Green Light Plant Nursery වටිනා දුර්ලභ පැල

Green Light Plant Nursery වටිනා දුර්ලභ පැල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Green Light Plant Nursery වටිනා දුර්ලභ පැල, Pharmaceuticals, Palawatta Road, Manana, Horawala, Walipanna, Matugama.

වටිනා දුර්ලභ පැල මතු පරපුර වෙනුවෙන් සන්රක්ශනය සහ එවැනි පැල හඩුනාගැනීම, සහන මිලට පැල අලවිය

Preservation of valuable rare plants for future generations and identification of such plants, selling plants at concessionary prices.

බැසිල්ඔබේ අහාරයට රසයත් සුවදත් වැඩි කරන අරුම පුදුම ශාකයකි බැසිල්
24/06/2022

බැසිල්
ඔබේ අහාරයට රසයත් සුවදත් වැඩි කරන අරුම පුදුම ශාකයකි බැසිල්

රෝස්මරීඔබේ ආහාර සඳහා වැඩි රසයක්, සුවඳක් ලබා දෙන සොබාදහමෙන් දෑවැද්ද රෝස්මරී
24/06/2022

රෝස්මරී
ඔබේ ආහාර සඳහා වැඩි රසයක්, සුවඳක් ලබා දෙන සොබාදහමෙන් දෑවැද්ද රෝස්මරී

මින්චිදන්නෝ ද්නිතිගුනයෙන් අනූන මින්චි
24/06/2022

මින්චි
දන්නෝ ද්නිති
ගුනයෙන් අනූන මින්චි

සේර ඩොලර් උපයන්න සේර සිටවන්න
24/06/2022

සේර
ඩොලර් උපයන්න සේර සිටවන්න

මහාමේරු බුලත්සල්ලි ගස් වලින් නෙලන්න අදම මහාමේරු බුලත් සිටවන්න
24/06/2022

මහාමේරු බුලත්
සල්ලි ගස් වලින් නෙලන්න අදම මහාමේරු බුලත් සිටවන්න

පැපොල්
24/06/2022

පැපොල්

දුරියන් විශ්‍රාම වැටුපක් අවශ්‍ය නම් කරදර නොවන්න දූරියන් පැල දහයක් සිටුවන්න.බිසෝවරු හඬන රජුන් අඛණ්ඩව සොයන දුරියන්
24/06/2022

දුරියන්
විශ්‍රාම වැටුපක් අවශ්‍ය නම් කරදර නොවන්න දූරියන් පැල දහයක් සිටුවන්න.
බිසෝවරු හඬන රජුන් අඛණ්ඩව සොයන දුරියන්

කරද ගස (මෙම ගස පෘථිවියට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දෙයි, එය කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරයි)ඖෂධයක් ලෙස භාවිතා කරයිඑය අපල ...
24/06/2022

කරද ගස (මෙම ගස පෘථිවියට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දෙයි, එය කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරයි)
ඖෂධයක් ලෙස භාවිතා කරයි
එය අපල ඉවත්ක රන්නෙකු ලෙස භාවිතා කරයි

හවරි නුග (මෙම ගස ලස්සන ගැහැණු ළමයෙකුගේ දිගු වරලස ලෙස විදහා දක්වයි)
24/06/2022

හවරි නුග (මෙම ගස ලස්සන ගැහැණු ළමයෙකුගේ දිගු වරලස ලෙස විදහා දක්වයි)

24/06/2022

ගොටුකොළවලට වඩා විසි ගුණයක් වැඩි පැෂන් ෆෘට් කොළවල හෙළි නොවුණු ගුණ

අංශභාගය, අධික රුධිර පීඩනය, ආතරයිටීස් සමඟ දියවැඩියාව සුව කරන්න රණවරා, පැෂන් ෆෘට්, කතුරුමුරුංගා, කුරිඤ්ඤං කොළ, මැල්ල කොළ හොඳයි
ගමේ - ලන්දේ -නියරේ වැවෙන ‘දිව ඔසු’ වැනි කැලෑ කොළ ගැන ජනාධිපති සම්මාන ලැබුණු අලුත් පර්යේෂණයක ප්‍රතිඵල
මුකුණුවැන්න, ගොටුකොළ, කංකුංවලට වඩා සමහර කැලෑ කොළවල ගු ණ 7 - 8 ගු ණයකින් වැඩියි
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර

බැලූ බැලූ අත කොළ පැහැයෙන් දිදුලන අපේ රටේ මිනිසුන් තණකොළ හැරුණුවිට ආහාරයට නොගන්නා පලාවක් නොමැති තරම්ය. පලා ගැන කතා කරද්දී අපට නිතර මතක් වන්නේ ගොටුකොළ, මුකුණුවැන්න හා කංකුං වැනි වෙළෙඳපොළේ බහුල වාණිජ පලා වර්ග ගැන පමණි. එහෙත් අපේ ගමේ කැළේ ලන්දේ - නියරේ සුලභව වැවෙන පලා කොළ ගැන අලුත් තතු හෙළි කළ අලුත්ම ගවේෂණයක් මෑතකදී ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබීය. එම ගවේෂණයෙන් හෙළි වී ඇත්තේ කුරිඤ්ඤං, රණවරා, මැල්ල, වැල්දොඩම් හා කතුරුමුරුංගාවල ඖෂධීය හා පෝෂණ ගුණ ප්‍රමාණය ඉහත වාණිජ පලාවර්ගවලට වඩා තුන්ගුණයේ සිට විසිගුණය දක්වා වැඩි බවයි. වැල්දොඩම් කොළවල ඇති සී විටමින් ප්‍රමාණය ගොටුකොළවල මෙන් විසි ගුණයක් බවද මෙම පර්යේෂණයෙන් හෙළිවී ඇත. වයඹ විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න ගුණතිලක මහතා ඇතුළු පිරිසක් සිදු කර ඇති මෙම පර්යේෂණයෙන් හෙළිව ඇති අපේ පලා පිළිබඳ තොරතුරු අපූරුය.

අපේ රටේ බොහෝ ජනතාව තරගකාරි ජීවන තත්ත්වය යටතේ ගත කරන්නේ බොහෝ අධිවෙහෙසකාරී ජීවිත රටාවන්ය. ඒ නිසාම වායු දූෂණය අසහනය ආතතිය මානසික ගැටලු සිගරට් දුම ආදි විවිධ තත්ත්වවල පාරිසරික සාධකවලට මුහුණ දීමට සිදුවේ. මේ නිසා මිනිස් ශරීරයේ ‘මුක්ත ඛණ්ඩ’ නමැති ආරෝපිත අංශූන් වැඩි වැඩියෙන් නිපදවෙයි. මේ මුක්ත ඛණ්ඩ ශරීරය ඇතුළත සිදුකරන කළහකාරි පහරදීම් නිසා පිළිකා, හන්දිපත් රුදාව, හම රැලිවැටීම නිරන්තරයෙන් ඇතිවන බව පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත. ඊට අමතරව ආතරයිටිස්, දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදිය ද මේ මුක්ත ඛණ්ඩවල අහිතකර බලපෑම නිසා ඇති වන බව සොයාගෙන ඇත.

‘මුක්ත ඛණ්ඩ’ යනු දේහ සෛලවලට වින කටින මහත් ව්‍යසනකාරී අංශු විශේෂයකි. ඒවාට දේහය මඟින් යම් ප්‍රතිප්‍රහාරයක් නොදුන්නේ නම්, දේහය පුරා සැරිසරමින් සෛල පටලවලට, ජාන ඇතුළු අනෙකුත් සෛල ඉන්ද්‍රයිකාවලට පහර දෙමින් මහත් විනාශයක් සිදු කරනු ලබයි. මේ පහරදීම් හමුවේ මිනිසා අකලට වයසට යයි. හම රැලි වැටේ, පලුදු වේ. හන්දිපත් රුදාව නිසා ක්‍රියාත්මක බව අඩු වේ. ‘මුක්ත ඛණ්ඩයන්ගේ’ කලහකාරි පහරදීම් හමුවේ ඇතැම් සෛල කොටස් අසාමාන්‍ය ලෙස බෙදෙන්නට නොහොත් ගුණනය වෙන්නට පටන්ගත හොත් එතන බිහිවන්නේ පිළිකාවකි. පසුගිය සතියකදී වාර්තා වූ ප්‍රවෘත්තියක් වූයේ දිනකට නව පිළිකා රෝගීන් 70කට වැඩි ගණනක් මෙරටදී ලියාපදිංචි වන බවයි.

මේ සියලු මුක්ත ඛණ්ඩවල ක්‍රියාකාරිත්වය අඩපණ කරන අපට හැදෙන ඉහත දැක්වූ රෝගාබාධ සුවපත් කරන දිව ඔසු බඳු පලා වර්ග රැසක් අපේ ගමේ ගොඩේ කැලේ කොළේ වැවේ කුඹුරේ නියරේ ලන්දේ දෙණියේ තිබෙන බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න ගුණතිලක මහතා කළ අලුත් ම පර්යේෂණයක් මඟින් හෙළිවී තිබේ. ජාතික විද්‍යා පදනමේ ව්‍යාපෘති අරමුදල් මඟින් කළ එම පර්යේෂණය ජනාධිපති සම්මානයෙන් ද ඇගැයීමට ලක්කර ඇත.

වයඹ විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න ගුණතිලක මහතා ඇතුළු පිරිසක් සිදුකර ඇති මේ පර්යේෂණය අනුව මෙරට ඇති පලා කොළ විශේෂ 35කින්, පලා කොළ වර්ග පහක් ඉහත මුක්ත ඛණ්ඩ නිසා අප ශරීරයේ ඇතිවන ඉහත දැක්වූ ලෙස රෝගවලට ඉතා ගුණදායක බව සොයාගෙන ඇත. ඒ අනුව රණවරා, පැෂන්ෆෘට් කොළ, කුරිඤ්ඤං කොළ, මැල්ල, කතුරුමුරුංගා කොළ මඟින් පිළිකා, හන්දිපත් අමාරුව, අධික රුධිර පීඩනය හා ආඝාතය වැනි ලෙඩ ‍රෝග අඩු කරන දිව ඔසුවක් වැනි ‘ඖෂධ’ ලබා දෙන බව ආචාර්ය ප්‍රසන්න ගුණතිලක පෙන්වා දෙයි. මේ සියලු පලා වර්ගවල අන්තර්ගත ෆීනෝලික සංයෝජන හා කැරොටිනොයිඩ් වර්ණක සංයෝගවල ඉහළ ප්‍රතිශතය නිසා මෙම රෝගාබාධ සුව කිරීමේ බලය එයට ලැබී ඇත.

ශාක කොටස් තුළ අන්තර්ගත ෆිනෝලික සංයෝජන කැරොටින් වැනි වර්ණක කැට වර්ග ගෙන්දගම් අඩංගු සංයෝග ප්‍රබල ලෙස මුක්ත ඛණ්ඩක හා ප්‍රතිවිරුද්ධ සටනට සූදානම්ව සිටින ප්‍රතිඔක්සිකාරක වේ.

ප්‍රතිඔක්සිකාරක ගුණය මැන බැලීම සඳහා මූලිකව අද සමාජයේ ‘ඌන භාවිත’ යයි සැලකෙන පලාකොල වර්ග 34ක් ඔවුන් විසින් තෝරා ගනිමින් පර්යේෂණය අරඹා තිබේ. කෝප්පකොල, කුරිඤ්ඤං කොළ, අසමෝදගම්, කළුකම්බේරිය ආදි පලා කොළ වර්ග රැසක් එහි විය. මූලික පරීක්ෂණවලින් පසු සාම්පල සංඛ්‍යාව 5 දක්වා අඩු කෙරුණේ අධ්‍යයනය පහසු කරලීම සඳහාත්, ‘ඇඟට දැනෙන’ ශක්තිමත් අනාවරණයක් ගැන වූ බලාපොරොත්තූන් පෙරදැරිවය. ඒ අතරට තේරී පත්ව ඇත්තේ කතුරුමුරුංගා, රණවරා, කුරිඤ්ඤං කොළ, මැල්ල කොළ හා පැෂන් ෆෘට් කොළ යි. කතුරුමුරුංගා හැර අන් පලා වර්ග හතරම ‘ඌන භාවිත’ ගණයට වැටෙන ඒවා වේ. සංසන්දනය පිණිස යොදාගෙන ඇත්තේ ජනප්‍රිය වාණිජ පලා වර්ගයක් වන ගොටුකොළය. පලාකොළ මඟින් සැපයෙන ප්‍රධානතම ප්‍රතිඔක්සිකාරකයන් දෙකක් වන්නේ ෆීනෝලික සංයෝග කැරොටිනොයිඩ් වර්ණකයන් බැවින් ඔවුන් ඒ ගැන වැඩිපුර අධ්‍යයනය කර තිබේ. මෙයින් අපේ ශරීරය තුළ මුක්ත ඛණ්ඩ නිසා ඇතිවන රෝගාබාධ අඩු වන බවද පර්යේෂණ අනුව සොයා ගෙන ඇත.

