාගෙන ගියා. ඒකෙ රසයට සිහිවිකල් වෙලා ගියා. කොරටුවෙන් පැනගන්න අමතක වුනා. ප්‍රමාදයට පත් වුනා. ප්‍රමාදයට පත්වුණු ඒ මුව රංචුවට ඕන දෙයක් කරන්න ඒ මුව වැද්දට බලය ලැබුනා. ඉතින් පළවෙනි රංචුවට මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් නිදහස් වෙන්න බැරි වුනා.

ඊළඟට දෙවෙනි මුව රංචුව හිතුවේ මේ විදිහටයි. ‘පළවෙනි මුව රංචුව මුව වැද්දාගේ තණකොළ කොරටුවට පැනල කාගෙන කාගෙන ගියා. තණකොළ රසයට උන්ගේ සිහි විකල් වුනා. මත්වෙලා ගියා. පැනල යන්න අමතක වුනා. ප්‍රමාද වුනා. ප්‍රමාද වෙච්ච ඒ මුව රංචුවට ඕන දෙයක් කරන්න මුව වැද්දට බලය ලැබුනා. අන්න ඒ නිසා මුව වැද්දගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න පළවෙනි මුව රංචුවට බැරුව ගියා. ඉතින් අපි නම් තණකොළ කොරටුවට එන්නෙ නෑ’ කියල දෙවෙනි මුව රංචුව හිතට ගත්තා. ‘බයෙන් ඉඳගෙන කන තණකොළේ මොකටද?’ කියල හිතල වැළකුනා. ‘වනාන්තරේ ඇතුළට ම ගිහින් ජීවත් වෙමු’ කියල ඔවුන් සම්පූර්ණයෙන් ම තණකොළ කොරටුවලින් තණකොළ කෑමෙන් වැළකුනා. බයෙන් බයෙන් තණකොළ කන එකෙන් වැළකුනා. කැලේ ඇතුළට ම ගිහිල්ල ජීවත් වුනා. ඔන්න පායන කාලෙ ආවා. අන්තිම මාසෙ වෙනකොට වතුර හිඳිල ගියා. තණකොළ මැරිල ගියා. මුව රංචුව කෙට්ටු වුනා. බල වීරිය හිඳිල ගියා. අන්තිමේදී ටිකෙන් ටික මුව වැද්දාගේ කොරටුවට ඇදුනා. තණකොළ කාගෙන කාගෙන ගියා. උන්ගේ සිහියත් විකල් වුනා. මත්වුනා. පැනල යන්න අමතක වුනා. ප්‍රමාද වුනා. ප්‍රමාදයට පත්වුණු ඒ මුව රංචුවට ඕනම දෙයක් කරන්න මුව වැද්දාට බලය ලැබුනා. ඔන්න ඔය විදිහටයි දෙවෙනි මුව රංචුවටත් මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියේ.’

