Arogya health care center

Arogya health care center health care

25/12/2025
ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා🎉🎉—ආරෝග්‍යයා හෙල්ත් කෙයා සෙන්ටර් අපි —
14/04/2025

ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා🎉🎉
—ආරෝග්‍යයා හෙල්ත් කෙයා සෙන්ටර් අපි —

විශ්වාසයෙන් යුතුව  ඔබට  අවශ්‍ය සියලු පරීක්ශන  කඩිනමින් නිවැරදිව දැන් ඩර්ඩන්ස් රසායනාගාර  වලින් කරවා ගැනීමට අපගේ සේවාවන් ...
17/02/2024

විශ්වාසයෙන් යුතුව ඔබට අවශ්‍ය සියලු පරීක්ශන කඩිනමින් නිවැරදිව දැන් ඩර්ඩන්ස් රසායනාගාර වලින් කරවා ගැනීමට අපගේ සේවාවන් ඩර්ඩන්ස් රෝහල් රසායනාගාර සේවාවන් දක්වා පුලුල් කර ඇත

Wish you all happy new yearTeam Arogya health care ,
01/01/2024

Wish you all happy new year
Team Arogya health care ,

31/12/2022

ලැබුවා වූ නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා
Team Arogya health care center

12/08/2022

දිගුකල් පවතින දියවැඩියාව ඇති අයෙකුට නිර්දේශ කරනු ලබන පරීක්ෂාවක් ලෙස මුත්‍රාවල ඇල්බියුමින් පරීක්ෂාව හදුන්වා දිය හැක. ඇල්බියුමින් යනු අපගේ රුධිර ප්ලාස්මාවේ තිබෙන ප්‍රෝටීනයකි. නිරෝගී සිරුරකින් වුවද මුත්‍රා සමඟ ඇල්බියුමින් ඉතා සුළු ප්‍රමාණයක් පිටවීම සිදුවිය හැක. නමුත් මෙම ප්‍රමාණය කැපීපෙනෙන මට්ටමකින් ඉහළ ගොස් ඇතිනම්, එයින් හැඟවෙන්නෙ දරුණු රෝගී තත්ත්වයක් පිළිබදවය.

වකුගඩු ආසාදිත අයගෙන් බොහෝ දෙනකුගේ ප්‍රධාන රෝග ලක්ෂණයක් බවට පත් වී ඇත්තේ මුත්‍රා සමඟ ඇල්බියුමින් පිටවීමයි. මේ අයගේ වකුගඩු අකර්මණ්‍ය වීමේ ප්‍රවණතාවය ද වැඩිය. දියවැඩියාව නිසි පාලනයකින් තොරවීම හේතුකොට මේ තත්ත්වය උදාවීම වැළැක්විය නොහැකිය.

රුධිර ප්ලාස්මාවේ තිබෙන මෙම ප්‍රෝටීනය (ඇල්බියුමින්) මුත්‍රා සමඟ පිටවන ප්‍රමාණය කොතරම් අල්ප ද කිවහොත් UFR හෙවත් Urine Full Report එකක පවා හසුනොවන තත්ත්වයක පවතී. විශේෂයෙන් මුත්‍රා සමඟ ඇල්බියුමින් පිටවීම සනාථ වන්නට UFR පරීක්ෂණයේදී ඇල්බියුමින් 300mg කට වඩා වැඩි ප්‍රමාණයක් පිටවිය යුතුය. ඊට වඩා අඩු ප්‍රමාණයක් පිටවෙනවා නම් UFR පරීක්ෂණයට හසු නොවන බව පරීක්ෂණ වාර්තා සනාථ කරයි.

සිරුරකින් මිලිග්‍රෑම් 30ට වඩා අඩු ප්‍රමාණයක් ඇල්බියුමින් පිටවීම රෝගී තත්ත්වයක් නොවේ. නමුත් මිලිග්‍රෑම් 30 – 300 දක්වා ප්‍රමාණයක් පිටවීම රෝගයක මූලාරම්භයකි. මේ ප්‍රමාණය ප්‍රමාණාත්මකව නිවැරදිව සොයා බැලිය හැකි පරීක්ෂණයක් තිබේ. එම පරීක්ෂණය හඳුන්වන්නේ මයික්‍රෝ ඇල්බියුමින් යූරියා පරීක්ෂණය ( Urine Microalbumin Test ) ලෙසය. මෙයට පැය 24 ක කාලයක් තුළ ඔබේ මුත්‍රා සියල්ලම විශේෂ භාජනයක එකතු කර විශ්ලේෂණය සඳහා ඉදිරිපත් කරන ලෙස ඔබේ වෛද්‍යවරයා ඔබෙන් ඉල්ලා සිටිය හැකිය. මෙම පරීක්ෂණයෙන් මුත්‍රාවල ඇල්බියුමින් මිලිග්‍රෑම් 30 - 300 අතර යම්කිසි ප්‍රමාණයක් තිබේ නම් එය ප්‍රමාණාත්මකව සොයාගත හැක.

