11/02/2026
සිත නවතින නිශ්චල බව අත් දකින්න...
🔱 “ශිව” කියන්නේ කවුද?
රාජ ගුරු:
පණ්ඩිත, “ශිව” කියන නම ඇහුණම මිනිස්සුන්ට පේන්නේ
ජටා බැඳපු,දිග කොණ්ඩයක් තියෙන,හැඩි දැඩි අයෝමය දෙවියෙක් නේද?
රාජ පණ්ඩිත:
ඔව් ගුරු. ඒ රූපයම තමයි අපිට පුරුදු.
රාජ ගුරු:
එහෙනම් අද ඒ රූපය අයින් කරමු.
ශිවව රූපෙන් නොව තත්ත්වයෙන් බලමු.
ශිව කියන්නේ “කෙනෙක්” නෙවෙයි
ශිව = නිශ්චල බව
සිත නවතින තැන.
තරංග නැති සාගරය.
වලාකුළු නැති අහස.
ඔයා කවදා හරි හුස්ම අතර ඇති කුඩා නිහඬතාව දැනගෙන ඉඳලා තියෙනවද?
හුස්ම ඇතුළට එනවා…
හුස්ම පිටට යනවා…
ඒ අතර තියෙන තත්පරයක නිශ්චලතාව,
ඒකයි ශිව.
ශිව කියන්නේ කාලයට හසු නොවන තැන
සිතුවිලි තියෙන තැන කාලය තියෙනවා.
සිතුවිලි නැති තැන කාලය නැහැ.
ඒ නිසා ශිවට “මහ කාල” කියන නමත් තියෙනවා.
කාලය ගමන් නොකරන තැන.
ඔයාට මතකද?,
කොහොම හරි එක මොහොතක්
සිත නවතිලා, කාලය ගියාද නැද්ද කියලාත් තේරෙන්නේ නැති වෙලා තිබුණ මොහොතක්?
ඒ මොහොතේ
ඔයා “ඔයා” නෙවෙයි.
ඔයා ශිව තත්ත්වයේ.
එහෙම නම් ශිව ලිංගය මොකක්ද?
රූපයක් නෙවෙයි.
ඒක සංකේතයක්.
වටයක් නැති, මුලක් නැති, අගයක් නැති
නිශ්චල ශක්ති ස්ථම්භය
සිතුවිලි එන්න කලින් තියෙන
ශූන්‍ය-බීජය.
ශිව ඇදහීම කියන්නේ
පූජා නෙවෙයි.
මල් නෙවෙයි.
පහන් නෙවෙයි.
සිත නවතින තැනට එන්න පුළුවන් වෙන්න පුහුණුවීම.
මේක බෞද්ධයට ගැලපෙන්නෙ කොහොමද?
සිත නවතින තැන
වචන නැති තැන
“අහං” නැති තැන
ඒකයි බුදුන්වහන්සේ කියපු
නිර්වාණ ධාතුව.
ත්‍රික දර්ශනයේ
පර තත්ත්වය.
තන්ත්‍රයේ
ශූන්‍ය බින්දු.
එහෙනම් "මහ ශිව රාත්‍රී" කියන්නේ
ශිව ගැන හිතන රාත්‍රියක් නෙවෙයි.
ශිව වෙලා ඉන්න රාත්‍රියක්.
රාජ පණ්ඩිත:
ගුරු… එහෙනම් මෙතෙක් කල් අපි ශිවව හොයලා තියෙන්නෙ පිටින්.
රාජ ගුරු:
ඔව් පණ්ඩිත.
ඒ නිසාම හම්බ වෙලා නැහැ.
ශිවව හොයන්නෙ නැහැ.
ශිව වෙන්න පුළුවන්.
🔱 ගුරු.-SG-.