15/10/2021
කොන්දේ කැක්කුම🙄🙄
👍 ජීවිතේ එක් දිනක් හෝ ඔබ කොන්ද කැක්කුම අත්විදලා ඇති.එය ඒ තරම් ම සුලභයි.
👍 මෙතරම් සුලභ කොන්ද කැක්කුමට හේතු මොනවාද ?
👍ඒ වගේම දිගින් දිගටම පවතින, නිශ්චිත හේතුවක් නොපෙනෙන ,කොන්දේ කැක්කුමක් පවතිනවා නම් ඒ සඳහා ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා.
👍 කොඳු ඇට පෙළ සෑදී ඇති කශේරුකා ,ඒ අතර ඇති තරලය ,කණ්ඩරා ,මාංශපේෂි යන මේවායේ සිදුවන වෙනස්කම් නිසා කොන්ද කැක්කුම සුලබව ඇති වන්න පුළුවන්.
👍 ස්නායු තෙරපුම නිසා ඇතිවන සයටිකා තත්ත්වයත් මේ සඳහා හේතු වනවා.
👍 කොන්දේ සිට තට්ටම් ප්‍රදේශය හරහා කකුල දිගේ පහලට දිවෙන කැක්කුම මෙහිදී විශේෂයි .
👍ඒ වගේම ආතරයිටිස් ,ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්වයන් නිසා වයස්ගත වීමත් සමග කොන්දේ කැක්කුම් ඇතිවිය හැකියි .
👍මීට අමතරව
මුත්‍රා ගල්, වකුගඩු ආශ්‍රිත ආසාදන ,
ගර්භාෂගත ඩිම්බ කෝෂ ගත රෝග ,
පිළිකා කොන්ද කැක්කුම් සඳහා හේතුකාරක වෙන්න පුළුවන්.
👍 ඒ නිසා විවේක ගත්තත් ඒ තරම් අඩු නොවන හෝ, ඒ වගේම නිතර පවතින කොන්දේ කැක්කුමක්,
එකවර එන තද කැක්කුමක්, කොන්දේ සිට කකුල්වලට යටි බද ප්‍රදේශයට විහිදෙන කැක්කුමක් විටෙන් විට
හෝ ඇත්නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම වඩාත් යෝග්‍යයි.
👍 ඒ වගේම නිවැරැදි ඉරියව් පවත්වා ගැනීම (විශේෂයෙන්ම පරිගණක තීරයන් ඉදිරිපස රැකියාවේ නිරතවන අය,එමෙන්ම
බරක් ඉසිලීමේදී) කොන්ද කැක්කුම් ඇති වීම් වලක්වා ගැනීමට ඉවහල් වන බව ද අමතක නොකරන්න.
👍 මේ සියලු රෝග තත්ත්ව සඳහා අතුරු ආබාධ වලින් තොරව සුවපත් වීමට ශරීරයට හිතකර ලෝකයේ බොහෝ රටවල් වල භාවිතා කරන හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර පහසුවෙන් ඔබටද ලබාගත හැකියි .භාවිතයද පහසු ය.
වැඩි දුර විමසිම්,
වෛද්‍ය යෝෂිතා කළුතරගේ.
☎ 075 48 400 47
රජයේ හෝමියෝපති වෛද්‍ය නිලධාරී
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය.