Wellassa Medical Laboratory

Wellassa Medical Laboratory Blood testing = Blood , urine and stool

22/11/2023

" නීරෝගී බවේ අග්‍ර මෙහෙවර"

🩸🧘⛹️‍♀️🤼 නීරෝගී සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වාගැනීම ඔබත් ඔබගේ ලැබදියනුත් සතුටින් තැබීමට හේතුවන කරුනක් බව ඔබ දන්නවාද?🥺🥺🤔

👉 එමනිසා පහත සදහන් එකදු රෝග ලක්ශනයක් හෝ පවතීනම් සුදුසුකම් ලත් රසායනාගාරයකින් ඔබගේ සියලු පරීක්ෂණ සිදුකරවා ගැනීමෙන් පසුව නිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන්න..

👁 🤔 රෝග ලක්ශන -: නිතර මුත්‍රා පිටවීම හෝ මුත්‍රා සමග ලේ පිටවීම,ක්ලාන්තය, තිබහ දැනීම, සංධි ඉදිමීම, සම සහ ඇස් කහ පැහැවීම, මුහුන අතපය හිරිවැටීම, පෙනීම දුර්වලවීම, මහන්සිය, ආසාධන ඇතිවීම. ☠️

👀😳මෙම එක් ලක්ශනයක් හෝ ඇත්නම් නිවැරැදි ලෙස ලේ, මුත්‍රා පරීක්ෂණ සිදුකරවා ගන්නා තුරු තෙල්, පිටි , සීනි සහිත ආහාර වලින් වැලකී සිටින්න..

👉 ඉක්මනින් පරීක්ෂණ සදහා යොමුවීමෙන් බරපතල රෝගවලට ගොදුරුවීම වලක්වා ගන්න.......🔬🩸

👌 ❤️ මේ සදහා ඔබට මූලික රෝග හදුනාගත හැකි මූලික පරීක්ෂණ සහන පැකේජයක් ( Screening tests package) සහනදායි මිලට අප විසින් හදුන්වාදී ඇත.

🤝 තවත් සහනයක් ලෙස රුධිර ගත සීනි පරීක්ෂණය (FBS) නොමිලේ සිදුකරනු ලැබේ....
🤝👉 අපගේ අනෙකුත් සේවාවන් -: සියලුම 🩸ලේ, මුත්‍රා , මළ , පරීක්ෂණ , හෝමෝන පරීක්ෂණ , සරුබාවය සදහා කරනු ලබන පරීක්ෂණ , PCR පරික්ෂණ , ECG සහ විශෙඥ වෛද්‍යවරුන් වෙන්කරවා ගැනීම ඇතුලු සියලුම වෛද්‍ය සේවා නිවැරදිව සිදුකරවා ගැනිමට පැමිනෙන්න ...

🏥 සුවෙල්‍ ‍‍රෝ වෛද්‍ය රසායනාගාර සේවය
රෝහල අසල, හුංගම පාර,
අගුනුකොල පැලැස්ස.

විමසීම්- ☎️ 0716861461/ 0472228866
සුරංග මද්දු ආරච්චි 👨‍⚕️
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ 🔬🥼
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
S. L. M. C. Reg No -: 2280

05/11/2023
05/11/2023

පමාව පසුතැවීමට මුලයි.

අනේ සිරි කඩේ ගියාම මට හොඳ ගස්ලබු ගෙඩියක් ගෙනත් දෙන්නකෝ. මගේ බඩ හොඳටම වේලලා. ටොයිලට් ගියාම ලේ ටිකකුත් පිටවෙනවා.

ඒක බල බල ඉන්න හොද ලෙඩක් නෙවෙයි ඉක්මනටම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යමු.

අනේ මට මේ වැඩ එක්ක වෙලාවක් නෑ. හැමදාම හවසට දූවට ටියුෂන් තියෙනවා. හොඳට පළතුරු කාලා වතුර බීල හිටියම ඕක හරි යයි.

එසේ හය මාසයක් ගත විය.

සිරි දැන්නම් මට හොඳටම අමාරුයි වගේ. කෑම කාපු ගමන් බඩ පුරවලා දානවා. ටොයිලට් යනවා හොඳටම හොරයි. තවම ලේත් පිටවෙනවා.

මම ඔයාට කිව්වනේ ශීලා. අදම ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා යමු.
ආ,මිසිස් පෙරේරා, මොකක්ද අමාරුව?

අනේ doctor දැන් හය මාසෙක විතර ඉඳලා, මගේ බඩ වේලනවා, ලේත් යනවා. ඉක්මනින්ම බඩ පිරෙනවා. කෑම පිරියත් අඩුයි.

ආ එහෙමද මල පහ වල හැඩයේ වෙනසක් තියෙනවද? ටොයිලට් ගියාට පස්සේ ආයෙත් යන්න ඕනේ වගේ ගතියක් එනවද?
එහෙමයි doctor.