පර්යේෂණයේ ප්‍රතිඵල විස්මයජනක විය. ආකර්ෂණීය ය. පලාකොළ වර්ග 34කින්ම වැඩියෙන්ම ෆීනෝලික සංයෝග තිබුණේ කතුරුමුරුංගා, මැල්ල කොළ, රණවරා හා කුරිඤ්ඤං කොළ තුළයි. ප්‍රමාණය වශයෙන් ගත් කල ගොටුකොළවල අන්තර්ගතය මෙන් දස ගුණයක් තරම්ය. මැල්ල කොළවල හා රණවරා කොළවල ගොටුකොළ මෙන් 8 - 10 ගුණයක් ෆීනෝලික සංයෝග අන්තර්ගත වී තිබෙන බවද මෙහිදී හෙළිවිය. නූතන සමාජය විසින් පස්සෙන් එළවාගෙන ගොස් ඩැහැගන්නා මුකුණුවැන්න නම් ජනප්‍රිය වාණිජ පලා වර්ගය රැඳී තිබුණේ ලැයිස්තුවේ අන්තිමයාට ‍ඉහළින් නොහොත් 33 වැනියා ලෙසයි. එහි ෆීනෝලික සං‍යෝග අන්තර්ගතය ඒ තරමට අඩුය. අන්තිමයා වී තිබුණේ නීරමුල්ලිය කොළ වේ.

කැරොටිනොයිඩ් වර්ණකයන්ගේ පිහිටීමද ‍මීටම දෙවැනි නැත. වැඩිපුරම කැරොටිනොයිඩ් තිබුණේ පැෂන්ෆෘට් කොළ තුළය. දෙවැනි තැන රණවරා වලටය. ගොටුකොළ හා සැසඳීමේදී එය දෙගුණයක් තරම් ප්‍රමාණයකි. මීට අමතරව වැල්දොඩම් කොළවල ඇති සී විටමින් ප්‍රමාණය ගොටුකොළවල ඇති ප්‍රමාණය මෙන් 20 ගුණයක් බවද මෙහිදී හෙළිවී ඇත.

අවාසනාවක මහත! මුකුණුවැන්න නම් එතනදී ලැයිස්තුවේ 34 වෙනියා නොහොතේ අන්තිමයාය. වරදවා නොසිතුව මැනවි. මෙය වනාහී අගනා පලා වර්ගයක් ලෙස තෝරාගෙන අප අනුභව කරන මුකුණුවැන්න අවතක්සේරු කිරීමක් ‍නොවේ. මුකුණුවැන්න වලට ඇති ජනප්‍රියත්වය එසේම තිබුනාවේ! අප මේ පවසන්නේ ඊට සාපේක්ෂව අවධානයකින් තොරව අහුමුලුවල වැවෙනා කැලෑකොළවල තත්වයයි. එතරම් දුරට ජන ජීවිතය හා බැඳුණු මුකුණුවැන්නවලට වඩා වටිනා කැලෑකොළ වර්ග අපේ වතුපිටිවල අහුමුලුවල තිබෙන බව නම් මෙම පර්යේෂණය හරහා තහවුරු වී තිබේ.

අපගේ මුතුන්මිත්තන් පැළෑටි සතුව තිබූ මෙම අගනා සංයෝගයන්ගෙන් උපරිම පල ප්‍රයෝජන ලැබූ පිරිසකි. ඔවුහු සර්ව භාක්ෂකයෝ වුවද, සත්ව මාංස පරිභෝජනය ඉඳහිට කෙරුණක් මිස, අද මෙන් විලාසිතාවක් නොවීය. ඒ ටික පවා කෑවේ ස්වභාවික තත්වයෙන් මිස අද මෙන් රසකාරක, වර්ණක හා කල්තබා ගැනීමේ රසායනයන්හි ගිල්වා පදම් කර නොවේ. එක් පසකින් බලන කල ඔවුන් විසූ පරිසරය විස දුමෙන්, අහිතකර හිරු කිරණින් දූෂණය වී තිබුණේ නැත.

අනෙක් අතට ඔවුන් ගත කළේ විශ්‍රාමය පිරුණු නිස්කලංක දිවි පෙවෙතකි. කලහකාරී ‘මුක්ත ඛණ්ඩ’ ජනනය වීමේ මන්දගාමීත්වයට මේ දෙකම හේතුවේ. සුළු වශයෙන් මුක්ත ඛණ්ඩ සැදුණත් එදා සමාජය සතුවූ ශාක පාදක ආහාර සංස්කෘතිය හරහා ඇති තරම් ප්‍රතිඔක්සිකාරක ශරීරයට ලැබුණු නිසා, සෑදෙන මුක්ත ඛණ්ඩක විගසින් පලවා හැරිණ. විවේකයෙන් තොර කලබලකාරී ජීවන රටාවකට අනුගත වෙත්දී එහි බලපෑමක් ලෙස අප වෙතට ආ ඒකාකාරී ආහාර රටාව මඟින් ප්‍රතිඔක්සිකාරකයන් ආමන්ත්‍රණය කරනු ලැබුවේ ඉතා අල්ප වශයෙනි. බැලූ බැලූ අත හරිත වර්ණයෙන් ගහකොළ දිලිසෙද්දී, මිනිසාගේ පලාකොළ පරිභෝජනය කීර කොටුවෙන් වෙ‍ෙළඳපොළට ගොඩබාන කංකුන්, මුකුණුවැන්න හා ගොටුකොළ වැනි ප්‍රධාන පලා වර්ග තුනකට පමණක් සීමා විය.

දේශීය පරිසරයේ වැඩෙන, එහෙත් තවමත් වාණිජ පලා වර්ග සේ නොසැලකෙන ශාකයන් තුළ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ලොවට අනාවරණය කෙරුණු මේ පර්යේෂණයට පසුගියදා ජනාධිපති සම්මානය පවා හිමිවුණි.

එම පර්යේෂණ ප්‍රතිඵල අනුව අද අප කළ යුත්තේ ගොටුකොළ, මුකුණුවැන්න හා කංකුංවලට වඩා කැලෑ කොළේ දෙණියේ නියරේ ලන්දේ වැවෙන ඉහත දැක්වූ පලා වර්ග පිළිබඳ අවධානය යොමුකොට තරගකාරී ජීවන රටාවේ යෙදී සිටින අපට වැල‍ඳෙන විවිධ රෝගාබාධ අඩු කර ගැනීමට පියවර ගැනීමයි.

සිළුමිණ-

24/06/2022

දේශීයත්වය අගයන ඔබ නැරඹිය යුතුම විඩියෝවකි. ලංකාවේ සරුවට වැවෙන පාරම්පරික, ඖශධීය ගුණයෙන් යුතු සහල් වර්ග 8ක් පිළිබඳව ....

පැරණි දේශීය සහල්
23/06/2022

පැරණි දේශීය සහල්

Address

Palawatta Road, Manana, Horawala, Walipanna
Matugama
12100

Telephone

+94766904131

Website

Alerts

Be the first to know and let us send you an email when Green Light Plant Nursery වටිනා දුර්ලභ පැල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Green Light Plant Nursery වටිනා දුර්ලභ පැල:

Share