තුන්වෙනි මුව රංචුව මෙහෙම හිතුවා. ‘පළවෙනි මුව රංචුව මුව වැද්දාගේ තණ කොරටුව දැක්ක ගමන් ඒකට පැනල කාගෙන කාගෙන ගියා. ඒ රසයෙන් මුසපත් වුනා. මත්වෙලා ගියා. පැනල යන්න අමතක වුණා. ප්‍රමාදයට පත්වුණා. ප්‍රමාදයට පත්වුණු ඒ රංචුවට ඕනම දෙයක් කරන්න ඒ මුව වැද්දාට බලය ලැබුනා. අන්තිමේදී ඔන්න ඔය විදිහටයි ඒ මුව රංචුවට මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියේ. ඉතින් දෙවෙනි මුව රංචුව මේ කාරණාව තේරුම් ගත්තා. ‘ඔන්න පළවෙනි මුව රංචුව මුව වැද්දාගේ තණකොළ කොරටුවට රිංගල කාගෙන කාගෙන ගියා. සිහිවිකල් වුණා. ඒ තණකොළ රසයට මත්වුනා. එතනින් පැනගන්න කල්පනාව නැතුව ගියා. ප්‍රමාද වුනා. ඒ ප්‍රමාද වෙච්ච මුව රංචුවට ඕනම දෙයක් කරන්න මුව වැද්දාට බලය ලැබුනා. අන්තිමේදී මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් ගැලවෙන්න පළවෙනි මුව රංචුවට බැරුව ගියා. හැබැයි අපි නම් තණකොළ කොරටුවලින් තණකොළ කන එකෙන් සම්පූර්ණයෙන් ම වළකිනවා. බයෙන් බයෙන් කන තණකොළෙන් ඇති වැඩේ මොකක්ද? අපි වනාන්තරේ ඇතුළට ම ගිහිල්ල වාසය කරමු’ එහෙම හිතල දෙවෙනි මුව රංචුව තණකොළ කොරටුවලින් තණකොළ කන එක සම්පූර්ණයෙන් ම නැවැත්තුවා. බයෙන් බයෙන් තණකොළ කන එකෙන් සම්පූර්ණයෙන් ම වැළකුනා. ඔන්න පායන කාලෙ ආවා. වතුර හිඳිල ගියා. තණකොළ වේලිලා ගියා. මුව රංචුව කෙට්ටු වෙලා ගියා. බල වීරිය හීන වෙලා ගියා. අන්තිමේදී එවුන් ටිකෙන් ටික මුව වැද්දාගේ තණකොළ කොරටුවට සේන්දු වුනා. කොරටුවට පැනපු ගමන් සිහි විකලෙන් තණකොළ කාගෙන කාගෙන ගියා. තණකොළ රසයට මත්වුනා. එතනින් පැනල යන්න අමතක වුණා. ප්‍රමාදයට පත්වුනා. ඒ ප්‍රමාද වෙච්ච මුව රංචුවට ඕනම දෙයක් කරන්න මුව වැද්දට බලය ලැබුනා. අන්තිමේදී ඒ මුව රංචුවටත් මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියා.”තුන්වෙනි මුව රංචුව කල්පනා කළා වෙනස් විදිහකට. අපි මේ මුව වැද්දාගේ තණ කොරටුවට ළඟ පාතින් ම ඉන්න තැනක් හදාගනිමු. අපි එතන පදිංචි වෙමු. තණකොළ කොරටුව ඇතුළට පනින්නෙ නැතුව, සිහිවිකල් කරගන්නෙ නැතුව තණකොළ කමු. එතකොට අපි මත්වෙන්නෙ නෑ. මත් නොවෙන නිසා ප්‍රමාද වෙන්නෙ නෑ. අප්‍රමාදී වෙන නිසා අපට ඕන දෙයක් කරන්න මුව වැද්දාට පුළුවන් වෙන්නෙ නෑ කියල. ඉතින් ඒ තුන්වෙනි මුව රංචුව ඒ විදිහට කතාවෙලා තණ කොරටුව කිට්ටුව පාතින් නවතින්න තැනක් හදාගත්තා. තණකොළ කොරටුවට රිංගුවෙ නෑ. තණකොළ කාල සිහිවිකල් වුනේ නෑ. මත්වුනේ නෑ. මත් නොවුණු නිසා ප්‍රමාද වුනේ නෑ. ප්‍රමාද නොවුණු නිසා මුව වැද්දාට ඕන දෙයක් කරන්න බලය ලැබුනෙ නෑ. එතකොට මුව වැද්දයි, මුව වැදි පිරිසයි මෙහෙම හිතුවා. ‘මේ මුව රංචුව නම් තක්කඩි රැලක් නෙව. මහ කට්ටයො නෙව. මේ තුන්වෙනි මුව කල්ලියට ඉර්ධි බල තියෙනවාද මන්දා. මේ තුන්වෙනි මුව රංචුව යක්කු ගොඩක්ද? මුං අපේ තණකොළ කොරටුවෙන් තණකොළ කනවා. ඒ වුනාට උන් එන තැන හොයාගන්නත් බෑ. යන තැන හොයාගන්නත් බෑ. අපි මෙහෙම කරමු. මේ තණකොළ කොරටුව වටකරලා ඈතින් ලොකුවට දඬු වැටක් බඳිමු. එතකොට ඔය තුන්වෙනි රංචුව ලගින තැන අපට දැනගන්න පුළුවනි. එතකොට අපිට උන්වත් ඩැහැගන්න පුළුවනි’ කියල. ඉතින් ඒ වැද්දන් නිල් තණ කොරටුව වටකරලා ලොකු පළාතක් ම කොටු වෙන විදිහට වැට ගැහුවා. මුව වැද්දත් මුව වැදි පිරිසත් අර මුව රංචුව නැවතිච්ච තැන අල්ලගත්තා. ඔන්න ඔය විදිහට තුන්වෙනි මුව රංචුවටත් මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් මිදෙන්න බැරුව ගියා.අපි එහෙම නම් මෙහෙම කරමු. මුව වැද්දටත් මුව වැදි පිරිසටත් යන්න බැරි තැන් තියෙනවා. අපි අන්න ඒ වගේ තැනක පදිංචි වෙමු. අපි ඒ වගේ තැනක පදිංචි වෙලා මුව වැද්දාගේ තණකොළ කොරටුවට පනින්නෙ නැතිව, සිහිවිකල් කරගන්නෙ නැතුව තණකොළ කමු. එතකොට අපි මත්වෙන්නෙ නෑ. මත් නොවෙන නිසා ප්‍රමාද වෙන්නෙ නෑ. අප්‍රමාදී වෙන නිසා අපට ඕන දෙයක් කරන්න මුව වැද්දාට බලය නැතිවෙලා යනවා’ කියල.ඉතින් එහෙම හිතලා, හතරවෙනි මුව රංචුව මුව වැද්දටවත්, මුව වැදි පිරිසටත් යන්න බැරි තැනක පදිංචි වුනා. ඒ වගේ තැනක පදිංචි වෙලා මුව වැද්දාගේ තණකොළ කොරටුවට රිංගන්නෙ නැතුව, සිහිවිකල් කරගන්නෙ නැතුව තණකොළ කෑවා. ඒ හතරවෙනි මුව රංචුව ඒ විදිහට තණකොළ කන නිසා මත්වුනේ නෑ. මත් නොවුණු නිසා ප්‍රමාද වුනේ නෑ. ප්‍රමාද වුනේ නැති නිසා මුව වැද්දාට ඕන දෙයක් කරන්න බැරුව ගියා.

එතකොට පින්වත් මහණෙනි, මුව වැද්දටත් මුව වැදි පිරිසටත් මෙහෙම හිතුනා. ‘මේ හතරවෙනි මුව කල්ලියත් හරි තක්කඩියි නෙව. මහ කට්ටයි නෙව. මේ හතරවෙනි මුව කල්ලියට ඉර්ධි බලයක් තියෙනවාද මන්දා. මේ මුව රංචුව යක්කු ගොඩක්ද? මුං අපේ තණකොළ කොරටුවෙන් තණකොළ කනවා. උන් එන තැන හොයාගන්නත් බෑ. යන තැන හොයාගන්නත් බෑ. අපි මේ තණකොළ කොරටුව වටකරලා ඈතින් ලොකුවට දඬු වැටක් බඳිමු. එතකොට ඔය හතරවෙනි මුව රංචුව ලගින තැන අපිට දැනගන්න පුළුවනි. එතකොට අපිට උන්වත් ඩැහැගන්න පුළුවනි’ කියලා. ඉතින් ඔවුන් ඒ නිල් තණ කොරටුව වට කරල ලොකු පළාතක් ම කොටු වෙන විදිහට වැට ගැහුවා. නමුත් මුව වැද්දාටවත්, මුව වැදි පිරිසටවත් හතරවෙනි මුව රංචුව නැවතිලා ඉන්න තැන සොයා ගන්න බැරුව ගියා.

එතකොට පින්වත් මහණෙනි, මුව වැද්දටත්, මුව වැදි පිරිසටත්, මෙහෙම හිතුනා. ‘ඉතින් අපි මේ හතරවෙනි මුව රංචුව පස්සෙ පන්නන්න ගියොත් ඒ මුව රංචුව පස්සෙන් ම අනිත් මුව රංචුවත් පැනල යනවා. ඒ මුව රංචුව පස්සෙන් ඊළඟ මුව රංචුවත් පැනල යාවි. එතකොට අපේ මේ තණකොළ කොරටුව මුව රංචු අත්හැරල දමාවි නෙව. ඒ නිසා අපි මේ හතරවෙනි මුව රංචුව ගැන මධ්‍යස්ථ වෙන එක තමයි හොඳ’ කියලා. ඉතින් පින්වත් මහණෙනි, ඒ මුව වැද්දත්, මුව වැදි පිරිසත් හතරවෙනි මුව රංචුව ගැන මධ්‍යස්ථ වුනා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට හතරවෙනි රංචුව විතරක් මුව වැද්දාගේ බල පරාක්‍රමයෙන් නිදහස් වුනා.

පින්වත් මහණෙනි, මං මේ අර්ථයක් මතු කරල පෙන්නන්නයි මේ උපමාවක් ගත්තෙ. මෙන්න මේකයි ඒකෙ අර්ථය. පින්වත් මහණෙනි, නිල් තණකොළ කොරටුව කියල කියන්නෙ පංචකාම ගුණයන්ට කියන නමක්. පින්වත් මහණෙනි, මුව වැද්දා කියල කියන්නෙ පාපී මාරයාට කියන නමක්. පින්වත් මහණෙනි, මුව වැදි පිරිස කියන්නෙ මාර පිරිසට කියන නමක්. පින්වත් මහණෙනි, මුව රංචුව කියල කියන්නෙ ශ්‍රමණබ්‍රාහ්මණයින්ට කියන නමක්.