ඇයි ඉතින් මෙච්චර දවස් ආවේ නැත්තේ? මාස හයක් කියන්නේ කොච්චර කාලයක් ද?

අනේ ඩොක්ටර් මගේ දුවගේ විභාගේ තිබුණා.එන්න වෙලාවක් තිබුනෙ නෑ.

මිසිස් පෙරේරා කොච්චර වැඩ තිබුණත් තමන්ගේ සෞඛ්‍ය ගැන බලන්න ඕන නේද?

අනේ doctor දැන් මොකද කරන්නේ?

මම දැන් බඩවැලේ පරීක්ෂාවකට (colonoscopy) ඔයාව ඇතුළත් කරගන්නවා. මේ මම දෙන බෙහෙත් ටික අරගෙන කියන දවසට ශල්‍යාගාරයට එන්න.

සති දෙකකට පසුව ශීලා, පරීක්ෂණයේ ප්‍රතිඵල බැලීම සඳහා වෛද්‍යවරයා හමුවට ගියාය.

ආ එන්න එන්න මිසිස් පෙරේරා. ප්‍රතිඵල නරකම නෑ. මම මහ බඩවැලේ ගෙඩි කීපයක් අරන් දැම්මා. එයින් ගෙඩි දෙකක් පසුවට පිළිකාවකට එන්න තිබුණු ගෙඩි. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. ඒත් ඔයා තව අවුරුදු තුනකින් පමණ මේ පරීක්ෂණයට නැවත එන්න ඕනේ.
අනේ ඩොක්ටර් ට බොහොම ස්තූතියි.මම හොඳටම බයේ හිටියේ. මට මේ බඩවැලේ පිළිකා ගැන තව ටිකක් දැනගන්න පුලුවන්ද?
ඔව්,ඔව් මම කියලා දෙන්නම්.

මහ බඩවැලේ පිළිකා ලෝකයේ පිළිකා වලින් තෙවැනි තැන ගන්නවා. ඒ වගේම මරණය ගෙන දෙන පිළිකාවලින් දෙවැනි තැන ගන්නවා.

එතකොට doctor මොන වගේ අයටද වැඩිපුර මේ පිළිකාව හැදෙන්නේ?
1. වයස පනහේ සිට 75 දක්වා, බඩවැලේ පිළිකා සැදීමේ අවදානම වැඩි වෙනවා.
2. පවුලේ ළඟම ඥාතීන්ට පිළිකාව තිබුණා නම් අවදානම වැඩියි.
3.ulcerative colitis, Crohn's disease වගේ මහා අන්ත්‍රයේ ඇතිවන රෝග ඇති අයට අවදානම වැඩියි.
4. බඩවැලේ ගෙඩි තිබුණු අයට
5. පරම්පරානුගත පිළිකා රෝගයෙන් පෙළෙන අයට.
6. දියවැඩියා රෝගයෙන් පෙළෙන අයට ( diabtes type 2) අවදානම වැඩියි.

තවත් වළක්වා ගත හැකි අවදානම් තත්ත්ව තිබෙනවා
1. තරබාරු බව
2. දුම්බීම
3. මධ්‍යසාර පානය
4. ඌරු මස් හරක් මස් ආදී මාංශ සහ සොසේජස් වැනි පිළියෙල කරන ලද මාංශජනක ආහාර වැඩිපුර ගැනීම.
5. ව්‍යායාම නොකිරීම.

ඉතින් doctor මේ රෝගය වළක්වා ගන්න පුළුවන් කම තියෙනවා ද?
ඔව්
1. දිනපතා ව්‍යායාම වල යෙදීම.
2. දිනපතා පලතුරු වර්ග සහ එළවළු ආහාරයට ගැනීම
3. කොහිල වැනි කෙඳි අධික ආහාර නිතර ගැනීම.
4. කිරි ආහාර කැල්සියම් අවශ්‍ය ප්‍රමාණයෙන් ගැනීම.
5. ෆෝලික් ඇසිඩ් සහිත ආහාර ගැනීම.
6. ශරීරයේ විටමින් ඩී පදාර්ථය අවශ්‍ය ප්‍රමාණයෙන් තබාගැනීම.
ඒ වගේම අවුරුදු 50 ට පසු අවුරුදූ දෙකකට සැරයක් FOBT(fecal blood test) පරීක්ෂණය කර ගැනීම.
පවුලේ ලඟම ඥාතීන් අතර අවුරුදු 45 ට පෙර බඩවැලේ පිළිකා තිබුණේ නම් ඔවුනට පිළිකා හැදුණු වයසට අවුරුදු දහයකට කලින් සිට තමන් colonoscopy පරීක්ෂාව කර ගත යුතුයි.
මහා බඩවැලේ පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් අවුරුදු පහක් පිලිකාවෙන් තොරව ජීවත්වීමේ අවස්ථාව 90% වේ (5yr survival rate).

