Diwya herbal

Diwya herbal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diwya herbal, Matugama.

🌼🌼🌼🌼
22/08/2021

🌼🌼🌼🌼

Lip Balm 👄💄💄👄ඔබේ මුහුණේ ලස්සන වැඩි වෙන්න නම් දෙතොල් නීරෝගී ආකර්ෂණීය වියයුතු බව නොරහසකි.සිරුරේ නීරෝගී බව පෙන්වන කැඩපතක් ල...
21/08/2021

Lip Balm 👄💄💄👄

ඔබේ මුහුණේ ලස්සන වැඩි වෙන්න නම් දෙතොල් නීරෝගී ආකර්ෂණීය වියයුතු බව නොරහසකි.සිරුරේ නීරෝගී බව පෙන්වන කැඩපතක් ලෙස ඔබේ දෙතොල් හැදින්විය හැකිය.
🙆විවිධ තොල් ආලේපන දිගු කාලයක් භාවිතා කිරීම,දේහයේ ස්වභාවය අනුව,ගනු ලබන ආහාර පාන නිසා හෝ දේශගුණික තත්ත්වය මත ඔබේ දෙතොල් වල පහත සඳහන් ගැටලු ඇතිවිය හැකිය.
👉තොල් කලු පැහැවීම.
👉තොල් වියළීම.
👉තොල් පැලීම.
කාන්තා පිරිමි දෙපාර්ශයටම පොදුවේ තිබෙන ගැටලු කිහිපයක් තමයි මේ.

🌸මේ ගැටලු සඳහා තිබෙන හොඳම විසඳුම තමයි Diwya herbal Lip balm.
Ingredients :
Olive oil , Shea butter,
Bee honey, Ghee,..etc
🌸තොල් කලු පැහැවීම නැතිකර දිදුලන ආකර්ෂණීය දෙතොලක් ලබාගැනීමට භාවිතාකර බලන්න.ඔබට මසක් ඇතුලත වෙනස වැටහේවි.
🌸අදම ඇනවුම් කරන්න.
🌸100% ස්වභාවිකයි.රසායනික ද්‍රව්‍ය අඩංගු නැත.
🍓strawberry flavour

ODER NOW ❤🎁

Simply drop a massage for oder ✉

වැල්මදට whitening Soap 🌿🌿🧼🧼🌼🌼Oder now 👇💚රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති 100% ස්වභාවික ඖෂධ වලින් නිශ්පාදිත සබන් වර්ගය...
18/08/2021

වැල්මදට whitening Soap 🌿🌿🧼🧼🌼🌼
Oder now 👇💚
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති 100% ස්වභාවික ඖෂධ වලින් නිශ්පාදිත සබන් වර්ගයකි.

කුරුලෑ ලප කැලැල් සඳහාම නිශ්පාදිත කොහොඹ  කස්තුරි කහ pimple care soap එක භාවිතා කර  වෙනස වටහාගන්න.🏵️ස්ත්‍රී පුරුෂ දෙපාර්ශව...
18/08/2021

කුරුලෑ ලප කැලැල් සඳහාම නිශ්පාදිත කොහොඹ කස්තුරි කහ pimple care soap එක භාවිතා කර වෙනස වටහාගන්න.🏵️
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සුදුසුයි.👧👦Liquid Face wash වෙනුවට භාවිතා කලහැකිය.👌
100% ස්වභාවික දේශීය ඖෂධ වලින් නිශ්පාදිතයි.🍀
Oder now! 🛍️
Simply drop a massage 📩
📧 facebook /Whatsapp -0713845519
Cash on delivery available 🛵

💚💚💚💚💚💚💚💚💚💚💚Get the natural beauty with Diwya herbal products # We always care you with love of nature💚💚💚💚💚💚💚💚

Diwya Herbal Whitining Soapඔබත් විවිධ ආලේප වර්ග භාවිතා කිරීම නිසා මුහුණේ අඳුරු පැහැ ලප වැඩිවී පීඩාවිදින අයෙක්ද ? 🤔නැතහොත...
11/08/2021