පින්වත් මහණෙනි, පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මාරයා ගේ නිල් තණකොළ කොරටුව වන පංචකාම ගුණයන්ට රිංග ගන්නවා. සිහිවිකල් කරගන්නවා. පංච කාම ගුණ නැමැති තණකොළ කනවා. නිල් තණකොළ කොරටුවට රිංගාගෙන සිහිවිකල්ව බොජුන් අනුභව කරන ශ්‍රමණබ්‍රාහ්මණයින් ඒකෙන් මත්වෙනවා. ඒකෙන් පැනල යන්න මතක නැතිවෙනවා. ප්‍රමාද වෙනවා. ප්‍රමාද වුනාට පස්සෙ පංච කාමයට අහුවෙච්ච ඒ ශ්‍රමණබ්‍රාහ්මණයින්ට ඕන දෙයක් කරන්න මාරයාට බලය ලැබෙනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට පළවෙනි ශ්‍රමණ පිරිසට මාරයාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව යනවා. පින්වත් මහණෙනි, ඔවුන් හරියට අර පළවෙනි මුව රංචුව වගෙයි. මං ඒ ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස උපමා කරන්නෙ මේ පළවෙනි මුව රංචුවටයි.

එතකොට පින්වත් මහණෙනි, දෙවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මෙහෙම හිතනවා. ‘මේ පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මාරයාගේ නිල් තණකොළ කොරටුව වන පංචකාම ගුණයන්ට අහුවුනා. ඒ පංචකාම ගුණ තුළට ම වැදිල සිහිවිකල් වුනා. පංචකාම භෝජන අනුභව කරන්ට පටන් ගත්තා. ඔවුන් ඒකෙන් මුසපත් වුනා. මත්වෙලා ගියා. ප්‍රමාදයට පත්වුනා. පංචකාම ගුණයට අහුවෙච්ච ඒ ශ්‍රමණබ්‍රාහ්මණයින්ට ඕනම දෙයක් කරන්න මාරයාට බලය ලැබුනා. අන්තිමේදී ඒ පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසට මාරයා ගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියා. අපි ඕකට මෙහෙම දෙයක් කරමු. මේ ලෝකාමිසයෙන් සම්පූර්ණයෙන් ම වළකිමු. මේ බියජනක පංචකාම පරිභෝගය මොකටද? අපි වනාන්තරවල ඇතුළට ම ගිහිල්ල ඉමු’ කියල.ඒ දෙවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස පංචකාම නම් වූ මාරයාගේ තණකොළ කොරටුවෙන් සම්පූර්ණයෙන් ම වැළකුනා. බිය ජනක පංච කාමයෙන් වැළකිලා වනාන්තරේ ඇතුළට ම ගිහින් වාසය කළා. ඔවුන් කොළ වර්ග විතරක් අනුභව කළා. අමු හාල් අනුභව කළා. තණ හාල් අනුභව කළා. ගස් පොතු කහට අනුභව කළා. ලාටු අනුභව කළා. පිටි වර්ග අනුභව කළා. බත් පෙණ අනුභව කළා. පුන්නක්කු අනුභව කළා. තණකොළ අනුභව කළා. ගොම අනුභව කළා. අල මුල් වර්ග අනුභව කළා. ගස්වලින් වැටෙන ගෙඩි අනුභව කළා. නමුත් පායන කාලෙ අන්තිම මාසෙ වෙනකොට වනාන්තරේ වතුර හිඳිල ගියා. තණකොළ මැරිල ගියා. ඒ ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස කෙට්ටු වෙලා ගියා. බල වීරිය හීන වෙලා ගියා. බල වීරිය හීන වෙලා ගිය නිසා භාවනාව වැඩුනෙ නෑ. භාවනාව නොවැඩුණු නිසා ආයෙමත් ටිකෙන් ටික මාරයාගේ පංචකාම ගුණයන්ගේ පැත්තට ම සේන්දු වුනා. ඔවුන් මාරයාගේ නිල් තණකොළ කොරටුවට වැදුනා. සිහිවිකල් කරගෙන පංචකාම ගුණ අනුභව කළා. ඒකෙන් මත්වුනා. ප්‍රමාදයට පත්වුනා. ඒ ප්‍රමාද වෙච්ච ශ්‍රමණබ්‍රාහ්මණයින්ට ඕනම දෙයක් කරන්ට මාරයාට බලය ලැබුනා. ඔන්න ඔය විදිහට ම පින්වත් මහණෙනි, දෙවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසටත් මාරයාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියා. පින්වත් මහණෙනි, ඔය දෙවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස දෙවෙනි මුව රංචුව වගේ. මං ඒ දෙවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස උපමා කරන්නෙ ඒ දෙවෙනි මුව රංචුවටයි.

පින්වත් මහණෙනි, තුන්වෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මෙහෙමයි හිතුවෙ. ‘පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මාරයාගේ නිල් තණකොළ කොරටුව වන පංචකාම ගුණයන්ට අහුවුණා ....(පෙ).... ඔය විදිහට ඒ පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණයින්ට මාරයාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියා. දෙවන ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මෙහෙමයි හිතුවෙ. මේ පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මාරයාගේ නිල් තණකොළ කොරටුවට රිංගලා ....(පෙ).... ඔය විදිහට ඒ පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසට මාරයාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියා. ඉතින් අපි නම් ඔය පංචකාම ගුණ කියන ලෝකාමිසයෙන් සම්පූර්ණයෙන් ම වළකිනවා. ඔය බියජනක පංචකාම ගුණයෙන් වැළකිලා වනාන්තරේ ඇතුළට ම ගිහිල්ල ඉන්නවා කියල. ඉතින් ඒ දෙවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස නිල් තණකොළ කොරටුව වන ලෝකාමිසයෙන් සම්පූර්ණයෙන් ම වැළකුනා. වනාන්තරේ ඇතුළට ම ගිහින් වාසය කළා. ඔවුන් කොළ වර්ග විතරක් අනුභව කළා. අමු හාල් අනුභව කළා. තණ හාල් අනුභව කළා. ගස්පොතු කහට අනුභව කළා. ලාටු පිටි වර්ග අනුභව කළා. පිටි වර්ග අනුභව කළා. බත් පෙණ අනුභව කළා. පුන්නක්කු අනුභව කළා. තණකොළ අනුභව කළා. ගොම අනුභව කළා. අල මුල් වර්ග අනුභව කළා. ගස්වලින් වැටෙන ගෙඩි අනුභව කළා. නමුත් පායන කාලෙ අන්තිම මාසෙ වෙනකොට වනාන්තරේ වතුර හිඳිල ගියා. තණකොළ මැරිල ගියා. ඒ ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස කෙට්ටු වෙලා ගියා. බල වීරිය හීන වෙලා ගියා. බල වීරිය හීන වෙලා ගිය නිසා භාවනාව වැඩුනෙ නෑ. භාවනාව වැඩුනෙ නැති නිසා ආයෙමත් ටිකෙන් ටික මාරයාගේ පංචකාම ගුණයට ම සේන්දු වුනා. ඔවුන් මාරයාගේ නිල් තණකොළ කොරටුවට වැදුනා. සිහිවිකල් කරගෙන පංචකාම ගුණ අනුභව කළා. ඒකෙන් මත්වුනා. ප්‍රමාදයට පත්වුනා. ඒ ප්‍රමාද වෙච්ච ශ්‍රමණබ්‍රාහ්මණයින්ට ඕනම දෙයක් කරන්න මාරයාට පුළුවන් වුනා. අන්න ඒ විදිහට දෙවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසටත් මාරයාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියා.ඒ නිසා අපි මෙහෙම කරමු. අපි මේ මාරයා ගේ නිල් තණ කොරටුව වන පංචකාම ගුණයට අතේ දුරින් ඉන්න තැනක් පිළියෙල කර ගනිමු. එහෙම ටිකක් ඈතින් ඉඳගෙන පංචකාම ගුණයට රිංගන්නෙ නැතුව සිහි මුළා වෙන්නෙ නැතුව ලෝකාමිස භෝජන අනුභව කරමු. එතකොට අපි මත්වෙන්නෙ නෑ. මත් නොවෙනකොට අපි ප්‍රමාද වෙන්නෙ නෑ. අප්‍රමාදී වෙනකොට අපට ඕන ම දෙයක් කරන්න මාරයාට බලය ලැබෙන්නෙ නෑ’ කියල.ඉතින් ඒ තුන්වෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස ඔය විදිහට හිතල මාරයාගේ තණකොළ කොරටුව වන පංචකාම ලෝකාමිසයට නුදුරින් නවාතැන් ගත්තා. එහෙම නැවතිල ලෝකාමිසයට රිංගන්නෙ නැතුව, සිහිවිකල් කරගන්නෙ නැතුව ලෝකාමිස භෝජන අනුභව කළා. ඒ නිසා ඔවුන් මත්වුණේ නෑ. මත් නොවුණු නිසා ප්‍රමාද වුණේ නෑ. මාරයාට ඕනම දෙයක් කරන්න බලය නැතුව ගියා. නමුත් ඔවුන් මේ විදිහේ දෘෂ්ටිවලට අහුවෙලා ගියා. ‘මේ ලෝකය සදාකාලිකයි. ලෝකය සදාකාලික නෑ. ලෝකයේ කෙළවරක් තියෙනවා, ලෝකයේ කෙළවරක් නෑ, ජීවයත් ශරීරයත් දෙකම එකයි, ජීවය වෙනින් එකක්, ශරීරය වෙනින් එකක්, තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නෑ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා, නෑ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නෑ, නැත්තෙත් නෑ.’ මේ විදිහේ මතවාදවලට බැඳිච්ච තුන්වෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසට මාරයාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියා. පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස අර තුන්වෙනි මුව රංචුව වගෙයි. ඒ තුන්වෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස තුන්වෙනි මුව රංචුවට තමයි උපමා කරන්න තියෙන්නෙ.

පින්වත් මහණෙනි, හතරවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසට මේ විදිහට හිතුණා ‘පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මාරයාගේ නිල් තණකොළ කොරටුවට අහුවුනා ....(පෙ).... ඔය විදිහට ඒ පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසට මාරයාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරි වුනා. දෙවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මේ විදිහට හිතුවා. මේ පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මාරයාගේ නිල් තණකොළ කොරටුව වන පංචකාම ගුණයන්ට අහුවුනා ....(පෙ).... ඔන්න ඔය විදිහට ඒ පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසට මාරයාගේ බල පරාක්‍රමයෙන් නිදහස් වෙන්න බැරි වුනා. ඉතින් ඒ නිසා අපි නම් ඔය පංචකාම ගුණ ලෝකාමිසයෙන් සම්පූර්ණයෙන් ම වළකිනවා ....(පෙ).... අන්තිමේ දී ඒ දෙවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසටත් මාරයාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියා. ඊළඟට තුන්වෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසට මෙහෙමයි හිතුනෙ. පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මාරයාගේ තණකොළ කොරටුවට වැදුනා ....(පෙ).... අන්තිමේදී ඒ පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසටත් මාරයාගේ බල පරාක්‍රමයෙන් නිදහස් වෙන්න බැරුව ගියා. ඒ වගේම දෙවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මෙහෙම හිතුවා. පළවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මාරයාගේ තණකොළ කොරටුවට අහු වුනා ....(පෙ).... අන්තිමේදී ඔවුන්ට මාරයාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියා. ඉතින් අපි මේ ලෝකාමිස භෝජන අනුභවයෙන් සම්පූර්ණයෙන් ම වළකිනවා ....(පෙ).... අන්තිමේදී ඒ දෙවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසටත් මාරයාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියා. ඉතින් අපට කරන්ට තියෙන්නෙ මෙච්චරයි. අපි මේ මාරයාගේ නිල් තණ කොරටුව වන පංචකාම ගුණ කියන ලෝකාමිසයට නුදුරින් ජීවත් වෙමු. ඒ ලෝකාමිසයට අහුවෙන්නෙ නැතුව, සිහිවිකල් කරගන්නෙ නැතුව බොජුන් අනුභව කරමු. එතකොට අපි මත්වෙන්නෙ නෑ. මත් නොවෙන කොට ප්‍රමාද වෙන්නෙ නෑ. අප්‍රමාදී වෙනකොට අපට ඕන දෙයක් කරන්න මාරයාට බලය ලැබෙන්නෙ නෑ. ඔවුන් එහෙම හිතල මාරයාගේ නිල් තණ කොරටුව වන පංචකාම ගුණ ලෝකාමිසයට නුදුරින් ජීවත් වුණා. ලෝකාමිසයට අහුවෙන්නෙ නැතුව, සිහිවිකල් කරගන්නෙ නැතුව, පංචකාම භෝජන අනුභව කළා. ඇත්තෙන් ම ඔවුන් පංච කාම භෝජනයෙන් මත්වුණේ නෑ. ඒ නිසා අප්‍රමාදී වුණා. අප්‍රමාදී වීම නිසා මාරයාට ඕන දෙයක් කරන්න බලය නැතුව ගියා. නමුත් ඔවුන් මෙන්න මේ වගේ දෘෂ්ටිවලට බැඳිල ගියා. ‘ලෝකය සදාකාලිකයි ....(පෙ).... තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නෑ. නැත්තෙත් නෑ’ කියලා. අන්තිමේදී ඒ තුන්වෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිසටත් මාරයාගේ බල පරාක්‍රමයෙන් බේරෙන්න බැරුව ගියා.ඒ නිසා අපි මෙහෙම කරමු. මාරයාට ගමන් කරන්න බැරි, මාර පිරිසට ගමන් කරන්න බැරි තැනක පදිංචි වෙමු. එහෙම තැනක පදිංචි වෙලා මාරයාගේ නිල් තණ කොරටුව වන පංචකාම ගුණ ලෝකාමිසයට රිංගන්නෙ නැතුව, සිහිවිකල් කරගන්නෙ නැතුව ලෝකාමිස භෝජන අනුභව කරමු. එතකොට අපි මත්වෙන්නෙ නෑ. මත් නොවෙන කොට ප්‍රමාද වෙන්නෙ නෑ. අප්‍රමාදී වෙනකොට අපට ඕන දෙයක් කරන්න මාරයාට බලය ලැබෙන්නෙ නෑ’ කියල.ඉතින් ඒ හතරවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස මාරයාට යන්න බැරි තැනක, මාර පිරිසට යන්න බැරි තැනක පදිංචි වුනා. එතන පදිංචි වෙලා මාරයාගේ නිල් තණ කොරටුව වන පංචකාම ගුණ ලෝකාමිසයට අහුවෙන්නෙ නැතුව, සිහිවිකල් කරගන්නෙ නැතුව, පංචකාම භෝජන අනුභව කළා. ඒ නිසා මත් වුනේ නෑ. මත් නොවුණු නිසා අප්‍රමාදී වුනා. අප්‍රමාදී වුණු නිසා මාරයාට ඕන දෙයක් කරන්න බැරුව ගියා. ඔන්න ඔය විදිහට පින්වත් මහණෙනි, හතරවෙනි ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස විතරක් මාරයාගේ බල පරාක්‍රමයෙන් නිදහස් වුනා. පින්වත් මහණෙනි, අන්න ඒ ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස හතරවෙනි මුව රංචුව වගේ. ඒ ශ්‍රමණබ්‍රාහ්මණ පිරිස උපමා කරන්න තියෙන්නෙ අර හතරවෙනි මුව රංචුවටයි.

(1). පින්වත් මහණෙනි, මාරයාටත්, මාර පිරිසටත්, යන්න බැරි තැන මොකක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුසල්වලින් වෙන්ව විතර්ක විචාර සහිත මානසික විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛය තියෙන පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුව ‘මාරයාව අන්ධ කළා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැකගන්න බැරි තැනකට ගියා’ කියලයි කියන්න තියෙන්නේ.

(2). පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව විතර්ක විචාර සංසිඳවලා තම සිත තුළ බලවත් පැහැදීමක් ඇති කරගෙන සිතේ එකඟ බව දියුණු කරල විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුව ‘මාරයාව අන්ධ කළා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැකගන්න බැරි තැනකට ගියා’ කියලයි කියන්න තියෙන්නේ.

(3). පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව ප්‍රීතියට ඇලෙන්නෙ නැතුව උපේක්ෂාවෙන් ඉන්නවා. සිහියෙන් නුවණින් යුක්තව කයෙන් සැපයක් විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒ ධ්‍යානයට කිව්වෙ ‘උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපසේ වාසය කිරීම’ කියලයි. ඒ තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුව ‘මාරයාව අන්ධ කළා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැකගන්න බැරි තැනකට ගියා’ කියලයි කියන්න තියෙන්නේ.

(4). පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව සැපයත් නැති කරල දුකත් නැති කරල කලින් ම මානසික සැප දුක් දෙක අත්හැරලා, දුක් සැප නැති පාරිශුද්ධ වූ උපේක්ෂාවත්, සිහියත් තියෙන හතරවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුව ‘මාරයාව අන්ධ කළා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැකගන්න බැරි තැනකට ගියා’ කියලයි කියන්න තියෙන්නේ.

(5). පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව සියලු ආකාරයෙන්ම රූපය ගැන තියෙන සඤ්ඤාවෙන් නිදහස් වෙලා, මනසේ පිහිටල තියෙන සියලු සඤ්ඤාවෙන් නිදහස් වෙලා, නොයෙක් සඤ්ඤාවන් සිහි නොකරමින් ‘ආකාසය අනන්තයි’ කියල ආකාසානඤ්චායතන සමාධියත් ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුව ‘මාරයාව අන්ධ කළා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැකගන්න බැරි තැනකට ගියා’ කියලයි කියන්න තියෙන්නේ.

(6). පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව සියලු ආකාරයෙන්ම ආකාසානඤ්චායතන සමාධිය ඉක්මවා ගිහිල්ලා ‘විඤ්ඤාණය අනන්තයි’ කියල විඤ්ඤාණඤ්චායතන සමාධියත් ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුව ‘මාරයාව අන්ධ කළා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැකගන්න බැරි තැනකට ගියා’ කියලයි කියන්න තියෙන්නේ.

(7). පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව සියලු ආකාරයෙන්ම විඤ්ඤාණඤ්චායතන සමාධිය ඉක්මවා ගිහිල්ලා ‘කිසිවක් නෑ’ කියල ආකිඤ්චඤ්ඤායතන සමාධියත් ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුව ‘මාරයාව අන්ධ කළා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැකගන්න බැරි තැනකට ගියා’ කියලයි කියන්න තියෙන්නේ.

(8). පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව සියලු ආකාරයෙන්ම ආකිඤ්චඤ්ඤායතන සමාධියත් ඉක්මවා ගිහිල්ල සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියත් ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුව ‘මාරයාව අන්ධ කළා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැකගන්න බැරි තැනකට ගියා’ කියලයි කියන්න තියෙන්නේ.

(9). පින්වත් මහණෙනි, මේ ගැන තවදුරටත් කියනවා නම්, භික්ෂුව සියලු ආකාරයෙන්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය ඉක්මවා ගිහිල්ලා සඤ්ඤා, වේදනා නිරුද්ධ වී ගිය ‘සඤ්ඤා වේදයිත නිරෝධය’ (නිරෝධ සමාපත්තියත්) ලබාගෙන වාසය කරනවා. ප්‍රඥාවෙන් දැකීම නිසා ඔහු ගේ ආශ්‍රවයනුත් නැතිවෙලයි තියෙන්නෙ. පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුවත් මාරයාව අන්ධ කළා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැකගන්න බැරි තැනකට ගියා. ඔහුට ලෝකයේ ‘විසත්තිකා’ නැමැති තණ්හාව ඉක්මවා ගිය කෙනා ය’ කියල කියනවා

භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා. ඒ භික්ෂූන් වහන්සේලාත් මේ දේශනාව ගැන ගොඩාක් සතුටු වුනා. සතුටු වෙලා භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය ඉතා සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

නිල් තණකොළ කොරටුව උපමා කොට වදාළ දෙසුම නිමා විය.

මජ්ඣිම නිකාය
මූල පණ්ණාසකෝ
නිවාප සුත්තං

🍁 Puppha Vagga 📖️ The 15th verse (Gatha) of the Puppha Vagga (Chapter of Flowers) in the Dhammapada is a beautiful refle...
23/03/2026

🍁 Puppha Vagga 📖️

The 15th verse (Gatha) of the Puppha Vagga (Chapter of Flowers) in the Dhammapada is a beautiful reflection on the influence of virtue.

The Gatha (Pali) 📖

> Na pupphagandho paṭivātameti,
na candanaṃ tagaramallikā vā;
> satañca gandho paṭivātameti,
sabbā disā sappuriso pavāti.

Meaning ✨️

The fragrance of flowers does not travel against the wind, nor does the scent of sandalwood, jasmine, or tagara; but the fragrance of the virtuous travels even against the wind. The virtuous person pervades all directions.

Key Takeaways 🍃

* The Limitation of Nature : Even the most exquisite physical scents (like sandalwood or jasmine) are bound by the laws of physics and wind direction.

* The Power of Virtue (Sila) : In Buddhist philosophy, the "scent" of a good person's character and deeds is considered more powerful than any physical perfume. It is "omni-directional"—it reaches people regardless of distance or circumstance.

* Influence : This verse serves as an encouragement to cultivate inner goodness, as true reputation and influence are built on moral integrity rather than external adornments.

Contextual Note 🍃

This verse is often paired with the 16th Gatha, which further emphasizes that while the scent of sandalwood or lotus is wonderful, the "scent" of conduct is unsurpassed even among the gods.

📍- Isipathana International Meditation Center

Address

Isipathanaramaya
Matara
81000

Opening Hours

Monday 08:00 - 10:00
14:00 - 16:00
Tuesday 08:00 - 10:00
14:00 - 16:00
Wednesday 08:00 - 10:00
14:00 - 16:00
Thursday 08:00 - 10:00
14:00 - 16:00
Friday 08:00 - 10:00
14:00 - 16:00
Saturday 08:00 - 10:00
14:00 - 16:00
Sunday 14:00 - 16:00

Telephone

+94752799503

Website

Alerts

Be the first to know and let us send you an email when IIMC - Isipathana International Meditation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to IIMC - Isipathana International Meditation Center:

Share