අනේ doctor ඔබතුමාට බොහොම ස්තුතියි. මම මේ තොරතුරු මගේ පවුලේ අනිත් අයටත් යහළු යෙහෙළියන් හැමෝටමත් දන්වන්නම්. ඒ වගේම වැසිකිළි යාමේ වෙනසක් ඇත්නම් පුළුවන් ඉක්මනින් වෛද්‍යවරයෙකු හම්බ වීමේ වැදගත්කම අවධාරණය කරන්නම්.

වෛද්‍ය හිමානි අබේරත්න.

20/10/2023
10/09/2023

පසු ප්‍රශව විශාදය - postnatal depression ( වැදූගෙයි සන්නිය ) දරුවෙක් ලැබුණු මවකට, දරුවා ලැබුණු විගස හෝ දරුවා ලැබීමට ආසන්නයේදී මානසිකව ඇතිවන පීඩාකාරී තත්වයකි.
ප්‍රසූතියෙන් පසු ශරීරයේ ඇතිවන හෝමෝන වල වෙනස්වීම්
දරුවා රැකබලා ගැනීමේ අපහසුතා
නිදි මැරීම
මවගේ පසු-ප්‍රසව තුවාල නිසා ඇතිවන වේදනාවන්
දරුවාට කිරි මදි වීමේ ගැටළු
ජීවිතයට එක්වරම වගකීම රාශියක් ඇතිවීම
සැමියාගේ හා ගෙදර අයගේ උදව් උපකාර අඩුවීම
පහසුකම් අඩු නිවාස
පවුල් ගැටලු ආදිය නිසා ඇතිවන පීඩනය නිසා මෙම තත්ත්වය ඇතිවේ.

ප්‍රසූතියෙන් පසු සෑම මවකටම යම් මට්ටමක බියක්, මහන්සියක්, ආවේගශීලී බවක් ඇතිවිය හැකිය. මේ තත්ත්වය "Baby Blues" කියා හඳුන්වන අතර ඉක්මනින් මගහැරී යයි. නමුත් මෙයින් සුලු කොටසකට (10%) මෙය වර්ධනය වී විශාද තත්ත්වයක් බවට පත්වීමේ අවධානමක් ඇත. නිසි ප්‍රතිකාර නොලැබූ විශාදය මාස ගණනක් හෝ අවුරුදු ගණනක් තිබිය හැකිය.

රෝග ලක්ෂණ

නිතර සිතට දුකක් දැනීම
ආශාව අඩු වීම
නින්ද නොඒම
අධික මහන්සිය හා තෙහෙට්ටුවක් දැනීම
දරුවා හඬන විට නොරිස්සුම හා කරදකාරී බවක් දැනීම
දරුවා දුක් විඳින බව සිතීම
තමා දුක් විඳින බව සිතීම
ගෙදර උදවිය සමඟ කතා නොකර සිටීම හා නොරුස්සන ගතිය
බලාපොරොත්තු බිඳවැටුණු බවක් දැනීම
වැඩ කිරීමට කම්මැලිකම
නොසන්සුන් බව
විකාර සිතුවිලි හා හැසිරීම්
අසහනය
සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවීම ආදිය දැක්විය හැකිය.

ගර්භනි කාලයේ හා ප්‍රසූතියෙන් පසු මව හොඳින් රැකබලා ගැනීම, සැමියාගේ ආදරය හා උපකාර නොඅඩුව ලබාදීම, පවුලේ සාමාජිකයන් හා ස්වාමියා ඇයගේ උත්සාහයන් වර්ණනා කිරීම, දරුවාගේ වැඩ කටයුතු වලට අත දීමෙන් මෙවන් මවකට උපකාර කරන්නට පුළුවන්. මෙවැනි මවකගේ හැසිරීම අසාමාන්‍ය අතට හැරෙන බැව් දැනේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

Madhushika Udagedara

11/08/2023

බඩ අඩුකරගන්න...
මේ විදියට කෑම කන්න... 👇

26/07/2023

විධිමත් හා ගුණාත්මක රෝගී සත්කාරක සේවාවක් ඔබ වෙනුවෙන්ම....

24/07/2023

පූර්ව මුඛ පිළිකා ලක්ෂණ හඳුනාගමු....

Address

Infront Of The District Genaral Hospital , Sirigala , Monaragala
Monaragala

Opening Hours

Monday 06:00 - 19:00
Tuesday 06:00 - 19:00
Wednesday 06:00 - 19:00
Thursday 06:00 - 19:00
Friday 06:00 - 19:00
Saturday 06:00 - 19:00
Sunday 06:00 - 19:00

Telephone

+94712527877

Website

Alerts

Be the first to know and let us send you an email when Wellassa Medical Laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram