Nissanka kumarasinghe

Nissanka kumarasinghe life is a journey
within a limited time period. enjoy with your lovers doing yoga.

25/09/2024

සියවස් ගණනක අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙකු එනවා ! ❤️🌺

25/09/2024

ඔබ යමක් බාරනොගන්නා තෙක්, එය ඔබට අදාල නොවේ..! 🙏
අක්‌කෝසක භාරද්වාජ බුදුන් සරණ යැමට පළමුව බමුණුමත ගරු කළ අයෙකි. එසේම බුදුන් කෙරෙහි දැඩි කිපුනු බවින් ක්‍රියා කළ අයෙකි. බුදුරදුන් කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න කාන්තාවක වූ ඔහුගේ භාර්යාවගේ ක්‍රියාකලාපය ගැන කිපුනු ඔහු බුදුන් හමුවට ගොස්‌ කිසිදු ගරු සරු බවක්‌ නොපෙන්වා දිගින් දිගටම දෝෂාරෝපණය කළේය. බැනීමෙන් වෙහෙසට පත් ඔහු බුදුරදුන් ඔහුගේ දෝෂාරෝපණය ගැන කම්පා නොවී සිටීමෙන් මහත් පුදුමයට පත්විය. එහි දී බුදුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත් ඔහු බුදුන් දේශනා කළ උපදේශය ඇසීමෙන් තවත් චිත්ත ප්‍රසාදයට පත්විය. එහි දී බුදුන් වහන්සේ ඔහුට පෙන්වා දුන්නේ ඔහුගේ දෝෂාරෝපණයන් තමන් භාර නොගත් බවත් යම් සේ නිවසට ආගන්තුක පිරිසක්‌ පැමිණි විටෙක හෝ ඤාතීන් පිරිසක්‌ පැමිණි විට ඔවුන් උදෙසා පිරිනමක භෝජනයක්‌ යම් සේ ඔවුන් සුහදව ප්‍රතික්‌ෂේප කරන්නේ ද ඔවුන් නිවසින් ගිය විට තමන් එය අනුභව කරන්නේ කෙසේ ද එසේම භාරද්වාජගේ දෝෂාරෝපණයන් තමන් සුහදව ප්‍රතික්‌ෂේප කළ බවත් එය නැවත ඔහුටම පිරිනැමූ බවයි. උන්වහන්සේගේ ශාන්ත ස්‌වරූපයෙන් භාරද්වාජ වඩාත් ප්‍රසාදයට පත්විය. අවසානයේ දී සසුනේ පැවිදිව අර්හත්වයට ද පත්විය.
පින්බර දවසක් වේවා..! 🙏
සිතම පහන් වේවා..! 🙏

25/09/2024
25/09/2024

𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚 𝐑𝐨𝐜𝐤 𝐓𝐞𝐦𝐩𝐥𝐞 😍🙏 🌷🙏

The Gal Vihara, and originally as the Uttararama, is a rock temple of the Buddha situated in the ancient city of Polonnaruwa in North Central Province, Sri Lanka. It was fashioned in the 12th century by Parakramabahu I.
This magnificent group of gigantic figures carved from the gray rock which forms their backround was built by king Parakramabahu (1153-1186) which was part of the Uthararama Complex.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ

25/09/2024
01/05/2023

practice any body yoga Asana with me every morning & evening joint with me.my WhatsApp +94760512958+94719159820

01/05/2023

Found on Google from livingnomads.com

01/05/2023

*** !!! ** සුගතෝවාදය **!!! ***

මේ ලොව පහළ උන සියලුම බුදු රජානන් වහන්සේලා. සංසාර දුකට වැටිලා ඉන්න ලෝක සත්වයින් ගැන මහත් කරුණාවෙන් දේශනා කරපු බුද්ධ පනිවිඩය.

“අප්පමාදේන භික්කවේ සම්පාදේථ "
දුල්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්,
දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ,
දුර්ලභා ෂණ සම්පතී,
දුර්ලභෝ පබ්බජ්ජා,
දුර්ලභං සද්ධම්ම සවනං,
දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ,

* එහි තේරුම *
සීල. සමාධි . ප්‍රඥා යන උතුම් ගුණ ධර්ම දියුණු කර ගන්න පමා නොවන්න.
බුදු රජානන් වහන්සේ නමක් ලොව පහළ වීම දුර්ලභයි.
මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීම දුර්ලභයි .
ක්ෂණ සම්පත්තියක් ලැබීම දුර්ලභයි .
පැවිදි බව ලැබීම දුර්ලභයි .
ශ්‍රීසද්ධර්මය අහන්න ලැබීම දුර්ලභයි .
සත්පුරුෂයන් ඇසුරු කිරීමට ලැබීම දුර්ලභයි .