Diwya Herbal Whitining Soap
ඔබත් විවිධ ආලේප වර්ග භාවිතා කිරීම නිසා මුහුණේ අඳුරු පැහැ ලප වැඩිවී පීඩාවිදින අයෙක්ද ? 🤔
නැතහොත් මුහුණේ තෙල් සහිත බව නිසා කුරුලෑ බිබිලි ඇවිත් පීඩා විදිනවාද?🤔

මෙන්න ඒ සදහා විසදුමක් අපෙන්🤷🤷👇

🍀100% ස්වභාවික දේශීය ඖෂධ වලින් නිශ්පාදිත Diwya Herbal Whitening Soap
ඔබට පහසු මිලට අපෙන් ලබාගත හැකිය.

🍀Liquid face wash වෙනුවට මෙම Ayurvedic whitening soap එක දිනපතා භාවිතා කර කුරුලෑ ලප කැලැල් වලින් තොර දිදුලන පැහැපත් සමක් ලබාගන්න.🌸🌸🌸🌸🌸
අඩංගු ද්‍රව්‍ය :
🍃වැල්මදට
🍃සුදුහදුන්
🍃දොඩම් පොතු
🍃පිණ්ඩ තෛලය ..etc

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
100% ක් ස්වභාවික ඖෂධ වලින් නිශ්පාදිත මෙය භාවිතා කර ඔබම වෙනස වටහාගන්න.
අදම ඇනවුම් කරන්න.👇
whatsapp:+94 0713845519
අපගේ facebook පිටුව හරහා ද ඔබට ඇනවුම් කළහැකිය.
ඇනවුම් විස්තර:
නම-
ලිපිනය -
දුරකතන අංකය -
ඇනවුම :

💌simply drop a message for your oders...💌

🛵 islandwide delivery available 🛵

💚💚💚💚💚💚💚💚💚💚💚
Get the natural beauty with Diwya herbal products # We always care you with love of nature💚💚💚💚💚💚💚💚

11/08/2021
13/07/2021

නිවසේ ප්‍රථමාධාර කට්ටලයේ තිබිය යුතුම දේශීය/ආයුර්වේද ඖෂධ වර්ග...

ඇත්තටම අපි පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා, ආච්චිලා සීයලා අපිව එක්කගෙන අපිට බෙහෙත් ගේන්න ගියේ හරිම කලාතුරකින්. බරපතලම ලෙඩකදි හැරෙන්න උණකට, හෙම්බරිස්සාවකට, සෙම් අමාරුවකට, බඩේ අජීර්ණයකට, හිසේ අමාරුවකට ඒ කාලේ වෛද්‍යවරු හොයාගෙන ගියේ නෑ. ඒ ලෙඩ වලට අපේ අම්මලා තාත්තලා ගෙදරදීම වෙද හෙදකම් කලා. ලෙඩක් උත්සන්න වෙන්න කලින් එය පාලනය කර ගැනීමට, සුවකර ගැනීමට එදිනෙදා අවශ්‍ය වන අත්බෙහෙත්, තෙල් බෙහෙත් වර්ග සියල්ලම ගැන අපේ අතීත පරම්පරාව ඉතා හොඳට දැනගෙන හිටියා.

නමුත් නූතන පරපුරට නම් මේ තෙල් බෙහෙත්, අත්බෙහෙත් වර්ග සැකසීම ගැන එතරම් දැනුමක් නැහැ. ඒ නිසා සුළු රෝගයකට පවා නිවසේදීම සකසාගත හැකි, භාවිතා කල හැකි අත් බෙහෙත් වර්ග දැන ගෙන සිටීම අපිට හැමදාටම හරිම වටිනවා. ඒනිසයි නිවසක අනිවාර්‍යයයෙන්ම තිබිය යුතු ඔබේ ආයුර්වේද ප්‍රථමාධාර කට්ටලයට එකතු කර ගතයුතු දේශීය ආයුර්වේද ඖෂධ වර්ග ගැන අද ඔබව දැනුවත් කිරීමට අපි අදහස් කලේ.

🔴 ප්‍රථමාධාර ඇසුරුමක තිබිය යුතු ආයුර්වේද ඖෂධ...

🔹නවරත්න කල්කය
🔹ත්‍රිඵලා පෙති
🔹දෙසඳුන් කල්කය රත කල්කය
🔹තාලිසාදි චූර්ණය
🔹සුදර්ශන චූර්ණය
🔹ත්‍රිඵලා තෛලය
🔹නිර්ගුණ්ඩ්‍යාදි තෛලය
🔹පිණ්ඩ තෛලය
🔹සීතෝදක තෛලය
🔹සර්ව විෂාදිය තෛලය
🔹කෝල ශ්ලේෂ්මා තෛලය
🔹සර්ෂපාදි තෛලය
🔹පිරිසිදු මී පැණි

•••••••••••••••••••••••••••••••••••••
🔶. නවරත්න කල්කය
•••••••••••••••••••••••••••••••••••••

• නිතර නිතර බඩ බුරුලට මලපහ වීම
• වමනය
• අතීසාරය යනාදී ලබා දිය හැකිය.

භාවිතය :-

දෙහි ඉස්ම සමඟ දිය කර කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයක සිට තේ හැඳි 01 - 04 දක්වා උදේ සවස

•••••••••••••••••••••••••••••
🔶. ත්‍රිඵලා පෙති
•••••••••••••••••••••••••••••

• බඩ පිපුම
• උදරයේ වේදනාව
• උදරයේ දැවිල්ල
• කැසීම් හා පලු දැමීම් ආදිය සඳහා යෝග්‍ය වේ.

භාවිතය :-

පෙති 01 බැගින් කෑමට පෙර උදෑසන, දහවල් සහ රාත්‍රී ගන්න.

ආහාර විෂ වීම් නිසා ඇති වන කැසීම් හා පලු දැමීම සඳහා පෙති 02 බැගින් ගන්න.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
🔶. දෙසඳුන් කල්කය රත කල්කය
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

• ළදරු උණ
• ළදරු කැස්ස
• ළදරු සෙම්ප්‍රතිශ්‍යාව
• කැසීම් හා පලු දැමීම් ආදී රෝග සඳහා යෝග්‍යයි.

භාවිතය :-

ළදරු උණ සඳහා කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයක් ගෙන කබලේ බැදගත් කොත්තමල්ලි තැම්බූ වතුරින් දිනකට තුන් වරක් ලබා දෙන්න.

ළදරු කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයක් කබලේ බැද ගත් කොත්තමල්ලි තැම්බූ වතුරින් හෝ මවි කිරි සමඟ ලබා දෙන්න.

සමෙහි කැසීම් හා පලු දැමීම් සඳහා කොත්තමල්ලි ඇට දෙකක පමණ ප්‍රමාණයක් පොකුරු වද මල් තැම්බූ වතුරින් ලබා දෙන්න.

•••••••••••••••••••••••••••••••
🔶. තාලිසාදි චූර්ණය
•••••••••••••••••••••••••••••••

• කැස්ස
• සෙම්ප්‍රතිශ්‍යාව

භාවිතය :-

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා තේ හැඳි 01 - 02ක් මී පැණි සමඟ හෝ උණුවතුර මේස හැඳි 02 කට දමා තැම්බෙන්නට තබා පානය කරන්න.

•••••••••••••••••••••••••••••••
🔶. සුදර්ශන චූර්ණය
•••••••••••••••••••••••••••••••

• උණ

භාවිතය :-

උණ සඳහා ත්‍රිපලා චූර්ණය තේ හැඳි 01කට උණු වතුර මේස හැඳි 02ක් දමා තැම්බෙන්න තබා පානය කරන්න.