එපමණක් නොව අධිරුධිර පීඩනය ඇති රෝගීන් ද මෙම පරීක්ෂණය කරගත යුතු අතර මුත්‍රාවල ඇල්බියුමින් වැඩිවීම මෙම රෝගීන්ට හෘදයාබාධ ඇතිවීමට හේතු සාධකයක් ද වේ.

එම රුධිර පීඩනය ඉහළ යාමටද දියවැඩියාව ප්‍රධාන හේතුවකි. අනෙක් අතට ඉහළ පීඩනය වකුගඩුවලට මෙන්ම හෘදය සහ රැධිර වාහිනී පද්ධතියට හානි කරයි. එබැවින් විශේෂයෙන් දීර්ඝකාලීනව දියවැඩියා වැළඳුණ රෝගීන් අවම වශයෙන් මාස 6කට වරක්වත් මෙම මයික්‍රෝ ඇල්බියුමින් පරීක්ෂණය කරගත යුතුය.

* < 30 mg is normal.
* 30 -300 mg ~ microalbuminuria
* > 300 mg ~ macroalbuminuria

12/08/2022

එදිනෙදා ජීවිතය තුල අපට දියවැඩියා රෝගයෙන් පීඩා විදින බොහෝ පිරිසක් හමුවේ. නමුත් තවමත් ඔවුන්ගෙන් බහුතරයකට දියවැඩියා රෝගය හදුනා ගැනීමට සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ පිලිබදව ඇත්තේ අල්ප දැනුමකි. එනිසා සියලු දෙනාගේ දැනගැනීමට පහත පරික්ෂාවන් පිලිබදව දැනුවත් කිරීමක් සිදු කරනු කැමැත්තෙමි.

1) FBS - Fasting Blood Suger

දියවැඩියාව හදුනාගන්න බහුලවම භාවිතා කරන වැදගත් පරික්ෂණයකි.
මෙයට පැය 10ක් නිරාහාරව නිරාහාරව සිටිය යුතුයි. නිරාහාරව සිටින කාලය තුල ජලය හැර වෙනත් කිසි බිමක් පානය කිරිමට අවසර නැත. පරික්ෂණය අනුව රුධිර සීනි අගය 110ට වඩා අඩුනම් ඔබ නිරෝගි පුද්ගලයෙකි.
110ත් 126 අතර නම් ඔබ පූර්ව දියවැඩියා රෝගියෙකි.126 වැඩිනම් ඔබ දියවැඩියා රෝගියෙකි.

2) RBS - Random Blood Suger

මෙය කිසිදු පෙර සුදානමකින් තොරව සිදුකල හැකි පරික්ෂණයකි. එනම් ඕනැම වෙලාවකදි මෙය සිදුකල හැකිය. පරික්ෂණය අනුව 200mg/dL වඩා ඔබගේ රුධිර සීනි මට්ටම වැඩිනම් ඔබ දියවැඩියා රෝගියෙකු ලෙස සැලකේ.

3) HBA1C

වර්තමානයේ වඩා නිවැරෙදිම රුධිර සීනි මට්ටම පරික්ෂා කරනු ලබන පරික්ෂාව මෙය වන අතර වෛද්‍යවරුන් තම රෝගීන් හට බහුලව මෙය සිදුකිරීමට නිර්දේශ කරනු ලබයි. මෙහිදී රෝගියාගේ ගෙවිගිය මාස 3ක රුධිරගත සිනි මට්ටමේ මධ්‍යන්‍ය අගය ලබාගැනිම සිදුකරයි.
පරික්ෂණයෙන් 6%ට වඩා අඩු ප්‍රතිපලයක් පෙන්වයි නම්, ඔබ නිරෝගී පුද්ගලයෙකි. 6-6.5% ත් අතර නම් පූර්ව දියවැඩියා රෝගියෙකු වන අතර, 6.5%ට වැඩිනම් ඔබ දියවැඩියා රෝගියෙකි.

4) PPBS

මෙය ගර්භනි සමයේ බහුලව කරනු ලබන රුධිර සීනි මට්ටම පරික්ෂා කරනු ලබන පරික්ෂණයකි. මෙහිදී ආහාර ගෙන පැය 2කට පසුව රුධිර සීනි පරික්ෂාව සිදුකරයි. නිරෝගි පුද්ගලයන්ගේ පරික්ෂණ ප්‍රතිපලය 200mg/dL ට වඩා අඩු අගයක් ගනී.

ආරෝග්‍යා හෙල්ත් කෙයා සෙන්ටර් -බුද්දම
ඔබගේ සියලූම ලේ මූත්‍රා පරීක්ශන සදහා
0706551255 / 0718710655

Address

Temple Junction, Buddama
Monaragala
91038

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 07:00 - 12:00

Telephone

+94718710655

Website

Alerts

Be the first to know and let us send you an email when Arogya health care center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Arogya health care center:

Share