21/05/2025
ඔයාලාගේ සුරතලාගේත් කිසිම හේතුවක් නැතිව නහයෙන් ලේ ගලනවාද? 🩸🩺🐶
අද බලමු කිනිතූල්ලන්ගෙන් ඔයාලාගේ බලු සුරතලුන්ට ඇති වෙන Erlichiosis රෝගය ගැන!!
ඔයාලාගේ සුරතලාගේත් කිසිම හේතුවක් නැතිව නහයෙන් ලේ ගැලීම නැත්නම් බඩ යට රත්පැහැ පැල්ලම් වගේ දේවල් අත්දැකලා තියෙනවාද?
මේක හැදෙන්නේ සුනඛයාගේ සුදු රුධිරාණු වලට පහර දෙන බැක්ටීරියා නිසා ඇති වන කිනිතුල්ලන් මගින් බෝවන රෝගයකින්. තවද ක්‍රියාශීලී බව අඩු ගතිය, ආහාර ගැනීම අඩුවීම, උණ ,සහ ලේ ගැලීමේ ගැටළු (නාසයෙන් ලේ ගැලීම සහ සම යට රතු ලප) ඇතැම්විට මලපහ සමග පවා ලේ යාම ඇති කළ හැකිය. කලින් ප්‍රතිකාර නොකළහොත් එය බරපතල වෙන්න පුලුවන්. මේ නිසා රැධිර පට්ටිකා ගණන අඩු වන අතර මිනිසුන් තුළ ඩෙංගු රෝගය මෙන් දරුණු ලේ ගැලීමේ ගැටලුවක් ඇති කරන්න හේතු වෙනවා!!
මුල් අවස්ථාවේදීම නිවැරදිව හදුනා ගත්තොත් ලෙඩේ හොද කරන්න පුලුවන්. මේ ලෙඩේ ඇතිකරන බැක්ටීරියා විශේෂය රුධිර පරීක්ෂාවකින් නිවැරදිවම හදුනාගන්න පුලුවන්.(2 පිංතූරය)🔬💉
ඉතිං ඔයාගේ සුනඛයාව මේ ලෙඩින් ආරක්ෂා කිරීමට හොඳම ක්‍රමය නම් අවුරුද්ද පුරා නිතිපතා කිනිතුල්ලන් වැළැක්වීමයි.
ඔබේ සුනඛයාට අසනීප බවක් පෙනේ නම් හෝ වැඩි විස්තර අවශ්‍ය නම්, ඩෝඩෝ වෙට්ස් සත්ව සායනයේදී අපව හමුවන්න පුලුවන්.
නැතිනම් 071 30 50 999 අමතන්න. - Dr. Chamika.
We found Ehrlichiosis in a dog today at our Dodo Vets!
This is a tick-borne disease caused by bacteria that attack your dog’s white blood cells. It can make them feel really tired, stop eating, get fevers, lose weight, and even have bleeding problems (nasal bleeding and red patches under the skin). If not treated early, it can get serious. Because this disease lower the platetecount and cause severe bleeding problem as in Dengue in human!!
But it’s treatable, especially when caught early! This can be diagnosed correctly by checking a blood smear. (2nd picture)
The best way to protect your dog is with regular tick prevention all year round.
If your dog seems off or you just want to be safe, come see us at Dodo Vets Animal Clinic. We’re here to help!
call us 071 30 50 999 - Dr. Chamika.