••••••••••••••••••••••••••••
🔶. ත්‍රිඵලා තෛලය
••••••••••••••••••••••••••••

• දැඩි අව්වේ ගමන් කිරීමෙන් ඇති වූ හිසරදය
• සෙම රහිත හිසරදය

••••••••••••••••••••••••••••••••••••••
🔶. නිර්ගුණ්ඩ්‍යාදි තෛලය
••••••••••••••••••••••••••••••••••••••

• සෙම සහිත හිසරදය
• ඉදිමුම සහිත අස්ථි සන්ධි වේදනා
• කොඳු ඇට පෙළ ආශ්‍රිත වේදනා

•••••••••••••••••••••••••••••
🔶. පිණ්ඩ තෛලය
•••••••••••••••••••••••••••••

• වැටීමකදී ඇති වුන තැල්මන් සඳහා
• මාංශ පේශී ඇදීම්
• උළුක්කුව
• මස් පිඬු පෙරලීම ආදිය සඳහා

••••••••••••••••••••••••••••••••••
🔶. සීතෝදක තෛලය
••••••••••••••••••••••••••••••••••

• වැටීමකදී තුවාල සිදු වූ විට
• තියුණු ආයුධයකට කැපී ලේ ගැලීමකදී

••••••••••••••••••••••••••••••••••••••
🔶. සර්ව විෂාදිය තෛලය
••••••••••••••••••••••••••••••••••••••

• කඩියකු දෂ්ඨ කල විට ඇති වන ඉදිමුමකදී
• දළඹුවකු ගෑවුන විට ඇතිවන පලු නැඟීම් වලදී
• කෘමීන් දෂ්ඨ කර පලු නැගීමකදී හෝ ඉදිමුම් ඇති විට

••••••••••••••••••••••••••••••••••••••••••
🔶. කෝල ශ්ලේෂ්මා තෛලය
••••••••••••••••••••••••••••••••••••••••••

• සෙම් ගෙඩි වලට
• අධික කැස්සට

භාවිතය :-

සෙම් ගෙඩි ඇතිවී කෙල ගිලීම අපහසු වූ විට උගුරේ පිටතින් බෙල්ලෙහි ආලේප කරන්න.

කැස්ස අධිකව ඇති විට පපුවේ හා උගුරේ ආලේප කරන්න.

•••••••••••••••••••••••••••••••
🔶. සර්ෂපාදි තෛලය
•••••••••••••••••••••••••••••••

• ඉදිමුම් වලට

•••••••••••••••••••••••••••
🔶. පිරිසිදු මී පැණි
•••••••••••••••••••••••••••

• වැටීම්, වැදීම් වලදී

වැටීමකින් පසු වැදීමකදී (හිස පපුව ප්‍රදේශය) ඒ විගසින්ම මී පැණි තේ හැඳි 02ක් පානයට ලබා දෙන්න.

🔴 විවිධ රෝග සඳහා අත්බෙහෙත්...

නිවසක සිටින බොහෝ දෙනා පීඩාවට පත් වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස ආදී ලෙඩ රෝග නිසාවෙනි. ඒ නිසා මෙම මේ අත් බෙහෙත් ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.

🔷. සෙම්ප්‍රතිශ්‍යා සහ උණ සඳහා
============================

අමු ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල්බටු, දේවදාර කළං 02යි මදටිය 08 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ සහිඳ ලූණු අනුපානය කොට උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 03ක් පමණ)

🔷. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට
===============================

තිප්පිලි කළං 01 යි, අමු ඉඟුරු කළං 02 යි, බැදපු කොත්තමල්ලි කළං 03 යි, වතුර පත අට හතරට සිඳුවා වී පොරි කළං 06 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.

🔷. සෙම සහිත කැස්සට
=====================

අමු ඉඟුරු, කටුවැල්බටු, තිප්පිලි, සුවඳකොට්ටන් කළං 03 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.

🔷. පපුවේ සෙමට
=================

සිරිතේක්කු, අමු ඉඟුරු කළං 06 බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 04ක් බොන්න.

🔷. සෙම් ගෙඩිවලට
==================

නිල් කටරොළු මුල්, මුරුංගා පොතු, සිවිය, නික මුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.

මුරුංගා මුල්, ඇඹුල් දොඩම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.

ගම්මිරිස් කුඩු, දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඩි නිතර සෑදේ නම් හොඳ නැත. භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.)

🔷. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට
=========================

රසකිඳ, කටුවැල්බටු, අමු ඉඟුරු, කලාඳුරු අල, සුවඳ කොට්ටං කළං 02 යි මදටිය 08 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.