සුගතෝවාදය කියන්නේ මේ ලොව පහළ වී වදාළ සියලුම බුදු රජානන් වහන්සේලා දිනපතා කළ උතුම් බුද්ධ අවවාදයයි.
බුදු රජානන් වහන්සේගෙ ධර්ම දේශනා බොහෝමයක් අප අසා තිබෙනවා . නමුත් අපි අපේ සම්මා සම්බුදු රජානන් වහන්සේ දිනපතාම අපි ගැන මහත් කරුණාවෙන් දේශනා කළ උතුම් බුද්ධ අවවාදය අසා නෑ . එය දරා ගත්තෙත් නෑ . ඒ නිසාම එක එක්කෙනා කියපු දේවල් අහල අපි අපේ වීර්‍ය් නැති කර ගත්තා .
කෝ නිවන් දකින්න පාරමිතාවක් කියලා එක පිරිසක් අහනවා . තව පිරිසක් කියනවා ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නැතුව නිවන් දකින්නේ කොහොමද කියලා .

අංගුත්තර නිකායේ තියෙනවා අක්කන සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් . එහි බුදු රජානන් වහන්සේ පැහැදිලිව ම දේශනා කරලා තියෙනවා නිවන් දකින ෂණ සම්පත්තිය අහිමි වන අවස්ථා අටක්.
ඉතින් අපට එය අහිමි වී නෑ නේද .
අනිත් කාරනය සංයුක්ත නිකායේ තුංවන කොටසේ තියෙනවා වාසිජටොපම සූත්‍රය . එහි සඳහන් වෙනවා වැඩුවේ නැති නිසයි අවබෝධ නොවන්නේ . වැඩුව නිසයි අවබෝධ වෙන්නේ කියලා .

වැඩුවේ නැත්තේ මොනවද .? සතර සතිපඨානය. සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය් . සතර ඍද්ධිපාද . පංච ඉන්ද්‍රිය . පංච බල . සප්ත බොජ්ජංඟ. ආර්‍ය අෂ්ඨාංගික මාරගය . වැඩිය යුත්තේම ඔය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම . අනිත් එක තමයි . බුදු රජානන් වහන්සේ කාලාමයන්ට දේශනා කළ සූත්‍රයක් කියවලා බලන්න . ධර්මය ගලප ගන්න . සිහිය . සතිය පිහිටුවාගෙන සතර සතිපඨානය වඩන්න . සතර සතිපඨානය වඩනකොට හදිස්සියේම වැඩෙන්නේ නෑ .

වඩුවාගේ වෑයේ මිට කාලයක් යනකොටයි අතට ගෙවිලා තියෙන බව දැනෙන්නේ . ඒ වගේ තම තමන්ටත් කාලයක් යනකොට දැනෙයි . වැඩිලා බව . ඒ නිසා පිංකම් කරන්න . පිංකම් කලාට කමක් නෑ . නමුත් මගේ රත්තරං දරුවනේ සත්තිස්බෝධිපාක්ෂික ධර්ම වඩින්න .

කෙනෙක් බුදු ගුණ මෙනෙහි කරන විට එයින් විතක්ක විචාර වැඩේ. බුදු ගුණයට පැහැදෙන විට ප්‍රීතිය උපදී . සිතට ප්‍රීතිය දැනෙන විට කය සැහැල්ලු වේ එවිට සිතේ විසිරිම අඩු වී ඒකාග්‍රතාවය උපදී . එය සමාධියයි.

අපි සංසාරයේ ආවෙම රාග ද්වේශ මෝහ සහිත සිතකින් . එක මොහොතක් නිකෙලෙස් බුදු රජානන් වහන්සේගෙ උතුම් බුදු ගුණ සිහි කිරීම මහත්පලයි මහානිසංසයි. ඒ මොහොතේ අපේ සිතත් නිකෙලෙස් වෙනවා . එනිසා හැකි සෑම විටම උතුම් බුදු ගුණ මෙනෙහි කරන්න .

සියලු දෙනාටම උතුම් තෙරුවන් සරනයි !!!.

Address

No, 107, Bandipola, Hiriyala, Lenawa
Melsiripura
60540

Alerts

Be the first to know and let us send you an email when Nissanka kumarasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nissanka kumarasinghe:

Share