🔷. කැස්සට
============

කටුවැල්බටු මුල්, පොල්පලා මුල්, එළබටු මුල් සහ රසකිඳ කළං 02 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ වී පොරි කළං 04 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.

වැල්මී, මුද්දරප්පලම්, තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.

🔷. වේලුම් කැස්සට
==================

ආඩතෝඩා මුල්, රසකිඳ, කටුවැල් බටු කළං 03 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.
(මෙහි පතක් යනු වතුර තේ කෝප්පයක ප්‍රමාණයයි. පත අට එකට සිඳුවා යන්නෙන් අදහස් කරන්නේ කෝප්ප අටක් වතුර දමා එය කෝප්ප එකක් වන තුරු සිඳවා ගැනීමයි.)

🔷. ඔසප් වේදනාවට
===================

ඔසප් දින ආරම්බයට දින 3කට පමණ සිට තැම්බු කොත්තමල්ලි පානය කරන්න.

ඔසප් දින වලදී සූදුරු තම්බා පානය කරන්න.

🔴 නිවසේ ප්‍රථමාධාර ඖෂධ තිබීමෙන් ලැබිය හැකි වාසි
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

01). සුළු ආබාධ සඳහා වන ප්‍රථමාධාර නැතහොත් අත්බෙහෙත් දැන සිටීමෙන් මුදල් සහ කාලය විශාල ලෙස වැය කිරීමකින් තොරව ප්‍රතිකාර කර ගත හැකියි.

02). වෛද්‍යවරයකු වෙත රෝගියා යොමු කරන තෙක් රෝගය පාලනය කරගැනීමට හැකියාව ලැබෙයි.

03). රෝගයක මුල් අවස්ථාවේදීම සුළු ප්‍රතිකාරයක් කිරීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකි වන අතර එම රෝගය උත්සන්න වීමට ඉඩ නොදී යම් තාක් දුරට පාලනය කරගැනීමට හැකියි.

04). ස්වභාවික දාව්‍ය උපයෝගී කර ගන්නා නිසා අතුරු ආබාධ ඇති නොවේ.

05). සෞඛ්‍ය සේවා සඳහා රජයට දැරීමට සිදුවන මුදල් ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාව ලැබීම සහ රෝහල් වල තදබදය යම්තාක් දුරකට අඩු වීම ජාතික මට්ටමින් ඇති වාසි සහගත තත්වයන් වේ.

06). සුළු රෝගාබාධ සඳහා ඖෂධ නිකුත් කිරීම අවම වීම තුලින් ඖෂධ වැය වීම අඩුවෙයි.

🌸 පසුගිය ලිපි 🌸
°°°°°°°°°°°°°°°°°°°°°°°°

☘️. සිංහල/ආයුර්වේද වෙදකමේ ඔබ දැන සිටිය යුතුම වචන 👇
https://m.facebook.com/story.php?story_fbid=2160097317618093&id=1839559759671852

☘️. කොලෙස්ටරෝල් නසන, දියවැඩියාව පාලනය කරන විශ්මිත උළුහාල් පානය 👇
https://m.facebook.com/story.php?story_fbid=2346070315687458&id=1839559759671852

☘️. නියපිරිත්ත කනවාට අත් බෙහෙත් 👇
https://m.facebook.com/story.php?story_fbid=2478927379068417&id=1839559759671852

☘️. පොල් ලෙල්ලෙන් හොඳ කරන තුනටිය අමාරුව 👇
https://m.facebook.com/story.php?story_fbid=2465549120406243&id=1839559759671852

👩‍⚕‍ සැකසුම :- ආයුර්වේද වෛද්‍ය W.M.S.M ශිරෝමි විජේසිංහ මහත්මිය
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk.......................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
-----------------------------------------
#හෙළඅරණ #හෙළ_අරණ #ආයුර්වේද

What is your skin type according to Ayurveda?👇
13/07/2021

What is your skin type according to Ayurveda?👇

Address

Matugama

Telephone

+94713845519

Website

Alerts

Be the first to know and let us send you an email when Diwya herbal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Diwya herbal:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram